|01|

දෙතොල් අතර තිබූ දුම් වැටියෙන් දුම් වලාවක් පිට කරමින් එයාපෝට් එකෙන් පිටතට පැමිනියේ තනි කලු පැහැ ඇදුමකින් , විශාල කලු පැහතිම කබායක් සහ කලු පැහ සන්ග්ලාස් එකකින් සැරසුනු පුද්ගලයෙක්. ඇගිලි දෙකකින් අල්ලගෙන සිටින දුම් වැටියේ අළු කඩා ඔහු ඉදිරියේ සිටි නිල ඇදුමක් ඇද සිටි පුද්ගලයාට අතින් සන් කර දොර විවෘත වූ විට වාහනයට නැගි විට රියදුරු ගමන් ආරම්භ කලේ පසුපසින් හා ඉදිරියෙන් තවත් වාහන පෝලිමක් ඉදිරියට ඇදෙද්දීය.

අවුරුදු 5කට පසුත් එතරම් වෙනසක් වී නොතිබූ පරිසරය දෙස සමච්චල් සහගත ලෙස බලමින් අසුනේ පිටුපසට හිස තබා ගත්තේ පෙර අපහසුවක් වුවත් දැන් දැනෙන හිස් හැගීම තමන්ගේ ජීවිතයේ කොටසක් වී ඇති බවට සිහි වීමත් සමගයි.

පෙර තිබුනාට වඩා පිටතින් කිසිවක් වෙනස් නොවූ විශාල මන්දිරය ඉදිරියේ වාහනය නැවැත්වූ විට එයින් පිටතට පැමින හොද හුස්මක් ගෙන ඔහු ඉදිරියට අඩිය තිබ්බෙ දෙපසින් හිසනමමින් සිටින කිසිවෙකුත් ගනන් නොගෙනයි..පෙර සැම විටම සොදුරු සිනහවකින් මුව සරසාගෙන සිටි ටේහ්‍යොන්ගේ වෙනස් වීම කාටත් වඩා ඔහු පුන්චි වයසේ සිට බලාගත් නිවසේ සේවකයින්ට වැටහුනේ ඔවුන්ගේ හුරතල් දරුවා දැන් නොමැති බව ඔවුන්ට මතක් කරමිනි.

"අහ්..ටේ .. ඔයා ආවද.. "

ගෙදර ඇතුලට අඩිය තියනකොටම ඇහුනෙ ටේහ්‍යොන්ග් ගෙ හ්‍යුන් කිම් නම්ජූන්ගෙ කටහඩ.

"හ්ම්..

ලෙස පිලිතුරු දුන් ටේහ්‍යොන්ග් නිවස තුලට යාමට් සැ‍රසුනත් නම්ජූන්ගෙ දැඩි කටහඩ එක්ක ආයෙත් නැවතුනේ නැවත හැරෙන්නැතුවමයි.

" තමුන් එනකම් මන් බලන් හිටියේ.. එහෙ බිස්නස් බලාගන්නම් කියලා යැව්වට තමුන් තවත් නාස්ති වෙනවා බලන් ඉන්න බෑ මට.. හෙට ඉදන් මෙහෙ කම්පැනි එක බාරගන්න ලෑස්ති වෙනවා.. "

" මේක මගෙ ජීවිතේ.. තමුන්ට අයිතියක් නෑ මගෙ හ්‍යුන් උන පලියට මට බලපෑම් කරන්න.. මන් ආවනෙ එන්න කීවම.. දැන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා.. "

" උබට මම පාඩුවේ ඉන්න දුන්න මෙච්චර කල්.. අවුරුද්දක් ද දෙකක්ද පහක් උබට මම දුන්න.. ඉන්න දෙන්න තිබ්බ පාඩුවෙ හිටියනම් .. ක්ලබ් ගානෙ නට නට බීලා මැරෙන්න ඇරලා බලන් ඉන්නද උබ මට කියන්නෙ.. එහෙ කී දෙනෙක් උබ මැරුවා කියලා මම දන් නෑ කියලද උබ හිතන්නෙ. උබට මරන්න ඕනනම් මෙහෙ ඉන්න තිබ්බ. හිත හදාගනන් කියලා ගිහින් උබ හිත හදාගන්න විදියද.. මගෙ යකා අවුස්සන් නැතුව හෙට ඉදන් කම්පැනි එක බාරගන්න ලෑස්තිවෙයන් .. ආයෙ එකම දේ මම දෙපාරක් කියන් නෑ කියලා උබ දන්නවා හරී.."

කේන්තියෙන් දත් මිටි කාගෙන කාමරේට ඇවිත් දොර හයියෙන් වහගෙන එහෙම්ම බිත්තියට මිටි මොලවලා ගහපු ටේහ්‍යොන්ග් ඇදුම් ටික ගලවලා දාලා බාතෘම් එකට ගිහින් කන්නඩියෙන් තමන් දිහා බලාගෙන හිටියා. ඇස් රතු වෙලා අත් වල නහර ඉලිප්පිලා තියන තමන් දිහාම බලන් හිටපු ටේගෙ මූනෙ හැගීම් වෙනස් උනේ තමන් ගැනම කලකිරීමක් ඇති වෙමින් ..

__________

වොශ් එකක් දාගෙන ඇවිත් ඇදට වැටුන ටේහ්‍යොන්ග් එහෙම්මම නැගිටලා දොර ඇරියෙ කවුරුහරි දොරට තට්ටු කරපු හින්ද, දොර ඇරපු ගමන් මන් දැක්කෙ බය උන ඒත් ආදරේ පිරිලා තිබුනු ඇස් දෙකකින් දිහා බලාගෙන හිටියෙ ජින් හ්‍යුන්, නම්ජූන්ගෙ හස්බන් උන ජින් පවුලටම ආදරේ කරන හරිම ආදරණීය චරිතයක් .

" ටේ.. මන් දැන් ආවෙ , ඔයා ආවා කියපු හින්දයි බලන්න ආවෙ.. ඔයා නිදාගෙනනම් හිටියෙ.."

" නෑ නෑ හ්‍යුන් මන් දැන් වොශ් එකක් දාන් ආවෙ.. "

" ඒනම් .. ඔයා ටිකක් රෙස්ට් කරලා පහලට එන්න.. මන් කෑම හදන්නම්.."

"හරි හයුන්"

ජින් ගිය ගමන් ආයෙත් එහෙම්මම ඇදට වැටුන ටේහ්‍යොන්ට එහෙම්මම නින්ද ගියේ මහන්සියටමයි.

_________

" ජූන් .. ඔයා ටේ අපු ගමන් කෑ ගැහුවද.. පොඩි එකාට කෑ ගහන්න එපා, කොච්චර උනත් හිත හදාගන්න අමාරුයිනෙ .. අපි දෙන්න විතරයි ඉන්නෙ එයාට, ඔයත් කෑ ගැහුවම තවත් දුකයිනෙ.."

"මට තරහ ගියා .. එයා ඉස්සර හිටපු අපේ ටේ නෙවෙයි ජින්.. මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැ.. මොනවා උනත් මන් කම්පැනි එක එයාට දෙනවා.. මට කෝමත් ඔක්කොම බලන්න බෑනෙ .. ඔයා ටිකක් කතා කරන්න එයාට.. එයා කෝමත් ඔයාට ආදරෙයිනෙ.."

" එය ඔයාට අදරෙයි.. ඔයා ඔයාගෙ ආදරේ ඔහොම කෑ ගහලා පෙන්නුවට වැඩක් නෑ.. එයා තවත් පොඩි ලමයෙක් නෙවෙයි.. පොඩ්ඩක් බලන්නකෝ ඔයා.. මන් කතා කරන්න ටේට.. මන් පහලට යනවා තව ටිකකින් කෑම කන්න එන්න ඔයත් සෙනූවත් එක්කගෙන, ආපු වෙලේ ඉදන් බෙයාව බලන්න ඕනෙ කියනවා..."

" හ්ම්ම්.. මන් එන්නම් ඔයා යන්න බබා.."

________

ටිකකින් ටේ ඇහැරිලා පහලට ආවෙ ජින් කන්න කතාකරපු නිසා. කෑම මේසෙට එනකොට මේසෙට කෑම තියන ගමන් හිටපු ජින් ටේ දිහා බලලා හිනා උනා.

" කෝ ජින් හ්‍යුන් සෙනූ නැද්ද .. ආවත් මට බලන්නවත් බැරි උනානෙ.."

" නර්සරි ගිහින් ආපු වෙලේ ඉදන් බෙයා බලන්න ඕනෙ කිය කිය හිටියා.. ඔයාට මහන්සි නිසා මන් එන්න දුන්නෙනෑ..තව ටික්කින් එයි ජූන් එක්ක.. "

" හ්ම්ම්.."

" ඉතින් .. ටේ බෙයා හෙට ඉදන් කම්පැනි එක බාරගන්නවද ..? ජූන් කීවා මට.."

" මන්ද ජින් හ්‍යුන් .. මට ඔය මුකුත් ඕන නෑ.. හ්‍යුන් මට බල කරේ නැත්නම් මම එන්නෙත් නෑ, මන් දැන් ආව එකේ මගෙ මැනිකව හොයාගන්න විතරයි මට ඕනෙ , "

" ඔයා හිතන්නෙ ඔයා නැති කාලෙ පුරාවට ජූන් සතුටින් හිටියා කියලද ටේ.. ඒ මනුස්සයාව වෙලාවකට මට පාලනේ කරන්නත් බෑ.. ඔක්කොම වැඩ නවත්තල දැම්ම.. පිස්සෙක් වගේ ඔයා නොහිටියත් හැමතැනම නිශාව හෙව්වා.. අවුරුදු පහක් ටේ .. අපි අපේ ජීවිත ගෙනියන්න ඕන..මන් කියන් නෑ එක පාර අමතක කරන්න කියලා.. ජූන් එක්ක රන්ඩුවට යන්න එපා, ඔයා හිතනවටත් වඩා එයා ඔයාට ආදරෙයි ඔයා ගැන හිතනවා,, හැමදාම රෑට මගෙ ටේ බෙයාට මෙහෙම උනේ මන් නිසා කියලා පසුතැවෙනවා ටේ.. හැමදේම අමතක කරන්න අමාරුයි තමයි ,, අපි තව හොයමු ඒත් දැන් කම්පැනි එක බාරඅරන් අලුතෙන් පටන් ගන්න.. ඔයා කල්පනා කරල් බලන්නකෝ.. ඔයා කොයි වෙලේවත් තනි වෙලා නෑ ටේ බෙයා අපි ඔයා ගාව හැමවෙලේම ඉන්නවා.."

ජින් ඇස් වල කදුලු පුරවගෙන ටේහ්‍යොන්ග් ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කීවෙ ලොකු ආදරයක් හිතේ තියාගෙන.. තමන්ගෙම මල්ලි නොවුනත් ටේ හම්බුන දවසෙ ඉදන් තමන්ගෙම මල්ලිට වගේ ටේට ආදරේ කරේ ,ටේව බලාගත්තෙ , ටේට උනත් පුන්චි කාලෙ ඉදන් නොලැබුනු දෙමාපිය සෙනෙහසේ අඩුව නොදැනෙන්න අප්ප කෙනෙක් වගේ බලාගත්තෙ එයාගෙ හ්‍යුන් . ඒ ලෝකෙට ජින් ආවම ටේට ඔම්මා උනේ ජින්.. ඉතින් එහෙම ජින්ගෙ කදුලු බලන්න ටේට බෑ.. තමන්ගෙ හ්‍යුන්ලා තමන් නිසා දුක් විදිනවා . ඒ නිසාමයි ටේ තීරනේ කරේ හෙට ඉදන් හැමදේන ආයෙත් පටන් ගන්න..

" මන් හෙට ඉදන් වැඩ පටන් ගන්නම් හ්‍යුන් .. ජූන් හ්‍යුන්ට කියන්න.."

පඩිපෙලට වෙලා කදුළු පුරවගෙන අහගන හිටිය නම්ජූන්, කදුලු පිහන් සුපුරුදු හිස් මූනෙන්ම කෑම මේසෙට ආවෙ සෙනූවත් වඩාගෙනමයි..

" ඕ.... බෙයායායා.."

එක් පාරටම දුවගෙන කෑ ගහගෙන ඇවිත් ටේගෙ අත් අතරට පැන්නෙ ජින්ගෙයි නම්ජූන්ගෙයි දුව... සෙනූ බබා..

" මන් හවස එන්න හැදුවෙ බෙයාව බලන්න.. ඒත් පපා මත එන්න දුන්නෙ නෑනෙ ,බෙයාට මහන්සි කියලා.."

ජින්ගෙ දිහාට හුරතල් විදියට රවන ගමන් හුරතලේට කටත් උල් කර කර කතා කරන සෙනූ දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියෙ හරි ආදරෙන්..

" ඉතින් අපේ සෙනූ පැටියට බෙයාව ගොඩක් මතක් උනාද..?"

" ඕ..ඕ.. ගුඩාක් මතක් උනා. ඒත් බෙයා මත කතා කලේවත් නෑනෙ ගොඩකාලෙකින් .. මන් තලායි ..ම්හුම්.."

" ම්ම්.. ජින් හ්‍යුන් ඒනම් අර මන් ෆ්‍රිජ් එකට දාපු චොකෝ ඔක්කොම ඩස්පින් දාන්න , අපරාදෙනෙ , කටවත් එපාලුනෙ .."

" ආහ්.. මත ඒකත තමාව දෙන්න පුලුවන් ඉතිම්... මන් බෙයාට ගුඩාක් ආදරේනේ..."

ටක් ගාල ටේගෙ බෙල්ල බදාගත්තු සෙනූ කියන්න ගත්තෙ අනිත් හැමෝගෙමත් තොල් වල මේ හුරතලේට හිනාවක් ඇදෙද්දීය ..

" මෙහෙ එනවා කපටි කෙල්ල පපා ගාවට කෑම කන්න , ජූන් එන්න කන්න , ටේ කන්න "

ගොඩක් කාලෙකින් කට්ටිය එක්ක කෑම මේසෙක කෑම කාලා ටේ නිදාගන්නව කියලා කාමරේට ආවෙ ආයෙත් සුපුරුදු හිස් ගතිය තමන් වටේ කැරකෙනවා කියලා දැනෙද්දියි..

.

.

.

.

.

.

.

**************

__________________________Dark_Sunshiner 🤍🥀

හලෝ...
මේක මගෙ පලවෙනි කතාව...
වැරැද්දක් , අඩුපාඩුවක් තියනවනම් මොනවා උනත් කියන් යන්න...🤍🥀

Thanks for reading ...

-To be Continued ......

-
2022/09/14

























Bạn đang đọc truyện trên: AzTruyen.Top