|20|
ජන්කුක්ගේ අග රෝස පාට බෝල උන ඇගිලි තුඩු ටේහ්යොන්ගේ ඇහි බැම දිගේ සීරුවට එහෙ මෙහෙ ගියා... ඔහුගේ ඇහි බැම මේ තරම් ඝන ඇයි... කිසිම නඩත්තුවක් නොකෙරුවත් ඒවා ගොඩාක් ලස්සන විදියට තමන්ට පෙනෙන්නේ ඇයි... ජන්කුක් ටේහ්යොන්ගේ වැහුනු දිග ඇස් පිහාටු දිහා බලලා ඒවට අත තියන්න ඇගිලි තුඩු යැව්වත් ආයෙත් මොහොතක් ගතවෙන තැන ඇගිලි අකුල ගත්තා...
"මිස්ටර් කිම් ගොඩාක් කඩවසම්..."
"........"
"ඔබේ වචන මොන තරම් ගැඹුරු උනත් ඒවා මට හිතන්න පහසු කරන්වා..."
"........"
"මම හැමදාමත් පියානෝවා වාදනය කරනකොට සිතින් මවාගන්නවා මිස්ටර් කිම් කියනවා වගේ හැබැහින් දකින්න බැරි උනත් මම හිතින් මවාගන්න උත්සාහා කරන ලස්සන පරිසරය..."
"......."
"මගේ සිතුවිලි සම්පූර්නයෙන්ම වෙනස් වෙලා... මිස්ටර් කිම් කියන සමහර දේවල් මට ඇත්තටම තේරුම්ගන්න අපහසුයි.. මිස්ටර් කිම් ඇත්තටම මට වැඩිය පරිනතයි.."
ජන්කුක්ගේ කටහඩ හෙමීට මිමිනුවා... ජන්කුක්ගේ ඇස් අද කලින් ඇහැරිලා... ජන්කුක්ට කලින් දවසේ දන්නෙම නැතුව නින්ද ගිහින් තිබ්බා.. උදේ අවදි වෙනකොට ජන්කුක්ගේ ඉන වටේ බර අතක වැටිලා තිබ්බම ජන්කුක්ට හුස්මගන්නත් අමතක උනා.. උදේ ඉර එලිය සුදු පාට ලේස් ජනෙල් තිර අස්සෙන් බිම නිදන් හිටපු ජන්කුක්ගේ මූනටම වැටුවා... ජන්කුක් ටේහ්යොන්ගෙන් එහාට වෙන්න උත්සාහා කරත් ටේහ්යොන්ගේ ශක්තිමත් ග්රහනයත් එක්ක ජන්කුක්ට මුකුත් කරගන්න හම්බුනේ නෑ...
ටේහ්යොන්ගේ අත් අතර හරිම උණුසුම්..ඒ වගේම සැපපහසුයි... ජන්කුක්ට ටේහ්යොන්ග් ගාවින් ආපු දුම් සුවදත් එක්ක මිශ්ර උන ජන්කුක්ගේ සුවද සබන් වල සුවද අමුතු විදියට දැනුනා.. ටේහ්යොන්ගේ සුදු පාට කපු රෑ ඇදුමේ උඩ පටි කීපයක්ම ලෙහිලා තිබ්බා.. ඒ නිරාවරනය උන ඇදුම අතරින් ජන්කුක් දැක්කේ ලාවට රෝම වැව්නු ටේහ්යොන්ගේ පපුව.. ජන්කුක් නිකන්ම කම්මුල් රතු කරගත්තා.. ජන්කුක්ට මතක් උනා එදා මන්දිරේ ටේහ්යොන්ගේ තුවායක් විතරක් ඇදගෙන තරප්පු පෙල බැහැගෙන ආපු විදිය.. ජන්කුක් නොසන්සුන් විදියට එතනින් දුවපු එක.. ජන්කුක් අත් දෙක එකට ගුලි කරගෙන ඇහිපිය දෙක තුනක් ගැහුවා..
ඇත්තටම ජන්කුක්ට තේරුනේ නෑ ජන්කුක් මොනවද මේ කල්පනා කරන්නේ කියලා..හොදයි ජන්කුක් උත්සාහා කරා තේරුම්ගන්න..යම් යම් දේවල්.. ජන්කුක්ට තේරුනේ නෑ ඒත් ඒ දේවල් හරිද කියලා.. ජන්කුක් නවකතා පොත් අතර අතරමන් වෙන්න තරම් ගිලෙන්න කැමති උනත් ජන්කුක් කල්පනා කරා විද්යාලේ එකම තරුනියක් ගැනවත් ජන්කුක්ට ආක්ර්ශනයක් ඇති උනාද කියලා.. නැහැ..ජන්කුක් උත්සාහා කරා හැගීම් දැනෙනවද බලන්න හ්යුන්ග් කියනවා වගේ තනියම දෙයක් උත්සාහා කරන්න.. ඒ උනාට ජන්කුක්ට එහෙම දැනුනේ නෑ....
ජන්කුක්ගේ කොලේජ් එකට ගොඩාක් පැති වලින් ශිෂයයෝ හිටියා.. ජන්කුක් ඒ අතර යම් තැනක් ගත්තා..ජන්කුක්ගේ පිරිසිදු පිලිවෙල බව, ඒ වගේම ල්ස්සන නිතරම ඉගනීම අතින් ඉදිරියේ සිටීම, අවසානයේ පැවැත්වුන ප්රසංගයේ වැඩිමල් අයත් එක්ක පියානෝ වාදනය කරන්න තරම් දක්ශයෙක් වීම හැමදෙනාගෙන ඇස් ජන්කුක්ගේ පැත්තට හැරෙන්න හේතු උනා.. ජන්කුක් තවත් පොඩි ලමයෙක් නෙවෙයි, ඒත් ජන්කුක් එතනින් එහාට දෙයක් උත්සාහා කරන්න උත්සාහා කරේ නෑ.. ජන්කුක් මෙ මොහොතේ ජීවත් වෙන්න විනෝද වෙන්න කැමති උනා... ඒත් මිස්ටර් කිම් ඒක ජන්කුක්ගේ ජීවිතේ වෙනමම විශයක්..
ජන්කුක්ට මතකයි පල්මු වතාවට ටේහ්යොන්ග්ව මුන ගැසුන අව්ස්තාවේ ඉදන් සිදු වුන දේවල්.. ජන්කුක් විශේෂ කැමැත්තක් දක්වපු දේවල් ගොඩාක් අඩුයි.. ජන්කුක් නිරායාසයෙන්ම ටේහ්යොන්ග්ට ආක්ර්ෂනය උනා.. ජන්කුක්ට ඕන උනේ හැම මොහොතෙම ටේහ්යොන්ගේ ඇස් ඉස්සරහා ප්රසන්න පුද්ගලයෙක් වෙන්න.. ටේහ්යොන්ග් ගාවට යන හැම වතාවකම තමන්ගේ ඇදුම් පැලදුම් හැසිරීම වගේම හැම අඩුපාඩුවක්ම දෙවරක් පරීක්ශා කරන්න තරම් ජන්කුක් උනන්දු උනා... මේ දැන් පවා ටේහ්යොන්ග් මුලු ගමෙන්ම ජන්කුක් එක්ක මිතශීලී උන එක ගැන ජන්කුක්ට දැනුනේ ආඩ්ම්බරයක් ඒ වගේම ටේහ්යොන්ග් ජන්කුක් ගැන සැලකිලිමත් වීම ඒ වගේ බොහොම පොඩි දේවල් ජන්කුක් විශාල කරලා ඔලුව ඇතුලට දාගත්තා...
"ජෝන් ලොකු කල්පනාවක.."
උදේට මේ තරම් ඇගැ හිරිවට්ටන ශ්රවනයක් තියෙන්න පුලුවන්ද.. ජන්කුක් කම්මුල් දෙක ලා රෝස කරගන්න ගමන් ඇස් දෙක ලොකු කරලා ටේහ්යොන්ග් දිහා බැලුවා...
"ඔහ්..ඔබ අවදි වෙලා මිස්ටර් කිම්.. දැන් උදේ වෙලා...මිස්ටර් කිම් යන්න ඕන..."
"ම්ම්.."
ටේහ්යොන්ග් තව ටිකක් පුලුන් කොට්ටේ ඇතුලට ඔලුව තද කරලා ඇස් දෙක තදට පියාගත්තා..
"මන් කැමතියි දිගටම මෙහෙම ඉන්න..."
"ආහ්.."
"මුකුත් නැහැ.. අමතක කරන්න... ජන්කුක් අද මොකද කරන්නේ.."
ටේහ්යොන්ග් තාමත් ජන්කුක්ගේ වටේ තියන අත අයින් කරන එක ගැන හිතලා නැහැ..
"අද අපිට වරුවක නිවාඩුවක් තියනවා..ඊයේ රාත්රියේ හැමෝම මහන්සි උන නිසා... හවස දේශන පැවැත්වෙනවා කිව්වත් අද තියේවිද කියලා විශ්වාසයක් නෑ..."
ජන්කුක් බෙල්ල උඩට හරවගෙන කියන් ගියා...
"ම්ම්.. එහෙනම් ජෝන්ට පුලුවන් තව ටිකක් නිදාගන්න.. මම පිටත් වෙන්න ඕන.. මම උදේ මෙහෙන් එලියට යනවා දැක්කොත් ජෝන්ට ප්රශ්නයක් වෙයිද?"
ටේහ්යොන්ග් ජන්කුක්ගේ ඉන වටේ තිබ්බ බර අත අහකට ගත්තම ජන්කුක්ට හිස් බවක් දැනුනා. ජන්කුක් ඇලේට හැරිලා තාමත් ඇස් වහන් කතා කරන ටේහ්යොන්ග් දිහා බැලුවා.. ටේහ්යොන්ග් කතා කරනකොට ටේහ්යොන්ගේ උගුරු ඇටේ ඉහල පහල ගියා ලස්සනට.. ජන්කුක්ට එතනින් ඇගිල්ල තියලා බලන්න හිතුනා.. ජන්කුක් හෙමින් උඩට පහලට යන උගුරු ඇටේ උඩින් ඇගිල්ල තිබ්බා...
ටේහ්යොන්ග් ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා...
"මට සමාවෙන්න මිස්ටර් කිම්..."
"අහන්නෙ බලන්නේ නැතුව දේවල් කරලා සමාව ඉල්ලන එක නම් බොහොම වැරදි වැඩක්..."
"ඒත් මන් වරදක් කරේ නෑ.. මිස්ටර් කිම්මයි ඊයේ මට කිව්වේ කුතුහලය කියන්නේ වැරදි දෙයක් නෙවෙයි කියලා..."
ටේහ්යොන්ග් ජන්කුක් දිහා තියුනු විදියට බලන ගමන් ජන්කුක්ගේ පැත්තට ඇලේට හැරුනා... ජන්කුක් ඇස් දෙක ලොකු කරලා පොඩ්ඩක් පිටිපස්සට උනා...
"මට පේන්නේ ජෝන් එක දවසට ගොඩාක් කටකාර වෙලා වගේ..."
ජන්කුක් තොල් දෙක උල් කරාම ටේහ්යොන්ග් යන්තමට හිනා උනා...
"මම ඊයේ රාත්රියේ හොදින් නිදාගත්තා... ඒකට ස්තූතියි ජෝන්..."
ටේහ්යොන්ග් ලොකු හුස්මක් පාතට දාලා ජන්කුක්ගේ දිලිසෙන ඇස් දිහා බැලුවා...
"මිස්ටර් කිම් මොකක් හරි පසුතැවීමක.. මම කැමතියි මිස්ටර් කිම්ට හොදින් නිදාගන්න උදව් කරන්න..."
"ඒ කියන්නෙ ජෝන් කැමතිද හැමදාම රෑට මගේ අත් අතරට වෙලා ඉන්න..."
ජන්කුක් සුදු පාට කොට්ටෙට මූන තද කරා.. මිස්ටර් කිම් කොහොමද කිසිම තැකීමක් නැති වචන පිට කරන්නේ.. මිස්ටර් කිම් අදහස් කරන්නේ මොකක්ද...
"මම විහිලුව....
"මම කැමතියි.."
"ආහ්..."
ජන්කුක් ටේහ්යොන්ගේ කතාව ඉවර වෙන්න කලින් වචන පිට කරා...
"ම..මම කිව්වේ මම කැමතියි කියලා..මිස්ටර් කිම්ට නිදාගන්න උදව් කරන්න..ම්..මම අදහස් කරේ...
"ජෝන් දන්නවද ජෝන් දැන් කියන දේවල් වල බරපතලකම..."
ජන්කුක් ඇස් පිය දෙක තුනක් ගහලා ටේහ්යොන්ගේ දුඹුරු පාට ඇස් දිහා බැලුවා...
"ඒක ඒ තරම් බරපතල නම් මිස්ටර් කිම් ඇයි ඒවගේ අදහසක් ඉදිරිපත් කරේ... අනික මිස්ටර් කිම්මයි මට කිව්වේ අපි තහවුරු කරන්න ඕන අපි කියන දේවල් වල අවංකභාවය ගැන විතරයි කියලා..."
ටේහ්යොන්ග් ජන්කුක් දිහා හොදට බලලා මෙට්ටෙට අත් දෙක තියලා නැගිට්ටා.. ජනේලෙට පහලින් බිත්තියෙන් හේත්තු උනා... ඒ වගේම තාමත් ලස්සනට මෙට්ටේ දිගේ සුදු පාට ඇදගන දිහා වෙලා ඉන්න ජන්කුක් දිහා බැලුවා.. ජන්කුක්ට පොඩිමවත් අදහසක් තිබ්බෙ නෑ එයා මේ විදියට නිදාගෙන ඉද්දි පොරෝනේ තුලින් කැපිලා පේන පෙනුම මොන වගේද කියලා... ටේහ්යොන්ග් උගුර පාදලා කොන්ඩේ පිටිපස්සට කරා...
"මම හිතන්නේ මට වැරදුනා..ජෝන් පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් දක්ශයි ඉගනගන්න.. ඉක්මනින් මතක තියාගන්න..."
"ඔයා මට විහිලු කරනවා මිස්ටර් කිම්..!"
ජන්කුක් නපුරු විදියට කියලා මෙට්ටේ උඩින් ඉදගත්තා... ටේහ්යොන්ග් ජන්කුක්ට ලස්සන හිනාවක් දීලා මෙට්ටෙන් නැගිට්ටම ජන්කුකුත් නැගිටලා පොරෝන පිලිවලට නවලා මෙට්ටේ රෝල් කරා...
ටේහ්යොන්ග් තමන්ගේ සූට් කේස් එකෙන් ඇදුම් කිහිපයක් තෝරගත්තා...
"මම හිතන්නේ මම ඉක්මනින් සෝදගත්තොත් හොදයි..."
ජන්කුක් කන්නඩි මේසේ මත තියලා තිබුනු සබන් එකත් අරන් ටේහ්යොන්ග් දොර ඇරන් එලියට ගියාම ජන්කුක් කාමරේ පිරිලා තිබුනු සුවද හොදට ඉව කරා... තමන්ගේ ඇදුම් කිහිපයක් සූදානම් කරලා ඇද උඩින් තිබ්බ ජන්කුක් අවුල් උන කාමරේ පිලිවෙල කරලා ඇදුමකට මාරු වෙලා නේවාසිකාගාරෙ පහලට ආවා... ඇවිත් ආපනශාලාවෙන් පොඩි ප්ලාස්ක් එක්කට කෝපි ඒ වගේම සැනවිචස් කීපයක් අරන් ආයෙත් උඩට ආවා.. ඒ එනකොට ටේහ්යොන්ග් කාමරේට ඇවිත් හිටියා...
"මිස්ටර් කිම් .. යන්න කලින් උදේ කෑම අරන් යන්න.. ගොඩාක් දුර යන්න තියන නිසා බඩගිනි ඒවි..."
ජන්කුක් මේසේ උඩ තිබ්බ ජන්කුක්ගේ මග් එක අරන් ඒකට කෝපි කෝප්පයක් වත් කරලා දුඹුරු පාට කඩදාසි වල ඔතලා තිබ්බ සැන්විච් ටික මේසේ උඩින් තියලා දිගෑරියා... ටේහ්යොන්ග් ජන්කුක්ගේ කනනාඩි මේසේ ලග කකුල් දෙක පොඩ්ඩක් දෙපැත්තට කරලා උස මට්ටමට පාත් වෙලා ඒකෙන් තමන්ගේ කොන්ඩේ බලාගන්න උත්සාහා කරා..
ටේහ්යොන්ග් උදේම නාලා තාමත් තෙත පිටින් තිබුනු කොන්ඩේ ජන්කුක්ගේ ලොකු දැති තිබුනු පනාවෙන් පීරුවම ලස්සන රටාවකට කොන්ඩේ පිට්පස්සට හිටලා කෑලි දෙක තුනක් ඉස්සරහට වැටුනා... ජන්කුක් ටේහ්යොන්ග් දිහා බලන් ඉදලා අඩි දෙක තුනක් ගිහින් ටේහ්යොන්ග් ඉස්සරහින් කන්නාඩි මේසේයි මැදින් හිට ගත්තා...
ටේහ්යොන්ග් ඇස් දෙක පාතට හරවලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් ටේහ්යොන්ගේ පහලා ඉදන් එකක් මගෑරලා දාපු බොත්තම් පේලිය හරි විදියට හදනකම් ටේහ්යොන්ග් ජන්කුක්ගේ ලස්සන මූන දිහා බලන් හිටියා... ජන්කුක් ටේහ්යොන්ගේ සුදු පාට කමිසේ බොත්තම් පේලිය හරියට දාලා වැලමිට ලගට එනකන් නවපු අත් දෙක රැලි නැති වෙල විදියට ලස්සනට නැමුවා... නමලා කමිස කරත් හැදුවාම ටේහ්යොන්ග් කකුල් දෙක ලන් කරලා හිටගත්තා...
"ස්තූතියි ජෝන්.. "
ටේහ්යොන්ග් ස්තූති කරාම ජන්කුක් කම්මුල් දෙක රතු කරන් හිනා උනා... ටේහ්යොන්ග් අවසානයේ සැන්විච් පෙත්තක් කාලා කෝපි එකෙනුත් භාගයක් බීලා පුටුවෙන් නැගිට්ටම ජන්කුක් ටේහ්යොන්ගේ සූට් කෙස් එකට රෑ ඇදුම් නමලා දාලා වෙනම අහුරලා වහලා බකල් දෙක දැම්මා..
"ස්තූතියි ජෝන් හැමදේටම.. මේ විදියට දේවල් වෙනවට මම කැමතියි... ජෝන් වගකීම් සහිතයි... සුභ දවසක් පරිස්සමට ඉන්න.. ආයෙත් ගෙදර එන්න මන් බලාගෙන ඉන්නවා..."
ජන්කුක් ටේහ්යොන්ගේ වචන හීනෙන් වගේ මතක් කරනගමන් භාගයක් බීල ඉතුරු උන කෝපි කෝප්පේ ටේහ්යොන්ග් කට තියපු පැත්තෙන්ම කට තියලා බිව්වා..
කොහොමද ඔහුගේ හැම හැසිරීමක්ම ජන්කුක්ව ඒ තව තවත් මිස්ටර් කිම්ටම ඇදලා ආකර්ශනය කරවන්නේ......
.
.
.
.
.
.
*********************
____________________________Dark_Sunshiner 🤍🥀
Jungkook's......✨️🌻
Hey..🌻🤎🍂✨️
Thanks for reading ❤
To be Continued...
2024/05/05
Bạn đang đọc truyện trên: AzTruyen.Top