|18|
"මොනවද මේ දවස් වල විශේශ දේවල් මාර්තා...."
ටේහ්‍යොන්ගෙ හැන්ද ආයෙත් පිගාන උඩින් තියන ගමන් ඇහුවම මාර්තා උස දිලිසෙන වීදුරුවකට පරන උනු වයින් වත් කරලා ටේහ්‍යොන්ග් ඉස්සරහින් තිබ්බා... ටේහ්‍යොන්ගේ ඉල්ලීමකට අනුව මාර්තා ජන්කුක්ට කිරි වීදුරුවක් අරන් ඇවිත් තිබ්බා...
මාර්තා ටේහ්‍යොන්ග් දෙන්නම කාලා ඉවර වෙලා වයින් බොනකොට ජන්කුක් ලොකු රිදී හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ කෑවා...
ජන්කුක්ට කෑම පිරිය නැති වෙලා වගේ දැනුනා... ටේහ්‍යොන්ග් මේ තරම් සැහැලුවෙන් මද හිනාවක් මූනේ තියන් මේ තරම් වෙලා කතා කරන්වා ජන්කුක් දැක්කමයි... හරියට ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක තමයි මේ හැමෝම අතරින් මේ තරම්වත් හොදට කතා කරේ.. ඒත් අද ඒ තැන වෙන කෙනෙක් අරන්.. ටේහ්‍යොන්ග්ට කතා කරන්න ගොඩාක් දේවල් මාර්තාත් එක්ක තියෙන බව ජන්කුක්ට පෙනුනා.. ජන්කුක් හෙමින් සැරේ හැන්ද පිගානෙන් තියලා කිරි වීදුරුව අතට ගන්න ගමන් එතනින් නැගිටලා ආවා... හොදයි ටේහ්‍යොන්ග්ට ඒක දැනුනේ නෑ...
ජන්කුක් හෙමින් සැරේ මේසෙන් ඈතට ඇවිදන් ගිහින් අර අපිලිවෙලට විසිරුනු පොත් රාක්ක අතරින් ගියා... ජන්කුක් කියන්නේ සාමාන්‍යෙන් පොත් පත් එක්කම ජීවත් උන කෙනෙක්...ඒ නිසා අමුත්තක් නැතුවම ජන්කුක්ට මේ පොත් එක්ක සුවපහසු හැගීමක් දැනුනා.... මෙතන තිබුනු පොත් විවිධයි.., ඇදේට තියන රාක්ක අතට ජන්කුක්ට ඇවිදිනකොට වැටෙයි කියලා බය හිතුනා, ඒ උනාට ඒ රාක්ක අතින් ඇල්ලුවාම පුදුම තරම් ශක්තිමත් බවක් ජන්කුක්ට දැනුනා...
මාර්තා කියන්නේ හරි අමුතු කෙනෙක්.. ජන්කුක් සාමාන්‍යෙන් දකින් කාන්තාවෝ බොස්තොරොක්ක ගවුම් ඇදන් කොන්ඩේ ඉහලින් බැදලා හිටියට මාර්තා අදින පලදිනේ විදියේ ඉදන්ම ජන්කුක්ට වෙනසක් තේරුනා... අනිත් දේ මාර්තා හරිම සෘජුව විවෘතව කතා කරන බවක් හැගුනා... ජන්කුක් ශාලාව මැදට වෙනකන් ඇවිදන් ගිහින් වීදුරුවෙන් උගුරක් කටේ පුරවගෙන වීදුරුව තනි කකුලේ මේසයක් මතින් තිබ්බා.. තියලා රාක්කේ අතරින් පොතක් ඇදන් බලන්න පටන් ගත්තා... සංගීතයත් සමග දේවල් මිශ්‍ර වෙන ආකාරය... අනිත් පොත් සාහිත්‍ය තුල සංගීතය ජන්කුක් එහා පසින් තිබ්බ රාක්කෙ පොත් අතරින් ඇගිලිතුඩු යැව්වා...
"There was the man whom I should have loved if I had not hated.."
ජන්කුක් පොත පෙරලනකොටම ජන්කුක්ගේ කන ගාවින් ගැඹුරු හඩකින් මුමුනන සද්දයක් ඇහෙනකොට ජන්කුක් පොත පපුවට තද කරගන්න ගමන් හැරුනා.. ටේහ්‍යොන්ගේ තොල් අතරේ අමුතු හිනාවක් ඇදිලා තිබ්බා වගේම ඇස් යාන්තමින් රත් පැහැ වෙලා තිබ්බා...
"මො..මොකක්ද මිස්ටර් කිම්..."
"ඒක ඔය පොත ඇතුලේ තියෙන්නේ පුන්චි ජෝන්...."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පපුවේ තුරුල් උන පොත ඇස් දෙකෙන් ඉගි කරන ගමන් කිව්වම ජන්කුක් ආයෙත් පොත දිහා බැලුවා....
"closer than a brother...."
"අහ්..."
"ඒත් අවසානේ Cecil Dreeme වෙස්වලාගත් කාන්තාවක්....Byng මිය ගියා... ඔවුන් වෛර කරා..."
ජන්කුක් ඇස් දෙක ලොකු කරගෙන පොතේ පිටු පුරා තමන්ගේ ඇස් ගෙනිච්චා...
"ඉතින් මිස්ටර් කිම් ඔහු මිනිසා කියලා අදහස් කරේ, එයා කාන්තාවක් කියලා.......
"ශ්...කියවන්න උවමනායි කියලා හිතෙන පොත් කියවලා බලන්න..කුතුහලය වැරැද්දක් නෙවෙයි, අපිට දේවල් හොයන්න , උත්සහ කරන්න අයිතිය තියනවා...."
ජන්කුක් පොත වහලා ටේහ්‍යොන්ග් දිහා ඔලුව උස්සලා බැලුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ට ගොඩාක් ලගින් හිටියේ, මීට ටික වෙලාවකට කලින් කාපු පැස්තා වල සුවද, පරන වයින් වල අමුතු සුවද එක්ක ටේහ්‍යොන්ගේ සිගරට් සුවද ජන්කුක්ට ගොඩාක් ලගින් දැනුනා.. ටේහ්‍යොන්ගේ ඇස් එක එල්ලේ ජන්කුක්ගේ මූනට යොමු වෙලා තිබ්බා වගේම ටේහ්‍යොන්ගේ එක අතක රාක්කෙකට ජන්කුක්ට ඉහලින් බර දෙමින් හිටියා... ජන්කුක්ට තමන් ගොඩාක් පුන්චියි වගේ හැගීමක් දැනුනා.... අදුරු ලා කහ එලිය පමනක් පිරුනු මේ ස්තානය හරිම උනුසුම් බවක් ජන්කුක්ට දැනෙනකොට ජන්කුක් නැවත වතාවක් ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් බිම බලාගත්තා... ටේහ්‍යොන්ගේ රස්නේ හුස්ම තමන්ගේ මූන ලගින්ම දැනෙනකොට ජන්කුක් තමන්ගේ මූන හරවන්න බයෙන් හිටියා මොකට ටේහ්‍යොන්ග් ඒ තරම් ලගින් හිටියේ...
ජන්කුක්ට දැනුනා තමන්ගේ හදවත මහ හයියෙන් ගැහෙන බවක්, ඒත් එක්කම මහ අමුතු හැගීමක්, මේ වටා පිටාවේ සීතල උනුසුම් පරිසරය, අදුරු බව ජන්කුක්ගේ අවනත නැති ශරීර ක්‍රියා වලට උත්තේජනයක් ලබා දුන්න මිසක් ඒක අඩු වන බවක් නම් පෙනුනේ නෑ... ජන්කුක්ට හදිසියේම මතක් උනේ මීට ටික වෙලාවකට කලින් මේ පොත ඇතුලේ උනු අන්තර්ගතයන් ගැන ටේහ්‍යොන්ග් පැහැදිලි කරපු විදිය....
සමහර විට ටේහ්‍යොන්ග්ට මේ පොත් වල වාක්‍ය ඒ විදියටම මතක තියෙන්න තරම් ටේහ්‍යොන්ග්ට මේ පොත්පත් පුරුදු ඇති, එහෙමත් නැතිනම් ටේහ්‍යොන්ගේ මතක ශක්තිය ඉතාමත් ඉහල ඇති...
ජන්කුක්ගේ ඔලුව මහ විකාර ගොඩකින් පිරිලා යනකොට ජන්කුක්ට හිතාගන්න පුලුවන් උනේ නෑ මේ එකිනෙකට පැටෙලෙමින් දැනෙන හැගීම් වල සංකීර්න බව.. එහෙමත් නැත්නම් මේ කිසිම දෙයක තේරුමක්වත්... ජන්කුක්ට අවශ්‍ය නැති, ජන්කුක්ට අවනත නැති හිත ටේහ්‍යොන්ග් ගැන ගොඩාක් දේවල් ඔලුවේ පුරවනවා වගේ ජන්කුක්ට දැනුනා... හරියටම එදා ටේහ්‍යොන්ග් ටේහ්‍යොන්ගේ මන්දිරේ උඩුකය නිරුවත්ව පහලට බහින දර්ශනය වගේ ජකුක්ට ලැජ්ජා හිතෙන ගොඩාක් දේවල්..,ජන්කුක් ඇස් දෙක තදින් වහලා ඇරලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...
"මි..මිස්ටර් කිම්..."
ජන්කුක් හෙමින් සැරේ ටේහ්‍යොන්ගේ කමිසෙන් හෙමීට ඇල්ලුවා... ටේහ්‍යොන්ග් එකපාරටම ගැස්සිලා වගේ ඔලුව හොලවලා ජන්කුක් ගවින් ඔලුව ඉස්සුවා...
"ඔහ්..ජෝන්ට ගොඩාක් මහන්සි ඇති.. මම එක්කන් යන්නම් ජෝන්ව නේවාසිකාගරයට.. මම හිතන්නේ මම කාලෙකින් ඕනවට වඩා මත් උනා.... එන්න..."
ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ඉස්සරහට රාක්ක අතරින් ඇවිදගෙන ගියාම ජන්කුක් තමන්ගේ අත් අස්සේ හිර කරගත්තු පොත තමන්ගේ එල්ලපු ලොකු කබායේ ලොකු සාක්කුවට ඇතුල් පැත්තෙන් දැම්මා..
අහේතුවකට ජන්කුක්ට හිතුනා මාර්තා තමන් ගැන මොන වගේ හිතාවිද කියලා.. සමහර වෙලාවට ජන්කුක් සැහැල්ලුවෙන් හිතන්න පුරුදු උනත් ඕනවට වඩා කලබල අවස්තා වලට ජන්කුක්ගේ හිත ජන්කුක්ටවත් අවනත නැති උනා...
"අපි ගිහින් එන්නම් මාර්තා.. මේ වතාවේ මට කිසිම දේකට විරුද්ධ වෙන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ... මම හිතනව ඔයා හැමදෙයක් ගැනම අවධානෙන් ඉදීවි කියලා..."
"ඔයා මම ගැන දන්නවා ටේහ්‍යොන්ග්.. මමත් බලාපොරොත්තු වෙනවා මේ වතාවේ කිසිම දෙයක් අවුල් කරගන් නැතුව හැමදේම විසදගන්න පුලුවන් වේවි කියලා...එහෙනම් ජෝන් ආයෙත් දවසක මුනගැසෙමු..මට විශ්වාසයි ඔයා ආයෙත් ලගදිම දවසක මෙහෙ ඒවි කියලා..."
ජන්කුක් යන්තම් ඔලුව පහත් කරලා මාර්තට සමුදුන්නේ මාර්තාගේ වචන ගැන කේන්ති ගනිමින්... සමහර විට ඒ පොත් විශාල ප්‍රමානයක් තුලින් මේ පොත අඩු උන බව මාර්තා හොයා නොගනීවි.. ඒත් ඇත්තෙන්ම ජන්කුක් බලාපොරොත්තු උනා මේ පොත් හොරෙන්ම ගෙනත් තියන්න... ඒත් මාර්තා කොහොමද මේ තරම් විවෘතව කතා කරන්නේ....
"කල්පනා කරලා ඉවරනම් අපි යමු ජෝන්... මන් හිතනවා ඔයාගේ නේවාසිකාගරේ අද නීතී ලිහිල් කරලා ඇති කියලා..."
"අද කොහොමත් හැමෝම සාද වලට සහභාගී වෙනවා මිස්ටර් කිම්.. ඒ නිසා හෙට දවසත් අපිට නිවාඩු දිනයක්..."
"හොදයි..."
ටේහ්‍යොන්ග් ඉදිරියෙන් ඇවිදිනකොට ජන්කුක් කබාය තමන් වටේ ඔතාගන්න ගමන් ටේහ්‍යොන්ග්ට පිටිපස්සෙන් ඇවිදගෙන ගියා... ටේහ්‍යොන්ගේ දිග කබායෙන් නිරාවරනය උන ටේහ්‍යොන්ගේ කකුල් සෑහෙන්න දිගට ජන්කුක්ට පෙනුනා.. ඒ උස කබාය හින්දා ටේහ්‍යොන්ගේ උස බව කැපිලා පෙනුනා... පලවෙනි වතාවක දුටුවා වගේම ඊටත් වඩා වැඩියෙන් ජන්කුක්ට ටේහ්‍යොන්ග් කඩවසම් බව, පිරිපුන් සම්පූර්න බව හැම දවසකම වැඩි වෙලා පෙනුනා...ඒත් ජන්කුක්ට ඒ තුලින් සතුටක් ලැබුනා.. ටේහ්‍යොන්ගේ පිම්බුරු අත් ගොබ ජන්කුක් ආඩම්බරයක් දැනුනත් කවදාවත් ජන්කුක්ට ඒ වගේ වෙන්න උවමනවක් දැනුනද කියලා ජන්කුක් තමන්ගේ හිතින්ම ප්‍රශ්න කරා... ටේහ්‍යොන්ගේ කඩවසම් බවට තමන්ගේ හිතින් ආස කරත් ජන්කුක්ට උවමනා උනේ ටේහ්‍යොන්ග් ලගින් ඉන්න හැම වෙලාවෙම තමන් කොයි තරම්නම් පුන්චිද, තමන් කොයි තරම්නම් සියුමැලිද කියලා දැනගන්න...
ජන්කුක්ට ඇත්තටම තමන්ගේ හිතට දැනෙන මේ විකාර සිතිවිලි ගැන පුන්චිමවත් අදහසක් තිබ්බෙ නෑ... ජන්කුක්ට මේ හැම සිතුවිල්ලක්ම විග්‍රහ කරලා ඒ පිලිබදව අදහස් ගන්න උවමනා උනෙත් නෑ... ඒත් මේ වෙලාවෙත් ජන්කුක් ඈතින් අඩිය තියන ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙලා ටේහ්‍යොන්ග් හා සමාන්තරව ඇවිදින්න පටන් ගත්තා....
වීදිය පුරාම කහ පාර විදුලි පහන් කනු තිබ්බා, දෙපස තිබුනු බීර අවන්හල් වල යන්තම් ඇහුනු සංගීත නාද රටා අතර මිනිසුන්ගේ සිනහා කෑ කෝ ගැසීම් හැරුනම, පාරේ ඇවිදගෙන ගිය දෙතුන් දෙනෙක් ඇරුනම මුලු වීදියම හිස්ව ගියත් ජන්කුක්ට බයක් දැනුනේ නෑ...
නේවාසිකාරයේ මුරට හිටපු කෙනා කුටිය තුලට වෙලා නින්දට වැටෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් එක්කම එතනින් ඇතුලට ආවා.... වයසින් වැඩිහිටි තරුනයින් ඉගන ගත් විද්‍යාලයක් විදියට අවශ්‍ය ප්‍රමානය ඉක්මවලා නීතී රීති තද උනේ නැහැ... අද සංගීත ප්‍රසංගය තිබුනු රාත්‍රි කොහෙත්ම නීති රීති තද උනේ නෑ...
තට්ටු තුනක් පුරා විහිදුනු එක් නේවාසිකාගාර ගොඩනැගිල්ලක ප්‍රධාන පිවිසුමෙන් ජන්කුක් ඇතුලට යනකොට ටේහ්‍යොන්ග් එතනින් නතර උනා...
"මි..මිස්ටර් කිම් ඇතුලට එනවද?"
"නැහැ ජෝන්.. මෙතන ඉදන් ඔයාගේ කාමරේට යනකන් තනියම යන්න පුලුවන් නේද?"
ටේහ්‍යොන්ග් වට පිටාව බලන ගමන් ඇහුවම ජන්කුක් තමන්ගේ සපත්තු දෙක දිහා බලලා ටේහ්යොන්ග් දිහා බැලුවා.. සපත්තුව ඇතුලේ ජන්කුක්ගේ ඇගිලි පොලව බදාගෙන හිටියා..
"ඒත් මිස්ටර් කිම් කොහෙද යන්නේ.. මේ රෑ ආයෙත් යනවා කියන්නේ මහන්සි වැඩියි එහෙම නෙවෙයිද..."
කලින් වතාවේ තමන්ගේ ගෙදර ගැන කතා කරන්න ටේහ්‍යොන්ග් කැමැත්තක් නොදැක්වුව නිසා ජන්කුක් ඒ ගැන නොආසා ඉන්න තරම් ප්‍රවේසම් උනා...
"ම්ම්.. මම අද ආයෙත් යන්න බලාපොරොත්තු වෙන් නෑ.. මට පුලුවන් තානායම් කාමරයක් කුලියට ගන්න ජෝන්.. "
ජන්කුක් යටි තොල ඉස්සරහා දත් දෙකෙන් හපාගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අදුරේ කෙල වලින් දිලිසෙන තොල් දිහා බලල ඇස් දිහා බැලුවා...
"මිස්ටර් කිම්ට පුලුවන් මගේ කාමරේ ඉන්න... අද ගොඩාක් අයගේ සහෝදරයෝ නතර වෙනවා මේ නේවාසිකාගාරයේ... ඉතින්..ම්ම් මිස්ටර් කිම්ටත් පුලුවන් මාත් එක්ක එන්න..."
ටේහ්‍යොන්ග් එක අඩියක් තියලා පඩිපෙලක් උඩින් හිටිය ජන්කුක් ගාවට ලන් උනා...
"මම ඔයාගේ සහෝදරයෙක්ද ජෝන්...?"
ජන්කුක් තමන්ගේ මූන ඉස්සරහ තියන ටේහ්‍යොන්ගේ මූනේ පේන දේවල් අදුර අතරේ කියවන්න උත්සාහා කරා... හොදයි ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා කවදාවත් සහෝදරයෙක් විදියට බලලා නැහැ..නමුත් යහලුවෙක්..හැමදාමත් ඔම්මා කියනවා වගේ යාලුවෝ වෙන්න තරම් ඔවුන්ගේ වයස් පරතරය වැඩි ඇති... ඒත් සහොදරයෝ, හරියටම නම්ජූන් ජන්කුක් වගේ.. නම්ජූන් ටේහ්‍යොන්ග්ට වැඩිය වැඩිමල්... ඔහ්.. ජන්කුක් කවදාවත් සම්බනධයක් ගැන මේ තරම් දුර දිග හිතුවේ නෑ... ටේහ්‍යොන්ගේ හුස්ම හඩ ජන්කුක්ව පියවි සිහියට ගෙනාවා.. ජන්කුක් ටේහ්‍යොන්ගේ ප්‍රශ්නෙට උත්තර නොදී ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් තරප්පු පෙල නගින්න ගත්තා...
අවසානයේ දෙවෙනි තට්ටුවේ කෙලවරේ ලී දොරක් ඉදිරිපිට නතර උන ජන්කුක් තමන්ගේ සාක්කුවෙන් යතුර අතට ගත්තා... යතුරු හිලට යතුර දාලා දෙපාරක් කරකවපු ජන්කුක් දොර ඇරන් අදුරු කාමරේ ඇතුලට ගියා... ඉහල ඉදන් පහලට නූලක් වගේ එකක් එල්ලිලා පොඩි මුදුවක් වගේ තිබ්බ එකට ඇගිල්ල දාලා පහලට ඇද්දාම ජන්කුක්ගේ පොඩි සුවපහසු කාමරේ ආලෝකමත් උනා....
ජන්කුක් අනිත්පැත්තට හැරුනාම ටේහ්‍යොන්ග් දොර ගාව හිටන් ජන්කුක්ගේ කාමරේ ඇතුල බැලුවා...ජන්කුක් කලින් ටේහ්‍යොන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා...
"closer than a brothers...."
.
.
.
.
.
.
.
************************
____________________________Dark_Sunshiner 🤍🥀
* Cecil Dreeme Book...,
Mr.kim & Little jeon....🤎🩶
නේවාසිකාගාර කාමරය...🍂🌙
⭕උඩ Closer than brothers එන්න ඕන... a අයින් වෙන්න ඕන.... උඩ එක කොපි කරලා දාපු හින්දා එතන වැරදියි...මන් එතන එඩිට් කරන්න යන් නෑ කමෙන්ට්ස් ටික නැති වෙන හින්දා....❤️
'''''''''''''''''''''''°•...'''''''''''''''''''''''
මට gift එකක් හම්බුනා.. ඒක ගොඩාක් ලස්සනයි ..
Thanq so much for this.... @ruvi_VKOOK ♥️♥️🌙🍂
Thanks for reading ❤
To be Continued...
2023/04/26
Bạn đang đọc truyện trên: AzTruyen.Top