|16|
හිම දියවෙලා... පරිසරේ හිම තිබ්බ බවක් කියන්න සාක්ශි තිබ්බේ තාමත් කොල ආපු නැති ගස් කදන් විතරයි.. ඒත් සරත් සෘතුව අවසන් වෙලා සීත සෘතුවට කොල හලපු ගස් අග මේ වෙනකොටත් අලුත් දලු පීදිලා... මේ එන්නේ වසන්ත සෘතුව... වටපිටාවම අලුතින් ආරම්භ වෙන්නේ මේ කාලේ...
ටේහ්‍යොන්ගේ උද්යානෙත් වසන්ත මල් පිපෙන මල් පදුරු ආයෙත් දලු දාගෙන අලුත් වෙන්න පටන් අරන්... දම් පාටින් මල් කිනිති පිපෙන වැල් ආයෙත් නැවුම් විදියට ආරුක්කු දිගේ ඉහලට නගින්න පටන් ගන්නකොට උද්‍යානේ ආරම්භ උනාට සාපේක්ශව ලොකු ලස්සනකින් යුක්ත උනා....
ටේහ්‍යොන්ග් ටිකක් උදේ පහු වෙන්න මන්දිරේ ලියුම් පෙට්ටියෙන් ලියුම් අරගෙන එකින් එක බලන ගමන් ආයෙත් වෛද්‍ය මධ්‍යස්තානයට ඇවිදන් යන්න පටන් ගත්තා... ඇවිත් පිටිපස්සේ දොර විවෘත කරලා ඇතුලට ඇවිත් ප්‍රධාන මේසේ ගාවම තිබ්බ මේසේ උඩ තිබුනු වේවැල් කූඩේ ඇතුලට ලියුම් ටික අතෑරියා.. ඒකේ ලා දුඹුරු පාට ලියුම් කවර අතරින් ලිපින වලින් තෝරගත්ත ලියුම් කීපයක් පරීක්ශා කරලා බලපු ටේහ්‍යොන්ග් අනිත් ටික එහෙමම තියෙන්න ඇරලා තමන්ගේ වැඩ වලට අවදානේ යොමු කරා...
ඒත් එක්කම ඉස්සරහින් ඇහුන සීනු හඩත් එක්ක ටේහ්‍යොන්ග් ඇස් උස්සලා ඉස්සරහා බැලුවා...
"සුභ උදෑසනක් මිස්ටර් කිම්... මම ප්‍රමාදයිද..."
"හරියටම විනාඩි පහලවක් ප්‍රමාදයි මිස් යැන්සි... "
"මට සමාවෙන්න මිස්ටර් කිම්... අද හැමතැනම කලබලකාරියි... මට ප්‍රමාද උනා එනකොට..."
"හොදයි.. තාම රෝගීන් එක්කෙනෙක්වත් ඇවිත් නැති හින්දා ගැටලුවක් නෑ... ශල්යාගාරේ අඩුපාඩු බලලා හදන්න... අලුත් බෙහෙත් දියර ඕන නම් අර කාමරෙන් ගන්න..."
ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ආයෙත් තමන්ගේ උපැස් යුවල දාගත්තා... යැන්සි වෛද්‍ය මධ්‍යස්තානේ අලුතින් සේවයට ආපු හෙදිය... ටේහ්‍යොන්ග් කියන්නෙ මේ ප්රදේශ්යටම සම්පතක්.. මේ තරම් හොද වෛද්‍යවරයෙක් මෙහෙ ප්‍රතිකාර කරන එක හැමෝටම ගොඩාක් වටිනවා... ඒ වගේම එන සෙනග ප්‍රමාණයත් එක්ක ටේහ්‍යොන්ග්ට තනියම දේවල් කරන්න පහසු උනේ නැහැ... ජන්කුක් ඉන්නකොට ඇවිත් උදව් කරත් මේ ක්ශේත්‍රය ගැන යම් දැනුමක් තියන් කෙනෙක් ටේහ්‍යොන්ග්ට අවශ්‍ය උනා...
ජන්කුක් ආයෙත් කොලේජ් ගිහින් මාසයකටත් වැඩියි.. අවසන් දවස් විදියට ටේහ්‍යොන්ග්ට අත්වැසුමත් තෑගි කරපු ජන්කුක් ආයෙත් කොලේජ් ගිහින් තිබුනා.. මේ වතාවේ හිතුවට වැඩිය කාලයක් සීත කාලේ තිබ්බ හින්දා ටේහ්‍යොන්ග්ට එයාගේ අලුත් අත්වැසුම් පාවිච්චි කරන්න පුලුවන් උනා... ජන්කුක් නිවැරදි ටේහ්‍යොන්ග්ට ගැලපෙනම හා සුදුසුම අත්වැසුමක් උනා ඒක... ඒ කොයි දේටත් වැඩිය ටේහ්‍යොන්ග්ට සතුටක් ඇති උනා, හරියට ලස්සන් නත්තලක් සැමරුවා හා සමානවම... ඒවා අමුතු හැගීම් උනු හින්දා ටේහ්‍යොන්ග්ට ඒ හැගීම් බර උනා...
ජන්කුක්ව පිටින් බලලා තමන් කලින් විනිශ්චය කරත් එහෙම කරන්න පුලුවන් උන කෙනෙක් උනේ නැහැ ජන්කුක්.. හරියටම කිව්වොත් විනිශ්චය කරන්න දෙයක් ජන්කුක් ඉතුරු කරලා තිබුනේ නෑ ජන්කුක් නිදහසේ හැසිරුනා.. ඒක ටේහ්‍යොන්ගේ හිත ක්‍රම ක්‍රමයෙන් ඇතුල් කරගන්නකොට ජන්කුක්ගේ පුන්චි දේවල් වලට ටේහ්‍යොන්ගේ හදවත සතුටු වෙන්න ආරම්භ කරලා තිබුනා...
ටේහ්‍යොන්ග්ට ජන්කුක් නැති මේ පැත්ත හරිම පාලුවක් ගෙනල්ලා දුන්න කිව්වොත් නිවැරදියි... මොකද ජන්කුක් ඉන්න හැම වතාවකම හැම දවසකම ජන්කුක් ටේහ්‍යොන්ගේ මන්දිරේ කොහේම හරි හිටියා... ටේහ්‍යොන්ග්ට වැඩ වැඩි වෙන අවස්තාවල ටේහ්‍යොන්ග්ට උදව් කරන්න, වැඩ කරන ටේහ්‍යොන්ග් ලගට උනුම උනු කෝපි කෝප්පයක් උස්සගෙන එන්න, හවසට කර කරපු පාන් එක්ක කිරි කෝපි හදලා තියන්න , මල් පිපුනු රෝස අතු වල ඊලග දල්ල පූදින්න ඒ අතු හොය හොය කපලා දාන්න ඒ වගේ ගොඩාක් දේවල් ජන්කුක් ටේහ්‍යොන්ග් වටා සිද්ධ කරමින් හිටියා.. එක පාරටම ජන්කුක් ගිය එක ටේහ්‍යොන්ග්ට පිලිගන්න අකමැති ඒත් ඇත්තම පාලුවක් උනා...
ටේහ්‍යොන්ග් දවසේ වැඩ අවසන් කරලා යැන්සි පිටත් උනාට පස්සේ ආයෙත් මන්දිරේට ඇවිත් සුලු රාත්‍රී ආහාරයක් අරන් නින්දකට වැටුනා.. ටේහ්‍යොන්ග්ට හෙට දවසේ ගමනක් තියනවා...
පහුවදා උදේ පහු වෙලා මධ්‍යහන ලන් වෙනකොට ටේහ්‍යොන්ග් හිටියේ තමන්ගේ වාහනේ නගරයට ලන් වෙලා.. උදේ පිටත් උන නිසා ටේහ්‍යොන්ග් මේ වෙලාව වෙනකොට නගරයට ඇවිත් තිබ්බා... නගරයේ ඇතුල් මාවතක පිහිටි කිම් නිවසට ගොඩ වැදෙන් නැතුව ටේහ්‍යොන්ග් නගර මධ්‍යයේ තිබුනු කාර්යාලයට ගොඩ උනා...
ඉදිරි දොර විවෘත කරනකොටම නාද උන සීනු හඩින් හැරිලා බලපු සේවකයින් ටේහ්‍යොන්ග්ට ආචාර කරලා ආයෙත් තමන්ගේ වැඩ වල නිරත වෙනකොට ටේහ්‍යොන්ග් පිට කබාය ගලවලා දොර අසල තිබුනු කබා රදවනයේ රදවලා තමන්ගේ හිස් වැස්මත් ඊට ඉහලින් රදවලා ඇතුලට ඇවිදගෙන ගියා...
"ඩෑඩ් අද කාර්යාලට ආවද..."
ටේහ්‍යොන්ග් කෙනෙක්ගේ මේසයක් ගාවින් නතර වෙන ගමන් ඇහුවේ ඒ කෙනා කරමින් හිටපු කාර්යය නතර කරන ගමන් නැගිටිනකොට...
"ලොකු මහත්තයා ඇතුලේ ඉන්නවා පොඩි මහත්තයා... අද නීතීඥ්ඥයෝ කීප දෙනෙක්ම ආවා..."
ඒකට උත්තරයක් නොදී ටේහ්‍යොන්ග් ලී රටාවක් ගිය ඔප දාපු අත් වැටක් තිබ්බ ලී තරප්පු පෙල දිගේ ඉහලට නැග්ගා.... ඉහල මාලයේ පැත්තකට වෙන්න තිබුනු ලොකු කාර්යාල කාමරයට ගිය ටේහ්‍යොන්ග් පිටින් එල්ලල තිබුනු රත්තරන් පාට සීනුව නාද කරේ ඇතුලින් ඇහුන කතා ශබ්දය නතර වෙනකොට...
"කව්ද..."
ඇතුලින් ටේහ්‍යොන්ග්ටත් වඩා ගැබුරු කටහඩන් ඇහෙනකොට ටේහ්‍යොන්ග් උගුර පෑදුවා..
"මම..."
"අහ්.. එන්න ඇතුලට ටේහ්‍යොන්ග්... "
ටේහ්‍යොන්ග් මම කියලා විතරක්ම කියනකොට හඩින්ම ටේහ්‍යොන්ග්ව අදුරගත්තු ටේහ්‍යොන්ගේ ඩෑඩ් ටේහ්‍යොන්ග්ට ඇතුලට එන්න කිව්වා...
"ටේහ්‍යොන්ග් එන්න වාඩි වෙන්න... මිස්ටර් හන් , ලී දෙන්නටම නම් ටේහ්‍යොන්ග්ව නුපුරුදු කෙනෙක් නෙවෙයිනේ... ඒත් මිස්ටර් ජෝන් මම හිතන්නේ ඔබතුමා ටේහ්‍යොන්ග්ව අදුරගන්න ඕන.. මේ ඉන්නේ මගේ පුතා කිම් ටේහ්‍යොන්ග් , මගෙන් පස්සේ මේ හැමදෙයක්ම භාරගන්න ඉන්නේ ටේහ්‍යොන්ග් තමයි... ඒ වගේම පොඩි කාලේ ඉදන්ම මේ දේවල් වලට ටේහ්‍යොන්ග් කැප උනා...."
ටේහ්‍යොන්ග් ඒ වෙලාවෙයි ඔලුව උස්සලා බැලුවේ ඇතුලේ හිටපු අය දිහා... හන් , ලී පහු කරන් තුන් වෙනි තැන ඉදන් හිටපු නම්ජූන් පුටුවෙන් නැගිටලා වම් අත කලිසම් සාකුවට දාගන්න ගමන් අඩි දෙකක් ඉස්සරහට තිබ්බා...
"හමුවීම සතුටක්..කිම් ටේහ්‍යොන්ග්... මම හිතන්නේ ඉදිරියට අපිට එකට වැඩ කරන්න සිද්ද වේවි..."
මොන යම් හේතුවකට උනත් ටේහ්‍යොන්ග් නම්ජූන් දෙන්නම එකිනෙකා නොදන්න විදියට හැසිරෙන ගමන් කුඩා හිනාවකින් මූන සරසගෙන අතට අත දුන්නා...
"එහෙනම් අපි කොතනින්ද නැවැත්තුවේ..මිස්ටර් ජෝන් මට ඔබතුමාගේ ඒ ඉඩම් කොටස තදබල විදියටම උවමනායි... "
ටේහ්‍යොන්ගේ ඩෑඩ් ටේහ්‍යොන්ග්නුත් ඉදගත්තම ආයෙත් කතා කරන්න ගත්තා... ටේහ්‍යොන්ගේ ඩෑඩ්ගේ ඉඩම් කාර්යාලට ඉතාමත් ප්‍රසිද්ධයි.. මතුපිටින් ඒක සිද්ධ වෙන විදිය ගැන දල අදහසක් ගත්තොත් ඉතාමත් විශාල බිම් කොටස් මිලදීගෙන කොටස් කර විකිනීම කියලම සාමාන්‍ය ලෙස කියන්න පුලුවන්... ටේහ්‍යොන්ග් තමන් මුලින්ම හිටියේ ජෝන් මන්දිරේ බව සදහන් කරත් ඩෑඩ්ට ඒක අමතක උනේ කොහොමද කියලා ටේහ්‍යොන්ග්ට ලොකු අදහසක් ගන්න බැරි උනා.. සමහර විට නම්ජූන් නුපුරුදු නිසා... ව්‍යාපාරමය දේවල් ගැන ලොකු දෙයක් පෞද්ගලිකව ටේහ්‍යොන්ග් නම්ජූන් එක්ක කතා කරලා නොතිබ්බ හින්දා නම්ජූන්ගේ දැනුම් පරාසය විහිදිලා තිබ්බේ කොයි තරම් පුලුල්වද කියලා ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ...
ඩෑඩ් එක්ක ඉතාමත් සියුම් කාරනා පිලිබදව තර්ක කරමින් කතා කරන, අවශ්‍ය අවස්තා වල නීතිය පිලිබදවත් විස්තර කරමින් හන් ලී දෙන්නව සම්බන්ද කරගනිමින් කතාව ඉදිරියට කරගෙන යන නම්ජූන් ගැන කලින් තිබ්බ ගෞරවය වැඩි වීමක් ටේහ්‍යොන්ග්ට ඇති උනේ... ඉතාමත් පැහැදිලිව මොලේ තුල පිලිවලකට එකතු කරගත්තු කාරනා අදාල මොහොතවල් වල ඉදිරිපත් කරමින් කතා කරනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙක බැදගෙන මේ හැමදේම නිරීක්ශනාත්වකම බලාගෙන හිටියා....
අවසානයේ ඒ කතා බහ අවසන් උනේ හැමෝම එලියට යන්න නැගිටිනකොට...
"ටේහ්‍යොන්ග් මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියනවා,, ඒ හින්දා ටිකක් ඉන්න..."
ටේහ්‍යොන්ග් මුලින්ම එලියට යන්න හදනකොට ටේහ්‍යොන්ගේ ඩෑඩ් එහෙම කියලා අනිත් හැමෝටම අතට අත දෙමින් සමු දුන්නේ ටේහ්‍යොන්ග්නුත් ඒ හැමෝටම සමුදෙනකොට... මිස්ටර් ලී, හන් නම්ජූන් තුන් දෙනාම එලියට ගියාම ටේහ්‍යොන්ග් තමන්ගේ පපුව හරහා බැදගත්තු අත් දෙක පිටින් ඩෑඩ් දිහාවට හැරුනා...
"තමුන්ට මට කියන්න කිසිම දෙයක් නැද්ද ටේහ්‍යොන්ග්...!"
"ඔයා මොනවා ගැනද කතා කරන්නෙ ඩෑඩ්...!"
"ඔයාට බෑ මට ඔය විදියට සද්දෙන් කතා කරන්න ටේහ්‍යොන්ග්... මතක තියාගන්න අපි මේ තර්ක කරනවා නෙවෙයි කතා කරනවා...."
ටේහ්‍යොන්ගේ ඩෑඩ් එයාගේ ලොකු පුටුවේ වාඩි වෙලා පිටිපස්සට හේත්තු උනාම ටේහ්‍යොන්ග් ඊට ඉස්සරහින් වාඩි උනා...
"කොහොමත් තර්ක කරන එක මගේ ක්ශේත්‍රයට සම්බන්ද දෙයක් නෙවෙයි ඩෑඩ්.. ඒ හින්දා මට අදාල නැති කාරනා ගැන මම තර්ක කරනවා වගේ දේවල් කරන්නේ නැහැ... "
"ටිලිං........!!!!
"කවුද... මොකක්ද උවමනාව..?"
එලියෙන් නැවතත් සීනු ශබ්දයක් ඇහෙනකොට ටේහ්‍යොන්ගේ ඩෑඩ් ටිකක් තද කටහඩින් ඇහුවේ අවශ්‍ය අවස්තාවකට වඩා වෙනත් වෙලාවක බාදා කරන එකට ඒ තරම්ම කැමත්තක් නොතිබුනු නිසා..
"මේ මම මිස්ටර් කිම් ජෝන් නම්ජූන්... මගේ පසුම්බිය අමතක වෙලා තියනවා..."
"ඔහ්... ඇතුලට එන්න මිස්ටර් ජෝන්..."
නම්ජූන්ගේ කටහඩ ඇහෙනකොටම නම්ජූන් ඩෑඩ් කතා කරනකොට නම්ජූන් දොර විවෘත කරන් ඇතුලට ආවේ ටේහ්‍යොන්ග් ඉදගත්තු විදියටම වෙනසක් නොකර ඉන්නකොට.. නම්ජුන් එයා ඉදගෙන හිටපු පුටුව ලගට ඇවිදන් ගිහින් අයිනෙන්ම තිබුනු හම් පසුම්බිය අරන් කලිසම් සාක්කුවේ දාගන්න ගමන් ටේහ්‍යොන්ගේ ඩෑඩ්ට හිනා වෙලා ටේහ්‍යොන්ග් දිහාවටත් බැල්මක් දාලා එලියට ගියා...
"ඒක මොන වගේ හැසිරීමක්ද ටේහ්‍යොන්ග්..? මම තමුන්ට පොඩි කාලේ ඉදන් පුරුදු කරේ මේ වගේ හැසිරීමක්ද..?"
නම්ජූන් එලියට ගිහින් ඈතට ඇවිදින අඩි ශබ්දය අහන ගමන් ටේහ්‍යොන්ගේ ඩෑඩ් කතා කරන්න පටන් ගත්තේ තදින්....
"මගේ හැසිරීම ඒ තරම් පහත් නම් මට පුලුවන් මේ දැන් එලියට යන්න... මට හදිසි විදුලු පනිවිඩ ගනනාවක් දිගින් දිගටම ආවේ නැත්නම් මම මේ ගමන එන්න හිතන්නේ නැහැ... ඉතින් ඩෑඩ්ට පුලුවන්නම් කෙලෙන්ම කාරනාව ගැන කතා කරන මම ඒකට කැමතියි..."
ටේහ්‍යොන්ග් හොද හුස්මක් පාතට දාන ගමන් කිව්වේ ටේහ්‍යොන්ගේ ඩෑඩ් ආයෙමත් පුටුවෙන් වාඩි වෙලා වතුර වීදුරුවෙන් උගුරක් බොනකොට...
"මේ අද ඉදන් මම තමුන්ට දවස් දෙකක් හෝ තුනක් ඕනනම් සතියක් දෙන්නම්... ,මෙහෙ රෝහලේ පතිවීමට ටේහ්‍යොන්ග් වාර්තා කරන්න ඕන... තමුන්ගේ වෛද්‍ය වෘත්තිය කොහොමත් මම බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි ඒ කොහොම උනත් ඒ දේ අතාරින්න බැරි නම් මම කියන විදියට වැඩ කරන්න..."
ටේහ්‍යොන්ගේ අත් මිටිමෙලවිලා හුස්ම වැටෙන වේගය වැඩි උනා...
"මම තවත් අවුරුදු දහ අටක විස්සක ලමයෙක් නෙවෙයි... ඩෑඩ් උනත් ඔයාට බැහැ මට බලපෑම් කරන්න .. මම කරන්නේ මට අවශ්‍ය දේ මට උවමනායි කියලා හිතුනොත් මම ආයෙත් කිසිම දවසක මෙහෙ නොඑන්න ඉඩ තියනවා..."
ටේහ්‍යොන්ගේ ඩෑඩ්ගෙන් ඒකට නික්මුනේ සමච්චල් සහගත හිනාවක් විතරයි...
"මම ආයෙත් කියනවා... මම ඔයාගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ.. මම තර්ක කරන්නේ නෑ .. ටේහ්‍යොන්ග් මම කියන විදියට මේ දේ වෙන්න උවමනායි.. අනික වෛද්‍යවරයෙක් විදියට තමුන් හොදටම දන්නවා තමුන් ගෙදර ඉන්නම අවශ්‍යම කාලෙකයි මේ වැඩකට නැති දේකට ඈත පිටිසරකට වෙලා ඉන්නේ කියලා..."
"මට අදාල නැති කාරනා මෙතනට ඇදලා ගන්න හිතන්නවත් එපා ඩෑඩ්... මේ බොරු දේවල් මට ඇති වෙලා.. ආයෙත් මේ වගේ දේවල් වලට මට කතා නොකරන එකමයි හොද... ආයෙත් මට අවශ්‍ය නැති ලියුම්වත් විදුලි පනිවිඩවත් එවන්න එපා.. මම වෛද්‍යවරයෙක් විදියට හොදටම දැනුවත් දරුවෙක් හැදෙන ක්‍රියාවලිය.. ඉතින් මම ඒක ගැන වැඩියෙන් කලබල වෙන්න උවමනායි කියලා මම හිතන්නේ නෑ... විශේශම දේ මිස්ටර් ජෝන්ලගේ ඉඩම් සම්බන්ද කාරනා වලට මාව සම්බන්ද කරගන්න හිතන්නවත් එපා... මම කල් ඇතුවම දැනුම් දුන්නා... මට මේ කිසිම දේකට ආසාවක් කැමැත්තක් නෑ..."
"ටේහ්‍යොන්ග්....!!"
"ඩෑඩ්...!!!"
"දෙවියන්ගේ නාමෙට ඒ තමුන්ගේ බිරිද....!!!"
ටේහ්‍යොන්ගේ මිටි මෙලවුන අත වේගෙන් මේසය මත තිබ්බවෙනකොට මේසෙ උඩ තිබුනු වීදුරුව පෙරලිලා බිම බුමුතුරන දිගේ වතුර ගලන් ගියා.. ටේහ්‍යොන්ගේ ඩෑඩ්ගේ වගේම ටේහ්‍යොන්ගේ ඇස් කේන්තියෙන් පිරිලා තිබ්බා ඒ වගේම මුකුත්ම නොකියා වේගෙන් හුස්ම ගත්තා.. ටේහ්‍යොන්ග් වේගෙන කාර්යාල කාමරයේ දොර විවෘත කරන් එලියට එනකොට හුලගට අහු උන සීනුව ශබ්ද වෙන්න පටන් ගත්තා... වේගෙන් තරප්පු පෙල බැහැලා තමන්ගේ කබාය වගේම හිස්වැසුම අතට ගන්න ගමන් ටේහ්‍යොන්ග් කාර්යාලයෙන් එලියට එනකොට මුදුන් උන ඉර එලිය ඕනවටත් වැඩිය ටේහ්‍යොන්ගේ ඇස් වලට බාදා කරා.. ටේහ්‍යොන්ග් හිස් වැස්ම පැලදගන්න ගමන් වාහන නවත්තන ස්ථානයට ඇවිදගෙන එනකොට ටේහ්‍යොන්ග් බලාපොරොත්තු නොවුනු පුද්ගලයෙක් එතන රැදිලා හිටියේ ටේහ්‍යොන්ග් හෙමින් අඩිය තියලා එතනට ලන් වෙනකොට....
"අදුරගන්න ලැබීම සතුටක් මිස්ටර් කිම් එහෙනම් නැත්නම් යන්ග් මාස්ටර් කිම් කියන්නද..."
"ඔයාට කැමති විදියක් නම්ජූන්... ඒත් මම කැමතියි අලුතින් වෙන දේවල් හින්දා පරන දේවල් අමතක නොකරනවානම්..."
නම්ජූන් දික් කරපු දුම් වැටියක් අරන් දල්වගෙන තොල් අතරේ තියාගන්න ගමන් ටේහ්‍යොන්ග් නම්ජූන්ගේ වාහනේ ඉදිරි කොටසට හේත්තු උනා...
"විහිලුවක් ඒක.... ඉතින් මම අනුමාන කරා මිස්ටර් කිම්ව දැක්කම ඒ ටේහ්‍යොන්ගේ ඩෑඩ් වෙන්න ඕන කියලා..මුහුනුවර එක සමානයි..."
ටේහ්‍යොන්ග් ඒකට උත්තරක් නොදී තොල් අතරින් පිටවුන දුම් රැල්ල අහකට පිබලා දැම්මා...
"නම්ජූන් නීතිය සම්බන්ද දේවල් ගැන කතා කරනවද.. මම හිතුවේ මිස්ටර් ජෝන් මේ දේවල් කතා කරනවා කියලා... "
"මම ව්‍යාපාර ගැන වගේම නීතිය සම්බන්ධවත් ඉගන ගත්තා... හරියටම බැලුවොත් මම හැම දේකින්ම ටික ටික ඉගන ගත්තා... එකම දෙයක් ඇතුලේ කොටු වෙන එක හරිම කම්මැලි වැඩක්.. අප්පා නිතරම ඇතුලේ ඉන්නකොට පිටට යන එක මන් කැමැත්තෙන්ම භාරගත්තා... මම කැමතියි මේ නිදහස් ජීවිතේට..."
වගකීම් ගොඩාක් ඔලුවේ තියන් නිදහසේ කතා කරන නම්ජූන් දිහා ටේහ්‍යොන්ග් බලාගෙන හිටියේ යම්තාක් පුදුමෙකින්.. එක අතකින් ජන්කුක් අර තරම් හුරතල් වෙන එක පුදුමයක් නෙවෙයි... හැම ලොකු වගකීමක්ම නම්ජූන් මිස්ටර් ජෝන් අතරේ බෙදිලා යනකොට ජන්කුක් එයාගෙ සංගීතයක් එක්ක එකතු වෙලා...
ඔහ්... ජන්කුක්.. අනිවාරෙන්ම මේ වෙලාවේ කොලේජ් එකේ ඉන්න ඕනේ...
" ඒක එක අතකින් නිදහස්... මම ඩෑඩ්ගේ ව්‍යාපාර වලට වැඩිය මගේ වෛද්‍ය වෘත්තියට කැමතියි.... ඒක පිට පැනීමක් නෙවෙයි... මන් පොඩි කාලේ ඉදන්ම ඒකට කැමති උනා... ඒත් මට ඒ තරම් පහසුවෙන් මේ තැනට එන්න පුලුවන් උනේ නැහැ..."
ටේහ්‍යොන්ග් කාලෙකින් තමන්ගේ ජීවිතේ ගැන පිට කෙනෙක් එක්ක කතා කරනකොට නම්ජූන් සන්සුන්ව හිනා උනා...
"ඒක පැහැදිලියි , මිස්ටර් කිම් තමන්ගේ දේවල් ගැන සැලකිලිමත්..."
"මට නම්ජූන්ට අවවාදයක් දෙන්න පුලුවන්..."
ටේහ්‍යොන්ග් දුම් වැටියේ අලු ගසලා දාලා නම්ජූන් දිහා බැලුවා... නම්ජූන් ටේහ්‍යොන්ගේ මූන දිහා බලලා ඔලුව යන්තම් වැනුවා... හොදයි තමන්ට වඩා බාල කෙනෙක්ගෙන් උනත් අවවාදයක් හෝ කියන දෙයක් ගැන සැලකිලිමත් වෙන්න තරම් නම්ජූන් නිහතමානියි...
"ජෝන් පවුලට අයිති ඉඩම් විකුනන්න එපා... ඒවාගේ අයිතිය පවරන්න එපා... අවසානේ ලස්සන පැත්තක් විනාශ වෙන්න දෙන්න එපා..."
නම්ජූන් හයියෙන් හිනා උනා... කාර්යාලය පිටින් හිටපු ආරක්ශක නිලධාරියාත් හැරිල බැලුවා... ටේහ්‍යොන්ග් නම්ජූන්ගේ හිනාව ගනන් නොගෙන තමන්ගේ දුම් වැටියේ අවසාන ටිකත් උරලා බිමට දාලා සපත්තුවේ ඉදිරිපසින් පෑගුවා....
"මම හිතන්නේ ටේහ්‍යොන්ග්ට මම කැමති මේකයි... ඒත් කාරනාව තමන්ගේම ව්‍යාපාර බිදවැටෙන දේවල් ගනුදෙනුකාරයොත් එක්ක කතා කරන එක ඒ තරම්ම හොද දෙයක් නෙවෙයි... "
"හ්ම්.. නම්ජූන්ට පුලුවන් තමන් කැමති විදියට ඕනම දෙයක් විශ්වාස කරනා... මම කරන්නේ කල යුතුම දේවල්..."
"හොදයි.. මම ටේහ්‍යොන්ගේ අවවාද පිලිගන්නම්.. ඒත් ටේහ්‍යොන්ග් ඒ දේ කිව්වත් නැතත් මම මගේ ඉඩම් කිසිම කෙනෙක්ට විකුනන්නේ නෑ... විශේෂයෙන් ජෝන් පපා මහන්සියෙන් බේරගත්තු ඉඩම්.. ඒ දේවල් ලස්සන කරන්න අප්පා ගොඩාක් මහන්සි උනා...."
ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙන ගමන් නම්ජූන්ගේ වාහනය උඩින් වාඩි උනා...
"අදම නම්ජූන් යනවද..."
"යන්න ඕන... මට ජන්කුක්ගේ ප්‍රසංගයට සහභාගී වෙන්න උවමනා උනත් අදම ඉවර කරන්න ඕන වැඩ කීපයක් තියනවා..."
"ප්‍රසංගයක්..?"
ටේහ්‍යොන්ග් හිස් වැස්ම ගලවලා අතට ගන්න ගමන් සාක්කුවට අතක් දාගත්තා...
"ඔව්.. අද කොලේජ් එකේ අනුස්මරනයක් වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වනවා... ඒකට කනිශඨයොත් සහභාගී වෙනවා.... මම ප්‍රවේශ පත්‍රයක් වෙන් කලා... ටේහ්‍යොන්ගේ මනසට සැහැල්ලුවක් උවමනායි නම් මට පුලුවන් ඒක ටේහ්‍යොන්ග්ට දෙන්න.... "
අවසානයේ ටේහ්‍යොන්ග් වාහන අංගනයේ තමන්ගේ මෝටර් රථය තුල වාඩි වෙලා ප්‍රවේශ පත්‍රය කබායත් සමගම එහා පැත්තේ අසුන මතින් තැබුවා... වාහනය ගල් තැලුම් අතුරපු පාර දිගේ ඉදිරියට අරගෙන ගිහින් අවන්හලකින් ප්‍රමාද උන දවල් ආහරයක් ගත්තු ටේහ්‍යොන්ග් තමන්ගේ වෛද්‍ය විද්‍යාලයට යන්න පිටත් උනා...
ලොකු කාලයකින් මුන ගැහුන තමන්ගේ මිතුරන් කිහිප දෙනෙක් සමග බීර අවන්හලට වෙලා සතුටු සාමීචියේ යෙදුනු ටේහ්‍යොන්ග් හවස හය වෙනකොට මල් සාප්පුවකින් මිල දී ගත්තු කුඩා මල් පොකුරක් අතැතිව ප්‍රසිද්ධ ශ්රවනාගාරයට ප්‍රවේශ පත්‍රය පෙන්වලා ඇතුලු උනා...
නම්ජූන් වෙන් කරවගෙන තිබුනු මැද පෙල අසුනකින් අසුන් ගත්තු ටේහ්‍යොන්ග් ඉදිරි පැය තුනක පමන කාලය තුල තමන්ගේ හිතේ තිබුනු හැම දෙයකටම නිදහසේ පාවෙන්න ඉඩ දීලා සුන්දර සංගීත සන්ධ්වනියකට සහභාගී උනා... ජ්‍යෙෂ්ඨයන්, කනිශ්ඨයන් සමග සුසංයෝග උන, වයලීන, පියානෝ වැනි සංගීත භාන්ඩ වලින් නිකුත් උනු සුන්දර නාද රටා සමග මුලු ප්රේක්ශකාගාරයා අනුස්මරන උත්සවය වෙනුවෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා...
අවසානයේ රාත්‍රි නමයට පමන ශ්රවණාගාරයෙන් එලියට ආපු ටේහ්‍යොන්ග් ශ්‍රවණාගාර භූමියේ පසුපස ගේට්ටුව ගාව රැදිලා හිටියේ අතේ තියාගත්තු පුන්චි මල් පොකුරත් සමගමයි...
"දෙවියනේ මිස්ටර් කිම්... ඔ..ඔයා මේ ප්‍රසංගයට සහභාගී උනාද...."
"ඉතින් කොහොමද පුන්චි ජෝන්... ඔයා අද හොදට පියානෝව වාදනය කරා... මම හිතන්නේ එකිනෙකට සම්බන්ධ උන ස්වර රටා අතරේ ඔයාගේ පියානෝ හඩ මට පැහැදිලිවම ඇහුනා....."
ජන්කුක්ගේ රතු උනු කම්මුල් වීදි ලාම්පු වලින් විහිදුනු කහ පාට ආලෝකයෙන් පේනකොට ජන්කුක්ගේ අත් අතරේ ලස්සන පුන්චි මල් පොකුරක් රැදිලා තිබුනා.......
.
.
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
ටේහ්‍යොන්ග් කියන්නේ කෝම කෙනෙක්ද....🍂
කම්මැලි නම් කියන්න.. එක්කෙනෙක් වෙනුවෙන් හරි මට මේක ලියන්න ඕන.. මේ ටයිප් එකට මම ආසයි....🤎💫🌻
Comment කරන හැමෝටම ස්තූතියි...🥺🫶❤️
Thanks for reading ♥️
To be Continued....
2024/02/13
Bạn đang đọc truyện trên: AzTruyen.Top