|15|

"විනෝදාත්මක දේවල් සිද්ධ වෙන්නෙම අපි නොහිතන තැන් වල... ඒක එහෙම නෙවෙයිද මිස්ටර් කිම්..."

"ම්ම් ඒක එහෙම තමයි පුන්චි ජෝන්... මම හිතන්නේ පුන්චි ජෝන් දැන් පොත් කියවනවා ගොඩාක්..."

ටේහ්‍යොන්ග් අතේ තිබ්බ කෝප්පේ මේසේ උඩින් තිබ්බා... හොදයි මේ ජෝන් මන්දිරේ මධ්‍යහන... මේ වෙනකොට ජෝන් මන්දිරය හරිම කලබලයි... ඒ උනත් ටේහ්‍යොන්ග්ට පුලුවන් උනා මන්දිරේ වෙනමම කොටසකට වෙලා උනුසුම් තේ කෝප්පයක් පානය කරන්න...

අද නත්තල් දිවා භෝජනය තියනවා.. හැම වතාවෙම වගේ අදත් නත්තල් දවසේ දිවා භෝජනය ඉතාමත් ලොකුවට තියනවා, ඉහල පැලැන්ති වල සියලුම දෙනා ඒකට සහභාගී වෙනවා.. එතකොට මිස්ටර් කිම්ටත් ඒකට ආරාධනා ලැබුනා...

ඒක උනේ ඊයේ රාත්‍රියේ කිව්වාටත් වැඩිය අද පාන්දර කිව්වොත් නිවැරදියි... මොකද හැමෝම දේවස්තානේ ඉදන් ආයෙත් ජෝන් මන්දිරේට එන්න පාන්දර උනා... දොලහේ කනිසම පහු වෙලා පැයක් දෙකක් ගිය තැන හැමෝම ආවම ඒක පවුලේ සතුටු සාමීචියක් උනා... එදිනෙදා උන දේවල්, අවුරුද්ද පුරා සිදු උන මතක, සේවකයන් අතින් උන පුන්චි වැරදි, එකිනෙකාට උන හිනා උපදවන දේවල් කතා කරා, උනුසුම් කෝපි කෝප්ප තොල ගාමින් ජෝන් මහත්මිය මහන්සියෙන් හදපු නත්තල් කේක් රසවිදිමින්, ජන්කුක්ගේ උවමනාවටම විශේෂයෙන් පුලුස්සපු මිනිස්සු හැඩේ පේන උඩින් පැනි රස අතුරපු විස්කෝතු මේ කතාවට ඇදිලා ආවා... එතන ගොඩාක් දුරට ජන්කුක්ට උනේ එයාගේ විස්කෝතු පිගානට වග කියන එකයි එයාගේ කිරි වීදුරුව බොන එකයි තමයි...

මොකද ලොකු අයගේ කතාබහ මැදට ජන්කුක්ව ඇදිලා ආවේ ඉතාමත් සුලු වශයෙන්.. ජන්කුක් ඒකට හැමෝමත් එක්ක අමනාප වීගෙන ආවත් ඒක මොහොතකින් නැති උනා, මොකද ටේහ්‍යොන්ග්ට ඕන උනා ජන්කුක් කොලේජ් එකේදි ඉගන ගත්තු ලස්සන සංගීතයකට සවන් දෙන්න.... අවසානෙදි ජන්කුක් විසිත්ත කාමරේම ජෝන් මහත්මයාම ගෙනත් දීපු පියෝනාවෙන් නත්තල් ගීත කිහිපයක්ම වාදනය කරනකොට නම්ජූන් බර කටහඩින් ඒ සින්දුව ගායන කරේ ජෝන් මහත්මියත් මහත්මයාත් ඒකට අත්පුඩි ගහනකොට.. ටේහ්‍යොන්ග්ට හරි පුදුම හිතුනා ප්‍රදේශයේම ධනවත් ව්‍යාපාරිකයෙක් , කර්මාත්ශාලා හිමියෙක් වෙන ජෝන් මහත්මයාගේ පවුල මේ තරම් නිදහසේ නත්තල සමරන එක ගැන... එක අතකින් ටේහ්‍යොන්ග්ට තමන් ගැන වරදකාරී හැගීමක් දැනුනා, නිවසෙන් ආපු එකම එක ලියුමකටවත් පිලිතුරු නොදී තමන් නත්තලට පිටම ඉන්න තීරනය කරපු එක ගැන.. ඒත් ඒක ඒ තරම් දෙයක් නෙවෙයි වගේ දැනුනේ මේ සතුටු පිරුනු හමුවීමත් එක්කයි...

මුලු විසිත්ත කාමරය පුරාම කහ පාට විදුලු පහන් දල්වලා, ලොකුවට දැල්වුන ගිනි උදුන , පොලවට දාපු ඝනකම් බුමුතුරුන එලියේ කොයි තරම් ලොකු හිම පතනයක් තිබ්බත් සීතල ගෙනල්ලා දුන්නේ නෑ, ටේහ්‍යොන්ග් ඉදගෙන හිටියේ ගිනි උදුන ලගම තිබුනු ලොකු උනුසුම් පුටුවේ, එතනට විසිත්ත කාමරේ කොනේ තිබුනු පියානෝව, ඒක වාදනය කරන ජන්කුක්, ඒ වගේම ඊට උඩින් තිබුනු හතරට බෙදපු වීදුරු කවුලුවෙන් පිට වෙන හිම පතනය ගොඩාක් ලස්සනට පෙනුනා...

හිම වැටෙන ලස්සන සුන්දරත්වය දකින්න අපි උනුසුමේ සීතල විදින්න ඕන, අදුරේ සුදු හිම දකින්න ඕන, කහ පාට එලිය තුල දිලිසුනු සුවපහසු උනුසුම් බව විදින්න ඕන, කාලෙකට පස්සේ එහෙම උනුසුම් හැගීමක් දැනෙනකොට ටේහ්‍යොන්ගේ හිස මත තියන බර ගතිය පහ වෙලා යනවා වගේ දැනුනා.. ජන්කුක්ගේ ඇගිලි තුඩු පියානෝව මත රිද්මයකට යනකොට , නත්තල් සීනු වල ශබ්දය ආපසු ඇසෙන තත්වයට පත් කලා... ඒ මොහොතට ඇත්තෙන්ම ජන්කුක්ගේ මිහිරි සංගීතය, ගැඹුරු හඩින් උනු නම්ජූන්ගේ ගායනය වගේම ඒ හැමෝගෙම මුහුනු වල දීප්තිමත් හිනාව සාමකාමී සතුට පිරුනු ලස්සන තැනක් කරා...

ඒ විදියට ඉවර උනු නත්තල් කතා බහත් එක්ක නින්දට ගිහින් ටේහ්‍යොන්ග් උදෙන්ම ජෝන් මන්දිරෙන් පිටත් උනේ හැමෝමත් එක්ක උදේ ආහාරයටත් එකතු උනාට පස්සෙයි... ඒත් කලින් සිද්ධ කරපු ආරාධනයට අනුව නැවතත් මධ්‍යහනේ එන පොරොන්දුව පිට.. නත්තල් දවස කියලා නැහැ අසනීප උන කිහිප දෙනෙක් ඉන්න පුලුවන් කියලා ටේහ්‍යොන්ග් විශ්වාස කරා... ටේහ්‍යොන්ග් ගිහින් වෛද්‍ය මධ්‍යස්තානේ විවෘත කරාම රෝගීන් කිහිප දෙනෙක්ම ආවේ ටේහ්‍යොන්ග්ව බලාපොරොත්තුවෙන් ඉදලයි.. අධික සීතල නිසා, සෙම්ප්‍රතිශ්‍යාව, උන ගතිය වගේ රෝගත්, අත් වල ඇති උන තුවාල කිහිපයක් සදහා බෙහෙතුන් දෙමින් ටේහ්‍යොන්ග් උදේ වරුවේ කාලය ගත කරා... ජන්කුක්ටත් ටේහ්‍යොන්ග් එක්ක එන්න උවමනා උනේ ටේහ්‍යොන්ගෙන් වෛද්‍ය මධ්‍යස්තානය විවෘත කරනවා කියලා දැනගෙනයි.. ඒත් ජන්කුක්ට තිබ්බ එන අමුත්තන්ව පිලිගන්න, ඒ වගේම උදේම රසවත් ආහාර හදන මුලුතැන්ගෙයි සංචාරය කරන්න, ඉතින් ජන්කුක්ට නවතින්නම සිද්ධ උනා...

උදේ වැඩ ඉවර කරලා දවල් වෙලාව පහු වෙනකොට ටේහ්‍යොන්ග් ඇදුම් මාරු කරන් , නගරයේ විවෘත කරපු වෙලදසැලකින් ලොකු තෑග්ගකුත් අරන් ජෝන් මන්දිරයට පිටත් උනා... පාරවල් වල හිම පිරිලා තිබුනු නිසා ටේහ්‍යොන්ග් වාහනය ගරාජ් එකෙන් එලියට ගත්තේ නෑ, ලොකු හිම සපත්තු දෙකක් දාගෙන ටේහ්‍යොන්ග් ජෝන් මන්දිරේට එනකොටත් ජන්කුක් ජෝන් මන්දිරේ ඉස්සරහා ඉදන් එන අමුත්තන්ව පිලිගන්න ජෝන් මහත්මයක් එක්ක එකතු වෙලා.. ඒත් පොඩි වෙලාවකට විතරයි ටේහ්‍යොන්ග් ආපු ගමන්ම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක ඇතුලට ගියේ මිස්ටර් ජෝන් ජන්කුක් උඩ පැන පැන යන දිහා රවලා බලද්දි..

විසිත්ත කාමරය පුරාම නගරයේ ඉහලා පැලැන්ති වල අය කීප දෙනෙක්ම පයිප්ප උරන ගමන් කතා කර කර හිටියා... ජන්කුක් ටේහ්‍යොන්ග් එක්කගෙන ජෝන් මන්දිරේ බටහිර කොටසට ආවේ ටේහ්‍යොන්ග් ජන්කුක් පස්සෙන්ම එද්දි... බලන්න වටින තැනක් ජෝන් මන්දිරය, ජන්කුක්ටත් වඩා වයස ජෝන් මන්දිරය ඇත්තටම සිත්ගන්න සුලුයි...

මේ වෙලාවේ ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඉදන් හිටියේ සම්පූර්නයෙන්ම හිම අතරින් ආලෝකය ගලාගෙන ආව ස්තානයක.. හරියටම ජෝන් මන්දිරේ බටහිර කොටස විහිදිලා තිබුනේ උද්‍යානයට, උද්‍යානේ මේ කොටසට ගිය වගක් ටේහ්‍යොගේ මතකේ තිබුනේ නැහැ, නමුත් මේ වෙනකොට උද්‍යානෙට ඇරුනු දොරටු සියල්ලක්ම වැහිලා ගිහින් මොකද මන්දිරේ ඇතුලට සීතල එන එක වලක්වන්න... මන්දිරෙන් එලියට නෙරන්න හදලා තිබුනු කොටස ලොකු ගල් කනු වලට අමතරව ඝනකම් වීදුරු වලින් ආවරනය වෙලා තිබුනේ... තාමත් උද්‍යානයේ බිම ඉදන් මේ වහලය දක්වාම උඩට ඇදුනු මල් වැල් හිම අතරේ උනත් දකින්න පුලුවන් උනා... ආයෙත් මල් පිපෙන කාලයක මේ පැත්ත බලන්න තරම් සුන්දර බවක් ටේහ්‍යොන්ග්ට පෙනුනා...

"මිස්ටර් කිම් හැම වෙලාවෙම කල්පනා කරනවා... අප්පා කියනවා වගේ මම මිස්ටර් කිම්ට කරදර කරනවද..."

ජන්කුක් ටෙහ්‍යොන්ග් අත් තියන් හිටපු මේසෙ මතට බර වෙන ගමන් ඇහුවේ ටේහ්‍යොන්ග් එලිය බලන් ඉදලා ජන්කුක්ගේ පැත්තට ඇස් යොමු කරද්දි... එතන සම්පූරනයෙන්ම සුදු ආලේප කරපු රටා ගිය මේසයක් වගේම පුටු තියලා තිබුනා.. ඒ මත දුම් දාන තේ බන්දේසියක් තිබ්බේ මීට ටික වෙලාවකට කලින් ටේහ්‍යොන්ගේ අතට දුන්න තේ කෝප්පෙන් තාමත් දුං දානකොට...

"මම කල්පනා කරේ මෙතන ලස්සන ගැන.. මෙහෙ මම නොදැක්ක ගොඩාක් දේවල් තියන්වා.. විශේශම දේ මුලින් දැක්කට වැඩිය පහු වෙලා ලස්සන පේන්න පටන් ගන්න එක..."

ජන්කුක් තොල් දෙක එකට තද කරගත්තා, මිස්ටර් කිම් කතා කරන්නේ වචන දෙක තුනත් උනත් ඒ වචන දෙක තුන ඕනවටත් වැඩිය දේවල් වලින් පිරිලා තිබ්බා...

"මෙහෙ ගොඩාක් ලස්සනයි තමයි මිස්ටර් කිම්..මිස්ටර් කිම් මාව විශ්වාස කරනවද මමවත් මේ මදිරේ හැම තැනම හරියටම බලල නෑ... මිස්ටර් කිම් හිතනවද මෙහෙ රහස් කාමර ඇතියි කියලා..."

අන්තිම ටික මේසේ උඩින් ටේහ්‍යොන්ග් දිහාවට බර වෙලා රහසින් ඇහුවම ටේහ්‍යොන්ග් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා... ජන්කුක් රවාගෙනම අත් දෙක බැද පුටුවෙන් වාඩි උනා... ඇයි ඒ මිස්ටර් කිම් හිනාවෙන්නේ... මිස්ටර් කිම් දන්න දෙයක් නෑ...

"මම කිව්වේ.. ඇත්තට ජන්කුක් පොඩි ලමයෙක් තමයි... "

"එහෙම නෙවෙයි.. ඒත් මිස්ටර් කිම් දන්නවද අපේ අප්පාගේ අප්පා ඒ කියන්නේ ජෝන් පපා තමයි මේ මන්දිරේ දියුනු කරලා තියෙන්නේ, ඒත් මේක හදන්න පටන් අරන් තියෙන්නේ ජෝන් පපාගෙත් අප්පා... ඒ කාලේ යුද්ධෙත් එක්ක ගොඩාක් කලබල සිද්ධ උනාලු , පරම්පාරාවෙන් ලැබුනු දේවල් උනත් මේ මන්දිරය, අප්පගේ කර්මාන්තශාලා ව්‍යාපාර ඒ හැමදේම පොඩිම තැන ඉදන් පටන් ගත්තු දේවල්... මෙහෙට ගොඩාක් තර්ජන තිබිලා තියනවා.. මේ බිම් හැම එකක්ම සරුසාරයි, අඩුම අපේ ගොවිපල තිබ්බ බිම් අගල ඔක්කොම ඒ කාලේ ඉදන් අල්ලගන්න ගොඩාක් ප්‍රශ්න තිබිලා තියනවා, ඒ කාලේ ජෝන් පපා ගොඩාක් පොඩි කාලේ එයාගේ මමා එක්ක හැන්ගිලා ඉදලා තියනවලු, ඉතින් මිස්ටර් කිම් තාමත් කියන්නේ මෙහෙ රහස් කාමර නැහැයි කියලද...."

ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් අත් පය එහෙ මෙහෙ කරලා කියන දේවල් දිහා ටේහ්‍යොන්ග් හරි ආසාවෙන් බලාගෙන හිටියා...

"ම්ම්.. පුන්චි ජෝන් කියනවා නම් එහෙම වෙන්න ඇති..."

"එහෙම වෙන්න ඇති නෙවෙයි.. එහෙම තමයි...කියන්න එහෙම තියනවා කියලා විශ්වාසයි කියලා...!!"

ජන්කුක් කම්මුල් දෙක පිම්බුවාම ටේහ්‍යොන්ග් එලියට එන්න ගිය හිනාව නතර කරගත්තා.. එදා මුහුදට පැනලා එතනින් වතුර දෙබෑ වෙයි කියලා හිතපු ලමයනේ මේ..

"ම්ම්.. මන් පුන්චි ජෝන්ව විශ්වාස කරන්නම්.. දවසක රහස් කාමරයක් හොයාගත්තොත් මටත් කියන්න..."

"අනිවාරෙන්.. මේක මගෙයි මිස්ටර් කිම්ගෙයි රහසක්... මිනීටත් කියනවද කියලා මම හිතලා බලන්න ඕන..."

ටේහ්‍යොන්ග් හිනා වෙලා පුටුවෙන් නැගිටලා බරපතල මූනත් හදන් කල්පනා කරන ජන්කුක්ගේ කොන්ඩේ චුට්ටක් ඇවිස්සුවා..

"ඒත් අපි දැන් සංග්‍රහයට යන්න ඕන..ම්ම්.. එහෙම නැති උනොත් මිස්ටර් ජෝන්ගේ කේන්තිය නිවන එක ලේසි නැති වෙයි..."

අන්තිමට ටේහ්‍යොන්ග්ට උනේ මිස්ටර් ජෝන්ගේ මූන මතක් වෙලා දුවගෙන යන ජන්කුක්ගේ පස්සෙන් කබා සාක්කු දෙකට අත් දෙකත් දාන් ඉක්මනට ඇවිදින්න...මොකද මෙතන ජන්කුක් වේගෙන් හැරි හැරි දුවනකොට ටේහ්‍යොන්ග්ට කොහෙත්ම ඕන උනේ නෑ අතරමං වෙන්න...

දවල් භෝජන සංග්‍රහය ගොඩාක් ප්‍රනීත උනා.... විශේෂයෙන්ම ටේහ්‍යොන්ග්ට අදුරගන්න නොලැබුනු ගොඩාක් අයව අදුරගන්න අවස්තාව හම්බුනා වගේම , වැදගත් දේවල් කතාබහ කරන්න ලැබුනා...ඒ විදියට ටේහ්‍යොන්ගේ නිවසින් දුර සතුටුදායක නත්තල අවසන් උනා.... ජෝන් පවුලට ස්තූති කිරීමකින් පස්සේ ටේහ්‍යොන්ග් පිටවෙලා ගියේ ජන්කුක්ට ආයෙත් කොලේජ් එකට යන්න දින ලන් කරලා.....

.




.

"මිනී... ඔයාගේ හැඩතල තව ලස්සන වෙලා... "

"ඔයාගෙත් කුක්.. බලන්න, ඔයා දැන් කතා කරන් විදියත් වෙනස්..."

කොලේජ් ගිහින් ආවට පස්සේ ජිමින්ගේ නර්තන හැකියාව තව වැඩි වෙලා තිබ්බා..ජිමින්ට නිතරම ඕන උනේ බැලේ නර්තන ශිල්පියෙක් වෙන්න.. ඒත් ඒකට මුලින් ඉඩක් ලැබුනේ නෑ.. හරියට ජන්කුක්ට සංගීතය ඉගන ගන්න මුලින් අකමැත්තක් එල්ල උනා වගේ...

"ජිමී ආරිස්... මගේ කැමතිම බැලේ නර්තන ශිල්පියා, කොලේජ් එකේ පලවෙනි රාත්‍රී ප්‍රසංගය තිබ්බ දවසේ එයා ඒකට ඇවිත් හිටියා, ඔයා විශ්වාස කරනවද කුක් පත්තර ඡ්යාරූප වල තරම්ම ඔහු ලස්සනයි.... "

"හොදයි, අඩුම ඔයාට එයාව ලගින් දකින්න ලැබුනා... මෙහෙ ලෝකෙට සම්පූරනයෙන්ම වෙනස් ලෝකයක් එහෙ තියෙන්නේ...."

"ම්ම්.. අපි නිදහසේ හිටපු ජීවිතේ නැහැ.. ඒත් ආස දෙයක් තාමත් ඉතුරු උන එක සැනසීමක්... මම හිතන් ඉන්නේ කොලේජ් එකට අමතරව පන්ති වලට සහභාගී වෙන්න, දවල් එක වෙනකොට අපේ ඉගැන්වීම් අවසන් වෙනවා ගොඩාක් දවස් වලට, මගේ නේවාසිකාගාරේ ඉදන් නර්තන ශාලා වලට ඒ තරම් දුර නෑ..."

"හ්ම්... මට අමතර පන්ති ඕන වෙන්නෙ නෑ, ඉගැන්වීම් අවසන් උනත් වැඩිමල් ශිෂ්‍ය්යෝ හවස් වෙනකන් කොලේජ් එකේ ඉන්නවා... අපිට ඕනම දෙයක් එයාලගෙන් අහගන්න පුලුවන්, ඔයා දන්නවද වෛද්‍ය ව්ද්‍යාලේ තියෙන්නෙත් අපේ කොලේජ් එක ගාවමයි... අපේ ප්‍රසංග වල ප්‍රවේශ පත ගොඩක්ම වෙන් කරවගන්නේ වෛද්‍ය ශිෂ්‍යයෝ.. එයාලගේ මනස සැහැල්ලු කරගන්න කියලයි එයාලනම් කියන්නේ..."

ජන්කුක් තමන්ගේ හිම පියලි රටාවක් ගිය අත් මේස් අස්සේන් ඇගිලි එකට තෙරපගත්තා... ලොකු හිම සපත්තු වල දාරේ වටේ රැදුනු හිම ගසලා දැම්ම ජන්කුක් ජිමින්ගේ අතින් ඇදන් පාලම මාරු උනා...

"මේ පොත් මාරු කරාට පස්සේ අපි රෙදි සාප්පුවට යන්..."

"ඒ මොකටද.."

ජිමින් ඇහුවේ පුස්තකාලයට ඇතුල් වෙන ගමන්.. ඊට පස්සේ දෙන්නම නිහඩව පොත් මාරු කරන් අලුත් පොත් අරන් පුස්තකාලෙන් එලියට ආවා...

"මට දෙයක් ගන්න තියනවා... "

"යමු.... බර්නාඩ් අන්කල්ව ගොඩාක් දවසකින් දැක්කේ නෑ..."

'ආහ්.. මේ අපේ ජන්කුක් ජිමින් දෙන්නනේ... ගොඩාක් දවසකින්...සුබ සන්ධ්‍යාවක්..."

"සුබ සන්ධ්‍යාවක් අන්කල්... ඒ වගේම සුභ නත්තලක්...අපි දෙන්නම කොලේජ් ගියානේ..."

"සුබ නත්තලක් දෙන්නටම...අහ්,, ඒනම් දෙන්නම දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්.. ඒක හොදයි.. ඒත් මන් කල්පනා කරා දෙන්නම දැක්කේ නැත්තේ ඇයි කියලා..."

"අන්කල් මට අත්වැසුම් බලන්න ඕන... "

ජන්කුක් පිට කබාය ගලවලා ලී කොක්කේ එල්ලන ගමන් ඇතුලට අඩිය තියනකොට ජිමින් වීදුරු වලින් එලියට ප්‍රදර්ශනය කරලා තියන පටි ගැට ගහන ලා ක්‍රීම් පාට බැලේ සපත්තු කුට්ටම ලගට ලන් උනා...

"මේ පැත්තෙන් එන්න ජන්කුක්.. මොන ප්‍රමානෙද ඕනේ.. මේ වතාවේ නත්තලට අලුතින්ම මම නගරෙන් ගෙනාපු අත්වැසුම් තියනවා... "

"ම්ම්.. මට ඕනේ මගේ අතට වඩා විශාල එකක්.. ම්ම් හරියට අන්කල්ගේ අත වගේ නැහැ අන්කල්ගේ අතේ ඇගිලි වලට වඩා ඒ ඇගිලි දිගයි හීනියි, ඔයිට වඩා අල්ල ලොකුයි...."

ජන්කුක් එයාගේ අත දිහා බලලා බර්නාඩ් අනකල්ගේ අත විශ්ලේෂනය කරනකොට ලී රාක්ක අතරේ අත අරන් ගිහින් ඉටි කවර වල දාපු ලොකු අත් වැසුම් පොදියක් ලී කවුන්ටරේ උඩින් තිබ්බා...

"මේ තියෙන්නේ ලොකුම ප්‍රමානේ අත්වැසුම් ජන්කුක්... මේ හැම එකක්ම සනීපයි, "

ගෙත්තම් කරපු අත් වැසුම් යුගල් ජන්කුක් ඉස්සරහින් තියන ගමන් බර්නාඩ් අනකල් කියනකොට ජන්කුක් තමන්ගේ ලස්සන හිම පියලි රටාවක් ගිය අත් වැසුම් දිහා බැලුවා...

"මේ තරම් අපහසු නැති, වැදගත් පෙනුමක් තියන, සාමාන්‍ය වැඩක් කරනකොටත් අත් දෙකේ දාන් ඉන්න පුලුවන් තරම් අත්වැසුම් මොනවද අන්කල්... "

"ම්ම්... මම නගරෙන් ගෙනාපු අත්වැසුම් තියනවා.. මේවා හම් වලින් ඇතුල සනීප රෙදි වලින් , මේ හම් ඔප දාලා තියන හින්දා ඇතුලට සීතල කාන්දු වෙන්නේ නෑ, අතේ ප්‍රමානෙටම තියන හින්දා ඕන වැඩක් කරන්න පහසුයි.. ඒත් මිලෙන් වැඩියි..."

එකිනෙකට වෙනස් අත්වැසුම් කුට්ටම් ගොඩාක් ආයෙත් දිගාරින ගමන් අන්කල් කියනකොට ජන්කුක් ඇගිලි තුඩු වලින් ඉස්සිලා කවුටරේට බර වෙලා දෙපැත්තට පැද්දෙන ගමන් අත්වැසුම් දිහා බැලුවා...

එකක් ලා දුඹුරු පාට, අනික සාමාන්‍ය ගුරු පාට, අනික තද දුඹුරු පාටන්, සිල්වර් පාටින් මැනික් කරටුවට උඩින් පුන්චි ගාන්චුවක් එක්ක බූල් තියන ඒක දැක්ක පමනින්ම ජන්කුක්ගේ හිත ගත්තා.. තමන්ගේ මනසේ රැදුනු අත් ඔස්සේ ඒක සංසන්දනය කරපු ජන්කුක් ඒ තද දුඹුරු පාට අත්වැසුම් අතට අරන් හරවලා බැලුවා..

"මිල ගැටලුවක් නෑ අන්කල්.... මට මේක ඕන... අන්කල්ට පුලුවන්ද මේක සුදු පාට තැගි කොලේකින් ඔතලා රතු පාට පීත්ත පටියකින් ගැටගහන්න..මොකද මේක නත්තල් තෑග්ගක්...."

"ම්ම්... මම හිතන්නේ නම්ජූන් මහත්මයාට වෙන්න ඇති..."

බර්නාඩ් අනකල් ජන්කුක් කියපු විදියට ලස්සනට ඒක ඔතලා රතු පාට පීත්ත පටියකින් ගැටගහලා ජන්කුක්ගේ අතට දෙන ගමන් කියනකොට ජන්කුක් හිනා වෙලා එයාගේ සාක්කුවෙන් ගත්තු මුදල් නෝට්ටු වගයක් කවුන්ටරේ මතින් තිබ්බා...

"ඒක වෙන කෙනෙක්ට අන්කල්... මන් යනවා එහෙනම්..ආයෙත් දවසක මුනගැහෙමු...."

මේ වෙනකොටත් ලොකු පාර්සලයක් අතින් අරන් දොරෙන් එලියේ ඉන්න ජිමින් ගාවට යනගමන් ජන්කුක් කබාය ඇදගෙන අන්කල්ට අත වැනුවා...

"ඔයා මොනවද ගත්තේ මිනී..."

"විශේෂ දෙයක්...එතකොට කුක්...?"

"මාත් විශේෂ දෙයක්..."

ජන්කුක් ජිමින් දිහා බලන් පොත් දෙකට උඩින් සුදු පාට පාර්සලේ තුරුල් කරගත්තම ජිමින් එයාගේ අතේ රතු පාටින් ඔතපු පාර්සලේ වගේම නිකන් දුඹුරු පාටින් ඔතපු පාර්සලේ දෙකම එකට අල්ල ගත්තා..

"හොදයි... මට අනුමාන කරන්න දෙන්න... ඔයත් අනුමාන කරන්න..."

ජිමින් එහෙම කිව්වේ ජන්කුක් කීයටවත් එයා ගත්තු දේ දැක්කේ නෑ කියලා හිතන ගමන්..

"ඔයාට බෑ මට බොරු කරන්න මිනී.. මම දැක්කා හිස් වැසුම් රදවනයේ තිබ්බ තද දුඹුරු පාට රවුම් හිස්වැස්ම ඔයා කවුන්ටර් එක උඩින් තියනවා.. හැබැයි අනිත් එක නම් මම අනුමාන කරන්න ඕන..."

"ඔයා හරි ඒත ඔයා ඇයි අත්වැසුම් ගත්තේ... නම්ජූන් හ්‍යුන්ග්ට නෙවෙයිද..."

"ඔයාට පුලුවන්නේ මිනී මේ ටික තනියම යන්න.. මට මිස්ටර් කිම්ව මුනගැහෙන්න ඕන.. මේ වෙලාව මිස්ටර් කිම් කාර්‍යබහුල වෙලාවක්..."

ජන්කුක් ටේහ්‍යොන්ගේ මන්දිරේ පේන මානෙට එනකොට කිව්වේ ජිමින් ඇස් දෙක ලොකු කරන් ජන්කුක් දිහා බලනකොට..

"ඔයා ඔය ඇත්තටමද කියන්නෙ කුක්... මිස්ටර් කිම් මේ වෙලාවේ කාර්‍යබහුලනම් හොදම දේ ඔයා නොගිහින් ඉන්න එක..."

"එහෙම නෙවෙයි.. මම යන්න ඕන... කෝ.. ඉක්මනට... හෙට මුනගැහෙමු... පරිස්සමින් යන්න..."

ජිමින්ව පාර දිගේම යවන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ගේ මන්දිරේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට ගියා... රෝගීන්ගේ දොරටුව තවමත් විවෘතයි... ජන්කුක් වෛද්‍ය මධ්‍යස්තානෙට නොගිහින් ටේහ්‍යොන්ගේ අගුලු නොදමාපු මන්දිරේ දොර ඇරන් ඇතුලට ගියා... අතේ තිබ්බ පාර්සලය සෝෆාව උඩින් තියලා නිවිලා ගිය ගිනි උදුන අගුරු අවුස්සලා අලුත් ලී දාලා දල්වලා , කුස්සිය පැත්තට ඇවිදගෙන ගියා.... ගෑස් උදුන මතින් සීතල වතුර පුරවපු කේතලේ තිබ්බ ජන්කුක් උදේ ගෙනත් දාලා තිබුනු පාන් කූඩේ අරන් මේසේ දිගේ දිගෑරියා... නත්තල පහු වෙලා දවස් ගෙවිලා... ටේහ්‍යොන්ග් ආයෙත් කාර්‍යබහුලයි... අද එන්න විශේෂම හේතුව වෙන දෙයක්...

ජන්කුක් අනිත් ගෑස් උදුන මත පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට කුට්ටි ගැහුන බටර් පෙති කීපයක් කපලා දාලා ඒක දිය වෙනකොට ඒ මතින් හීනි පෙති කපපු පාත් තිබ්බා.. දෙපැත්තම තෙල් පේන්න ලා දුඹුරු පාටට කර උනාට පස්සේ බටර් ටිකක් තවරලා දුබුරු පාට ලොකු ඇට සීනි කැට ඉහලා පිගානකින් වැහුවා.. වහලා කිරි උනු කරලා කෝපිත් එක්ක මිශ්‍ර කරලා කෝප්ප දෙකකට හදපු ජන්කුක් ඒ ඔක්කොමත් අරන් ඉස්සරහා ගිනි උදුන ගාව පොඩි මේසයට අරන් ගියා... කනුවට හේත්තු කරපු ලොකු ඔරලෝසුවේ වෙලාව දිහා බලපු ජන්කුක් සෝෆා එක උඩ තිබ්බ පාර්සලේ අර පාන් පිගාන , ඒ වගේම ලොකු කිරි කෝපි කෝප්ප දෙකත් එක්කම් එහා පැත්තෙන් තිබ්බා...

හවස හය වෙලාවට බට්ටා නාද වෙනකොටම ඉස්සරහා දොරේ අගුර කරකැවිලා ටේහ්‍යොන්ග් ඇතුලට ආවා.. ඒත් ඒ වෙහෙස පිරිලා තිබ්බ මූන පුදුමයෙන් පිරිලා ගියා... දවසම මහන්සි වෙලා ටේහ්‍යොන්ග් ආයෙත් මන්දිරේට ආවේ සීතල උන තැනක් බලාගෙන උනත් දොර විවෘත කරනකොටම ටේහ්‍යොන්ගේ නාස් පුඩු වලට ආවේ ගානට කර උන පාන් වල සුවද, ඒ වගේම කෝපි උනු උන සුවද, උනුසුම් ගිනි උදුනේ දර එකට චිරි චිරි ගාලා පිච්චෙනකොට ඇහෙන ශබ්දය , තවත් විදියකට කියනවානම් මහන්සි උන මනසට ලස්සනම වාතාවරනයක් පිරුනු තැනක්..

"සුබ සන්ධ්‍යාවක් මිස්ටර් කිම්... මම නොකියම ඇතුලට ආවට සමාවෙන්න..."

ටේහ්‍යොන්ග් දොර වහලා ගිනි උදුනත් පොඩි මේසයත් අතර හිනා වෙලා හිටන් ඉන්න ජන්කුක් ගාවට ඇවිදන් ආවා.. ඒත් ටේහ්‍යොන්ගේ ඇස් තිබුනේ ජන්කුක්ගේ බෙල්ල ගාව... ජන්කුක්ගේ බෙල්ල වටේ එතුන ලොකු තද දුඹුරු පාට මෆ්ලරය දිහාවට...

"ඔයාට ඒක හම්බෙලා..."

"හොදයි.. මිස්ටර් කිම් ඒක මට කෙලින්ම නොදීපු එකට මන් තරහයි..."

ටේහ්‍යොන්ගේ කට කොනේ ලස්සන හිනාවක් ගියා...

"මිස්ටර් කිම්ට මගෙන් නත්තල් තෑග්ගක්.. සමාවෙන්න ඒක ප්‍රමාද උන නත්තල් තෑග්ගක්..."

ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් හිනා වෙලා පාර්සලේ තිබ්බම ටේහ්‍යොන්ගේ මූන පුදුමෙන් පිරුනා...

ටේහ්‍යොන්ග් ඒක පීත්ත පටින් පරිස්සමට ගලවලා පැත්තකින් තියන ගමන් පාර්සලය ලෙහුවා...

"අත්වැසුම්....!"

ටේහ්‍යොන්ගේ පුදුමයට පත් උන කටහඩ වගේම ඇස් දෙකත් ජන්කුක්ගේ පැත්තට යොමු උනාම මේ වෙනකොටත් අත් වැසුම් නැතුව සීතල වෙලා තිබ්බ ටේහ්‍යොන්ගේ ලොකු අල්ල ජන්කුක් අල්ල ගත්තා...

"ආයෙත් මිස්ටර් කිම්ට පුලුවන් ලියන වෙලාවට විතරක් මේක ගලවන්න.. එතකොට මේ අත් මේ තරම් තදට සීතල වෙන එකක් නැති වේවි...."

ජන්කුක් එහෙම කියලා ටේහ්‍යොන්ග් දිහා බැලුවේ තමන් ලගම ඉන්න ටේහ්‍යොන්ග් ගාවින් ආපු දාඩිය මුසු උන පිරිමි විලවුන් සුවදට මූන රතුකරගන්න ගමන්...

ටේහ්‍යොන්ග් අර තද දුඹුරු පාට වටින පෙනුමක් තිබ්බ අත් වැසුම් දෙක අත් දෙක දාලා අත් දෙක දික් කරා.. ඒක හීනි දිග ඇගිලි තිබ්බ ටේහ්‍යොන්ගේ අතට වැදගත් ලස්සන පෙනුමක් ගෙනල්ල තිබ්බා...

" සීත කාලෙදි වෙන අත් සීතල වීමක් වගේ සාමාන්‍ය දෙයක් ගැනත් සැලකිලිමත් උනාට ස්තූතියි පුන්චි ජෝන්..."

ටේහ්‍යොන්ගේ ගැඹුරු කටහඩ, ගිනි උදුනටත් අමතරව ටේහ්‍යොන්ග් ගාවින් ගලන් ආපු සුවද පිරුනු උනුසුම ,ජන්කුක්ගේ නිකට යටින් රැඳුණු ටේහ්‍යොන්ගේ නිරුවත් දිග ඇගිලි තුඩු,

හොදයි, තමන්ගේ කොලේජ් එකේ වියදම් මුදල් වලින් භාගයක්ම වියදම් කරත් ජන්කුක්ට කිසිම විදියක පසුතැවීමක් දැනුනේ නෑ...

හරියට මේ වෙලාවේ ජන්කුක් සූදානම් කරපු පාන් කෝපි රස බලන් ගමන් ඉන්න ටේහ්‍යොන්ගේ මූනේ ඇදුනු හිනාව බැල්ම, ඒ ගාවින්ම ඉදන් ඉන්න ජන්කුක්ගේ හිත අමුතු තාලෙකට පුරවනවා වගේ.......

.







.







.







.







.






.

********************

____________________________Dark_Sunshiner 🤍🥀

The muffler...🧣🧤✨

සීතලට අත් හිරි වැටෙන එක ගැන වගේ පුන්චි කරුනු ගැන සැලකිලිමත් වෙන්න තරම්...!♥️🍂

Thanks for reading ♥️

To be Continued...

2024/02/12

Bạn đang đọc truyện trên: AzTruyen.Top