|09|
දැනුනු අමුතු කෝල බව නිසාම ජන්කුක් තමන්ගේ රතු උනු කම්මුල් අවානෙන් වහ ගත්තේ ඇස් දෙකෙන් ටේහ්‍යොන්ග් දිහා බලන ගමනුයි... ටේහ්‍යොන්ගේ ආමන්ත්‍රන එක එක දවසට වෙනස් වෙනකොට රතු රෝස පොහොට්ටු ජන්කුක්ව ඒ වගේම ලැජ්ජාවෙන් රතු කරන්න සමත් වෙලා තිබුනා...
"ම්..මිස්ටර් කිම්..."
"ම්ම්.. නිවාඩුද..."
"ඔව්... නත්තල් නිසා නිවාඩු ලැබුනා..."
ජන්කුක් දොර ගාවම හිටන් හෙමින් කියනකොට ටේහ්‍යොන්ග් සීතල හුලන් පිරුනු උද්‍යානය වටේ ඇස් හරවලා බලලා ඔලුව වැනුවා...
දවල් විවේකයට වෛද්‍ය ගොඩනැගිල්ලේ ඉදන් මන්දිරේට ආපු ටේහ්‍යොන්ග් දැක්කේ ඉස්සරහා දොර ගාව ඉන්න ජන්කුක්ව... ලා දුඹුරු පාට දිග කලිසමට ඇදන් හිටපු අත් වැලමිට දක්වාම නවපු සුදු ශර්ට් එකත් එක්ක ඒකේ ඉස්සරහින් ඇරුනු බොත්තම් කීපය ටේහ්‍යොන්ගේ වෙහෙස පාට මූනත් එක්ක අමුතු කඩවසම් බවක් එකතු කරා...
ජන්කුක් දන් නෑ තමන් තවත් පිරිමි කෙනෙක්ගේ කඩවසම් බව වර්නනා කරන්න පටන් ගත්තේ කවදාද කියලා.. ඒත් ටේහ්‍යොන්ග් ගාවින් ආපු අමුතුම උනුසුම් වාතාවරායට ජන්කුක් තමන්ගේ හිත ඇතුලෙන්ම කැමති උනා...
"ම්ම්..මිස්ටර් කිම් දවල් කෑම ගත්තද... මේක ගොවිපලෙන් එවලා තිබුනා..."
අතේ තිබ්බ කූඩේ උස්සලා පෙන්නන ගමන් ජන්කුක් ඇහුවාම ටේහ්‍යොන්ගේ ඉස්සරහා දොර විවෘත කරන ගමන් ජන්කුක්ගේ අතින් කූඩේ ගත්තා... නිවීගෙන යන ගිනි උදුන නිසා ටිකක් සීතල උනත් යම් තරමක උනුසුමක් රැදිලා තියනකොට තාමත් අවානෙන් මූන ආවරනය කරගන්න ගමන්ම ජන්කුක් ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් ඇවිදන් ආවා...
"ජන්කුක් දවල් කෑම අරන්ද ආවේ.. නැත්නම් මාත් එක්ක එකතු වෙන්න පුලුවන්..."
මේසය මත තිබ්බ කූඩේ ඇතුලෙන් බිත්තර දාපු පෙට්ටිය එලියට ගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවා..
"මිස්ටර් කිම්ට උයන්න පුලුවන්ද..."
ඒකට කට කොනින් විතරක් හිනාවක් දාපු ටේහ්‍යොන්ග් ගෑස් පයිප්පය අරින ගමන් උදුන දැල්වූවා...
"දිගටම ඔහොම මූන වහන් ඉන්නද හදන්නේ.... කැමති නම් අත් දෙක සෝදගන්න..."
උදුන මත රත් වෙන යකඩ පෑන් එකට බිත්තරයක් කඩලා දාන ගමන් හැරෙන්නෙවත් නැතුව ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඉක්මනට අවාන අකුලලා මේසේ උඩින් තිබ්බා.... කුඩේ ඇතුලේ තිබුනු අනිත් බඩුත් පිලිවෙලට එලියට අරන් පලතුරු ටික කෑම මේසෙ මත හිස් වෙලා තිබ්බ කූඩෙන් පිලිවලට තියපු ජන්කුක් බිත්තර බදින ටේහ්‍යොන්ග් ගාවට ඇවිදන් ආවා....
අඩිය කර උන බිත්තර හතර සුදු පාට පිගානකට දාන ගමන් කපාගත්තු බටර් පෙත්තක් ආයෙත් පෑන් එකට දාපු ටේහ්‍යොන්ග් කිචන් කවුන්ටර් එක මත තිබ්බ වහපු කූඩේ ඇතුලේ තිබ්බ පෙති කපපු පාන් පෙති එලියට ගත්තා....
පෑන් එක මත දිය වෙලා ගිය බටර් තට්ටුව උඩින් පාන් පෙති දෙකක් එහෙට මෙහෙට අතුල්ලලා තියපු ටේහ්‍යොන්ග් කිරි උනු කරන පොඩි භාජනයක් අරන් ඒක එහා පැත්තේ උදුන උඩින් තියලා ගොවිපලෙන් ගෙනාව වීදුරු බෝතලේ ඇතුලේ තිබ්බ කිරි ටික ඒකට හැලුවා...
රසවත් සුවදක් එක්ක ලා දුඹුරු පාටට කර වුනු පාන් පෙති එකින් එක පිගානක් මතින් තියන ගමන් , උනු වේගන එන කිරි එකට කෝපි කුඩු එක්ක සීනි දාලා කලවන් කරලා උදුනෙන් පිටට අරන් ලොකු කෝප්ප දෙකකට දැම්මේ ජන්කුක් කට ඇරන් බලාගෙන ඉන්නකොට...
පෙති කපපු ලොකු රතු පාට තක්කාලි , ලා කොල පාට සලාද කොල පිරුනු පිගානකුත්, රන්වන් පාටට බැදුනු බේකන් තීරු පිරුනු පිගානකුත් අරන් කෑම මේසෙන් තියපු ටේහ්‍යොන්ග් ලුනු ගම්මිරිස් දාපු පොඩි බෝතල් දෙකත් එක්ක කිරි පිරුනු කෝප්ප දෙකත් අරන් ඇවිත් මේසෙ උඩින් තියලා ජන්කුක් දිහාට හැරුනා...
"පලවෙනියටම ආපු අමුත්තට දෙන්න තරම් ලොකු කෑම වේලක් හදන්න බැරි උනා... ඒත් මේක රසවිදින්න තරම් හොද වේවි කියලා මට විශ්වාසයි..."
ජන්කුක්ට පුටුවකුත් ඇදලා දෙන ගමන් ටේහ්‍යොන්ග් කිව්වම්ට ජන්කුක්ට අමුතු ලැජ්ජාවක් දැනුනා... කලින් බඩ පිරෙන්න කාලා හිටියත් මෙ කෑම නම් කන්නම හිතෙනකොට ජන්කුක් ඇවිත් ඇදලා දුන්නු පුටුවෙන් ඉදගත්තේ ටේහ්‍යොන්ග් ජන්කුක් ඉස්සරහින්ම වාඩි වෙනකොට...
ලා දුඹුරු පාටට කර උනු පාන් පෙති අතර හැපෙන බිත්තර බේකන් තක්කාලි සලාද වල රසට ඇස් පියාගත්තු ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවාම ටේහ්‍යොන්ග් ඉක්මනින් නිශ්ශබ්දව කෑම ගන්න ගමන් හිටියා...
කෑම අරන් ඉවර උනාම කෝප්පෙ අතට ගත්තු ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා..
"ස්තූතියි මිස්ටර් කිම්.. ඒ උනාට දවල්ට මේ වගේ පොඩි දෙයක් කාලා බැහැනේ..."
"දවල්ට මීට වඩා දෙයක් හදන්න මට වෙලාවක් නෑ පුන්චි ජෝන්..."
"ඉතින් මේඩ් කෙනෙක් ගන්න පුලුවන්නේ..."
"ම්ම්.. ඒත් මන් කැමති නෑ මන් නැතුව වෙන කවුරුත් මුලු දවසම මෙහෙ රැදෙනවට..."
මේසෙන් නැගිටින ගමන් ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ඉක්මනට නැගිටලා පිගන් ටික එකතු කරා...
"මම මේ ටික හෝදන්නම් මිස්ටර් කිම්... "
ජන්කුක් කැමැත්තෙන්ම කෑම බඩු සෝදන්න ගන්නකොට ටේහ්‍යොන්ග් සාක්කු දෙකට අත් දෙක දාගන්න ගමන් කෑම මේසෙට හේත්තු උනා...
හරි කඩිසරව පිලිවෙලට පිගන් ටික පරිස්සමට හෝදලා සුදු පාට රෙදි කෑල්ලකින් පිහන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් තොල් අතර ඇදුනු ලස්සන හිනාවකින් බලන් හිටියා... ජන්කුක් ඒ වැඩ ඉවර වෙලා අත් දෙක් පිහගන්න ගමන් අනිත් පැත්ත හැරුනත් තමන් දිහා එක එල්ලේ බලන් ඉන්න ටේහ්‍යොන්ග් දැක්කම ගැස්සිලා ගියා... ඒ ඇස් වල තිබුනු පෙනුම ඒ තරන්ම තියුනුයි... ටේහ්‍යොන්ග් යම් කල්පනාවක ඉන්නේ කියලා ජන්කුක්ට තේරෙනකොට අතේ තිබුනු රෙදි කෑල්ල කුස්සියේ පැත්තට එල්ලලා තිබ්බ රදවනයේ එල්ලන ගමන් ටේහ්‍යොන්ග් ගාවට ඇවිදන් ආවා...
"මිස්ටර් කිම්..."
"මිස්ටර් කිම්..."
"ආහ්..ආ..."
කතා කරත් ලොකු කල්පනාවක් ඉන්නකොට ජන්කුක් යන්තමින් ටේහ්‍යොන්ගේ කමිස අතක් අල්ලලා හෙලෙව්වා...
"දැන් ආයෙත් යනවද මිස්ටර් කිම්..."
ජන්කුක් ඇහුවම ඔලුව වනලා උත්තර දුන්නු ටේහ්‍යොන්ග් එතන තිබ්බ නාන කාමරය ඇතුලට වැදිලා දොර වහාගත්තා....
කලින් හදපු විදියටම තියන විසිත්ත කාමරය බඩු ඒ හැම දෙයක්ම දිහා බලන ගමන් ඇවිදපු ජන්කුක් ඉස්සරහා දොරෙන් එලියට බැහැලා උද්‍යානට ආවා...
ලස්සන පාට මල් පිපුනු පදුරු අතරින් ඉස්සරහට ඇවිදන් ගිහින් ගල් බන්කුව ගාව නතර උනු ජන්කුක් එතනින් ඉදගත්තේ ලොකු ගස් අතරින් හමන් ආව සීතල හුලගට මූන අල්ලන ගමනුයි...
ටිකකින් එලියට ආව ටේහ්‍යොන්ග් එක්ක වෛද්‍ය ගොඩනැගිල්ල ඇතුලට ගිය ජන්කුක් ඒක ඇතුලෙම හදපු පොත් කාමරේට වෙලා කල් ගෙව්වේ ටේහ්‍යොන්ග්ට කරදරයක් නොවෙන්නයි...
ජන්කුක් හැමදාම වෛද්‍යවරයෙක් දැක්කේ අසනීපයක් උනාම මදිරේටම ඇවිත් පරීක්ශා කරලා බෙහෙත් දීලා යන කෙනෙක් හැටියට මිසක් මෙහෙම නෙවෙයි...
පොත් කාමරේ පැත්තක රදවපු ලී රාක්කායේ ටේහ්‍යොන්ගේ උපාධි , ගරු නාම තියනකොට ටේහ්‍යොන්ග් කියන්නේ ගොඩාක් දක්ෂ වගේම තවමත් රෝහලක රැදිය යුතුම පුද්ගලයෙක් කියලා ජන්කුක්ට තේරුනා... ඒත් ඒ වගේ පුද්ගලයෙක් මේ වගේ පැත්තක කරන්නේ මොනවද, ඒක ගැටලුවක් විදියට ජන්කුක්ට දැනුනත් ටේහ්‍යොන්ග් එහෙම පෞද්ගලික දේවල් කතා කරන පුද්ගලයෙක් නෙවෙයි කියලා ජන්කුක් දැනන් හිටියා...
විශේෂයෙන්ම ජන්කුක් එක්ක.. තමන්ට පොඩි ලමයෙක් වගේ සලකන එකට ජන්කුක් පලවෙනි වතාවට අකමැති උනේඑ ටේහ්‍යොන්ග් ඉස්සරහයි.. ජන්කුක්ට ඕන උනා ටේහ්‍යොන්ග්ට පෙන්නන්න තමන් පරිනත කෙනෙක් කියලා.. ඒක නිකන්ම නිකන් හැගීමක් වගේ දැනුනත් කොහොමත් පිලිවෙල ජන්කුක් ටේහ්‍යොන්ග් ගාව තවත් පිලිවෙලා උනා වගේම නොදැනුවත්වම තැන්පත් උනා..ජන්කුක්ට ටේහ්‍යොන්ගේ අවධානය නිතරම ලබාගන ඕන උනා.. ඒක විශේශ හැගීමක් වගෙයි ජන්කුක්ට දැනුනේ...
මුනගැහිලා එතරම් කල් නොවුනත් ටේහ්‍යොන්ගේ තියන සෘජු ගතියට, කාටවත් නොනැමෙන සුලු ගතියට, තමන්ගේ අප්පට උනත් කෙලින් කතා කරන ගතියට ජන්කුක් කැමති උනා.... වචනෙන් කියන්න බැරි තරම් කඩවසම් බවක් පේනකොට ඒ ශක්තිමත් පුද්ගලයා ගාවින් දැනෙන අමුතු පාලනය කරන සුලු උනුසුම් බවට ජන්කුක් නිකන්ම ආකර්ෂනය උනා....
"ජන්කුක්.."
"ජන්කුක්..."
ගමන් මහන්සියත් එක්ක පොතක් අතක තියාගෙනම ටේහ්‍යොන්ගේ හාන්සි පුටුවේ ජන්කුක්ට නින්ද ගිහින් තියනකොට ටේහ්‍යොන්ග් වැඩ ඉවර කරලා ඉවර වෙලා කාමරේට ඔලුව දාල බැලුවා...
බෙල්ලත් පැත්තකට කඩාගෙන නින්ද ගිහින් තියන ජන්කුක් ගාවට ගිහින් ටේහ්‍යොන්ග් හෙමින් කතා කරා... නින්දෙන්ම පුටුවට තවත් ඔලුව තද කරනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ව එහෙමම අත් අතරට ගන්න ගමන් අඩි පාර දිගේ මන්දිරේට ඇවිදගෙන ගියා...
ලොකු සෝෆා එකෙන් ජන්කුක්ව දිගා කරන ගමන් පුලුන් පිරුනු කොට්ටයක් අරන් ජන්කුක්ගේ ඔලුවට තිබ්බ ටේහ්‍යොන්ග් ආයෙත් ගිහින් වෛද්‍ය ගොඩනැගිල්ල වහලා මන්දිරේට ආවා....
තවත් සෝෆා එක පැත්තට හැරෙන ගමන් ජන්කුක් නින්දෙන්ම කෙදිරි ගානකොට තරප්පු පෙල නැගලා ටේහ්‍යොන්ග් තමන්ගේ කාමරේට ගිහින් දොර වහගත්තා....
කලින් හිටියට වඩා සුවපහසු හැගීමක් දැනෙනකොට ජන්කුක් තමත් ඔලුව කොට්ටෙට තද කරගත්තත් එක පාරටම ඉද්ද ගැහුවා වගේ පුටුවෙන් කෙලින් වෙලා ඉදගත්තා... අදුරු වෙලා තිබුනත් කහ පාට විදුලි ලාම්පුවෙන් එලිය උනු විසිත්ත කාමරය පුරාම ඇස් යවපු ජන්කුක් තමන් තාමත් ඉන්නේ ටේහ්‍යොන්ගේ මන්දිරේ කියලා තේරුම් අරන් කල්පනා කරේ පොත් කාමරේ හිටපු ජන්කුක් මෙතනට ආවේ කොහොමද කියලා.... ඉක්මනට සෝෆාවෙන් නැගිටලා කොට්ටෙත් සෝෆා එක අයිනෙන්ම තියපු ජන්කුක් ඇවිස්සුන කොන්ඩේ අතින් හදාගත්තා..
"දෙවියනේ මිස්ටර් කිම්... එ..එයාද මාව අරන් ඇවිත් තියෙන්නේ..."
තමන්ගේ අත් දෙකෙන්ම කට වහ ගන්න ගමන් ජන්කුක් කල්පනා කරන්න උත්තහා කරත් කිසි දෙයක් මතක් නොවෙනකොට ජන්කුක් කනුව ගාව හිටවලා තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා...
"ඉවරයි..අද නම් මන් ගුටි කනවා..."
යන්න ඕන වෙලාවත් පහු වෙනකොට ජන්කුක්ට ඉක්මන්ට යන්න ඕන උනා.... ඒත් මිස්ටර් කිම්ට කියලා යන්න ඕනානේ...
ජෝන් මන්දිරේ ඒම නම් ජන්කුක් දෙක වෙන්න කෑ ගහලා කතා කරාවි.. ඒ උනාට මෙහෙ ඕන ඕන විදියට කෑ ගහන්න ජන්කුක්ට බය හිතුනා...
"කොහෙද..මිස්ටර් කිම්... "
ජන්කුක් කිචන් එකටත් දුවලා බලලා ආයෙත් ඇවිත් තරප්පු පෙල ගාවින් නතර උනේ අනිවාරෙන් ටේහ්‍යොන්ග් කාමරේ ඇති කියලා හිතන ගමන්...
හිතත් එක්කම වාද කරගන්න ගමන් ජන්කුක් තරප්පු පෙල නගින්න අඩිය තිබ්බත් ඒ අඩිය පස්සට ගත්තේ තරප්පු පෙල බැහැගෙන එන රූපේ හින්දා... සුදු පාට ලොකු තුවායක් ඉනට පටලවගෙන හිටපු ටේහ්‍යොන්ගේ උඩට මුකුත් තිබ්බේ නෑ... තාමත් තෙතමාත්තු නොකරපු වතුර බිංදු රත්තරන් පාට ඇග දිගේ ගලනකොට තවත් පොඩි තුවායකින් ඔලුව පිහදාන ගමන් ටේහයොන්ග් පහලට බැස්සා.... ඔලුව පිහදාන්න ඉස්සුන අත් දෙක් යට තිබුනු තද කලු පාට රෝම ටේහ්‍යොන්ගේ සම්පූර්ණ පිරිමි රූපේ මොනවට මතු කරලා පෙන්නනකොට ජන්කුක්ට තමන්ගේ ඇගම ගිනි ගන්නවා වගේ දැනුනා...
"ඔහ්..ජන්කුක් ඔයා නැගිට්ටද............
"ම..මන් ගි..ගිහින් එන්නම් මි..මිස්ටර් කි...කිම්...."
ගොත ගහ ගහ ටේහ්‍යොන්ග්ට කලින් කියලා ජන්කුක් දොරත් ඇරගෙන එලියට පැන්නේ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ටේහ්‍යොන්ග් එතනම නතර වෙනකොට....
බිම වැටිලා තිබ්බ ජන්කුක්ගේ ලා නිල් පාට අවාන අතට අරගෙන දොර දිහා බලනකොටත් ජන්කුක් ගේට්ටුවෙනුත් එලියට ගිහින් ඉවර වෙනකොට ටේහ්‍යොන්ග් ඒක අතකට ගුලි කරගන්න ගමන් ඉස්සරහ දොර වහලා දැම්මා......
.
.
.
.
.
*************************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading and comment...♥️
To be Continued...
2023/08/27
Bạn đang đọc truyện trên: AzTruyen.Top