|07|
"ඒක ගොඩාක් විනෝදයි මිනී..."
"ඔන්න කුක් බලාගෙන මට කැරකෙනවා වගේ...."
"ඔහ්...."
හවස් වෙනකන්ම මුහුද ගාව විනෝද උනු හතර දෙනා නගරයේ තිබුනු සැනකෙලියට ආවා... ඒකෙත් ජන්කුක් ජිමින් දෙන්නට ඇති තරම් විනෝද වෙන්න පටන් ගත්තා... ඇත්තටම මෙහෙම අවස්තාවක් ලැබෙනවා ගොඩාක් අඩුයි දෙන්නටම....
ජන්කුක් නිතරම ජිමින් එක්ක එලියට ගියත් එයාලා විනෝද උනේ ස්වභාවික ස්තානයක , එහෙම නැත්නම් පොත් අතර, එහෙමත් නැත්නම් ඇවිදින ගමන්, ඉතින් මෙහෙම විනෝද වෙන එකෙන් ඒ දෙන්නා ගොඩාක් සතුටු උනා....
වේගෙන් කැරකෙන කතුරු ඔන්චිල්ලාවෙන් පහලට බහින ගමන් ජන්කුක් ජිමින් එක්ක හයියෙන් හිනා උනේ දෙන්නම එහෙට මෙහෙට වැනෙන ගමනුයි...
ලොකු පෙරැත්ත මත ඒ දෙන්න එක පෙට්ටියකට නැගලා ගියේ ටේහ්‍යොන්ග්ට යන්න බැහැයි කියපු හින්දා නම්ජූනුත් නතර වෙනකොට...
නම්ජූන්ට කොහොමත් යන්න උවමනා උනේ නෑ, නම්ජූන්ට ඕන උනේ ජන්කුක්ගේ හිතේ තිබ්බ දුක නැති කරන්න... හොස්ටල් තියන කොලේජ් එකේ නතර වෙන්න ජන්කුක් යන නිසා ජන්කුක් නිතරම දුකෙන් හිටියේ.. ඉතින් නම්ජූන්ට ඕන උනේ ජන්කුක් ජිමින් දෙන්නට හිනා වෙන්න තව ටිකක් අවස්තාවක් හොයලා දෙන්න....
කතුරු ඔන්චිල්ලාවෙන් බැහැලා එහෙට මෙහෙට වැනි වැනි ඇවිදන් ආපු ජන්කුක්ව ටේහ්‍යොන්ග් අල්ලගත්තේ පැත්තකට විසි වෙන්න ගිය හින්දා...
"ස්තූතියි මිස්ටර් කිම්..."
ජන්කුක් ලාවට හිනා වෙන ගමන් කිව්වේ ජිමින් ඔක්කාර කරන ගමන් සැනකෙලි භූමියේ අයිනකට දුවන් යනකොට....නම්ජූනුත් ඒ පස්සෙන් දුවන් ගියේ ජන්කුක් තාමත් වැනෙන හින්දා...
"ඒක ගොඩාක් වේගෙන් ගියා... මට ආයෙත් යන්න ඕන..."
ටේහ්‍යොන්ග් ගාවින්ම එහා පැත්තෙන් ඉදගන්න ගමන් ජන්කුක් අත්පුඩියකුත් ගහලා ආසාවෙන් කිව්වම පුන්චි කහ පාට බල්බ් වලින් එලිය උන උස කතුරු ඔංචිල්ලාව දිහා ටේහ්‍යොන්ග් දෙගිඩියාවෙන් බැලුවා....
"ඔයාගේ යාලුවට අසනීපයි වගේ ආයෙත් යන්න බැරි වෙයි..."
"මිනී හැමදාම ඔහොමයි අනේ.. අපි වේගෙන් දුවලා බඩ කැලතුනත් එයා කට වහන් දුවනවා..."
ජන්කුක් ඒක ඒ තරම් ගානකට නොගෙන කිව්වේ ජිමින් නම්ජූන්ගේ ඇගට වාරු වෙලා එතනට එනකොට...
"හ්‍යුන්ග්..හ්‍යුන්ග්.. මට ආයෙත් යන්න ඕන මේකේ..."
"කුක්.. ඒක නරක වැඩක්.. ඔයාගේ යාලුවා අසනීපෙන්..."
"ඒක අසනීපයක් නෙවෙයි හ්‍යුන්ග්.. මිනී හැමදාම ඔහොමයි.. අනේ අපි එක පාරක් යමුකෝ..."
ජන්කුක් මුරණ්ඩු විදියට කියනකොට ජිමින් ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි වෙලා නම්ජූන් දුන්න වතුර බෝතලෙන් වතුර ටිකක් බිව්වා...
"කුක් ගිහින් එන්න ආයෙත්.. මට ප්‍රශ්නයක් නෑ..."
ජිමින් හිනා වෙලා කිව්වම ජන්කුක් බලාපොරොත්තු සහගත ඇස් වලින් නම්ජූන් දිහා බැලුවා...
"කුක්..ඕනවට වඩා මුරණ්ඩු වෙන්න එපා...
"ඕන නෑ.. අපි යමුද මිස්ටර් කිම්..අනේ කරුනාකරලා..."
එක පාරටම ටේහ්‍යොන්ගේ මූනට එබිලා අතින් අල්ලගන්න ගමන් ජන්කුක් කිව්වම නිවී සැනසිල්ලේ ඉස්සරහා ඉන්න මිනිස්සු දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් ගැස්සිලා ගියා..
"මම...."
"කැමතීනේ.. යමු..අපි එනකන් ඔයා මිනීව බලාගන්න හ්‍යුන්ග්...."
"කුක්..ඔයාව ආයෙත් එක්කන් එන්-............
නම්ජූන්ගේ කතාව ඉවර වෙන්න කලින් ජන්කුක් ඉදන් හිටපු තැනින් නැගිටලා ටේහ්‍යොන්ගේ අතින් ඇදන් දිව්වේ ටේහ්‍යොන්ග් එක පාරට නැගිටලා ඇදීගෙන යනකොට....
දුවගෙන ඇවිත් ප්‍රවේශ පත්‍ර කවුලුව ලගින් නතර උන ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ගේ අත අතෑරලා මූන දිහා හිනා වෙලා බැලුවේ ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා බලනකොට... ජන්කුක් පුන්චි බලු පැටියෙක් වගේ ටේහ්‍යොන්ග් දිහයි කවුලුව දිහයි හිනා වෙලා බලනකොට ටේහ්‍යොන්ග් කියලා වැඩක් නෑ වගේ ඔලුව දෙපැත්තට වනලා තමන්ගේ පසුම්බිය අතට ගත්තා....
දෙන්නෙක්ට ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී අරන් පෝලිමට එකතු උන ටේහ්‍යොන්ග් තමන්ට ඉස්සරහා උද්යෝගයෙන් උඩ පනින ජන්කුක් දිහා බලල හොද හුස්මක් පාතට දැම්මා....
දවල් ටේහ්‍යොන්ග් කතා කරලා, ලස්සන සිප්පි කට්ටකුත් මිටි මෙලෙව්ව හින්දා ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක තිබ්බ අමනාපය අමතක කරලා තිබුනා... ඒ නැතත් ජන්කුක් කියන්නේ එහෙම අමනාපයක් හිතේ තියන් ඉන්න විදියේ කෙනෙක් නොවෙන හින්දා දැන් ජන්කුක් ආයෙත් පරන ජන්කුක්ම වෙලා තිබුනා...
ඉක්මනින් හිත රිද්දගන්න, සංවේදී පුංචි ලමයෙක්ගේ වගේ අහිංසක හිතක් තියන ජන්කුක් ගැන ටේහ්‍යොන්ග් තේරුම් ගත්තු හින්දා ආයෙත් ජන්කුක්ට කෑ ගහලා හිත රිද්දන්න බැරි කමට ටේහ්‍යොන්ග් සද්ද නැතුව හිටියත් මේ කතුරු ඔංචිල්ලාවට නගින්න ටේහ්‍යොන්ග්ට උවමනාවක් තිබුනේ නෑ....
"අපේ වාරය,මිස්ටර් කිම් එන්න..."
ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් පුන්චි ලී දොර විවෘත කරලා ඇතුලට නගිනකොටම ඒ පිටිපසින්ම ටේහ්‍යොන්ග්නුත් ගොඩ උනා.... විශාල ඉඩ ප්‍රමානයක් නොතිබුනු ඒ පුන්චි පෙට්ටිය සම්පූර්නයෙන්ම ලී වලින් හදලා තිබුනත් ශක්තිමත් යකඩ පටි ආධාරයෙන් ශක්තිමත් කරලා තිබුනා.... ලී දොරටම සවි කරපු වීදුරුව හින්දා හරි ලස්සනට ඒ පෙට්ටිය ඇතුලේ ඉදන් වට පිටාව බලාගන්න පුලුවන් උනා...
"මිස්ටර් කිම් උඩට බයද..."
ටේහ්‍යොන්ගේ යන්තම් දාඩිය දාපු මූන දිහා බලන් ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් උගුර පෑදුවා..
"මම... නෑ..."
"කමක් නෑ.. බය නම් කියන්න ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි.. මිස්ටර් කිම් දන්නවද අපේ අප්පත් උඩට බයයි... එදා මන් එක්ක මෙහෙම උඩට ගිහින් ඔය විදියටම මූනට දාඩිය දාලා තිබුනා..."
හරි ලොකු කතාවක් කියනවා වගේ කියලා අන්තිම ටික කියන්න හිනාවෙන ගමන් තමන්ගේ අතින් කට වහගන්නකො ටේහ්‍යොන්ග් ඉක්මනට තමන්ගේ අතින් දාඩිය පිහදාගත්තා...
"මම ඉන්නවානේ බයවෙන්න එපා..."
ජන්කුක්ගේ චූටි අතේ ඇගිලී ටේහ්‍යොන්ගේ දරදඩු ලොකු අල්ල අතරින් ගිහින් ඒ දිග ඇගිලි එක්ක පැටලෙනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙක ලොකු කරන් ජන්කුක් දිහා හැරිලා බැලුවා...
ජන්කුක් හිනා උනා, ඒක සමච්චලයට, විනෝදයට උන හිනාවක් නෙවෙයි හරි හෙමින් ලස්සනට ගෞරවයෙන් උන හිනාවක්....
ටිකෙන් ටික උඩට යනකොට බඩ ඇතුල මොනවද වෙනවා කියලා තේරෙනකොට ටේහ්‍යොන්ග් වීදුරුවෙන් එලිය බලන්න කරදර නොවී වීදුරුවෙන් එලිය බලන් ඉන්න ජන්කුක් දිහා බැලුවා... ටිකෙන් ටික උඩම තැනට ඇවිත් පෙට්ටිය සම්බන්ද උන යකට ලී පටි චිරි චිරි ගාන සද්දෙ ඇහෙනකොට ටේහ්‍යොන්ගේ නැතත් ජන්කුක්ගේ අත නම් ඒ අත මත තද උනා...
ඉබේ එක පාරටම පෙට්ටිය පහලට යනවා දැනෙනකොට ජන්කුක් හයියෙන් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ගේ අත පිටින්ම උස්සලා තමන්ගේ උකුලෙන් තියන ඉදන් ඉන්න තැන පිටිපස්සට ඇලෙනකොට ඒ ලස්සන හිනාව දැකලා ටේහ්යොන්ගෙත් හීනි තොල් අතර හිනාවක් ඇදුනා...
ටේහ්‍යොන්ග් පලවෙනි වතාවට මේ වගේ එකක යනවා... හරියටම බැලුවොත් ලස්සන ලමා කාලයක් ටේහ්‍යොන්ග්ට තිබුනේ නෑ, දැන් කියලත් හරියටම විදින ජීවිතයක් නොතිබුනු ටේහ්‍යොන්ග් එක රාමුවකට කොටු උනු පුද්ගලයෙක් උනා....
ව්‍යාපාර කටයුතු, ආයෝජනය කිරීම්.. නව ඉදිකිරීම්.. , වෛද්‍ය කටයුතු, කාර්යාල කටයුතු අතර හිර උනු ටේහ්‍යොන්ග් අමතර දේකට කරන බව පෙනුනේ පොත් කියවන එක විතරයි... ඇයි මේ තරම් ධනයක් , ප්‍රසිද්ධියක් තියන පුද්ගලයෙක් ඈතින් පිහිටි පැත්තක තනියම ජීවත් වෙන්න මන්දිරයක් ඉදි කරන්නේ.......
නැවත කතුරු ඔංචිල්ලාවෙන් බිමට බහිනකන්වත් බැහෑලා ඉස්සරහට යනකන්වත් ජන්කුක්ගේ අතවත් ඒ අතවටා තදින් පැටලුනු ටේහ්‍යොන්ගේ අතවත් ගැලවුනේ නැහැ....
"මිනී කොහොමද ඔයාට දැන්..."
ටේහ්‍යොන්ගේ අතින් ජන්කුක් තමන්ගේ අත මුදවන් බන්කුව ගාවට දුවන් ගියා....
"කුක්...දැන්ද ඔයාට යාලුවව මතක් වෙන්නේ... ටේහ්‍යොන්ග් සමාවෙන්න අපේ කුක්ගේ හැසිරීම ගැන..."
තරවටු කටහඩකින් ජන්කුක්ට කතා කරලා නම්ජූන් ටේහ්‍යොන්ගෙන් සමාව ඉල්ලුවා...
"ජිමින්ට අමාරු හින්දා අපි යමු දැන්... නැත්නම් තවත් රෑ වෙනවනේ... "
නම්ජූන් එහෙම කියනකොට ජන්කුක් එක්ක ජිමින් ඉස්සරහට ඇවිදගෙන ගියා....
.
.
.
.
.
වෙනදා වගේම උදේන්ම තමන්ගේ වැඩ අවසන් වෙමින් පවතින මන්දිරයට ආපු ටේහ්‍යොන්ග් වැඩ අවසන් උනු ශල්‍යාගාරය ඇතුලට ගියා.. ලොකු පෙට්ටි වල තිබුනු වෛද්‍ය උපකරන වගයක් එකින් එක මේසය උඩින් තියන ගමන්, පොත් පත් දාපු පෙට්ටියෙන් අදාල පොත් තෝරන ටේහ්‍යොන්ග් ඒ වැඩ එක්ක කාර්යබහුල උනා....
ජන්කුක් තමන්ගේ කොලේජ් එකට පිට වෙලා මේ වෙනකොට සති කිහිපයක් වෙලා... ටේහ්යොන්ගෙත් සමුගන්නවත් වෙලාවක් අවස්තාවක් නොලැබුනත් නම්ජූන් මාර්ගයෙන් ජන්කුක් ගියා කියලා ටේහ්‍යොන්ග් දැනගත්තා...
මේ පැත්ත දැන් ටේහ්‍යොන්ග්ට හුරුයි, ඒ වගේම ජන්කුක්ට උදව් වෙන්න හැම තැනක්ම ගැන ඕනවටත් වඩා තොරතුරු ටේහ්‍යොන්ග් දැනන් හිටියා... කොලේජ් පිට වෙනකන්ම ජන්කුක් පුරුද්දක් විදියට ටේහ්‍යොන්ග් එක්ක මන්දිරේට ඇවිත් ටේහ්‍යොන්ග්ට උදව් කරා...
ටේහ්‍යොන්ග් තේරුම්ගත්තු එකම දේ ජන්කුක් කිසිම සීමාවක් නැතුව නිදහසේ කතා කරන එක.. ඒක ටේහ්‍යොන්ග් ගාව ටිකක් ආචාරශීලී උනත් ජන්කුක් තාමත් විනෝදකාමී හුරතල් චරිතයක් උනා...
ටේහ්‍යොන්ගේ මන්දිරේ ගොඩාක් විශාලත් නොවුනු කුඩාත් නොවුනු එකක් නිසා, ගෘහ අලංකරනය ජන්කුක් අතින් සිද්ධ උනා.. ඒ ටේහ්‍යොන්ගේ කැමත්ත ඇතුව....
ටේහ්‍යොන්ගේ නිදන කාමරය, වගේ පෞද්ගලික ස්තාන ඉවත් කරලා අනිත් තැන හරිම ලස්සනට ජන්කුක් සැලසුම් කරා.... කිව්වා වගේම ජෝන්ගේ පනිවිඩේට අනුව වගේම ඉල්ලීමට අනුව ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගෙන් උදව් ගන්න සිද්ධ උනා...
ජෝන් විශ්වාස කරා දරදඩු ටේහ්‍යොන්ග් ගාව ඉදලා ජන්කුක්ගේ මුරන්ඩු ගති අඩු වෙයි කියලා... හිතුවා වගේම ජන්කුක් ටේහ්‍යොන්ග් ගාව දග නොකර හිටියා බය හින්දාම, ඒත් එතන විතරයි අනිත් හැමතැනම ජන්කුක් හරි විනෝදයෙන් හිටියා...
ජෝන් මන්දිරය හැදුවේ ජන්කුක්ගේ අප්පා ඉපදෙන්නත් කලින් හින්දා ජන්කුක්ට නව ඉදිකිරීමක් අලුත් දෙයක් උනා.. ඊටත් වඩා තමන් කැමති තැන් වල ගෘහ භාන්ඩ තැන්පත් කරන්න ජන්කුක් ආස උනා....
ජන්කුක්ගේ අනු දැනුම ඇතුව මන්දිරේ උද්‍යානයත් ඉක්මනින් සකස් උනා... ජන්කුක් නිතරම ජිමින් එක්ක ඇවිදින ගොවිපලේ වයසක සීයගෙන් ඉල්ලගත්තු විවිධ වර්ගයේ ලස්සන මල් වර්ග, රෝස් වගේම ජෝන් මන්දිරෙන් ගත්තු මල් වර්ගත් ඉක්මනින් උද්‍යානේ පැල උනා....
අවසානේ ජන්කුක් යනකොට ඒවා තාමත් පැලවෙලා නොතිබුනත් ටේහ්‍යොන්ගේ මන්දිරේ සම්පූර්න වෙලා තිබුනා....
ලගදීම වෛද්‍ය මධ්‍යස්තානේ විවෘත කරනකොට, ජන්කුක් තමන්ගේ කොලේජ් එකේ වැඩිදුර ඉගනගනිමින් හිටියා....
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
ජන්කුක් බොලද නෑ ඒත් හුරතල් චරිතයක්...💝
ඔයාලා කැමතිද මේකට... ලොකු කැමැත්තක් නැත්නම් මං ලියන එකේ තේරුමක් නෑ ඒකයි මම ඇහුවේ...<3
Thanks for reading ♥️
To be Continued....
2023/08/24
Bạn đang đọc truyện trên: AzTruyen.Top