|06|
"හ්‍යුන්ග්.. අපි මේ කොහෙද යන්නේ.."
ජන්කුක් සීට් එකට වෙලා කකුල් දෙක දෙපැත්තෙන් අත තියාගන්න ගමන් ඇහුවා... වටින් පිටින් එලිය වැටීගෙන එනකොට ජන්කුක්ව නැගිට්ටවලා ලැහැස්ති කරගත්තු නම්ජුන් ජන්කුක් එක්කම වාහනේට ආවා....
"එහෙම කිව්වම ඒක පුදුම කිරීමක් වෙන්නේ නැහැනේ කුක්...ටිකක් ඉවසන්න..."
"යන්නේ නැද්ද ඉතින් අපි..."
"ඉන්න.. තව කෙනෙක් අපි එක්ක එකතු වෙනවා...."
නම්ජුන්ට කියලා ඉවරකරගන්න හම්බුනේ නෑ ටේහ්‍යොන්ග් ප්‍රධාන දොරෙන් එලියට ඇවිත් වාහනේ දොරට අත තිබ්බා...
මෙච්චර වෙලාම ජන්කුක්ගේ මූනෙ තිබ්බ හිනාව නැති වෙලා ගියේ ඉබේමයි... ජන්කුක් ඉක්මනින් සීට් එක කොනට වෙලා වීදුරුවෙන් එලිය බලාගත්තා.... පිටිපස්සේ සීට් එකට නගින්න දොරට අතට තිබ්බත් සුදු පාට වීදුරුව අතරින් පේන ජන්කුක්ගේ ඉරියව් දිහා බලලා ටේහ්‍යොන්ග් රියදුරු අසුනට යාබද අසුනට නැග්ගා....
"සුබ උදෑසනක් මිස්ටර් කිම්... "
එතනින් පස්සේ නම්ජූන් වාහනේ ඉස්සරහට අරන් ගියත් ජන්කුක්ගෙ කිසිම සද්දයක් තිබ්බෙ නෑ ... ඒත් ඒ ටික වෙලාවකට විතරයි නම්ජූන්ගේ වාහනේ හුරු පුරුදු තැනකින් නැවැත්තුවාම ජන්කුක් ඉක්මනින් ඔලුව උස්සලා වටපිට බලන්න ගත්තා...
"මිනී....!"
ගේට්ටුව අතරින් ඇවිත් වාහනේට නැග්ග ජිමින්ව අත් දෙකෙන්ම අල්ලගන්න ගමන් ජන්කුක් කෑ ගහනකොට ජිමින් ජන්කුක්ව බදාගත්තා....එතනින් පස්සේ නම් පිටිපස්සේ අසුන් වල හිටිය දෙන්නගේ කටවල් වලට නිවනක් ලැබුනෙ නෑ වගේම ඉස්සරහ අසුන් වල හිටිය දෙන්නාගේ කන් වලට නිවනක් ලැබුනෙත් නෑ....
ටිකක් දුර ගමනක් උන ඒක පුරාවටම විවිධ දේවල් තිබ්බා... ජන්කුක් ජිමින් දෙන්නම ගොඩාක් ආසාවෙන් වටපිට බැලුවා... නම්ජූන් ටේහ්‍යොන්ග් දෙන්නටම නගරයෙන් පිට කියන්නේ ඒ තරම් පුදුම සහගත දේවල් උනේ නෑ.. ඒත් මුල් වතාවට වගේ මේ තරම් දුර යනකොට තමන් ජීවත් උන නගරයට වඩා විශාල උනු නගර පහු කෙරුවා.... වෙලදසැල් ලොකු ගොඩනැගිලි , සිනමා ශාලා, උත්සව ශාලා.. ඒ හැමදෙයක්ම අතරේ නගර අතර පිහිටලා තිබුනු තැනිතලා, මුඩු බිම්, පහත් බිම් ඒ හැමදේමත් ජන්කුක්ගේ වගේම ජිමින්ගේ කටවල් වලට විවේකයක් දීලා තිබ්බා.. ඒත් ඔවුන්ගේ දෑස් නිරන්තරයෙන් ලස්සන දේවල් බලාගන්න ,අලුත් දේවල් බලාගන්න කාර්‍යබහුල උනා.....
වීදුරුව අතරින් වැදෙන හුලන් පාරට ටිකෙන් ටික නින්ද යනකොට ජන්කුක් අනිත් වතාවේ තමන්ගේ ඇස් විවෘත කරේ නම්ජූන්ගේ කටහඩට....
"කුක්..නැගිටින්න.. අපි එතනට ආවා...."
ජන්කුක් තමන්ගේ නිදිමත බේරෙන බර ඇහි පිහාටු වලට විවෘත වෙන්න බල කරන ගමන් වට පිට බලන්න ගත්තා.... හයියෙන් හයියෙන් ඇහෙන ඝෝශාකාරී හඩ ජන්කුක්ගේ උනන්දුව තව වැඩි කරනකොට පැත්තෙන් ඇරුනු දොරෙන් නැමිලා හිටපු නම්ජූන්ගේ අතේ එල්ලෙන ගමන්ම ජන්කුක් එලියට අඩිය තිබ්බා..
අඩිය තිබ්බාමයි ඒ අඩිය ජන්කුක්ට දැනුනේ මඩ ගොඩක් උඩ තිබ්බ වගේ.. ජන්කුක්ගේ දිලිසෙන්න මැදපු ඉස්සරහා රවුම් උනු සපත්තු ජෝඩුවේ උඩට යනකන්ම සුදු පාට වැල්ලෙන් වැහිලා තිබ්බා...
"අනේ හ්‍යුන්ග්..මුහුද... අපි මුහුද බලන්න ආවාද..."
ජන්කුක් හයියෙන් කෑ ගහන ගමන් ඔලුව ඉස්සුවා... නිල්ම නිල් පාටට පේන තෙරෙන් නොපෙනෙන මහ සයුරේ රැලි හුලන් එක්ක පොර බදින ගමන් සුදුම සුදු පාට වැල්ල තෙමන ගමන් හිටියා....
ජන්කුක් ඉක්මනින් දුවන්න ගියත් ආයෙත් හැරිලා නම්ජූන්ගේ බෙල්ල වටේට අත් දෙක දාලා බෙල්ලේ එල්ලුනාම ඒ මූනේ හිනාව දිහා බලන් නම්ජූන් ජන්කුක්ගේ කොන්ඩේ අතගෑවේ හිනාවෙන ගමනුයි...
"ස්තූතියි හ්‍යුන්ග්.... මෙහෙම වෙනවා කියලා දන්නවා නම් මම හැමදාම කෑමට එන්නෙ නැතුව ඉන්නවානේ...."
හිනාවෙන ගමන් දග කතාවක් කියපු ජන්කුක් නම්ජූන්ගෙන් පාරක් වදින්න කලින් බිමට පැනලා ජිමින් දිහාට දුවගෙන ගියා... දුවපු වේගෙට ජන්කුක්ගේ සපත්තු ඇතුලට වැලි යනකොට ජන්කුක් කකුල් ගස ගස අමුතු තාලෙකට දුවන් ගිහින් ජිමින්ගේ කරේ එල්ලුනා...
"දෙවියනේ මිනී... අපේ හීන එක එක හැබෑ වෙනවා...."
"කුක්... මොකද කියන්නේ.. අපිට පුලුවන් එක පාරටම වතුර ඇතුලට දුවන්න... බැරි වෙලාවත් වතුර දෙපැත්තට උනෝතින්..."
මේ දෙන්නගේ මෝඩ කතා අහන් හිටියානම් ටේහ්‍යොන්ග්ට පපුවේ අමාරුවක් හැදෙනවා අනිවාරෙන්ම.... ඒ වෙනකොටත් සපත්තු ගලවලා හිටපු ජිමින්ටම එකතු වෙලා සපත්තු වගේම මේස් දෙකත් ගලවලා දාපු ජන්කුක් ඒක වැල්ලටම අතෑරිලා...
"යමූ......!"
"කුක්....ජිමින්... බලාගෙන,, ඈතට යන්න එපා...."
නම්ජූන් හයියෙන් කෑ ගහලා උසට වැවුනු ගස් පේලියක් යටින් හිටගෙන මුහුද දිහා බලන් ඉන්න ටේහ්‍යොන්ග්ට එකතු උනා....
කලු දිග කලිසමට දුඹුරු පාට චෙක් රටාවක් ගිය ලොකු අත් දිග ශර්ට් එකක් ඇදලා යට කරලා හිටපු ජන්කුක් මේ වෙනකොට කලිසම මගක් දුරට නවාගෙන රැලි අතරේ දුවන ගමන් හිටියා... ඒකටම එකතු උනු ජිමින් ජන්කුක් එක්ක සතුටු වෙනකොට ඒ දෙන්නාගෙන් නික්මුනු සිනා හඩවල් හරි ලස්සනට මුහුදු හුලගත් එක්ක ඇහුනා....
"මිස්ටර් කිම්... රැල්ල පාගනවද...."
ටේහ්‍යොන්ගෙන් ඒකට හම්බුනේ හරිම පුන්චි හිනාවක් විතරයි.. ටේහ්‍යොන්ග් රැල්ල පාගන ගමන් සෙල්ලම් කරන්න පුන්චි දරුවෙක් නෙවෙයි....
"මම ඉන්නේ රැල්ල පාගලා සෙල්ලම් කරන වයසක නෙවෙයි මිස්ටර් ජෝන්..."
"නම්ජූන් කියන්න මට.... "
ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...
"ඉතින් .. ටේහ්‍යොන්ග් සෙල්ලම් කරන්න වයසක් ඕන කියලා කවුද කිව්වේ..."
නම්ජූන් ටේහ්‍යොන්ග් කියලා කතා කරාම ටේහ්‍යොන්ග් හැරිලා නම්ජූන් දිහා බැලුවා...
"ඔහ්.. මන් ටේහ්‍යොන්ග් කිව්වට කමක් නෑනේ... "
"හොදයි...."
ටේහ්‍යොන්ගේ කෙටි උත්තර එක්ක ලාවට හිනා උන නම්ජූන් සාක්කුවට අත දාලා සිගරට් පෙට්ටියක් එක්ක ලයිටර් එකක් එලියට ගත්තා.... ඒක එහෙමම පෙට්ටියෙ උඩ විවෘත කරලා ටේහ්‍යොන්ග් ඇල්ලුවාම ටේහ්‍යොන්ග් මොහොතකට පරක්කු නොවී එකක් අරන් තොල් අතරින් තියාගත්තා... කට කොනින් හිනා වෙන ගමන් නම්ජූනුත් සිගරට් එකක් තොල් අතර තියන් ලයිටර් එකෙන් ඒක පත්තු කරන් එක අතකින් බලන්නවත් කරදර නොවීම ටේහ්‍යොන්ගේ තොල් අතර තිබ්බ සිගරට් එකක් දල්වලා දුන්නා..
"ස්තූතියි..."
"සුළු දෙයක්...."
නිහඩව දුම් ගුලි පිට කරනවාට වඩා කතා බහක් සිද්ද නොවෙනකොට එහායින් හිටපු ජන්කුක් ජිමින් එක්ක රැල්ල එන මායිමට කකුල් තියන් බිම ඉදගෙන හිටියා...
"එයාලා තවම පොඩි ලමයි..."
"වයස විසි එකක් වෙනකොට මම ඩෑඩ්ගේ කාර්‍යාලයේ වැඩ කරන ගමන් වෛද්‍ය උපාධිය හදාරනවා...."
නම්ජූන්ට ටේහ්‍යොන්ගෙන් ඒ වගේ උත්තරය හම්බෙනකොට නම්ජූන් සිගරට් එක ඇගිලි දෙකක් අතරට ගන්න ගමන් අලු කඩලා දැම්මා...
"පුදුමයක් නෑ ටේහ්‍යොන්ග්ට සෙල්ලම් කරන වයස ගැන දැනුමක් නැති එක ගැන...."
"මගේ ගැන එහෙම කතා කරන්න තරම් නම්ජූන් මට සමීප නෑ...."
ටේහ්‍යොන්ගෙ සෘජු උත්තර හැම එක්කටම නම්ජූන්ගෙන් හම්බුනේ මද සිනාවක්ම විතරක් වෙනකොට ජන්කුක් ඒ පැත්තට දුවන් ආවා...
"ටේහ්‍යොන්ග්, වෙනස් වේවි...."
ටේහ්‍යොන්ග් යන්තමින් ජන්කුක්ගේ කෑ ගැහිල්ලට කලින් ඒක ඇහුනා...
"හ්‍යුන්ග්.හ්‍යුන්ග්... එනවද රැල්ල පාගන්න... එහෙමත් නැත්නම් වැලි වලින් මොනවා හරි හදන්න...."
ජන්කුක් හති අරින ගමන් අහනකොට නම්ජූන් ඉදන් හිටපු ගල් කුල උඩින් නැගිටලා සිගරට් එක බිමට දාලා පෑගුවා... ජන්කුක් නහය අකුලගන්න ගමන් ටේහ්‍යොන්ග් දිහා බැලුවාම ඒ හීනි ඇස් එක එල්ලේම ජන්කුක් දිහාට එල්ලවෙලා තිබ්බා...
"මම කෑම අරන් එන්නම්, ඔයාට පුලුවන් ඔයාගේ කොට යාලුවා එක්කම සෙල්ලම් කරන්න.. ඕනනම් මිස්ටර් කිම්වත් අඩගහගන්න... "
"එයා මිනී හ්‍යුන්ග්... ඕන නැහැ... මම සිප්පි කටු එකතු කරන්නම්... දැනටමත් ගොඩාක් ලස්සන ඒවා එකතු කරා මම මේ....."
නම්ජූන්ගේ පස්සෙන් ඇදෙන ගමන් ජන්කුක් කිව්වත් ජන්කුක්ගේ කොන්ඩේ අවුල් කරන ගමන් නම්ජූන් ඇවිදන් ගියා... ජිමින් දුවගෙන ඇවිත් නම්ජූන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනකොට ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් ඉතුරු උනා....
ටේහ්‍යොන්ග් එක්ක කතා කරන්නත් බැරි නිසා, ටේහ්‍යොන්ග් කලින් දවසේ කෑ ගහපු එකට හිතේ අමාරුවෙන් හිටපු ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක අමනාප වෙලා තිබ්බා.. ඒක අමනාප කමකටත් වැඩිය බයක් ලැජ්ජාවක්....
ජන්කුක් එතනම නැමි නැමි වැල්ලේ හම්බෙන හැම සිප්පි කට්ටක්ම සාක්කුවේ දාගන්නකොට එන්න එන්නම ජන්කුක්ගේ කලිසම් සාක්කු පිරෙන්න ගත්තා... ඒත් වැඩේ නවත්තපු නැති ජන්කුක් ආයෙත් බිමට නැමෙනකොට ඒ සාක්කු වලින් පිරුනු සිප්පි කටු බිමට වැටුනා...
"අනේ..."
හෙමින් මුමුනපු ජන්කුක් ටේහ්‍යොන්ග් ඉදන් හිටිය ලොකු ගල ගාවට ඇවිදන් ගිහින් සාක්කු වලට එකතු උනු සිප්පි කටු එලියට ගන්න ගමන් ගල උඩින් තිබ්බා... ටිකක් සාක්කු හිස් වෙනකොට ජන්කුක් ආයෙත් ඇවිදින ගමන් සිප්පි කටු වලින් සාක්කු පුරවගත්තා..
කීප වරක්ම ගල උඩට සිප්පි කටු එකතු කරනකොට ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් සිප්පි කටු ගොඩාක් එකතු වෙලා තිබ්බා.. ඒ හැම වතාවකම ජන්කුක්ගේ මූනේ එකතු වෙන හැම ඉරියව්වක් දිහාම ටේහ්‍යොන්ග් බලන් හිටියා....
"පුන්චි ජෝනුත් ඕනවට වඩා තන්හාව හින්දා සිප්පි කටු වලින් සාක්කුව පුරවන් ඒක ඉරාගත්තු පුන්චි ලෝරා වගේ වෙන්න එපා...."
අවසානයේ ටේහ්‍යොන්ගේ කටහඩ ඇහෙනකොට ජන්කුක් හිටපු තැනම නැවතුනා... නැවතිලා ගල උඩ ඉදන් අත් දෙක බැදන් ඉන්න ටේහ්‍යොන්ග් දිහාට හැරිලා ඇහි බැම දෙක ලන් කරන් රවලා බැලුවේ කටන් නරක් කරගන්න ගමනුයි...පුන්චි ජෝන්... හොදයි ජන්කුක්ට එහෙම කතා කරපු පලවෙනි කෙන ටේහ්‍යොන්ග් උනා...
"මිස්ටර් කිම් කියන්නේ මම තන්හාව තියන කෙනෙක් කියලාද...."
"මම එහෙම කිව්වේ නෑ...."
"එහෙනම්.. එහෙනම්.. මම කෝමද ලෝරා වගේ වෙන්නේ.. අනික මම සිප්පි කටු එකතු කරන් සාක්කුව ඉරාගත්තේ නෑ... මම ඒවා වෙන තැනකින් තිබ්බනේ...."
"සාක්කුවටත් දරන්න බැරි තරම් එකතු කරන් ඒ වගේ දෙතුන් ගුනයක් එකතු කරන ඔයාත් කරන්නෙ ඒ වගේම වැඩක් නෙවෙයිද පුන්චි ජෝන්...."
"ම..මම පුන්චි ජෝන් නෙවෙයි...මම ජන්කුක්.. මගේ නම ජෝන් ජන්කුක් ... ම.මම එහෙම නෙවෙයි...ම.. මම.....
ටේහ්‍යොන්ගේ අපහාස දරාගන්න බැරි වෙනකොට ජන්කුක්ගේ කටහඩ වෙව්ලුවා වගේම කියාගන දේවලුත් ජන්කුක්ට මතක් උනේ නෑ... ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුනා...
"ම..මම නෙවෙයි නරක.. මිස්ටර් කිම් තමයි නරක... ම..මම අතින් කෝපි කෝප්පෙ වැටුනේ වැරදිලා.. මම හිතලා එහෙම කරේ නෑ... ඒත් මිස්ටර් කිම් මට නිකරුනේ කෑ ගැහුවා... මීට කලින් කිසිම කෙනෙක් මට එහෙම කෑ ගහලා නෑ..අ..අනික.. ම..මම න..නරක ලමෙක් නෙවේ...ඉහ්.....
ජන්කුක් කියවන් කියවන් ගිහින් අන්තිමට කදුලු බේරුන ඇස් වලින් ඉකියකුත් පටන් ගන්නකොට ටේහ්‍යොන්ග් ඉදන් හිටිය තැනින් නැගිටලා ජන්කුක්ගේ අතින් අල්ලලා සිප්පිකටු ගොඩට එහා පැත්තෙන් ඉන්දෙව්වා....
"ඒකටද මේ දුක හිතිලා තියෙන්නේ.... මටත් මීට කලින් එහෙම නොසැලකිලිමත් විදියට වැඩ කරන කෙනෙක් හම්බෙලාම නෑ..ඉතින් එහෙම අය එක්ක ගනුදෙනු කරන් විදිය ගැන ඇයි මම ඉගනගන්න ඕන......ම්ම්"
ටේහ්‍යොන්ගේ උත්තරේ එක්ක ජන්කුක්ගේ ඇඩියාව නතර උනා වගේම ඒ බෝල ඇස් තවත් ලොකු උනා....
"ම..මට සමාවෙන්න මිස්ටර් කිම්.. ම..මට තිබුනා සැලකිල්ලෙන් අඩිය තියන්න...."
"අමතක කරන්න... දැවිල්ල අල්ලන එක අඩු වෙන්න යන්නේ පොඩි කාලයයි... ඒකත් බෙහෙත් ගැල්වූවා නම් ඉක්මනින් අඩු වෙනවා....."
ටේහ්‍යොන්ග් එහෙම කිව්වත් බෙහෙත් ගල්වන්න උත්සුක නොවුනු රතු පැල්ලම් තවමත් ඒ හම මත රැදිලා තිබුනා.. සමහර විට ජන්කුක් ඇවිත් සමාවගනීවි කියලා ටේහ්‍යොන්ග් බලන් හිටියද, ආයෙත් ඇස් වලට පේන්න එන්න එපා කිව්වටත් පස්සේ....
සිප්පි කටු ගොඩ ඇගිලි වලින් එහාට මෙහාට කරලා ලා රෝස පාටට හුරු කිරි සුදු පාටින් දිලිසෙන ලස්සනම සිප්පි කට්ටක් අතට ගත්තු ටේහ්‍යොන්ග් ඒක දිහා බලල ජන්කුක් දිහා බැලුවා... ජන්කුක්ගේ කදුලු හැමදේම නැවතිලා තිබ්බා වගේම ඒ ඇස් අග කදුලු බින්දු දෙකක් විතරක් රැදිලා තිබ්බා...
ඇහි පිහාටු වල රැදුනු කදුලු බින්දු දෙක ඇගිලි තුඩකින් අයින් කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතට ලස්සන සිප්පි කට්ට තිබ්බා...
"ලස්සන දේවල් ගොඩාක් දැක්කම ඒ ලස්සන බලලා විදින්න උත්සාහා කරන්න... ඕනම නම් ඒ අතරින් තමන්ට උවමනායි කියලා හිතෙනම දේ විතරක් සදහටම තමන් ගාව ඉතුරු කරගන්න පුරුදු වෙන්න පුන්චි ජෝන්... "
මුහුදු හුලග වැදුනු කොන්ඩ කෑලි හුලගේ යනකොට ජන්කුක් තමන්ගේ අත මිටි මෙලවුනු ලා රෝස පාට සිප්පි කට්ට තව ටිකක් අතට තදින් මිටි මොලවගත්තා....
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
පුන්චි ජෝන්... 🤎🌼✨
Thanks for reading...♥️
To be Continued...
2023/08/21
Bạn đang đọc truyện trên: AzTruyen.Top