|03|

ජන්කුක් හිටියේ තමන්ගේ අතේ තිබුනු පොතත් ඇගිලි තුඩු වලින් තද කරගන්න ගමන් පාර දිගේ ඇවිදගෙන යන ගමනුයි.. ජන්කුක් අපහසුතාවයෙන් වගේ හිටියේ තමන්ට එහා පැත්තෙන් ඇවිදගෙන ගිය කෙනා හින්දයි...

උදේමත් නැතුව ටිකක් දවල් වෙලා ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක මන්දිරයෙන් පිටත් උනේ කලින් දවසේ පොරොන්දු උන විදියට පුස්තකාලයට යන්නයි... අද ටේහ්‍යොන්ග් එක්ක යන්න පොරොන්දු උන නිසාම කලින් දවසේ ජිමින් එක්ක නොයා ආයෙත් හැරිලා යන්න ජන්කුක් තීරනේ කරා....

ටේහ්‍යොන්ග් සාක්කු දෙකට අත් දෙක දාගෙන වටපිට බලන ගමන් ඉස්සරහට යනකොට ජන්කුක් සැරෙන් සැරේ ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් ඉස්සරහට ඇවිදන් ගියා...

"මෙහෙ මම හිතුවට වැඩිය ලස්සනයි..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් ඇස් ලොකු කරලා වටපිට බැලුවා.. ඒ වෙලාවේ ලොකු ගස් වලින් වැහුනු මාවත් පහු කරමින් ඔවුන් හිටියා... ටිකක් අදුරු උන ඒ ස්තානය කවදාවත් නැතුව ජන්කුක්ට ලස්සනට පේන්න පටන් ගත්තා...

"ඕ..මිස්ටර් කිම් තවත් දැකලා නැහැනේ, මෙහෙ තවත් ලස්සන තැන් ගොඩාක් තියන්වා, මිනියි මායි විතරක් දන්න තැනුත් තියනවා...."

අන්තිම ටික රහසින් වගේ කටටත් අත් තියලා හෙමින් කියන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා බැලුවා..

"කවුද මිනී කියන්නේ...."

"ඔහ්, ඒ මගේ හොදම යාලුවා.. ඊයේ මාත් එක්ක හිටියේ...."

ජන්කුක් කිව්වහම ටේහ්‍යොන්ග් කල්පනා කරලා ඔලුව වැනුවා...

"ඉතින්, මොනවද ඒ ඔයාලා විතරක් දන්න තැන්..."

"ම්ම්.. ඒක මෙහෙමයි , මම ඒක මිස්ටර් කිම්ට කීවොත් ඒවා අපි විතරක් දන්න තැන් වෙන්නේ නැහැනේ...."

බරපතල දෙයක් කියනවා වගේ කටට ඇගිල්ලකුත් තියාගෙන ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා බැලුවා..

"ක්හ්ම්... ඕන නම් මට පුලුවන් මිස්ටර් කිම්ටත් ඒ තැන් පෙන්නන්න... හැබැයි නිකන් බෑ..."

"අහ්..."

ජන්කුක් කියන ඒවට දෙන්න ඕන උත්තර මොනවද කියලා ටේහ්‍යොන්ග්ට ඇත්තටම හිතාගන්න බැරි උනා...

"ඔහ්, ඕන නෑ මිස්ටර් කිම්ට නිසා ඒක නිකන් කරන්න පුලුවන්, ඒත් මට මීනිත් එක්ක කතා කරලා බලන්න වෙනවා..."

ජන්කුක් ආයෙත් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව හොලවලා අහක බලාගත්තා... පොඩි ලමයින්ගේ සෙල්ලම් වලට සම්බන්ධ වෙන්න ටේහ්‍යොන්ග්ට කිසිම උවමනාවක් තිබ්බේ නෑ වගේම ජන්කුක් එක්ක මේ ආව ගමන ගැනත් ටේහ්‍යොන්ග්ට පසුතැවීමක් ඇති වෙමින් තිබුනා...

"මට සමාවෙන්න මිස්ටර් කිම්...."

ටික වෙලාවකට පස්සේ ජන්කුක්ගේ දුකින් පිරුනු කටහඩ ඇහෙනකොට ටේහ්‍යොන්ග් ඉක්මනින් තමන්ගේ බෙල්ල හරවලා බැලුවා....

"ඒ මොකටද ලිට්ල් වන්..."

"මම ගොඩාක් කියවලා මිස්ටර් කිම්ට කරදරයක් උන නිසා..."

අලුතෙන් ඇහුනු නමට කම්මුල් රතු කරගන්න ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ලාවට හිනා උනා....

"මම වැඩිය ශබ්ද වලට කැමති නැහැ තමයි, ඒත් ඔයා කතා කරන එක මට කරදරයක් නෙවෙයි.. අපි දැන් කොහෙටද යන්නේ..."

අවානෙන් මූන වහන් ඇස් වලින් විතරක් තමන් දිහා බලන් කියන දේවල් අහන් ඉන්න ජන්කුක් දිහා බලන් ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ඉක්මනින් ටේහ්‍යොන්ගේ අතින් අල්ලලා ඇදලා ගත්තා...

"පරිස්සමට මිස්ටර් කිම් , මෙතනින් පහලට වැටේවි ඔයා..."

පාලම අයිනටම වෙන්න හිටපු ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් ජන්කුක් කිව්වහම ටේහ්‍යොන්ග් තමන්ගේ අත අරන් පිටිපස්සෙන් බැදගත්තා...

ටික වෙලාවකින් නගරෙට එනකම්ම ඇවිදන් ඇවිත් නගරේ හරහා කොනට වෙන්න තිබුනු විශාල පුස්තකාලයට ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් ආවා... ඒ පැත්තේ හැමදෙයක්ම වගේම ඒ ගොඩනැගිල්ලත් ලා දුඹුරු පාටින් කරපු දේවස්ථානයක හැඩහුරුකම් එක්ක තිබුනු එකක් උනා...

"මේක අතෑරලා දාපු දේවස්තාන ගොඩනැගිල්ලක්.."

ටේහ්‍යොන්ගේ ඇස් දුවන දිහා බලන් ඉදපු ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව හොලවන ගමන් රවුම් හිස්වැස්ම ගලවලා අතට ගත්තා...

"හලෝ කුක්.. ගොඩාක් දවසකින්.. ඔහ් අද අමුත්තෙක් ඉන්නවද..."

පුස්තකාලේ ඉස්සරහම හිටපු කාන්තාව ජන්කුක්ට කතා කරන ගමන් ටේහ්‍යොන්ග් දිහා බලල හිස නවලා ආචාර කරා...

"එල්සි, මේ තමයි අලුතෙන් ආපු වෛද්‍යවරයා... අපේ පුස්තකාලෙට එන්න ඕනයි කියපු හින්දා මාත් එක්කන් ආවෙ..."

"ඔහ්, මුනගැහීම සතුටක් ඔබතුමාව..."

එල්සිගේ පිලිගැනීමට යන්තමින් හිස හොලවපු ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඇතුලට ගියා.... උස සිවිලිමේ භාගයක් දක්වා උස උන විශාල ශක්තිමත් ලීයෙන් කරපු පොත් රාක්ක වල එතෙක් මෙතෙක් නම් නොදන්න පොත් විශාල ප්‍රමානයක් තිබුනා...

ජන්කුක් උස රාක්ක අතරින් නව කතා තියන රාක්ක හොයාගෙන යනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ සාක්කුවට අත් දෙක දා ගන්න ගමන් ඇතුලට ඇවිදගෙන ගියා....

සෑහෙන වෙලාවකට පස්සේ ජන්කුක් ඕනේ කරන පොත් දෙක තුන හොයාගෙන එලියට එනකොට ටේහ්‍යොන්ග් පුවත්පත් තියලා තිබුනු තැන ඉදන් ඇවිත් දිග මේසේ පුටුවක් පිටිපස්සට අදින ගමන් ඉදගත්තා...

"ඔහ්, මිස්ටර් කිම් මේ පොත් කියවනවද... වෛද්‍ය පොත් තියෙන්නේ මෙතනින් එහා පැත්තේ රාක්කේ..."

මේසෙට හේත්තු වෙලා ටේහ්‍යොන්ග් මේසෙ උඩින් තියලා තිබුනු පොත් දිහාවට එබෙන ගමන් ජන්කුක් ඇහැව්වම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...

"මට වෛද්‍ය පොත් ඕන නෑ..."

"එහෙනම්..."

"ඇයි ඒ මට වෛද්‍ය පොත්?"

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන දිහා ඔලුව උස්සලා බලන් ගමන් ආයෙත් තමන් අතේ තිබ්බ සගරාවට අවධානය යොමු කරා... ජන්කුක් ටේහ්‍යොන්ග්ට ඉස්සරහින් තිබ්බ පුටුව පිටිපස්සට අදින ගමන් ඉදගත්තා...

"මිස්ටර් කිම් වෛද්‍යවරයෙක්නේ , ඉතින් මම හිතුවේ ...."

"ජන්කුක්, පොත් කියවන්නෙ ඇයි?"

"අහ්..."

එකපාරටම ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් ඇස් ලොකු කරගත්තා...

"ම...මම ආසයි පොත් කියවන්න.. මන් ගොඩාක් වෙලාවට මිනීත් එක්ක ගිහින් ලී තට්ටුව උඩට වෙලා කියවනවා... මට එතකොට ඒ පොත ඇතුලේ ජීවත් වෙන්න පුලුවන්..."

ජන්කුක් එක දිගට කියන් ගියාම ටේහ්‍යොන්ග් සගරාව මේසෙ උඩින් තියන ගමන් ජන්කුක් දිහා බැලුවා...

"හැමෝම පොත් කියවන්නෙ මොනවා හරි හේතුවකට, නැත්නම් මේ ලෝකෙ පොත් කියවන්න අකමැති මිනිස්සු ඉන්න විදියක් නැහැනේ..."

ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් තමන්ගේ එක අතකින් අනිත් අත මිරිකගත්තා...

"පොත් වලට කැමති වෙන්නේ දැනුම හොයන මිනිස්සුම විතරක් නෙවෙයි, තමන්ගෙම ලෝකෙක ජීවත් වෙන්න කැමති මිනිස්සු, එක පුන්චි වචනෙකින් මුලු කතාවක්ම කිසිම වරදක් නැතුව ඔලුව ඇතුලෙම මවාගන්න පුලුවන් මිනිස්සු, ලස්සන වචන වල පැය ගනන් හිර වෙලා ඒ වචන අස්සේ තේරුම හොයන්න ඉවසීමක් තියන මිනිස්සු... ඉතින් මිනිස්සු පොත් තෝරගන්නෙ තමන්ට දැනුම ලබාගන්නම විතරක් නෙවෙයි..."

ජන්කුක් තමන්ගේ ඇස් අහකට නොගෙනම ටේහ්‍යොන්ගේ වචන වලට සවන් දෙනකොට ටේහ්‍යොන්ග් පුටුවෙන් නැගිටින ගමන් පුටුව මේසේ ඇතුලට තල්ලු කරා...

ආයෙත් අතේ තිබ්බ සගරාව රාක්කෙන් තියන ගමන් ටේහ්‍යොන්ග් මේසෙ උඩ තිබුනු පොත් කීපය අතට අරගත්තාම ජන්කුකුත් ටේහ්‍යොන්ග්ට එකතු වෙන ගමන් පුස්තකාලෙන් එලියට ආවා...

"මිස්ටර් කිම්..."

"ම්ම්..."

එක දිගට පාර දිගේ ඇවිදගෙන යන ටේහ්‍යොන්ග්ට නිහඩතාවයකින් පස්සෙ ජන්කුක් කතා කරාම ටේහ්‍යොන්ග් මිමිනිල්ලකින් උත්තර දුන්නා...

"ඇයි ඒ එහෙම කිව්වෙ..."

ටේහ්‍යොන්ග් තමන්ගේ ඇහි බැමක් උස්සන ගමන් ජන්කුක් දිහා බැලුවා...

"කලින්, පොත් ගැන... ම්..මම කිව්වේ......."

"නිකන් ජන්කුක්ට තව ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා, පොත් වල වටිනාකම අපිට දැනෙන්නේ අපි ඒ පොත් ගන්නේ කොතනින්ද කියන එකත් එක්කමයි... අපි ලග පොත් තිබුනත් පිට තැනකින් ගන්න පොතක් අපි අරපරිස්සමට කියවන්නෙ ඒකයි...."

ටේහ්‍යොන්ග් කතාව නවත්තන ගමන් ආයෙත් ඉස්සරහ බලාගෙන ඇවිදිනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ මූන දිහා බලන් ඉස්සරහට යන්න ගත්තා... වචන දෙක තුනකින් කිව්ව ගැබුරු හඩවල් ගොඩ එක්ක ටේහ්‍යොන්ග් ගැන ගෞරවයක් ජන්කුක්ගේ හිතේ ඇති උනා... ඔහු නිකන්ම නිකන් වෛද්‍යවරයෙක් නෙවෙයි, ජන්කුක්ට තේරුනා...

"මම මෙතන වැඩ ටික බලන්න නතර වෙනවා ජන්කුක් තනියම යනවද එහෙම නැත්නම්...."

තාමත් වැඩ කරන තමන්ගේ මන්දිරේ ළඟින් නතර වෙන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙන් ඇහුවා..

"මි..මිස්ටර් කිම්..."

"ම්ම්..."

"කමක් නැත්නම් මාත් ඇතුලට එන්නද ..."

හරිම හෙමින් ජන්කුක් තමන්ගේ මූන අවානෙන් වහගන්න ගමන් අහනකොට මෙතන ජිමින් හිටියානම් පුදුම වෙනවා... ඒ තරම්ම ජන්කුක්ගේ හැසිරීම තැන්පත් වෙලා තිබුනා...

"හොදයි..."

එච්චරම විතරක් කියපු ටේහ්‍යොන්ග් තාමත් ගේට්ටු පියන් සවි නොකරපු ගල් බැම්ම අතරින් ඉදිකරමින් පවතින කුඩා මන්දිරයට යනකොට ජන්කුකුත් ඒ පස්සෙන්ම ඇතුලට ආවා...

"මහත්තයා, මේ ඔරලෝසුව අපි කොහෙන්ද තියන්නේ..."

ලීයෙන් කරපු ඉතාමත් වටින බව පේන්න තියන උස ඔරලෝසුව ටේහ්‍යොන්ග් ගාවින් බිමින් තියන ගමන් මන්දිරය තුලට ගෘහ භාන්ඩ අදිමින් හිටපු මනුස්සයෙක් අහනකොට ටේහ්‍යොන්ග් ඉදිරි දොර ගාවට ගිහින් ඇතුල දිහා බැල්මක් හෙලුවා...

එක පාරටම ටේහ්‍යොන්ග්ට පිටිපස්සෙන් හිටන් හිටපු ජන්කුක්ට ටේහ්‍යොන්ග් බැල්මක් දැම්මහම ජන්කුක් බය වෙලා අත් දෙකෙන්ම පොත තුරුල් කරගත්තා... ආයෙත් ඔරලෝසුව දිහත් බලලා ,දොර දිහත් බලලා ටේහ්‍යොන්ග් දිහා බැලුවම ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සන ගමන් ජන්කුක් දිහා බැලුවා...

ටේහ්‍යොන්ග් පස්සෙන්ම ඇතුලට ගිය ජන්කුක් විසිත්ත කාමරය දිහා බැලුවා.. තාමත් තිර රෙදි එල්ලලා නොතිබ්බ නිසා එලිය හොදින් වැටුන්නත් වට උනු ස්වභාවය හින්දා අදුරෙන් තිබුනු විසිත්ත කාමරේ උඩු මහලට යන තරප්පු පෙල , තවත් කාමර වලට යන දොරවල් ඇරුනහම මුලු පහල තට්ටුව පුරාම විහිදිලා තිබුනා... මැදම තිබුනු කොටු හැඩේ කැටයම් කරපු කණුව දිහා බලලා ආයෙත් ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් බැලුවහම මේ තරම් වෙලා ජන්කුක්ගේ ඇස් දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් මනුස්සයා දිහාට හැරුනා..

"අර කණුවට හේත්තු කරන්න, ඉස්සරහට මූන දාලා..."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ඇතුලට යනකොට ජන්කුක් තමන්ගේ ඇස් පුදුමෙන් මහත් කරගන්න ගමන් බලන් හිටියා... තමන්ගේ හිතේ තිබුනු දේ ටේහ්‍යොන්ග් කොහොමද දැනගත්තේ කියලා තේරුම්ගන්න වගේ...

"කිම් මන්දිරයට පිලිගන්නවා ලිට්ල් ප්‍රින්ස්...ඔයා තමයි මගේ පලවෙනි අමුත්තා...."

.




.


.


.



.


.

************************

___________________________Dark_Sunshiner 🤍🥀

කෝමද...🙃♥️

Thanks for reading..♥️

To be Continued....

2023/08/03

Bạn đang đọc truyện trên: AzTruyen.Top