|02|

"ඔහ්.. මන් කොච්චර කාලෙකින්ද මේ පැත්තට ආවේ.. ඇත්තටම මූසලයි වගේ..."

මන්දිරේ නැගෙනහිර පැත්තට ඇවිදගෙන යන ගමන් ජන්කුක් තමන් එක්කම කතා කරා...

"දෙවියනේ.. මට අප්පගෙන් කාමරේ අහන්න බැරි උනානේ... දැන් හැම එකටම තට්ටු කරන්න ඕනිද..."

කටෙනුත් ඇගිල්ලක් තියාගෙන කාමර වලට බෙදුනු දොරවල් පෝලිමට විහිදුනු කොරිඩෝ එක දිහා බලන් හිටියා...

"මම කොහොමද කතා කරන්නේ... මිස්ටර් කිම්... අන්කල්.. ම්ම්හ්.. ඒක ගැලපෙන් නෑ.. මන් එච්චර පොඩි නෑනේ..."

තමන්ගේ ඇග දිහා බලන ගමන් ජන්කුක් ආයෙත් කල්පනා කරා...

"මිස්ටර් කිම්.. කෝකටත් ගැලපෙනවනේ.. මට ලිට්ල් ප්‍රින්ස් කීවේ..."

තමන්ගේ රත් උන කම්මුල් වලට අත තියන ගමන් ජන්කුක් තනියම කතා කරන දිහා වෙන කෙනෙක් දැක්කන්නම් ඇත්තමයි පිස්සු කියලා හිතාවි...

"මේ කාමරේ එලියක් පේන්නේ නෑනේ... ඔහ් මෙච්චර ඈත කාමරයක් ඇයි ලෑස්ති කරලා තියෙන්නේ... අපේ පැත්තේ ඕනතරම් කාමර තියනවානේ... මේක කරදරයිනේ..."

තනියම කියවන ගමන් දොර යට පොඩි තීරුවෙන් එලියක පිටට පේන කාමර හොය හොය ජන්කුක් ඉස්සරහට ගියා...

"ඕඕඕහ්හ්...ඔම්මාආආ..."

ජන්කුක් හයියෙන් කෑ ගහලා පපුවටත් අතක් තියාගෙන පිටිපස්සට පැන්නේ ලගම තිබුන කාමරේ දොර එකපාරටම ඇරිලා වේගෙන් හුලගක් ඇවිත් ඇගේ වැදුන හින්දා...

"ඕහ්.. මම ඔබව බය කරාද... සමාවෙන්න..."

ටේහ්‍යොන්ග් ඉක්මනට බිත්තියට හේත්තු වෙලා ඉන්න ජන්කුක් ගාවට ලන් වෙනකොට ජන්කුක් ලැජ්ජාවටම බිම බලාගත්තා... තමන් කලින් කෑ ගැහුව විදිය මතක් වෙලා ජන්කුක්ට ලැජ්ජා හිතුනා...

"ඒකට කමක් නෑ මිස්ටර් කිම්..."

කන් දෙකත් රතු කරගෙන හීනියට කීව ජන්කුක් ඇස් දෙක උස්සලා බැලුවා... ටේහ්‍යොන්ග් හිටියේ සැහැල්ලු ඇදුමකින් සැරසිලා...කලින් පිලිවලට තිබුනු කොන්ඩේ ඇවිස්සිලා සෙල්ලක්කාර පෙනුමක් ඇවිත් තිබ්බත් තාමත් කලින් තිබුනු ගාම්භීර බව ඒ විදියටම ඒ මූනෙන් පේන්න තිබුනා...

"අ..අප්පා.. කෑමට කතා කරා... මිස්ටර් කිම් වෙලාව දන්නේ නැති නිසයි ම..මම ආවෙ.."

යන්තම කියන්න ආපු වචන ටික ගැටගගත්තු ජන්කුක් තමන්ගේ මූන හන්ගන්න වගේ බිම බලා ගත්තා...ජන්කුක් මූන වහගෙන නොහිටියත් ඇස් දෙක දැක්ක ගමන් මේ කලින් දැකපු ජන්කුක් කියලා අදුරගන්න ටේහ්‍යොන්ග්ට අපහසු උනේ නෑ..

"හොදයි.. අපි යමු..."

වැඩි කතාවක් නැතුව ඉස්සරහට ඇවිදගෙන යන ටේහ්‍යොන්ග් පස්සෙන්න් ජන්කුකුත් ඇවිදගෙන ගියා...ජන්කුක් බලාපොරොත්තු උනා ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක මොනවා හරි කතා කරයි කියලා... නැත්නම් මොනවා හරි අහයි කියලා... ඒත් නැගෙනහිර කොරිඩෝ එකෙන් එලියට ඇවිත් විසිත්ත කාමරයට එනකනුත් ජන්කුක් බලාපොරොත්තු උනා වගේ කිසි දෙයක් ටේහ්‍යොන්ග් කතා කරේ නෑ... ටේහ්‍යොන්ග් නිහඩ සැරපරුෂ කෙනෙක් කියලයි ටේහ්‍යොන්ගේ පස්සෙන් ඇවිදගෙන ආපු මුලු වෙලාවම ජන්කුක් හිතුවේ...

"මිස්ටර් කිම්... එන්න ඉදගන්න.. මන් ඒත් පරක්කු ඇයි කියලා බැලුවා.. ජන්කුක් මුකුත් දග වැඩක් කරේ නෑනේ..."

ඇහි බැමත් උස්සලා පස්සෙන් එන ජන්කුක්ගෙන් ජෝන් ඇහුවම තොල් දෙකත් නපුරු විදියට උල් කරන් ජන්කුක් ඔම්මා පස්සෙන් හැන්ගුනා...

"කෑම කොහොමද ඕන කරන්නෙ කියලා මිස්ටර් කිම් කියලා තියන්න... එතකොට ඒ විදියට කෑම ගන්න පුලුවන්... දවල් වරුවම මම ගෙදර නෑ.. ඒ හින්දා රෑට මේ වෙලාවට අපි රෑ කෑම හැමෝම එක්ක ගන්නවා... මිස්ටර් කිම්ටත් පුලුවන්නේ අපිත් එක්ක එකතු වෙන්න..."

ජෝන් කීවම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ඔලුව වැනුවා... ඊලගට හැමෝම නිහඩව කෑම ගන්න ගත්තා...දිග මේසේ මුල් පුටුවෙම මිස්ටර් ජෝන් වාඩි වෙලා හිටියා, ඊට පස්සේ දෙපැත්තෙ තිබුනු පුටු දෙකේ නම්ජූන් , මිසිස් ජෝන් වාඩි වෙලා හිටියා... තමන්ගේ ඔම්මට එහා පැත්තෙන් ජන්කුක් නම්ජූන්ට එහා පැත්තෙන් ටේහ්‍යොන්ග් වාඩි වෙලා තිබුනා...

කෑම ගත්ත මුලු වෙලාව පුරාම හැමෝම නිහඩව කෑම ගත්තත් ජන්කුක්ගේ නිහඩ නමුත් නොසන්සුන් ඇස් නම් සැරින් සැරේ තමන්ගේ ඉස්සරහටම වෙලා කෑම ගන්න කඩවසම් රූපේ දිහාට ඇදුනා...

"ඉතින්.. මිස්ටර් කිම්.. මේ පැත්තට එන්න හිතුනේ ඇයි..."

ජෝන් ඇහුවමා තමන්ගේ කට පිහදාපු සුදු පාට රෙදි කෑල්ල මේසෙ උඩින් තිබ්බ ටේහ්‍යොන්ග් තමන්ගේ අත් එකට පටලවගෙන මේසේ උඩින් තිබ්බා...

"මේ පැත්තට මම කැමති... එක පාරක් මම මෙහෙට ඇවිත් ගිහින් තියනවා... මට අවශ්‍ය තරම් දියුනුයි වගේම මට අවශ්‍ය ප්‍රමාණෙටම නොදියුණු දේවලුත් තියනවා.. ඒ හින්දා මම මෙහෙට කැමති..."

ටේහ්‍යොන්ග් උත්තර දුන්නම ජෝන් හිනා වෙලා ඔලුව වැනුවා... ඒ දුන්න උත්තරේ තේරුම මොකක්ද කියලා ජන්කුක් කල්පනා කරත් ටේහ්‍යොන්ග් අදහස් කරපු දේවල් මොනවද කියලා තේරුනේ නැති හින්දා ජන්කුක් ඒ තරම් ඒ දේ ගැන හිතන්න ගියේ නෑ...

"නම්ජූන් මිස්ටර් කිම්ට වඩා අවුරුද්දයි වැඩිමල්.. මම බලාපොරොත්තු වෙනවා හොද මිත්‍රත්වයක් ගොඩනගාගන්න පුලුවන් වෙයි කියලා ..."

ජෝන් ආයෙත් කීවාම ටේහ්‍යොන්ග් නම්ජූන් දිහා බලල හිනා උනාම නම්ජූනුත් හිනා උනා... ඊට පස්සේ කෑම මේසෙන් නැගිටලා ටේහ්‍යොන්ග් නම්ජූන් එක්ක කතා කරමින් එලියට යනකොට ජෝන් මිසිස් ජෝන් එක්ක එතනින නැගිටලා විසිත්ත කාමරේ පැත්තට ගියා....

"මන් එච්චර පොඩි නෑනේ.. කවුරුත් ඇයි මාව ගනන් නොගන්නේ..."

දුකින් තොල් නොපිට පෙරලන් ඉදන් හිටපු තැනම ඉදන් ජන්කුක් තමන්ගේ ඇස් දෙකට කදුලු පුරව ගත්තා... ටේහ්‍යොන්ග් කිසිම වෙලාවක එයා දිහා බැලුවේ නැති එකට ජන්කුක්ට දුක හිතුනා...අනිත් අතට ඒ වගේ ලොකු කෙනෙක් තමන් එක්ක මොනවා කතා කරන්නද කියලත් හිතුනා... තමන්ගේ කාමරේට ඇවිත් ඇදේ පෙරලිලා වියන් අතරින් පහලට එල්ලුන රේන්ද කෑලි එක්ක ඇගිලි වලින් සෙල්ලම් කර කර හිටපු ජන්කුක්ට එහෙමම නින්ද ගියේ උදේ ඉදන් ඇවිදලා ඇගට දැනුනු තෙහෙට්ටු ගතියටත් එක්ක....

.



.


.



.


.

උදේ ඉර එලිය ලොකු ජනේලෙන් පෙරිලා තමන්ගේ නින්දට බාධා කරනකොට ඇස් ඇරපු ජන්කුක් ඉක්මනට ඇදෙන් නැගිටලා වෙනදා වගේම ජනේලේ ගාවට ඇවිදගෙන ගියා... ලොකු ජනෙල් පියන් දෙක ඈත් කරලා ජනෙල් පඩිය අල්ලගෙන පහලට නැමිලා උදේ හොද නැවුම් හුස්මක් පුරවගත්තු ජන්කුක් ඇස් දෙක තද කරලා ඇරියා... තමන්ගේ කාමරෙ ජනේලෙන් පේන ඉස්සරහ ලොකු උද්‍යානය දිහා බලපු ජන්කුක් දැක්කේ දැනටමත් සූදානම් වෙලා කොනේ තිබුනු සුදු පාට ලී මේසේ උඩට වෙලා තේ කෝප්ප තොල ගාමින් කතා කරන නම්ජූන්වයි, ටේහ්‍යොන්ග්වයි...

ටේහ්‍යොන්ග් තද දුබුරු පාට කලිසමක්, ඒකටම ගැලපෙන දුබුරු පාට සපත්තු දෙකකිනුත්, පිටින් පේන විදියට තද නිල් පාට කෝට් එකකිනුත් සැරසිලා තිබුනා... හැමදාම උදේට මේ තරම් හිත පිරෙන දර්ශනයක් බලන්න ජන්කුක්ට ආස හිතුනා... නිකන් හැමදේම අතරින් තමන් ආසම දෙයක් මුලින්ම හොයාගන්නවා වගේ හැගීමක්...

තමන්ගේ උදේම ගිය නිදිමතත් එක්ක ඉක්මනට පිරිසිදු වෙලා ලෑස්ති උන ජන්කුක් පුරුදු විදියටම කලු පාට කලිසමකුත් ,තද කලු පාට රටාවක් ගිය සුදු පාට ශර්ට් එක්කුත් ඇදගෙන පිලිවලට කොන්ඩේ හදාගත්තා... පැත්තෙන් දෙපැත්තට වැටෙන විදියට කොන්ඩේ හදලා , කන්නාඩි මේසේ ලාච්චුවෙන් පොඩි පෙට්ටියක් එලියට අරගෙන පොඩි සියුම් බුරුසු වලින් පෙනෙන නොපෙනෙන තරමට තමන්ගේ ඇස් කම්මුල් තොල් හැඩ දැම්ම ජන්කුක් කණ්නාඩියෙන් බලල තෘ‍ප්තිමත් උන හඩක් පිට කරා... එක විශේෂ නොවෙන දවසකට මෙච්චර දේවල් ඕනෙ නැති උනත්, ජන්කුක්ගේ හිත බල කරපු විදියට ජන්කුක් ලස්සනට සූදානම් උනා...

ඉක්මනට පහලට ඇවිත් කෑම කාමරේට ගියත්, ඒ වෙනකොටත් ජන්කුක්ට උදේ කෑම මේසෙ උඩ ලෑස්ති කරලා තිබ්බා... ඒ හින්දා උද්‍යානයට යන්න බැරි හින්දා ජන්කුක් කෑම මේසෙන් ඉදගෙන ඉක්මනට උදේ කෑම ගත්තා... කෑම අරගෙන එලියට එනකොට ජන්කුක්ගේ බලාපොරොත්තු කඩ කරලා ටේහ්‍යොන්ග් ඒ වෙනකොටත් පිටත් වෙලා තිබ්බා වගේම නම්ජූනුත් යන්න වාහන නවත්තපු තැනට ඇවිදගෙන යන ගමන් හිටියේ...

"ඕහ්.. කුක්.. උදේම අද කොහෙද රවුම්ගහන්න යන්නේ...."

ජන්කුක් ලගට ඇවිත් ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සන්න අත දික් කරපු නම්ජූන්ගේ අතට පාරක් ගහපු ජන්කුක් ඉක්මනට එතනින් එහාට උනා...

"මගේ.. කොන්ඩේ අවුස්සන්න එපා..."

"ඔහ්..හරි හරි .. මට සමාවෙන්න..කොහෙද යන්නෙ ඉතින් අද.. මම ගෙනිහින් දාන්නම් යන ගමන්..."

"ඕන නෑ... මම මිනී හම්බෙන්න යන්නේ.. එතනට වාහනෙන් යන්න බෑ.. ඒනම් මන් යනෝ හ්‍යුන්ග්..."

අන්තිම ටික හුරතල් විදියට කියලා ටිකක් උඩ පැන පැන වගේ එක අතකින් පොතකුත් අනිත් අතින් අවානත් උඩට අල්ලගෙන යන ජන්කුක් දිහා බලාගෙන නම්ජූන් ඔලුව දෙපැත්තට වැනුවා... අවුරුදු විසි එකයි කියන්න තරම් තාම ජන්කුක් බොලද වැඩි.. ඒ කියලා ඒ හුරතල් ගතියට බනින්නත් කවුරුත් කැමති උනේ නෑ.. ඒකනේ උදේටයි හවසටයි අප්පගෙන් ජන්කුක්ව නම්ජූනුයි ඔම්ම්මයි බේර ගන්නේ...

.

.

.

"ඔයා කියන්නේ... අලුත් වෛද්‍යවරයා ඔයාගේ ගෙදර ඉන්නවා කියලද..."

කටටත් අත තියාගෙන ජිමින් ඇහුවම ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...

"මිස්ටර් කිම්ට වයස විසි නමයයි..."

"ඕහ්.. ඒ කියන්නේ ජූන් හ්‍යුන්ග්ට වඩා අවුරුද්දයි බාල..."

ජිමින් කීවාම ජන්කුක් ඔලුව වැනුවා...

"මොනා උනත්, ගොඩාක් කල් ඔයාගෙ ගෙදර ඉන්න එකක් නෑ මිස්ටර් කිම්.."

ජිමින් කීවාම ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් ඇයි කියලා ඇහුවා...

"අපි එදා දැක්කේ... අලුතින් හදන මන්දිරේ.. ඒක මිස්ටර් කිම්ට තමයි හදන්නේ... දැන් ඒකේ වැඩ ඉවරවෙන්න ගොඩාක් ලගයි.. ඉතින් ලගදිම් එහෙට මිස්ටර් කිම් යාවි..."

ඒක ඇහුන ගමන් ජන්කුක් මූන බිමට හරවගත්තා...

"ඒකෙන්ම මිස්ටර් කිම් ගොඩාක් ලොකු ධනවතෙන් බව පේනවා... ඔහු දිගටම මෙහෙ නතර උනොත් මේ පැත්තටම හොදයි..."

ජිමින් දිගටම කතා කරනකොට තමන්ගේ අතේ තිබුනු පොත තුරුල් කරගන්න ගමන් ජන්කුක් නිහඩවම හිටියා...

"ඉක්මනින්ම ඔහුගේ බිරිදවත් එක්කයි එයි... එතකොට දෙන්නටම නවතින්න පුලුවන්නේ..."

"බි..බිරිද ..ඔහු විවාහ වෙලාද.."

"නැති වෙන්න බෑනෙ... ජූන් හ්‍යුන්ග් විවාහා උනේ නෑ කියලා හැමෝම එහෙම නෑනෙ.. අනිවාරෙන්ම විවාහ වෙලා ඇති..."

ජිමින් විශ්වාසෙන්ම කියනකොට ජන්කුක් යන්තම් හිනා වෙලා ඔලුව වැනුවා.. කොහොමත් මිස්ටර් කිම් විවාහ නොවෙයි කියලා හිතන්න බෑ... ධනවත් කඩවසම් කෙනෙක්ට මේ වෙනකොටත් කවුරුමහරි ඉන්න පුලුවන් ඉතින් ඒක පුදුම වෙන්න දෙයක් නෑඒ...

"අපි ගෙදර යමු..."

ජන්කුක් කීවාම ජිමින් ඉක්මනට හැරුනා..

"ගෙදර.. මෙච්චර ඉක්මනට.. ඒත් අපි අද ගොඩාක් දේවල් කරන්න කතා උනානේ... අද අපි පුස්තකාලෙටත් යන්න ඕන.. ඒක ගොඩාක් විනෝදයි කුක්... අපිට කොනටම යනකන් යන්න පුලුවන්..."

ජිමින් කීවාම තමන්ගේ අතේ තියන පොත දිහා බලල ඔලුව වැනුවා..ජන්කුක්ට ජියෝන් මන්දිරේ ලොකු පුස්තකාලයක් තිබුනත්, නගරයේ එහා කොනේ තිබුනු පුස්තකාලයට කාලෙ වැය කරලා ඇවිදලා ගිහින් පොතක් ගන්න කැමති උනා... පොතේ වටිනාකමත් ඒ එක්ක වැඩි වෙනවා වගේ දැනුනා...ඒ හින්දා ජන්කුක් ඒ පුස්තකාලයට යන්න පුරුදු වෙලා හිටියා...

"ඔහ්..කුක් මේක තමයි මන්දිරේ.. බලන්න ඒකෙ වැඩ ගොඩාක් දුරට ඉවරයි..."

ලා දුබුරු පාටට හුරුව ජියෝන් මන්දිරයට වඩා ටිකක් පොඩි නමුත් ඒ මන්දිරයත් ටේහ්‍යොන්ග් තරම්ම ගාම්භීරයි කියලා ජන්කුක්ට හිතුනා... වටේට උස තාප්ප එක්ක වැව්න ලොකු ගස් වලට හානියක් වෙන් නැතුව මැදින් මන්දිරේ ඉදිවෙලා තිබ්බා...

"ඔහ්.. මිස්ටර් කිම්.."

ජන්කුක් එක පාරටම කීවේ, මන්දිරේ ඇතුලේ ඉදන් එලියට ආපු ටේහ්‍යොන්ග්ව දැකලා...

"වෛද්‍යවරයෙක් කොහොමද එච්චර කඩවසම් වෙන්නේ..."

ජිමිනුත් හෙමීට මිමිනුවම ජන්කුක්ගේ කම්මුල් රතු උනේ තාමත් ගේට්ටුව සවි කරලා තිබුන නැති තාප්පේ අතරින් බලන් හිටපු දෙන්න දිහාට ටේහ්‍යොන්ගේ ඇස් යොමු වෙනවා දැනුන හින්දා...

"මිනී... මිස්ටර් කිම් මේ පැත්තට එනවා.. මොනවද අපි කියන්නේ..."

අවානෙන් තමන්ගේ මූනත් වහගෙන ජිමින්ගේ අත මිරිකන ගමන් ජන්කුක් කීවාම ජිමින් ජන්කුක්ගේ අත අයින් කරා...

"ඔය දෙන්නා.. මෙතන උවමනාවකටද..."

ටේහ්‍යොන්ග් ජන්කුක් ජිමින් දෙන්න ගාවට ඇවිත් එක අතක් සාක්කුවේ දා ගන්න ගමන් ඇහුවම දෙන්නම ඔව් කියලා ඔලුව වනලා ආයෙත් නෑ කියලා දෙපැත්තට ඔලුව වැනුවා...

"අ..අපි.. මේ යන ගමන් මේක දැකලා නැවතුනේ..."

ජිමින් ගොත ගහ ගහ කියනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇහි බැමක් උස්සලා ජන්කුක් දිහා බැලුවා..

"ඕහ්.. අ..අපි මේ.. පුස්තකාලයට යනවා...ඒ.. ඒකයි.."

ජන්කුක් ගොත ගගහා කීවාම ජිමින් හෙමීට ජන්කුක්ගේ අතක් කෙනිත්තුවා...

"පුස්තකාලයට මටත් යන්න තිබ්බනම් හොදයි.. කොහොමත් මට දැනගන්න ඕන වෙලා තිබ්බේ.. මාවත් එක්ක යන්න පුලුවන්ද දවසක..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජ්නකුක් පුදුමෙන් ඇස් ලොකු කරගත්තා.. ටේහ්‍යොන්ග් එහෙම ඉල්ලයි කියලා නම් කීයටවත් ජන්කුක් බලාපොරොත්තු උනේ නෑ..

"එක්කන් යන්නම්...හෙ..හෙට කොහොමද..."

"ඕහ්.. හෙට හොදයි... මට නිදහස වෙලාවක් වෙන් කරගන්න පුලුවන් වෙයි..."

ටේහ්‍යොන්ග් ඔලුව වනලා කීවම ජන්කුක් ඇස් දෙකෙන් හිනා වෙලා ඔලුව වැනුවා...

"එහෙනම්.. අපි ගිහින් එන්නම් මිස්ටර් කිම්... "

දෙන්නම් ටේහ්‍යොන්ග්ට ආචාර කරලා එහාට ඇවිදගෙන යන දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙලා ආයෙත් ඇතුල් පැත්තට ඇවිදගෙන ආවා...

.

.

.

.

**************


___________________________Dark_Sunshiner 🤍🥀

🙃💫💝

Thanks for reading♥️

To be Continued...

2023/08/02

Bạn đang đọc truyện trên: AzTruyen.Top