|01|

"මේ හැමෝම මොනා ගැනද කතා වෙන්නේ මිනී..."

ජෝන් ජන්කුක් එහෙමත් නැත්නම් ඒ ප්‍රදේශයෙන්ම වැදගත්ම පවුල වන ජෝන් පවුලේ පොඩි පුතා, ඇහුවේ එයාට එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු එයාගෙ හොදම යාලුවා මිනීගෙන්...

සුදු පැහැති සිල්ක් කමිසයකින් සහ කලු පැහැති කලිසමකින් සැරසිලා නිතර සුදු පැහැ අවානක් අතේ රදවගෙන ඉන්න මේ ජන්කුක් තරුනයා කිරි සුදු පැහැති සමක් එක්ක දුටු පමණින් කාගෙත් සිත් ඇදගන්න තරම් රූ සම්පත්තියකින් යුක්ත උනා... තරුණයෙක් වුවත් එයට කඩවසම් බව පවසනවාට වඩා ලස්සනයි යැයි පවසන එකයි සුදුසු උනේ...

"ඔයා දන්නේ නෑ කියලානම් කියන්න එපා කුක්..."

මිනී ලෙසින් හැදින්වූ තරුණයා එනම් පාර්ක් ජිමින් නැමැත්තේ පුදුමයෙන් ඇස් ලොකු කරන් ජන්කුක්ගේ පැත්තට හැරුනා...

"නොදන්න නිසානේ මම ඇහැව්වේ..."

අතේ තියන අවානෙන් පවන් සලා ගන්න ගමන් ජන්කුක් කීවාම ජිමින් හුස්මක් පාත දැම්මා..

"අලුතෙන් වෛද්‍යවරයෙක් ඇවිත් .. ඔහු ගැනයි කතා කරන්නේ..."

"ඉතින් අලුත් වෛද්‍යවරයෙක් පැමිණෙනවා කියලා හැමෝම දැනගෙන හිටියානේ..."

ජන්කුක් කීවේ මීට සති දෙකක පමන කාලයක ඉදන් අලුත් වෛද්‍යවරයා ගැන දැනගෙන හිටපු නිසයි...

"මම ඔහුව දැක්කේ නෑ... ඊයේ තමයි ඇවිත් තියෙන්නේ... හැමෝම කියන විදියට ඔහු ආඩම්බරකාර තැනැත්තෙක්ලු... ඒ වගේම ගොඩාක් කඩවසම් කියලත් හැමෝම කතා වෙනවා... දැන් හැමෝම අලුත් වෛද්‍ය මධ්‍යස්තානය විවෘත කරනකම් ඉන්නේ..."

කටත් අතකින් වහගෙන හුරතල් විදියට ජිමින් කීවේ ජන්කුකුත් ඇස් දෙක ලොකු කරගෙන ඇහුම්කන් දෙනකොටයි...

"ඔහ්... අපිත් ඒනම් ලගදිම බෙහෙත් ගන්න යන්න වෙයි..."

ඇහි බැමත් නටව නටව ජන්කුක් හුරතල් විදියට කීවේ ජිමින් ජන්කුක්ගේ උරහිසට පහරක් එල්ල කරනකොට...

"අයියෝ.. මම හොදටම පරක්කුයි...."

ජන්කුක් ඉදගෙන හිටපු ලී තට්ටුව වගේ තැනින් ඉක්මනට නැගිට්ටේ ගලවලා තිබුන සපත්තු දෙකත් අතට ගන්න ගමන්... එයාලා හිටියේ වැවක් වගේ ලොකූවට තිබුන විශාල පොකුනේ අයිනට වෙන්න ගහලා තිබුන ලී තට්ටුවේ ඉදගෙන කකුල් දෙක වතුරට ඔබාගෙන... ජන්කුක් ජිමින් දෙන්නා ගොඩාක් වෙලාවට හවස් වෙනකොට ඉර බැහැගෙන යනවා බලන්න මෙතනට ඇවිත් ඉදගෙන ඉන්න පුරුදු වෙලා තිබුනා... ඒ උනාට අද අප්පා ඉක්මනට ගෙදරට එන්න කියපු එක ජන්කුක්ට මතක් උනේ පරක්කු වෙලා... කේන්ති ගිය අප්පගේ මූන මතක් කරගෙනම ජන්කුක් ඉක්මනට සපත්තු දාගත්තේ කකුල් දෙක පිහපු ලේන්සුව සාක්කුවට දා ගන්න ගමනුයි...

"ඔහ් ඒනම් කුක් පරිස්සමට යන්න මේ ටික.. මම මෙතනින්ම ගෙදරට යන්නම්..."

තමන්ගේ සපත්තු දෙකත් දාලා ඉවර වෙලා ජිමින් ජන්කුක්ගේ අතින් අල්ලගෙන කීවේ ජිමිගේ නිවසට මෙතන ඉදන් අනිත් පැත්තට යන්න තිබුන හින්දයි...

"මිනීත් පරිස්සමට යන්න...හෙට උදේම විලෝ ගහ යට හම්බෙමු... අපිට විස්තර හොයන්න පුලුවන්..."

මූනේ බේරෙනහිනාව අතකින් වහගෙන දෙන්නත් එක්කම හිනා වෙලා ඇවිදගෙන පාර දිගේ නිවෙස් තියන පැත්තට ඇවිදගෙන ගියා...

ජන්කුක්ගේ ගෙදරට ලොකූ පොකුනේ ඉදන් යනකොට විශාල ගස් වැව්න අදුරු පාරක් පහු කරන්න තිබුනා... හැමදාම හවස් වෙන්න කලින් එතනින් යන්න් ජ්න්කුක් පුරුදු වෙලා තිබුනේ අදුරට තිබුන බය නිසාමයි...

ජන්කුක් කියන්නේ ගොඩාක් හුරතලේට හැදුන ධනවත්ම පව්ලේ පොඩි දරුවා... තමන්ගේ ලොකු හ්‍යුන්ග් වගේ දරදඩු චරිතයක් උනේ නැති ජන්කුක් ගොඩාක් සුකුමාල චරිතයක් උනා... පාසල් ගිහින් ඉවර වෙනකන්ම ඉගන ගන්න ගොඩාක් දක්ශ උන ජන්කුක් හොදට ඉගනගත්තත් අප්පත් එක්ක අප්පගේ ලොකු කර්මාන්තශාලා බලාගන්න නම් ජන්කුක් කොහෙත්මන් කැමති උනේ නෑ... පොත් කියවන්න , ලස්සනට අදින්න , සින්දු කියන්න, චිත්‍ර අදින්න වගේ ගොඩාක් නිදහස් දේවල් වලටම කැමැත්තක් දක්වපු ජන්කුක් ඔම්මාගේ හුරතලේ හින්දම අප්පගෙන් බේරිලා නිදහසේ නිවසට වෙලා හිටියා...

හැමදාම අප්පගේ බැනුම් තමන්ගේ හුරතලෙන්ම මගෑරපු ජන්කුක් , තමන්ගේ යාලුවත් එක්ක හැමතැනම ඇවිදින්න යන්න පුරුදු වෙලා හිටියා.. අදත් ඒ වගේ ගොඩාක් පරක්කු උන හින්දා බයෙන් බයෙන් නිවස දිහාට ඇවිදගෙන ආපු ජන්කුක් ගොඩාක් උස ගේට්ටුවෙන් එබිලා බැලුවේ අප්පා එලියේ ඉන්නවද කියලා...අප්පා එලියේ දැකපු නැති හින්දා ජන්කුක් හෙමීට හොර අඩි තියලා අවානෙනුත් තමන්ගේ මූන වහගෙන ඉස්සරහ දොර දිහාවට ඇවිදගෙන ගියා...

"ඔහොම ඉන්නවා ජන්කුක්..."

හෙමීට දොරෙන් ඇතුලු වෙලා අනිත් පැත්තට විහිදුනු කොරෙඩෝ එක දිගේ යන්න හැදුවත් ඇහුනු ගැඹුරු කටහඩට ජන්කුක් ගැස්සිලා නතර උනා...

"අප්පා..."

තාමත් අවානෙන් වහගත්තු මූනේ අවානෙන් ඇස් දෙක විතරක් එලියට දාලා ජන්කුක් මිමිණුවේ බය උන කටහඩකින්...

"මම කීයටද ඔයාට එන්න කීවේ.. දැන් වෙලාව දන්නවද ජන්කුක්...'

ආයෙත් ගැඹුරු විදියට ඇහුවම ජන්කුක් බයවෙලාවම බලන් හිටියා... අප්පට හොදටම තරහ ගියොත් ජන්කුක් ගොඩක් බයයි...ඒත් ජන්කුක් ඇතුලේ ලොකු විසිත්ත කාමරේ පුටුවක වාඩි වෙලා මේ කතාබහ අහගෙන හිටපු කෙනාවනම් දැක්කේ නෑ...

"ඕහ් .. ජන්කුක් ඇයි මෙතන හිටගෙන.. අප්පා මම පරක්කුයිද... එන්න ඇතුලට යන්..."

එක පාරටම ඉස්සරහ දොරෙන් ඇතුලට ඇවිත් තමන්ගේ කරටත් අත දාගත්තු තමන්ගේ ගැලවුම්කාරයා දිහා ජන්කුක් ස්තූතිපූර්වකව බැලුවේ ජන්කුක්ගේ හ්‍යුන්ග් ජන්කුක්ට ඇහැක් ගහලා ඉගි කරනකොටයි...

"ඔහ්.. නම්ජූන් ඔයා ආව එක හොදයි.. එන්න.. මිස්ටර් කිම් මට සමාවෙන්න අපේ ජන්කුක්ගේ හැසිරීමට...මේ මගේ ලොකු පුතා මෙයා මගෙ දග පොඩි පුතා..."

ජන්කුක්වයි නම්ජූන්වයි පුටුවේ ඉදගෙන හිටපු පුද්ගලයට අදුන්වලා දෙන ගමන් ජෝන් කියනකොට යන්තම හිනා වෙලා ඔලුව වනපු පුද්ගලයා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා...

"මුනගැසීම සතුටක්... මම ජෝන් නම්ජූන්..."

"ඔබවත් මුණගැසීම සතුටක්.. මම කිම් ටේහ්‍යොන්ග්..."

සාගරය තරම් ගැඹුරු කටහඩකින් තමන්ව හදුන්වලා දුන්න ටේහ්‍යොන්ග් දිහා ජන්කුක් බලාගෙන හිටියේ වශී වෙලා... වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇඹූ මූර්තියක් කියන්න පුලුවන් තරම් සර්වසම්පූර්ණ පෙනුමක් ටේහ්‍යොන්ග්ට තිබුනා... ඒ කතා කරපු වචන කිහිපය ඇතුලේ උඩ පහල යන උගුරේ ගැටය , හීනී දිග තියුණු ඇස් ,නම්ජූන්ට ඉස්සරහට දික් කරපු නහර පිරුණු අත, මූනෙ තිබුණු බැරෑරුම් පරිණත පෙනුම ඒ හැමදේම එක්ක ගලවලා අතට අරන් තිබුනු සුදු පාට රවුම් තොප්පිය ධනවත්, කඩවසම් සර්වසම්පූර්ණ ස්වරූපයක් ටේහ්‍යොන්ග්ට ලබා දීලා තිබ්බා...

තාමත් අවානෙන් මූන වහගෙන තමන්ගේ ඇස් දෙකෙන් සම්පූර්ණයෙන්ම ටේහ්‍යොන්ග්ව නිරීක්ෂනය කරමින් හිටපු ජන්කුක්ට කොහෙත්ම තමන්ගෙ ඉස්සරහට අත දික් කරලා තමන්ව අදුවලා දෙන ටේහ්හ්‍යොන්ගේ හඩ නම් ඇහුනේ නෑ..

"කුක්.. මොකද්ද වෙලා තියෙන්නේ..."

අතක් කොනිත්තලා නම්ජූන් ජන්කුක්ට සැරෙන් මුමුණනකොටයි ජන්කුක් සිහියට ආවෙ...

"ඔහ්... මම ජෝන් ජන්කුක්.. මට අවුරුදු විසි එකයි..."

ඉස්සරහට දික් උන ටේහ්‍යොන්ගේ ලොකු අත්ල මත තමන්ගේ හීනි අත තියලා ජන්කුක් ලැජ්ජාශීලී කටහඩකින් මිමිණුවේ තමන්ගේ මූනත් රතු කරගෙන... ඒ අතරේ හදිසියෙන් තමන්ගේ වයසත් ඇතුල් කරේ ටේහ්‍යොන්ගේ වයසත් දැනගන්න තිබ්බා උවමනාවටද නැත්නම් නිකන්මද කියලත් ජන්කුක්ම විතරයි දැනගෙන හිටියේ...

"මම කිම් ටේහ්‍යොන්ග් ,ලිට්ල් ප්‍රින්ස්... මට අවුරුදු විසි නමයයි..."

ආයෙමත් ටේහ්‍යොන්ගේ ගැබුරු කටහඩ ඒ ලොකු අතේ අත තියාගෙන අහගෙන ඉන්න එක ජන්කුක්ගේ අවානෙන් වැහිලා තියන බෝල කම්මුත් ආයෙත් රතු කරන්න හේතු උනා... ලිට්ල් ප්‍රින්ස් ඒ ආමන්ත්‍රණයට ජන්කුක්ගේ හදවත උඩ පැන්නා... නිකන් ඒ වගේ වචනයක් තමන් වෙනුවෙන් ඒ තොල් වලින් පිට වෙන එකට ආඩම්බර වෙනවා වගේ...

"ක්හ්ම්ම්... ඒනම් මිස්ටර් කිම් ඔයාට අද ඉදන් නිදහසේ මෙහෙ ඉන්න පුලුවන්... මිස්ටර් කිම් අපිත් එක්ක නැවතුන එක මටත් ලොකු ගෞරවයක්... ඕනම දෙයක් මෙහෙ සේවකයෙක්ට කීවම කරගන්න පුලුවන්.. "

තාමත් අත අයින් කරගන්න සිහියක් නැති ජන්කුක් දිහා බලාගෙන තදින් ජෝන් උගුර පෑදුවාම ජන්කුක් ඉක්මනට තමන්ගේ අත ඇදලා ගත්තා...

"කරදර වෙන්න උවමනා නැහැ මිස්ටර් ජෝන්... මගේ තැන තාමත් සූදානම් කරනකම් මට මෙහෙ නවාතැන් දුන්නට ස්තූතියි.. එහෙනම් මම මගේ කාමරයට යන්නම්... සුභ රාත්‍රියක්.."

ජෝන්ට ආචාර කරලා නම්ජූටත් ආචාර කරලා ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව ටේහ්‍යොන්ග් මන්දිරේ නැගෙනහිර පැත්තට ඇවිදගෙන ගියාම ජන්කුක් තමන්ගේ තොල් උල් කරගත්තා... නිකමට හරි, ටේහ්‍යොන්ග්ට ජන්කුක් දිහත් බලන්න තිබුනා...

"කුක්.. ආයෙත් මම ඔයාට එලියට බහින්න දෙන්නෙ නැතුව ඉන්නවා හොදද... හරිම නරකයි මම කියන දේවල් අහන්නේ නැති එක..."

ජෝන් ජන්කුක් දිහා බලලා සැර කරනකොට ටේහ්‍යොන්ග් යනකම් ඇතුලට වෙලා හිටපු මිසිස් ජෝන් ඇවිත් ජන්කුක්ගේ වටෙන් අත දාලා ජෝන්ගේ අත අල්ලගත්තා...

"ඒම නෑ, අද විතරනේ පොඩ්ඩක් පරක්කු උනේ... අපි යමුකෝ, රෑ කෑමට හොද දේවල් කියන්න මට..."

ජන්කුක්ගේ කනක් හීනියට මිරිකන ගමන් මිසිස් ජෝන් , ජෝන්ව එක්කන් ගියේ ජන්කුක් අද යන්තම් බේරුන එකට තනියම තොල් උල් කරලා සතුටු වෙනකොට...

"ආයේ නම් ඔම්මටත් මම කියනවා ඔයාව බේරගන්න එපා කියලා කුක්..."

ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සලා නම්ජූනුත් එතනින් යනකොට ජන්කුක් නම්ජූන් ගිය පැත්තට දිව දික් කරා...

හොදයි එතකොට අද ඉදන් කිම් ටේහ්‍යොන්ග් නැවතෙන්නේ ජෝන් මන්දිරේ... ඒක දැනගත්තම ජන්කුක්ට අමුතු සතුටක් දැනුනා...

"නැගෙනහිර පැත්තේ ගොඩාක් කාමර තියනවා... ඒ පැත්ත පාලුයිනේ... සමහර විට මිස්ටර් කිම් තනියම ඉන්න කැමති ඇති... ඒ උනාට අපේ පැත්තෙත් හිස් කාමර ගොඩාක් තියනවනේ... ආර්හ් .. මට මොකටද ඒ දේවල්...හෙට මිනී හම්බෙනකම් ඉවසිල්ලක් නෑ... ඒ උනාට මන් දිහා බැලුවෙවත් නෑ..."

තොල් උල් කරන් තමන්ටම මුමුනගෙන අන්තිම ටිකේ නැගෙනහිර පැත්තට මූනත් පුලුටු කරන් අතේ ඇගිල්ල දික් කරපු ජන්කුක් එතනින් දුවගෙන ගියා...

.

.

.

.

කාමරේට ඇවිත් ඉක්මනට පිරිසුදු උන ජන්කුක් ලස්සනට ලෑස්ති උනා... රෑ කෑම මේසෙට මිස්ටර් කිම් එයි කියලා ජන්කුක් තදින්ම හිතුවා.. කොහොමත් අමුත්තෙක් ඉන්නකොට ලස්සනට අදින්න ඕනෙනෙ... සැහැල්ලු සුදු පාට කලිසමට සුදු පාටින්ම සිල්ක් කමිසයක් ඇන්ද ජන්කුක් තමන්ගේ කොන්ඩෙත් ලස්සනට පීරලා මූනත් හැඩ කරන් එලියට ඇවිත් කෑම කාමරය පැත්තට ඇවිදගෙන ගියා...

දිග ලොකු ලී මේසේ පිලිවෙලට ඉටිපන්ද පත්තු කරලා පලතුරු කූඩ විතරක් තියලා තිබ්බ හින්ද ආයෙත් විසිත්ත කාමරේට ඇවිත් ඔරලෝසුව දිහා බැලුවේ රෑ කෑමට වෙලාව ඇවිත් නැද්ද කියලා හිතන ගමන්... ඔහ්.. තව පැය භාගයක්ම තිබුනා...

"මම එච්චර ඉක්මනට ලෑස්ති උනාද..."

තොල් දෙකත් උල් කරන් ඇස් දෙක බිමට බර කරගත්තු ජන්කුක් ආයෙත් කකුල් ඇද ඇද කෑම කාමරේ හරහා මුලුතැන්ගෙට ගියා...විශාල මුලුතැන්ගේ සේවිකාවෝ එහෙට මෙහෙට දුවන ගමන් කෑම ලෑස්ති කරන ගමන් හිටියේ...

"ඔහ්.. පුන්චි බේබි බඩගිනියිද... ඉක්මනට කෑම හදන්නම් .. එතකන් මේක බොන්නකෝ..."

මුලුතැන්ගෙයි ප්‍රධාන සේවිකාව ජන්කුක් ගාවට ඉක්මනට දුවගෙන ඇවිත් අහලා වීදුරුවක් අතෙන් තිබ්බෙ ජන්කුක් ඒකත් අරන් ආයෙත් කෑම මේසේ කෙලවරෙන් ඉදගනකොට....

"කුක්..ඔයාට අද කලින්ම බඩගිනීද.. ඉන්න මම ඉක්මනට කෑම ලෑස්ති කරන්න කියන්නම්..."

එතනට ආපු මිසිස් ජෝන් ජන්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවාම ජන්කුක් වීදුරුව මේසේ උඩින් තියලා නපුරු කමට තොල් උල් කරා...

"ඒම ඕනෙ නෑ ඔම්මා... මගේ කොන්ඩේ අවුස්සන්න එපා..."

"ගෙදර ඉන්න කොන්ඩේ චුට්ටක් ඇවිස්සුවාම මොකද..."

ඇස් දෙකත් ලොකු කරලා මිසිස් ජෝන් කියනකොට ජන්කුක් ඒක ගනන් ගන් නැතුව අතෙන් කොන්ඩේ හදලා වීදුරුව අතට ගත්තා...

"කුක්... ඔයාට පුලුවන්ද මිස්ටර් කිම්ට කෑමට කතා කරන්න...මට කෑමට වෙලාව කියන්න බැරි උනා..."

කෑම කාමරෙන් ඇතුලට එන ගමන් ජෝන් කියනකොට ජන්කුක් ටක් ගාල පුටුවෙන් නැගිට්ටේ ඇස් දෙක දිලිසෙන ගමන්...

"ඔහ්.. මන් කියන්නම් අප්ප..."

"ඉන්න කාම.........

ජෝන් කාමරේ කියන්න කලින් ජන්කුක් කෑම කාමරෙන් එලියට ගිහින් ඉවරයි...

"මේ ලමයගෙ දාංගලේ... ඉස්සරහට මොනවා කරන්නද මන්දා..."

ඔලුව දෙපැත්තට වනලා ජෝන් කීවාම මිසිස් ජෝන් හිනා වෙලා ජෝන්ගේ අත අල්ලගත්තා...

.

.

"ඔහ්.. මගෙ පෙනුම හොදයි නේද.. අයියෝ මගේ අවාන..."

ඉස්සරහ ගහලා තිබුනු රාමු කරපු ලොකු කන්ණාඩිය දිහා බලාගෙන කොන්ඩේ හදන ගමන් ජන්කුක් තමන්ටම මුමුණගත්තා.....

.

.

.

.

.


****************

__________________________Dark_Sunshiner 🤍🥀

අලුත් කතාව....🙃

කියෙව්ව අය ඇති.. කෝමද කියන් යම්න...🙊💝
කොච්චර කරත් old type මයි හිත යන්නේ...🙈

Republished...💫

Thanks for reading.....♥️

To be Continued....

2023/01/01

Bạn đang đọc truyện trên: AzTruyen.Top