|38|
"ඔයාට සතුටුද...."
ජන්කුක් ඇහුවේ හිනා මූනෙන්ම වාහනේ ඩ්රයිව් කරන ටේහ්යොන්ගේ පැත්තට හැරිලා ...
"ඇයි කූ ඔයාට සතුටු නැද්ද...මට සතුටුයි දුකයි... ඒත් මන් සතුටු වෙනවා මේ තරමින් මේක විසදුන එක ගැන.. ගොඩාක් තැන්ක්යූ මාව බලෙන් එක්කන් ගියාට..."
ටේහ්යොන්ග් ජන්කුක්ගේ අත ඩ්රයිව් කරන් නැති අතෙන් අල්ලලා තදින් මිරිකන ගමන් කීවාම ජන්කුක් හිනා උනා... හිනා වෙන්නද අඩන්නද නොදන්නවා උනත් ටේහ්යොන්ගේ සතුට ජන්කුක්ගේ සතුට උනා...
"කොහෙද යන්නේ මේ..."
ජන්කුක් එලිය බලන ගමන් ඇහුවම ටේහ්යොන්ග් කට ඇද කරා....
"මින් මා බලන්න... ඔයාට යන්න මතක් වෙන් නැද්ද..."
ටේහ්යොන්ග් කීවාම ජන්කුක් ටේහ්යොන්ගේ උඩ ඉදන් පහලට බැලුවා...
"ඔයා කවදා ඉදන්දා මින් මා එක්ක එච්චර හිතවත් උනේ..."
"ඔයා නැති උනාට මම එයා බලන්න ගියා..."
"මමත් කතා කරා.."
ජන්කුක් තොල් දෙක උල් කරලා කීවම ටේහ්යොන්ග් තොල් දෙක එකට අල්ලලා මිරිකුවේ තාරාවෙක්ගේ හොට වගේ වෙන්න...
"ආයි...ඉස්සරහ බලන් ඩ්රයිව් කරන්න.. කොහේ හරි ඇන ගත්තම තියෙයි..."
ටේහ්යොන්ගේ අතට ගහලා ජන්කුක් කීවම ටේහ්යොන්ග් ජන්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවා..
ටික්කින් ජියෝන් මැන්ශන් එක ඉස්සරහින් වාහනේ නැවැත්තුවාම ජන්කුක් ටිකක් වෙලා ඒක දිහා ඇතුලේ ඉදන්ම බලන් හිටියා..ටේහ්යොන්ග් ජන්කුක්ගේ අත අල්ලගත්තා..
"තවත් බයවෙන්න දෙයක් එහෙ ඉතුරු වෙලා නෑ.. අපි යන්..."
ටේහ්යොන්ග් කීවම ජන්කුක් ඔලුව වනන ගමන් වාහනෙන් බැස්සා...
"ගුකී බබා...."
වාහානේ සද්දෙට එලියට ආපු මින් මා ජන්කුක්ව දැක්ක ගමන් හයියෙන් කෑ ගැහුවාම ජන්කුක් දුවගෙන් ගියා...
"මින් මා..."
පූස් පැටියෙන් වගේ මින් මා ගාව දැවටෙන ගමන් බදාගෙන ජන්කුක් කීවාම මින් මා ජන්කුක්ව බදාගත්තේ ගොඩාක් ආදරෙන්..
"මන් හිතුවේ ගුකී බබාව මට ආයේ බලන්න බැරි වෙයි කිය්ලා..."
"මන් දැන් ආවානේ..."
මින් මාගේ වටේට අතක් දාගෙන ජන්කුක් ඇතුලට යනකොට ටේහ්යොන්ග් දොර ගාව හිටන් බලන් හිටියා... කාටවත් එයාව මතක නෑ...
"ඇයි මට මෙහෙම කරන්නේ ආ..."
ටේහ්යොන්ග් කෑ ගහනකොට මින් මා අනිත් අතින් ටේහ්යොන්ගේ අතිනුත් ඇදලා අරගෙන දෙන්නවම දෙපැත්තෙන් තියන් ඇතුලට ගියා....
.
.
.
.
.
.
"දැන් හැමදේම පටන් ගන්න කාලේ හරි කියලා හිතෙන් නැද්ද ගුකී..."
මින් මා කියනකොට ජන්කුක් බලන් හිටියේ නිශ්චිත බැල්මකින් නෙවෙයි...
"ම..මට ඒ දේවල් ගැන අත්දැකීමක් නෑ මින් මා..."
ජන්කුක් කීවාම මින් මා ටේහ්යොන්ග් දිහා බැලුවා..
"අත්දැකීම් නෑ කියලා දෙයක් මේ ලෝකේ නෑ, උත්සාහා කරන්න.. ඔයාගේ අප්පා ඔයා වෙනුවෙන් නවත්තපු තැන ඉදන්..."
මින් මා කීවාම ජන්කුක් තමන්ගේ අත් දෙක ගුලි කරගත්තා...
"මන් හිතන්නේ ඔයාම හැමදේම හොයලා බලලා පටන් ගන්න ඕනේ..."
ආයෙත් ජන්කුක්ට කියන ගමන් මින් මා ටේහ්යොන්ගේ අතින් අල්ලන් ගෙදරින් එලියට ආවෙ ජන්කුක්තමන් හිටපු තැනම ඉදන් වටේට ඇස් යවනකොට... ජන්කුක්ට තවත් තමන්ට අදුරු විදියට පේන මේ ගෙදර ඉන්න ඕනේ උනේ නෑ.. ඒත් ....
ජන්කුක් ගොඩ කාලෙකට පස්සේ පඩිපෙල දිගේ උඩට නැගගෙන ගියා... පඩිපෙල මුදුනටම නැගපු ජන්කුක් ලී වැට ගාවින් ඇරුන කොටසට ඇවිදන් ගියා... තනි කලු පාට සෝෆා සෙට් එක ඊට ඉස්සරහින් තිබුනු ලොකු ටීවි එක, ජන්කුක්ගේ පරන මතක ඇවිස්සුවා... පුන්චි කාලේ මේ හැම තැනම එකතු උන මතක ජන්කුක්ගේ ඔලුව ඇවිස්සුවා...
හැමදාමත් වගේ ඒ කොටසේ දෙපැත්තට ඇරුනු දොරවල් හතර එදා වහපු විදියටම තිබුනා.. ජන්කුක් තමන්ගේ කකුල් දෙක අදින ගමන් පලවෙනි කාමරේට ඇවිදගෙන ගියා... කවුරුත් අරින්න උත්සාහා කරන් නැති ඒ කාමරේ අගුලු දාලා තිබ්බේ නෑ...
ඉස්සර වගේම සුවද රැදුනු තමන්ගේ ඔම්මගෙයි අප්පගෙයි කාමරේ ඇද උඩට වෙලා ජන්කුක් ඉදන් හිටියේ හරියට තමන්ගේ මනස නිදහස් කරගන්න වගේ... ඒ කාමරේ ජන්කුක්ගේ චූටි කාලේ ඉදන් අවුරුදු දොලහක් විතර වෙනකන් තිබුනු රූප වලින් පිරිලා තිබුනා... තාමත් මීට අවුරුදු ගානකට කලින් ඒ ඇදට දාපු ශිට් ඒ විදියටම තිබ්බා...
"මට පාලුයි...."
ජන්කුක්ගේගැහෙන කටහඩින් හීනියට ඒ වචන නිදහස් වෙනකොට වෙනදා වගේ එයාව පපුවට තද කරගන්න ඔම්මා හිටියේ නෑ... දැනටමත් අවුරුදු ගානක් , ජන්කුක් මේ දේවල් වලින් ගැලවිලා යන්න හිත හදාගන්න කාලේ හරි... ඒත් යන්න දෙන්න බැරි මතක තාමත් තමන්ගෙ පුන්චි මතක ජන්කුක්ගේ ඔලුව පුරා හරි හරියට වැඩ කරා...
.
.
.
.~
"ඔම්මා තරහා වෙනවා කුකී....."
ලස්සන කාන්තාවක් කෑ ගහලා කියනකොට එයාට පිටු පාලා තවත් පිරිමි කෙනෙක් දිහා බලන් හිටපු පුන්චි හුරතල් දරුවෙක් හැරිලා බැලුවා...හැරිලා ඒ පැත්තට දුවන් එනකොට...,
"අප්පත් තරහා වෙනවා බෝලේ එක්ක..."
එතකොට කුකී ආයෙත් තමන්ගේ අප්පගේ පැත්තට හැරුනා....
"අපි දෙන්නම චූටි මැනික එක්ක තරහා නෑ....ආදරෙයි ගොඩාක්...."
දෙපැත්තෙන්ම ඇවිත් කුකීව තද කරලා බදාගන්න ගමන් දෙන්නම කියනකොට කුකී හුරතල් විදියට හයියෙන් හිනා උනේ අප්පාගේ පපුවේ මූන හන්ගගන්න ගමනුයි....
.
.
.
.~
"මාත් ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි ඔම්මා අප්පා...."
තමන්ගේ මනසේ සැරිසරන දෝංකාර දෙන හිනාව මැකිලා යනකොට තමන්ගේ අතේ තිබුනු රාමු කරපු පොඩි පින්තූරේ ඇගිලි තුඩු වලට ගුලි කරගන්න ගමන් ජන්කුක් මිමිනුවේ ඇස් වලින් කදුලු කඩාගෙන වැටෙනකොට....
.
.
"මින් මා.. මට ඇතුලට යන්න දෙන්න...ජන්කුක් බය උනොත් ශොක් වෙයි..."
ටේහ්යොන්ග් දහවෙනි වතාවටත් ගේ ඇතුලට යන්න හැදුවේ මින් මාගේ අතින් ගැලවිලා...
"එයාට ඒක කරන්න දෙන්න දරුවෝ... දැන් ඒ අදුරු දේවල් මෙතනම වලලන්න කාලේ හරි ගුකීට.. එයාට තනියම ඒක කරන්න දෙන්න...."
මින් මා ආදරෙන් කීවම ටේහ්යොන්ග් අකමැත්තෙන් උනත් මින් මාට එහා පැත්තෙන් බන්කුව උඩින් වාඩි උනා...
.
.
.
ගොඩ කාලෙකින් ගියේ නැති තමන්ගේ කාමරේ මගාරින ගමන් ඊට පස්සේ ජන්කුක් ගියේ ජියෝන්ගේ කාමරේට... ජන්කුක්ට මතක නෑ මොන කාලෙද ඒක පාවිච්චි කරේ ඒක පාවිච්චි කරන එක නැවැත්තුවේ කියලා... ඒත් අද ජන්කුක්ට හිතෙන හින්දා ජන්කුක් කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා...
අදුරු කාමරේ ජන්කුක් හිතපු තරම් අවුල් උන පෙනුමක් ගෙනත් දුන්නේ නෑ... ලොකු ඇදට කබඩ් වලට අමතරව පැත්තක ජියෝන්ගේ මේසේ තිබුනා.. ජන්කුක්ට මතකයි ඉස්සර එයා එයාගේ සමොච්චා එක්ක සෙල්ලම් කරපු විදිය... ඒ සෙල්ලම නරක විදියට වෙනස් වෙන්න කලින් ජන්කුක් රැදෙන්න කැමතිම කෙනෙක් එයාගේ සමොච්චා උනා...
.
.
.
.
"අහ්..අනී.. ඔ..ඔම්මගේ පින්තූර...."
ජන්කුක් තමන්ගේ අත් දෙකෙන්ම ජියෝන්ගේ ලාච්චුව පුරා විසිරුනු පින්තූර එකතු කරන්න ගත්තේ කලබලෙන්... ජන්කුක්ට මතක් උනා එදා අන්තිමට ජියෝන් කේන්තියෙන් කේන්තියෙන් කියපු දේවල්...
එතනම පින්තූර වලට එහායින් රිබන් මාක් එකක් තියලා වහපු දුඹුරු පාට ඩයරිය අතට ගත්තු ජන්කුක් ඉස්සරහා හම් කවරේ ජියෝන්ගේ කොටපු නම දිහා ටිකක් වෙලා බලන් හිටියේ තමන්ට ඒක බලන්න අයිතියක් තියනවද නැද්ද කියලා හිතන ගමන්....
තමන්ගේ අත් දෙකෙන්ම ඩයරිය අල්ලන් ජියෝන්ගේ පුටුවෙන් වාඩි උන ජන්කුක් පලවෙනි පිටුව පෙරලුවේ තිගැස්මකින්.... ජියෝන්ගේ අත් අකුරු ,ඉස්සර පුචි කාලේ එයත් එක්ක ලියපු අකුරු ජන්කුක්ට මතකයි....
මුලු පොත පුරාම ජීවිත දෙක තුනක් ගැන ලියවිලා තිබුනා... ආදරයක්..... දුකක්... නෑ අනුකම්පාවක්... ජන්කුක්ට දැනුනේ ජියෝන් ගැන අනුකම්පාවක්... මිනිස්සුන්ට තවත් කෙනෙක් ගැන තියන කැමැත්තක් ආදරයක් හින්දා මෙච්චර වෙනස් වෙන්න පුලුවන්ද.....
ජන්කුක් එදා තමන්ගේ කන් දෙකටම ඇහුනත් විශ්වාස කරන්න පැකිලුනු දේ අද තමන්ගේ ඇස් ඉස්සරහා තියන අකුරු හින්දා විශ්වාස කරන්න පෙලබුනා... කොහොම විශ්වාස කරන්නද තමන්ගේ ඔම්මටයි ජියෝන් ආදරේ කරේ කියලා...
මුල ඉදන්ම , ජියෝන් ජන්කුක්ගේ ඔම්මව දැකපු මුල් දවසේ ඉදන් ඩයරියේ ඒ ලස්සන, දැනෙන හැගීම් අකුරු කරලා තිබ්බා... ඉස්සල්ලම ජන්කුක්ගේ ඔම්මව හම්බුන විදිය, ආයෙත් තමන්ගේ හ්යුන්ගේ ගර්ල්ෆ්රෙන්ඩ් විදියට එයාව හම්බුන විදිය, එදා ඉදන් මිසිස් ජියෝන් දිහා එයා බලන් ඉදන් ඒ වෙනස් උන හැමදේම ජියෝන් තමන්ගේ ඩයරියේ අකුරු කරලා තිබ්බා....
ජියෝන්ගේ හිතේ තමන්ගේ හ්යුන්ග් ගැන තියන තරහා වෛරයකට පෙරලුනේ ජන්කුක් මේ ලෝකෙට ආපු දවසේ... එයා ආදරේ කරන ගෑනු කෙනාගේ දරුවා නොවෙන්න ජියෝන්ට ජන්කුක්ට වෛර නොකරන්න හේතු ඉතිරි වෙලා තිබ්බේ නෑ...
ජියෝන්ට මොනාද ජන්කුක්ගේ අප්පගෙන් වෙනස් උනේ... පෙනුම, සල්ලි .. ජියෝන් කියන්නේ සෙල්ලක්කාර චරිතයක් ජන්කුක්ගේ අප්පා ඊට වඩා වෙනස් චරිතයක්... ජියෝන් තමන්ගේ හ්යුන්ග්ට කරපු වෛරය විහිලුවක් නෙවෙයි.. ඒක මිනී මැරුමක් දක්වා දුර යන්න තරම් ආදරේ කියලා ජියෝන් හිතපු දේ එයාව අන්ධ කරලා තිබ්බා...
ජියෝන් එදා සිහියෙන් හිටියානම් , අද ජන්කුක්ගේ ඔම්මා විතරක් හරි ජන්කුක් එක්ක ඉන්න තිබ්බා... එහෙනම් එදා ජන්කුක්ගේ අප්පව මරන්න ප්ලෑන් කරපු වෙලාවේ ජන්කුක්ගේ ඔම්මව බේරගන්න තිබ්බා... තමන්ගේ තිබුනු මෝඩකම, කලබල කම... නොඉවසිල්ල, ඊරිසියාව , වෛරය ජියෝන්ට එයා ආදරේ කරපු ගෑනු කෙනාත් නැති කරා...
ආයෙත් එයා සිහිය එනකොට තමන් මේ ලෝකේ වැඩිම කාලයක් බලන් හිටපු කෙනත් මැරිලා කියලා දැනගන්නකොට මේ ලෝකේ ඉතුරු වෙලා හිටපු ජන්කුක්ට වෛර නොකරන්න ජියෝන්ට හේතුවක් ඕන උනේ නෑ--~
.
.
.
"ආදරය උබව පණ පිටින් පුච්චනවා...."
ජියෝන්ගේ අන්තිම මොහොතේ ඒ කටින් පිට උන වචන ඒ විදියටම රිබන් මාක් එක තිබුනු තැන අන්තිමට ලියවිලා තිබුනා.... එතනින් ඩයරිය ඉවර වෙලා තිබුනා....
ජන්කුක් තමන්ගේ වෙව්ලන අත් වලින් තදින් පොත වහලා දාලා තමන්ගේ ඔම්මාගේ පින්තූර අතට ගත්තා... ජන්කුක් දැන් ඉන්න වයසේ ඔම්මගේ පින්තූර පවා තමන් කවදාවත් දැකපු නැති ඔම්මගේ පින්තූර ගොඩාක් එතන තිබුනා... ජන්කුක් වගේම ඒ තද කලු පාට ඇස්, ජන්කුක්ගේ ජීවිතේටත් අදුර ගෙනාපු ඇස්, ජන්කුක් වෛර කරන්න ඕන ඇස් උනත් තමන්ගේ ඔම්මගේ ඇස් වලට ජන්කුක් ආදරේ කරා....
ආදරේ තමන්ව මරවනවා කියලා දැනගන්න මිනිස්සු මේ තරම් දුරක් යන්න ඕනද... මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න මේ තරම් බිද වැටෙන්න ඕනද...
ආදරේ මිනිස්සුන්ව පිස්සු වට්ටනවානම් ඒක ආදරයක් නෙවෙයි උමතුවක්, ලබා ගන්න බැරි හින්දා ඇති උනු අධික තණ්හාවක්, අතාරින්න බැරි ආශාවක්... ඒකට "ආදරය.." කියන පිවිතුරු නම දෙන්න බෑ...
ආදරේත් වෛරයත් අතර තියන පුන්චි ඉඩ නැතිවෙන මොහොතේ ඒක පහු කරන මොහොතේ තවත් ආදරේ කියලා දෙයක් ඉතුරු වෙන්නේ නෑ... ආදරේ නමින් ලස්සන ජීවිතයක් විනාස කරන්න පුලුවන්නම් ඒක ආදරයක් වෙන්නේ නෑ, ඒක උමතුවක්....
ආදරේ කියන නම ඉස්සරහින් තියන අපි විශ්වාස කරන දේ අපිව විනාශයට ගෙනියන එකම මග වෙන්න පුලුවන්... අපි අපි විසින්ම අපේ ජීවිතේ අදුරේ දා ගන්න වෙන හැගීමක් වෙන්න පුලුවන්.......
අන්තිමට ස්වභාවධර්මය විසින් හැමදේටම උත්තර දෙනවා........
.
.
.
.
"කූ..."
ටේහ්යොන්ග් හයියෙන් අඩන ජන්කුක්ව නැගිට්ටවලා තමන්ගේ තුරුලට ගන්නකොට ජන්කුක් තමන්ගේ ඔම්මගේ පින්තූර ගුලි කරගන්න ගමන් ටේහ්යොන්ගේ පපුවෙන් ඔලුව තියාගත්තා....
"දන්නවානේ හැමෝටම හැමදේටම තමන්ගෙම උනු හේතු තියනවා......"
රිබන් මාක් එකත් එක්ක පෙරලිලා තියන කොලේ වචන දිහා බලාගෙන ටේහ්යොන්ග් ජන්කුක්ගේ කනට මුමුනන ගමන් ඔලුව අතගානකොට ජන්කුක් තමන්ගේ ඔලුව වැනුවා... ඒක හොදටම දන්න කෙනා ජන්කුක් වෙන්න පුලුවන්...
කරපු හැමදේටම තමන්ගෙම හේතු තියන එක කවුරුත් නොදන්න තමන්ම දන්න දෙයක්....
.
.
.
.
.
****************
.
.
_______________________________Dark_Sunshiner 🤍🥀
අන්තිම චැප්ටර් එකෙන් හම්බෙමු....🍃
Thanks for reading...♥️
To be Continued....
හැමෝටම හැමදේටම හේතුවක් තියනවා... ජන්කුක්ට, ජියෝන්ට, දේහන්ට, ටේහ්යොන්ග්ට මේකේ ඒ හැමෝටම හේතුවක් තියනවා.. කරපු කියපු හැම දේටම තමන්ගෙම උනු හේතුවක් තියනවා..
ඒක මං මුලු කතාව පුරාම කියන්න හැදුවා,සමහර විට ඔයාලට තේරෙයි මුලම තිබුනු එක එක පොඩි දේ පවා...මැදදි තැනින් තැන පැහැදිලි කරලා තියනවා...
මම හිතනවා ඔයාල තේරුම් ගන්න ඇති කියලා, ඒක කියනවට වඩා තේරෙන එක හොදයි කියලා හිතුනා....♥️💫
2023/03/13
Bạn đang đọc truyện trên: AzTruyen.Top