|37|

ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක හිටියේ කිම් මැන්ශන් එකට ලන් වෙලා... දෙන්නගෙන් කවුරුත් වචනයක්වත් කියන් නැතුව වාහනේ ඇතුලේ නිශ්ශබ්දතාව රැක්කේ කිසිම තේරුමක් නැතුවයි....

"ඔයාට හොදටම ශුවර්නෙ නේද..."

මිදුලෙන් වාහනේ නවත්තපු ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ගෙන් ඇහුවේ හැරිලා යන්න පරක්කු නැති හින්දා..

"ඇයි හ්‍යුන්ග් බය වෙලාද ඉන්නේ..."

"මම..මම මොකටද බය වෙන්නේ,..."

"එහෙනම් මෙන්න මෙහෙ එන්න..."

දොර අන්ලොක් කරන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ඉස්සල්ලම බැස්සා.. ටේහ්‍යොන්ග් බය උනේ වෙන මොනාටවත් නෙවේ දේහන් ජන්කුක්ගේ හිත රිදෙන මොනා හරි කියයි කියලා..ජන්කුක්ගේ බල කිරිම නැත්නම් ආයෙත් ගෙදර පස් පාගන් නැතුවයි ටේහ්‍යොන්ග් ඉන්න හිතුවේ...

"මේහ්..මෙහෙම යන එක කමක් නැද්ද..."

ජන්කුක් තමන්ගේ සුදු පාට ස්වේටර් එක උස්සලා පෙන්නලා ටේහ්‍යොන්ගෙන් ඇහුවාම ටේහ්‍යොන්ග් හිනා වෙලා ජන්කුක්ව ලන් කරගත්තා...

"නෑ නෑ අර බ්ලැක් බනී වගේ නැතුව මෙහෙම නම් කෝමත් කමක් නෑ..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් මූනත් අකුලන් ටේහ්‍යොන්ගේ පිටිපස්සෙන් ආවෙ හිමීට..ඔය මොනා කීවත් වැඩියෙන්ම බය වෙලා හිටියේ ජන්කුක්...

දොර ගාවට වෙලා බෙල් එක ගහපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතකිනුත් අල්ලන් බලන් හිටියේ කවුරු හරි දොර අරිනකන්...

"ආආහ්..ඔප්පාආ ආවද යන් යන් ඇතුලට...ජන්කුක් ඔප්පා අපි යන්..."

නුවී ඇවිත් දොර ඇරපු ගමන් කෙලින්ම ජන්කුක්ගේ අතින් ඇදන් යන්න හැදුවත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඇදලා තමන් ගාවට ගත්තා..

"එයා කොහේ යන්නද, නටන් නැතුව ඉන්නවා..."

නුවීට සැර කරපු ටේහ්‍යොන්ග් හෙමීට ඇතුලට ඇවිදන් ගියාම ජන්කුකුත් ටේහ්‍යොන්ගේ අත තදින් අල්ලගන්න ගමන් ඇතුලට ආවා...

"ටේ බෙයා......"

ඇතුලේ ඉදන් ඇවිදන් ආපු මිසිස් කිම් ටේහ්‍යොන්ග්ව දැක්ක ගමන් ගොලු උනා... එදා ටේහ්‍යොන්ග් එලියට එන දවසේ එයාලා ඈතින් හිටපු හින්දා එයාලට ටේහ්‍යොන්ග්ව ලගට බලන්න පුලුවන් උනේ නෑ..

"පුතාලා දෙන්නම වාඩි වෙන්න..."

හරි සිහියට ඇවිත් ඇස් දෙක පිහදාන ගමන් මිසිස් කිම් කීවම ඒ දිහා බලන්න එච්චර වද නොවී ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් ඇදන් ගිහින් වාඩි වෙනකොට ජන්කුක් හිනාවෙලා මිසිස් කිම්ට ඔලුව නැමුවේ මිසි කිම් ඇස් වල ආයේ කදුලු පුරවන් ඔලුව වනනකොට...

ඔම්මා තමනේ දරුවන්ට ආදරෙයි ඕනවාටත් වඩා... ටේහ්‍යොන්ගේ ඔම්මා ටේහ්‍යොන්ගේ මේ සම්බන්දතාවට වචන වලින් කොයිම වෙලාවකවත් උත්තර දුන් නෑ... ඔම්මා කෙනෙක් හැම වෙලේම අන්තිම මොහොතේ හරි දරුවන්ගේ සතුට වෙනුවෙන් හැරෙනවා... මිසිස් කිම් දේහන් හින්දයි නිශ්ශබ්දව හිටියේ.. ඒ වෙලාවෙ මුකුත්ම දන්නේ නැතුව මොන දේකටවත් මැදි වෙන්න බැරුවයි මිසි කිම් හිටියේ....

ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින් ඉදගෙන වටේටම ඇස් යව්ලා බැලුවා... බිත්තියක් පිරෙන්න ගහලා තිබ්බ පොටෝ එකතුව දිහා බලන් ඉන්න ජන්කුක්ව දැකලා ටේහ්‍යොන්ගේ මූනට හිනාවක් ආවා...

"හ්‍යුන්ග් ඒ කාලේ වගේමයි..."

"කොයි කාලෙද කූ...."

"අහ්.. නෑ මුකුත් නෑ.. නිකන් කීවේ.."

ජන්කුක් කලබලෙන් කීවම ටේහ්‍යොන්ග් මුකුත් කියන් නැතුව හිනා වෙලා ඉස්සරහ බලාගත්තා...

"දැන් යන්ද අපි.. ඇතිනේ..."

අත් දෙක ඉස්සරහට කරලා වෙලාව බලන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට රැවුවා....

"විකාර කියන් නැතුව ඉන්න හ්‍යුන්ග්, දැක්කද ඔම්මගේ ඇස් ඒ හින්දා තවත් රිද්දන්න එපා...."

ජන්කුක් අඩු කට හඩකින් සැරෙන් කීවම ටේහ්‍යොන්ග් ඇස් දෙක රෝල් කරලා අහක බලා ගත්තා....

"අහ්..බොන්න..තව ටික්කින් ලන්ච් එක ලෑස්තී..."

ජන්කුක්ගෙයි ටේහ්‍යොන්ගෙයි ඉස්සරහින් කප් දෙකක් තියන ගමන් ටේහ්‍යොන්ගේ ඔම්මා හිනා වෙලා කීවම ටේහ්‍යොන්ග් පුරුදු විදියටම අහක බලන් හිටියා...ජන්කුක් හිනා වෙලා ට්‍රේ එක තියන්න් උදව් කරනකොට මිසි කිම් ඒ දිහා බැලුවේ ආදරෙන්....එදා ජන්කුක් එක්ක හිනා වෙවී කතා කරනකොටමයි මිසිස් කිම්ට ජන්කුක්ව හිතට ඇල්ලුවේ.. ඒ උනාට එයා කවදාවත් තමන්ගෙ ඉස්සරහ මේ විදියේ සම්බන්දෙකින් ජන්කුක්ව දකින්න බලාපොරොත්තු උනේ නෑ....

තමන් ඉන්නකන් ටේහ්‍යොන්ග් හැරිලාවත් බලන් නෑ කියලා තේරුන මිසිස් කිම් එතනින් ඇවිත් පේන් නැති වෙන්න හිටියා... මිසිස් කිම් එතන එක එක වාස් තියලා තිබුනු කබඩ් එක අතරින් බලන් හිටියේ ටේහ්‍යොන්ග් කෝප්පේ අරගෙන ඒකට පිබලා පිබලා ටිකක් බීලා බලලා ජන්කුක් අතට දෙන විදිය... මිසිස් කිම් තමන්ගේ අතෙන් කට වහා ගත්තේ එයාගේ ඇඩුම් කාටවත් ඇහෙන් නැති වෙන්නා... ටේහ්‍යොන්ග් කෙනෙක් ගැන මෙච්චර හිතන විදිය එයාට ටිකක වෙනස් උනා..

"ලස්සනයි නේද ඔම්මා... ඔප්පා ගොඩාක් ආදරෙයි ජන්කුක් ඔප්පට...."

මිසිස් කිම් ගාවින් හිට ගන්න ගමන් නුවී හෙමීට ඒ දිහා බලන් කීවම මිසි කිම් නිශ්ශබ්දවම හිටියා...

"අප්පා..අප්පා ගැන කීවද එයාලට...'

මිසිස් කිම් ඇහුවම නුවී ඔලුව වනලා නෑ කීවා...

"ඒනම් අප්පව එක්කන් එන්න..."

මිසිස් කිම් ආයේ කීවාම නුවී හුස්මක් පාතට දාන ගමන් ඇතුලට ඇවිදගෙන ගියා...

"සලාං....."

ටේහ්‍යොන්ග් අතේ තිබ්බ කෝප්පේ බිම වැටිලා කුඩු උනේ බිත්තිය එහා පැත්තෙන් එන දේහන්ව දැකලා.. එන නෙවෙයි එක්කගෙන එන.... රෝද පුටුවක ඉදගෙන හිටපු අප්පව නුවී ඉස්සරහට තල්ලු කරන් ආවෙ ටේහ්‍යොන්ග් ඒ නැගිට්ටුන විදියටම පුදුමෙන් බලන් ඉන්නකොට.. එහා පැත්තේ හිටපු ජන්කුකුත් ටේහ්‍යොන්ගේ එහා පැත්තෙන් හිටන් හිටියේ කියාගන්න ත්ව්ව්‍ර්ව්න් නැති හැගීමකින්...

"මො..මොකක්ද උනේ... ඇයි මේ..."

ටේහ්‍යොන්ග් වෙව්ලන කටහඩකින් අහනකොට දේහන් තමන්ගේ අත් දෙක දිහා බලන් හිටියා...

"අප්පා පැරලයිස් වෙලා ඔප්පා..."

නුවී තමන්ගේ හැඩුම් පාලනය කරගන්න ගමන් කියනකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන් වගේ ඇවිදන් ඉස්සරහට ගියා...

"ඇයි..ඇයි ඒ මම දන් නැත්තේ... කවද්ද උනේ..මන් මුකුත් දන් නැත්තේ ඇයි...මොකක්ද මේ..."

ටේහ්‍යොන්ග් කොච්චර වෛර කරත් මේක එක පාරටම ටිකක් වැඩි දෙයක් උනා... තමන්ගේ අප්පව මෙහෙම බලන්න් අටේහ්‍යොන්ග් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ.. දේහන් සිංහයෙක් වගේ, කාටවත් බය නැති ශක්තිමත් එයාගෙ ගතිගුන ඒ විදියටම ටේහ්‍යොන්ග්ට ඇවිත් තිබ්බා... ඒ වගේ ප්‍රතිරූපයක් ගොඩනැගුනු අප්පගේ රූපේ මේ විදියට දකින එක ටේහ්‍යොන්ග්ට දරාගන්න ටිකක් අමාරු උනා....

.





.




.




.





.





.

දේහන් කලින් ඉදන් හාට් පේශන් කෙනෙක්.. ඒක දැනන් හිටිය එකම කෙනා මිසිස් කිම් විතරයි... පිටින් නපුරු දෙමාපියෙක් උනත් එයාලාත් හැමවෙලේම හිතුවේ දරුවෝ ගැන... දේහන් කම්පැනි එක මේ තත්වෙට අරන් ස්තාවර කරලා තියෙන්නේ එයාගේ මුලු ගෙවුනු ජීවිතේම කැම කිරීමක් විදියට... අද එයාගේ පවුලේ හැමෝම දේහන් , මිසි කිම්, නුවී ටේහ්‍යොන්ග් ඒ හැමෝම හොද පිලිගැනීමක් තියන තැනකට ඇවිත් ඉන්නේ දේහන් නිසා... තමන්ගේ දෙමාපියෝ කරන දේවල් අඩු පාඩුවක් විදියට දැක්කට නොතේරෙන දේ ඒ හැමදේම කරන්නේ දරුවෝ හින්දා කියන එක විතරයි... අද කෙලින් වචනයක් කතා කරන්න දෙමාපියෝ ඉස්සරහ උනත් බය නැතුව නැගිටින්න ඕන උන ශක්තියට අඩිතාලම දැම්මේ ඒ දෙමාපියෝමයි කියන එක ගොඩාක් අයට අමතක වෙන දෙයක්....

ඒ වගේ තමන්ගේ ජීවිතේම කැප කරපු කම්පැනි එකට අරහෙම වෙලා තමන්ගේ දරුවත් තමන්ට පිටුපාලා , හිරෙත් ගියාම මොන ඔම්මටයි අප්පටයිද දරාගන්න පුලුවන්...දේහන්ට ඕන උනේ තමන් තව ටිකක් තමන්ගේ අසනීපේ වැඩි වෙන්න කලින් ටේහ්‍යොන්ග් මේ හැමදේම පිලිවලක් කරගන්නවා දකින්න... අප්පා කෙනෙක්ගේ පැත්තෙන් දේහන් කොයිම වෙලාවකවත් වැරදි නෑ... ඒ උනත් ඕනවාටත් වඩා කලබල උන දේහන් අතින් පිට උන වචන, සිද්ධ උන දේවල් මකන්න බැරි කැලලක් හැදුවා.. අඩුපාඩු නැති අය මේ ලෝකේ නෑ ඒකට දේහන් මේ අවුරුදු ගාන පුරාම ඕනවටත් වඩා දුක් වින්දා... හාර්ට් ඇටෑක් එකක් ඇවිත් බිම වැටෙනකොට ඔලුව පිටිපස්ස බිම වැදිලා පැත්තක් පන නැතුව ගියා... එයා මේ අවුරුදු ගාන පුරාම එක තැනකට වෙලා තමන්ගේ ඔලුවෙන් තමන්ම දුක් වින්දා.. ටේහ්‍යොන්ග්ට කියපු දේවල් හිතලා නොකීවා උනත් ඒ හැම වචනෙකටම දේහන් තමන්ගෙන්ම දුක් වින්දා.....

විසිත්ත කාමරේ පුරාම හරිම අපහසු කාරී නිශ්ශ්බ්දතාවයක් තිබ්බා.. ඒක අතරින් ඇහුනේ මිසි කිම්ගෙයි නුවීගෙයි යන්තම් ඉකි බිදීම් හඩත් ටේහ්‍යොන්ගේ බර හුස්ම හඩත් විතරයි....

"කොහොමද... මෙච්චර දෙයක් මම දන් නැත්තේ කොහොමද... "

ටේහොන්ග් අන්තිමට ඇහුවාම දේහන් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග්ට කොහොම කියන්නද රෝද පුටුවෙන් හරි දේහන් එයාව බලන්න ආවට ටේහ්‍යොන්ග් හැමෝවම ප්‍රතික්ශේප කරා කියලා...

"නුවී..ඇයි තමුන් ඊයේවත් මට කීවේ නැත්තේ..."

ටේහ්‍යොන්ග් නපුරු කරහඩකින් ඇහුවම නුවී ගැස්සුනා...

"මමයි කියන්න එපා කීවේ ටේ...."

දේහන් කීවාම ටේහ්‍යොන්ග් තමන්ගේ රතු උන ඇස් දෙකෙන් අප්පගේ ඇස් දිහා බැලුවා... දේහන් බලන් හිටියා එයාගේ මුරණ්ඩු පුතාගේ දරදඩු ඇස් වල තමන් වෙනුවෙන් කදුලු පිරෙන විදිය... දේහන් තමන්ගේ උස්සන්න පුලුවන් දකුනු අත් උස්සලා ඈත් කරාම ටේහ්‍යොන්ග් හිටපු තැනින් නැගිටලා පුටුව ගාවින් දන ගහන ගමන් දේහන්ගේ පපුවට තුරුල් උනේ කියාගන්න බැරි වේදනාවකින්...

"ස..සමාවෙන්න අප්පා..."

"සමාවෙන්න මගේ දරුවෝ....."

තමන්ගේ තොල් දෙක ටේහ්‍යොන්ගේ ඔලුවෙන් තද කරන ගමන් දේහන් ඇස් පියාගත්තම ඒ ඇස් වල පිරිලා තිබුනු කදුලු ගලාගෙන ඇවිත් ටේහ්‍යොන්ගේ ඔලුවට වැටුනා...

මේ දිහා අනිත් හැමෝම බලන් හිටියේ කදුලු පිරුනු ඇස් වලින් , එක තැනක මිසි කිම් නුවීට තුරුල් වෙලා ඉන්නකොට ජන්කුක් එයා ඉදගත්තු අයිනෙම ඉදගෙන තමන්ගේ අත් දෙක එකට ගුලි කරගන්න ගමන් ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.. ටේහ්‍යොන්ග්නුයි අප්පයි ගාවට් ඇවිත් එකතු වෙන ඔම්මයි නුවී දිහා ජන්කුක් බලන් හිටියේ සතුටින්... එයාට කවදාවත් තමන්ගේ ඔම්මගෙයි අප්පගෙයි සෙනෙහස හම්බෙන්නේ නැති උනත් ටේහ්‍යොන්ග්ට ඒක නැති වෙන්න ඉඩ තිබ්බේ නැති එකට ජන්කුක් තමන්ගේ මුලු හදවතින්ම සතුටු උනා...

ඒත් ජන්කුක්ගේ ඇස් දෙක ලොකු උනේ ටේහ්‍යොන්ගේ පිට උඩ තිබ්බ අත උස්සන ගමන් ලගට එන්න කියලා ඇස් වලින් කතා කරන දේහන්ව දැක්කම...

"එන්න පුතා..."

දේහන් කීවම් ජන්කුක් අවිනිශ්චිත විදියට බලන් හිටියා...

"එන්න කූ..."

ඊලගට ටේහ්‍යොන්ගේ කටහඩ ඇහුනම මොහොතකට පරක්කු වෙන් නැතුව ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවට ගියා...

"මට සමාවෙන්න හැම දේකටම..."

තමන් ගාව ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන්ම දනගහන් ඉන්න ජන්කුක්ගේ ඔලුව අතගාලා දේහන් කීවම ජන්කුක් බිම බලන් ඔලුව හෙලෙව්වා... ජන්කුක් එදා බය උන පාර තාමත් දේහන්ට බයෙන් හිටියා...

"බයවෙන්න එපා.. මම ඔය දෙන්නව ඈත් කරන්න නෙවේ එන්න කීවේ... එයි කියලා හිතුවේ නැතිව ආව එකත් මට ලොකු සතුටක්, ඒකට ගොඩාක් ස්තූතියි..."

ජන්කුක් දිහාම බලන් දේහන් කීවේ ටේහ්‍යොන්ග්ව මේකට කැමති කරගන්න තරම් ජන්කුක්ට පුලුවන් කමක් තියන්වා කියලා එයා දැනගත්තු හින්දා...

"මේක ගන්න..."

තමන්ගේ උකුල උඩ තිබුන බ්ලැන්කට් එක ටිකක් අයින් කරන ගමන් දේහන් කීවම දෙන්නම ඇස් උස්සලා දේහන්ගේ අත දිහා බැලුවා...

"කෝ අත් දෙක දෙන්න ඔය දෙන්නගේ..."

දේහන් ආයෙත් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතත් අල්ලන් අත් දික් කරාම ලියුම් කවරයක් හිනා වෙලා අත් දෙකෙන් තිබ්බා...

"මො..මොකක්ද මේ..."

ටේහ්‍යොන්ග් තමන්ගේ කැඩුනු කටහඩ හදාගන්න ගමන් කතා කරාම දේහන් ඇස් දෙකෙන් කීවේ ඇරලා බලන්න කියලා...

"මේ..මේක..අපි........

"ඔව්..ඔයාලා දෙන්නට තමයි... ඉක්මනට මට බලන්නම ඕන ඔය දෙන්නා හිනා වෙනවා.. මට සමාව ගන්න ඕන.. මට සැනසීමෙන් ඇස් පියාගන්න ඕන..."

"අප්පා...."

"අප්පා....."

"දේහන්....."

එක පාරම තරහ ගිය හඩවල් තුනක් ඇහෙනකොට ජන්කුක් කදුලු පිරුනු බෝල ඇස් උස්සලා බැලුවා....

"බයවෙන්න එපා.. එච්චර ඉක්මනට මාව යවන්න බෑ ඔයාලට..."

දේහන් හිනා වෙලා කීවම ටේහ්‍යොන්ග් සතුටින් ජන්කුක් දිහා බැලුවා...දින වෙන් කරලා හොටෙල් බුක් කරලා තිබ්බ කාඩ් එක දිහා ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම බලන් හිටියේ සතුටින්...

අන්තිමට එහෙමයි, දෙමාපියෝ දැනගන්න ඕනේ සමහර වෙලාවට දරුවොන්ව කාටත් වඩා තේරුම් ගන්න, දරුවොත් දැනගන්න ඕනේ දෙමාපියන්ව අවශ්‍යම මොහොතේ තේරුම් ගන්න... සතුට, ආදරය, වේදනාව , හිත් රිදීම්, සැනසීම, තේරුම් ගැනීම පවුලක් තුල අනිවාර්යයි.... ඕන කරන්නේ නපුරු කාල තුල දරාගැනීම වගේම අන්තිමට හොද ප්‍රතිපලයක් විතරයි....

.







.






.






.





.


*******************

.

.
______________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading...♥️

To be Continued....

.



.

•°•°•°•°•°•°•°•°•°•

Thank you so much for this..... ♥️⚘

Covers හදාගන්න ඕනනම් මෙයාට කතා කරන්න...
GWENDOLYINN 💜️💫


2023/03/12

Bạn đang đọc truyện trên: AzTruyen.Top