|32|

"ජිමිනී...."

"එනවා..."

යුන්ගි තමන්ගේ ඔෆිස් රූම් එකේ ඉදන් කෑ ගහනකොට ගෙදර කොනින් ඒකට උත්තර හම්බුනා...

ජිමින් දොර ඇරගෙන හුරතල් විදියට එබිලා අත් දෙගෙන්ම මග් එක අරන් ඇවිත් යුන්ගිගේ මේසේ උඩ තිබුනු මග් රග් එක උඩින් තිබ්බා...

"ඇයි කතා කරේ..."

ජිමින් හිනා වෙලා ඇහුවාම යුන්ගි යන්තම් හිනා උනා..

"මගෙ ඔලුව රිදෙනවා...."

"ඔහ්, ඔහොම ඉන්න..."

ජිමින් යුන්ගිගේ පුටුව පිටිපස්සෙන් හිටගෙන එයාගේ චූටි අත් වලින් යුන්ගිගේ ලොකු ඔලුව එයාගේ බඩට හේත්තු කරගත්තා..

"ඔයා ඕක බොන්න, එතකන් මන් ඔලුව අතගාන්නම්.."

යුන්ගිගේ කෙස් අතරින් ඇගිලි යවන ගමන් ජිමින් කීවාම යුන්ගි තමන්ගේ ඔලුව හොදට ජිමින්ගේ ඇගට හේත්තු කරගත්තා...

"ජන්කුක් කතා කරාද..."

ටික්කින් යුන්ගි ඇස් පියාගනම ඇහුවම මොහොතකට ජිමින්ගේ ඇගිලි එහා මෙහා යන එක නැවතුනා...

"නැහැනේ හ්‍යුන්ග්... මට තේරෙන් නෑ මොකක් කරන්නද කියලා, දැන් හිටියාටත් වඩා අන්ත වෙලා ඇති...."

ජිමින් කීවම යුන්ගි තමන්ගේ හුස්ම පාතට දැම්මා...

"තව සතියකින් ටේ එලියට එනවා..."

යුන්ගි ආයෙත් කීවම ජිමින් ඔලුව වැනුවා...

"කුක් එයාට වැරැද්ද පටවන් ඉන්නේ... ඉන්න තැනක්වත් දන් නෑ, මට හිතාගන්න බෑ වෙන රටකට වෙලා කොහොම ඉන්නවද කියලා තනියම..."

"ටේ අපිව හම්බෙන එකත් නැවැත්තුවා.. ජන්කුක් ආවේ නැතුවාම මිනිහාට අවුල් ගිහින් ඇත්තේ...."

එදා සිද්ධියෙන් පස්සේ ටේහ්‍යොන්ග්ව අරන් ගිහින් දැඩිව ප්‍රශ්න කරා... හාර්ට් එකටම පිහිය ගිය හින්දා ජියෝන් එතනම මැරිලා හිටියා... මිනීමැරීමේ වරදට ටේහ්‍යොන්ග්ව කෝට් එකට දානකම් හිරේට දැම්මා....දවස් කීපයක් ජන්කුක් උනු කම්පනේ හින්දා සිහිය නැතුව හිටියා... ඒ කාලේ ඇතුලත ටේහ්‍යොන්ග් කෝට් එකට දැම්මා වගේම හෝසොක්ගේ මාර්ගයෙන් මීට අවුරුදු ගානකට කලින් උන සිද්දියත් එක්ක , කෝල් රෙකෝඩ්ස් CCTV එක්ක වැරැද්ද ටේහ්‍යොන්ගේ නෙවෙයි කියලා ඔප්පු කරා.. මැරුනේ මිනීමරුවෙක් උනත් මරණීය තුවාල කරපු එකට ටේහ්‍යොන්ග්ව අවුරුදු පහකට ප්‍රිසන් එකට දැම්මා....

ටේහ්‍යොන්ග්ට ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවුනේ එයා මේ හැමදේම කරේ එයාගේ කූව බේරගන්න හින්දයි.. ජන්කුක්ට සිහිය එනකන් ටේහ්‍යොන්ග් හිරේට වෙලත් ගොඩක් බලන් හිටියා, ජන්කුක්ට සිහිය ඇවිත් ප්‍රශ්නයක් නෑ කියලා දැනගත්තම තමයි ටේහ්‍යොන්ට ලේ ටිකක් ඉනුවේ... එදා ඉදන් ටේහ්‍යොන්ග් ගෙවපු හැම තත්පරේම එයාගේ කූ එයාව බලන්න එනකම් බලන් හිටියා... හැම මොහොතකම, එයාව බලන්න ආපු යුන්ගිගෙන්, ජිමින්ගෙන් අහපු එකම දේ ජන්කුක්ව විතරයි ඒ උනාට ඒ වෙනකොට ජන්කුක් රටින් ගිහින් තිබ්බා... ඒ ආරංචිය නොකියා බැරි කමට ටේහ්‍යොන්ග්ට කියපු දවසේ ඉදන් ටේහ්‍යොන්ග් එයාව බලන්න ආපු හැමෝවම ප්‍රතික්ෂේප කරා... හරියටම අවුරුදු පහක් ටේහ්‍යොන්ග් මොන වගේද කොහොමද කියලාවත් කවුරුත් දැකලා තිබ්බේ නෑ... හෝසොක්ගේ මාර්ගයෙන් ටේහ්‍යොන්ග් ඇතුලේ හොදින් ඉන්නවා කියන එක විතරක් දැනගත්තු යුන්ගි එතනින් එහාට ටේහ්‍යොන්ගේ කැමැත්තට ගරු කරා....

"ජන්කුක් හොයන් ගිහින් එක්කන් එන්න ඕනද..."

යුන්ගි ඇහුවම ජිමින් ඔලුව වැනුවා...

"අපිට ඒකට වෙලා මදි හ්‍යුන්ග්... ටේ එලියට එනකොට අපිට ඉන්න බැරි උනොත් එයා තනි වෙනවා.."

ජිමින් කීවම යුන්ගි තමන්ගේ ඔලුවේ තිබ්බ ජිම්න්ගේ අත තදින් අල්ලගත්තේ ආදරෙන්....යුන්ගිට ගැලපෙනම, යුන්ගිව හොදටම තේරුම්ගන්න පුලුවන් එකම කෙනා ජිමින්, ජිමින්ගේ අතින් හාදුවක් තියන ගමන් ආයෙත් ජිමින්ගේ ඇගෙන් ඔලුව හේත්තු කරගෙන යුන්ගි හිතුවා...

"ටේ ආවම වෙන දෙයක් බලමු, ටේ හොද විදියකට හැමදේම විසදගනී..."

ජිමින් ආයෙත් කීවම යුන්ගි ඔලුව වැනුවා..

යුන්ගි ජිමින්ව මැරි කරලා දැන් අවුරුදු දෙකක් විතර... ගෙවල් වල පසුබිමත් එක්ක තව කල් දාන්න බැරි කමට එයාලගේ යාලුවන්ට ප්‍රශ්න උන මොහොතක උනත් ඒ දෙන්න මැරි කරන්න තීරනේ කරා... මේ හැමදේම තීරනේ කරන්න කතා කරන්න උනත් ඒක හැමෝටම පහසුවක් උනා....

.






.





.






.





.

ජීවිතේ මිනිස්සුන්ට ගොඩාක් අපහසු තීරණ ගන්න වෙනවා.. සමහර වෙලාවට මොන තරම් දැනුම තිබ්බත් ගන්න තීරනේ හරිම තීරණේ නෙවෙයි... සමහර වෙලාවට ගන්න තීරන හැගීම් මත ගන්න ඒවා... ඒ හැම තීරනයක්ම එතකොට හරියන්නෙත් නෑ... ගොඩාක් අමාරු දෙයක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන එක ඒක කැපකිරීමක්.... කෙනෙක් හිතන්නේ කොහොමද කියලා හැමවෙලේම කියන්න බෑ, කෙනෙක් තව දෙයක් දිහා බලන්නේ කොහොමද කියලා තවත් කෙනෙක්ට තේරුම්ගන්න බෑ...

මිනිස්සූ අසරණ වෙනවා තවත් කෙනෙක් වෙනුවෙන් ගන්න තීරණ වලදි, මොන තරම් අමාරු තීරණයක් උනත් ක්ෂණිකව ගන්න තරම් හැගීම් අපිව පොලඹවනවා.. හරියට ජන්කුක්ට තියන ආදරේට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් ටේහ්‍යොන්ග් කරා වගේ.... හරියට ජන්කුක් තමන්ට ආදරේ කරනවද කැමතිදවත් නොදන්න අවස්තාවක කිසි දෙයක් දෙපාරක් නොහිතා එච්චර ලොකු තීරණයක් ගන්න තරම් ටේහ්‍යොන්ගේ හිතේ ඇති වෙලා තිබ්බ ආදරේ ගොඩාක් ලොකු උනා... අවංක උනා...

ඒ මොන දේ උනත් අන්තිමට ජන්කුක් තමන්ව හම්බෙන්න ආවේ නැති එක ටේහ්‍යොන්ග්ව නොසෑහෙන්න රිදෙව්වා... ටේහ්‍යොන්ග්ට තේරෙනවා ජන්කුක් අනිවාරෙන්ම හොදින් නෙවෙයි , ඒත්... ඒත්...... ටේහ්‍යොන්ග්ට ඒ දේවල් අවුරුදු ගානක් තිස්සේ එකම තැනකට වෙලා , එකම දේවල් ටිකක් දිහා බලාගෙනම කල්පනා කරලා ලොකු බරක් වෙලා තිබ්බා.... ටේහ්‍යොන්ග්ට මේ තැනින් ගැලවිලා යන්න ඕන උනා ඒත් එයා එයාගේ කූ වෙනුවෙන් කරපු කැපකිරීම මගින් දාලා යන්න කැමති උනේ නෑ... ජන්කුක් තවදුරටත් මෙහෙ නෑ කියලා දැනගත්තහම කවුරුහරි එයාව බලන්න ඇවිත් කියනකොට ඉක්මනට එයා කවුද කියලා දැනගන්න උවමනාවක් තිබ්බේ නෑ..

ටේහ්‍යොන්ග් ප්‍රතික්ෂේප කරා තමන්ගේ පවුල, තමන්ගේ හොදම යාලුවා ඒ හැමෝවම ටේහ්‍යොන්ග් ප්‍රතික්ෂේප කරා.... කොයිම වෙලාවකවත් ටේහ්‍යොන්ග් තමන් ගත්තු තීරණ ගැන පසුතැවිලි උනේ නෑ, ටේහ්‍යොන්ග්ට පසුතැවෙන්න හේතුවක් තිබ්බේ නෑ ටේහ්‍යොන්ග් තමන් පටන් ගත්තු විදියටම වෙනසක් නැතුව තාමත් ආදරේ කරා, එයාගේ කූ එයාව බලන් ඉන්නවානම් මේ ඔක්කොම ඉවර වෙලා එයාව හොයන් යන්නත් ටේහ්‍යොන්ග් හිතුවා....

.






.







.





.




.

මහා හයියෙන් නිකුත් උන සංගීතයත් එක්ක පාට පාට එලි වලින් හැඩ උන සමාජ ශාලාවේ මත් උන තරුණ තරුණියෝ ඒ සද්දෙට නටන ගමන් හිටියේ හරි සිහියකින් නෙවෙයි.. කාගෙවත් අවධානයක් බලාපොරොත්තු නොවුනත් අවධානය ගොඩාක් දිනාගත්තු එක පුද්ගලයෙක් කොනටම වෙන්න තිබුනු සෝෆා එකක මැද වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාන් ගොඩාක් සරාගී විදියට තමන්ගේ අතේ තිබුනු වීදුරුව තොල ගාන ගමන් හිටියා...

සමාජ ශාලාවෙ තිබුනු ගොඩාක් පිරිමි ඇස් ඒ සුන්දර සරාගී රූපේ දිහාට ඇදෙන්නේ අද විතරක් නෙවෙයි.. මීට මාස ගානකට කලින් ඉදන් මේ විදියට ඉන්න මේ තරුනයා එතනට එන ඕනම තරාතිරමක කෙනෙක්ගේ ඇස් අදගන්න තරම් සුන්දර උනා... හැම කෙනෙක්ම තමන්ගේ ලගට ඒ සතුට ලගා කරගන්න උත්සහා කරත් ඒ හැමෝටම එච්චර හොද ප්‍රතිචාර ලැබිලා තිබ්බේ නැති හින්දා ගොඩාක් දෙනෙක් දුර ඉදන් රස වින්ද ඒ රූපේ ලගින් රසවිදින්න අදි මදි කරා...

උරහිසෙන් පහලට කඩන් වැටුන තද කලු පාට දිග කොන්ඩය, තද කලු පාටින් දිලිසෙන් ක්‍රොප් ටොප් එකත් තද ජීන්ස් එකත් අතරින් පෙනුනු කිරි සුදු පාට ෆ්ලැට් බෙලි එක , උඩ ඉදන් ඇවිත් අත් පහලින් නිරාවරණය උන කලු පාට ටැටූ එක, ලා රතු පාටට හුරු දිලිසෙන පාටින් හැඩ උනු තෙත තොල් දෙක අංගසම්පූර්ණ රූපයක් සම්පූර්ණ කරා...

"හේයි බේබී...."

සම්පූර්ණයෙන්ම ෆෙමිනි ලුක් එකෙන් හිටපු ලස්සන තරුණයා ගාවින් ඉදගන්න ගමන් මත් උනු තරුණයෙක් ලන් උනාම ලස්සන තරුණයා ඇස් කොනකින් එයා දිහා බැලුවා...

"Can we have fun..?"

තමන්ගේ යටි තොල දිවෙන් තෙත් කරන ගමන් මත් උන තරුණයා ඇහුවාම ලස්සන තරුනයා තමන්ගේ කකුල දිගේ අත් යවන ගමන් මත් උන තරුණයා දිහාට හැරුනා...

"Do you wanna die...?"

කට කොනින් හිනා වෙලා තමන්ගේ සපත්තුව අගින් නෙරලා ආපු හීනී දිලිසෙන මිට අතගාන ගමන් ඇහුවම මත් උන තරුනයා ඇහි පිය ගහන ගමන් ඈත් උනා....

"Stupid cowards..."

කම්මැලි විදියට සමච්චලයෙන් එහෙම කීව ලස්සන තරුණයා එතන හෝල් එක මැදින් ලස්සන අඩි තියලා ඇවිදගෙන ගියා, එහෙමම රූම් එකකට ගිහින් ඇදුම් මාරු කරගෙන සුපුරුදු කලු ජැකට් බූට් වලින් සැරසිලා එලියට ඇවිත් ක්ලබ් එකෙන් එලියට ආවේ පැත්තකින් තිබ්බ හෙල්මට් එකත් අරගෙනමයි...

.



.



.



.




.

**********************

____________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading...♥️

To be Continued...

2023/03/05

𝑟𝑒𝑔𝑟𝑒𝑡 𝑤𝑖𝑙𝑙 𝑘𝑖𝑙𝑙 𝑦𝑜𝑢...°•.

Bạn đang đọc truyện trên: AzTruyen.Top