|27|
-"හෙලෝ.. ජිමින් ජන්කුක් තාම ඔහෙද..."
="නෑ.. ඇයි තාම ආවෙ නැද්ද...."
-"ඒ කියන්නෙ ඔහෙන් ආවද...."
="දැන් ඇවිත් ගොඩාක් වෙලා, දැන් කීයද වෙලාව දහයත් පහු වෙලානේ..."
-"ඔහ්..ශිට්.. තාම ඇවිත් නෑනේ.. මාත් එන්න පරක්කු උනා, පෝන් වැඩ කරන්නෙත් නෑ...."
="ම්ම්.. එහෙනම්...පොඩ්ඩක් ගැලරි එකේ බලන්න..."
-"ගැලරි එකේ, මොන ගැලරි එකේද..."
="දෙකක් තුනත් නෑනෙ, ඔයා දන්න ගැලරි එකේ තමයි පොඩ්ඩක් බලන්න, මට එන්න විදියක් නෑ,එයා එහේ ඇති..."
-"මොකක්.. හෙලෝ..හෙලෝ..ශිහ්...."
එහා පැත්තෙන් කෝල් එක කට් උනාම ටේහ්‍යොන්ග් පෝන් එක සාක්කුවට දාගෙන ආයෙත් දොර වහගෙන එලියට ආවා...
ටේහ්‍යොන්ග් හිතේ අවුලටත් එක්ක එන්න ටිකක් පරක්කු උනා.. ඒත් එනකොටටහ් මන්දිරේම අදුරු වෙලා ලයිට්වත් දාලා නැති වෙනකොට බෙල් කරත් දොර ඇරියේ නැතුවාම ටේහ්‍යොන්ග් තමන්ගේ යතුරෙන් දොර ඇරන් ඇතුලට ගියා... ඇතුලට ගිහින් ඉස්සල්ලම ජන්කුක්ක්ගේ කාමරේ බැලුවම මුකුත් වෙනසක් තිබ්බේ නැති හින්දා තාම ජන්කුක් ඇවිත් නෑ කියලා තේරුම්ගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ට කෝල් ගත්තත් පෝන් එක වැඩ කරපු නැති හින්දා ජිමින්ට කතා කරලා ඇහුවේ ජන්කුක් අනිවාරෙන් ක්ලබ් එකේ ඇති කියලා හිතුන හින්දා...
කෙලින්ම වාහනේ අරගෙන ක්ල්බ් එක ගාවින් හැරෙන පාරෙන් දාලා ඉක්මනට ගැලරි එකට ආපු ටේහ්‍යොන්ග් ඉස්සරහ පාර අයිනෙන් වාහනේ නවත්තලා බිමට බැස්සා... බාගෙට ඇරුන ගේට් එකෙන් ඇතුලට ගිය ටේහ්‍යොන්ග් ඉස්සරහ වහලා තිබුනු ලොකු දොර දිහා බැලුවේ ව්‍යාකූල වෙලා, ජිමින් මෙතනට එන්න කීවත් ජන්කුක් මෙතන ඉන්න හේතුවක් ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ.. පාකින් ලොට් එකත් වහලා තිබ්බ හින්දා ආයෙත් බලනකොට ටේහ්‍යොන්ගේ මූන පොඩ්ඩක් එලිය උනේ අයිනෙන් නවත්තලා තිබ්බ ජන්කුක්ගේ බයික් එක දැකලා...
-"හෙලෝ..ජිමින්... ගැලරි එක වහලනේ... ජන්කුක්ගේ බයික් එක තියනවා..."
="මේ ඉක්මනට එතනටත් ආවද...ඕක පිටිපස්සෙන් ඇවිදන් ගිහින් බැක් ඩෝ එක ඕපන්ද බලලා ඇතුලට යන්න, ජන්කුක් ඇතුලේ ඇති..."
-"ඒත්.. මොකක්ද..."
ටේහ්‍යොන්ග් ආයෙත් මුකුත් අහන්න කලින් ජිමින් පෝන් එක කට් කරා.. ජන්කුක් මේ ගැන ටේහ්‍යොන්ග්ට කියලා තිබ්බේ නැතත් දැන් ජන්කුක්ගේ ජීවිතේ සමීපම කෙනෙක් උන ටේහ්‍යොන්ග්ට මේක තව හන්ගන්න තරම් දෙයක් නෙවෙයි කියලා ජිමින්ට හිතුනා..
ජිමින් කීවා විදියට ගැලරි එක තිබ්බ ලොකු ගොඩනැගිල්ල වටේට ඇවිදගෙන ගිය ටේහ්‍යොන්ග් බැක් ඩෝ එක හොයාගෙන හැඩල් එකට අත තියලා තද කරාම එක පාරට දොර ඇරුනා...
"මේ වගේ තැනක් බාගෙට වහලා ඉන්නේ කවුද..."
තමන්ටම මුමුනගත්ත ටේහ්‍යොන්ග් ඔලුව ඇතුලට ඔබලා බැලුවේ අදුරේ ගිලුනු කොරිඩෝ එක දිහා.. තමන්ගේ පෝන් එකේ ටෝච් එක ඔන් කරගත්ත ටේහ්‍යොන්ග් හෙමීට දොර වහන ගමන් ඇතුලට ගියේ සද්දයක් ඇහෙන් නැති වෙන්න... පෝන් එක වටේට කරකවලා ස්විච් එක හොයාගත්ත ටේහ්‍යොන්ග් ඒක ඔන් කරාම කොරිඩෝ එක දිගටම ලයිට් ටික පත්තු උනා... ඉස්සරහ ගැලරි එක කොටසට යන්න තියනවා කියලා හිතෙන දොර ඇරුනම තව දොරවල් දෙකක් පේන්න තිබ්බා...
"කූ..."
"ජන්කුක්...."
ටේහ්‍යොන්ග් ගොඩාක් හයියෙන් නැතුව කතා කරත් එයාගෙම සද්දෙ දෝංකාර දෙන සද්දෙ ඇරෙන්න වෙන ප්‍රතිචාරයක් ටේහ්‍යොන්ග්ට හම්බුනේ නෑ...එක දොරක් ඇරලා බැලුවම ඒක වොශ් රූම් එකක් උන හින්දා ටේහ්‍යොන්ග් කලු පාට පොඩි දොර ගාවට ඇවිදගෙන ගියා...ේකට අත තියලා අරින්න හැදුවත් පොඩ්ඩක් හිර උන හින්දා ටේහ්‍යොන්ග් ටිකක් තදින් තල්ලු කරාම දොර ඇරුනා...
"ඕඕහ්... මොකක්ද මේ තැන...."
හැම තැනම සුදු රෙදි වලින් වැහිලා අදුර හින්දා බූත පාටට පේන තැන දිහා බලල තමන්ටම මුමුනගත්ත ටේහ්‍යොන්ග් ස්විච් එක හොයාගෙන ඔන් කරා... අදුරුවට තිබ්බ කාමරේ ආලෝකමත් උන හින්දා අයිනේ තිබුනු කැන්වස්, සුදු බෝඩ් වගේම හිට්ටවලා තිබුනු ලී පුවරු තින්ත බෝතල් පින්සල් එක්ක මේක චිත්‍ර අදින තැනක් කියලා තේරුම්ගන්න ටේහ්‍යොන්ග්ට මහ වෙලාවක් ගියේ නෑ...
පෝන් එක සාක්කුවට දාගන්න ගමන් හෙමීට හෙමීට ඉස්සරහට ඇවිදගෙන ගිය ටේහ්‍යොන්ග්ට "ටොක් ටොක්.."ගාලා හඩක් දිගටම ඇහුනා... එතනම උස පින්සල් හෝදන වතුර එක පෙරලිලා අන්තිම වතුර ටික බිමට බින්දු වගේ වැටෙන ගමන් තිබ්බේ ඒක පෙරලිලා වැඩි වෙලාවක් නෑ කියලා ටේහ්‍යොන්ග්ට තේරුම් කරවලා... එතනම එහා පැත්තේ බිම තාමත් තින්ත නොවේලුන තින්ත පිහදාපු රෙදි කෑල්ලක් බිම වැටිලා තිබ්බා....
මුලු කාමරේ පුරාම සුදු රෙදි වලින් වහලා තියන චිත්‍ර දිහා බල බල ගිය ටේහ්‍යොන්ග් කාමරේ මුල්ලකට හේත්තු උනේ කල්පනා කරන ගමන්... ඊට පස්සෙ එතනින් එලියට ආපු ටේහ්‍යොන්ග් ගැලරි එකට තියන දොර ඇරන් ගිහින් අදුරු කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියේ පුරුද්දෙන්... එතන ලොකු අදුරු වීදුරුව තියන කාමරේට එහා පැත්තෙන් තිබුනු ස්විච් බෝඩ් එක ගාවට ගිහින් ස්විච් ඔන් කර කර බලලා තමන්ට ඕන තැන ලයිට් එක දාගත්තු ටේහ්‍යොන්ග් අමුතු චිත්‍ර තිබුනු කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා...
දොර ගාව ඉදන් බිත්තිය දිගේ ඇවිදන් ගිහින් අලුතින් චිත්‍රය තියෙන්න ඕන තැනට ගිය ටේහ්‍යොන්ගේ මූනේ ජයග්‍රාහී හිනාවක් ඇදුනේ තාමත් තින්ත නොවේලුනු අලුත් චිත්‍රෙ එතනට එකතු වෙලා තිබ්බ හින්දා....රත්තරන් පාට රාමුව දිගේ ඇගිලි තුඩු අරන් ගිහින් පොඩි වශයෙන් කලු පාටින් සිතුවම් උන සිතුවමෙන් බේරුන තින්ත බින්දුවක් පිහදාපු ටේහ්‍යොන්ග් එතනින් එලියට ඇවිත් ලයිට් ඕෆ් කරන් පිටිපස්සෙ දොරෙනුත් එලියට ආවා...
-"හෙලෝ..ජිමින්.. ඇතුලේ කොහෙවත් ජන්කුක් නෑ...කොහෙද යන්න ඇත්තේ..."
="ජන්කුක් නැත්නම් ඇතුලට ගියේ කොහොමද..."
-"දොර වහලා තිබ්බේ නෑ..."
="මොකක්.. ජන්කුක් කවදාවත් ඔතන වහන් නැතුව කොහෙවත් යන් නෑ.. බයික් එකත් තියනවා නම්.......
-"මොකක්ද කියන්න හදන්නේ, ජන්කුක් එහෙනම් කොහෙද...."
="මන් දන් නෑ ටේහ්‍යොන්ග්.. ජන්කුක් ඒ ඇරෙන්න වෙන කොහෙවත් යන් නෑ..හොදට බැලුවද... ම.. මන් කියන්නේ ඇතුලේ කාමර වල..ම්ම්ම්"
-"මන් ඔක්කොම බැලුවා...... කොහෙවත් නෑ............
.
.
.
.
.
"මුට වතුර එකක් හරි ගහලා සිහිය ගනින්..."
ජන්කුක්ගේ මූනට තදින් වතුර පාරක් වැදුනාම ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරියා... තද ඔලුවේ කැක්කුමක් එක්ක ඇස් දෙක අමාරුවෙන් ඇරිය ජන්කුක් අදුරු පරිසරයට ඇස් හුරු කරගන්න උත්සාහ කරා...
"උබ මගේ පුතාව රවට්ටන් ඔක්කොම කරගන්න නේද හැදුවේ..."
ජන්කුක්ගේ කම්මුලට තද පාරක් ගහන ගමන් දේහන් ඇහුවේ කේන්තියෙන් පිරුනු කටහඩකින්..
"ඔයාලා කවුද.. ඇයි මාව මෙහෙම ගට ගහලා තියෙන්නේ... මොකකද කියන්නේ.."
ජන්කුක් අපහසුකාරි කටහඩකින් කීවාම දේහන් හයියෙන් හිනා උනා...
"ඔක්කොම කරගෙන උබ දන් මෙතන බබා වෙන්න හදනවද... ටේහ්‍යොන්ග් උබේ විකාර වලට රැවටුනාට මම එහෙම වෙන් නෑ.. හොදට මතක තියාගනින්... "
දේහන් ආයෙත් කෑ ගැහුවම ජන්කුක් නිරුත්තර උනා... ජන්කුක්ට මතක එලියෙන් ඇහුන සද්දෙට ගැලරි එකෙන් එලියට ආවාම විතරයි... එතනින් පස්සෙ ජන්කුක් ඇස් ඇරියේ මෙතන වැදුනු වතුර පාරට...
"ටේහ්‍යොන්ග්... ඇයි ටේහ්‍යොන්ග්ට මොකද උනේ... මොනවද කියන්නේ..."
"නවත්තපන් උබේ රගපෑම..."
ආයෙත් කම්මුලට පාරක් ගහන ගමන් දේහන් කේන්තියෙන් කෑ ගහුවාම ජන්කුක් ව්‍යාකූලව වේදනාවෙන් දේහන් දිහා බලන් හිටියා.. ඒ ඉන්නේ ටේහ්‍යොන්ගේ අප්පා කියලා අදුරගන්න ජන්කුක්ට අමාරු උනේ නෑ... මොකක් උනත් වැරදි වැටහීමක් ඇති වෙලා කියලා ජන්කුක්ට තේරුනා.. නැත්නම් ටේහ්‍යොන්ගේ දෙමාපියෝ මෙහෙම නපුරු වෙන්න බෑ කියලා ජන්කුක් හිතුවා..
"මේ අහන්න මිස්ටර් කිම්.. මොකක් හරි වැරදි දෙයක්......
"මට උබේ බණ වලින් වැඩක් නෑ, දැන් මේ ටික අත්සන් කරලා තමුන් මගෙ පුතාගෙන ඈත් වෙලා ඉන්න ඕනේ.. උබට තේරුනානේ.."
"මොනවද කියන්නේ... මොනවද අත්සන් කරන්නේ... "
"උබ මානසික ලෙඩෙක් උනා කියලා ඒකට මගෙ ලම්යා පලි නෑ, උබට මේ හොදින් කියන අන්තිම වතාව ආයෙත් ටේහ්‍යොන්ග් ගාව හිටියොත් හැමදේම මීට වඩා දරුනු වෙයි..."
ජන්කුක්ගේ පිටිපස්සට කරලා බැදලා තිබ්බ අතක් ඉස්සරහට ඇදලා ගන්න ගමන් දේහන් කියනකොට ජන්කුක්ගේ ඇස් වලට නික්න්ම කදුලු ආවා...තමන්ට කිසි දෙයක් කියන්න දෙන් නැතුව තමන් දන්නෙවත් නැති දේවල් ගොඩක් කියවන දේහන් දිහා ජන්කුක් බලන් හිටියේ අසරණව...
"ඔය අත් දෙක ලෙහපන්, මේ ටික අත්සන් කරනවා...මම මේවා මහන්සි වෙලා හැදුවේ කොහෙවත් ඉන්න උන්ට ලියන්න නෙවේ..."
"මොනවද මට අත්සන් කරන්න කියන්නේ..."
"මොනවද, උබ ටේහ්‍යොන්ග්ව රවට්ටලා ලියාගත්ත ශෙයාස් ටික...."
"මො..මොනවා.. මන් කවදාඅවත් එහෙම කරේ නෑ..."
"මන් දැන් උබට කීවා රගපාන එක නවත්තගනින් කියලා... මට තවත් මේවා බලන්න ඕනෙ නෑ, මේ ටික අත්සන් කරපන් මන් යවන්නම් උබව..."
"මට බෑ.. මම කවදාවත් දන්නෙවත් නැති දේකට අත්සන් කරන්නේ කොහොමද.. මම ටේහ්‍යොන්ගෙ.........
"වහපන් කට.. මම උබට ආයේ එයාව හම්බෙන්න ඉඩ තියන් නෑ...........
දේහන් හිටියේ පිස්සු වැටිලා වගේ.. මේ ඉන්නේ මනුස්ස්යෙක් තමන්ගේ දරුවා වගේම දරුවෙක් කියලා දේහන්ට හිතුනේ නෑ.. ජන්කුක්ගේ ඇස් කොනින් බේරෙන කහුලු පෙනුනේ නෑ...
.
.
.
.
.
.
-"හෙලෝ අන්කල්.. ඇයි මේ වෙලාවේ හදිසියක් නැත්නම් මන් පස්සෙ ගන්නම්.. මන් වැඩක්..."
තමන්ගේ සෙකට්‍රිගෙන් ආපු කෝල් එක ආන්ස්වර් කරලා ටේහ්‍යොන්ග් කීවේ පාර දිගේ ඉස්සරහට ඇවිදින ගමන්...
="ටේහ්‍යොන්ග්... ජන්කුක්ව දැන් ~~~ ලේන් එකෙන් දාලා ගියා..පොඩ්ඩක් එයාව බලන්න..."
විතරක් කීව එයා ඉක්මනින් කෝල් එක කට් කරා...
.
.
.
.
.
ජන්කුක් හිටපු තැනම පාර අයිනට ඇදන් වැටුනේ දැනුනු පණ නැති ගතියත් එක්ක... රෑ 12ත් පහු වෙලා ලොකූ අන්දකාරෙක පාලු පාරක් අයිනෙ වැටිලා හිටපු ජන්කුක්ගේ කම්මුල් පුපුරු ගහන්න රතු වෙලා තිබුනා...
ඉස්සරහින් පේන ලොකු එලියත් එක්ක ජන්කුක් තමන්ගේ ඇස් දෙක අත් දෙකෙන් වහ ගත්තා...
.
.
.
.
******************
Like this.....
If you can find certain things... it's art about your seeing...📍🎭
'
'
____________________________Dark_Sunshiner 🤍🥀
සමහර දේවල් වචනයෙන් නොකියන තරමට ඒ දේවල් දැනෙනවා වැඩී... 🍃💚
Thanks for reading...♥️
To be Continued...
2023/02/19
Bạn đang đọc truyện trên: AzTruyen.Top