|26|
"ටේහ්‍යොන්ග්..උබ මොකක්ද මේ කරන විකාරේ..."
හයියෙන් වැදුන කම්මුල් පාරට ටේහ්‍යොන්ගේ අතේ තිබ්බ පෝන් එක විසි වෙලා ගියා...
ටේහ්‍යොන්ග් හිටියේ තමන්ගේ ඔෆිස් රූම් එකේ ලොකු ග්ලාස් වෝල් එක ගාවට වෙලා පෝන් එකත අතේ තියාගෙන... හැබැයි වෙන කල්පනාවක හිටපු ටේහ්‍යොන්ග් හරිසිහියට ආවේ තමන්ගේ කම්මුලට වැදුනු තද පාරට..
"ඇයි අප්පා..."
ටේහ්‍යොන්ග් ඇහුවේ ගිනි පුපුරු පිට වෙන ඇස් දෙකෙන් තමන් දිහා බලන් ඉන්න දේහන්ගෙන්..
"ඇයි.. උබ ඔක්කොම කරලා ඇවිත් මගෙන් ඇයි ඇහුවම හරි යනවද.. ආහ්.. මොකක්ද උබට වෙලා තියෙන්නේ..."
දේහන් කෑ ගහනකොට ටේහ්‍යොන්ග්ට හේතුව මොකක්ද කියලා තේරුනත් ටේහ්‍යොන්ග් සද්ද නැතුව හිටියා...
"මොකක්ද මොකක්ද මේක... උබ මේක බාරගත්තේ කොහෙවත් ඉන්න කොල්ලෙක් කරගහගන්නද..."
කේන්තියෙන් කියලා කොල වගයක් ටේහ්‍යොන්ගේ මූනට විසික් කරපු දේහන් එතන පුටුවෙන් වාඩි උනේ අත් දෙක එකට තද කරන ගමන්..
"අප්පා ජන්කුක්ට කොහෙවත් ඉන්න කොල්ලෙක් කියන්න එපා..."
"ජන්කුක්ද මොකාද කියලානම් මන් දන් නෑ... තමුන්ට මොකක්ද තියන අයිතිය මෙහෙම තීරණයක් ගන්න... කොහොමද මම දන්නෙවත් නැති මනුස්සයෙක්ට මෙහෙම ප්‍රොපටි ලියන්නේ..."
"අප්පා... ඉස්සල්ල කියන එක අහන්න, ජන්කුක් කියන්නේ මම ආදරේ කරන කෙනා, ඉතින් මට ජන්කුක්ව මැරි කරන්න ඕනේ ,ඒක කරන්න තියන විදිය මේක තමයි.........
ටේහ්‍යොන්ග්ට කතාව ඉවර කරන්න හම්බුන් නෑ ආයෙත් පාරක් දේහන් ටේහ්‍යොන්ගේ කම්මුලට ගැහුවේ ටේහ්‍යොන්ග් කේන්තියෙන් තමන්ගේ කම්මුල අල්ලගන්නකොට...
"කොල්ලෙක්.. මෙච්චර උගන්නලා ලොකු කරලා අන්තිමට උබට මානසික ලෙඩෙක් වගේ කොල්ලෙක් බදින්නද ඉතුරු වෙලා තියෙන්නේ... අහ්.. උබ මෙච්චර දේවල් වලට පස්සෙ මට දෙන තෑග්ගද ඒක..."
"අප්පා කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක මානසික ලෙඩක් නෙවෙයි... මම මේ හොදින් කියන්නේ මට මේ දේවල් විසද ගන්න තියලා පැත්තකට වෙලා ඉන්න.."
"මොකක්ද උබ කියන්නේ ටේහ්‍යොන්ග්.. උබට දැන් කොල්ලෙක්ව මැරි කරන්නද ඕනේ, අඩුම ලමයෙක්වත් හදාගන්න පුලුවන්ද, මම මෙච්චර මහන්සි වෙලා මේ දේවල් හැදුවේ මෙහෙම විනාස වෙන්න නෙවෙයි, එදා සතුටින් හැමදේම බාරදෙනකොට උබ මෙහෙම මානසික විදියට වැඩ කරනවා කියලා දන්නවා නම් මම කවදාවත් උබට මේක බාරදෙන් නෑ..."
"ලමයෙක්.. ලමයෙක් ඕන නම් මම හදාගන්නම්, ඒ උනාට මට මානසික ලෙඩා කියන්න එපා... කවදාවත් ආදරේ කරන එක මානසික ලෙඩක් නෙවෙයි..."
ටේහ්‍යොන්ග් දත් මිටි කන ගමන් කියනකොට දේහන් හොද හුස්මක් ගත්තා..
"මට පරන එක දෙයක්වත් වැඩක් නෑ... ඔය මොකක් මොක උනත් මට කමක් නෑ, ඊලග සතියේ මැරි කරන්න ලෑස්ති වෙනවා අර ගර්ල්ව... මම ආයේ දෙපාරක් කියන් නෑ, හොදින් හරි නරකින් හරි මට මිනිස්සු හිනා වෙනවා බලන් ඉන්න බෑ..."
දේකන් කේන්තියෙන් යන්න හැරුනම ටේහ්‍යොන්ග් දේහන් ඉස්සරහින් හිට ගත්තා...
"අප්පා එහෙනම් මේකත් මතක තියාගන්න, මිනිස්සු හිනා වෙනවානම් හිනා වෙච්චදෙන්, ආදරේ කරන එක කවදාවත් වැරදි නෑ, මන් ඔය කියන කාවවත් මැරි කරන්නෙත් නෑ, කරනවානම් ඒ ජන්කුක් විතරයි.. මමත් ආයේ දෙපාරක් කියන් නෑ මමත් මේ ඔක්කොම දාලා යනවා මෙහෙන් ආයේ නොඑන්නම...."
ටේහ්‍යොන්ග් සන්සුන් ස්වරයෙන් කීවම දේහන් ආයෙත් අත ඉස්සුවා.. ඒ උනාට ඒ අත ටේහ්‍යොන්ග් තද කරලා අල්ලගත්තා,
"මම මොකටද වැරැද්දක් කරලා නැතුව ගුටි කන්නේ...."
ටේහ්‍යොන්ග් ඇහුවම දේහන් ටේහ්‍යොන්ගේ අත ගසලා දාලා කේන්තියෙන් එලියට ගියා....
දොරට පිටුපාලා හිටපු විදියටම හිටපු ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් දොර වැහෙනවා ඇහෙනකොටම එතන තිබ්බ ස්ටෑන්ඩ් එකට පයින් ගැහුවා, කේන්තියෙන් ඇවිදන් ගිහින් මේසේ උඩ තිබුනු ඔක්කොම ඇදලා බිමට දාපු ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම කොන්ඩේ තද කරලා අල්ලගෙන හයියෙන් කෑ ගැහුවේ කේන්තියෙන් ඇස් රතු කරගෙන...
ටේහ්‍යොන්ග්ට කියාගන්න බැරි තරහක් ඇති උනා , ඒ වගේම ඊටත් වඩා ලොකූ දුකක් හිත ඇතුලෙන් දැනුනේ තමන්ගෙම අප්පා තමන්ට මානසික ලෙඩා කියපු හින්දා... ටේහ්‍යොන්ග් මේ දේවල් එකක්වත් තමන්ගේ පවුලේ අයට කියන්න හිටියේ මෙහෙම නෙවෙයි... ඒත් කොයි වෙලේ කීවත් හම්බුන ප්‍රතිචාර දිහා බැලුවම ටේහ්‍යොන්ග්ට ගොඩාක් කලකිරුනා... තමන්ගේ අප්පා මේ විදියට හිතයි කියලා කවදාවත් ටේහ්‍යොන්ග් හිතුවේ නෑ... එහෙමම ඇවිදගෙන ගිහින් සෝෆා එකේ වාඩි උන ටේහ්‍යොන්ග් සෝෆා එකේ පිටිපස්සට ඔලුව තියාගත්තේ ඇස් දෙක පියාගන්න ගමන්.... තමන්ගේ පෝන් එක අරන් ජන්කුක්ගෙන් රිප්ලයි එකක් ඇවිත්ද බැලුවත් පුරුදු විදියටම රිප්ලයි එකක් නෑ කියලා දැක්කම පෝන් එකත් එහාට විසි කරන ගමන් ටේහ්‍යොන්ග් ආයෙත් ඔලුව තියාගත්තා...
.
.
.
.
"දේහන් මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ... එක පාරට මොකක් වෙලාද..."
මිසිස් කිම් දේහන්ගේ අතේ එල්ලෙන ගමන් ඇහුවේ ආපු වෙලේ ඉදන් කේන්තියෙන් ඉන්න හින්දා...
"කිව්ව දේ තමයි වෙලා තියෙන්නේ, ඇයි උදේ දීලා ගිය ෆයිල් එක බැලුවේ නැද්ද..."
මිසි කිම්ව අහකට තල්ලු කරන ගමන් දේහන් කෑ ගැහුවම මිසිස් කිම් උදේ ස්ටූල් එක උඩ තිබ්බ ෆයිල් එක අතට අරන් බැලුවා..
"මො..මොකක්... ඔ..ඔයාද ......
"මම... මම කරානම් මෙහෙම ඉන්නවද මම... මහ ලොකුවට අපිවත් දාලා ගිහින් ඕවා තමයි කරන්නේ..."
"නෑ අපේ ටේ මෙහෙම කරන් නෑ, එයාට හේතුවක් ඇති..."
මිසිස් කිම් ජන්කුක්ට 50% ක් ශෙයාස් ලියපු ඩොකියුමන්ට් වල කොපි ටික පැත්තකින් තියන ගමන් කීවේ ඇස් දෙකේ කදුලු පිහදාන ගමන්...
"බලමු තව කොච්චර දවසක් මෙයා මෙහෙම නටයිද කියලා, මානසික ලෙඩ්ඩුත් එක්ක ඉදලා මෙයත් පිස්සු වැටිලා..."
"දේහන් මොනවද ඔයා කියන්නේ, කවුද මානසික ලෙඩ්ඩු... තේරෙන්න කියන්න මොකක්ද..."
"තේරෙන්න , තව මොනවා තේරෙන්නද ටේහ්‍යොන්ග් ඔය කියන කොල්ලා එක්ක ඉදලා, තව මැරි කරන්නත් ඕනෙලු.. මුන් මේවද මෙච්චරකල් ඉගනගෙන තියෙන්නේ... ඊලග සතියේ මන් මැරේජ් එකක් ලෑස්ති කරනවා.. මට බෑ හැමෝගෙන්ම පාච්චල් වෙන්න..."
දත් මිටි කන ගමන් දේහන් කීවම මිසිස් කිම් තමන්ගේ අතින් කට වහගත්තා..
"ජ..ජන්කුක්..කි..කියන්නේ..."
"ඇයි කවුද ජන්කුක් කියන්නේ... මිස්ට ජියෝන්ගේ පුතා නෙවෙයි කවුරු උනත් මට වැඩක් නෑ... "
ගොත ගහන මිසිස් කිම් දිහා බලන් දේහන් කීවම මිසිස් කිම් දේහන්ගේ අතින් අල්ලගත්තා..
"දේහන් ඔය බොරු, ජන්කුක් කියන්නේ අපේ පුතාගේ යාලුවෙක්..."
"ඔයා කොහොමද දන්නේ.. කවුරු ඔයාට කීවද මන් දන් නෑ, හැමෝම කියන්නේ ඔහොම තමයි, බීලා සෙක්ස් කරපු පලියට ඒක ආදරේ කියලා හිතන්නේ...මම කරන්නම් හොද වැඩක් මේකට..."
දේහන් පිලිකුල් විදියට ඒක කීවම මිසිස් කිම් සද්ද නැතුව ටික වෙලාවක් ඉදලා එලියට ආවා... මොන විදියේ මොනවා උනත් දේහන්ට විරුද්ධ වෙන්න මිසිස් කිම්ට පුලුවන් උනේ නෑ...
"ඇයි ඔම්මා අප්පා කෑ ගැහුවේ...."
කාමරේ දොර ගාවට වෙලා කවුරුහරි එලියට එනකන් බලන් හිටපු නුවී මිසිස් කිම්ගේ අතින් අල්ලන් ඇහුවම මිසිස් කිම් නුවී දිහා පොඩ්ඩක් වෙලා බලන් හිටියා...
"ජ..ජන්කුක් කියන්නේ ටේහ්‍යොන්ගේ කවුද..."
මිසිස් කිම් එච්චරමයි ඇහුවේ,
"අ..අහ්..ම්ම්ම්... එයා යාලුවෙක්.........
නුවී කියනකොට මිසිස් කිම් නුවීගේ අත අයින් කරලා කිචන් එකට ඇවිදගෙන ගියා... මිසිස් කිම් දුක් උනා හැමෝම එකතු වෙලා එදා බොරු කියපු එකට....
.
.
.
කවුරු කොහොම උනත් ටේහ්‍යොන්ග් එදා ඇත්ත නොකීවේ ඒක වෙන විදියකට සතුටින් හොදින් හැමෝටම කියන්න ඕනෙ උන හින්දා...
.
.
.
අනිත් අතට ජන්කුක්ගේ පැත්තෙන් එහෙම නමක් දීලා ගොඩනගාගත්තු පැහැදිලි සම්බන්ධයක් තිබ්බේ නෑ...
.
.
.
.
.
.
"ජන්කුක්ව අරන් එන්න....."
.
.
.
.
******************
____________________________Dark_Sunshiner 🤍🥀
Mr. Kim & Mrs.Kim
Thanks for reading...♥️
To be Continued...
2023/02/19
Bạn đang đọc truyện trên: AzTruyen.Top