|22|

ටික වෙලාවක් ජන්කුක් ගිය දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් යන්තම් හිනා උනා... ඒත් එතනින් එහාට වෙලා මේ දිහා බලන් හිටපු යුන්ගිටයි ජිමින්ටයි නම් ඒ හිනාවේ තිබුනු දුක්බර පාට හොදට පෙනුනා....ටේහ්‍යොන්ග් බිමට නැමිලා මල් පොකුර ඇහිදගෙන ජන්කුක් ගිය පැත්තට ඇවිදගෙන ගියා...

වෙරලා දිගේ ගොඩාක් දුරට ඇවිදගෙන ගියත් ජන්කුක් පේන්න හිටපු නැති හින්දා ටේහ්‍යොන්ග් කලබල උනා..

"ජන්කුක්...."

"ජන්කුක් කොහෙද ඔයා ඉන්නේ..."

ටේහ්‍යොන්ග් මුහුදේ හුලගෙන එන සද්දෙටත් වැඩිය හයියෙන් කතා කරේ හිතේ තිබුනු බයටමයි..

"මට අකමැති උනාට කමක් නෑ..ඉන්න තැනකින් එලියට එන්න බය කරන් නැතුව..."

ටේහ්‍යොන්ග් කෑ ගහන ගමන් ඇවිදගෙන ගියේ ඇත්තටම බයෙන්...

"ආයිශ්..ජන්කුක් මෙහෙම වෙන්න එපා.. මම බය උනා...."

වෙරලේ අයිනේ වැවුන ලොකු ගස් කීපයක් යට වාඩි වෙලා ඉන්න ජන්කුක් ගාවට දුවන් ගිහින් බිමින් දඩස් ගාලා ඉදගන්න ගමන් ටේහ්‍යොන්ග් කීවේ ගැහෙන කටහඩින්...

"මට අකමැති උනාට කමක් නෑ...මට කැමති වෙන්නත් ඕනේ නෑ... මෙහෙම අතුරුදන් වෙන්න එපා.. මම බය උනා කූ.. අනේ මෙහෙම වෙන්න එපා..."

ජන්කුක්ව ඇදලා අරන් තමන්ගේ පපුවට තුරුල් කර ගන්න ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවේ ගැහෙන කටහඩින්....

විනාඩි පහක් දහයක් පැය බාගයක් විතර කිසිම හැලහොල්මනක් නැතුව දෙන්නම නිශ්ශබ්දව හිටියා... කිසිස්ම කලබලයක් නොකර ජන්කුක් හිටියේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටට තට්ටු කරනකොට..

"හැමවෙලේම මන් ගාව ඉන්න එපා..."

"ආහ්..."

ජන්කුක් හිමීට කියනකොට ටේහ්‍යොන්ග් ඇහුවේ ටිකක්වත් ඈත් නොවී...

"මට අමාරු හැමවෙලේම ලග ඉන්න එපා... මන් ගැන මෙච්චර බය වෙන්න එපා... මාව මෙච්චර බලාගන්න එපා... මන් ගැන මෙච්චර හොයලා බලන්න එපා... මට හැම වෙලේම උදව් කරන්න එපා..."

ජන්කුක් හෙමීට කීවා..

"ඒ ඇයි... ඇයි එපා කියන්නේ..."

"මට බයයි..."

"ඇයි බය..."

"මට බයයි මට ඕනම වෙලාවෙ මන් ගාව කවුරුත් නැති වෙයි කියලා... මට බය හිතෙන හැමවෙලාවකම මන් ගාව කවුරුත් නැති වෙනවට මට බයයි... ලග ඉදලා මාව දාලා යනවට මම බයයි...ම.. මට බයයි අන්තිමට හැමෝම වගේ මාව රවට්ටයි කියලා...."

යන්තම් ඉකි ගහන කටහඩකින් ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවට වෙලා මුමුනනකොට ටේහ්‍යොන්ගේ පපුව දිගේ වේදනාත්මක ඉරි ගියා... ජන්කුක්ව තවත් තද කරලා තුරුල් කරගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හිස් මුදුනෙන් තොල් තියාගත්තා...

"බයවෙන්න එපා මම ඉන්නවා... මන් පොරොන්දු වෙනවා හැමවෙලාවකම මම ඉන්නවා කියලා...මම දාලා යන් නෑ... රවට්ටන් නෑ.. හැමදාම මන් ගාව ඉන්න මම ඔයා ගාව ඉන්නවා... මම ඔයාට ආදරෙයි මැණික..."

ටේහ්‍යොන්ග් හෙමීට හෙමීට මුමුනලා ජන්කුක්ගේ ඔලුවට හාදුවක් දුන්නේ ජන්කුක්ගේ පිට අතගාන ගමන්...

"කූ..."

"කූ..."

"ම්ම්ම්.."

"මට ආදරේ කරන්න එපා.. ඒත් එක අවස්තාවක් දෙන්න මට ඔයා ගාවින් ඉන්න... මගේ පණ වගේ මම බලාගන්නම් කූව...."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුව ඔලුව තියාගෙනම ඔලුව වැනුවා..

"ඇත්තමද..."

ජන්කුක්ව ඈත් කරන්න හදන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවත් ජන්කුක් බෙයා කෙනෙක් වගේ ටේහ්‍යොන්ගේ ඇගට ඇලිලම හිටියා...

ලාවට හිනා වෙලා ජන්කුක්ගේ ඔලුව අතගාපු ටේහ්‍යොන්ග් ටිකක් එහායින් බිම තිබුන මල් පොකුර අරන් ජන්කුක්ගේ අතක තිබ්බා...ටේහ්‍යොන්ගේ පපුවේ මූන තිබ්බ හින්දා ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගේ මූන පෙනුනේ නෑ.. මූන පැත්තකට හරවන ගමන් ජන්කුක් මල් පොකුර දිහා හොදට බැලුවා..

ජන්කුක්ව උස්සලා තමන්ගේ කකුල් දෙක අතරින් ඉන්දවගෙන ජන්කුක්ගේ පිට තමන්ගේ පපුවට හේත්තු කරගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ව පිටිපස්සෙන් බදාගෙන ජන්කුක්ගේ උරහිසෙන් නිකට තියාගත්තා...

"අපි හැමදේම අලුතින් පටන් ගමු...ම්ම්ම්..හැමදේම... මගේ චූටි ඩැෆොඩිල් මල ලස්සනට හිනාවෙන්න හැමදාම...මන් ඉන්නවා හැමදේකටම..."

මල් පොකුර උඩ තිබුනු ජන්කුක්ගේ අත උඩින් අත තියන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇගට මුලු බරම දීලා හොදට හේත්තු උනා...

අඩුම ජන්කුක් කරන්නේ මොනාද, ජන්කුක්ගේ ප්‍රශ්නේ මොකක්ද.. ඒ කිසිම දෙයක් ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ... හැමතැනම හොයලා ජන්කුක්ව අපහසුතාවයට පත් කරනවට වැඩිය ඒක ජන්කුක්ගෙන්ම දැනගන්න ටේහ්‍යොන්ග් කැමති උනා... ඒක ජන්කුක් කවදම හරි තමන්ට කියනකන් ඉන්න ටේහ්‍යොන්ග් තීරණය කරලා තිබ්බා...ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගේ වෙන මුකුත්ම ඕනේ උනේ නෑ.. ටේහ්‍යොන්ග්ට ඕනේ උනේ ජන්කුක් විතරයි... ජන්කුක්ගේ ආදරණීය හිත විතරයි.. ජන්කුක්ගේ එක ලස්සන හිනාවක් විතරයි...

"මේහ්.........

ජන්කුක් ටේහ්‍යොන්ග්ට මොනවාහරි කියන්න තමන්ගේ උරහිසේ තිබුනු ටේහ්‍යොන්ගේ මූනට හැරුනත් ජන්කුක්ට හම්බුනේ තමන්ගේ මූන දිහා බලන් හිටපු ටේහ්‍යොන්ගේ හීනී තොල් දෙක... එක පාරට උන දේ හින්දා දෙන්නම ඇස් ලොකු කරන් දෙන්නගේ ඇස් දෙක දිහා බලන් හිටියා..

"ඔහ්.. සමාවෙන්න මන් දැක්කේ නෑම්ම්හ්ම්ම්ම්ම්....

ටේහ්‍යොන්ග් සමාවෙන්න කියලා ඈත් වෙන්න හැදුවත් අන්තිම වචනෙවත් ටේහ්‍යොන්ග්ට සම්පූර්ණ කරන්න නොදී ටේහ්‍යොන්ගේ තොල් දෙක තවත් තොල් දෙකකින් වැහිලා ගියා...

"කූම්ම්ම්ම්...........

ටේහ්‍යොන්ග් ඈත් වෙන්න හදපු හැම පාරකම ජන්කුක් තවත් ටේහ්‍යොන්ගේ ඇගට තුරුල් වෙන ගමන් ටේහ්‍යොන්ගේ තොල් අතරේ තමන්ගේ තොල් චලනය කරා...

සන්සුන්ව තමන්ගේ තොල් කිස් කරන ඒ පිය උන ඇස් දිහා බලන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් අත් තියන ගමන් හාදුවට ප්‍රතිචාර දක්වන්න ගත්තා... ජන්කුක්ගේ ඉන වටේ අත යවලා උස්සලා ගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ව සම්පූර්නයෙන්ම තමන්ගේ පැත්තට හරව ගත්තේ එක මොහොතකටවත් හාදුව නවත්තන්නේ නැතුව...

ජන්කුක් ටේහ්‍යොන්ගේ ඉන වටේට තමන්ගේ කකුල් දෙක ඔතාගන්න ගමන් තමන්ගේ එක අතක තියන මල් පොකුරත් එක්කම අත් දෙක ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට යවලා තවත් ටේහ්‍යොන්ගේ අත් අතරට තුරුල් උනා...

ජන්කුක් තමන්ගේ ජීවිතේ පලවෙනි වතාවට හාදුවක් විදින ගමන් හිටියා... හිතේ බලාපොරොත්තු උන උණුහුමක ගිලිලා ශක්තිමත් අත් දෙකක් අතර ඉදගෙන තමන්ගේ ආත්මෙම දිය වෙලා යනවා වගේ ජන්කුක්ට දැනුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ ඇගට තද කරගන්න ගමන් මෙච්චර දවස් බලාපොරොත්තු උන ආදරේ විදින ගමන් හිටියා...

"ම්ම්ම්හ්..."

හුස්මගන්න අමාරු වෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ගෙන් තොල් දෙක අරගෙන ටේහ්‍යොන්ගේ තොල් මතම තොල් තියාගෙන හයියෙන් හයියෙන් හුස්ම ගත්තා.. ආයෙත් ජන්කුක්ගේ තොල් දෙකම තමන්ගේ තොල් අතරට අරන් උරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කට ඇතුලට දිව දාලා ජන්කුක්ගේ දිවත් එක්ක දිව පටලගත්තා...

තොල් කොනින් සලීවා බේරෙනකොට දෙන්නම දිග උණුසුම් ආදරණීය හාදුවකට පස්සේ ඈත් වෙලා නලලට නලල තියාගෙන හුස්මගන්න ගමන් හිටියා...ජන්කුක්ගේ කට දෙපැත්ත තමන්ගේ මහපට ඇගිල්ලෙන් පිහපු ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක්ගේ නලලට ආදරණීය හාදුවක් දුන්නේ ජන්කුක් ඇස් දෙක පියාගන්නකොට...

"ආදරෙයි..."

ඉන්න විදියටම ජන්කුක්ව තමන්ට තුරුල් කරගෙන ටේහ්‍යොන්ග් මිමිණුවාම ජන්කුක් ටේහ්‍යොන්ගේ උරහිසට උඩින් මල් පොකුර දිහා බලාගෙන යන්තම් හිනා උනා... එදා හිතපු විදියටම ටේහ්‍යොන්ගේ පලල් උරහිස් උඩ ජන්කුක්ට සුවපහසු හැගීමක් දැනුනා...

"කූ.."

"ම්ම්ම්..."

"අපි අරහෙට යන් අර දෙන්න මොනවා කරනවද දන් නෑ..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඉන්න විදියටම ඔලුව වනලා හා කීවා...

"නැගිටින්න හොර හාවෝ..."

ජන්කුක්ගේ බම් එකට තට්ටුවක් දාලා ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් මූන උල් කරන් නැගිට්ටා... ටේහ්‍යොනුත් ඒත් එක්කම නැගිටලා ජන්කුක්ගේ වූල් ඇදුමේ තිබුනු වැලි ටිකත් ගසලා දාලා තමන්ගේ වැලිත් ගසලා ජන්කුක්ගේ වටේට අතක් දා ගත්තා...

"යන්..."

දෙන්නත් එක්කම රැලි වල ගෑවෙන්න නොගෑවෙන්න හිටපු පැත්තට ඇවිදගෙන ගියේ එකට ගොඩාක් ලන් වෙලා...

"ආආහ්.. බිමින් තියන්න..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ව හරහට උස්සලා වඩාගත්ත.. ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට අතක් දාන් ජන්කුක් කෑ ගහලා කීවම ටේහ්‍යොන්ග් හිනා වෙලා ජන්කුක්ගේ නහයේ තමන්ගේ නහය තියලා එහෙට මෙහෙට ඇතිල්ලුවා...

"ඔයා අද ගොඩාක් ලස්සනයි... චූටි ඒන්ජල් කෙනෙක් වගේ..."

ටේහ්‍යොන් හිනා වෙලා කීවම ජන්කුක් ලැජ්ජාවෙන් මල් පොකුරෙන් මූන වහගත්තා...

"අන්න බබ්බු වඩන් එනවා..එච්චරයි අඩු වෙලා තිබ්බේ..."

ජන්කුක්ව වඩන් එන ටේහ්‍යොන්ග්ව දැකලා ජිමින් කෑ ගහලා කීවම ජන්කුක් ඉක්මනට බිමට බහින්න හැදුවත් ටේහ්‍යොන්ග් තද කරලා අල්ලගත්තා...

යුන්ගි ජිමිනුයි දෙන්න දැන් සෑහෙන වෙලාවක් තිස්සේ එයාලට ලෑස්ති කරපු ඩිනර් ටේබල් එකට වෙලා ඈනුම් ඇර ඇර හිටියා...මුහුදු හුලග වැදි වැදි හොද නිදිමතක හිටපු යුන්ගිගේ කිසිම රොමෑටික් ගතියක් තිබ්බේ නැති හින්දා ජිමින්ටත් උනේ ප්ලේට් එකේ තිබ්බ පලතුරු කෑල්ලකට ගෑරුප්පුවෙන් ඇන ඇන ඈනුම් අරින්න...

"පුටුව පිටිපස්සට කරපන්..."

පුටුවට වෙලා නිදි කරන යුන්ගි ගාවට ගිහින් ටේහ්‍යොන්ග් කීවේ ජන්කුක් ටේහ්‍යොන්ගේ ඇග අස්සේ මූන හන්ගගන්නකොට...

"යකෝ..."

Wtf මූඩ් එක්කින් පුටුව පිටිපස්සට කරපු යුන්ගි නැගිටලා ගිහින් ජිමින්ට එහා පැත්තෙන් වාඩි උනේ ටේහ්‍යොන්ග් ජන්කුක්ව පුටුව උඩින් ඉන්දනකොට...

"උබලා දෙන්න මාලු බෑවද මෙච්චර වෙලා.. මේ පූස් තඩියා මාත් එක්ක කතා කරෙත් නෑ.."

ජිමින් තමන්ගේ අදෝනාව ඉදිරිපත් කරනකොට ටේහ්‍යොන්ග් කින්ඩියට හිනා වෙලා ජන්කුක්ගේ එහා පැත්තෙන් ඉදගත්තා...

"මොන එහෙකටද එහෙනම් යුන්ගි බුන්ගි එක්ක යාලු උනේ.. හරියට අපි කෙරෙව්වා වගේනේ...

"ඒයී මේ මිස්ටර් කිම්.. එන්න එපා මගේ යුන්ගියට මුකුත් කියන්න... ගහනවා මේකේ අච්චුව හිටින්න මූනේ..."

ජිමින් තමන්ගේ සපත්තුවේ අඩිය පෙන්නලා ටේහ්‍යොන්ග්ට ඇගිල්ල දික් කරලා කීවම යුන්ගි ටේහ්‍යොන්ග්ට කින්ඩියට හිනා උනා...

"එතකොට ජිමින්ගේ බෝයිෆ්‍රෙන්ඩ්.."

"හායි.. නයිස් ටු මීට් යූ.. අයිම් මින් යුන්ගි..."

යුන්ගි තමන්ගේ අත ජන්කුක්ට දික් කරලා තමන්ව හදුන්වලා දුන්නම ටේහ්‍යොන්ග් යුන්ගිගේ අත අල්ලගෙන හොලවලා යුන්ගිව අදුරගත්තේ ජන්කුක් කට ඉරක් කරන් බලන් ඉද්දි...

"ඉදකින්..ගනින් අත අහකට.."

ටේහ්‍යොන්ගේ අත ගසලා දාලා යුන්ගි වතුර වීදුරුව අතට ගත්තම ටේහ්‍යොන්ග් මේසේ තිබුනු බෙල් එක ගැහුවා...

"අහ්..ජිමින් එතකොට මේ අර උබේ සුගර් ඩැ.....ම්ම්ම්හ්ම්.......

ජන්කුක් කියාගෙන ආපු දේ කියන්න දෙන් නැතුව ජිමින් ඉක්මනට නැගිටලා මේසේ මැදින් නැමිලා ජන්කුක්ගේ කට වැහුවේ ඇස් දෙකෙන් මරනවා කියලා තර්ජනය කරලා...

"මොකක්ද ජන්කුක් කීවේ..."

යුන්ගි ඇහුවත් ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවේ යුන්ගිට එහා පැත්තේ ඉදන් ඇස් දෙකම එකට ගහන තමන්ගේ මොන්ගල් යාලුවා දිහා බලාගෙන...

ටික්කින් කෑම ආවම කට්ටියම කෑම ගත්තේ හිනා වෙවී කතා කරන ගමන්... ජන්කුක් ජිමින් ටේහ්‍යොන්ග් ඇරෙන්න තවත් කෙනෙක් එක්ක අද එකට ඉදගෙන කෑම ගත්තා...

කෑම අරන් ඉවර උනාම කට්ටියම ලස්සනට සරසලා තිබුනු හට් එකෙන් එලිට ඇවිත් බල්බ් පත්තු කරපු තැනට ගියා...

"ආහ්..ඉස්සල්ල කරන්න බැරි උන ඒවා දැන්වත් කරමු... "

කියපු ටේහ්‍යොන්ග් ටිකක් ලොකු බබල්ස් ගන් එකක් අරන් ඒකේ පොඩි කෑල්ල තද කරාම පාට පාටින් දිලිසෙන බෝල ගොඩාක් හැමතැනම ගියේ කට්ටියම වැහිලා යනකොට... ලස්සන කහ පාට බල්බ් වල එලිය වැටිලා දිලිසෙන ගමන් මුහුදු හුලගට හයියෙන් හැමතැනම ගහගෙන යන පෙණ බෝල බලන්න ලස්සනයි.. ජන්කුක් හයියෙන් හිනා වෙන ගමන් ලොකු බෝල අතින් අල්ල අල්ල පුපුරවන්න ගත්තේ පොඩි ලමයෙක් වගේ..... ජන්කුක්ගේ හිනාව බලන්න ආසාවටම ටේහ්‍යොන්ග් තව තවත් පෙන බෝල ජන්කුක් ගාවට යැව්වා...

"මන් ඔයාගේ ඇත්තම හිනාව ඉක්මනටම එලියට ගන්නම් මැණික...."

ජන්කුක්ගේ ලස්සන දෝංකාර දෙන හිනාව දිහා බලාගෙන ටේහ්‍යොන්ග් තමන්ට කියාගත්තේ ආදරණීය හිනාවකින් මූන සරසගෙන...

.




.






.







.







.








.

කූ....🪄🎀💖


.

.
***************

______________________Dark_Sunshiner 🤍🥀

කොහොමද ...😊🎀<3

Thanks for reading...♥️

To be Continued....

2023/02/10

Bạn đang đọc truyện trên: AzTruyen.Top