|21|

තමන්ගේ පෝන් එකට ආපු මැසේජ් එක කියවපු ජන්කුක් යන්තම් හිනා වෙලා පෝන් එක සාක්කුවට දා ගත්ත.. මොන වැඩේ තිබ්බත් ටේහ්‍යොන්ග්ට ජන්කුක්ට කන්න කියන්න අමතක උනේ නෑ......

.

.


.


.

"මොකද තමුසේ ඇඹරෙන්නේ..."

ටේහ්‍යොන්ග් ඇහුවේ රෙස්ටොරන් එක ඇතුලට ඇවිත් ටේබල් තියන පැත්ත යනකොට අමුතු විදියට ඉන්න නුවීගෙන්..

"අ..අරයා ඇවිත්..."

"අරයා.. කවුද අරයා.. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..."

ටේහ්‍යොන්ග් ඇහි බැමකුත් උස්සලා නුවී දිහා බලලා ඇහුවත් නුවී ඉස්සරහ බලන් ඉන්න හින්දා ටේහ්‍යොනුත් ඒ පැත්ත බැලුවා...

"ජන්කුක්... මොකද මෙතන..."

ටේහ්‍යොන්ග් තමන්ගේ පෝන් එක අරන් මැසේජ් එක සීන් කරලද කියලා බැලුවා.. මැසේජ් එක සීන් කරලා...

"ඔප්පා අදුරනවද... එදාට පස්සේ..."

නුවී ඇස් දෙකත් ලොකු කරන් ඇහුවම ටේහ්‍යොන්ග් උගුර පාදලා රවලා බැලුවා..

"ක්හ්ම්... එයා මගේ යාලුවෙක්..තමුසේ මොකද එහෙම අහන්නේ..."

"නෑ .. නෑ නිකන් ඉතින්..."

"නිකන්..නිකන්නම් කමක් නෑ...කොහෙන් හරි වාඩි වෙනවා මම ගිහින් ජන්කුක් එක්ක කතා කරලා එන්නම්..."

එහෙම කියලා ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිදන් ගියා... වෙනදට උඩට කරලා බදින කොන්ඩේ අද කඩලා දාලා පැත්තට දාලා හිටපු හින්දා ජන්කුක්ව ගොඩාක් කියුට් විදියට ටේහ්‍යොන්ග් දැක්කා...

"ජන්කුක්... ලන්ච් එකට ආවාද..."

ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා ටේහ්‍යොන්ග් කතා කරාම, ඈත බලන් හිටපු ජන්කුක් ගැස්සිලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා..

"ඔහ්..ඔයා..."

යන්තම් පුටුවෙන් නැගිට්ටුන ජන්කුක්ව ටේහ්‍යොන්ග් ආයෙත් ඉන්දෙව්වා..ඉන්දවලා ජන්කුක්ගේ එහා පැත්තෙන් වාඩි උන ටේහ්‍යොන්ග් ජන්කුක් කතා කරනකම් බලන් හිටියා.. අද ටේහ්‍යොන්ගේ තියන පෙනුමට ටේහ්‍යොන්ගේ මූන පුරා ඇස් යවන ගමන් ජන්කුක් ටිකක් කාර්යබහුලව හිටියා...

"ඔව්...ලන්ච් එකට ආවේ...අද කොහෙද ගියේ..."

සාමාන්‍යෙන් අහන්නේ නැති උනත් ජන්කුක්ට නොආහා බැරි උනා...

"අද මන් කම්පැනි එකට ගියා... ලන්ච් එකට නුවී එක්ක ආවෙ..."

"නු..නුවී..."

ගර්ල් කෙනෙක්ගේ නමක් ඇහුන හින්දා ජන්කුක්ගේ මූන චුට්ටක් වෙනස් උනා.. ටේහ්‍යොන්ග් ඒක හරි ආසාවෙන් රසවින්දා...

"ඔව්..ඔව්.. අපේ නංගි.. ආයිශ් අමතක උනානේ.. මන් වාඩිවෙන්න කියලා ආවේ... "

එහෙම කියලා ටේහ්‍යොන්ග් එතනින් නැගිටින්න ගියත් ආයෙත් ජන්කුක්ගේ පැත්ත හැරුනා..

"ඔයා මොනා හරි ඕඩර් කරාද..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් හෙමීට ඔලුව දෙපැත්තට වැනුවා..

"අරයව එක්කන් එන්නම්කෝ...එතකන් ඔයා කැමති දෙයක් බලන්න..."

ටික්කින් ටේහ්‍යොන්ග් එතනම එහා පැත්තේ මේසෙට වෙලා හොරගල් අහුලපු නුවීවත් ඇදන් ජන්කුක් ගාවට ආවා... නුවීව ජන්කුක්ගේ ඉස්සරහින් ඉන්දවලා ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවම එහා පැත්තෙන් වාඩි උනා...

"කතා කරනවා..."සද්දේ එන් නැති වෙන්න නුවී දිහා බලලා තොල් හොලවලා ටේහ්‍යොන්ග් කීවම නුවී ලැජ්ජාවෙන් ජන්කුක් දිහා බැලුවා.. ජන්කුක් නුවී දිහා හැරිලාවත් බැලුවේ නෑ..

"ඔ..ඔප්පා..."

"ඔප්පා.."

නුවී හෙමීට ඔප්පා කීවම ජන්කුක් ආයෙම ඔප්පා කියලා රවලා බැලුවේ නුවී තොල් බෙරි කරගන්නකොට...

"ක්හ්ම්... මේ ජන්කුක්... ජන්කුක් එතකොට මේ මගේ මෝඩ නන්ගි නුවී.. ඔයාලා දන්නවනේ..."

ටේහ්‍යොන්ග් උගුර පාදලා අදුන්වලා දුන්නම ජන්කුක් ඔලුව වනලා අහක බලාගත්තා...

"අනේ..ඔප්පා.. ඔයා මාත් එක්ක තරහද...'

ජන්කුක්ගේ මූනට එබෙන ගමන් නුවී ඇහුවම ජන්කුක් ඇහි බැමක් උස්සලා නුවී දිහා බැලුවා..

"තරහා.. තරහා වෙන්න මන් තමුන්ව දන්නෙත් නෑ.. අනික කවුද ඔප්පා.. මට ඔප්පා ඔප්පා ගාන්න එපා...."

"ඇයි අනේ.."

"හරි .. හරි ඔය දෙන්නා රන්ඩු වෙන්න එපා.. ජන්කුක් ඔයාට වඩා වුරුද්දයි වැඩිමල්.. නම කියලා කතා කරන්න..."

ජන්කුක්ව කේන්ති ගස්සපු එකට නුවීට දත් ටික පෙන්නලා විරිත්තන ගමන් ටේහ්‍යොන්ග් කීවේ දෙන්න රණ්ඩුවක් පටන් ගනී කියලා...ටික්කින් තුන් දෙනා කෑම අරන් එලියට ආවා..

"ජන්කුක් ගෙදරද යන්නේ...මොකේද ආවෙ.. මන් ගෙනිහින් දාන්නද..."

ජන්කුක්ව නවත්තන් අහන ටේහ්‍යොන්ග් දිහා නුවී බලන් හිටියේ ඇසුත් ලොකු කරන්.. ටේහ්‍යොන්ග් කවද්ද මනුස්සයෙක් ගැන මෙච්චර හෙව්වේ... තමන් ගැනවත් මෙච්චර හොයන් නෑ....

"මන් බයික් එකේ ආවේ.. දැන්ම ගෙදර යන් නෑ..මට පුලුවන් යන්න.."

ටේහ්‍යොන්ග් දිහා බලල යන්තම් හිනා වෙන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා... ඊට පස්සේ ජන්කුක් බයික් එකේ නැගලා හෝන් එකක ගහගෙන යනකන්ම බලන් ඉදලාඅ ටේහ්‍යොන් ඇවිත් වාහනේට නැගලා නුවීගෙ එහා පැත්තෙන් ඉද ගත්තා..

"අපි යන්.. මාව කම්පැනි එකෙන් දාලා පොඩි මිස්ව ගෙදරින් දාන්න..."

ටේහ්‍යොන්ග් ඩ්‍රයිවර්ට කීවම වාහනේ යන්න ගත්තා...

"මෙහ්.. ඔප්පා...ඔයා ගේද..."

"මොකාක්..."

එක පාරටම නුවී ඇහුවම පෝන් එක දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග් කෑ ගහලා නුවී දිහා බැලුවා...

"හරි හරි.. එච්චර කලබල වෙන්න ඕනේ නෑ.. මන් නිකන් ඇහුවා විතරනේ.. එහෙම උනාට කමක් නෑ ඉතින්...'

නුවී තොල් දෙකත් උල් කරලා කීවම ටේහ්‍යොන්ග් නුවී දිහාම බලන් හිටියා..

"මොකද.. එක පාරටම එහෙම ඇහුවේ..."

ටේහ්‍යොන්ග් ඇහුවේ එක පාරටම තමන්ගේ මෝඩ නන්ගි එහෙම අහන්න හේතුවක් අනිවාරෙන්ම ඇති කියලා හිතුන හින්දා...

"නැහ්... විශේශයක් නෑ... නිකන්.. මෙහ්....

"තටමන් නැතුව කියනවා.. මන් තමුසෙව කන් නෑනේ..."

"ඔයා..මේ..ම්ම්ම්.. ජන්කුක්ට කැමතිද... නිකන් මට හිතුනා.. ඔයා එච්චරම කෙයා කරන්නේ.. අනික ඔයා බලන් හිටපු විදිය.. නිකන් මට හිතුනා..."

"ඔව් මන් කැමති තමයි.."

"ඈහ්.."

"ඇයි ඇහුන් නැද්ද.. මන් ජන්කුක්ට කැමති තමයි.. කැමති නෙවෙයි මන් ආදරෙයි..."

ටේහ්‍යොන්ග් කීවම නුවී කට O කරන් බලන් හිටියා...

"වහගන්නවා කට මාලුවෙක් වගේ..."

ටේහ්‍යොන්ග් කීවම නුවී ඉක්මනට කට වහගත්තා..

"ඒහ් කියන්නේ.. ඇත්තටම එහෙම එකක් තියනවද... ඒකද එහෙනම් මට එයාට එදා අකමැතී කියන්න කීවේ.. එතකොට එයාද මගෙ මස්සිනා...ආහ්.. ආයීයියි... ඇයි ගහන්නේ..."

එක දිගට කියවන් යන නුවීගේ ඔලුවට රිදෙන්න පාරක් ගැහුව ටේහ්‍යොන්ග් රවලා බැලුවා...

"මහ මෝඩියක් තමුසේ... එයා මට කැමති නෑ.. අපි යාලුවෝ විතරයි..."

"ඒත් ඇයි.. ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑනේ... තමුසේ මගේ ඔප්පා නොවුනානම් මමත් කැමති වෙනවා... ආයියි..ඇයි අප්පා ගහන්නේ..."

නුවී ආයෙත් ඔලුව අල්ලගත්තේ ආයෙත් ටේහ්‍යොන්ග් නුවීගේ ඔලුවට ගැහුව හින්ද...

"පිස්සෙක් වගේ කියවන්න එපා.. මම තාම එහෙම දෙයක් කියලාවත් නෑ ඒ ලමයට...ආයි.."

එතකොටම නුවී අත දිගෑරලා ටේහ්‍යොන්ගේ ඔලුවට පාරක් ගැහුවා..

"තමුසේ තමයි ලොකුම මෝඩයා... ඕක ඉක්මනට කියන්න... නැත්නම් එයා කාට හරි කැමති වෙයි..."

"ඒත් බෑ..."

ටේහ්‍යොන්ග් කීවේ හුස්මක් පාතට දාන ගමන්..

"ඇයි බැරි..."

"ඒ..ඒකට හේතු තියනවා..."

ටේහ්‍යොන්ග් කීවේ දුකෙන් වගේ...

"ම්ම්ම්.. හරි.. ඒත් ඉක්මනට කියන්න... එයා කැමති වෙයි.. දැක්කේ නැද්ද ඔයාට කතා කරපු විදියයි මට කතා කරපු විදියයි..."

නුවී කීවේ ටේහ්‍යොන්ග් ගාව ජන්කුක්ගේ තිබුනු සබ්මිසිව් ගතිය මතක් කරලා...

"ඔයා හිතනවද කැමති වෙයි කියා..."

ටේහ්‍යොන්ග් නුවී දිහා බලන් ඇහුවේ බලාපොරොත්තු පිරුණු ඇස් දෙකෙන්..

"ඔව්... අනිවාරෙන්..."

නුවී කීවම ටේහ්‍යොන් හිනා වෙලා ඔලුව වැනුවා...

"අප්පට ඔම්මට එහෙම කියන් නෑ තමුසෙ හරි..."

"කියනවා..."

"අනේ මේ පිස්සු කරන්න එපා.. මම ඒක කියන්නම්...හැබැයි කීවොත් අප්පටත් කියලා තමුසෙව වැඩට ගන්නවා මම..."

ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා කීවම නුවී තොලත් නොපිට පෙරලන් අහක බලාගත්තා.....

.



.



.



.






.
"යන් යන් අනේ..."

ජිමින් කීවේ ජන්කුක්ව කාමරේ ඇතුලට තල්ලු කරන ගමනුයි...

"මට බෑ.. ඉස්සල්ල කොහෙද යන්නේ කියලා කියනවා එතකොට මම ලෑස්ති වෙන්නම්..."

දොර ඉස්සරහට වෙලා අත් දෙක බැදගන්න ගමන් ජන්කුක් කීවම ජිමිනුත් අත් දෙක බැදන් හිටගත්ත...

"බලහන් උබට ස්ප්‍රයිස් දෙන්න තියන අමාරුව... මගෙ මනුස්සයව අදුන්වලා දෙන්න එක්කන් යන්න හැදුවේ..කොහෙද උබ.. මන් තරහයි ඇයි අප්ප..."

ජිමින් අත් දෙකත් දික් කරලා කෑ ගැහුවම ජන්කුක් අත් දෙකෙන්ම කන් දෙක වහගෙන කාමරේ ඇතිලට ගිහින් දොර වහගත්තා... ජිමින් කට කොනින් හිනා වෙලා කෑ ගහන එක නැවැත්තුවේ වැඩේ සාර්තක උන හින්දා...

"අද එහෙමනම් බ්ලැක් බම්බා වගේ නැතුව වෙන පාටක් ඇදන් එනවා හරිද... එහෙම නැති උනොත් එක්කන් යන් නෑ..."

ආයෙත් දොරට තියලා කෑ ගැහුව ජිමින් තාන්ගේ කාමරේට ඇවිදගෙන ගියා...

ටික්කින් ජන්කුක් සුදු පාට ලොකූ ස්වේටර් එක්කට සුදු පාට පෑන්ට් එකක් ඇදන් එලියට ආවා... ඒක ජිමින් එක්ක ශොපින් ගිහින් ජිමින්ගේ බල කිරීමට සෑහෙන කාලෙකට කලින් ගත්තු එකක් ...

"අනේව්.. බලන්නකෝ බනී කෙනෙක් වගේ ලස්සන.. ඔය කොන්ඩේ ගලවන්න අනේ...."

උඩට කරන් බැදලා තිබුනු කොන්ඩේ ගලවන්න ජිමින් අත දික් කරත් ජන්කුක් ජිමින්ගේ අත අයින් කරා..

"ඇයි දැන් ඔහේගේ කොල්ලව මට සෙට් කරන්නද යන්නේ..මාව හැඩ කරලා.. ඉක්මනට ගිහින් එමු.. මට විකාර වලට වෙලා නෑ.."

ජන්කුක් සැරෙන් වගේ කීවම ජිමින් ඇස් රෝල් කරා...

"ඕකේ.. එහෙනම් මගේ කා එකේ යන්... දොර ලොක් කරන් එන්න..."

ජන්කුක්ගේ කම්මුලක් මිරිකලා එලියට දුවන ගමන් ජිමින් කීවම ජන්කුක් ජිමින් දිහා බලන් හෙමීට හිනා උනා... ජන්කුක්ගේ ගති ඔක්කොම ඉවසන හොදම යාලුවා ජිමින් විතරයි...

.

.


.


.


.
ටික්කින් දෙන්නම ආවෙ බීච් එකට... රෑ හතට විතර උනත් බීච් එකේ කවුරුත් හිටියේ නෑ..

"පොඩ්ඩක් ඉන්න.. මන් කෝල් එකක් දෙනකන්..."

ජිමින් එහෙම කියලා පොඩ්ඩක් එහාට ගියාම ජන්කුක් මුහුද පැත්තට හැරිලා හොද හුස්මක් ගත්තා... එක පාරටම ජන්කුක්ගේ ඔලුව පිටිපස්සට ඇදිලා උඩට කරලා රදවලා තිබුනු කොන්ඩේ ඉස්සරහට වැටුනා..

"ආයිශ්...ජිමින්.. මන් උබට කීවා..ඕක දෙනවා.."

ජන්කුක්ගේ බූල ගලවලා ඈතට දුවන් යන ජිමින්ගේ පස්සෙන් දුවන ගමන් ජන්කුක් කෑ ගැහුවේ අතින් කොන්ඩේ පිටිපස්සට කරන ගමන්...

"ඔහ්..හෝ.. මේ මොකක්ද...."

ජන්කුක් ඇස් දෙකට වැටුන කොන්ඩේ පිටිපස්සට කරලා බලනකොට ජිමින් අතුරුදහන් වෙලා තිබ්බා වගේම එච්චර වෙලා අදුරු වෙලා තිබුනු බීච් එක හැමතැනම ගිය පුන්චි පුන්චි බල්බ් වැල් වලින් ආලෝකමත් වෙලා තිබ්බා...ලස්සනට ජන්කුක් හිටපු තැන වටේට හාට් එක වගේ හදපු ලයිට් දිහා ජන්කුක් බලන් හිටියේ පුදුමයෙන්...

"ලස්සනද..."

ජන්කුක්ගේ කන ගාවින් ඇහුන සද්දෙන් ජන්කුක් පුදුමෙන් හැරිලා බැලුවා...

"අද ඔයා තරම් නම් ලස්සන නෑ..."

ටේහ්‍යොන්ග් කීවේ ජන්කුක්ගේ කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සට කරන ගමන්...

"මේ..මේ........

"ශ්... මන් කියන එක අහන්න..."

ජන්කුක් කතා කරන්න හදනකොට ජන්කුක්ගේ තොල් දෙකට ඇගිල්ලක් තියලා ටේහ්‍යොන්ග් කීවේ ජන්කුක්ගේ ඇස් දෙ දිහා ආදරණියව බලන ගමන්...

"මන් දන්නවා මේ ඔක්කොම ඉක්මන් වැඩි ඇති... ඒ උනාට මේ එක දෙයක්වත් බොරුවක් නෙවෙයි... එදා ඔයා ඇහුවා මේ හැමදේම කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියලා...ඉතින් කූ හැමදාම මගේ වෙනවද...අපි හැමදේම අලුතින් පටන් ගමු... මම ඔයාට ආදරෙයි..."

ජන්කුක්ගේ බෝල කම්මුලත් මහපට ඇගිල්ලකින් සිනිදුවට අත ගාන ගමන් ටේහ්‍යොන්ග් හෙමීට ඒත් ස්තීරව කීවේ තමන්ගේ අතේ තිබුනු ඩැෆොඩිල් හා ටියුලිප් මල් වලින් පිරුනු මල් පොකුර ජන්කුක්ගේ අතකින් තියන ගමන්...

ජන්කුක් හැමදේම අහගෙන ඇස් ලොකු කරන් ටේහ්‍යොන්ගේ හෙලවෙන තොල් දිහා බලන් හිටියා... ආයෙත් තමන්ගේ ඇස් තමන්ගේ අතේ තියන මල් පොකුර දිහා බැලුවා...

"නෑ........"

මල් පොකුර බිම දාලා කන් ඔලුව අල්ලගෙන හයියෙන් කෑ ගහන ගමන් ජන්කුක් වේගෙන් ඈතට දුවන් ගියා...

.


.




.




.

ටේහ්‍යොන්ග්ට හොදටම විශ්වාසයි ඒ බෝල ඇස් දෙකේ කදුලු පිරිලා තිබ්බා කියලා...

.



.




.






.
________________________________________
Tulips & Daffodils.....🌷🌼

ඩැෆොඩිල් නව ආරම්භය සංකේතවත් කරයි.... වසන්තයේ ආරම්භය නිවේදනය කරන අතර සීතල අඳුරු දිනවල අවසානය සනිටුහන් කරයි.... අඩු වශයෙන්, ඩැෆොඩිල්ස් නිර්මාණශීලිත්වය, ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, සමාව දීම සහ ජීව ශක්තිය සංකේතවත් කරයි.

ටියුලිප්ස් වල වඩාත් ප්‍රකට අර්ථය වන්නේ පරිපූර්ණ සහ ගැඹුරු ආදරයයි.....ටියුලිප්ස් යනු ශතවර්ෂ ගණනාවක් තිස්සේ බොහෝ දෙනා ආදරය කරන සම්භාව්‍ය මලක් බැවින් ඒවා ආදරයේ අර්ථය සමඟ බැඳී ඇත. ඔබේ සහකරු, දරුවන්, දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් වේවා, ඔබ ගැඹුරු, කොන්දේසි විරහිත ආදරයක් ඇති කෙනෙකුට දීමට ඒවා ඉතා සුදුසුය....

Jungkook....🤍

*******************

________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading..♥️

To be Continued....

Whatever your one word makes me happy...

2023/02/09

Bạn đang đọc truyện trên: AzTruyen.Top