|20|

"ආහ්.. ආආහ්..."

ඇද පාමුල දනගහගෙන ඇදෙන් ඔලුව තියන් නින්ද ගිහින් හිටපු ටේහ්‍යොන්ග් ගැස්සිලා ඇහැරුනේ තමන් ගාවින් ඇහුන කෑ ගැහිල්ලට...ටේබල් ලෑම්ප් එක ඔන් කරපු ටේහ්‍යොන්ග් ඉක්මනට ඇදෙන් ඉදගෙන නින්දෙන්ම එහාට මෙහාට හැරෙන ජන්කුක්ගේ අතින් අල්ලගත්තා...

ජන්කුක්ගේ මූන දෙපැත්තෙන් දාඩිය බින්දු වැටෙනකොට ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු එලියට ඇවිත් තිබ්බා...

"ජන්කුක්..ජන්කුක්..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිසෙන් අල්ලලා හෙලෙව්වේ ජන්කුක් හීනෙන් බය වෙලා ගැස්සෙන හින්දා..

"එ..එපා... මට එහෙම කරන්න එපා... බ..බයයි.."

"ශ්.. ජන්කුක් මේ බලන්න බය වෙන්න එපා... මෙතන කවුරුත් නෑ..ඒක හීනයක් විතරයි.. ම්ම්.. හීනයක්...මම ඉන්නවා මෙතන... වතුර එකක් බොමුද..."

ජන්කුක් ඇහැරුන පාරට බයෙන් දොඩවනකොට ජන්කුක්ගේ මූනේ ගලන දාඩිය කදුලු තමන්ගේ අතෙන් පිහලා ජන්කුක්ගේ මූනට අත තියලා ටේහ්‍යොන්ග් කතා කරේ සන්සුන්ව...

"ඉන්න මන් වතුර එකක් අරන් එන්නම්.."

ටේහ්‍යොන්ග් එහෙම කියලා ඇදෙන් නැගිටින්න ගියත් ටේහ්‍යොන්ගේ අත තදින් තවත් අතකට හිර උනා..

"ය..යන්න එපා.. ම..මට බ.. බයයි..."

ටේහ්‍යොන්ග් දිහා කදුලු පිරුනු ඇස් වලින් බලලා ජන්කුක් මිමිනුවේ ටේහ්‍යොන්ගේ අත තදින් තමන්ගේ අතින් ගුලිකරගන්න ගමන්...ඒ කදුලු පිරුනු බෝල ඇස් වල පෙනුනු අසරණ බැල්ම ටේහ්‍යොන්ගේ හිත පිච්චුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව හාන්සි කරවලා ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි වෙලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා... ඒක එක්කම ටේහ්‍යොන්ගේ අත මොහොතකට අතෑරපු නැති ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුවට තුරුල් උනේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වටේට අත යවලා තමන්ගේ පපුවට තව තද කරගන්නකොට...

"බය වෙන්න දෙයක් නෑ.. මම මෙතන ඉන්නවා... ඒක නපුරු හීනයක්.. හැමදේම නපුරු හීනයක්...ම්ම්ම්... දැන් නිදාගන්න.. මම මෙතනම ඉන්නවා..."

තාමත් ගැස්සෙන ජන්කුක්ගේ පිට අතගාලා ජන්කුක්ගේ හිස් මුදුනට මුමුනන ගමන් ටේහ්‍යොන්ග් ඇස් දෙක පියාගත්තේ ඩවුට් එකෙන් ජන්කුක්ව ආවරණය කරන ගමනුයි...

ජන්කුක් ඇස් පියාගත්තා.. ඒ ශක්තිමත් කටහඩින් ඇහෙන සන්සුන් වචන ජන්කුක්ට නිදාගන්න උදව් කරා...

.

.

.

.

අමාරු රැයකට පස්සේ ආයෙත් දවසකට එලිය වැටුනා.. ජන්කුක්ගේ කාමරේ තිබුනු ලොකු වීදුරුවෙන් පෙරිලා ආපු ඉර එලිය කෙලින්ම ටේහ්‍යොන්ගේ මූනට වැටිලා ටේහ්‍යොන්ගේ නින්දට බාධා කරත් ඒක ටේහ්‍යොන්ගේ පපුව ඇතුලේ ගිලිලා හිටිය ජන්කුක්ගේ නින්දට බාධාවක් උනේ නෑ...

"දැන් නැගිටින්න...ඒහ්..."

ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සන ගමන් ටේහ්‍යොන්ග් කතා කරේ එලාම් ඔරලෝසුවේ වෙලාව නමය හමාරයි කියලා දැක්ක හින්දා..

"ජන්කුක්..."

උරහිසෙන් අල්ලලා ඈත් කරත් ආයෙත් මූන නාලු කරන් ටේහ්‍යොන්ගේ පපුවටම ඇදිලා තුරුල් උන ජන්කුක් දිහා බලන් ටේහ්‍යොන්ග් හිනා උනා...ජන්කුක්ගේ මූනෙන් පපුව පොඩ්ඩක් එහාට ගත්තු ටේහ්‍යොන්ග් මූන ඉස්සරහට ඇවිත් ඇස් වැහිලා තිබුන කොන්ඩේ පිටිපස්සට කරලා ජන්කුක්ගේ පිය උන ඇස් දිහා බැලුවා...

වෙහෙස පාටට පියවිලා තිබුනු ඇස් යටින් උදේ සීතලට යන්තම රතු උන බෝල කම්මුල් ජන්කුක්ගේ රතු පාට තොල් වලට ගොඩාක් ලස්සනට ගැලපුනා... හෙමීට ජන්කුක්ගේ බෝල කම්මුලකට තමන්ගේ තොල් ලන් කරපු ටේහ්‍යොන්ග් ආයෙත් එහාට උනේ , කොච්චර ආස උනත් ජන්කුක්ගේ අවසරයක් නැතුව එහෙම කරන් නෑ කියලා ටේහ්‍යොන්ග් තමන්ටම පොරොන්දු වෙලා හිටපු හින්දා...

"ජන්කුක්...ආහ්.. මගෙ බෙල්ලත් රිදෙනවා ලමයෝ..."

ජන්කුක්ව හොලවලා හොලවලා කතා කරාම ටික්කින් ජන්කුක් හෙමීට ඇස් ඇරිලා... තාමත් හොදට ටේහ්‍යොන්ගේ පපුවට එක කම්මුලක් තියලා බර වෙලා හිටපු ජන්කුක් හිටපු විදියටම වටේට ඇස් කරකවලා බලලා උඩ බැලුවා...ඔහ්.. ජන්කුක් එක මොහොතකට ඒ කඩවසම් මූන අතරේ අතරමන් උනා...බූල ගලවලා තිබුනු හින්දා ටේහ්‍යොන්ගේ තඹ පාට දිහ කොන්ඩේ එක ඇහැක් ආවරනය කරගෙන ඉස්සරහට වැටිලා තිබුනා.. සැකයක් නෑ ජන්කුක් දැකලා තිබුන කඩවසම්ම පිරිමියා ටේහ්‍යොන්ග්... ශක්තිමත් තියුනු ජ්වලයින් එක දිගේ ඇස් අරන් ගිහින් ජන්කුක්ගේ ඇස් ඒ තද දුබුරු පාට හිනාවෙන ඇස් ඇතුලේ නතර උනා...

"මගේ කොන්දත් රිදෙනවා..."

ටේහ්‍යොන්ග් තොල් නොපිට පෙරලන් විහිලුවට කීවත් එතකොට තමයි ජන්කුක්ට තේරුනේ තමන් මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ ටේහ්‍යොන්ගේ ඇග උඩ කියලා...

"සොරී..."

එහාට වෙන ගමන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක්ව ආයෙත් ලගට ඇදලා ගත්තා...

"මන් විහිලුවක් කරේ.. ඔයාව මට පොඩ්ඩක්වත් බර නෑ..."

ජන්කුක්ට ඇහැක් ගහලා ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ලැජ්ජාවෙන් වගේ එහාට උනා...

"බඩගිනී මට... වොශ් දාන් මොනා හරි කමූ...මන් ජිමින්ගේ රූම් එකට යන්නම්..."

ජන්කුක්වත් උස්සලා නැගිට්ටවන ගමන් ඇදෙන් බැහැලා ටේහ්‍යොන්ග් කාමරෙන් එලියට ගියේ ජන්කුක් ටේහ්‍යොන්ග් ගියා දිහා බලන් ඉද්දි..

මනුස්සයෙක්ට එච්චරටම තවත් කෙනෙක්ව තේරුම්ගන්න පුලුවන්ද..වචනෙන් නොකියා තේරුම්ගන්න පුලුවන්ද... හැම අමාරු දේකට පස්සෙම එහෙම දෙයක් නොවුනා වගේ දැනෙන්න අරින්න පුලුවන්ද...

ගොඩාක් දේවල් වල උනුසුම් හැගීමක් ටේහ්‍යොන්ග් ගැන ජන්කුක්ගේ හිතේ ඉතුරු වෙලා තිබුනා...

.




.




.




.


.

_____________________________

උදේ එලාම් එක වැදුනා... ටේහ්‍යොන්ග් කම්මැලි නැතුව ඇදෙන් බැහැලා එලාම් එක ඕෆ් කරලා ජනේලේ ගාවට ගිහින් ජනේලේ ඇරියා...තාමත් එලිය වැටීගෙන එන අදුරු පරිසරයෙන් ගාලාගෙන ආපු සිහින් හුලග ටේහ්‍යොන්ගේ මූනේ වැදිලා කොන්ඩ කෑලි අවුස්සගෙන කාමරේ ඇතුලට ගියා...

අද ටේහ්‍යොන්ග්ට විශේෂ දවසක්...එයා ලොකු තීරනයක් අරන් තිබ්බා... මෙච්චර දවසක් නොකරපු දෙයක් කරන්න ලොකු තීරණයක් අරන් තිබ්බා.. ටේහ්‍යොන්ග් අප්පගෙන් කම්පැනි එක බාරගන්න තීරනය කරලා තිබ්බා...

.

.


.

පැයක් යනකොට ටේහ්‍යොන්ගේ වාහනේ ලොකු බිල්ඩින් එකක් ඉස්සරහ නතර උනා.. නතර වෙනකොටම ඉස්සරහ හිටගෙන හිටපු ටේහ්‍යොන්ගේ අප්පගේ ගාඩ් ඇවිත් වාහනේ ඩෝ එක ඕපන් කරා... ටේහ්‍යොන්ග් ගාඩ් අතට කී එක දෙන ගමන් වාහනෙන් බැහැලා කෝට් එකේ ඕපන් උන බට්න් එක දාගන්න ගමන් ඉස්සරහට ඇවිදන් ගියා....

"වෙල්කම්.. වෙල්කම් පුතා...අපි යන්..."

ඉස්සරහම හිටගෙන හිටිය කිම් දේහන්ගේ ඇස් දෙකේ සතුටු කදුලු පිරිලා තිබුනා... කවදාවත් මෙතනට අඩියක්වත් නොතියන තමන්ගේ පුතා අද මේකේ ඕනර් විදියට ඉස්සරහ ඉන්නකොට දේහන්ට කියාගන්න බැරි තරම් සතුටක් ඇති උනා... දේහන් තමන්ගේ ජීවිතේ හැමදේම කැප කරලා ගොඩාක් මහන්සි උනේ තමන්ගේ පවුල, තමන්ගේ දරුවන්ව හොද තැනකට ගේන්න.. එයාලව සැප පහසුවට තියන්න... ඒත් යම් යම් වැරදි අතපසුවීම් හින්දා දේහන්ට තමන්ගේ පවුල ගොඩාක් මගෑරුනා... දේහන් තමන්ගේ දරුවන්ට ගොඩාක් ආදරේ උනත් හැමවෙලේම කේන්තියෙන්, නිතරම ගෙදර නොහිටිය හින්දා ටේහ්‍යොන්ග්ට , නුවීට ඒක ගොඩාක බලපෑවා.. ඒකයි ටේහ්‍යොන්ග් තමන්ගේ අප්පගේ බිස්නස් වලට මෙච්චර වයිර කරන්න හේතුව..

ටේහ්‍යොන්ග් හිතුවා තමන්ගේ අප්පට එයාගේ ලමයි ගැන ගානක් නෑ කියලා... නෑ ඇත්තටම එහෙම නෙවෙයි දෙමාපියෝ ගොඩාක් මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන්...

ටේහ්‍යොන්ගේ ඒ වැරදි වැටහීම් නිසා තමන්ගේ ලොකු දරුවව කවදාවත් තමන්ගේ බිස්නස් පාර්ට්නලට හදුන්වලා දෙන්න බැරි උනා... කම්පැනි එක බාර දෙන්න බැරි උනා... කවදාවත්ම අප්පගෙ දේවල් එපා කියන ටේහ්‍යොන්ග් හින්දා තමන්ගේ කම්පැනි එකට ඉස්සරහ උරුමක්කාරයෙන් හොයන්න දේහන්ට සිද්ද උනා...

ඒත් අද දේහන්ට හීනයක් වගේ... තමන් හැමදාමත් බලාපොරොත්තු උන විදියට ටේහ්‍යොන්ග් තමන්ගේ ඉස්සරහට ඇවිත් තිබුනා... ටේහ්‍යොන්ගේ උරහිස් දෙක තදින් මිරිකලා ටේහ්‍යොන්ග්ව පිලි අරන් දේහන් පැත්තකට උනේ ඇස් දෙකේ තියන කදුලු කෝට් අතෙන් පිහදාන ගමන් ආඩම්බරයෙන්...

ටේහ්‍යොන්ග් තමන්ගේ අප්පට එහා පැත්තෙන් ඇවිදගෙන කම්පැනි එක ඇතුලට ගියේ වට පිටාව බලන ගමන්...පුන්චි කාලෙට පස්සෙ හැමදේම ගොඩාක් වෙනස් වෙලා තිබුනා...

තමන්ගේ බොස් එක්ක ඇතුලට එන කඩවසම් තරුනයා දිහා එම්ප්ලෝයිලා බලන් හිටියේ කටත් ඇරන්... කවදාවත් තමන්ගේ බොස්ගේ පුතා කියලා මේ වගේ කෙනෙක් කවුරුත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති...

තඹ පාට කොන්ඩේ පැත්තට අරන් පිටිපස්සට රදවලා ,ඉස්සරහට කෑලි දෙක තුනක් වැටිලා, ඒ කොන්ඩෙට ඒ මී පැනි පාට හමටම ගැලපෙන්න ලා දුබුරු පාට ෆුල් කිට් එක, ශක්තිමත් උරහිස් එක්ක කැපී පේන උස , තද දුබුරු පාට ඇස් එක්ක ශක්තිමත් හීනී තොල් වලින් කඩවසම් බව වෑහෙන මූන ඇත්තටම හැමෝගෙම අවධානය නිතරගයෙන් ටේහ්‍යොන්ග්ට සම්පූර්ණයෙන්ම හම්බෙලා තිබ්බා...

"එහෙනම් අද ඉදන් මම නිදහස්..."

පේපර්ස් වැඩ ඔක්කොම ඉවර කරලා පුටුව පිටිපස්සට හේත්තු වෙන ගමන් දේහන් හිනා වෙලා කීවේ ටේහ්‍යොන්ග් දිහා බලාගෙන...

"ඒනම් මේ රූම් එක ඔයාට ඕන විදියට ඇරේන්ජ් කරගන්න... මන් එහා පැත්තට අදට යනවා.. මොනා හරි අහගන්න දැනගන්න ඕන නම් නම්ජූන්ට කතා කරන්න...නැතනම් මට...ටේ ගෙදර එනවද අද..."

පුටුවෙන් නැගිටින ගමන් දේහන් කීවා..

"පුලුවන් උනොත් එන්නම්... නම්ජූන් හ්‍යුන්ග් ඉන්නවද..."

ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරලා ඇහුවා..

"නැතුව.. කොහෙද අවුරුදු කීයකින්ද ආවේ... එයා මැනේජර් කෙනෙක් මේකේ.. අද ලීව් එකක අරන් ඒකයි ආවෙ නැත්තේ...මගෙ සෙකට්‍රිගෙන් නම්බර් එක ඉල්ලගන්න..."

දේහන් එහෙම කියලා ටේහ්‍යොන්ග්ට තට්ටුවකුත් දාගෙන එලියට ගියා...ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරන් කැබින් එක වටේටම බැලුවා..මොන හේතුව හින්දා මෙතෙන්ට ආවත් අද ඉදන් ලොකු වගකීමක් ටේහ්‍යොන්ග්ට හම්බෙලා තිබ්බා...

"ස..සර්..."

පිටිපස්සෙන් ඇහුන කටහඩට ටේහ්‍යොන්ග් පිටිපස්ස බැලුවා...

"යාහ්..පිස්සුද අන්කල් මට ටේහ්‍යොන්ග් කියන්න..ඔයත් අපේ අප්පා වගේ බෝරින් වෙන්න නම් එපා.. මට මේ වැඩ ටික කරගන්න උදව් කරන්න පුලුවන් නේද..."

ටේහ්‍යොන්ගේ අප්පගේ හිටපු සෙකට්‍රිගෙන් ටේහ්‍යොන්ග් ඇහුවේ ලස්සනට හිනා වෙලා...

"අනිවාරෙන් පුතා..."

ටේහ්‍යොන්ගේ අත අත් දෙකෙන්ම අල්ලලා හිනා වෙලා කීවේ ආදරෙන්.. දේහන් වගේමයි ටේහ්‍යොනුත් ගරු කරන්න ඕනේ කොහොමද කියලා දන්නවා...

.


.


.

.

"ඔප්පාආආ..."

"පිස්සුද තමුසෙට එක පාරට මේක ඇතුලට එන්නේ..."

එක පාරට කැබින් එකේ දොර ඇරන් ඇතුලට ආපු නුවීට බයින් ගමන් ටේහ්‍යොන්ග් කීවම නුවී ඇස් රෝල් කරා..

"ඇයි තමුසේ මෙතන වෙන මගුල් කරනවද...මට එන්න එපා කියන්න තමුසේ කවුද..."

ටේහ්‍යොන්ග්ට ඇගිල්ලක් දික් කරලා බයින් ගමන් අයිනේ තිබුන සෝෆා එකේ කකුලක් පිට කකුලක් දාලා නුවී ඉදගත්තේ ලොකුකමෙන්...

"ඉදපන් උබටත් හොද වැඩක් කරන්න.. මෙච්චරකල් නිකන් නට නට හිටියේ අදුරන කවුරුත් නෑ කියලනේ..හෙට ඉදන් වැඩට එනවා මම ලෑස්ති කරන්නම් ඒක..."

"අනේහ්..ඔප්පාහ්... ඔයා හොදයිනේ... මන් වගේ රෝස මලක් කෝමද මහන්සි වෙලා වැඩ කරන්නේ.. අනික මන් වැඩ කරනකොට ඔයාටත් ලැජ්ජයිනේ..නේහ්..නේහ්... "

ඒ සැනින් ටේහ්‍යොන්ග් ගාවට දුවන් ඇවිත් බෙල්ලත් බදාගෙන ඇස් බෝල කරන් මූනට එබෙන ගමන් නුවී කීවේ ටේහ්‍යොන්ග් හිත යටින් හිනා වෙනකොට..

"තමුසේ රෝස මලක් වෙලා තමයි අපිට මගුලක් හොයාගන්නත් අමාරු..."

ටේහ්‍යොන්ග් කටත් ඇද කරලා කීවම නුවී ඉනට අත් දෙක තියාගත්තේ මූනත් උල් කරන්..

"ඇයි වදේ අර හොයාගත්තු එක්කෙනාට කැමති නෑ කියන්න කීවේ... එයා නම් හැන්ඩ්සමුත් එක්ක..."

නුවී කියනකොට ටේහ්‍යොන්ග් හයියෙන් කැහැලා මේසේ උඩ තිබුන වතුර වීදුරුව බොන්න ගත්තා..

"ඒක නෙවෙයි.. අපි යන් ලන්ච් එකට එලියට අද..."

කතාව වෙනස් කරලා පුටුවෙන් නැගිටින ගමන් ටේහ්‍යොන්ග් කීවම නුවීත් තමන්ගේ බෑග් එකත් අරන් ඇවිත් ටේහ්‍යොන්ගේ අතේ එල්ලුවා... එලිවේටර් එකෙන් බැහැලා ඉස්සරහට කෙලින් ඇවිදගෙන යන කඩවසම් තරුනයා දිහායි එයාගෙ අතේ එල්ලිලා යන ප්‍රින්සස් දිහයි කට්ටිය බලන් හිටියේ ආසාවෙන්..

.



.


.

ටේහ්‍යොන්ග් කතාව වෙනස් කරා කියලා නුවීගේ මෝඩ මොලේට නම් තේරුනේ නෑ...ටේහ්‍යොන්ග් එක අතකින් පෝන් එක අරන් මැසේජ් එකක ටයිප් කරලා සෙන්ඩ් කරන ගමන් නුවීත් එක්ක වාහනේට නැග්ග...

.





.





.






.

_______________________

Today Taehyung....⛓🔥

****************

______________________Dark_Sunshiner 🤍🥀

🙂🎀<3

Thanks for reading...♥️

To be Continued...

2023/02/08

Bạn đang đọc truyện trên: AzTruyen.Top