|15|

තමන්ට ගොඩාක් ලන් වෙලා ටේහ්‍යොන්ග් පැද්දෙන විදියටම පැද්දෙන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් ගොඩාක් ආදරෙන් බලන් හිටියා.. ජන්කුක්ගේ හිස් මුදුනින් එන සුවද ටේහ්‍යොන්ග් හිතේ හැටියට විදගත්තා... කලින් කොහොම උනත් දැන් නම් ජන්කුක් ටේහ්‍යොන්ගේ හිත මොන විදියෙන් හරි හොල්ලලා තිබ්බා... කොහෙ හිටියත් මොන තරම් අය මැද උනත් තමන්ගේ අවදානය යොමු වෙන, තමන්ගෙ හිත ඇදිලා යන තරම් ටේහ්‍යොන්ගේ හිත ජන්කුක් හොල්ලලා තිබ්බා...

"මට තමයි ඔක්කොම පාට්... අර මනුස්සයා ඇල්ලුවම තල්ලු කරගන්න බෑ..."

ජන්කුක්ට ඇහෙන විදියට ටේහ්‍යොන්ග් කීවම සිහියක් නෑ වගේ ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙලා හිටපු ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙන්න හැදුවා...

"ශ්..ශ්.. කමක් නෑ දැන් මෙහෙම ඉන්න..."

ජන්කුක්ට එහාට යන්න නොදී අල්ලගෙන ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා ඔලුව උස්සලාවත් බලන් නැතුව හිටියා...

ජන්කුක් ඇයි මෙතන ඉන්නේ කියලා අහන්න ටේහ්‍යොන්ග්ට කොච්චර උවමනා උනත් ටේහ්‍යොන්ග් ඒක අහන්න ගියේ නැත්තේ ජන්කුක්ගේ හිත අවුල් වෙයි කියලා...

කලු පාට කෝට් එක යටින් තිබුන කලු පාට ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරිලා ජන්කුක්ගේ කිරි සුදු පාට කොලර් බෝන්ස් කැපිලා ගොඩාක් ලස්සනට ටේහ්‍යොන්ග්ට පෙනුනා... ඊට එහායින් යන්තම් පෙනුනු ප්ලාස්ටර් කෑල්ල නම් ටේහ්‍යොන්ග් දැක්කේ නෑ... ඒත් කොහෙන් බැලුවත් ජන්කුක් කියන්නේ ගොඩාක් පර්ෆෙක්ට් කෙනෙක් විදියට ටේහ්‍යොන්ග්ට දැනුනා... නිකමටවත් තමන්ට ලන් වෙන් නැති ජන්කුක් අද මෙච්චර තමන්ට ලන් වෙලා ඉන්න එකත් ටේහ්‍යොන්ග්ට ලොකු සතුටක් උනා...

.

.

.

.

.

"ඔහොම මං දිහා බලන්න එපා..."

යුන්ගි අහක බලාගෙන මිමිනුවේ තමන්ගේ අත් අතර පැද්දෙන ජිමින්ට...කොහෙන් හරි දෙන්නට කපල් මාස්ක් දෙකම හම්බෙලා ඩාන්ස් කරන්න උනා..

"මම.. මම මොකටද තමුන් දිහා බලන්නේ..."

යුන්ගිට රවලා අහක බලාගන්න ගමන් ජිමින් ඇහුවේ යුන්ගිව අදුරගන් නැතුව... නමක් විස්තරයක් දන් නැති උනත් ටේහ්‍යොන්ග් එක්ක හැමදාම ගැලරි එකට ආපු යුන්ගිව ජිමින් හොදට දන්නවා වගේම ඒ ගැන හිතේ තියාගෙනත් හිටියා..

"බොරු කියන්න එපා... මෙච්චර වෙලා කන්න වගේ මගේ මූන දිහා බලන් හිටියේ...Do you wanna kiss..?"

කිසිම ලැජ්ජාවක් නැතුව කට කොනින් හිනා වෙලා යුන්ගි ඇහුවම ජිමින් තමන්ගේ මූන රතුකරගත්තා..

"එහාට යනවා.. මට තමුසෙට වගේ අමාරුවක් නෑ..."

යුන්ගිව තල්ලු කරලා කලින් ඉදන් හිටපු සෝෆා එක පැත්තට ඇවිදගෙන ගිය ජිමින් එතන පුරවලා තිබ්බ ග්ලාස් එකක් එක දිගට බීගෙන ගියේ උන ලැජ්ජාව වහගන්න වගේ...ඒකෙන් උනේ ජිමින් පැත්තටම ඇවිදගෙන ආපු යුන්ගිට පේන්නම කම්මුල් දෙක තවත් රතු උන එක විතරයි ...

"මොකද තමුන් මගේ පස්සෙන් එන්නේ..."

ජිමින් ආයෙත් කට වරද්ද ගත්තා...

"හොදට ඇස් ඇරලා බලනවා හැමෝම අතන ඩාන්ස් කරනවා... තමුන් මාව එතන දාලා ආවම මම හිටන් ඉන්නද.. මෝඩ කතා කියන්න එපා..."

කින්ඩියට වගේ යුන්ගි කීවම ජිමින් ලැජ්ජාවට දිය වෙලාම ගියා...

"ඕන එකක් කරගන්නවා..මම යනවා..."

ජිමින් එතනින් නැගිටලා ආවේ මෙච්චර වෙලා තමන්ට මතක් උන් නැති ජන්කුක්ව හොයන්න උනත් ජන්කුක් කොහෙවත් ඉදගෙන නෑ කියලා ජිමින් දැක්කා.. කීයටවත් ජන්කුක් ඩාන්ස් කරන්න යයි කියලා විශ්වාස කරන්න බැරි හින්දා ජිමින්ට බය හිතුනා ජන්කුක් ගැන... මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි හින්දා එතන ගැන වැඩිය දැනන් හිටපු නැති හින්දත් ආයෙත් යුන්ගි ඉන්න තැනට දුවන් ඇවිත් යුන්ගිගේ අතක් අල්ලගත්තේ පිටිපස්සට ඔලුව තියන් ඇස් දෙක පියන් හිටපු යුන්ගි ගැස්සිලා ඇස් අරිනකොට...

"ජන්කුක් නෑනේ..."

ජිමිනුත් ඒ නමම කීවාම යුන්ගි ටිකක් කල්පනා කරා...

"කවුද...ඇයි නෑ කියන්නේ..."

ජිමින්ගෙ බය උන ඇස් දිහා බලන් යුන්ගි ඇහුවේ ජිමින් වට පිට බලනකොට..

"මං ආවේ, මගෙ යාලුවා එක්ක... එයා නෑ.. "

"එයා ඩාන්ස් කරනවා ඇති..."

යුන්ගි වැඩිය ගනන් නොගෙන කීවම ජිමින් යුන්ගිගේ අත මිරිකුවා..

"එයා ඩාන්ස් කරන්න විදියක් නෑ..මං මෙතන ද්න්නෙත් නෑ හොයන්න යන්නවත්..."

"ඔයා හොයන්නේ අරයවනම් අර ඉන්නේ..."

පිම්බිච්ච තොල් දෙකත් උල් කර කර කතා කරන ජිමින්ට යුන්ගි පෙන්නුවේ ටිකක් එහාට වෙන්න තුරුල් වෙලා වගේ ඩාන්ස් කරන ටේහ්‍යොන්ග්වයි ජන්කුක්වයි... පිටට ජන්කුක්ගේ මූනත් වැඩිය පෙනුනේ නෑ...ඒ දිහා බලපු ගමන් ජිමින් යුන්ගිගේ අත තවත් තද කරලා මිරිකගත්තේ යුන්ගී කෑ ගහලා අත අහකට ගන්නකොට...

"මොකඳ බන් වෙලා තියෙන්නේ.. මගේ අත කන්න හදන්නේ..."

යුන්ගි අමනාපෙන් කීවම ජිම්ජ්න් යුන්ගිට රවලා අහක බලාගත්තේ ජන්කුක්ව දැක්ක හින්දා...

එතන ඉදන් දෙන්නම සෝෆා එකෙන් වාඩි වෙලා දිලිසෙන රෙදි , ආලෝක අතර ඩාන්ස් කරන කපල් දිහා බලන් හිටියේ කම්මැලිකමේ... යුන්ගිටත් එතන හිටගෙන කාලේ කන්න ඕනේ උනේ නෑ වගේම ජිමින්ටත් එතනින් නැගිටින්න උවමනාවක් තිබ්බේ නෑ...

.

.

.

.
ටිකකින් හැමෝම තමන්ට වෙන කරලා තිබුනු රූම් හොයාගෙන ගියේ ගොඩාක් රෑ වෙලා හින්දා ඉන්න රූම්ස් ලෑස්ති කරලා තිබුනු හින්දා... ටිකකටවත් ජන්කුක් ගාවින් ඈත් වෙන් නැතුව කට්ටිය අතරින් ජන්කුක්ව එක්කගෙන ගියේ පිටිපස්සෙන් ජිමින් යුන්ගි දෙන්නත් ආයෙත් මොනාට හරි බැනගන්න ගමන් එනකොට...

"ටිකක් එලියට ගිහින් එමු..."

ජන්කුක් කාමරේ හොයන් බෑග් එක කාමරේ ඇතුලට ගන්නකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් අතෙන් අල්ලලා ඇහුවේ ජන්කුක් තමන්ගේ ශර්ට් එක අල්ලන් ඉන්න අත දිහා බලලා ටේහ්‍යොන්ග් දිහා බලනකොට...

"ප්ලීස්..."

ටේහ්‍යොන්ග් ආයෙත් කීවම එහා කාමරේ දොර ගාව හිටන් ඉන්න ජිමින් දිහා බැලුවා.. ඒ ටේහ්‍යොන්ග් කියලා අදුරගෙන හිටපු හින්දා ජිමින් හා කියලා ඔලුව වනලා ඇතුලට ගියේ ජන්කුක් කාමරේ දොර වහලා ටේහ්‍යොන්ග් පැත්තට හැරෙනකොට...

"හෙයි... බෝයි.. අපිට කතා කරන්න පුලුවන්ද..."

ජන්කුක් එක්ක පහලට ඇවිත් එලියට යන්න ඇවිදගෙන යනකොට ටේහ්‍යොන්ග් ගාවට ආපු ඉස්සල්ල කතා කරපු ලේඩි ඇහුවේ ටේහ්‍යොන්ගේ පපුවට අත තියන ගමන්... මොන දේකට හරි ඒ වෙලාවෙ ටේහ්‍යොන්ට බැලුනේ ජන්කුක් දිහා... ඒත් ජන්කුක් ඒ වෙනකොටත් අහක බලාගෙන ඉවරයි...

" දැන් නම් බෑ මට... මම වැදගත් වැඩකට යන්නේ..."

ටේහ්‍යොන් කීවම ස්ටෙලා තව ටිකක ටේහ්‍යොන්ග් ගාවට ලන් උනා...

"ඉස්සල්ල මට ප්‍රොමිස් උනා ඔයා.."

තොල කොනක් හපාගන්න ගමන් ලේඩි ටේහ්‍යොන්ග්ට ලන් වෙනකොට ජන්කුක් උගුර පාදලා එතනින් හැරිලා ආයෙත් කාමර තියන පැත්තට ඇවිදගෙන ගියේ කලකිරීමෙන්... එක මොහොතක් හිතුවත් ආයෙත් ඇවිත් කැරකිලා පරන තැනම නතර වෙන එක ගැන ජන්කුක්ට තිබ්බේ කලකිරීමක්... කාමරේ දොරත් වේගෙන් වහගෙන ජන්කුක් ඇවිත් ඇදෙන් වාඩි උනා... ඒත් එක්කම දොරත් වහගෙන ටේහ්‍යොන්ග් ඇතුලට ආවෙ ජන්කුක් අහක බලාගන්නකොට...

"ජන්කුක්.. ඔයා හිතනවා වගේ දෙයක් නෙවෙයි ඒ..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඇහෙන් නෑ වගේ හිටියා.. ටේහ්‍යොන්ග් ඇයි ජන්කුක්ට හේතු පැහැදිලි කරන්නේ.. ඒ වගේ කතා බහක් නෙවෙයි ටේහ්‍යොන්ග් ඊට වඩා ඕන තරම් දේවල් කරලා තියනවද...

"ජන්කුක් අහන්නකෝ.."

ටේහ්‍යොන්ග් ඇදෙන් ජන්කුක්ට එහා පැත්තෙන් ඉදගන්න ගමන් කීවත් ඒත් ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා හැරිලා බැලුවේ නෑ...ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතෙන් ඇල්ලුවම ජන්කුක් ටේහ්‍යොන්ගේ අත ගසලා අයින් කරා..

"ඇයි මට කියන්නේ.. මම ඇහුවද.. ඔයාට ඕන දෙයක් කරගන්න ගිහින්.. ඔයා මොකටද මට හේතු කියන්නේ...මගෙ කවුද ඔයා..."

ඇස් දෙකත් රතු කරන් ජන්කුක් කෑ ගැහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙක මිටි මොලව ගත්තා...

"එහෙම නෙවෙයි... ඇයි එහෙනම් හැරිලා ආවේ..."

"ඇයි මම ඉන්න ඕනෙ... මට ඕනේ නෑ කතා කරන්න..."

ජන්කුක් වේගෙන් වේගෙන් කියනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිසෙන් අත තිබ්බා...

"අතාරින්න... මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. මෙහෙම මගේ පස්සෙන් ඇඉත් මොනාද ඕනේ තමුන්ට... තමුන්ටත් මාත් එක්ක නිදාගන්නනේ ඕනේ.. ඒකනේ එදත් කීවේ...

ජන්කුක් කියවගෙන යනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල දෙපැත්තෙන් තමන්ගේ එක අතකින් තද කරලා අල්ලගත්තා...

"කට..කට වහපන්... ඒක එදා ඇහුවා තමයි... ඊට පස්සේ මට කොච්චර චාන්ස් හම්බුනාද.. උබගේ ඇගට මම අතක් තිබ්බද... උබ නිදාගන්න ඕන්නම් මෙහෙම ඇවිත් කතා කරයි කියලා උබ හිතනවද..."

තරහෙන් ජන්කුක්ගේ මූනටම එබිලා ටේහ්‍යොන්ග් කෑගහනකොට ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුනේ කම්මුල් දෙකෙන් එන වේදනාවටද ඒ වචන වලටද කියලා ජන්කුක්ට තේරුනේ නෑ...

ජන්කුක්ගේ මාක්ස් එක ගලවලා දාලා තමන්ගේ එකත් ඇදලා විසික්කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් දෙකම එකට අල්ලලා ඇදේ දිගා කරේ කේන්තියෙන් ජන්කුක්ගේ ඇග උඩට එන ගමන්.. ටේහ්‍යොන්ගෙ ඉවසීම මෙච්චර තිබ්බමයි.. ජන්කුක්ගෙන් නිකන් වචන අහන්න ටේහ්‍යොන්ග්ට බැරි උනා ඊටත් වඩා...

ඒ වෙලාවේ කකුල් දෙක ගස ගස ජන්කුක්ගේ කදුලු පිරුනු ඇස් ටේහ්‍යොන්ග් දැක්කේ නෑ... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කිරි සුදු පාට බෙල්ලට පාත් වෙලා තදින් හැපුවේ ජන්කුක් කෑ ගහනකොට...

හැබැයි ටේහ්‍යොන්ග්ට වැඩි වෙලාවක් ජන්කුක්ගේ බෙල්ල අතරේ අතරමන් වෙන්න බැරි උනේ ජන්කුක්ගේ අසාමාන්‍ය ගැස්ම ටේහ්‍යොන්ග්ට දනුන හින්දා... ඔලුව පැත්තකට හරවන් හිටිය ජන්කුක්ගේ ඇස් වලින් කදුලු ඔහේ ගලන් ගියේ කටින් මීක් සද්දයක්වත් පිටවෙන්නේ නැතුව...කට යන්තම් ඇරිලා හයියෙන් හයියෙන් හුස්ම අල්ලන ගමන් ජන්කුක්ගේ බෙල්ලේ නහර පෑදිලා ජන්කුක්ගේ උඩට කර අල්ලන් හිටපු ඇගිලි තුඩු ඇකිලිලා කකුල් දෙකත් ඇකිලිලා තිබුනා..

"ශ්.. ශ්.. ජන්කුක්.. කතා කරන්න..."

හොද සිහියට ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් දෙක අතෑරලා ජන්කුක්ගේ රතු වෙච්ච කම්මුලට තට්ටු කරාම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන්නෙවත් නැත්‍ය්ව ඇදේ පිටිපස්සට පිටිපස්සට ගියේ වකුටු වෙන ගමන්..

"අ..අනේ ඕක නවත්තන්න..ම.. මට රිදෙනවා..."

ඉකි ගහන ගමන් ජන්කුක් හිමින් මුමුනනකොට ටේහ්‍යොන්ගේ හිත ගිනිගන්නවා වගේ දැනුනා...

"ජන්කුක්.. මේ මම...මට සමාවෙන්න මම එහෙම කරන් නෑ.. මට කේන්ති ගියා..."

ටේහ්‍යොන්ග් ඇදේ හෙඩ් බෝඩ් එක ගාව කකුල් දෙකත් ගුලි කරගෙන ඉන්න ජන්කුක් ගාවට ලන් වෙන ගමන් කීවම ජන්කුක් කලින්ටත් වඩා හයියෙන් ඉකි ගැහුවා..

"අ.. අනේ මට කරදරකරන්න එපා.. මම ඒ. ඒකට කැමති වෙන්නම්ම්... ම.. මට රිදෙනවා.. මාව පුච්චන්න එපා..."

ජන්කුක් හෙමින් හෙමින් අපැහැදිලිම අඩන ගමන් මුමුනන්නේ මොනාද කියලා හරියට තේරුනේ නැතත් ජන්කුක් තමන්ගේ බය උන අත්දැකීමක් මුමුනනවා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා..

"ශ්.. ශ්.. ජන්කුක්... කවුරුත් රිද්දන් නෑ ඔයාට.. කවුරුත් නෑ ... මෙතන කවුරුත් නෑ.. අඩන එක නවත්තන්න..."

ජන්කුක්ගේ පිට අත ගාන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ලන් වෙලා මුමුනනකොට ජන්කුක් නවත්තන්නේ නැතුවම ඉකි ගැහුවා...

ටේහ්‍යොන්ග්ට තමන් ගැනම ලොකු තරහක් ඇති උනා.. තමන්ට කේන්ති නොගෙන පාලනය කරගන්න තිබුනා කියලා ටේහ්‍යොන්ග් පසුතැව්නා... ගැස්සෙන ජන්කුක්ගේ වටෙට අත යවලා ජන්කුක්ව තමන්ට තුරුල් කරගන්න ගමන් ටේහ්‍යොන්ග් හිමින් හිමින් ජන්කුක්ගේ පිටට තට්ටු දැම්මේ ජන්කුක් ඈත් වෙන්න උත්සහ කරනකොට..

"මෙතන කරදර කරන්න කවුරුත් නෑ.. මාව විශ්වාස කරන්න.. ඔයා තනි වෙලා නෑ..මම ඉන්නවා මෙතන.. "

ජන්කුක්ව තමන්ගේ පපුවට බර කරන් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කනට මුමුනන්න ගත්තේ ජන්කුක්ගේ හිතේ විශ්වාසයක් ඇති වෙන හිත හැදෙන දේවල්... ටිකෙක් ටික සන්සුන් උන ජන්කුක් ටේහ්‍යොන්ගේ පපුව උඩම ඔලුව තියාගෙන ඔහේ ගලන කදුලු පිරුනු ඇස් දෙක ජනේලේ අතරින් ඈතින් පේන කලුවර අහස දිහාට යොමු වෙලා තිබුනා...

.

.

.

ටිකෙක් ටික සන්සුන් වෙලා කදුලු වලින් තෙත් උන තමන්ගේ පපුව උඩම ජන්කුක්ට නින්ද යනකන් ටේහ්‍යොන්ග් මුමුන මුමුන ජන්කුක්ගේ පිටට තට්ටු දාන ගමන් හිටියේ තමන්ගේ ඇස් අගින් වැටුන කදුලු බින්දු දෙක තුනවත් පිහදාන්න කරදර නොවීයි...

එහෙම්මම ජන්කුක්ව තුරුල් කරගෙනම ටේහ්‍යොන්ග්නුත් ඇදේ දිගා උනේ ඩවුට් එක එක අතකින් දෙන්නම වැහෙන්න දාගන්න ගමන්... ජන්කුක්ගේ ඇවිස්සුන කොන්ඩේ පිටිපස්සට කරලා ජන්කුක්ගේ නලලෙන් හාදුවක් තිබ්බ ටේහ්‍යොන් ජන්කුක්ව තවත් තමන්ගේ පපුවට තුරුල් කරන් ඇස් දෙක පියාගත්තා...

"මම ඔයාට ආදරෙයි ජන්කුකී..."

යන්තම් මුමුනපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එක උඩින් දැනුනු උරහිසේ ප්ලාස්ටර් පාර ලාවට පිරිමැද්දා...

"මොනා උනත් මම ඉන්නවා..."

මුමුනන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව ආදරෙන් අත ගෑවා...

.






.




.




.

****************

_____________________________Dark_Sunshiner 🤍🥀

මොනා හරි කියන්න...🥺💐🤓

Thanks for reading....♥️

To be Continued...

2023/01/29

Bạn đang đọc truyện trên: AzTruyen.Top