|14|

"ආයිශ්.. මේ මනුස්සයා කොහේ ගිහින්ද..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ගෙදර ඉස්සරහ දැන් තුන් වෙනි පාරටත් හෝන් කරත් ගෙදර කවුරුත් ඉන්න බවක් පෙනුන් නැති හින්දා බැහැලා ගේට්ටුවට ගැහුවා... ඉස්සරහ පොඩි ගේට් එක නිකන්ම ඇරුන හින්දා ඇතුලට ගියත් ජන්කුක්ගේ බයික් එක බාගෙට ඇරුන ගරාජ් දොරෙන් පේන්න තිබ්බ හින්දා ටේහ්‍යොන්ග් ගිහින් ගෙදර දොරට ගැහුවා...

ගෙදර දොර ලොක් කරලා තිබ්බ හින්දා ජන්කුක් ගෙදර නෑ කියලා තේරුන ටේහ්‍යොන්ග් ආයෙත් ගේට් එක වහන්ම ඇවිත් වාහනේට නැග්ගේ ජන්කුක්ගේ නම්බර් එක ඉල්ලගත්තේ නැති එකට හිතින් බනින ගමන්... ජන්කුක්ව හොයාගන්නේ කොහෙන්ද කියලා අදහසක් තිබ්බේ නැති හින්දා එහෙමම වාහනේ ඩ්‍රයිව් කරන් ක්ලබ් එකට ආවේ නිකන්මයි... තාම ගෙදරටවත් නොගිහින් හිටපු හින්ද ටේහ්‍යොන්ග්ට වෙහෙස බවක් දැනුනත් සෝෆා එකෙන් වාඩි වෙලා ඇල්කොහොල් ග්ලාස් එකක් තොලගාන්න ගත්තේ මොකක්දෝ නොතේරෙන ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන....

"ඔහ්..ජිමින්...."

බාර් එක ගාව හිටගෙන ඇතුලේ හිටපු බාර් ටෙන්ඩර් එක්ක කතා කර කර හිටපු ජිමින් ගාවට ටේහ්‍යොන්ග් වැනි වැනී වගේ ඇවිදගෙන ගිහින් ජිමින්ගේ උරහිසෙන් අත තිබ්බම ජිමින් ගැස්සිලා පිටිපස්ස හැරුනා...

"ටේහ්‍යොන්ග්.. මොකද මේ..."

කවුන්ටර් එකට අත තියලා කෙලින් ඉන්න උත්සහ කරන ටේහ්‍යොන්ග් දිහා බලන් ජිමින් ඇහුවේ හවස් වරුවේ ටේහ්‍යොන්ග්ව දැක්කම පුදුම වෙමින්...

"සර්... මෙන්න කෑම... තාම ඩිනර් ටයිම් නැති හින්දා මෙච්චරයි..."

ජිමින් ගාවට දුවගෙන ඇවිත් ප්ලාස්ටික් බෑග් එකක් ජිමින්ගේ අතට දීලා අචාර කරන ගමන් සේවකයෙක් කීවම ජිමින් ඒ ටික අතට ගත්තා...

"ජ..ජන්කුක් කොහෙද... මන් එයාගෙ ගෙදරත් ගියා..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජිමින් කෑම එක දිහත් බලලා ටේහ්‍යොන්ග් දිහා බැලුවේ ඇස් හීනි කරලා...

"ඔයා මොකටද ජන්කුක්ව හොයන්නේ...?"

"ඇයි මම ජන්කුක්ව හොයන්න ඕනෙ නැත්තේ....?"

ජිමින් අහපු එකට ටේහ්‍යොන්ග් ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නම ජිමින් රවලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"තමුන් ඕන එකක් කරගන්නවා... මට වැඩ තියනවා මීට වැඩිය..."

ජිමින් එතනින් යන්න හැරුනම ටේහ්‍යොන්ග් ජිමින්ගේ ශර්ට් අතෙන් අල්ලගත්තා...

"මම සීරියස් අහන්නේ.. මට ජෝක් කරන්න මූඩ් එකක් නෑ... ජන්කුක් කොහෙද ඉන්නේ මට එයාත් එක්ක කතා කරන්න තියනවා..."

ටේහ්‍යොන්ග් ටිකක් තදින් කීවම ටේහ්‍යොන්ගේ අතෛන් තමන්ගේ ඇදුම නිදහස් කරගෙන ජිමින් හුස්මක් පාතට දැම්මා...

"ජන්කුක්ව ඔයාට දැන් හම්බෙන්න බෑ.. මන් එයාට කියන්නම් ඔයාව හම්බෙන්න කියලා..."

"ඇයි.. මොකද හම්බෙන්න බැරි... කොහොමද එහෙම හම්බෙන්න බෑ කියන්නේ..."

ටේහ්‍යොන්ග් එක දිගට ඇහුවම අත මිටිමොලවලා ටේහ්‍යොන්ගේ මූනට පාරක් දෙන්න ජිමින්ට නොහිතුනාම නෙවෙයි...

"ඇයි.. තමුන් කියන පරක්කුවට හම්බෙන්න තමුන් කවුද එයාගේ..."

ජිමින් කේන්තියෙන් ඇහුවම ටේහ්‍යොන්ග් ඇස් දෙක උස්සලා ජිමින් දිහා බැලුවා ...

"ආයිශ්.. තමුසේ එක්ක හුරතල් වෙන්න වෙලාවක් නෑ...ඇයි කියනවා.."

"ජන්කුක්ට ටිකක් සනීප මදි.. ඒ හින්දා දැන්වත් වදයක් නොවී යනවා..."

ටේහ්‍යොන්ග් මෙතනින් යන් නෑ කියලා තේරුනාම අන්තිමට ජිමින් කීවත් ටේහ්‍යොන්ග් ඒකෙන් හිතුවට වඩා කලබල උනා...

"සනීප මදි.. මොකක් වෙලාද.. දැන් කොහෙද ඉන්නේ.. ගෙදරත් නෙවෙයි නම්..."

ජිමින්ට පුදුම හිතුනා සම්පූර්ණ හොද සිහියෙන් කලබලෙන් කතා කරන ටේහ්‍යොන්ග්ව දැකලා...

"මම දන් නෑ කොහෙද ඉන්නේ කියලා.. දැන් යනවා..."

ඒ ටික විතරක් කියලා ජිමින් කල්බ් එකේ උඩ තට්ටුවට ඇවිදගෙන ගියේ ටේහ්‍යොන්ග් හිටපු තැනම ඉදන් කල්පනා කරනකොට...

.

.

.

.

"හේයි ..කුක් නැගිටින්න.. මේ ටික බීලා නිදාගන්න.. කෝ.."

උඩට ඇවිත් ජන්කුක්ට වෙන් වෙලා තිබුනු කාමරේට ගිය ජිමින් ඇදේ නිදන් ඉන්න ජන්කුක්ට කතා කරේ සුප් බෝල් එක අතට ගන්න ගමන්...

"කෝ කෙදිරිගාන්න නෙවෙයි නැගිටින්න.. දැන් උණ අඩුයිද..."

"ආර්හ්.. මං බොන්නම් ඔයා යන්නකෝ..."

ජන්කුක් කෙදිරිගාලා ඇදේ අනිත් පැත්තට හැරෙන ගමන් කීවම ජිමින් බෝල් එක බෙඩ් ටේබල් එක උඩින් තියලා ජන්කුක්ව නැගිට්ටවලා හෙඩ් බෝඩ් එකට හේත්තු කරා..

"අවේලාව හින්දා කෑම පරක්කු උනේ...ටිකක් බොමු... මට කීවේ නෑනේ කොහොමද උන ගැනුනෙවත් කියලා උබ... සතියම ගෙදර ගිහින් හිටියා කියලා මොනාද කරේ උබ..."

විහිලු කරන ගමන් ජිමින් ඇහුවත් ජන්කුක්ට ඒක විහිලුවක් උනේ නෑ.. මොනා උනත් ඒක ගැන නිවැරදි කරන්න උවනාවක් තිබ්බේ නැති හින්දා ජන්කුක් සද්ද නැතුවම ජිමින් සුප් එක පොවලා කෑම එකත් කවනකන් හිටියා...

"දැන් මේ දෙක බීලා නිදාගන්න... වොශ් රූම් යන්න ඕන්නම් කතා කරන්න..."

ජිමින් ජන්කුක්ට බෙහෙතුත් පොවලා ගියත් ජන්කුක්ට උණ අමාරුවට වඩා තිබ්බේ ඇගේ තැනින් තැන ඇදුම්කන් වේදනාවයි , පිච්චෙන හදවතේ වේදනාවයි විතරයි...

.

.

.
"ආආහ්...හ්ම්..."

හෙමීට ඇදෙන් පහලට අඩිය තියන්න ගියත් පහල කොටසම වේදනාවෙන් ඇදුම්කද්දි ජන්කුක්ට ඇස් පියවුනේ කෙදිරි ගෑවෙන ගමන්....

හෙමීට ඇදෙන් බැහැලා මේස අල්ල අල්ල කොර ගහන ගමන් ඉස්සරහට යන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් දොර අයිනේ ඉදන් බලන් හිටියේ වේදනාවක් පිරුනු ඇස් දෙකකින්... හේතුවක් නොදන්නවා උනත් ජන්කුක්ගේ මූනේ ඇදෙන වේදනාත්මක ඉරියව් ටේහ්‍යොන්ගේ හිතත් පෑරෙව්වා...

.

.

.

.

.

.

.

ටේහ්‍යොන්ග් පැසෙන්ජර් සීට් එකේ ඉදගෙන ඉන්නකොට යුන්ගි වාහනේ ඩ්‍රයිව් කරන ගමන් හිටියා... දෙන්නම වැදගත් ඉවෙන්ට් එක්කට සහභාගී වෙන්න යන ගමන් හිටියේ.... ටේන්හ්‍යොන්ග් ගනුදෙනු කරන ඩීලර්ලා එක්කෙනෙක් කියලා හිටියේ නෑ.. ටේහ්‍යොන්ග් ඒ වගේ වටින දේවල් එකතු කරේ ආසාවට උනත් ඒ වටින බඩු වෙනත් තැන් වලට ගියේ හේතුවක් නොදන්න හේතු වලට .. වටින පරණ දේවල් එකතු කරන එක වගේම ඒ වගේ බඩු ඩීල් කරන එකත් ටේහ්‍යොන්ග් කරා... ඒවා ඔක්කොම නීතිමය උනා කියලත් කියන්න බෑ.. සමහර දේවල් නීතිවිරෝදී උනා.. ඒත් ඒ දේවල් ඒ ලෝකේ ඇතුලේ සීමා උන හින්දා ප්‍රශ්නයක් උනේ නෑ...

එතකොට ටේහ්‍යොන්ග් අද යන්නේ ඒකෙ ඇනුවල් පාර්ටි එකට.. ෆෙස්ටිවල් එකක් වගේ... ඒකට ඒ දේවල් වලට සම්බන්ද හැමෝම එනවා... යුන්ගි ටේහ්‍යොන්ග් එක්ක යන්නෙ ටේහ්‍යොන්ගේ යාලුවා හින්දා.. ඒහ්‍යොන්ග් රට ඉදන් ලගදි ආපු හින්දා මේකට යන පලවෙනි වතාව මේ...

ටිකකින් දෙන්නම ලොකු බන්ග්ලෝ එකකට ආවා... සාමන්‍ය පරිසරයෙන් ඇතුලට වෙන්න හදලා තිබුන හින්දා නිදහස් පරිසරයක් තිබුනේ... එහායින් වෙන්න තිබුන පාකින් එක පිරිලා හින්දා දැනටමත් ගොඩක් අය ඇවිත් කියලා පේන්න තිබුනා... වාහනේ පාර්ක් කරලා බැහැපු යුන්ගියි ටේහ්‍යොන්ග්නුයි බැක් සීට් එකේ තිබුනු කෝට් එකත් ඇදගෙන මේන් ඩෝ එක දිහාට ඇඉදගෙන ගියා...

මේන් ඩෝ එකත් එතනින් ඇතුලට ගියාම තියන ඩෝ එකත් අතර තිබූ කොරිඩෝ එකේ masquerade mask දා ගත්තු දෙන්නෙක් හිටියා වගේම ටේහ්‍යොන්ග්ගේ කෝඩ් කාඩ් එක අරගෙන චෙක් කරලා ටේහ්‍යොන්ග්ව පිලිගත්තා.. ඊට පස්සේ ටේහ්‍යොන්ග්ව එතන ටේබල් එක උඩ තිබුනු ලොකු බොක්ස් එකක් ගාවට එක්කක් ගිය එක්කෙනෙක් ඒකෙන් එකක් අරන් දා ගන්න කීවම ටේහ්‍යොන්ග් යුන්ගි දෙන්නම අර දෙන්නගේ වගේම masquerade mask දෙකක් අරන් දාගත්තේ, අනන්‍යතාව කොහෙවත්ම මෙතන හෙලි වෙන්නෙ නැති හින්දා...

එතන ඩෝ එකෙන් ඇතුලට ගියාම පිටට කිසිම සද්දයක් ඇහෙන්නේ නැති , පිටින් බැලුවම හොයන්නවත් බැරි විදියට ලොකු පාර්ටි එකක් තිබුනා... ඇතුලෙන් ඇත්තටම පරනයි කියලා හිතන්න පුලුවන් ඒත් අලුත්වැඩියා කරලා තිබ්බ ගෝල්ඩ් , බ්රවුන් මික්ස් වයිබ් එකක් පේන්න තිබ්බ කොටසෙන් තිබුනා වගේම උස සිවිලිම් වල ඉදන් පහලට ඇදුනු රතු සුදු කලු සිල්ක් රෙදි එක්ක අදුරු වටපිටව මැදින් පහලට එල්ලුන ලොකු Mirro Disco Ball එක හින්දා හැමතැනටම විහිදුනු එලිය එක්ක හිත් ඇදගන්න ලස්සන වයිබ් එකක් ඇවිත් තුබුනා...

එතන හිටපු හැමෝම masquerade mask අනිවාරෙන්ම දාගෙන හිටියා වගේම කවුරුත් කවුද කියලා නොදැන හොදට විනෝද වෙමින් හිටියා...ටේහ්‍යොන්ග් යුන්ගි එක්ක පේලියට තිබුනු පොඩි ටේබල් වලින් එක්කින් වයින් ග්ලාස් දෙකක් අරගෙන අයිනට වෙන්න වගේ තිබුනු සෝෆා එකක වාඩි උනේ වටේටම ඇස් යොමු කරන ගමන්...

එයාලා හිටපු තැනටත් ඉස්සරහින් කලු පාට සිල්ක් රෙද්දක් පහලට වැටිලා තිබුනු හින්දා ඉස්සරහා තිබුනු සෝෆා එකේ හිටියේ කවුද කියලාවත් ඇතුලට එන්නෙ කවුද කියලාවත් ටේහ්‍යොන්ග්ට පෙනුනේ නෑ....

යුන්ගී දිහා බලන් හිටපු ටේහ්‍යොන්ග්ට එක පාරට හිනා ගියේ යුන්ගිටම ගැලපෙන පූස් කන් දෙක්කුත් තියන ලස්සන රටාවක් ගිය මාස්ක් එකක් යුන්ගිට හම්බෙලා තිබුනු හින්දා...

"හිනාවෙන්න එපා බල්ලෝ... මන් තෝව දාලා යනවා මෙතන ආහ්..."

පිටට පේන්න තිබුනු හීනි ඇස් දෙකෙන් රවන ගමන් යුන්ගි කීවේ ටේහ්‍යොන්ග් කටත් වහගන්නකොට...

"ඔහ්.. ටයිගර්..."

තමන්‍ට එහා පැත්තෙන් ඇහුන කටහඩට යුන්ගි පැත්තට හැරිලා හිටිය ටේහ්‍යොන්ග් හැරුනේ තමන්ගේ කෝඩ් නේම් එකෙන් කතා කරේ කවුද බලන්න...

කලු පාට ශෝට් ෆ්‍රොක් එකක් ඇදලා ගෝල්ඩ් ඩිසයින් එකක් ගිය මාක්ස් එකක් දාගෙන හිටපු ලේඩි ටේහ්‍යොන්හ්ග් ගාවින්ම වාඩි උනා...

"අපි දන්නවා... එකෙම නේද.. I mean. we have talked...."

අතේ තියන හීනි උස ග්ලාස් එක දිගේ තද රතු පාට ආලේපන තියන ඇගිලි තුඩු යවන ගමන් ඒ ලේඩි කියනකොට ටේහ්‍යොන්ග් යන්තම් හිනා උනේ වැඩි මතකයක් තිබ්බේ නැති හින්දා...

"anyway... I'm stela.. code name stela...We can share real name or something later handsome guys.."

යටි තොල දිවෙන් තෙත් කරන ගමන් ටේහ්‍යොන්ග්ට තමන්ගේ දකුනු අත දික් කරලා ලේඩි කීවම ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙලා අත දුන්නේ ලේඩි ටේහ්‍යොන්ගේ අත දිගේ තමන්ගේ හීනී මහපට ඇගිල්ලෙන් පිරිමදිනකොට...

"හේයි..යුන්ගි ජන්කුක්..."

අයින්ටම හේත්තු වෙලා පිටිපස්සට ඔලුව තියන හිටපු යුන්ගිව හොලවල හොලවට ටේහ්‍යොන්ග් හදිසියෙන් වගේ කීවම යුන්ගි ගැස්සිලා ඇහැරුනා...

"ජන්කුක්.. කවුද ජන්කුක්.. මොනාද උබ කියන්නේ..."

යුන්ගි කිසි දෙයක් හිතාගන්න බැරුව ඇහුවත් ටේහ්‍යොන්ග් නම් ඈත සෝෆ එකක වාඩි වෙලා ඉහා පැත්තෙ හිටපු කෙනත් එක්ක කතා කර කර ග්ලාස් එකක් තොල ගාන ජන්කුක් දිහා බලන් කල්පනාවක හිටියේ...

බ්ලැක් කලර් අවුට්ෆිට් එක්කට බ්ලැක් ඇන්ඩ් ගොල්ඩ් මාස්ක් එකක් දාලා හිටිය ජන්කුක්ව අදුරගන්න ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ... ඊට එහා පැත්තෙන් වාඩි වෙලා කතා කර කර ඉන්න ජිමින් අදුරගන්නත් ටේහ්‍යොන්ග්ට අමාරු උනේ නෑ.. ඒත් ජන්කුක් ඇයි මේ වගේ තැනක කියලා විතරයි ටේහ්‍යොන්ග්ට හිතුනේ...

"Let's dance... find your partner and start in the middle..."

ඇතුලට දැනුනේ නැතත් ටිකෙන් ටික රෑ වෙනකොට කට්ටිය වැඩි උනා වගේම මත් වෙන ප්‍රමානෙත් වැඩි උනා... ටිකකින් කොහෙන් හරි අනවුන්ස් කරාම සමහර අය ගැහැනු පිරිමි බේදයක් නැතුව ගිහින් ඩාන්ස් කරන්න පටන් ගත්තා...

පාර්ට්නර් හොයාගන්න කීවට ඩාන්ස් කරන අය දිහා බැලුවම තමයි තේරුනේ තමන් දාගෙන ඉන්න මාස්ක් එකේ කපල් මාස්ක් එක තියන කෙනා තමන්ගේ පාර්ට්නර් වෙලා කියලා... ඒත් ටේහ්‍යොන්ග්ට වෙන කිසි දේකට අවදානය යොමු කරන්න ඕනෙ උනේ නෑ... දැක්ක වෙලේ ඉදන් නිරායාසයෙන්ම ටේහ්‍යොන්ගේ අවදානය යොමු වෙලා තිබ්බේ එක්කෙනෙක්ට විතරයී.. හැබැයි ඒක නැතිවෙලා අතත් මිටි මොලවන් එතනින් නැගිට්ටේ , ඉදගෙන හිටපු තැනින් නැගිටපු ජන්කුක්ගේ අතින් අල්ලලා ඩාන්ස් කරන්න ආරාදනා කරන මනුස්සයව දැක්කට පස්සේ...

කරන්නේ මොකක්ද කියලාඅ හිතුනේ නැත්ත තමන්ගේ පිටිපස්සෙන් කතා කරන යුන්ගිගේ සද්දෙවත් ඇහෙන නැතුව ජන්කුක් දිහාට ඉක්මනට ටේහ්‍යොන්ග් ඇවිදගෙන ගියා... තමන්ගේ අත අල්ලන ඉන්න කෙනාගේ ආරාධනාව ප්‍රතික්ශේප කරපු ජන්කුක් යන්න හැරෙන්න හැදුවත් ජන්කුක් ගැස්සුනේ ඒ කෙනා ජන්කුක්ගේ ඉන වටේට අත දාලා ලගට ඇදලා ගත්තු හින්දා...

ජන්කුක් අපහසුවෙන් ඒ අත් අතරින් ගැලවෙන්න ට්‍රයි කරත් ඒ හැඩි දැඩි අත් අතර හිර උන හින්දා ජන්කුක් ඒ මනුස්සයගේ පපුවට අත් දෙක තියලා තල්ලු කරන්න උත්සහා කරා...

"excuse me... oh.. I'm sorry ... really sorry... please come with me and I'll help you clean this up..."

ඒ මනුස්සයගේ කෝට් එකේ ගෑවිලා තිබ්බ අයිසින් ටික පිහින ගමන් කරෙන් අත දාගෙන ටේහ්‍යොන්ග් එයාව එතනින් එක්කන් ගියේ ඒ මනුස්සය හිනා වෙලා ටේහ්‍යොන්ග් එක්ක යන්න එනකොට...

.

.

.

ටික්කින් ටේහ්‍යොන්ග් එතනට ආවෙ ජන්කුක්ගේ බ්ලැක් ඇන්ඩ් ගොල්ඩ් ක්වීන් මාක්ස් එකේ අනිත් කපල් කින්ග් මාක්ස් එක තමන්ට දාගෙන... කෙලින්ම අදුරු හෝල් එක මැදින් ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ගේ අතකින් අල්ලගෙන මැදට ඇවිදගෙන ගියේ දිලිසෙන මාක්ස් එක මැදින් ලොකු උන ඇස් වලින් ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක ඇවිදලා එනකොට... ඉස්සල්ල තමන්ට ඇහුන ගැඹුරු කටහඩ ටේහ්‍යොන්ගේ කියලා අදුරගන්න ජන්කුක්ට හැරිලාවත් බලන්න ඕනේ උනේ නෑ... තමන් ගාවින් අර මනුස්සයව අරන් ගිය ඒ තඹ පාට කොන්ඩේ අයිතිකාරයා ටේහ්‍යොන්ග් කියලා අදුරගන්න වෙන කිසිම දෙයක් ජන්කුක්ට ඕනේ උනේ නෑ... අඩුම ජන්කුක්ට කලින් අර මනුස්සයා ගාව තුබුනු කපල් මාක්ස් එක දැන් ටේහ්‍යොන්ග් ගාව තියෙන්නේ ඇයි කියලාවත් හිතන්න ඕනේ උනේ නෑ...

ජන්කුක්ට ඕනේ උනා ඒ දිලිසෙන සිදුරු දෙක ඇතුලේ තියන හීනී ශක්තිමත් ඇස් අතරේ අතරමන් වෙන්න... තමන්ගේ ඉන වටේ මේ මොහොතේ එතිලා තියන ශක්තිමත් ආරක්ශාකාරී අත් අතරේ හැමදාටම නවතින්න... ජන්කුක්ට ඕනේ උනා වටේ තියන කිසිස්ම දෙයක් ඇහෙන් නැති තරමට ටේහ්‍යොන්ගෙන් හම්බෙන අමුතු දේවල් අතරේ තනිවෙන්න...

"Only a strong king is fit for a proud queen..."

ජන්කුක්ගේ කන ගාවින් ඇහුන ශක්තිමත් කටහඩට ජන්කුක් තමන්ගේ ඇස් දෙක වහගෙන තවත් ලන් උනා....

.



.



.



.

*****************

____________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading....♥️

To be Continued....

2023/01/28

Bạn đang đọc truyện trên: AzTruyen.Top