|13|

"හේයි.. ජන්කුක් ඇයි මේ..."

පාර අයිනේ තිබුනු බන්කුවක වාඩි වෙලා ඔලුවත් බිමට බර කරන් ඉන්න ජන්කුක්ගෙ උරහිසෙන් අත තියලා ටේහ්‍යොන්ග් ඇහුවේ දැන් ටික වෙලාවක ඉදන් වාහනෙන් බැහැලා ජන්කුක්ගේ පස්සෙන් ආපු හින්දා...

රතු වෙලා නහර පෑදුන ඇස් දෙකෙන් ටේහ්‍යොන්ග් දිහා බලලා උරහිසේ තියන ටේහ්‍යොන්ගේ අත ගසලා දැම්ම ජන්කුක් එතනින් නැගිටින්න ගියත් එක පාරට නැගිටගන්න බැරුව ආයෙත් ඉන්ද උනේ ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ උරහිස් දෙකෙන් වැටෙන්න නොදී අල්ලගන්නකොට...

"ඇයි... මොකක්ද තමුසෙටත් ඕනේ... මාත් එක්ක නිදියන්න්ද උබටත් ඕනේ.. මාව මරලා දාපන්..."

ටේහ්‍යොන්ග්ව තල්ලු කරලා අත් දෙකෙන්ම කොන්ඩේ ඉස්සරහට ඇදගන්න ගමන් ජන්කුක් කෑ ගැහුවේ පිස්සුවෙන් වගේ..

"මොනවද මේ කියන්නේ... මන් කීවනේ ඒ දේවල් අමතක කරන්න කියලා... අනික කවුද එහෙම කතා කරේ ඔයාට..?"

ටේහ්‍යොන්ග් එක දිගට ඇහුවම ජන්කුක් ටේහ්‍යොන්ගේ කොලර් එකෙන් තද කරලා ඇදලා මූනට එබුනේ දත්මිටි කාගෙන...

"අමතක.. අමතක කරන්න කීවාම හැමදෙයක්ම අමතක කරන්න මන් රොබෝ කෙනෙක්ද.. මන් මනුස්සෙයෙක් නෙවෙයිද.. අමතක කරන්න කරන්න හැමෝම කියනකොට හැමදේම අමතක වෙනවද.. ආආර්හ්... උබලා ඔක්කොම එහෙම කරලා අමතක කරන්න කීවාම ඔක්කොම හරිද.. කියපන් මට.. කියපන්.. ආආආආආ.. ඉහ්..ඉහ්..."

ටේහ්‍යොන්ග්ව කොලර් එකෙන් අල්ලලා හොලවලා කෑ ගහන ගමන් අත් දෙක එහෙමම තියාගෙන ජන්කුක් ඉකිගහන්න පටන් ගත්තේ කිසි පනක් නැතුව වැනෙන ජන්කුක්ගේ සිරුර ටේහ්‍යොන්ග් තද කරලා අල්ලගන්නකොට..

"ශ්.. ශ්.. ඇයි මේ.. මොකද උනේ.. කවුද ඔයාට මොකක්ද කරේ..."

ජන්කුක්ගේ ඇවිස්සුව කොන්ඩේ අත ගාන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම, ජන්කුක් තමන්ගේ අත් දෙක අතෑරලා ටේහ්‍යොන්ගේ ඔලුවේ තිබ්බ අත ගසලා දැම්මා..

"අල්ලන්න එපා මගේ ඔලුව..."

ටේහ්‍යොන්ග්ට කෑ ගහලා වැනි වැනි වගේ ජන්කුක් යනකොට ටේහ්‍යොන්ග් ටික වෙලාවක් බලන් ඉදලත් ආයෙත් ඉක්මනට දුවන් ගිහින් ජන්කුක්ව අල්ලගත්තේ බැලන්ස් නැතුව ජන්කුක් වැටෙනවා දකිනකොට..

"ජන්කුක්.. ජන්කුක්... ශ්.. ඇස් අරින්න...ජන්කුක්...ආයිශ්..."

සිහිය නැතුව වැටුන ජන්කුක්ගේ මූන දෙපැත්තට තට්ටු කරන ගමන් ටේහ්‍යොන්ග් කතා කරත් ජන්කුක් ඇස් ඇරියේ නෑ...ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ව උස්සගෙන තමන්ගේ වාහනේ ගාවට දුවලා ගිහින් ජන්කුක්ව හිට්ටවලා තමන්ගේ ඇගට වාරු කරන් පැසෙන්ජර් ශීට් එක පිටිපස්සට නවලා ජන්කුක්ව හාන්සි කෙරෙව්වා... ඒ පැත්තෙන් දොර වහලා තමන්ගේ ශීට් එකට නැගලා ඉකමන්ට ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ ජන්කුක්ගේ පන නැති අතින් අල්ලගන්න ගමන්...

"ආයිශ්.. හොස්පිටල් එකට යන්න බෑ... එතන තව ප්‍රශ්න..."

තමන්ටම මුමුණගන්න ගමන් ටේහ්‍යොන්ග් තමන්ගේ මැන්ශන් එකට ඩ්‍රයිව් කරගෙන ගියා...

.

.

.

ජන්කුක්ව උස්සගෙන ඇවිත් ඉස්සල්ල ජන්කුක්ට දීපු කාමරේම ඇද උඩින් තියලා ජන්කුක්ගේ සපත්තු දෙක ගලවලා, පපුව ගාවට වුතර වෙනකන් ඩවුට් එක පුරවපු ටේහ්‍යොන්ග් වතුර භාජනයක් අරන් ඇඉත් ටවල් එක්කින් මූන තෙතමාත්තු කරා...

භාජනේ පැත්තකින් තියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වෙහෙස පාට මූන දිහා බලන් මූනට වැටුනු අවුල් උන කොන්ඩේ පිටිපස්සට කරේ යන්තම් ඉදිමිලා තියන කම්මුල් දෙකත් අතගාලා...

"ඔයා මොනාද එච්චරම විදවන්නේ හිත ඇතුලේ තියන්.. ඇයි මට දැනෙන්නේ මොනවා හරි නරක දෙයක්..."

යන්තම් ජන්කුක්ගේ මූන දිහා බලන් මුමුනපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඔලුව පැත්තට හරවලා කෙස් අතරින් ඇගිලි යැව්වේ දෙයක් මතක් උන හින්දා... ඔලුව පිටිපස්සේ කොන්ඩේ අතරින් මොනවා හරි අහු උන හින්දා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලට යනකන් දිග විසිරුනු කොන්ඩේ උස්සලා එහාට මෙහාට කරලා බැලුවත් පැහැදිලි උන් නැති හින්දා ටේබල් ලෑම්ප් එක් ඔන් කරලා බැලුවම ටේහ්‍යොන්ග් දැක්කේ කොන්ඩේ අතරින් හමේ තියන පැල්ලම් වගයක්... තවත් හොදට බැලුවාමයි දැක්කේ මැහුම් පාරකුත් එක්ක පිච්චිච්ච පැල්ලම් කීපයක්....

කොන්ඩේ පහලට කරලා ජන්කුක්ව ආයෙත් හාන්සි කරවපු ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවේ ගොඩාක් දේවල් හිතේ තියාගෙන.. ටේහ්‍යොන්ග්ට මතක් උනේ මගේ ඔලුව අල්ලන්න එපා කියලා හැම වතාවකම ටේහ්‍යොන්ගේ අත් ගසලා දාපු විදිය...

ජන්කුක්ව තේරුම්ගන්න බැරි තැන දාහක් ප්‍රශ්න ආවත් , ජන්කුක්ම කවදා හරි ටේහ්‍යොන්ග්ව විශ්වාස කරලා ඒ දේවල් කියනකන් ටේහ්‍යොන්ග් බලන් ඉන්න තීරනේ කරා...

"හා පැංචෙක් වගේ.. ඇයි ඔයා මෙච්චර හැන්ගිලා... කොහෙන්වත් තේරුම්ගන්න බැරි තරම්..."

කම්මුලට පහලින් රතු වෙලා හීරුන පාර උඩින් ඇගිල්ල ගෙනියන ගමන් ටේහ්‍යොන්ග් ආයෙත් ඔලුව අතගාලා එලියට ආවා...

.

.

.

.

නුපුරුදු තැනකින් අපහසුවෙන් ඇස් ඇරපු ජන්කුක්ට ඉන්නේ කොන්ද කියලා හරියටම අදුරගන්න බැරි උනා... අමාරුවෙන් ඇදට අත් දෙක තියලා ඉස්සිලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා කාමරේ වටේට ඇස් යවනකොටයි තමන් ඉන්නේ ඊයේ ඇදුම් මාරු කරපු කාමරේ කියලා තේරුනේ...

එක දිගට ටේහ්‍යොන්ග්ට කෑ ගහපු හැටි , තමන්ගේ ඇගට පන නැති ගතියක් දැනුන හැටි මතක් උන ජන්කුක් ඉක්මනට ඇද රෙද්ද උස්සලා තමන්ගේ ඇග දිහා බැලුවේ ඇදුම් තියනවද බලන්න...

"ඔහ්.. ඔයා නැගිට්ටද.. දැන් කොහොමද ඔයාට.. මේ දෙක බීලා ඉන්න මේකත් එක්ක..."

කාමරේ ඇතුලට ඇවිත් කිරි වීදුරුවක් එක්ක පේයින් කිලර් දෙකක් ස්ටූල් එක උඩින් තියන ගමන් ජන්කුක්ගෙන් ඇහුව ටේහ්‍යොන්ග් ජනේල් ගාවට ගිහින් තිර රෙදි ඈත් කරේ හොදටම එලිය වැටිලත් ටිකක් වෙලා ගිහින් කියලා ජන්කුක්ට තේරුම් කරවලා..

"වොශ් එකක් දාගෙන ඉන්නවද..."

ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිදන් එන ගමන් ඇහුවම ජන්කුක් හෙමීට ඔලුව වැනුවා..

"ඒනම් මං ඇදුමක් ගේන්නම් .. එතකන් ගිහින් වොශ් දාගන්න... "

ටේහ්‍යොන්ග් කියලා යන්න හැරුනම් ඇදෙන් නැගිටින්න හදපු ජන්කුක්ට කෙදිරි ගෑවුනේ කොන්ද දිගේ ඉදන් පිටිපස්සට දැනුන අමුතු වේදනාව හින්දා..

ඒකට වචනයකින් වත් මුකුත් නොකියපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව තමන්ගේ අත් දෙකට අරගෙන බාත්රූම් එකට ගියේ ජන්කුක් අපහසුවෙන් ඇස් පියාගෙන ඉන්නකොට...

ජන්කුක්ව බාත් ටබ් එකෙන් තියලා ටේහ්‍යොන්ග් ආපහු හැරුනත් නැවතුනේ ටේහ්‍යොන්ගේ අතකින් ජන්කුක් අල්ලන් හිටපු හින්දා..

"තව මොනා හරි ඕනද..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ටිකක් වෙලා ටේහ්‍යොන්ගේ ඇස් දෙක දිහා බලන් ඉදලා මුකුත් නෑ කියලා ඔලුව වැනුවා...ආයෙත් යන්න ගියත් දොර ගාවදි ටේහ්‍යොන්ග් නතර උනේ ඇහුන ජන්කුක්ගේ හීනී කටහඩට...

"ඇයි මෙහෙම කරන්නේ... මොනාද බලාපොරොත්තු වෙන්නේ... අන්තිමට මොනාද බලාපොරොත්තු වෙන්නේ..."

"මුකුත් නෑ.. කිසි දෙයක් නෑ.. අපි බලාපොරොත්තු වෙන දෙයක් එකටම බලාපොරොත්තු වෙමු... අන්තිමටත් අවසාන වතාවටත්..."

බිම බලාගෙනම ජන්කුක් ඇහුවම ටිකක් වෙලා යන්න ගිය විදියටම හිටගෙන හිටපු ටේහ්‍යොන්ග් හැරෙන් නැතුවම කියලා බාත් රූම් එකෙන් එලියට ගියා...

ටේහ්‍යොන්ග් කියන්නේ ජන්කුක් හොයපු රූපේ.. ගොඩාක් කල් තමන්ගේ ගැලවුම්කාරයා කියලා විස්ශ්වාස කරපු කෙනෙක්.. එක පුන්චි සිදුවීමක් හින්ද මතක තියාගත්තු ඇස් දෙකක්... යම් විශ්වාසයක් එක්ක බලාපොරොත්තු උන පුන්චි බලාපොරොත්තුවක්.. එච්චරයි ... ජන්කුක් ටේහ්‍යොන්ග්ව බලාපොරොත්තු උනේ එච්චරයි ... ඒත් මේ දේවල් ජන්කුක්ට බර වැඩියි...වචනයක්වත් නොකියා අමාරුම අවස්ථාවල් වල කරන මේ දේවල් ජන්කුක්ට බර වැඩී... කවුරුත් නැතිව තනි වෙලා හිටපු ජීවිතේට එහෙම එක පාරට මේ තරම් දේවල් බර වැඩී...

.

.

.

.

"මොකද කරන්නේ..."

කිචන් එකේ ලෙජ් එක පැත්තට හැරිලා මොනා හරි කරන ටේහ්‍යොන්ගෙන් ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් ඉන්න පැත්තට හැරිලා මෝඩ හිනාවක් දැම්මා..

"අම්ම්..මේ.. මං පාන් ටෝස්ට් කරන්න හැදුවේ...ඒත් ඔක්කොම කර උනා..."

පටල පටල ටේහ්‍යොන්ග් කතා කරනකොට ජන්කුක්ගේ වෙහෙසකර මූනේ චූටි හිනාවක් ඇදුනා..

"ඉන්නකෝ .. මම කරන්නම්.. "

ටේහ්‍යොන්ග් ගාවට ඇවිදගෙන ඇවිත් පාන් කවරේ අතට ගන්න ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් ඉක්මනට ඒක අතට ගත්තා...

"එපා.. එපා.. මම මොනවා හරි ඕඩර් කරන්නම්..."

"ඕන් නෑ.. මේක එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ... ඔයාට කරන්නම ඕනනම් බිත්තර දෙකක් කඩලා දාන්නකෝ බෝල් එකට..."

යන්තම් හිනා ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් බිත්තර දෙකක් අරන් එන්න ගියා...

.

.

.

"ම්ම්.. මම යන්න ඕන.. තැන්ක්‍යූ මට උදව් කරාට... මම ඇදුම්....

"ඇදුම් එපා... මේ යන විදියට කොහොමත් ඔක්කොම ටික ටික ඇදන් ගිහින් එක පාර ගේන්න පුලුවන්නේ..."

ටේහ්‍යොන්ග් ඇහැක් ගහලා කීවම ජන්කුක් ඒ කතාවට රවලා අහක බලාගත්තා..

-"ඔහ්.. හෙලෝ.. ඕකේ.. මම හෙට හවස් වෙද්දි එන්නම්..."

ටේහ්‍යොන්ග් ආපු කෝල් එකට ආන්ස්වර් කරලා තිබ්බේ ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් ඉන්නකොට...

"ම්ම්ම්.. ඔයා මොකද කරන්නේ..."

ජන්කුක් ඇහුවේ ඇත්තටම ටේහ්‍යොන්ග් මොකද්ද ක්‍රන්නේ කියලා කුතුහලයක් ඇති උන හින්දා..

"ආම්.. මම මේවා තමයි කරන්නේ.. වටේටම බැලුවම තේරෙනවනේ.."

ටේහ්‍යොන්ග් ආඩම්බරෙන් වගේ හිනා වෙලා කීවම ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...

"අර ගැලරි එක .. ඒකත් මම ඉක්මනට ගන්නවා..."

ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් බොන්න ගත්තු ව්තුර උගුරත් හිර වෙලා කහින්න ගත්තේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටට ගහනකොට...

"මො..මොකක්ද ගන්නේ.. කොහොමද ගන්නේ.."

ජන්කුක් පුදුමෙන් ඇහුවම ටේහ්‍යොන්ග් ටිකක් ජන්කුක් දිහාට නැමුන...

"මමත් දන් නෑ.. ඒත් මතකද අපි එදා හිටපු කාමරේ.. මට දැනගන්න ඕන කවුද ඒ කියලා..."

රහසින් වගේ ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් යන්තම් හිනා උනා...

"හම්බුනොත් මොකද කරන්නේ..."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා එක දිගට බලන් හිටියා..

"ම්ම්ම් ... බලමු.. මොකද කරන්නේ කියලා...එතකොට ..."

ටේහ්‍යොන්ග් හිනා වෙලා කීවත් ජන්කුක්ට ඒක හිනාවක් විදියට පෙනුනේ නෑ...

.

.

.

.

.

.

"ඔම්මා... අද මොකටද මට කතා කරේ..."

කිම් මැන්ශන් එකේ සෝෆා එකේ වාඩි වෙන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවේ කෑ ගහලා... ටේහ්‍යොන්ග් සතියකට පස්සෙ කෙලින්ම එයාගෙ ගෙදරටත් නොයා කිම් මැන්ශන් එකට ආවේ, මිස්ටර් කිම් ටේහ්‍යොන්ග්ට එන්න කියලා තිබුන හින්දා...

"කෑ ගහන්න එපා... අප්පා වොශ් එකක් දානවා...ඇවිත් කියයි...කෑවද.."

"මොනා කන්නද... ගෙදර ගියෙත් නැතුව ආවේ... වාහනේ මගේ බෑග් ටිකත්..."

ටේහ්‍යොන්ග් කීවාම මිසිස් කිම් මූනත් ඇද කරන් ටේහ්‍යොන්ග් ගාවින්ම ඉදගත්තා..

"බෙයා.. ඔයා මාවත් දාලා ගිහින් ඉන්නේ.. අප්පා දැන් මුකුත් නොකියන එකේ මෙහෙ ඉන්නකෝ..."

ටේහ්‍යොන්ගේ අතකින් අල්ලගෙන මිසිස් කිම් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව වනලා බෑ කීවා..

"දැන් ඔහොම කතා කරාට ඒ දවස් වල මතකනේ... ඔම්මා හිතනවද මම ආයේ ආවොත් අප්පා පාඩුවේ ඉන්න දෙයි කියලා මට... අප්පගේ වැරැද්ද හැමවෙලේම එයා හරි කියලා හිතන් ඉන්න එක... ආයෙත් ඇවිත් පරණ විදියට ඉන්නවට වැඩිය මට තනියම ඉන්න එක හොදයි..."

ටේහ්‍යොන්ග් කලකිරීමෙන් කීවම මිසිස් කිම් මුකුත් නොකිය ටිකක් හිටියා.

"මන්දා.. අප්පා කවදාවත් ඔයාලට වැරැද්දක් කරන් නෑ කියලානම් මම දන්නවා.. ඔයාලා ටික ටික ලොකු වෙනකොටයි අපේ වැරදි පේන්න පටන් ගන්නේ..."

"මං වැරැද්දක් කීවද... ඔම්මම කියන්න දැන් වෙලාව කීයද... තාමත් ගෙදර එද්දි මේ වෙලාව වෙනවානම් , මොකක්ද සතුට කියන්නේ... ඔම්මා කැමතිද එහෙම ඉන්න.. ඔම්මමනේ කියන්නේ පාලුයි කියලා..."

ටේහ්‍යොන්ග් එක දිගට කියෙව්වම මිසිස් කිම් යන්තම් හිනා වෙලා ටේහ්‍යොන්ගේ ඔලුව අතගෑවා...

"ඔයත් දවසක හැමදේම තේරුම්ගනී... හැමෝම එක වගේ නෑ... හැමෝටම බලාපොරොත්තු වෙන හැමදේම හම්බෙන්නෙත් නෑ...හැමවෙලේම රැදිලා ඉන්න නෙවෙයි , රැදිලා ඉන්න ටික වෙලාව ඇතුලෙත් ආදරේ පිරෙන්නයි ඕනේ... කමක් නෑ කෑම හදලා තියෙන්නේ , අප්ප ආවම කන්න එන්න..."

මිසිස් කිම් ඇතුලට ඇවිදගෙන යනගමන් කීවේ මිස්ටර් කිම් පඩිපෙල බැහැගෙන එනකොට..

"ටේ... දැන්ද ආවේ.."

"නෑ අප්පා.. ටිකක් වෙලා ඇයි එන්න කීවේ මට..."

සෝෆා එකෙන් ටිකක් නැගිටින ගමන් ටේහ්‍යොන්ග් කීවම මිස්ටර් කිම් ඉදගන්න කියලා අතින් සන් කරන ගමන් එහා පැත්තෙන් ඉදගත්තා...

"මැරේජ් එකට් ආයෙත් කැමති උනා..."

"මැරේජ් එක.. කාගෙද කොහොමද කැමති උනේ..."

ටේහ්‍යොන්ග් කලබලෙන් ඇහුවා...

"මිස්‍ටර් ජියෝන් කතා කරා...ඔය හිතුවක්කාරකමට බෑ කීවට ඒකට කැමති කීවා..."

"එහෙම කොහොමද කියන්නේ... මැරේජ් එක වෙන් නෑ.. ඒකට කැමති නෑ කීවනේ...එක පාරට බෑ කියලා ආයෙ කීවම කැමති වෙන්න තරම් අප්පා මෝඩද..."

ටේහ්‍යොන්ග් කෑ ගහන්න පටන් ගත්තම මිස්ටර් කිම් ටේහ්‍යොන්ග් දිහා ත්දින් බැලුවා...

"ටේ.. සද්දෙ අඩු කරගන්නවා... මිස්ටර් ජියෝන් කියන්නේ වැදගත් හොද මනුස්සයෙක්... එහෙම නොසලකා හරින්න බෑ.. තමුන් කෑ ගහන්න මොකක්ද ප්‍රශ්නේ..."

මිස්ටර් කිම් තදින් කීවම ටේහ්‍යොන්ග් මුකුත් කියන් නැතුව සෝෆා එකේ කොට්ටෙත් විසික් කරලා එලියට ආවේ කේන්තියෙන් ...

.

.

.

.

එදා බොරුවට බෑ ග ගා ඉදලා ජන්කුක් කොහොමද එහෙම කැමති උනේ...ජන්කුක් ගැනත් කේන්තියක් ටේහ්‍යොන්ග්ට ආවා...

"රගපාන උන් තමයි පේන්න බැරි මට.. උබත් එහෙමද..."

ටේහ්‍යොන්ග් ස්ටීරින් වීල් එකට මිටිමොලවලා ගහලා මිමිනුවේ කේන්තියෙන් ....

.

.

.

.

"මාවත් අරන් යන්න තිබ්බනේ ඔම්මා අප්පා... මට ඉන්න බෑ මෙහේ..."

තමන්ගේ උරහිස උඩින් කැපිලා ලේ වේලිලා තියන තුවාල උඩින් ඇගිලි තුඩු අරන් යනගමන් ජන්කුක් මිමිනුවේ අඩන්නවත් කදුලු නැති ඇස් වලින් කලුවර සිවිලිම දිහා බලාගෙන....

.

.

.

.

.

______________________________Dark_Sunshiner 🤍🥀

goodbye for a small time...🍃💐

Thanks for reading....♥️

To be Continued....

2023/01/19






Bạn đang đọc truyện trên: AzTruyen.Top