|11|
"ජන්කුක් දගලන්න එපා .. පොඩ්ඩක් ඔහොම ඉදපන්..."
"අහකට පලයන්... මම යන්නේ මට ඕනෙ විදියට... මම බදින්න යනවා නෙවේනේ..."
ජිමින් තමන්ට අන්දවන්න හදපු කෝට් එක ගලවලා කාමරේ කොනකට විසික් කරන ගමන් ජන්කුක් කෑ ගැහැහුවේ කේන්තියෙන්...
"හරි .. ඉතින් දැන් වෙන කරන්න දෙයක් තියනවද... උබ අක්මැති නම් කෙලින්ම ඩෑඩ්ට කියන්න පුලුවන්නේ.. මගෙත් එක්ක කේන්ති අරන් හරියනවද..."
ජිමිනුත් ටිකක් කේන්තියෙන් කෑ ගැහුවම ජන්කුක් හොද හුස්මක් අරන් ඇද උඩින් වාඩි උනා...
"ම..මට බෑ කියන්න...කීවත් වැඩක් නෑ.. මන් මොකක්ද කරන්න ඕනේ..."
ටිකක් හඩ අඩු කරලා ජන්කුක් කීවාම ජිමිනුත් ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි උනා..
"මන් කතා කරන්නදජියෝන් අන්කල් එක්ක..මන් කවදාවත් දැකලා නෑ තමයි.. ඒ උනාට උබ වෙනුවෙන් ඕන්නම් මන් කතා කරන්නම්..."
"එ..එපා එපා... කමක් නෑ මොකක් හරි වෙයිනේ..."
බය වෙලා වගේ ජිමින්ට එපා කීව ජන්කුක් තමන්ගේ ශර්ට් එක ගලවන්න බොත්තම් ගලවන්න පටන් ගත්තා...
"අහපන්කෝ.. අපි එන කෙනත් එක්ක මේක කතා කරගමු..වැඩේ එතනින් ක්ලෝස් කරගත්තොත් හරිනේ..."
"හ්ම්.. මොකක් හරි.. මන් ඇදන් එන්නම්...උබ පලයන් එලියට..."
කීවාම ජිමින් කාමරේ දොරත් වහගෙන එලිඅයට ආවා...
ටිකකින් ජන්කුක් තමන්ගේ සුපුරුදු කලු පාටින් ලෑස්ති වෙලා එලියට ආවා... කලු පාට ඇගට ෆිට් ටී ශර්ට් එක්කුයි ඒකට උඩින් ලෙදර් ජැකට් එකයි කලු පාටම බූට් දෙකයි,උඩින් පේන අතේ ටැටූ එකයි, අලු පාට ලෙන්ස් දෙකයි, උඩින් රදවලා පහලට වැටුනු කොන්ඩෙයි තනිකරම ජන්කුක්ට බෑඩ් බෝයි ලුක් එකක් ගෙනල්ල තිබ්බා.. හරියටම ජන්කුක් බලාපොරොත්තු උන විදියටම.. මෙච්චර දවස් තමන් නඩත්තු කරපු රූපේ විදියටම, පිටින් බලන කෙනෙක්ට පේන්න තරම් තියන ඒ පෙනුම ගැන ජන්කුක් තෘතිමත් උනා...
ජන්කුක්ව දැක්ක ගමන් ජිමින් ඔලුව දෙපැත්තට වැනුවත් ආයෙත් සද්ද නැතුවම හිටියේඑ ජන්කුක්ව කේන්ති ගස්සන්න බැරි හින්දා...
"යමන්..ලොකේශන් එවලාද..."
"හ්ම්..උබේ වාහනේ දාලා යමන්..."
ජන්කුක් කියලා තමන්ගේ වාහනේට නැග්ගේ ජිමින් ජන්කුක්ගේ ගෙදර දොරත් ලොක් කරලා පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි වෙනකොට...
.
.
.
.
.
ටික්කින් ජන්කුක් එක්ක ජිමින් ටේබල් එකක ගෑනු ලමයෙක්ට ඉස්සරහින් වාඩි වෙලා හිටියා... බීච් එක අයිනේ තිබුනු රෙස්ටොරන්ට් එකේ වැල්ලෙම තිබුනු ටේබල් එකක් හින්දා තමන්ගේ ඉස්සරහ හිටපු ගෑනු ළමයා දිහා බලන්න එක විනාඩියකට කාලෙ වැය නොකර ජන්කුක් මුහුද දිහාට මූන හරවන් හිටියේ ජිමින් අපහසුවෙන් ගෑනු ලමයා දිහා බලලා හිනා වෙනකොට..
"ඔහ් .. හායි කොහොමද .. මම ජිමින්..පාර්ක් ජිමින්.."
"මන් නුවී.. කිම් නුවී..."
නුවීත් හිනා වෙලා ජිමින්ට තමන්ව හදුන්වලා දුන්නේ මේ වෙලාවෙම වොශ් රූම් ගිය තමන්ගේ ඔප්පාට හිතින් බනින ගමනුයි...
"මං ජන්කුක් ..."
බැරිම තැන ජිමින් හයියෙන් වැලමිටෙන් ඇන්නම ජන්කුක් පොල්ලෙන් ගහනවා වගේ තමන්ගේ නම කිවේ නුවී ඇස් ලොකු කරන් ජන්කුක් දිහා බලන් ඉන්නකොට... ජන්කුකුත් තමන්ට කැමති නෑ කියලා ඒ හැසිරීමෙන්ම නුවී තේරුම්ගත්තා...
"ඔයගොල්ලෝ මොනවද බොන්නේ..."
"බොන්න ඕන්නම් මෙතෙන්ට එන් නෑනේ... ඉක්මනට කියන දෙයක් කියන්න කියපන්.."
නුවී හිනා වෙලා ඇහුවම ජන්කුක් අහක බලාගෙනම හයියෙන් කීවේ ජිමින් තමාගේ ඇගිලි තුඩු වලින් නලල තද කරගන්නකොට...
"අපිට කොෆී දෙකක දෙන්න..."
ජිමින් හිනා වෙලා කීවාම නුවී කොෆී දෙකකුයි මිල්ක් ටී දෙකකුයි ඕඩර් කරා..
"අහ් ඔප්පා එන්න..."
ඈත ඉදන්ම තමන්ගේ නන්ගි ඉස්සරහින් වාඩි වෙලා ඉන්න අදුරන මූනු දෙක දැකලා පුදුමෙන් ඉස්සරහට ආපු ටේහ්‍යොන්ග්ට නුවී කතා කරාම ටේහ්‍යොන්ග් උගුර පාදලා ජිමින් ඉස්සරහින් ඉදගත්තා...
" ඔප්පා මේ ඉන්නේ ජිමින් ඔප්පයි ජන්කුක් ඔප්පයි..."
"ඔප්පා... කවද්ද අපි ඔප්පා උනේ..."
නුවී කියන එක ඇහිලා ජන්කුක් කටත් ඇද කරන් හැරුනත් හැරුණ පරක්කුවට ගැස්සිලා ගියේ ඉස්සරහින් ඉදන් හිටපු රූපේ දැකපු හින්දා...
"ඔහ්.. ඔයයි එහෙනම් ඒ..."
ජන්කුක් දිහා බලාගෙනම පුටුවෙන් වාඩි වෙන ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් තමන්ගේ උකුලේ තිබුනුඅත දිහා බලන් බිම බලාගත්තා...
මෙච්චර ඉක්මනට මැරි කරන්න උනා මදිවට ඒ ටේහ්‍යොන්ගේ නංගී.. ජන්කුක්ට කියන්න කිසිම දෙයක් මතක් උනේ නෑ, අඩුම ඔලුව උස්සලා බලන්නවත් හයියක් ආවෙ නෑ....
එතකොටම වේටර් ඔඩර් එක ගෙනාව හින්දා ජිමින් ජන්කුක්ගේ කොෆී එක ඉස්සරහින් තියලා ජන්කුක්ට තට්ටුවක් දැම්මා...
ටේහ්‍යොන්ගේ පැත්තෙනුත් එහෙමෙ වෙනසක් තිබ්බේ නෑ , මොකද ටේහ්‍යොන්ග්ට තිබ්බේ අපහසුවක්,, ජන්කුක් ගැන වැඩිය දැනන් නොහිටියත් බැරි වෙලාවත් තමන්ගේ නංගිට කැමති උනොත් තමන් කරපු යෝජනාව ගැන මතක් උනාම කන් දෙකේ ඉදන් අපහසුවක් ඇති උනා..
"මේහ්.. කතා කරනවාකෝ..."
ටේහ්‍යොන්ගේ කරේ එල්ලිලා නුවී ටේහ්‍යොන්ගේ කනට මුමුනනකොට ටේහ්‍යොන්ග් උගුර පාදලා ජන්කුක් දිහා බැලුවා... ඒත් ජන්කුක් නෙවෙයි ඔලුව ඉස්සුවේ.. ජිමින් බලන් හිටියේ මෙච්චර වෙලා කැත්තට පොල්ල වගේ ලොකුකමෙන් ඉදලා දැන් පූසා වගේ බිම බලන් ඉන්න ජන්කුක් දිහා...
"ම්ම්.. ඉතින් මෙතනට ආවෙ ඇයි කියලා දන්නවනේ... ඉතින් මේකට කැමතිද නැද්ද..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජිමිනුයි නුවීයි මූනෙන් මූන බලාගත්තා... ආවත් හරි අහක බලන් ඉදලා කැමතිද නැද්ද තීරණේ කරන්නේ කොහොමද...
"ඔහ්.. මිස්ටර් කිම්... ජන්කුක් මේ වෙඩින් එකට කැමති නෑ.. "
ජිමින් කීවම ටේහ්‍යොන්ග් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා... ජන්කුක්ගේ පැත්තෙන් ආපු යෝජනාවක් මිසක් මිස්ටර් කිම් කරපු යෝජනාවක් නෙවෙයිනේ මේක...
"එහෙනම් මොකක්ද කියන්නේ... මන් දන්න විදියට මිස්ටර් ජියෝන් තමයි ප්‍රපෝස් කරේ..."
"ඔව්.. ඒත් ජන්කුක්ගේ ඩෑඩ් එහෙම කරාට ජන්කුක් කැමති නෑ මේකට ... ඒකයි අපිට කියන්න ඕනෙ උනේ.. තව.....
"ඔයාගෙද වෙඩින් එක ජිමින්..."
එක දිගට කතා කරන ජිමින් දිහා බලන් ටේහ්‍යොන්ග් තදින් ඇහුවම ජිමින් ජන්කුක්ට හයියෙන් වැලමිටෙන් ඇන්නා... එක පාරටම පුටුවෙන් නැගිටලා මේසේ උඩ තිබුනු පෝන් එකත් අරන් කවුරුත් දිහා බලන් නැතුව ජන්කුක් වේගෙන් එතනින් එලියට ඇවිදගෙන ගියා... නුවී ජන්කුක්ගේ මේ හැසිරීම ගැන පුදුම උනත් ජිමින්වත් ටේහ්යොන්ගෙවත් පුදුම උන බවක් පේන්න තිබ්බේ නෑ... ජිමින් ජන්කුක්ගේ හැටි දැනන් හිටිපු හින්දත් දැනගත්ත ටික දවසෙන් ජන්කුක්ගේ අමුතු හැසිරීම් දැක්ක හින්දත් ටේහ්‍යොන්ග් පුදුම උනේ නෑ...
ජිමිනුත් ඒත් එක්කම නැගිටලා එලියට දුවන් ආවත් ජන්කුක් ඒ වෙනකොටත් ගිහින් ඉවරයි...
"මොකක්ද හලෝ ඒ උනේ..."
නුවී කටත් ඇරන් ටේහ්‍යොන්ගෙන් ඇහුවම නහය උඩට අකුලලා යන්තම් හිනා වෙලා ටේහ්‍යොන්ග් නුවීගේ කොන්ඩේ ඇවිස්සුවා...
"උනේ මොනා උනත් මැරේජ් එක නම් වෙන්නේ නෑ කියලා කියන්න පුලුවන්.. දැන් අපි යමු.. තමුසෙව ගෙදරට දාලා මම යන්න ඕනේ..."
මේසෙන් නැගිටින ගමන් ඇහැක් ගහලා කියලා නුවීගේ අතිනුත් අල්ලන් ටේහ්‍යොන්ග් පාකින් එක පැත්තට ඇවිදගෙන ගියා...
"අප්පට මොකක්ද කියන්නේ අනේහ්..."
ටේහ්‍යොන්ගේ ශර්ට් එකේ කොනක් පිටපස්සට ඇද ඇද කන් කෙදිරි ගාන ගමන් නුවී මුමුනනකොට වාහනේ දොර ඇරලා නුවීව ඉන්දෙව්ව ටේහ්‍යොන්ග් අනිත් පැත්තෙන් ඇවිත් ඉදගෙන වාහනේ ස්ටාර්ට් කරා...
"මොනා කියන්නද.. කැමති නෑ කියන්න... මමත් කියන්නම් අප්පට ඒ මනුස්සයා හරියන් නෑ කියලා..."
ටේහ්‍යොන්ග් කීවාම නුවී ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ, මෙච්චර වෙලා හොද නම් මැරි කරන්න කියපු මනුස්සයා දැන් වචනයක් කතා කරපු නැති මනුස්සයව රිජෙක්ට් කරේ ඇයි කියලා හිතන ගමන්...
.
හැබැයි
.
.
.
.
ඔම්මගේ බල කිරීමට හවස් වෙනකන්ම ගෙදර ඉදලා ටේහ්‍යොන්ග් කලුවර වැටීගෙන එනකොට පිටත් උනේ ඉක්මනට යන්න.. ජන්කුක් එදා හිටපු වෙරල කොටස දිහා නිකමට වගේ බලන් ඩ්‍රයිව් කරපු ටේහ්‍යොන්ග් දැක්කේ අදත් ජන්කුක් බිම ඉදගෙන ඈත බලන් ඉන්න විදිය... උදේ ඇදන් හිටපු ඇදුමම හින්දා තාමත් උදේ ආපු පිටින්මයි කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා...ආයෙත් කරදරයක්ද කියලා හිතලටත් වාහනේ අයිනෙන් නවත්තලා ගල් දිගේ බැහැලා හෙමීට ඇවිදගෙන ගිහින් ජන්කුක් ගාවින් ඉදගත්තා...
සද්ද නොකර තමන් ගාවින් ඉදගෙන සපත්තුවේ ලේස් එක ලෙහන ටේහ්‍යොන්ග් දිහා ඇස් කොනින් බලපු ජන්කුක් ආයෙත් ඉස්සරහ බලාගත්තේ කොයි වෙලේ හරි ටේහ්‍යොන්ග් කතා කරයි කියලා හිතලා... හැබැයි සපත්තු දෙකයි මේස් දෙකයි ගලවලා පැත්තකින් තියලා කලිසමේ කකුල් දෙකත් ටිකක් උඩට නවාගෙන නැගිටලා රැල්ලට අඩිය තිය තිය මුහුද පැත්තට ඇවිදගෙන ගියේ ජන්කුක් ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නකොට...
කලුවර මුහුදේ එලියක තිබුනා නම් තිබුනේ බැහැගෙන ගිහින් තාමත් තැබිලි පාටට හුරු වලාකුලු අතරින් නැගගෙන එන හදේ එලිය විතරයි...
"මෙහෙට එන්න..."
දනහිස ලගටම එනකන් වතුරේ ඈතට ඇවිදගෙන ගිහින් හිටපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පැත්තට හැරිලා අත දික් කරන් කතා කරාම ජන්කුක් ටිකක් බලන් ඉදලා බෑ කියලා ඔලුව වැනුවා...
"අපෝ මෙහෙට එන්න ... ඔයා බයයිද වතුරට..."
කින්ඩියට වගේ ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් තරහින් මූන රතු කරගත්තා... යන්තම් වතුරේ වැදෙමින් තිබුනු කකුලේ ඇගිලි තුඩු එකට ගුලි කරගත්ත ජකුක් තරහින් අහක බලාගත්තා..
ටික්කින් ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිත් අතකින් අල්ලන් නැගිට්ටවලා ජන්කුක්ව වතුරට ඇදන් ආවෙ ජන්කුක් තමන්ගේ අත ගසල්ල බෑ කියලා පිටිපස්සට අදිද්දියි... ඒත් ජන්කුක්ගේ අත අතාරින් නැතුව දනිස් ගාවටම වතුර එනකන් ඈතට ඇවිදන් ගියේ ඇදුම් තෙමෙන එක ගැන ගන ගන්නෙත් නැතුවයි...
"ඇයි බයද..."
ටේහ්‍යොන්ගේ ශර්ට් එකේ කොනත් අතින් තද කරගෙන කලුපාටට පේන වතුර දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න ජන්කුක්ගේන් ටේහ්‍යොන් ඇහුවේ යන්තම් හිනාවක් මූනේ තියාගෙන...
"ම..මම නෑහ්.."
යන්තම් මිමිනුවත් ජන්කුක් තාමත් බයෙන් වගේම සීතලෙන් ඉන්නේ කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා...
"බය වෙන්න දෙයක් නෑ , රිලැක්ස් වෙන්න... බිම බලන් නැතුව ඈත බලන්න්... අර වතුරෙන්ම හද පායගෙන එනවා..."
ඈතට අත දික් කරලා කියනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ අත දිගේ ඈත බැලුවා.. යන්තම් පායගෙන එක හද එලිය ලාවට වතුරට වැටිලා ලස්සනට දිලිසුනා... හයියෙන් හයියෙන් ඇවිත් වැදෙන හුලගට කොන්ඩේ එහෙට මෙහෙට විසිරෙනවා...තමන්ගේ ඇස් දෙක වහගෙනම ඒ හුලග වින්ද ජන්කුක් එලියෙන් ඇහෙන හුලගේ සද්දෙයි රැලි ඇවිත් ගල් පරවල බිදිලා යන සද්දෙටයි ඇහුන්කම් දුන්නා...
මෙතනට ඇවිත් මොන තරම් ඈත මුහුද දිහා බලන් හිටියත් ජන්කුක් මේක කවදාවත් උත්සාහ කරලා නෑ... උත්සහ කරන්න බයක් තියනවද කියලාවත් දැනගන්න කවදාවත් එහෙම ජන්කුක්ට හිතිලා නෑ... තමන්ගේ කලවා වලිනුත් උඩට වතුර තියනවා කියලා දැනුනත් ඒක ගැන බලන්නවත් ඇස් අරින්න ජන්කුක්ට ඕනේ උනේ නෑ... කලුවර වතුර ඇතුලේ හිටන් ඉන්න මොන තරම් බයක් දැනුනත් තමන්ගේ අත තදින් අල්ලන් ඉන්න කමිසේ තාමත් ලිහිල් නොවී තියන හින්දා ජන්කුක් ඒ ගැන හිතන්නවත් තමන්ගේ කාලේ වැය කරේ නෑ...
මුහුද අයිනේ ඉදන් මුහුදේ හඩ ඇහුවට මුහුදේ ඇතුලේ ඉදන් ඒකට සවන් දෙන එක වෙනස්ම හැගීමක් විදියට ජන්කුක්ට දැනුනා... තමන් වෛර කරන, තමන්ට ඈත් වෙන්න ඕන උන ලෝකෙන් තමන් වෙන ලෝකෙකට ඇවිත් වගේ ජන්කුක්ට දැනුනා...ේ දැනෙන හැගීමට ජන්කුක්ට ආස හිතුනා...
"එච්චර දේවල් තියනවද කල්පනා කරන්න..."
තමන්ගේ කන ගාවින්ම ඇහුන උනුසුම් කටහඩට ජන්කුක් හිමීට ඇස් ඇරියත් එක පාරටම ටේහ්‍යොන්ගේ උරහිසෙන් තදින් අල්ලගත්තේ තමන්ගේ ඉන ගාවටම වතුර තියනවා කියලා දැකපු හින්දා...
"ඔයාව අතන ඉදන් මෙතනට එක්කන් එනකන්වත් ඔයා ඇස් ඇරියේ නෑ..."
ටේහ්‍යොන්ග් ආයෙත් කීවම ජන්කුක් අසරණ උන ඇස් දෙකකින් ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ලොකුවට ඇස් බෝල කරන් තමන්ගේ උරහිස් දෙකට අත දෙක තියලා තදින් අල්ලන් ඉන්න ජන්කුක් දැක්කම ටේහ්‍යොන්ගේ පපුව අහේතුවකට ගැහුනා... බයෙන් බයෙන් වටේ බලපු ජන්කුක් ආයෙත් ටේහ්‍යොන් දිහා බැලුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනෙන් අල්ලලා ටිකක් ඉස්සුවා...
"ඔන්න හරි බලන්න බය වෙන්න දෙයක් නෑ... එච්චර ගැඹුරු නෑ මෙතන..."
වතුර යටම වැල්ලෙ තිබුනු පොඩි ගල් පොත්තක් උඩින් ජන්කුක්ව තියලා ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ලැජ්ජාවෙන් වගේ ටේහ්‍යොන්ගේ උරහිසෙන් අත් දෙක ගත්තා... පුන්චි ගල් පොත්ත හින්දා ජන්කුකුත් ටේහ්‍යොන්ගේ උසටම ඇවිත් තිබ්බා...
"මෙතන නිදහස් එහෙම නේද..."
"ම්ම්ම්ම්.. හ්ම්..."
ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් මිමිනුවා...
"අපි නිකන් වෙන ලෝකෙක තනි උනා වගේ... පාරේ යන වාහන වල සද්දෙ ඇහෙන්නේ නෑ.. කවුරුත් කතා කරනවා ඇහෙන්නේ නෑ.. කාටවත් අපිව පේන්නේ නෑ... මම කැමති මෙහෙම ඉන්න..."
ඇගේ වැදෙන පොඩි රැලි අතින් අල්ලන ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් යන්තම හිනා වෙලා ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග් මෙතනට ආවේ ටේහ්‍යොන්ග්ට ආස හිතුන හින්දා, ජන්කුක් හිතනවා වගේ දෙයක් හිතන්න් ටේහ්‍යොන්ග් කවදාවත් උත්සාහ කරේ නෑ... නිකන් ඉන ගාවට වතුර තියන තැනක ඉදන් ටේහ්‍යොන්ග්ට නිදහසක් දැනුනත් ජන්කුක් හිතපු දේවල් ටේහ්‍යොන්ග්ට හිතුනේ නෑ..
ටේහ්‍යොන්ග් අතට වතුර ටිකක් අරන් ජන්කුක්ගේ මූනට ගැහුවේ එක පාරටම ගැස්සිලා ජන්කුක් වතුරට වැටෙනකොට...
"ආර්හ්...ඉන්නවා තමුසෙට..."
අත පය ගසලා නැගිටලා ටේහ්‍යොන්ග්ව උපරිම හයියෙන් තල්ලු කරත් හිනා වෙවී හිටපු ටේහ්‍යොන්ග් නම් වැටුනේ නෑ පොඩ්ඩක් එහාට තල්ලු උනත්...
"වැටෙන් නෑ නේහ්..."
පිටිපස්සෙන් ටේහ්‍යොන්ගේ කරේ එල්ලිලා ටේහ්‍යොන්ග්ව වතුරට ඔබන්න පුලුවන් තරම් උත්සහ කරන ගමන් ජන්කුක් කෑ ගහනකොට එහාට මෙහාට වැනි වැනි ජන්කුක්ව වතුරට දාන ගමන් ටේහ්‍යොන්ග්නුත් වතුරේ දැගලුවේ දෙන්නත් එක්කම හයියෙන් හිනා වෙවී...
"ඔහ්.. ඔය ඔය.. ඒයී..ආආආ..ම්ම්ප්හ්හා..
පිටිපස්සෙන් ඇදලා එයත් එක්කම කොහොම හරි ටේහ්‍යොන්ග්ව වතුරේ ගිල්ලපු ජන්කුක් ලොකු වැඩක් කරා වගේ හයියෙන් හිනා වෙවී වතුරෙන් නැගිට්ටේ තමන්ගේ කටට ගිය වතුර එලියට දාන ගමන් ටේහ්‍යොන්ග්නුත් හිනා වෙවී නැගිටිනකොට...
තෙමිලා හින්දා ඉස්සරහට ආපු තඹ පාට කොන්ඩ කෑලි අතින් පිටිපස්සට කරන ගමන් ටේහ්‍යොන්ග් එකපාරටම ජන්කුක්ව උස්සලා අරන් වතුරේ එබුවේ ටේහ්‍යොන්ගේ ශර්ට් එක තදින් අල්ලගෙන ආයෙත් ටේහ්‍යොන්ග්වත් ජන්කුක් වතුරට ඇදලා ගන්නකොට...
ඔහොම සෑහෙන වෙලාවක් කලුවරේ වතුර මැදට වෙලා පොඩි දෙන්නෙක් වගේ කෑ ගහලා හිනා වෙවී සෙල්ලම් කරපු දෙන්නම වෙරළට ආවේ තෙත බේරේන ඇදුම් පිටින්මයි...
නටලා නටලා මහන්සියටම ටේහ්‍යොන්ග් වැල්ලේ අත පය දිගෑරලා හාන්සි වෙනකොට ජන්කුකුත් ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙන් හාන්සි උනා...
මුලු වෙලාවම වචනයක්වත් කතා නොකර වතුරේ තල්ලු කරගන්න ගමන් හිටිය දෙන්නම කරේ හයියෙන් හයියෙන් හිනා වෙන එක විතරයි.. පලවෙනි වතාවට දැක්ක ජන්කුක්ගේ ලස්සන හිනාව ආයේ ආයේ බලන්න වතුරේ නටපු ටේහ්‍යොන්ග් දැනුත් ජන්කුක්ගේ පැත්තට ඔලුව හරවගෙන යන්තම් හිනාවෙලා අහස දිහා බලන් ඉන්න ජන්කුක්ගේ මූන දිහා බලන් හිටියා...
"ලස්සනයි..."
"අහ්..."
ටේහ්‍යොන්ග් මුමුනනකොට ජන්කුක් තාමත් උඩ බලාගෙනම ඇහුවා..
"ම්ම්ක්හ්ම්.. අද අහස ලස්සනයි ... හද රවුමට තියනවා... "
උගුර පාදලා ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා...
"ඇයි මැරේජ් එකට අකමැති ..."
තවත් ටික වෙලාවකට පස්සේ ටේහ්‍යොන්ග් ඇහුවම තමන්ගේ හිනාව ඉබේම නැවතුන ජන්කුකුක් දිග හුස්මක් පාතට දැම්මා...
"මට කාවවත් මැරි කරන්න ඕනෙ නෑ..."
"ඒනම්.. ප්‍රපෝස් එක.. ඔයාට කියන්න් පුලුවන්නේ අකමැති ලියලා..."
ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් නිශ්ශබ්දවම හිටියා.. කියන්න ඕන උනත් කොහොමද කියන්නේ... මොනවද කියන්නේ.. ජන්කුක් නිශ්ශබ්දවම හිටියා...
"ඒක හරි ජොලි..."
ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් ඇස් දෙක ජන්කුක් පැත්තට හැරෙව්වා..
"ඒක හරි ශෝක් ... වතුරේ නටන එක ..."
ආයෙත් හිනාවෙවී ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ආසාවෙන් ඒ දිහා බලන් හිටියා...
"කියන්න එපා කවදාවත් වතුරේ නටලා නෑ කියලා..."
"නෑ තමයි ..."
හුස්මක් පාතට දාන ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් පුදුම උනා..
"අපි ඉස්සර හැමදාම මුහුදේ නටනවා.. එපා වෙනකන්.. මීට වඩා ගොඩාක් ඈතට ගිහින් .."
ඉස්සර මතක මතක් කරගෙන ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් නිශ්ශබ්දවම හිටියා... ඒ වගේ ලස්සන මතකයක් ජන්කුක්ට කොහෙත්ම හම්බෙලා තිබුනේ නෑ..
"අපේ ඔම්මට කියලා තමයි කොහොම හරි කෑම හදාගන්නේ.. ඔම්මත් බැන බැනම කෑම ගොඩාක් හදලා දෙනවා අප්පට හොරෙන්.. ඊට පස්සේ නටලා නටලා ආයේ යනකොටත් අප්පගෙන් බේරගන්නෙත් ඔම්මා..."
හිනාවෙවී ටේහ්‍යොන්ග් ලියනකොට ජන්කුක්ගේ ඇස් දිලිසෙනවා ටේහ්‍යොන්ග් දැක්කේ නෑ.. ජන්කුක්ට කවදාවත් එහෙම ඔම්මගේ සෙනෙහස ලැබිලා නෑ.. කවදාවත් යාලුවෝ එක්ක එහෙම ලස්සන මතක නෑ.. දැන් දුක් උනාටවත් වැඩක් තේරුමක් නැති මතක ගොන්නක් තමයි ජන්කුක් ගාව එකතු වෙලා තිබ්බේ...
.
.
.
.
ටික්කින් දෙන්නම හිටියේ තෙත ඇදුම් පිටින්ම වැල්ලේ ඉදගෙන කෑම කන ගමන්... ටේහ්‍යොන්ග් ගෙදරින් එනකොට ඔම්ම බලෙන් බොක්ස් වලට දාලා දුන්න කෑම ටිකේ වටිනාකම දැන් තමයි ටේහ්‍යොන්ග්ට දැනුනේ... කන්න් බෑ කියලා ජන්කුක් කොහොම යන්න හැදුවත් ටේහ්‍යොන්ගේ බල කෙරිල්ලට ජන්කුකුට කන්නම උනා...
ටේහ්‍යොන්ග් කෑවටත් වඩා හෙමීට හෙමීට කෑම එක රස බලන ජන්කුක් දිහා බලන් හිටියා කීවොත් හරි... මොකද ජන්කුක්ට කෑම දුන්නම පලවෙනි කට කාලා ඇස් දෙක වහගෙන හිටියේ මොනා හරි මතක් කරන්න වගේ... ඒ හින්දා වචනෙකින්වත් ජන්කුක්ට කරදර නොකරපු ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන ගමන් කෑම ගත්තා...
"ගොඩාක් රහයි... ගොඩ කාලෙකින් රහට කෑවා.. මින් මා ගේ කෑම මතක් උනා මට..."
බොක්ස් එක බිමින් තියන ගමන් ජන්කුක් කීවාම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ඔලුව වැනුවා... කෑමක් රස බලන්න ටේහ්‍යොන්ග් පුරිදු උනේ නෑ.. ඔම්මගේ කෑම ටේහ්‍යොන්ග් කෑවේ බල කිරිල්ලට .. ඔම්මගේ කෑම රස උනත් ඒක විශේශ කරලා ටේහ්‍යොන්ග් සැලකුවේ නෑ.. මොකද ඕන වෙලාවක ටේහ්‍යොන්ග්ට ඔම්ම ගාවට ගිහින් කෑම කන්න පුලුවන්නේ... ඒත් අද ජන්කුක් හෙමීට කාලා කෑම රසයි කියපු විදියට ටේහ්‍යොන්ග්ට දුක හිතුනා... ජන්කුක්ගෙන් කිසි දෙයක් එක පාරට ඇහුවට වැඩක් නෑ.. නැත්නම් ටේහ්‍යොන්ග් අහයි , ඇයි මින් මා කියන්නේ , ඔම්මා කොහෙද කියලා, ඇයි ගොඩ කාලෙකින් රසට කෑවා කීවේ කියලා... ඒ උනාට ඒ දේවල් අහලා ජන්කුක්ගේ මූනේ ඇදිලා තියන යන්තම් හිනාව නැති කරන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ...
"මගේ ගෙදරට ගිහින් චේන්ජ් කරන් යන්..."
.
.
.
.
.
.
________________________Dark_Sunshiner 🤍🥀
හලෝ.. කොහොමද ....
මෙක ලියලා තිබ්බ එකක් දෙන්න හිතුනා....
ආයේ ටිකක් පරක්කු වෙනවා...
Be happy ...
Be carefully ...
Lvu you...♥️⚘
Thanks for reading..♥️
To be Continued...
2023/01/13
Bạn đang đọc truyện trên: AzTruyen.Top