|08|

"ඇයි.. ජන්කුක් කොහෙද ගියේ.. ඇයි මේ දාඩිය දාලා..."

එලියේ බිත්තියට හේත්තු වෙලා හිටපු ජන්කුක් ගාවට ඇවිත් ජිමින් ඇහුවේ තමන්ගේ සාක්කුවෙන් ගත්තු ලේන්සුවක් ජන්කුක්ගේ අතේ තියන ගමන්...

"මුකුත් නෑ..."

ආයෙත් ලේන්සුව ජිමින් අතටම දෙන ගමන් ජන්කුක් එතනින් ඇතුලට දුවලා ගියා.. එතනම නැවතිලා පඩිපෙල නැගගෙන උඩට එන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටපු ජිමින් ටේහ්‍යොන්ග් ගාවට ලන් උනේ තරහින්...

"තමුන් ජන්කුක්ට මොනවාද කීවේ..."

ජිමින් කෙලින්ම ඇහුවාම ටේහ්‍යොන්ග් බලන් හිටියේ මේ මොකද වගේ...

"මං මොනවා කියන්නද..."

"කීව එක තමයි ඇහුවේ.. ඒනම් අර විදියට ගියේ මොකද මං ඉස්සල්ල දැක්කා තමුන් ජන්කුක්ව ඇදන් එලියට එනවා... "

ඇගිල්ලකුක් දික් කරන් ජිමින් කෑ ගැහුවාම ටේහ්‍යොන්ග් කටිනුත් කරදරකාරී සද්දයක් පිට කරලා එහාට උනා...

"ඒනම් ඒක එයාගෙන් අහගන්න.. මෙතන මට කෑ ගහන් නැතුව.. "

ටේහ්‍යොන්ග් කෙලින්ම ඇවිත් එයගෙ වාහනේට නැග්ගා...

ටේහ්‍යොන්ග් ගියාම ජිමින් උඩට දුවලා ගියත් ජන්කුක් කාමරේ දොර ලොක් කරන්... ජිමින් ජන්කුක්ට කරදර නොකර එතනින් ආවෙ ටිකකින් කතා කරන්න...

.

.

.

"ම..මන්.. හිතන දේවල් කවදාවත් වෙන් නෑ... හැමෝම දෙන්නේ බලාපොරොත්තු නොවෙන දේවල්.. හරියට මගේ දුර්වල තැනම තුවාල කරනවා වගේ..."

සුදු පාට ඇදේ පෙරලිලා සිවිලිම දිහා බලාගෙන ජන්කුක් මිමිණුවේ හදවත ඇතුලෙන්ම ආපු වේදනාවෙන්...

.

.

.

.

.
තනි සුදු පුවරුව පුරාම කිසිම රටාවක් නැතුව ඇදුනු රතු පාට කලු පාට පින්සල් ඉරි වලින් වැහිලා තිබුනා... ඊට එහා පැත්තෙන් තීන්ත බේරෙන පින්සල අතේ තියාගෙන බිම ජන්කුක් ඉදගෙන හිටියා... පුවරුවේ කිසි දෙයක් ලස්සන උනේ නෑ.. වේදනාවෙන් අදින ඉරි ලස්සන වෙන්න පුලුවන්ද... වේදනාවෙන් අදින සිතුවම් ලස්සන වෙන්න පුලුවන්ද... බැලූ බැල්මට නම් එහෙම තමයි , ඒත් කවුරුත් නොදන්න දේවල් වැහිලා තිබ්බා ගොඩාක්...

බිම වැතිරිලා හිටපු ජන්කුක්ගේ සුදු පාට කමිසේ පුරාම තීන්ත විසිරිලා තිබ්බා... පැත්තකට බර වෙමින් තිබුනු මූනේ විසිරුනු තීන්ත අතරින් පුන්චි කදුලු බින්දුවක් රූටගෙන් බිමට වැටුනේ අතේ තිබුනු පින්සල බිමට වැටෙන ගමනුයි... තාමත් වේලුනු නැති පුවරුවේ වැඩි තීන්ත පහලට ගලාගෙන ඇවිත් ජන්කුක්ගේ සුදු කමිසේ උඩට වැටුනේ කමිසෙට යටින් තිබුනු සියුමැලි හමත් තෙත් කරලා...

ඇත් පියවෙන නොපියවෙන අතරේ හිටපු ජන්කුක් ගැස්සිලා තමන්ගේ අත් දෙකෙන්ම තමන්ව කවර් කරගත්තේ බිම දිගේම පිටිපස්සට රූටන ගමනුයි... අදුරේ දිලිසෙන ඇස් වල බය පිරිලා තිබ්බා... තොල් දෙක එකට ගැහෙන ගමන් පිටිපස්සට ඇදිලා බිත්තියේ අදුරු මුල්ලට හේත්තු උන ජන්කුක් කකුල් දෙක නමලා ඒ අතට ඔලුව තියාගෙන අත්දෙකෙන්ම ඔලුව කවර් කරගත්තේ මොනවාම හරි දේකට බයෙන්...

"මු..මුකුත් කරන්න එපා... අනේ...මට බ..බයයි.. මු..මුකුත් එ..එපා.."

ඇඩෙන හීනි කටහඩකින් තාමත් හැන්ගිලා ඒ වචන ටික මුමුනන ජන්කුක්ගේ ඇග ගැහුනේ සීතලට නෙවෙයි...ටිකකින් ගැහෙන ගතිය නතර වෙලා ජන්කුක් නිශ්චල උනේ තාමත් තීන්ත බින්දු බිමට වැටෙන සද්දෙන් විතරක් මුලු කාමරේම දෝංකාර දෙද්දියි...

.

.

.

.

අදත් ජන්කුක් සුපුරුදු විදියටම ස්ක්‍රීන් ටික ඉස්සරහ වාඩි වෙලා හිටියා... අදත් ගැලරි එක ඇරලා තිබ්බේ... මිනිස්සු එහෙට මෙහෙට යන ගමන් හැමදේම රසවින්දා... ටේහ්‍යොන්ග්ව අන්තිමට හම්බෙලා දැන් මාස දෙකක් විතර ගිහින් තිබ්බා... ටේහ්‍යොන්ග්ව දකින්න හම්බෙන්න ජන්කුක්ට උවමනා උනත් ආයෙත් ටේහ්‍යොන්ග් බලාපොරොත්තු වෙන විදියට ටේහ්‍යොන්ග්ව මුණගැහෙන්න ජන්කුක් බලාපොරොත්තු උනේ නෑ...ජන්කුක් දන්නවා ටේහ්‍යොන්ගේ හැටි,,, ටේහ්‍යොන්ග් ඒ වගේ තමයි කියලත් ජන්කුක් දන්නවා , ඒත් ජන්කුක් අකමැති උනා... ජන්කුක්ට ඒ වගේ දේකට කැමති වෙන්න තරම් හේතුවක් නෑ...

"ජන්කුක්...."

ජිමින් ඇතුලට එන ගමන් හිමින් කතා කරා... ඒකට ජන්කුක් උත්තරයක් දුන් නෑ... දැන් ඉස්සර තරම්වත් ජන්කුක් කතා කරන් නෑ..

"ජන්කුක් කෑම ගෙනාවා මම... අද කන්නම ඕනෙ ඔයා..."

එහෙම කියලා ජිමින් දොර වහගෙන එලියට ආවා... ජන්කුක් කෙට්ටු වෙලා... පිරිලා තිබුනු කම්මුල් බැහැලා ගිහිල්ලා.. ජිමින් ඒවට හේතුවක් දන්නේ නම් නෑ, ඒත් ඒකට හේතුවක් ජන්කුක්ගෙන් ඇහුවට ජන්කුක් කියන්නෙත් නෑ...

හවස් වෙලා තිබුනා... පාකින් ලොට් එකේ වාහනයක් නවත්තනකොට , ජන්කුක් ඉදගෙන හිටපු තැනින් නැගිටලා කෝට් එකත් ඇදගෙන කාමරෙන් එලියට ඇවිත් වහලා තිබුනු කාමරේ ඇතුලට ආවා... ඇතුලෙන් එන නැවුම් සුවදින් තමන්ගේ හුස්ම පුරවගත්තු ජන්කුක් පටන් ගන්න තැන ඉදන් බිත්තිය දිගේ ඇවිදගෙන ගියා... හැරුනේ නැතත් දොරෙන් කවුරුහරි බලාපොරොත්තුවෙන් ජන්කුක් හිටියේ... හිතුවා වගේම ටිකකින් දොර ඇරිලා ටික වෙලාවකින් වැහෙන සද්දේ ඇහුනා... ඒත් ජන්කුක් කවුද කියලා බලන්නේ නැතුව ඉස්සරහ බලාගෙනම හිටියා, ජන්කුක්ට ඒ කවුද කියලා බලන්න ඕනෙ උනේ නෑ , මොකද ඒ කවුද කියලා දැනටමත් ජන්කුක් දන්නවා...

ඇතුලට ආව ටේහ්‍යොන්ග් පුදුම උනා, කවදාවත් නැතුව ඒ කාමරේ තවත් කෙනෙක් හිටියා.. කවුරු හරි ඇවිත් ඉන්නවා දැකපු පලවෙනි වතාව... ටේහ්‍යොන්ග් සද්ද නැතුව බිත්තිය දිගේම ඇවිදගෙන ඇවිත් අලුතෙන් එකතු වෙලා තිබ්බ චිත්‍රෙ ගාව ජන්කුක්ට එහා පැත්තෙන් හිටගත්තා... එතකොටයි ටේහ්‍යොන්ග් ඒ ජකුක් කියලා දැක්කේ... ඒත් ජන්කුක්ට කතා කරන්න කරදර නොවී ටේහ්‍යොන්ග් අලුත් එකතුව දිහා බලන් හිටියා...

"ගොඩ දවසකින්...."

උගුර පාදලා ටේහ්‍යොන්ග් කතා කරාම ජන්කුක් හිනාවක් නැති මූනින්ම ටේහ්‍යොන්ගේ ඇස් දිහා බැලුවා...

"ඉතින්.. ජන්කුක් මේ වගේ දේවල් වලට කැමති කෙනෙක්ද... "

තවමත් වචනයක්වත් කතා නොකරපු ජන්කුක්ගෙන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් කට කොනින් හිනා උනා...

"මොනවගේ දේවල්ද මිස්ටර් කිම්...."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් නිශ්ශබ්දව හිටියා... ඒකට හරියටම වචනයක් නෑ...

"මේකෙ තියන වෙනස් දේවල් වලට..."

ටේහ්‍යොන්ග් ආයෙත් ඇහුවා..

"මිස්ටර් කිම් කැමතිද, මෙතන දේවල් වලට..."

"කැමතිද නැද්ද කියලා හරියටම උත්තරයක් දෙන්න බැරි උනත් මේ දේවල් වලට අමුතු කුතුහලයක් ඇති වෙනවා මට.... "

ටේහ්‍යොන්ග් වටේටම ඇස් යවන ගමන් අවන්ක කටහඩකින් කියනකොට ජන්කුක් නිශ්ශබ්දවම හිටියා .. ටිකකින් ජන්කුක් එහා පැත්තට හැරිලා අලු පාටින් තිබුන ඝණකම් උස තිර රෙද්ද අල්ලල දෙපැත්තට ඇරියේ අදුරේ ගිලිලා තිබ්බ කාමරේ නුපුරුදු එලියකින් එලිය කරලා...

ටේහ්‍යොන්ග් ටිකක් පුදුමෙන් බලන් හිටියා.. මොකද මෙතනට ආවට ටේහ්‍යොන්ග් කවදාවත් ඒ දේ උත්සහ කරේ නෑ... මොකද ඒකට අවසරයක් තියෙන බවක් තිබ්බේ නෑ... අනික ඒ කාමරේට අදුර ඕනවාටත් වඩා ගැලපුනා කියලයි ටේහ්‍යොන්ග්ට හිතුනේ...

"ඕක වහන්න..."

ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් ටේහ්‍යොන්ග් ගනන් ගන්නේ නැතුව හිටියා...

"මම හිතන් නෑ මේකේ තිර රෙදි අරින එක හොදයි කියලා... මේකේ අයිතිකාරයා කැමති වෙන එකක් නෑ ඒකට..."

ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් ඇහි බැමක් උස්සලා බැලුවා...

"එහෙම කීවද, මිස්ටර් කිම්ට..."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් නිහඩවම හුස්මක් පාත දැම්මා...

"කියන්න ඕනෙ නෑ.. මන් එන කවදාවත් තිර රෙදි ඇරලා තිබ්බේ නෑ... මට කවදාවත් එයාව හම්බෙලාත් නෑ... අනික තිර රෙදි වහලා තියෙනකොට මේකට ගැලපෙන්නේ එහෙම තමයි... එලිය මේකේ තියන හැගීම විනාශ කරනවාට මම කැමති නෑ..."

ටේහ්‍යොන්ග් තදින් වගේ කියනකොට ජන්කුක් හිනා උනා....තවත් වතාවක් හිනා වෙලා ඉතුරු තිර රෙද්දත් ඈතට ඇදලා දාලා උස වීදුරුව ගාවින් හිට ගත්තා... ජන්කුකුගේ මූනට වැටුන කෙස් රැලි හවස රතු පට ඉර එලියෙන් දිලිසුනා.... අලු පාට ඇස් ගොඩාක් ලස්සනට පෙනුනා...

"මිස්ටර් කිම් හිතන්නේ එලිය කියන්නේ හැගීම් විනාශ කරන දෙයක් කියලාද..."

ටිකක් නිශ්ශබ්දව ඉදලා ජන්කුක් අහනකොට ටේහ්‍යොන්ග් බලාගෙන හිටපු විදියටම ජන්කුක්ගේ ඇහැට උඩින් වැටිලා තිබුන කෙස් රැල්ල දිහා බලාගෙන හිටියා....

"නෑ මම එහෙම කියන් නෑ... ඒත් එහෙම වෙන්න පුලුවන් තැන් තියනවා..."

"සමහර විට මේ කාමරේ කැමති නැතුව ඇති අදුරේ ඉන්න, අදුර කියන්නේ මේ කාමරේට ගැලපෙනම දේ උනත්..."

ජන්කුක් කීවාම ජන්කුක්ගේ හෙලවෙන චෙරි පාට තොල් දිහා බලාගෙන හිටපු ටේහ්‍යොන්ග් කල්පනා කරා...

"ගැලපෙන නොගැලපෙන දේ තීරනේ කරන්න අයිතිකාරයට අයිතිය තියනවා... ඒක අදුරද එලියද කියලා තීරනේ වෙන්නෙ කැමැත්ත මත..."

"හැමකෙනාටම ගැලපෙන දේත් එක්ක තමන් කැමතිම දේ තෝරගන්න පුලුවන් නම්, අවශ්‍යතා ඕන වෙන්නේ නෑනේ...ඇයි ඒනම් මෙච්චර දේවල් පස්සෙන් යන්න උවමනාවක්..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් කීවේ යන්තම් හිනා වෙන ගමන්...

"සමහර විට මේ කාමරේ ස්තූති කරයි මට , එයා කැමති දෙයක් මොහොතකට හරි දුන්නට...."

ආයෙත් තිර රෙදි වහලා දාන ගමන් තවත් මොහොතක්වත් රැදෙන් නැතුව ජන්කුක් එලියට ආවේ, තාමත් වැහුන තිර රෙදි නිසා අදුරු උන කාමරේ ටේහ්‍යොන්ග් තනි වෙනකොට....

අලුත් චිත්‍රෙ දාරය දිගේ තමන්ගේ ඇගිල්ලක් අරන් ගිය ටේහ්‍යොන්ග් පහලට බේරුන තින්ත පාරක් දිගේ ඇගිල්ල අරගෙන ගියත් අන්තිමට බෝල වෙලා වේලිලා තිබුන කලු පාට තින්ත බින්දුව ඇතුලේ තිබුන තින්ත ටිකක් ටේහ්‍යොන්ගේ ඇගිල්ලේ ගෑවුනා...

"ශ්... මම ඒක විනාශ කරාද...."

කලු පාට තින්ත ටික තමන්ගේ ඇදුමේ පිහදාගන්න ගමන් ටේහ්‍යොන්ග් මිමිණුවා...

විනාශ උන දේක තවත් විනාශ වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඕනනම් ඒ දේවල් වලින් අලුතින් නිර්මාණය කරන්න පුලුවන්....!

.

.

.

.

.

_______________________Dark_Sunshiner 🤍🥀


ගොඩක් දවසකින්....

Merry Christmas....! 💫🤍♥️⚘ 🎅

Thanks for Reading..... ❤️

To be Continued.....

•°•°•°•°•°•°•

Who understands your feelings... Love yourself as much as you can..

•°•°•°•°•°•°•

2022/12/24

Bạn đang đọc truyện trên: AzTruyen.Top