|05|
"උබලා මොකක් කරනවා කියලාද හිතන් ඉන්නේ..."
පිටිපස්සෙන් ඇහුන කටහඩට හැමෝම නැවතුනේ තාමත් තමන්ලා පැත්තට එල්ලවෙලා තියන ලොකු වාහන එලියේ අමාරුවෙන් කවුද කියලා බලන ගමන්....අමාරුවෙන් ඇස් වලට උඩින් අත අල්ලන ගමන් එක්කෙනෙක් ඉස්සරහට ආවා...
"මොකද උබටත් මැරෙන්න ඕනෙද... වදයක් නොවී යන්න ආපු දිහාට යනවා... "
කෑ ගහලා කියනකොට වාහනෙන් එලියට එක අඩියක් විතරක් තියලා ඉස්සිලා හිටපු ටේහ්‍යොන්ග් වාහනෙන් බැස්සේ සද්දෙට දොර වහන ගමන්...
"මට නම් යන්න පුලුවන්.. ඒ උනාට උබලාගෙ කතාවටනම් නෙවෙයි වගේ වැඩ... කොන්දක් ඇතුව පාරේ යන මනුස්සයෙක්ට යන්න දීපන්..."
කට කොනින් හිනා වෙන ගමන් අත් දෙක එකට අතුල්ලලා ටේහ්‍යොන්ග් කීවේ තාමත් අහුවෙලා ඉන්නේ කාවද කියලා දන්නේ නැතුව...
"මොකක්ද තෝ යකෝ කීවේ.."
තරහින් අර මනුස්සයා ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙනකොට අත මිටිමොලවලා ටේහ්‍යොන්ග් අර මනුස්සයාගේ මූනට ගැහුවේ හිතන්නවත් වෙලාවක් නැතුව අර මනුස්සයා බිමට වැටෙනකොට...ඒ පාරට කලබල උන උන් ටේහ්‍යොන්ගේ පැත්තට එනකොට තවමත් ජන්කුක්ව තද කරලා අලාගෙන හිටපු මනුස්සයා ජන්කුක්ව උස්සගෙනම වාහනේ ඇතුලට එබුවේ ජන්කුක් කකුල් දෙකත් ගස ගස යන්න දගලනකොට...
ටේහ්‍යොන්ග් වීරයා වගේ ගහගන්න පටන් ගත්තට යුන්ගිව දාලා ආපු එකට දුක් උනේ වාහනේ අස්සේ කලුවරේ ඉදන් එලියට එන උන් දැක්කම...මිටි මොලවලා ගහපු තමන්ගේ අත දිහාම බලලා ඔලුව වනපු ටේහ්‍යොන්ග් ලගට ආපු මනුස්සයාටත් ඒ අතින්ම පාරක් ගැහුවා ඒ මනුස්සටාගෙනුත් කටින් ලේ පාරක් බේරෙනකොට... ඒත් ඒ පාරින් වැටුන් නැති හැඩි දැඩි මනුස්සයා ටේහ්‍යොන්ග්වත් අල්ලගන්න හදනකොට කකුල පටලවලා ඒ මනුස්සයාව බිම දාපු ටේහ්‍යොන්ග් වාහනේ ගාවට දුවන් ඇවිත් වාහනේ ගාව ජන්කුක්ව හිර කරපු මනුස්සයාව තල්ලු කරලා උගේ කකුල් දෙක අතරට පයින් පාරක් ගැහුවේ ඒ මනුස්සයා අමාරුවෙන් බිමට වැටෙද්දියි... ඒ ඉක්මනටම ජන්කුක්වත් ඇදලා ගත්තේ මූන දිහාවත් බලන්න පරක්කු නොවී...
හැබැයි ජන්කුක්වත් ඇදන් අනිත් පැත්ත හැරෙනකොටම කටිනුත් ලේ පෙරාගෙන කකුල් දෙක අතරත් අල්ලගෙන තැන් තැන් වල ඉදන් ඒ දෙන්න දිහා බලන් උන් ටික දැක්කම කෙලත් ගිලුනේ මේ තරම් සෙට් එකක් එක්ක ගහගන්න අමාරුයි කියලා තේරුම්ගන්න එච්චර වෙලාවක් ගියේ නැති හින්දා... අනවශ්‍ය කරදරේකට පැටලුන එකට දුක් වෙන ගමන් තමන් ගාව ඉන්න මනුස්සයා දිහා බැලුවාමනම් ටේහ්‍යොන්ගේ පසුතැවිල්ල වාශ්ප වෙලා ගියේ මූනත් රතු කරන් ඇස් බෝල කරන් බය වෙලා බලන් ඉන්න ජන්කුක්ව දැක්කම...
"ඔයා..."
"ඔයා..."
දෙන්නම එක පාරටම කීවේ විශ්වාස කරන්න බැරි උන හින්දා..පොඩ්ඩක් ඉන්න... ජන්කුක් එයාව දන්නවද ... ඒ අස්සේ ටේහ්‍යොන්ග්ට මතක් උනේ ඒක... ටේහ්‍යොන්ග් නම දන් නැති උනාට මේ කියුට් බෝයිව මතකයි...
"ඔයා.. මාව දන්නවද..."
ටේහ්‍යොන්ග් ඇහුවේ පුදුම වෙලා...ඒකට එක පාරටම ඇරන් හිටපු කට තද කරලා වහගත්තු ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ තව පොඩ්ඩෙන් ඔක්කොම මාට්ටු හින්දා...
"ඔහ්.. නයිට් ටු මීට් යූ.. මන් කිම් ටේහ්‍යොන්ග්..."
ඉස්සරහට වැටුන තඹ පාට කොන්ඩෙ පිටිපස්සට කරන ගමන් ටේහ්‍යොන්ග් කීවේ අතත් ඉස්සරහට දික් කරලා...ඒකට ප්‍රතිචාරයක් දුන්නේ නැති ජන්කුක් ටේහ්‍යොන්ග් දිහාම බලන් හිටියේ ටේහ්‍යොන්ග් ලගට කොච්චර කඩවසම්ද කියලා හිතින් අගය කරන ගමන්... එතකොට ඉස්සරටත් වඩා තාමත් එහෙමමයි.. ගොඩාක් කඩවසම්...!
"නවත්තගනිල්ලා... මුන් දෙන්නවම දාගනියව්..."
මේ දෙන්නගේ ඩ්‍රාමා එක දිහා මෙච්චර වෙලා බලාගෙන ඉදලා බැරිම තැන කෑ ගැහුවේ කට්ටිය දෙන්නගේ ලගට් එන ගමන්.. ඇවිත් පිටිපස්සෙන්ම ටේහ්‍යොන්ගේ අත් දෙක තද කරලා අල්ලගන්නකොට සිහියට ආපු ජන්කුක් ටේහ්‍යොන්ගේ උරහිසෙන් අත් දෙක තියලා උඩ පනින ගමන් එතන එහා පැත්තේ මනුස්සයාගේ මූනට කකුලෙන් ගැහුවේ ඒ මනුස්සයා කැරකිලා බිම වැටෙනකොට... දෙන්නගෙම සපෝට් එකෙන් එතන උන් ටිකට බාගෙට සලකලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් ඇදන් එයාගෙ වාහනේට දිව්වේ අනිත් උන් අමාරුවෙන් නැගිටිනකොට... හිත හිත ඉන්න වෙලාවක් ගත නොකර ජන්කුක්ව පැසෙන්ජර් ශීට් එකට නග්ගවලා අනිත් පැත්තෙන් නැග්ග ටේහ්‍යොන්ග් වේගෙන් වාහනේ හරවලා එන්න ගත්තේ ඉන්දුන විදියටම ජන්කුක් ගල් වෙලා බලන් ඉන්නකොට... වේගෙන් ඇවිත් අතුරු පාරකින් බීච් එක අයිනෙන් තිබ්බ පාර දිගේ යන්න ගත්තේ වේගේ ටිකක් අඩු කරලා දැන් පැන්නුවත් එයාලාව හොයාගන්න බෑ කියලා ටේහ්‍යොන්ග් දන්න හින්දා...
"ඔයා කොහෙද ඉන්නේ..."
ටේහ්‍යොන්ග් ඇහුවේ තාමත් නිශ්ශබ්දව ඉන්න ජන්කුක්ගෙන්.. ජන්කුක් ගෙදරත් නොයා ගැලරි එකට යන්න හැදුවේ ටේහ්‍යොන්ග් නොදන්නවා උනත් ටේහ්‍යොන්ග් හින්දම නොසන්සුන් උන හිත සන්සුන් කරගන්න... ඒත් දැන් ටේහ්‍යොන්ග් එක්ක එතනට යන්න ජන්කුක්ට ඕනෙ උනේ නෑ...
"මගෙ බයික් එක ඕනෙ... "
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවේ තියුනු බැල්මක්...
"දැන් එක පාරක් එතනින් බේරිලා ආවා මදිද... ආයෙත් එතනට යන්න හදන්නේ.. තනියම යන්න බැරි නම් රෑ වෙලා රවුම් නොගහා ඉන්න ඕනේ..."
මීට ගොඩ කාලෙකට කලින් නම් මේ විදියේ දෙයක් ඇහෙනකොට, තමන් ගැන වද වෙන කතාවක් ඇහුනාම , ඊට වඩා දෙයක් නැති විදියට ජන්කුක් සතුටු වෙන්න තිබ්බා... ඒත් දැන් උනේ ජන්කුක්ට තරහා ගිය එක..
"මට.. උපදෙස් ඕනේ නෑ කාගෙන්වත් , මට පුලුවන් මං ගැන බලාගන්න , මම බබෙක් නෙවෙයිනේ..."
කේන්තියෙන් අහක බලාගන්න ගමන් ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙක රෝල් කරේ මුමුණන ගමනුයි...
"මං ආවෙ නැත්නම් බලාගන්න තිබ්බා තනියමම බලාගන්න විදිය... මස්ල් බේබි..." ..කොහෙද කියලා කීවේ නැත්නම් අරන් යනවා මගෙ ගෙදරට , අවුලක් නැත්නම් මටත් අවුලක් නෑ..."
කට කොනින් හිනා වෙලා ටේහ්‍යොන්ග් කියනකොට තවත් තරහෙන් මූන රතු කරගත්ත ජන්කුක් ටේහ්යොන්ග්ට් රැව්වේ, ටේහ්‍යොන්ග්ට අනුවනම් කියුට් බබෙක් රවන දිහා ටේහ්‍යොන්ග් බලන් ඉද්දි...
"මම මෙතනින් බහිනවා ..."
තමන්ගේ ගෙදර තියන තැන කියන්න අකමැති උන ජන්කුක් එලෝ මෙලෝ නැතුව මුහුද අයිනේ පාර මැද නවත්තන්න කීවේ ටේහ්‍යොන්ග් ඩ්‍රයිව් කරන ගමන්ම බෙල්ල හරව හරව මෙතන ගෙවල් තියනවදා කියලා බලද්දි...
"සුවර්ද...?"
"ඔව්..."
"අහ් .. හරි ඒනම්..."
කියන ගමන් එතනම ටේහ්‍යොන්ග් වාහනේ නැවැත්තුවාම ජන්කුක් වාහනෙන් බැස්සා...ජන්කුක් ස්තූති කරන්න උනන්දු උනේ නෑ වගේම ටේහ්‍යොන්ග් එහෙම දෙයක් අහන්න ඉන්නෙත් නැතුව වේගෙන් එතනින් ගියේ ජන්කුක් පාර මැද හිටන් බලන් ඉන්නකොට...
දැන් ජන්කුක්ට මෙතන ඉදන් තමන්ගේ ගෙදරට ගොඩාක් දුරයි.. ඒත් දැන් මෙතනින් එහාට යන්න විදියකුත් නෑ.. ජිමින්ට කතා කරන්න පෝන් එක ගත්තත් ඒකට සිග්නල් තිබ්බෙත් නැති තැන ජන්කුක් එතනින්ම පාර අයිනේ තිබ්බ ලොකු ගල් දිගේ පහලට බහින ගමන් වෙලරට ගියේ සීතල හුලගට උරහිස් අකුලන ගමන්...
කලුවර පාලු මුහුදේ හුලගට අකීකරු රැල්ල පාගන ගමන් ජන්කුක් ඔහේ හිටියේ වෙලාවක් ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව.. පිටිපස්සෙන් තවත් ඇස් දෙකක් එයා දිහා බලන් ඉන්නවා කියලා ජන්කුක් දැක්කේ නෑ.. මේ ගෙවල් නැති මහ මුහුද අයිනෙන් තමන්ව බස්සන්න කීවෙ ටේහ්‍යොන්ග්වත් විශ්වාස නැති හින්දා කියලා තේරුම්ගන්න ටේහ්‍යොන්ග්ට මහා වෙලාවක් ගියේ නෑ.. ඒ වගේම එහෙම තනියම දාලා යන්නත් හිතක් ටේහ්‍යොන්ග්ට තිබ්බේ නෑ... ඉතින් ටිකක් එහායින් වාහනේ නවත්තලා ටේහ්‍යොන්ග් ඇවිදගෙන එනකොට දැක්කේ අත් දෙකත් පපුවටම බැදගෙන රැලි මැධ හිටගෙන බිම බලන් ඔහේ කල්පනා කරන ජන්කුක්ව... ටිකක් සද්ද නැතුව බලන් හිටියත් ජන්කුක් ගොඩාක් වෙලා ඉදන් එහෙමම හින්දා ටේහ්යොනුත් පරිස්සමට ගල් දිගේ බැහැලා වෙරලට ආවා...
"මුහුදෙද ඉන්නේ... සයිරන් කෙනෙක්ද..."
කන ගාවින්ම ගැඹුරු කටහඩක් ඇහුනම ජන්කුක් ගැස්සිලා පිටිපස්ස හැරුනා.. තමන්ගේ මූන ගාවටම ලන් වෙලා ඉන්න තියුණු ඇස් දෙක දැක්කම ආයෙත් ඈත බලාගත්තේ ගනන් ගන් නැතුව..
"එහෙමද..."
ආයෙත් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් කේන්තියෙන් ඇස් දෙක පියාගත්තා..
"ඔව්.. එහෙම තමයි... ඇයි දැන් මොකක්ද වෙන්න ඕනේ... ගෙයක් නැද්ද මගෙ පස්සෙන් කැරකෙන්නේ..."
කේන්තියෙන් ජන්කුක් අහනකොට ජන්කුක්ගේ පිම්බුන කම්මුලක් ටේහ්‍යොන්ග් තමන්ගේ ඇගිලි දෙක්කින් තද කරලා ඇල්ලුවේ ජන්කුක්ට රිදෙනකොට...
"සද්දෙන් කතා කරන්න එපා මට ම්ම්ම්... තමුන් මෙතන තනියම හින්දා මම ආයෙත් ආවේ.. මොකද ඉස්සල්ල වෙන්න ගිය දේ එච්චර හොද දෙයක් නෙවෙයි... සද්ද නොකර ගිහින් වාහනේට නගිනවා මම ගෙනිහින් දාන්නම්.."
ඇගිලි දෙක තව තද කරලා අත අරින ගමන් ටේහ්‍යොන්ග් ගැඹූරු කටහඩකින් කීවේ ජන්කුක් හිරි වැටෙනකොට...ඒත් ජන්කුක් තවත් යන්න ලෑස්ති නෑ... ටිකක් එහාට වෙලා ජන්කුක් අනිත් පැත්ත හැරෙනකොටම තමන්ගේ ඉන වටේ තදින් අතක් එතිලා ඉස්සෙනවා වගේ දැනෙනකොට ආයෙත් බය වෙලා දැගලුවා...
"එන්න බැයිනම් බලෙන් අරන් යන්න වෙනවා.. තමුන් මෙතන දිය වෙනකන් හිටියට මට ඒවට වෙලාවක් නෑ..."
ටේහ්යොනුත් කෑ ගහන ගමන් දගලන ජන්කුක්ව එක අතකින් තද කරන් කිහිල්ලේ ගහන් වගේ උස්සගත්තේ ජන්කුක්ට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙනකොට...
"හරි.... මන් එන්නම් මාව බිමින් තියන්න..."
ජන්කුක් අපහසුවෙන් කියනකොට ටේහ්‍යොන්ග් හෙමීට ජන්කුක්ව බිමින් තියලා ආයෙත් ඇවිත් ගල් දිගේ නගිනකොට ජන්කුකුත් පස්සෙන් නැග්ගා... ටිකක් එහායින් නවත්තලා තිබ්බ වාහනේ පැසෙන්ජර් ශීට් එකේ දොර ජන්කුක්ට ඇරලා දීලා ටේහ්‍යොන්ග් එහා පැත්තෙන් නැගලා ස්ටාර්ට් කරේ ජන්කුකුත් නැගලා ඉදගන්නකොට...
"දැන්.. කොහෙටද යන්නේ..."
ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් වෙන විසදුමක් නැති හින්දා ටේහ්‍යොන්ග්ට ඇඩ්රස් එක කීවා... ටිකකින් ජන්කුක්ගේ ගෙදර ගේට් එක ගාවින් වාහනේ නැවැත්තුවාම ජන්කුක් ඉක්මනට වාහනෙන් බැස්සා... බැහැලා ඇතුලට යන්න හැදුවත් ආයෙත් නැමිලා ග්ලාස් එකට තට්ටු කරාම බලාගෙන හිටියා වගේ ඉක්මනට ටේහ්‍යොන්ග් ග්ලාස් එක පාතට කරා...
"ම්ම්..තැන්ක්යූ මාව ආයෙත් බේරගත්තට..."
ඉක්මනට කීව ජන්කුක් ගේට් එක ඇරන් ඉක්මනට ඇතුලට ගියේ හිතන්නවත් කාලයක් ඉතුරු නොකර..
"ආයෙත්...? වැරදිලා වෙන්න ඇති... මේ කොල්ලා නමවත් කීවේ නෑනේ..."
ග්ලාස් එක වහන ගමන් වැහුන ගේට් එක දිහා බලන් මුමුනපු ටේහ්‍යොන්ග් වාහනේ ආයෙත් හරවන් එන්න ගත්තා...
.
.
.
.
"මොකද උබ හිනාවෙන්නේ...."
යුන්ගි ඇහුවේ කෝප්පෙත් අතේ තියන් කට කොනින් හිනා වෙන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන...
"උබට තනියම හිනාවෙන්න ඕනෙනම් මට එන්න කියන් නැතුව ඉන්න තිබ්බ.. මේ පාන්දර.. උබ දන්නවද මේ ටික විතරයි මට නිවාඩු... ඒ නිවාඩු දවසත් තෝ වෙනුවෙන් කැප කරන්න වෙලා මට.. ටිකක් නිදාගන්න දෙන් නෑ එකෙක්වත් මට... මටත් කියපන්.. මාත් හිනා වෙන්න දන්නවා..."
බලන් ඉදලා බැරිම තැන යුන්ගි එයාගෙ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරේ ,කාලෙකින් එක දිගට කතා කරන යුන්ගි දිහා ටේහ්‍යොන්ග් කට ඇරන් බලන් ඉන්නකොට..
"අර කියුට් බෝයි..."
ආයෙත් මාතෘකාවට ඇවිත් ටේහ්‍යොන්ග් කතා කරාම යුන්ගි මුකුත් දන් නැතුව ඔලුව වැනුවා...
"කවුද කියුට් බෝයි.. මොකක් ගැනද කියන්නේ.."
"ඇයි බල්ලෝ ඊයේ රෙස්ටුරන්ට් එකේදි මම කීවේ..."
"අහ්.. ඉතින්.. මොකද උනේ.. හම්බුනාද.."
යුන්ගි ඇහුවාම ටේහ්‍යොන්ග් ඊයේ උන විස්තරේ යුන්ගිට කීවා..
"දැන් ඕකේ මොකේටද උබ හිනා උනේ..."
"මොකේටවත් නෙවෙයි... කියුට් උනාට මස්ල් බේබි කෙනෙක් එයා... නම අහගන්නත් බැරි උනා..."
ඇස් දෙකත් පියන් ටේහ්‍යොන්ග් කියනකොට සීතල වෙලා තියන තේ එක උගුරට බීව යුන්ගි එතනින් නැගිට්ටේ හයියෙන් ඒක මේසෙ උඩ තියන ගමන්...
"අනිත් දවසේ, පෝන් එක කියලා දෙයක් තියනවනේ ඒකෙන් කෝල් එකක් අරන් කියපන් ඔය ටික මට..."
තද වෙලා යුන්ගි කියනකොට ටේහ්‍යොන්ග් හිනා වෙලා යුන්ගිව ආයෙ ඉන්දෙව්වා..
"ඒම නෙවේ.. කාම් ඩවුන් යුන්ගි බුන්ගි... උබ මගේ යාලුවානේ... මට විස්තර ටිකක් හොයලා ඕනේ..."
"නමවත් දන් නෑලු.. පොටෝ එකක්වත් තියනවද..."
"ඒවා නම් නෑ... ඇඩ්රස් එක තියනවා..."
"හ්ම්ම්.. හරි මට එවපන්කෝ... අනික විස්තර හොයන්නේ මොකටද, ඕනේ දේ එක පාර ගනින්..."
යුන්ගී කීවේ ටේහ්‍යොන්ගේ හැටි හොදට දන්න හින්දා...
"එහෙම හරියන් නෑ.. මෙයා වෙනස්... මට ඕනේ කැමැත්තෙන් මගේ යටට වෙලා ඉන්නවා බලන්න..."
යටි තොල තෙත් කරන ගමන් ටේහ්‍යොන්ග් කියනකොට යුන්ගී ඔලුව දෙපැත්තට් වැනුවේ කියලා වැඩක් නෑ කියලා හිතන ගමන්...
"මොකක් හරි... උබ බන්ග්ලෝ එක බලන්න ගියාද..."
"තව නෑ.. බලන්න දේකුත් නෑ, ඒ උනාට අද යන්න ඕනේ.. උබත් යමන්..."
.
.
.
.
***************
_________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading ...♥️
To be Continued ....
2022/11/17
Bạn đang đọc truyện trên: AzTruyen.Top