|01|
ආදරය ... නෑ කොහෙත්ම කොහෙවත්ම තැනක ආදරය කියලා දෙයක් නෑ. මිනිස්සු මොනවා හින්දද ආදරේ හොයන්නෙ .. .. අදරේ නැහැ කියන්න බෑ.. ආදරේ කොහෙවත් පේන්න නෑ ඒකයි ඇත්ත...
ආදරේ හරියටම වචන වලින් විස්තර කරන්න පුලුවන්ද.. ආදරේ වචන වලින් විස්තර කරනවා වගේම ආදරේ කරන අය ඉන්නවද... නැහැ එහෙම අය නෑ කියන්න බෑ.. හැමතැනම නෑ... කාටවත් පේන්නෙ නෑ..
ආදරේ කරන අය කියනවා වගේම ආදරේ රසවත්ද... ඔව් රසවත් බවක් තියනවා ... ඒත් හැමෝටම රසවත් නෑ .. හැමතැනම ආදරේ කියලා තියන හැම ආදයක්ම රසවත් නෑ ...
ආදරේ කියලා එකිනෙකා බලාපොරොත්තු වෙන විදිහ වෙනස්... නොහිතන තරම් දේවල් දීලා පෙන්නන ආදරේ ... කිසිම දෙයක් නොකියා හදවතින් කරන ආදරේ ... අනිකාව ඕනවටත් වැඩිය තේරුම් ගන්න ආදරේ ... ලස්සන වචන , රාගය මුසු හැගීම් පිරුනු ආදරේ ...
එකිනෙකා බලාපොරොත්තු වෙන විදිය... එකිනෙකා දකින විදිය , තමන්ට දැනෙන තමන් නිර්වචනය කරන ඕනම් විදියකට ආදරේ කියන්න පුලුවන් ...
----------------
පහල තට්ටුවේ කන් දෙක බිහිරි වන තරම් නැගෙන සංගිත ශබ්දය පරදා ඉදිරියේ තියන මහ මුහුදේ සිට එන ලුනු රසය මුසු සුලගේ ශබ්දයට කන් යොමු කිරීමට උත්සහා කරමින් තරුනයෙක් වීදුරුවේ ඉතිරිව ඇති තද රතු පැහැ වයින් කලතවමින් හද එලියෙන් පමණක් සිතුවමක් සේ දිලිසෙන අදුරු මුහුද දෙස දෑස් යොමාගෙන සිටියේ ,අහසේ ගනන් කල නොහැකි තරු සේම ,සිතුවිලි ප්‍රමාණයක් තුල ගිලීමට කාලය ගත කරමිනි.
" ජන්කුකා...දැන්වත් පහලට වරෙන් .... "
කාමරයේ සිට බැල්කනියට විවර වූ වීදුරුවෙන් එබෙමින් කලු පැහැ හිර ජීන්ස් එකකින් හා රතු පැහැ දිලිසෙන ශර්ට් එකකින් සැරසුනු තරුනයෙක් කෑ ගැසුවා .
" අහ්.. ජිමිනා .. විනාඩියක් දියන් මන් එන්නම්..."
ජිමින් නැවත ගිය පසු කලත්තමින් සිටි වයින් ටික කටට හලාගෙන කාමරය තුලට ගිය ජන්කුක් වොශ්රූම් එකෙන් මූන සෝදන් කාමරයෙන් එලියට ආවෙ පහලට යන්න..
ජන්කුක් පවුද්ගලිකව කාමර තිබුනු පැත්තේ ඉදන් අනිත් කාමර ඉස්සරහින් පඩිපෙල ලගට ඇවිදගෙන ගියේ එක් එක් කාමර තුලින් ඇහෙන කෙදිරිලි හඩවල් වලට කට කොනින් හිනාවෙමින්. පඩිපෙල දිගේ පහලට ගිය ජන්කුක් පාට පාට එලි හා ඇල්කොහොල් ගද සිගරට් දුම් පිරුනු හෝල් එක දිගේ මුල්ලටම ඇවිදන් ගිහින් එතන සෝපා එකේ කකුලක් පිට කකුලක් දමමින් වාඩි උනා.
බාර් එක ලග හිටපු ජිමින් වටපිට බලලා ජන්කුක් හොයලා , ජන්කුක් ඉදගන්න කාටවත් වැඩිය නොපෙනෙන සුපුරුදු අදුරු මුල්ලෙම ඉන්නව දැකලා ජන්කුක් ලගට ආවෙ
රතු පාට වයින් බෝතලයකුත් අරගෙන...
ජිමින් ගෙනාව වයින් එක වීදුරු දෙකකට දාලා එකක් ජන්කුක් අතට දීලා අනිත් එක එයා අරගෙන් L හැඩ සෝෆා එකේ අනිත් පැත්තේ ඉදගත්තා.
" මට පොඩ්ඩක් කලින් යන්න වෙනවා.. ඩෑඩ් එනවා කීවෙ අදනේ , මට අද හම්බෙන්න යන්න වෙනවා.. උබට මේ ටික බලාගන්න පුලුවන්නෙ ,පරිස්සමට හිටපන් .. "
" පලයන්..ඇයි මන් බබෙක්ද .."
" තොට කියනවට වඩා හොදයි .. මන් යනවා ජන්කුකා.."
ජිමින් ගියාම සිගරට් එකක් පත්තු කරගත්ත ජන්කුක් එක අතකින් සිගරට් එකත් අනිත් අතෙන් වයින් ග්ලාස් එකත් තියාගෙන සිගරට් එකෙන් උගරක් ඇදල ගත්තා..
තමන් දිහාට තද රතු පාට කොට ගවුමක් ඇදගෙන එක ගර්ල් දිහා බලාගෙන කටකොනින් හිනාවෙලා තව උගුරක් ඇදලා සිගරට් එක ඈශ් ට්‍රේ එකට දාලා වයින් උගුරක් බීවෙ කෙල්ල ජන්කුක්ගෙ ලැප් එකෙන් වාඩි වෙලා බෙල්ල වටේ අත් දෙක දාලා ජන්කුක්ගෙ ටිකක් උඩින් රදවල තිබ්බ කොන්ඩෙන් පාතට වැටිල තිබ්බ කොන්ඩ කෑලි අස්සෙන් අත යවන ගමන් ..
ජන්කුක්ගෙ නිදහස් අත කෙල්ලගෙ නිරාවරණය වෙලා තියන කලව උඩ නැවතුනත් ඇස් නැවතුනේ බාගෙට බාගයක් එලියෙ ඇදුම ට හිර වෙලා තිබ්බ බූබ්ස් වල..
කෙල්ල උවමනාවෙන්ම පපුව ජන්කුක්ගෙ මූනට තද කරා.. ඒ සැනින්ම කෙල්ලට දැනුන තමන්ගෙ බෙල්ලෙ නහර ඇදෙන්න තරම් තදින් කොන්ඩෙන් අල්ලලා පිටිපස්සට අදිනව..
" සීමාවෙ හිටපන්.."
කියලා කෙල්ලගෙ කොන්ඩෙන්ම අල්ලලා ඇදලා බිමට දාලා නැගිටලා, වයින් වීදුරුවෙන්ම වයින් කෙල්ලගෙ ඇගට වැටෙන්න අත තෙමාගත්ත ජන්කුක් ටේබල් එක උඩ තිබ්බ ටිෂූ බොක්ස් එකෙන් ටිෂූ එකක් අරන් අත පිහදාලා කෙල්ලගෙ ඇගටම විසි කරලා ක්ලබ් එකෙන් එලියට ආවා...
කිසිම කෙනෙක් ජන්කුක්ගෙ අකමැත්තෙන් ජන්කුක්ගෙ කෙස් ගහකටවත් අත තියනවට ජන්කුක් කැමති උනේ නෑ...
.
.
.
.
.
.
.
*************
__________________________________Dark_Sunshiner 🤍🥀
හලෝ...
මේක මගේ දෙවෙනි කතාව...
කතාව හොදද, මොනවා හරි අඩුපාඩුවක් තියනවද කියන් යන්න..
මොනාම හරි කියන් යන්න...♥️♥️⚘😊
Thanks for reading .....❤
To be Continued .....
2022/10/25
Bạn đang đọc truyện trên: AzTruyen.Top