✿ 07

එදා මං සුහී ලගට යද්දි එයා හිටියේ කදුලුවලටම පෙගිච්ච කම්මුල් මගේ මල්ලි ටේයෝන්ගේ පපුවට තද කරගෙන.ඔහුගේ තෙත් වුණු කමිසය ඒ චූටි අත් දෙකෙන් ම හයියෙන් අල්ලගෙන ඇස් පියන් ඉදපු මගේ පුංචි කෙල්ලට ඒ වෙද්දි අඩන්නවත් හයියක් ඉතුරු වෙලා තිබුනේ නෑ..මට ඇහුනේ එයාගේ වේදනාබර ඉකිබිදුම් විතරයි..

උපස්ථානාගාරයේ උද්‍යානයේ පුන්චි ළමයිට වෙන් වුණු සෙල්ලම් පිට්ටනියක් තිබුනේ ඇයි කියලා මං දැනගෙන හිටියේ නෑ..ඒත් එතන තිබුනු මලකඩ කාපු පරණ ඔන්චිල්ලාව ලගම බන්කුවක වාඩි වෙලා හිටපු ඒ දෙන්නව දැකපු ගමන් මං එතනට දුවගෙන ගියේ වටපිටාව ගැනවත් කිසිම නිනව්වක් නැතිව.

මං ඔවුන් ලගට එන හඩ ඇහුනු ගමන් මගේ මල්ලි එයාගේ වේදනාත්මක දෙනෙත් ඔසවලා මං දිහා බැලුවත් මගේ ඇස් තිබුනේ මගේ දරුවා ගාව.

තප්පරයක්වත් පමා නොවී මං දෝතින් ම එයාව වඩාගත්තේ එයාව මොහොතකට හරි තනි කරපු එක ගැන මටම දොස් පවරගන්න ගමන්.

මගේ ස්පර්ශය දැනුනු ගමන් ම මගේ දරුවා එයාගේ ඇස්පියන් විවර කළේ අමාරුවෙන්.ඒ ඇස් අඩලම රතු වෙලා..කදුලු ගලපු පාරවල් ඒ මූණේ දිලිසෙමින් තිබුනේ මගේ හදවත වේදනාවෙන් රිදුම් දෙද්දි.

මගේ මුණ දැකපු ගමන් ඇයගේ මූනේ ඇදූනු ඒ හැගීම සතුටක් බව මට විශ්වාසයි.දෙතුන් පාරක් ඉකි බිදපු ඇය එකදිගට මගේ මූණ දිහාම බලාගෙන හිටියෙ ඇහිපිය නොහෙලා..ඒ චූටි තොල් පෙති තද කරගෙන එයා හිටියේ මගේ ඉස්සරහ අඩන එක නවත්තන්න උත්සාහ කරමින් බව තේරුම් ගන්න මට බැරි උනේ නෑ.රෝස පාට වෙලා තිබුනු පුන්චි බොත්තම් නහය ඇයටත් නොදැනීම හරිම හුරතල් විදිහට පිම්බුනේ ඇය ඇගේ ඉකිබිදුම් නවත්තගන්න උත්සාහ කරද්දි.

ඊලග තප්පරේ එයාගේ චූටි අත් මගේ බෙල්ල වටේ ඔතාගත්තු මගේ කෙල්ල එයාගේ මූණ මගේ බෙල්ල අස්සේ හන්ගගත්තේ එයාට හුරුපුරුදු මගේ සුවද එයාට සැනසීමක් ගෙනත් දීපු නිසා වෙන්න ඇති.

එයාට ඕනි වුනේ ඒ සුවද...
එයාට ඕනි වුණේ මගේ උණුහුම..
එයාට ඕනි වුණේ මාව..

ඉතින් මාව ලැබුණු තප්පරේම එයා එයාගේ හැඩුම් නවත්තගත්තේ ඒකයි.එයා ආස වුණේ නෑ එයාගේ කදුලු ඉස්සරහ මගේ ඇස්වලට කදුලු පිරෙනවා දකින්න..ඒ වයසේ දරුවෝ එක්ක බලද්දි මගේ කෙල්ල වයසට වැඩියි කියලා සමහරු හිතාවි..ඒත් ඒ තමයි තවමත් වචනයක්වත් කියාගන්න බැරි මගේ ලස්සන කෙල්ල මට එයාගේ ආදරේ පෙන්නපු විදිහ..

"එයාට ඕනි එයා වෙනුවෙන් විතරක් ම හුස්ම ගන්න කෙනෙක්ව..."

මගේ මල්ලි කිව්වේ මගේ අතේ ගුලි වෙලා උන්නු දරුවා දිහා ආදරෙන් බලන ගමන්.

ඇත්ත..මං හුස්ම ගන්නේ එයා වෙනුවෙන් විතරයි.ඒත් මං නැති දවසක කවුද එයා වෙනුවෙන් හුස්ම ගන්නේ..එදා ඒ මොහොතෙදි මට හිතුනේ ඒක..

' මේ ලෝකේ කොහේ හරි තැනක මං වගේ ම මගේ දරුවට මුලු හදවතින් ම ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්..' කියලා මං ප්‍රාර්ථනා කරන්න ගත්තේ ඊට පස්සේ..

සීරුවට කපපු තණකොල උඩින් අඩි තියමින් මං එතනින් එළියට එන්න ආවේ මගේ වටිනම වස්තුව මගේ දෝතින් ම තුරුල් කරගෙන.

ඒත් කලින් වගේ ම ඒ වෙලාවෙත් මට දෙයක් මග ඇරුණා.

උද්‍යානය කෙලින් ම තියන ගොඩනැගිල්ලේ විවර වුණු ජනේලයක යකඩ කූරුවල එල්ලිලා අපි ඉන්න දිහාව බලාගෙන උන්නු කෙනාව මට මග ඇරුනා.

සොක්ජින්..

එයා හැමදාමත් එයාගේ කාමරයේ යකඩ කූරුවලින් එපිට බලාගෙන ඉන්න බව මං දැනගෙන උන්නත් එච්චර කාලෙකට කවමදාවත් මං ඔහු ඒ තරම් සන්සුන් ව බලාගෙන ඉන්නේ මොනවා දිහාද කියලා හොයලා තිබුනේ නෑ.ඇත්තටම ඔහුගේ ඇස් නිරන්තරයෙන් රැදිලා තිබුනු ඒ දසුන මොකක්ද කියලා දැනගන්න මට උවමනාවක් තිබුනේ නැතිව ඇති.

ඒත් මං පස්සේ දැනගත්තා..ඔහු අවුරුදු තුනහමාරක් පුරාවටම බලාගෙන ඉදලා තිබුනේ උපස්ථානාගාරයේ අත් හැරලා දාපු ළමා උද්‍යානය දිහා.

ඔහු ඇහිපිය නොහෙලා බලන් ඉදලා තිබුණේ එහි තිබුනු මලකඩ කාපු ඔන්චිල්ලාව දිහා..

සෑහෙන කාලෙකට මිනිස් පහසක් නොලබපු අව්වට වැස්සට හසු වෙමින් ඔහේ විනාශ වෙවී යමින් තිබුනු ඒ උද්‍යානය දිහයි ඔහු මේ මුලු කාලය පුරාවටම බලාගෙන ඉදලා තිබුනේ.

හැමදාමත් තමන්ගේ පාඩුවේ පාලු උද්‍යානය දිහා බලාගෙන තමන්ගේ ම ලෝකෙක තනි වෙලා හිටපු නිහඩ තරුණයා එකපාරටම නොසන්සුන් වුණේ ඇයි කියලා මට තේරුනෙත් හැමදාමත් වගේ පරක්කු වෙලා.

ඒකට හේතුව වුණේ අවුරුදු තුනක් පුරාවට එයා දැකපු ඒ පාලු උද්‍යානයට එකපාරටම ආපු අමුත්තා.

නෑ ඒ මගේ මල්ලි නෙමෙයි..

අවුරුදු තුන හමාරක් ම තමන්ගේ කැමැත්තෙන් ම කුටියක් ඇතුළේ ගෙවපු සොක්ජින්ට එදා ඒ හැමදේම අමතක කරලා කුටියෙන් විතරක් නෙමෙයි, රෝහල් ගොඩනැගිල්ලෙනුත් එළියට යන්න හේතුව වුණේ එයාගේ ඇස් ඉස්සරහට ආපු ඒ දරුවා...

මගේ රෝස මල.

_____________________________________________________________

කතාව මතකත් නැතිව ඇති දැන්.ආයේ මුල ඉදන් කියවන්න වෙයි...🙃

Thank you for reading.🥺
Love you ❤️💐


14/10/2022

Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top