✿ 06

"නම්ජූන්...සොක්ජීන් එයාගේ කාමරේ නෑ...!!"

යුන්ගි කියද්දි මට දැනුනේ පුදුමයක්.
ශාන්ත පීටර් මානසික උපස්ථානාගාරයට ඇවිත් ගෙවපු අවුරුදු තුන හමාරක කාලයක් ඇතුලේ කිසිම දවසක තමන්ගේ කුටියෙන් එළියට නොආපු කිම් සොක්ජින් හදිස්සියේ ම එයාගේ කුටියෙන් එළියට ආපු එක ඇත්තටම පුදුම විය යුතු කාරණයක් තමයි..

"මොකක් ද..?!"

මට දැනුනේ සතුටක්ද බයක්ද කියලා මට අදටත් හරියට තේරුම් ගන්න බෑ.

"එයා එළියට ඇවිත්..ඒත් එයා මෙහෙ හිටපු අවුරුදු ගානම ගෙව්වෙ එයාගේ කාමරෙ අස්සේ....ඒ නිසාම එයාවත් දන්නේ නෑ එයා කොහේද යන්නේ කියලා..ගොඩක් අය දැකලා තියනවා එයා පිටිපස්සේ දොරටුව පැත්තට දුවගෙන යනවා...!"

යුන්ගි කියාගෙන ගියේඑක හුස්මට.තව තප්පරයක්වත් පරක්කු නොවුනු මං යුන්ගිත් එක්කම එළියට දුවගෙන ආවේ සොක්ජින් ගියපු දිහාවට යන්න හිතාගෙන.

ඒත් අපිට එයාව් හොයන්න වැඩිය මහන්සි වෙන්න වුනේ නෑ.

උපස්ථානාගාරයේ සේවකයො දෙන්නෙක්ගේ දෑත්වලට මැදි වෙලා අපි ඉන්න දිහාට එමින් උන්නේ ඔහු.

උන් තැනම නතර වුනු අපි බලාගෙන හිටියේ සේවකයන්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න දගලන ඔහු දිහා.

කලිනුත් මං කිව්වා වගේ ඒ ඇස්වල අමුත්තක් තිබුනා..කලින්ටත් වඩා අමුත්තක්.

එයාගෙ ඒ ඇස්වල ඒ මොහොතේ මං දැක්කේ එදා දැකපු බලාපොරොත්තුව විතරක් නෙමෙයි..මුලු මන්දාකිණියක්ම හන්ගගෙන ඉන්නවා වගේ දිලිසෙන ඒ ඇස්වල පිරිලා තිබුනෙ කදුලු..

මං එක්ක විතරක් නෙමෙයි ඒ වහළේ යට කා එක්කවත් වචනයක්වත් කතා නොකරපු ඔහුගෙ මුවින් එකදිගට පිටවෙමින් තිබුනේ සිහින් ඉකි බිදුම්..

මං දැක්කා චෙරි පාට ඒ හීනි තොල් හෙලවෙන හැටි.ඔහු කතා කරන්න උත්සාහ කරමින් හිටියේ..ඒත් මුවින් පිට වෙන ඉකිබිදුම් ඒ වචන යටපත් කලේ ඔහුගේ ඇස්වල පිරුනු කදුලු කම්මුල් දිගේ ගලාගෙන එද්දි.

ඒත්...ඒත් මං දැනගෙන හිටියා එයා කතා කරන්න උත්සාහ කරනවා කියලා.

හැඩිදැඩි සේවකයින්ගෙන් ගැලවෙන්න දගලමින් උන්නු ඔහු මාව දැක්කේඒ මොහොතේ..එකපාරටම ඔහු බේරෙන්න දරපු හැම උත්සාහයක්ම නතර කරලා දැම්මේ ඒ කදුලු පිරුණු ඇස් මගේ දිහාටම යොමු කරගෙන.

ඔහුගේ වචන නිහඩ වුනාට ඒ ඇස් අස්සේ තිබුනා මං නොදැන හිටපු ලොකු කතාවක්.එයාගේ ඒ කදුලු පිරුනු ඇස් මං දිහා බලාගෙන හිටියේ හරියට ගැලවුම්කාරයෙක් දිහා බලන් ඉන්නවා වගේ.

මං පියවරක් ඉදිරියට තිබ්බේ ඔහුගේ ලගට යන්න.
ඔහුට කියන්න තියන දේ අහන්න.
ඒ ඇස්වලින් වැටෙන කදුලුවලට හේතුව මොකක්ද කියලා අහන්න..ඒත්..

තවත් පියවරක් ඉස්සරහට තියන්න හදද්දිම මං නැවතුනේ මගේ පිටිපස්සෙන් ඇහුනු වේගයෙන් පියවර නගන හඩක් නිසා.

සොක්ජින්ගෙන් ඇස් ඉවතට ගත්තු මං පිටිපස හැරුනේ අපි ඉන්න දිහාට දුවගෙන එමින් හිටපු කෙනා මගේ නම කියමින් කෑ ගහනවා ඇහෙද්දි.

"ඩොක්ටර් කිම්..!! ඩොක්ටර් කිම්....!!!!!"

ඒ හිටියේ රෝහලේ ආරක්ෂකයෙක්.

ඔහු කෙලින් ම දුවගෙන ආවේ මගේ දිහාට.
එයාගේ ඇස් ලොකු වෙලා තිබුනේබයෙන්.

"ඔව්....?"

මගේ ලගම නතර වුණු ඔහුගෙන් මං ඇහුවේ යුන්ගිත් මගේ ලගට එද්දි.

සොක්ජින්ගේ බැල්ම ඒ මොහොතෙත් තිබුනෙ මගේ දිහාට යොමු වෙලා.මං දැනගෙන හිටියා ඔහු මාව බලාපොරොත්තුවෙනුයි එතන බලාගෙන ඉන්නෙ කියලා.

මටත් ඕනි වුනා එතෙන්ට යන්න.ඒත් ඒ හැම අභිප්‍රායක්ම හිරු දුටු පිනි වගේ නැති වෙලා ගියෙ ආරක්ෂකයාගේ වචන ටිකත් එක්ක.

"ඩොක්ටර් කිම්...ඔබතුමාගේ මල්ලි කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා චූටි ගෑණු දරුවෙකුත් එක්ක..ඒ දැරිවි මහ හයියෙන් අඩමින්මයි හිටියේ ඇතුළට එද්දිත්..මං ඩොක්ටර්ව හොයන්න ආවේ ඔබතුමා එක්ක එනකම් එයාලට උද්‍යානයෙන් වාඩි වෙලා ඉන්න කියලා...!"

මට එවලේ දැනුනේ මගේ හදවත පවා නතර වෙන්න එනවා වගේ..රස්සාව නිසා මගේ රෝස මලව මට මග ඇරිලා..ඒ පුන්චි හිත යන්තමින් හරි සන්සුන්ව ඉන්නේ මං ලග ඉද්දි විතරයි..ඒත් මාත් දවස් දෙකක්ම ඇයව තනු කරලා තිබ්බා නේද කියලා මට මතක් වුණේ ඒ වෙලාවේ..

තනිවීමේ කාන්සාවෙන් පෙලෙන ඒ කෙල්ලව එයාගේ තාත්තාත් තනි කරලා දැම්මම මොනවා හිතෙන්න ඇතිද ඒ චූටි හිතට..

"මට හිතෙන්නේ ඒ දැරිවි අඩන එක නවත්තගන්න බැරිවයි ඔබතුමාව හොයාගෙන ඇවිත් තියෙන්නේ ඒ මහත්මයා..ඔබතුමාට පුලුවන් ඉක්මනින් එළියට එන්න කියන්න කිව්වා..!!"

එතනින් එහාට මගේ ඔලුවේ හිටියේ මගේ කෙල්ල විතරයි.මං දැනගෙන හිටියා අඩලා අඩලා ඇඩීම පාලනය කරගන්න බැරි වුනු ගමන් මගේ රෝසමලට හුස්ම ගන්න එක අමාරු වෙනවා කියලා..

මං ලගම හිටපු යුන්ගිවත්..මාව එක්කගෙන යන්න ආපු ආරක්ෂකයවත් මට මතක් වුනේ නෑ..මගේ හිත මගේ රෝස මල දිහාට දුවද්දි මාත් උපරිම වේගයෙන් එතනින් දුවගෙන ගියේ මගේ මැණිකව හොයාගෙන උද්‍යානය දිහාට..

දිලිසෙන ඇස්වලින් මගේ දිහා බලාගෙන හිටපු සොක්ජින්ව එතනම දාලා මං දිව්වේ මගෙ රෝසමල හොයාගෙන..

මං තව මොහොතක් එතන හිටියානම්..මට ඇහෙන්න තිබ්බා ඔහුගේ මුවින් අවුරුදු ගානකට පස්සේ මුලින්ම පිටවුනු වචන..ඒත් ඒ වෙද්දිත් මං ගොඩාක් දුර ගිහින් ඉවරයි.

ඒත් පස්සේ මං දැනගත්තා මගේ දිහා බලාගෙන සොක්ජින් එදා ඒ මොහොතේ හිමිහිට මිමිණුවේ මොනවද කියලා.

එදා මං එයා මට කියන්න හදපු ඒ දේ අහන්න එයා ගාව එක තප්පරයක් නැවතුනානම්...මං දන්නේ නෑ..සමහරවිට එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කිරිමේ සතුට එදා මගේ වෙන්න තිබුණා..

"මාව..මාව එළියට එක්කගෙන යන්න...කරුණාකරලා...!"

ඔව්..ඔහුට ඇහුම්කන් නොදී මං එතනින් යද්දි නොපෙනී යන මං දිහා බලාගෙන ඔහු කියලා තිබුනේ එහෙම.

ඒත්...

ඔහුගේ ඉල්ලීම ඉටු කරන එක එදා මට මග ඇරුණා..

__________________________________

(මේ කතාව ලියලා ඉවර එකක්.අනිත් ඒවා ලියන්න වෙලාවක් නෑ මේ ටිකේ ඒ නිසයි මේක අප්ඩේට් කළේ...මොකක්වත් නැති වෙනවට වඩා එකක් හරි තියෙන එක හොදයිනේ....😉)

Thank you for reading..❤
Love you..♥️

2022/04/10
Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top