✿ 02

"ඩොක්ටර් කිම්.."

කාර්‍යාල කාමරයේ විවර වෙලා තිබුනු ජනේලයෙන් පේන ඈත අහස දිහා බලාගෙන කල්පනාවක ගිලිලා හිටපු මං හරි සිහියට ආවේ ඩොක්ටර් මින්ගේ කටහඩින්.

මින් යූන්ගි..

ඔහු තමයි රෝහලේ B අංශය භාරව උන්නු වෛද්‍යවරයා.මං ශාන්ත පීටර් මානසික උපස්ථානාගාරයට ගිහින් ගෙවුනු මුල් දවස් දෙක තුන ඇතුළත හැමදේකදීම මට උපකාර කළේ ඩොක්ටර් මින්.

"ඔව්..කියන්න යුන්ගී..?"

අඩා වැටෙන අහසින් එක දිගට කඩා වැටෙන වැහි බින්දුවලින් ඇස් ඉවතට ගත්තු මං බැලුවේ කලබලෙන් ඉන්න ඩොක්ටර් මින් දිහා.

"සෙක්ශන් ඩී එකේ ඉන්න අර වයසක පේශන්ට් ආයෙමත් වතාවක් කාමර පිරිසිදු කරන කෙනාට පහර දීලා ඩොක්ටර්..මං හිතන්නේ එයාලා ඩොක්ටර් කිම්ව එතන බලාපොරොත්තු වෙනවා.."

මානසික ගැටලු තියන අයත් එක්ක ගනුදෙනු කරන එක හරියට පුන්චි ළමයි එක්ක ඉන්නවා වගේ.ඒත් ඒ දෙක අතරෙත් වෙනසක් තියනවා..ළමෙක් රණ්ඩු උනාම ඒකට හේතුව අපිට හොයාගන්න ලේසියි..ඒත් මේ වගේ අහින්සක මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි එයාලා කලබල වුනේ ඇයි කියන එකට හේතුව හොයන එක ගොඩක් අමාරුයි..

"හරි ඔයා යන්න..මං එන්නම්.."

ඒත් අවුරුදු ගානක අත්දැකීමෙන් මං ඉගෙනගත්තු දෙයක් තිබුනා..ඒ තමයි එයාලා හුස්මක් ගත්තත් ඒ ගන්නේ හේතුවක් ඇතිව කියන එක.

"යුන්ගි...!"

මං ආයෙමත් කතා කළේ යන්න හැරුණු ඔහුගේ අවදානය මගේ පැත්තට ගන්න ගමන්.

"කියන්න ඩොක්ටර්..?"

"මීට පස්සේ මට ඩොක්ටර් කිම් කියන්න ඕනි නෑ...නම්ජූන් කියලා කතා කරන්න..."

මං කිව්වේ සුහදශීලීව හිනා වෙමින්.මේ නුහුරු මිනිස්සු මැද්දේ මං තරමක් හරි දැනගෙන හිටියේ ඔහුව විතරයි.

ඔහුගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්.

"හරි..නම්ජූන්..."

_______________________________________






______________________________________

මේ කතාව ලියවෙන්නේ නම්ජූන්ගේ දෘෂ්ටි කෝණයෙන්..❤

ඒ කතාව අපිට කියන්නේ ඉල්සන්වල ශාන්ත පීටර් මානසික උපස්ථානාගාරයේ මනෝ වෛද්‍යවරයෙක් වුණු කිම් නම්ජූන්..🌼

Plz comment & vote.♥️
Love you..♥️

2022/04/08
Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top