Destiny


" මරණයේ පොකුණින් මතුවන ශාපලත් කාල වර්ණ ජල අශ්වයා අතීතය පුනරාවර්තනය කරාවි..
අවසන් හිරු රශ්මියත් පොළොවෙන් මැකී ගිය පසු ඒ මෘගයා හුදෙකලා නිම්නයේ අන්ධකාර සෙවණැලි අතරේ ගොදුරු සොයමින් සරන්නට පටන් ගනිවී...
සාමකාමි ඇස්ටේරියා රාජධානිය ඔහු අවාසනාවේ භූමිය බවට පත් කරාවි...

මායාව යලි අවදි වනු ඇත..
අදුරු ආත්ම බලවත් වනු ඇත..
ඇස්ටේරියාව ශාපලත් රාජධානියක් වනු ඇත..

මේ ව්‍යසනයන්ගෙන් ගැලවීමට නම් මෘගයා හට කර ඇති ශාපයෙන් ඔහු නිදහස් කල යුතු වන්නේ ය........

මෘගයා තුළ හිරවී සිටින ඔහුව නිදහස් කල යුතු ය..

මේ ශාපය බිදීමට ඇත්තේ ක්‍රම දෙකක් පමණි.පළමුවැන්න මෘගයාට අවන්කවම ප්‍රේම කරන්නෙකු ඔහු වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමයි..!"

රාජ සභාව මීයට පිම්බාක් මෙන් නිහඩ ය.
මෘගයාට අවන්කවම ප්‍රේම කරන්නෙකු මෙලොව නැති බව ඔවුන් සියලු දෙනා හොදින් ම දනිති.

එහෙයින් ඒ ක්‍රමය කිසි ලෙසකින්වත් ක්‍රියාත්මක ක්‍රළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් ඉතිරිව ඇත්තේ දෙවනි හා අවසන් ක්‍රමය පමණි.

සියලු දෙනා ප්‍රධාන අමත්‍ය මින් යුන්ගී දෙස බලා සිටියේ බලාපොරොත්තු රැදි දෑසිනි.

රාජ සභාව මද්‍යයේ අනාවැකි පත්‍රය කියවමින් උන් ප්‍රධාන අමාත්‍යවරයා අනාවැකි පත්‍රයෙන් දෑස් ඉවතට ගෙන රජු දෙස බැලුවේ කලබලයට පත් වූ නෙතිනි.

රජු මෙන් ම රැජිනත්,මුලු රාජ සභාවත් ඔහු දෙස කුතුහලයෙන් බලන්නට විය.

සෑම දෙනාටම ඇවැසි වූයේ අනාවැකි පත්‍රයට අනුව මෘගයා නැවැත්වීමට ඇති අනෙක් මාර්ගය කුමක්ද යන්න දැන ගැනීමටයි.

නමුත් ප්‍රධාන අමාත්‍යගේ පැකිලීම හමුවේ එය එතරම් සිත් ගන්නාසුලු දෙයක් නම් නොවන බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවුනි.

‍රජුගෙන් මොහොතකට නෙත් ඉවතට ගත් ප්‍රධාන අමාත්‍යවරයා සැන්සෝරාවේ ආදිපාද දෙස බැලුවේ අනුකම්පා සහගතව ය.

"ප්‍රධාන අමාත්‍ය..?"

රජුගේ හඩ ඇසෙද්දි නැවතත් ඉදිරියට හැරුනු ඔහු සුසුමක් ගෙන සිය ළය සැහැල්ලු කරගත්තේ පවසන්නට යන දෙයෙහි බරපතළ කම ඔහු පැහැදිලිව ම දැනගෙන සිටි හෙයිනි.

"රාජකීය රුධිරය හා ශුද්ධ වූ පවුලේ රුධිරයෙන් උපන් අයෙකුගේ හදවතින් ගලන පිරිසිදු රුධිරයෙන් මෘගයාගේ පිපාසාව සන්සිදුවීම දෙවනි ක්‍රමය යි...!"

රජු හා රැජිනගේ නෙත් විසල් වුනේ සියලු රාජ සභිකයින්ගෙ මුව විමතියෙන් විවර වද්දී ය.

රාජකීය සින්හාසනය පසෙකින් අසුන් ගෙන සිටි සැන්සෝරාවේ ආදිපාදවරයා හුනස්නෙන් නැගී සිටියේ ඇසිල්ලක් ගසන සැණෙකිනි.

ඔහුගෙන් දිස් වන්නට වුනේ ඔහු කම්පනයට පත් වූ සේයාවකි.

"නෑ...!!!!!!!!!"

ඔහුගේ මුවින් විලාපයක් මෙන් පිට වුනේ රාජ සභාවම වේදනාවෙන් මෙන් ඔහු දෙස බලාගෙන සිටිද්දී ය.

"ටේ...!"

රැජිනගේ සිහින් ඇමතුම පවා ඔහුට නෑසුනු තරම් ය.

"ඒක් වෙන්න බෑ..කීයටවත් නෑ..!!"

රැජිනගේ අසුනේ උන් ජින් අසුනින් නැගිටිද්දි ඔහුට වඩා ඉක්මන් වුනු නම්ජූන් සිංහාසනයෙන් නැගිට පසෙකින් වූ ආදිපාද ටේයොන්ගේ උරහිසින් අතක් තියා ඔහුව තමන් දෙසට හරවගත්තේ සියලු දෙනාම අනුකම්පාවෙන් ඔවුන් දෙස බලාගෙන සිටින අතරේ ය.

"ටේයොන්..සන්සුන් වෙන්න.කීයටවත් ඒක වෙන්නෙ නෑ...!"

"රාජකීය රුධිරය හා ශුද්ධ වූ පවුලේ රුධිරයෙන් උපන් අයෙක්....?!!!"

ටේයොන්ගේ හඩ වෙව්ලන්නට පටන් ගත්තේ ඔහුගේ හදවතට දැනෙන වේදනාව මොනවට කියා පාමිණි.

"ටේයොන්....!"

ටේයොන්ගේ නෙතගින් උණු කදුලු බිදු ගලාගෙන යන්නට ගනිද්දි ඔහු රජු දෙස බැලුවේ සිය පුතු කෙරේ ඇති අසීමිත සෙනෙහස නිසාම ඇති වූ දරාගත නොහැකි වේදනාවෙනි.

"ර්..රජතුමනි.....ඒ ඔහු..මේ අනාවැකියේ කියන්නේ ඔහු ගැන...කිරුළ හිමි කුමාරයා....මගේ කුමරු...රාජකීය රුධිරය හා ශුද්ධ වූ පවුලේ රුධිරයෙන් උපන් අයෙක් කියන්නේ...ජ්..ජිමින්..මගේ පුතා...මගෙයි ජී එවුන්ගෙයි දරුවා ගැනයි රජතුමනි...!!"

_______________________________________

ඇස්ටේරියා රාජධානිය

ඇස්ටේරියාව යනු සැබෑ ලෝකයෙන් සැගවුණු අමරණීයන්ගේ රාජධානිය යි..

කිම් රාජවංශය විසින් පාලනය කරනු ලබන මේ රාජධානිය ඔබ මිහිමත දකින සෞභාග්‍යමත්ම රාජධානියයි.

ඇස්ටේරියා දෙවගනගේ දරුවන්ගෙන් පැවතෙන ඇස්ටේරියානුවන්ගේ ආයුෂ වසර පන්සියයක් පමණ වේ..

වයස අවුරුදු විසි පහේදි පමණ වියපත් වීම නැවතෙන මොවුන් තමන්ගේ දරුවන්,ඒ දරුවන්ගේ දරුවන් සමග පවා නොවෙනස්වන තාරුණ්‍යයෙන් දිවි ගෙවයි.

ඔබ ඇස්ටේරියාවට යන්නේ නම් දැනගත යුතු ප්‍රධාන කරුනු දෙකක් ඇත.

1 ) ඇස්ටේරියාවේ මායාවට සම්පූර්නෙන්ම තහනම් ය..මායාවන් කිරීමට අවසර ඇත්තේ ශුද්ධ වූ පවුලට පමණි.

එයට හේතුව මීට වසර එක්දහස් තුන්සියයකට පෙර ඇස්ටේරියානුවන්ට මුහුණ දීමට සිදු වූ අදුරු මායා යුද්ධයයි.

මේ මායා යුද්ධයේදි ඇස්ටේරියානුවන් ජය ගත්තත් අදුරට එරෙහිව සටන් කල බොහෝ යහපත් ඇස්ටේරියන් මායාකරුවන් එහිදි මියගිය අතර ඉතිරි වූයේ එකම එක මායා පරපුරක් පමණි.වර්තමානයේදි ශුද්ධ වූ පවුල ලෙස හදුන්වන්නේ එයයි.

ඉතින් නුඹ ශුද්ධ වූ පවුලේ නොවේනම් මායාවෙන් ඉවත් වී සිටින්න වග බලාගන්න.

දෙවනි කරුණ මෙයයි.

2 )ඇස්ටේරියාවේ හුදෙකලා නිම්නය අසලට යාම සියලු දෙනාටම සම්පූර්ණයෙන් ම තහනම්...

හුදෙකලා නිම්නය යනු ඇස්ටේරියා රාජධානියේ බටහිර සීමාවයි.අදුරු වනන්තරය මද්‍යයේ ඇති අක්කරයක් පමණ විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති සුවිසල් ජල තටාකයට පටබැදී ඇති නමෙන්ම ඔබට එහි අනතුරුදායක බව වටහාගත හැකිවනු ඇත.

එය මරණයේ පොකුණ යි.
හිටිවනම ජලය දෙබෑ කරගෙන මතුවන නිල් නෙත් ඇති කාලවර්ණ ජල අශ්වයාගේ භූමිය යි.
කෲර මෘගයාගේ වාස භවනයි.

ඔබ පලවෙනි කරුණ නොසලකා හැරියොත් ඔබට ඇස්ටේරියාවෙන් පිටමන් වන්නට සිදුවනු ඇත.

නමුත් ඔබ දෙවන කරුණ නොසලකා හැරියොත් ඔබට ජීවිතයම අහිමි වී යන්නේ ය.

ඔබ සාමකාමි රාජධානියක යහපත් පාලකයෙකු යටතේ සදාකල් සතුටින් ජීවත් වීමට කැමතිනම් එන්න..මේ අමරණීයන්ගේ සැගවුනු රාජධානිය,

ඇස්ටේරියාව යි..

________________________________________
10/12/2021

හායි ළමයි.....🙂
කවුරුත්ම නැද්ද...?😶




—RMP_ Moon—


Trailer  ♡

Bạn đang đọc truyện trên: AzTruyen.Top