❖ Cʜᴀʀᴀᴄᴛᴇʀ Iɴᴛʀᴏᴅᴜᴄᴛɪᴏɴ ❖


Kɪᴍ Nᴀᴍᴊᴏᴏɴ


ඇස්ටේරියාවේ රජු ය.

කිම් රාජවංශයේ අවසන් උරුමක්කාරයා වේ.

වයස අවුරුදු තුන්සිය විසි හතක් වන මොහු වසර තුන්සියයක් පුරා ඇස්ටේරියාවේ රාජ්‍යත්වය දරයි.

නිර්භීත,රණශූර,දක්ශ මෙන් ම සාර්ථක පාලකයෙක් බව අවිවාදිත ය.

රාජ්‍යට පණ මෙන් ආදරය කරන ඔහුට ඇස්ටේරියානුවන්ද ඒ අයුරින්ම ගෞරව දක්වයි.

Kɪᴍ Sᴇᴏᴋᴊɪɴ


ඇස්ටේරියාවේ රැජිණයි.

කිම් රාජවංශයේ කිම් නම්ජූන් සමග විවාහ වුනු මොහු එවක් පටන්ම රජුට සහය දෙමින් දුක සතුට දෙකේදිම රජු සමග රැදුණේ තමන්ගේ කර්තව්‍යය අකුරටම ඉටු කරමිනි.

රජුට වඩා වසර දෙකකින් බාලය.

පිරිසිදු කකරුණාවන්ත හදවතක් ඇත්තෙක් ලෙස ඇස්ටේරියානුවන්ගේ අසීමිත ආදරයට ලක් වේ.

Kɪᴍ Jɪ - Eᴜɴ


ඇස්ටේරියාවේ කිරුළ හිමි කුමරිය හෙවත් රජු කිම් නම්ජූන්ගේ නැගණියයි.

කරුණාවේ හා අහින්සකත්වයේ ප්‍රතිමූර්තියක් බදු වූ ඇය ඇස්ටේරියාවේ රෝස කුසුම වූවා ය.

රාජධානියේ වැසියන්ගේ නොමද ආදරය ලද ඈ සෑමවිටම සිනහවෙන් කල්ගෙවූ අතර අන් අයද සතුටින් තැබීමට හැකි සෑම අයුරින් ම උත්සාහ කළා ය.

නමුත් ඇස්ටේරියාවේ රෝස කුසුම මිලිනව ගොස් අවසන් ය.

මුලු ඇස්ටේරියාවම කදුලු ගංගාවක ගිල්වමින් කිරුළ හිමි කුමරිය ජී එවුන් සිය පළමු දරු ප්‍රසූතියෙන් පසු මිය ගියේ මීට වසර විසි පහකට පෙරයි.

Pᴀʀᴋ Tᴀᴇʜʏᴜɴɢ


සැන්සෝරාවේ ආදිපාදවරයා.

පාක් තේයොන් යනු ඇස්ටේරියන් ශුද්ධ වූ පවුලේ අවසන් මායාකරුවා ය.

එමෙන්ම ජී එවුන් කුමරියගේ අතගත් කුමරුන් වේ.

රාජකීය පවුලේ කිරුළ හිමි කුමරිය සමග විවාහ වීමෙන් පසු ඔහු සැන්සෝරාවේ ආදිපාදවරයා නම් විය.

කරුණාවන්ත හදවතක් ඇති අයෙකු වශයෙන් සියලු දෙනාගේම ආදරය ලැබුවත් සිය ප්‍රේමය අහිමි වීමෙන් පසු තනිව කල් ගෙවීමට ප්‍රිය කරයි.

නමුත් සෑම විටකම තම පවුල සමග කල් ගත කරන්නට උත්සාහ කරයි.

සිය පුත් කුමරුට පණටත් වඩා පෙම් කරන අතර ඔහු වෙනුවෙන් ජීවිතය වුව අත් හරින්නට සූදානම් ය.

Jᴜɴɢ Hᴏsᴇᴏᴋ

ඇස්ටේරියා රාජධානියේ සේනාධිපති මොහුයි.

ජවසම්පන්න රණාශූරයෙක් මෙන් ම ඇස්ටේරියාවේ දක්ශතම කඩු සටන් ශිල්පියා වේ.

රජු හා සමවයස් ඇත්තෙක් වන අතරම රජුගේ සමීපතම මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් වේ.

Mɪɴ Yᴏᴏɴɢɪ


ඇස්ටේරියාවේ ප්‍රධාන අමාත්‍යවරයා ය.

රජුගේ සමීපතම මිතුරන්ගෙන් කෙනෙක් වන අතර රජුගේ උපදේශක වශයෙන්ද කටයුතු කරයි.

රාජ සභිකයෙක් වුවද යුධ පිටියේදි මනා දස්කම් දක්වන්නෙක් වන මොහු අති දක්ශ දුනුවායෙකි.

Pᴀʀᴋ Jɪᴍɪɴ

ඇස්ටේරියාවේ වර්තමාන කිරුළ හිමි කුමරුන් ය.

නැසීගිය රජ කුමරිය කිම් ජී එවුන්ගෙත් ආදිපාද පාක් තේයොන්ගේත් එකම දරුවා වේ.

රජතුමාගේ ලෙයින් උපන් දරුවෙකු නොමැති හෙයින් කිම් රාජවංශයේ හා ශුද්ධ වූ පවුලේ රුධිරය ඇති මොහුව කිරුල හිමි කුමරුන් ලෙස නම් කලේ මුලු ඇස්ටේරියාවේම ආශිර්වාදයෙනි.

සිය පියා මෙන් ම කරුණාවන්ත හදවතකට උරුමකම් කියන මොහු සිය මව මෙන් ඉතා අහින්සක ය.

රාජකීය පවුලේ පමණක් නොව රාජ සභාවේද ආදරණීය පුන්චි කුමාරයා ය.

ඇස්ටේරියාවේ බලාපොරොත්තුව ඔහුයි.

Jᴇᴏɴ Jᴜɴɢᴋᴏᴏᴋ


අදුරු නිම්නයේ මෘගයා ඔහු යි.

අන්ධාකාර හුදෙකලා නිම්නයේ ගොදුරු සොයමින් අශ්ව වෙස් ගෙන සරණ අදුරු සෙවණැල්ල ඔහුයි.

වසර විසි පහකට පසු මතු වී ඇස්ටේරියාව බියෙන් සලිත කරන කුරිරු මෘගයා ඔහුයි.

හිරු බහින හෝරාවේ නිසල විල් දිය සසල කරමින් මරණයේ පොකුණෙන් මතුවන කාල වර්ණ ජල අශ්වයා ඔහුයි.

ජියෝන් ජන්කුක්..

ජීවත්ව සිටින අවසන් කෙල්පී හෙවත් අවසන් ජල අශ්වයා ඔහුයි.

_______________________________________

තම ප්‍රජාවට ප්‍රාණසමව ආදරය කරන රජෙක් හා රැජිනක්....

තම රාජධානිය වෙනුවෙන් දිවි කැපකිරීමට වුව සූදානම් බලවත් සේනාධිපති කෙනෙක්...

රජු හා රට වැසියන් වෙනුවෙන් නිවැරදිම තීරණ ගන්නා ප්‍රධාන අමාත්‍යවරයෙක්....

ජීවිතයටත් වඩා තම පුතුට ආදරය කරන සෙනෙහෙවන්ත පියෙක්....

තමාට ආදරය කරන ඇස්ටේරියානුවන් වෙනුවෙන් දැඩි තීරණයක් ගන්නා අහින්සක කිරුළ හිමි කුමරෙක්...

සියවස් දෙකකට පෙර අදුරු මායාකාරියකගේ ශාපයකට ලක් වීම නිසා කෙල්පී කෙනෙක් වූ   _______ක්....

මේ ඔවුන්ගේ දෛවයේ කතාව යි.

________________________________________
10/12/2021

බායී...😘😘😘😘

-RMP_ Moon-

Bạn đang đọc truyện trên: AzTruyen.Top