Chapter 02

…………………………………………………

The day I decided
that my life was magical,
There was suddenly
magic all around me.

- Marbeth Quin -

…………………………………………………

මාලිගා භූමියේ කොණකින් මතු වූ, මුතු ඔබ්බවා අලංකාර කරන ලද රිදී මුහුණු ආවරණයකින් සැරසී හුන් ශ්වේත වර්ණ අශ්වයා තම පිටමත උන් සිය ස්වාමියාගේ අණ පරිද්දෙන් ම මාලිගා ද්වාරය දෙසට දිව යන්නට වූයේ වේගයෙනි.

ගල් අල්ලා ඔප කළ මාර්ගයෙහි වැදුණු ඔහුගේ රිදී ලාඩම්වලින් නැගුණු කුර හඩ මාලිගා භූමිය පුරා පැතිර යන්නට වූයේ එහි වූ සියල්ලෝ ම අයා ගත් දෙනෙතින් ඔවුන් දෙස බලා සිටිද්දී ය.

අසුගේ වේගය කොතරම්ද යත් මාර්ගයේ වූ පාලිකාවන් ක්ෂණයෙන් ඉවතට කළ රාජ පුරුෂයන් ඒ සැණින් නැවත හැරී බලද්දි අසුගේ රුව වෙනුවට ඔවුන්ගේ ඉන්ද්‍රියනට හසු වූයේ වේගවත් සුළන් පහරක් පමණි.

ඒ පිටුපසින් ම තවත් කලු සහ දුඹුරු පැහැ අසුන් පිට නැගි අසරුවන් පිරිසක් දිව යද්දී ඉදිරියෙන් ම එන අසු හදුනාගත් ද්වාර ආරක්ශකයින් ඇසිපිය සලන පමාවෙන් මාලිගා දොරටුව විවර කළේ ඔවුන්ට පිටවන්නට මග සලසමින් ය.

තමන්ගේ පාවලින් නැගුණු දූවිලි මැදින් ඒ අසු දිව යද්දි ඌගේ දෙපසින් පියාපත් මෙන් දිස්වන්නට වූයේ අන් කිසිවක් නොව ඔහු මත උන් අසරුවාගේ ශ්වේත සේද වස්ත්‍රයෝ සුලග හා සමග එක්වී මවන ලද රූ දසුනකි.

හන්ෆු වස්ත්‍රයකින් සැරසී සිටි ඔහුගෙන් විද්‍යමාන වූයේ ඇස්ටේරියාවේ අන් කිසිම පුද්ගලයෙකුගෙන් දක්නට නොලැබෙනා තරමේ බලවත් බවක් බවට සැක නැත.

සිහින්,උසැති පිරිපුන් සිරුර වසාගෙන උන් සුදු පැහැ සාම්ප්‍රදායික ඇස්ටේරියානු හන්ෆු වස්ත්‍රයේ කෙළවර රන් නූලෙන් අලංකාර කර තිබුනේ තරු රටාවල් පරිද්දෙනි.ඒ රටාවල තරු වෙනුවට ඒ ඒ තැන්වල අල්ලා තිබූ මුතු ඇට අසුගේ මුහුණු වැස්මේ ඇති මුතු හා සමාන නිසා ම සුළගට ලෙලදෙන ඒ සේදයන් අසුගේ පියාපත් යැයි යමෙකු රැවටීම පුදුමයක් නොවේ.

ඔහුගේ ඉණ වටා බැද තිබූ වියතක් පමණ පළල් වූ රන් පැහැ බද පටියේ එල්ලෙමින් තිබුණු ජේඩ් පලදනාවේ දිලෙමින් තිබුණේ නීලවර්ණ මාණික්‍යකි.ඒ මාණික්‍යය හා සමානවම නිල් පැහැයෙන් දිලෙන ඔහුගේ නෙත්වල තිබුනේ තියුණු බැල්මකි.නමුත් ඒ බැල්ම අන් කිසිවෙකුට දැකගැනීමට අපහසු වූයේ ඔහුගේ එක් ඇසක් වැහෙන සේ පැලදගෙන උන් පළදනාව නිසාවෙනි.

එක්තරා ආකාරයක වේලයක් ලෙස එය හැදින්විය හැකි වුවත් වේලයක් මෙන් සලුයෙන් කර නොතිබු නිසා එයින් වේලයෙන් තරම් මුහුණ ආවරණය වීමක් නොවී ය.මුහුණ ඉදිරියෙන් යන පරිදි එක් කණෙක සිට අනෙක් කන දක්වා ඇදුණු මුතු ඇල්ලු රන් කූරකින් නිමවා තිබූ එහි වම් ඇස වටා එන කොටස ඉහළට කර මල් ලියකමින් සරසා තිබුණේ උවමනාවෙන් බලන්නෙකුට හැර අන් අයට ඔහුගේ දෑස්වල බැල්ම එකවර දැකගැනීමේ හැකියාව නැති කරමින් ය.

එකී රන් කූරෙන් පහළට එල්ලෙන ලෙස නිමවා තිබූ රන් දම්වැල් අතර වූයේ සහල් ඇටයකටත් වඩා කුඩා තරමේ හිස්තැනකි.ඒ දම්වැල් සෑම එකක්ම පාහේ තැනින් තැන පිනිබිදු තරමේ රන් බුබුළුවලින් අලංකාර කර තිබුණේ එහි වටිනාකම මොනවට කියාපාමිණි.

රන් දම්වැල් අතරින් පෙනෙන ඔහුගේ ලා රත් පැහැ  සිහින් දෙතොල් එකිනෙකට තදින් යා වී තිබුණේ ඔහුගේ මුවින් වදන් පිට නොකරන්නට ප්‍රවේශම් වෙන්නාක් මෙන් ය.

හිස මුදුනට වන්නට කොණ්ඩයෙන් කොටසක් ගෙන මුතු ඇල්ලූ රන් පළදනාවකින් එකට රදවා තිබූ ඉණ හරියට පමණ දිගු වූ ඔහුගේ රිදී පැහැ අකීකරු කොණ්ඩය ඔහුගේ වස්ත්‍ර හා සම සමව හුලගේ ලෙලෙන්නට ගත්තේ ඔහුගේ තියුණු බැල්ම එකදිගට ම ඔහුට ඉදිරියේ වූ මාවතට යොමු වද්දි ය.

ඔහුගේ දිගු අතැගිලි වටා එතුනු රැහැන් පටි ඉහළට එසවෙද්දි අසුමත ඉදිරියට නැමුණු ඔහු වේගය තවත් වැඩි කළේ නගරය දෙසට අසු මෙහෙයවමිණි.

මාලිගයේ සිට එන මේ අසරුවන්ගේ හඩ ඇසුණු  නගරවැසියෝ තම තමන්ගේ සියලු වැඩ නවතා ඒ දෙස බලන්න්ට වූයේ කුතුහලයෙනි.සිගින් මිමිණුම් හඩවල් දසත පැතිරෙද්දි ජනයා මාවතට එක් රැස් වන්නට ගත්තේ මාලිගයේ සිට එන ඒ කණ්ඩායම කවුරුන්දැයි දැනහැනීමේ උවමනාවෙනි.

"දෙවියනේ ශුද්ධ වූ පවුලේ පවිත්‍රත්වයේ සංඛේතය පියෝරා වෙළඹ නේදමේ දෙසට එනවා පෙනෙන්නේ.....!"

ජනයා අතර වූ යමෙක් මහ හඩින් එසේ කෑ ගසද්දි සියල්ලෝම ඈතින් එන පිරිස දෙස බලන්නට ගත්තේ විසල් කරගත් දෑසිනි.

"තනිවම නෙමෙයි එන්නේ මිනිසුනේ බලාපල්ලා හොදට කවුදමත ඉන්නේ කියලා......!!!"

තවත් අයෙක් කෑ ගසද්දි අසුන් පෙළ ක්‍රමයෙන් ඔවුන්ට කිට්ටු වුනේ සියල්ලන්ටම අසු මත උන් තැනැත්තා දිස්වන්නට සලස්වමිනි.

"මගේ දෙවියනේ.....!!!!"

"ඒ එන්නේ අපේ ශුද්ධ වූ පවුලේ කුමාරයා....!!!!"

අවුරුදු දොළහක පමණ දරුවෙකු අතින් අල්ලාගෙන උන් මැදිවියේ පිරිමි අයෙක් එසේ කියද්දි ඇස් හීනි කරමින් අසරුවා දෙස බලාසිටි ඔහුගේ බිරිඳ යැයි කිවහැකි ගැහැණියක් ඔහු දෙස බැලුවේ සැකයෙනි.

"ඔහේට විශ්වාසදඑන්නේ කිරුළ හිමි කුමරුන් නෙමේය කියලා...පවිත්‍රත්වයේ වෙළඹ කිරුළ හිමි කුමරුන්ගේ අණටත් යටයි නොවේද....ඔවුන් දෙදෙනාටම තියෙන්නේ ශුද්ධ වූ පවුලේ ලෙය නිසා කිරුළ හිමි කුමරුටත් හැකියිනේ ඇගේ ස්වාමියා වෙන්න...?"

ඇගේ සැමියාට පෙර ඉස්සර වුණු ඇය ලගම උන් වයසක කාන්තාවක් ඇයට පිළිතුරු දුන්නේ හිස දෙපසට වනමිනි.

"අනේ අනේ දරුවෝ..හොදින් බලාපන්අසරුවාගේ මුහුණේ රැදිලා තියෙන පළදනාව දිහා..කිරුළ හිමි කුමරු කවදහරි ඇසක් වැහෙනපලදනාව දානවා තී දැකලා තියෙනවද...?"

ගැහැණියගේ අතක් මුව මතට ගියේ සැණෙකිණි.

"හැබෑමයි...දැනුයි මං පලදනව හරි හැටි දුටුවේ...ඒ එන්නේ තේයෝන් ආදිපාදතුමා ම තමයි....!!!"

සියල්ලෝම එක හඩින් කෑ ගසන්නට වූයේ පුදුමයෙනි.

"සැන්සෝරාවේ ආදිපාදවරයා.....!!!!!!"

"අපේ තේයෝන් කුමරු...!!!!!!!"

සියල්ලෝම ප්‍රීතිඝෝෂා දෙන්නට ගත්තේ මාලිගයේ වුණු කිසිවක් ගැන අවධානයකින් තොරව ය.දිගු කලකට පසු ආදිපාද තේයෝන් දැකගැනීමට ලැබීමේ ප්‍රීතිය ඔවුන් සිත් සේ විදගත්තේ මහමග දනින් වැටී ආදිපාදවරයා එන දෙසට හිස නමමින් ආචාර කරමිණි.

නමුත් අන් දිනවලදී මෙන් නොව මෙදින කුමරුගෙන් සිනාවක් තබා බැල්මක්වත් ඔවුන්ට ලැබුනේ නැත.ඒ වෙනුවට සුළග හා සමාන ගමනින් ආදිපාදවරයා ඔවුන් පසුකර ගියේ ජනතාව පුදුමයෙන් පුදුමයට පත් කරමිණි.

"මොකක් නමුත් කලබලයක් වගේ...නැතිනම් අපිව දැක්කේ නෑ වගේ යන්නේ නෑ කීයටවත්...එතුමා තිගැස්මෙන්..."

මීනිසෙක් කියද්දි සියල්ලෝම ඇයට එකග වුණේ ඒ සමගම ඔවුන් පසුකරගෙන ගිය සේනාධිපති ඇතුළු අනෙක් අසරුවන් කණ්ඩායම දෙස බලමිණි.

"නෑ...."

කලින් උන් වයසක ගැහැණිය කීවේ ඈතින් නොපෙනි යන කණ්ඩායම දෙස බලා සුසුමක් හෙළමින් ය.සිය නෙත් ඉහළට යොමු කරමින් ඉහළ බැලු ඈ සිය දකුණත අහස දෙසට යොමු කළේ එතැන උන් සියල්ලෝම ඇයව අනුගමනය කරද්දීයි.

ඇගේ දෑස් යොමු වී තිබුනේ ඔවුන්ට ඉහළ අහසේ එකම තැන කැරකෙමින් තිබූ අදුරු වූ එකම වලාකුළට ය.

"ඔහු කේන්තියෙන්..."

_________________________________________________________________

නැවුම් මැටි පිලිස්සෙන සුවද මුලු පරිසරය පුරාම පැතිර යන්නට වූයේ වටපිටාවම ප්‍රබෝධමත් කරන්නට මෙනි.ඈතින් ඇසෙන ළමයින් කෑ ගසන හඩ එහි වු ගම්මානයේ ජීවමාන බවට මනා සාක්ෂියකි.ජනාකීර්ණ නගරය තුළ මෙන් නොව තුරුවදුලු අතරේ පිහිටා තිබූ එහි ජීවත් වන්නෝ ගත කළේ ඉතා සරල වූත් නිදහස් වූත් ජිවිතයකි.

බොරලු අතුරා නිමවා තිබූ මාවත දෙපස වවා තිබූ නොයෙක් වර්ගයේ විසිතුරු ශාක මෙන් ම ඇතුළට යත්ම ක්‍රම ක්‍රමයෙන් දැඩි වන වන ගහණය එහි සුන්දරත්වය තවත් ඔප්නන්වාලූයේ එය ඇස්ටේරියාවේ සුන්දරතම ගම්මානය බව සපථ කරන්නාක් මෙනි.

සැදෑ හිරු කිරණින් ආලෝකමත් වී තිබූ මාවත දිගේ ඉදිරියට ඇදුනු එක්තරා රුවක් උන්නේ ඒ සුන්දරත්වය හමුවේ අතරමන්ව ය.

කලු පැහැ සේද කබායකින් මුලු ගතම වසාගෙන උන් ඔහුගේ හිසද කබායේම කොටසකින් ආවරණය කර තිබුනේ ඒ සේද සලුවට යටින් වූ වටිනා ඇදුම් පැළදුම් සගවන්නට මෙනි.

එපමණක් නොව ඔහුගේ මුහුණ හරහා පැළදගෙන උන් කුඩා කලු පැහැ සේද වේලය ඔහුගේ දෑස් හැරෙන්නට ඒ මුහුණේ අන් සියලු කොණක්ම වසා දමා තිබුනේ පිටතට නිරාවරණය වූ එකම කොටස ඔහුගේ දෑස් පමණක් කරමිනි.

"කුඹල්කරුවෝ ඇයි නගරයට එන්න අකමැති කියලා දැන් තමයි මට තේරෙන්නේ...."

තමා හෝරාවකට වඩා ගත කළ ඒ ගම්මානය දිහා හැරී බලා තමන්ටම මුමුණපු ඔහු නැවත ආපසු  නගරය දෙසට එන්න ගත්තේ ඒ දෙතොල් අතර ඉබේම සිනාවක් ඇදෙද්දී ය.

එහෙත් ඒ සිනාව ඔහුගේ මුවින් මැකී යන්නට එතරම් වෙලාවක් ගත නොවුණි.මාවතට පෙනෙන මානයේ වනය ඇතුළත එක තැනකට එක් රොක් වූ මිනිසුන් පිරිසක් දුටු ඔහු හුන් තැනම නතර වුනේ ඔහුගේ නෙත් කුතුහලයෙන් පිරෙද්දියි.

පියවර කීපයක් ඉදිරියට ගිය ඔහු අසල වූ ගසකට මුවා වී ඒ දෙස විපරම් කරන්නට වූයේ ඔහුගේ හදවත අමුතු හැහීමකින් ගැහෙන්නට සලස්වමිනි.

"කවුරුන්දඉසව්වේ....?"

ඔහු තමන්ට ම මුමුණගත්තේ සෙමිනි.නමුත් එතන වුන් අයගේ වස්ත්‍ර දුටු සැනින් ම ඒ පුද්ගලයාගේ නෙත් විසල් වූයේ නිතැතිනි.

"ඇස්ටේරියාවේ නයිට්වරු....!!'

බිම වූ යම්කිසි දෙයක් වටා රොක්වී එතැන උන්නේ ඇස්ටේරියාවේ රාජකීය නයිට්වරුයි.ඒ දේ කුමක් වුවත් ඔහු හිතින් එයට ස්තූතිවන්ත වුනේ නයිට්වරු ඔවුන්ගේ සම්පූර්ණ අවදානයම එයට දී තිබූ හෙයින් ඔහු ගැන හෝදිසියක් නයිට්වරුන්ට නොවූ නිසා ය.

ඔහු වහා අනෙක් පස හැරුණේ කබායෙන් තම මුහුණ හොදින් වසාගනිමිණි.

"ඔවුන් මාව දුටුවොත්..මා ඉවරයි....!"

ඒ සැනින් ඔහු එතනින් ඉදිරියට පියවරක් තැබුවේ හයිට්වරුන්ට නොදැනී එතනින් ඉවතට යන අරමුණෙන් වුවත් ඔහු නැවතත් නතර වුණේ නයිට්වරු මද්‍යයේ පොළොව මත වූ පොදිය ගැන කුමක්දෝ සැකයක් ඔහුගේ සිතේ මතුවෙද්දී ය.

'ඒත් ඔවුන් මොකක්ද මේ වනය ඇතුළේ කරන්නේ...?'

ඔහු නැවතත් ඒ දෙසට හැරුණේ ගසට මුවාවෙමිණි.නමුත් ඔහු උන්නෙ ඔවුන්ගෙන් තරමක් ඈත නිසා එතැන සිදුවන දේ දැකගැණීම එතරම් පහසු නොවී ය.

'මොකක්ද ඒ පොදිය....!?'

ඔහු තව පියවරක් ඉදිරියට තැබුවේ ප්‍රවේසමෙනි.මහා වෘක්ෂයන්ගේ කදවල්වලට මුවා වෙමින් පියවරින් පියවර පිරිස උන් තැනට ළන් වූ ඔහු ඔවුන්ට පියවර පහළවක් පමණ දුරින් නතර වූයේ තවත් ඉදිරියට යෑම අනතුරුදායක බව දැනගනිමිනි.

සිය සිහින් දෑස් තවත් සිහින් කරමින් ඔහු ඒ පොදිය දෙස බලන්නට ගත්තේ කුතුහලයෙනි.නමුත් එක්වරම ඔහුගේ දෙනෙත් විසල් වූයේ පොදියේ එක්කොනකින් දිස්වූ සුදුමැලි පාදයක් දැකීමෙනි.

ඔහුගේ දෑතම ඔහුහේ මුව මතට යද්දි ඔහු උන් තැනින් පියවරක් පිටුපසට විසි වූයේ මුවින් සිහින් හඩක් නිකුත් කරමිණි.

"දෙවියනේ...!!!"

"ඒක මළ සිරුරක්...!"

ඔහුටත් නොදැනීම ඔහුගේ මුවින් එසේ පිටවන්නට විය.

"නුඹටත් මළ සිරුරක් වෙන්න ඇවැසි නැත්නම් කරුණාකරලා දගලන්නේ නැතිව මේ පැත්ත හැරෙනවා.....!!!"

ගැබුරු කටහඩකින් එසේ කියද්දි ඔහුගේ ගෙල පිටුපසට දැනුනේ අසිපතක පහස යි.කබායෙන් සැගවී සිටි තැනැත්තා ලොකු හුස්මක් පිට කළේ සිය නෙත් මොහොතකට පියාගනිමිණි.

"කිව්වම අහලා මූණ පෙන්නනවා මට තමුන්ගේ.....!!!!"

නැවතත් ඒ හඩම ඔහු වටා දෝංකාර දෙද්දි දෙනෙත් විවර කල ඔහු හෙමිහිට අනෙක් පස හැරුණේ තවමත් කබායෙන් මුහුණ වසාගත් ගමන්ම ය.

තමා වට කරගෙන ඉන්නා නයිට්වරුන්ගේ අසිපත් සියල්ල තමා දෙසට යොමු වී ඇති අයුරු දුටු ඔහු ඊලගට නෙත් යොමු කළේ තමාගේ ගෙලටම අසිපත තබාගෙන සිටිනා පුද්ගලයා දෙසයි.ඔහුගේ අසිපත කෙළවර වූ නවරත්නයන්ගෙන් ම ඒ කවුදැයි අදුනාගත් කාල වර්ණ කබායක් හැදි තැනැත්තා කෙමෙන් සිය හිස ඉහළට එසවූයේ තමන් ඉදිරියේ උන් ප්‍රධාන නයිට්වරයා දෙස බලමිනි.

සිය දෑත් හෙමිහිට ඉහළට එසවූ ඔහු තම හිස මත වූ කබාය ඉවත් කරන්නට වූයේ සිය මුහුණ ඔහු ඉදිරියේ උන් අයට නිරාවරණය කරමිනි.

"ඉක්මන් කරනවා..!කවුද තමු ___ "

නමුත් ප්‍රධාන නයිට්වරයාගේ මුව ගොලුවුනේ ඔහු ඉදිරියේ උන් තැනැත්තාගේ මුහුණ දුටුවායින් පසුය.

ඔහුගේ මුහුණේ යට කොටස තවමත් කලු සේද සලුවෙන් ආවරණය වී තිබුනත් ප්‍රධාන නයිට්වරයා වූ කායිට ඒ දුඹුරු ඇස් දුටු සැණින් ම ඔහු කවුදැයි අදුනාගැනීම අපහසු නොවී ය.

"කිරුළ හිමි කුමරුණි.....!!!!"

___________________________________________________________
___________________________________________________________

බැස යන හිරුගේ රශ්මි දාරාවන්ගෙන් දම් පැහැ ගැන්වුණු අහස යට රන්වන් වෙරළ සොයමින් සයුරු රළ හමා එමින් තිබුණේ මන්දගාමි වේගයකිනි.

පසෙක ඇති ගල්පරයක විටින් විට වැදෙන රළ නිසා නැගුණු දියබිදු දේදුණු රටා මවමින් ඉහළට විසි වද්දි මුහුද හරහා හමා ආ සුළග වෙරළේ හුන් දෙදෙනාගේ සිරුරු සිපගෙන පලා යන්නට වූයේ වරදක් කර හසුවූදෙක් මෙන් ය.

"ඔබට කුමක් හෝ අනතුරක් විය හැකිව තිබුනා......!"

මෙරුන් පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටි තැනැත්තා මිමිණුවේ ඔහුගේ දෑස් ඈත සයුරේ ගිලෙමින් තිබුනු හිරු දෙසට යොමු කරමිණි.

ඔහුගේ දකුණත කොපුව තුළ වූ අසිපතේ මිට මත රැදෙද්දි ඔහුගේ වමත රැදී තිබුණේ ඔහු පසෙක නැවති හුන් අසුගේ රැහැන් පටවලයි.

"නමුත් මට කිසිවක් වුණේ නෑ කායි....මං හොදින්..."

ඒ දුඹුරු පැහැ අසුමත හිදගෙන හුන් තැනැත්තාගේ මුවින් ඒ වදන් නික්මුණේ ඔහුගේ දෑසද බැස යන හිරුගේ දසුන මත රැදෙද්දී ය.

"මාලිගයෙන් පිටත අනතුරුදායකයි...නුඹ දන්නවා ඒ ගැන.."

කායි පවසද්දි සුසුමක් හෙලූ අනෙකා අසුගේ පිටින් බැස කායිගේ ඉදිරියෙන් සිටගත්තේ කායිගේ දර්ශන පථය මුවා කරමිනි.

ශ්වේත පැහැ සලුවෙන් නිමවන ලද කලිසමකට උඩින් ඇද උන් සූදු සේද කමිසයේ පිටුපසින් දිගුව ඇති දම්පැහැව්විසිරුණු දෙකොන් එහෙ මෙහෙ වන්නට ගත්තේ මද සුළගටයි.ඔහුගේ මුහුණ හරහා තවමත් කාල වර්ණ සේද වේලයක් තිබුනත් කලින් පැලදගෙන උන් කලුපැහැ කබාය ඔහුහේ සිරුරේ නොවීය.

"මාළිගය තුළ මට තනිකමයි...නුඹත් දන්නවා ඒ ගැන....!"

ඔහු කිව්වේ ඔහුගේ දුඹුරු පැහැ දෑස් කායිගේ දෑස් හා යාකරමිනි.

"කුමරුණි..."

"නුඹයි මට උන්නු එකම මිතුරා...මට වඩා බොහෝ සෙයින් වැඩිමල් වුණත් නුඹයි හැම මොහොතකම මගේ ලග උන්නු සෙවණැල්ල වුණේ....."

කුමරුන්ගේ මුවින් ඒ වදන් නික්මෙද්දි කායි කුමරු දෙස බලන් උන්නේ වේදනාව රැදි දෙනෙත්වලිනි.

"නමුත් ප්‍රධාන නයිට්වරයා වූ දා පටන් නුඹ තමයි මං ළග නොරැදුනුම කෙනා...!"

එසේ කියමින් අනෙක් පස හැරුණු කුමරු මුහුද දෙසට ඇවිද යන්නට වූයේ රලදියට හසුවන සිය දෙපා ගැනවත් තැකීමක් නොමැතිව ය.

ඔහුගේ නෙත්වල වූයේ ප්‍රධාන නයිට්වරයාගේ දෑස්වල වූවාටත් වඩා වේදනාවකි.එය නයිට්වරයා නොවුටුවා නොවේ. ඔහුගේ හදවත වරදකාරි හැගීමකින් කෑ ගසද්දි ඔහු ඉදිරියට පියවරක් තැබුවේ කුමරුන්ට ආමන්ත්‍රණය කරමිණි.

"කුමරුණි....."

කිරුළ හිමි කුමරුගේ මුවේ ඇදුනේ වේදනාත්මක සිනාවකි.

"ජිමින්...."

කායි කුමරු දෙස බැලුවේ කුතුහලයෙනි.

"කුමක්ද...?"

අර වේදනාත්මක සිනාවෙන්ම ආපසු හැරි කායි දෙස බැලූ කුමරුගේ මුවින් නික්මුණේ ගැඹුරු සුසුමකි.

"ජිමින්...කිරුළ හිමි කුමරු වීමට පෙර නුඹ මට ඇමතුවේ එහෙම.....!"

තමන්ට පිටුපා උන් කුමරු දෙස කායි බලන් උන්නේ වේදනාවෙනි.

'නුඹට එනමින් කතා කරන්න මට මොනතරම් නම් ඇවැසිද කියලා දන්නේ මාම පමණයි කුමරුනී......!'

කායි සිතුවිලි අතර අතරමන් වෙද්දි කිරුළ හිමි කුමරු ජිමින් ද කල්පනාවේ ගිලෙන්න විය.

නමුත් විනාඩියක් යන්නටත් මත්තෙන් ඔවුන්ගේ දැහැන මිදි ගියේ වෙරළ කොණකින් ඇසෙන අශ්ව කුර ගැටෙන හඩෙනි.

කායි ක්ෂණයෙන් හඩ ආ දෙසට හැරෙද්දි කුමරුද එදෙස බැලිවේ අවදානෙන් ය.

නමුත් ඔහුට හුස්ම පවා අමතක වුණේ ඔවුන් දෙසට එන අසුන් කණ්ඩායමේ ඉදිරියෙන් ම වූ පුද්ගලයා දැකීමෙනි.කේන්තියෙන් පිරී තිබූ ඔහුගේ තියුණු දෙනෙත් එක එල්ලේම යොමු වී තිබුනේ කායි අසලට වී ගල් ගැසී උන් කුමරුන් මත ය.

"දෙවියනේ………පියාණන්......!!!"

_______________________________________________________________

ශුද්ධ වූ පවුලේ විශ්වාස සහ සම්ප්‍රදායන්...

ඇස්ටේරියානු ශූද්ධ වූ පවුලේ මායාකරුවන් වසර දහස් ගණනක පටන් පැවතගෙන එන්නෝ වෙති.කාලයත් සමග ඔවුන්ගේ ඇදුම් පැලදුම් ගති රටා වෙනස් වූවත් තවමත් ඔවුන් පිලිපදින සම්ප්‍රදායක් වන්නේ ඔවුන් අදින වස්ත්‍රයි.

ඔවුන් වසර ගණනාවක් පුරාවටම සිය වස්ත්‍ර ලෙස භාවිතා කළේ සාම්ප්‍රදායික හන්ෆු ඇදුම් සහ ඔඇලදුම් ය.ශුද්ධ වූ පවුලේ අවසන් මායාකරුවා වන පාක් ටේයෝන් ආදිපාදවරයා ද සෑම විටම මේ හන්ෆුවලින් සැරසී සිටිනු දැකගත හැකි ය.සේද හෝ වටිනා පිළියෙන් කරන ලද මේවා සමග ජේඩ් පළදනා හෝ වටිනා මුතු,මැණික්,රන් ආදියෙන් කරන ලද පළදනා භාවිතා කරනු ලබයි.

රිදී පැහැ කොණ්ඩයකට හිමිකම් කියූ ටේයෝන් කුමරුගේ ඉණ තෙක් දිගු වූ කෙස් කළඹ බොහෝ විට චන්ද්‍රපාෂාණයෙන් හෝ මාණික්‍යන්ගෙන් කරවන ලද පලදනාදියෙන් සැරසෙයි.

මුහුණු ආවරණය

ශුද්ධ වූ පවුලේ ඇති තවත් වැදගත් ම සම්ප්‍රදායක් වන්නේ ඔවුන් සිය මුහුණු ආවරණය වන පරිදි පළදින වේලයයි.සෑමවිටම රාජධානියේ සුන්දරතම සහ කඩවසම්ම දරුවන් උපදින්නේ ශුද්ධ වූ පවුලේ වීම නොරහසකි.මේ වේලය පැළදීමේ හේතුව වන්නේ ඔවුන්ගේ සුන්දරත්වය , කඩවසම්බව සාමාන්‍ය මිනිසුන්ගේ බැල්මෙන් සගවා තැබීමයි

වටිනා රනින් හෝ රිදියන් කොට මුතු මැණික්වලින් සැරසෙන මේවා පැළදීමට පෙර සළකා බලන කරුණු කීපයක් වෙයි.

ඹොහොවිට මේ පලදනාව පළදින්නේ විවාහ නොවූ ශුද්ධ ලේ ඇත්තන් හෝ විවාහ වී සහකරුගේ වියෝවෙන් පසු තනිවන්නන් විසිනි.

මෙහිදි පාක් ටේයෝන් එසේ සහකරු අහිමි වූවෙකු බැවින් මේ පළදනාව පලදිනු ලබයි.

පියෝරා වෙළඹ

කාලවර්ණ අසෙකුට දාව කාල වර්ණ වෙලඹකගේ කුසින් උපදින ශ්වේත වර්ණ වෙළඹ හදුන්වන්නේ පවිත්‍රත්වයේ වෙළඹ නමිනි.ඕ ශුද්ධ වූ පවුලේ සේවය වෙනුවෙන් ඇස්ටේරියා දෙවගන විසින් එවන ලද ත්‍යාගයක් යෑයි ඇස්ටේරියානුවෝ විශ්වාස කරති.

වසර දෙසීයක් පමණ ආයු වළදන මොවුන්ගේ මරණය සිදුවන මොහොතේම කාලවර්ණ වෙළඹකගේ කුසින් නව පියෝරා වෙළඹගේ උපත සිදුවෙයි.

කෙසේ වෙතත් මේ පියෝරාවන්ගේ සේවය ලබා ගැනීමට නම් ඒ තැනැත්තා ශුද්ධ වූ රුධිරය දරන්නෙක් වීම අනිවාර්‍ය වේ.පාක් ටේයෝන් කුමරු හැරුණු විට පියෝරා සිය සේවය ලබා දෙන්නේ කිරුළ හිමි ජීමින් කුමරුට පමණක් වීමේ හේතුව එයයි.

කිරුළ හිමි කුමරු පාක් ජීමීන්

කිරුළ හිමි කුමරු ශුද්ධ වූ පවුලේ වුවත් රාජකීය රුධිරය දරන්නෙක්ද වන හෙයින් ඔහුගේ ඇදුම් පැළදුම් එකිනෙක මිශ්‍ර වූ ගතියක් පෙනේ.

ඔහු හන්ෆු වෙනුවට ඒ මෝස්තරයට නිමවන ලද සේද හෝ වටිනා රෙද්දෙන් කරන ලද වස්ත්‍ර භාවිත කරයි.රාජකීය පවුලේ මෙන් කලිසම්වලින් සැරසෙන ඔහු හන්ෆු මෝස්තරයකට නිමවන ලද කමිස උඩුකය සදහා යොදාගනියි.එම කමිසයට උඩින් අදින සේද කබායක් වන් වූ ඇදුම පිටුපසින් දණහිස පමණ වෙන තෙක් දිගු වෙයි.

සිය මවගේ මෙන් තද දුඹුරු පැහැ කෙස් කළඹ්කට හිමිකම් කියන ඔහුගේ ගෙල තෙක් දිගු කෙස් කැරළි ගතියකින් යුතු ය.සෑම විශේශ අවස්තාවකම අගනා දියමන්තියෙන් කරවන ලද කිරුළක් හිස දරන ඔහු අනෙක් වෙලාවට හිස මුදුනට වන්නට පළදින සරළ පලදනාවක් දරා සිටිනු දැකිය හැකිය.

තවම අවිවාහක වන කුමරු සිය පියා මෙන් ම මුහුනුවේලයකින් සිය මුහුණ ආවරණය කරගන්නා නමුදු එයින් සැගවිය නොහැකි තරමේ කඩවසම් බවක් හා ගැබ්වුනු සුන්දරබවක් ඔහු සතු ය.

නොයෙකුත් ආකාරයේ අවාන්වලට ඔහු අතිශය කැමැත්තක් දක්වයි.

____________________________________________________________

04/12/2022
(2421 words)

කොහොමද ළමයි.....මතකද මේ කතාව..😶

මේ මාසේ ඉදන්වත් දෙන්න ට්‍රයි කරන්නම්...🥲

දුස්ට අස්පයා එනකම් කම්මැලි කෑලි තමයි ඉතින් තියෙන්නේ..සොරී..🥺

ලව්‍යූ....😘💙

"When I'm with you
There is no one else
I get heaven to myself
When I’m with you"

Happy Birthday Our Worldwide Handsome....🥺❤️



Moon_Fayre

Bạn đang đọc truyện trên: AzTruyen.Top