내 가장 자랑스러운❤️[මගෙ ආඩම්බරකාරී] nae gajang jalangseouleoun ...
Kim taehyun's pov
මන් දැන් ඉන්නෙ මගෙ ඇදේ මන් දකින්න හැමදාම ආස කරපු මගෙ ලගින්ම තියාගන්න ආස කරපු මගෙ ආඩම්බරකාරී එක්ක...එයා හොඳටම නිදි දැන් නන් අහිංසක චූටි පූස් පැටියෙක් වගේ ඒකට ඇහැරිලා ඉද්දි නයි පරාදයි ...ඒත් මන් ආදරෙයි ගොඩාක් ගොඩාක් ..මගෙ රස්තියාදුකාර වැඩකට නැදි ජීවිතේට අලුත් පනක් දුන්නෙ එයා ..නෑ නෑ මන් රස්තියාදුකාරයෙක් කිව්වට කොරියාවේ ලොකුම businessman කෙනෙක් .මගෙ අප්පාගෙ company එක තමා මන් කරගෙන යන්නෙ ..මගෙ අප්පාට තමා මෙහෙ ලොකු businessman කෙනෙක් දැන් ඉතින් මන් ceo...
මට මගෙ ආඩම්බරකාරී හම්බුනෙ අහම්බෙන්..
මන් එයාගෙ මගෙ පැටව් දෙන්නා හින්දා ලොකු වෙලා තියෙන බන්ඩියට හාද්දක් තිබ්බා...මගෙ මැනික ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ...ඒත් මන් ගොඩාක් බය වෙලා ඉන්නෙ මොකද මන් නෙ අප්පා..🤩😌🤤🤤🤤😥🤐🤐 ...මන් අප්පා කෙනෙක් වෙන්න යන්නෙ...මට මගෙ වගකීම් හරියට ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියලා මට ගොඩාක් ලොකු බයක් දැනෙනවා...මගෙ මැනිකට නිවුන්නු හම්බෙන්න ඉන්නෙ...මට දැනුනු සතුට වචනෙන් කියා ගන්න බැරි තරම්...මන් එයාගෙ සිනිඳු කොන්ඩෙ අතගාලා නලලට හාද්දක් දුන්නා...
හොඳටම රෑ වෙලා උනත් මට නින්ද නම් ගියෙ නෑ..මාව මගෙ අතීතයට ඇදිලා ගිය නිසා මගෙ ආඩම්බරකාරී මට හම්බුනු කාලෙට...මගෙ ඉඩෝරෙට අහුවෙලා විනාස උනු ජීවිතේට වැස්සත් එක්ක වස්සාන කාලෙ අරන් ආපු මගෙ සුරංගනාවි හම්බුනු දවස් වලට...
flashback
Before two years
" මොකක්ද ලමයෝ මේ ඔයාගෙ ජීවිතේ ආ...පොඩ්ඩක් අප්පගෙ business එක බලාගෙන ඉන්නකෝ... "
අප්පා සුපුරුදු පරිදි අදත් මට දේසනේ දෙන්න පටන් ගත්තා.මට දැන්ම business බලාගන්න ඕනෙ කමක් නෑ අනික මට ඕනෙත් නෑ..ඒකත් මට ඉන්නෙ අප්පලා දෙන්නෙක් නෙ..මට හැමදාම වගේ දේසනේ දෙන්නෙ ජින් අප්පා...
" කිම් ටේහ්යුන් ...මොකක්ද මේ ජීවිතේ ඇගේම පච්ච ගහගෙන..කෙල්ලක් වත් බලන්නෙ නැති වෙයි මන් දන්නෙ නෑ...🤩😑🤨🤨🤨 "
කෙල්ලො හික්ස් කොල්ලො නන් බලනවා ඕනෙ තරන් ඒත් හිතට අල්ලපු එකෙක්වත් නෑ..මන් ආස නෑ මේකප් තට්ටු තට්ටු උලාගෙන කොට කෑලි අදින කෙල්ලොන්ට.මල හෝන්තු
" ජින්ජා ...අප්පා..මට ඕනෙ නැති කෙල්ලෙක් නෑ... "
" කොල්ලෙක් හරි කමක් නෑ 🤩😌🤐 "
" 😖🤑🤑🤑😩🤯 "
මන් ඉක්මනට එලියට ගියා මෙයාලගෙ වැඩේ එක්කො කෙල්ලෙක් එක්කො කොල්ලෙක් නැත්තං මට company ගම්න ලු..ඊට පස්සෙ ගෙදර ඉදන් සපාන් එකේ ලව් කරන්න වෙන්න ඇති...
" අපේ ලමයට මොනවා වෙලාද ජින්..බලන්නකෝ.. "
" ඔයා බය වෙන්න එපා ජූන් මන් ශිව දෙවියන් ට බාරෙකුත් උනා එයාට කලදසාවක් හරි ගියොත් ඔයා ලව්වා පොල් ගෙඩි දාහක් කුඩු කරනවා කියලා "
" හ්ම්ම්ම්ම්😧🤯🤯....හෑ....🤩😖🤑🤑😲🤑🤑🤑 "
නම්ජුන්ට එකපාරටම හික් ගෑවුනා කොල්ලා හෙන කෙල ගුලියක් ගිලලා ඔලුව වැනුවා ඉතින්..🤩😂🤩 ටේහ්යුන් තමා ජින්ගෙයි නම්ජුන්ගෙ චූටි පුතණ්ඩියා ඉතින්...ටේහ්යුන් පොඩ්ඩක් රස්තියාදුකාර ටයිප් කොල්ලෙක් ..කිසි වගකීමක් නැතුව හැසිරෙන්නේ ..කොල්ලා කලු හූඩියකුයි කලු කලිසමකුයි ඇදගෙන ඔහේ පාරේ ඇවිදගෙන ගියා කොල්ලට යන්නෙ කොහෙද කියලා තේරුමක් තිබ්බේ නෑ ටේහ්යුන්ට...ඒත් කොල්ලව තැනකට අරගෙන යයි ..දෛවය විසින්....
ඇත්තටම මන් යන්නෙ කොහෙද කියලා අදහසක් තිබ්බේ නෑ ..ඔහේ ඇවිදගෙන ගියා..අන්තිමේ නතර උනේ හන් වැට ලග..කොහොමත් මගෙ කකුල් මෙතන තමා හොයාගෙන එන්නෙ...මන් සිගරට් පෙට්ටියෙන් සිගරට් එකක් අරගෙන ලයිටර් එකෙන් ඒක පත්තු කරන්න ගියේ ඒත් එකපාරටම මන් දැක්ක දේ නිසා පොඩ්ඩක් නැවතුනා වගේ...එයා ඇදන් උන්නෙ සුදුම සුදු පාට දිග ගවුමක්...හොල්මනක් ද නෑ වෙන්න බෑ මෙච්චර ලස්සන හොල්මන් ඉන්නවද..ඒකත් සුරංගනාවියො වගේ හොල්මන් ...මන් එයා දිහා දිගටම බලන් ඉදියා...එයාගෙ කොන්ඩෙ තිබුනෙ ඉන ගාවට විතර දුඹුරු පාටට හුරු කලුම කලු දිලිසෙන කොන්ඩයක්...මන් ගෑනු ලමයෙක් දිහා මෙච්චර වෙලා බලන් ඉදියමයි...හැබැයි එයා අපේ රටේ කෙනෙක් නෙමේ...එයා සුදුයි..ඒත් අපි තරම් නෑ එයාට රත්තරං පාටට හුරු සුදු පාටක් තිබුනෙ...
මන් එකපාරටම උගුරෙන් පහලට කෙල ගුලියක් ගිල්ලා එයා ලොලි පොප් එකක් උරන නිසා...එයාගෙ plump රෝස තොල් වලින් හිමීට ඒක උරනවා ..ඒ ලොලි පොප් එක පින් කරලා තියෙනවා...ඒ රෝස තොල් වල වැදෙන්න..මට හිතුනා ඇයි මනුස්සයෙක් වෙලා ඉපදුනේ කියලත් ලොලි පොප් එකක් නොවී..🤩😒🤤🤤🤤 මන් එහෙම්ම එයාගෙ මූන පුරාම ඇස් යැව්වා..එයාගෙ ඇස් බෝලයි ලොකුයි...ඒත් අමුතු ම ලස්සනක් තියෙන්නෙ...එයාගෙ නහය පුංචි යි හුරුබුහුටි මූනක් තියෙන්නෙ හුරතල් පාටයි...මන් සිගරට් එකෙන් දුම් උරලා පිටකරා කවදාවත් නැතුව මට සිගරට් එකත් එපා වෙලා වගේ..මන් හන් ගග දිහා බැලුවා..ගැඹුරු යි ඒ වගේම සංසුන් හරියට ම මගෙ එහා පැත්තෙ ඉදපු ගෑනු ලමයගෙ ඇස් වගේ...කියවන්න අමාරු උනත් ආස හිතෙනවා..ඒවා හැමදාටම අයිතිකර ගන්න..ලග තියාගන්න ..ඒ තොල් ලෝබ කරවනවා මාව මගෙම කරගන්න අයිතිවාසිකම් කියන්න ...එයාගෙ ඇස් පිහාටු දිගයි ඒ වගේම ඝනකම යි වගේ...එයාගෙ බෝල ඇස්වලටම හරියට ම ගැලපෙනවා...
ඒත් එක්කම මන් ගැස්සුනේ එයා මන් දිහා බලපු නිසා..ඒ බැල්මට ගැස්සුනේ නෑ කිව්වොත් බොරු ..මන් ඇත්තටම ගැස්සුනා එයාගෙ ඇස් නිකන් දැන් තමා හරියට දැක්කෙ දුඹුරු ඇස්...බලල් ඇස්...ලස්සනයි ...වශී උනොත් ගැලවීමක් නෑ...මන් ඒ ඇස් දිහාම බලන් උන්නා...ඒවා ගැඹුරු යි මන් හිතුවා වගේම ... මට දැනුනා මගෙ කම්මුල් පිච්චිලා යනවා වගේ... ආයිශ් ජින්ජා ටේහ්යුන් ඔයා රතු වෙලා ද...මන් මගෙම කම්මුල් වලට ගහගත්තා...මට ආපහු එයා දිහා බලන්නත් මොකක්ද මොකක්ද වගේ...මට මොකක් වෙලාද මේ මන් ලැජ්ජ වෙනවද...ජින්ජා..ආයිශ්
" ලොලි පොප් රසයි...ගොඩාක් ඔය දුම් වලට වඩා... "
මන් ආයෙත් සුප්පටම ගැස්සුනා..අර ගෑනු ලමයා මගෙ මූනට සෙන්ටිමීටරයක් විතර දුරකින් ඉදියෙ..එයාගෙ කොරියන් කතා කරද්දි මාරම කියොට් වොයිස් එකක් ආවේ..කියෝට්...එයාගෙ උනුහුම් හුස්ම මගෙ මූනෙ වැදුනා මාරම සනීපයි ...එයා ලග සුවදයි මාරම සුවදයි ජෙස්මින් සුවදයි...හිතම සංසුන් වෙනවා ඒ සුවදට...එයා මට වඩා පොඩ්ඩක් මිටියි...එයා ලොලි පොප් කෑව නිසා තොල් රතු වෙලා ...මට හිත කිව්වේම ඒවා ඉබපන් කියලා ...
එයා මගෙ මුලු මූන පුරාම ඇස් යැව්වා...ඒ ඇස් මාව මරනවා වගේ...මට එයාගෙ තොල් ලේ රහ වෙනකන් උරන්න ඕනෙ...මේ දැන්ම..ඒත් කොහොමද එහෙම කරන්නෙ එයා මන් ගැන මොනා නොහිතයි ද..මන් මහ නොසණ්ඩාලයෙක් කියලා හිතයි ...
ඒත් උනේ එයා මගෙ කටේ එයාගෙ ලොලි පොප් එක ගැහුවා..ඊට පස්සෙ මගෙ සිගරට් එක අල්ලලා විසික්කරලා දැම්මා...මන් එයා දිහාම බලන් උනා..
" මන් කිව්වනේ ලොලි පොප් රසයි.. "
එයා එහෙම කියලා හිනාවුනා..දෙයියනේ ඒ හිනාව...මාව පිස්සු වට්ටන්න එපා ඔහොම ...එයාගෙ හිනාව මාරම ලස්සනයි ...එයා ගෙ ඇස් දිලිසුනා හිනාවෙද්දි එයාගෙ ඇස් පවා හිනාවෙනවා...ඒත් එක්කම එයා මාව පහුකරගෙන ඇවිදගෙන ගියා..හරියට කිසි දෙයක් උනෙ නෑ වගේ...ඔව් ඉතින් එච්චර ලොකුවට දෙයක් උනේ නෑ තමයි ...🤩😑🤐🤐🤐
මට එයාට එහෙම යන්න දෙන්න ඕනෙ උනෙ නෑ..ගොඩක් අය කියනවා මන් ආත්මාර්ථකාමී කෙනෙක් කියලා ..ඔව් මන් ගොඩක් ආස කරන ආදරය කරන දේවල් වලට මන් ගොඩක් ආත්මාර්ථකාමීයි...මට හිතුනා එයාව උස්සගෙන ගිහින් මගෙ කාමරේට දාලා ලොක් කරලා තියාගන්න..හරියට පැහැරගෙන ගිහින් වගේ..මට ඕනෙනන් එහෙම කරන්නත් පුළුවන් ..මට ඕනෙ දෙයක් කරන්න පුළුවන් ...
" මේ ලොලි පොප්.... "
මන් කෑගැහුවා එයාට ඇහෙන්න උපරිම ධෛර්ය අරගෙන. ජීවිතේට ආසවක් එකපාරටම අරන් ඇවිත් එක බැල්මකින් මගෙ හිත හොරකන් කරලා එහෙම පැනලා යන්න දෙයි ද මේ මන්...මේ කිම් ටේහ්යුන් එහෙම නෑ...🤩😏🤐🤐🤐
එයා එකපාරටම හැරුනා..එයා ඇස් වලින්ම අහලා දැම්මේ ඇයි කියලා ..ආයිශ් ඇස් වලින් කතා කරන්න එපා කෙල්ලෙ...ඔයාගෙ ඇස් මාව අවුස්සනවා...හිතුනොත් සත්තයි උස්සගෙන යනවා..ගෙදරින් ඉතින් පිලිගනී නේ..🤩😐🤩🤩 එයාලත් ඉතින් මන් කෙල්ලක් ගේනකන් නෙ බලන් ඉන්නෙ
මන් එයාගෙ ලොලි පොප් එක කටේ ගහගෙනම එයා ලගට අඩි තිබ්බා...ම්ම්ම්ම් ස්ට්රෝබෙරි රසයි...එයාගෙ තොල්වල රසත් මේ වගේ වෙන්න ඇති...මට ඒ තොල් රැයක් දවාලක් නැතුව උරන්න ඕනෙ...මුලු ජීවිතේටම ඒ රස ඕනේ..මන් එයා ගාවට යන්න යන්න එයා පිටිපස්සට ගියා..ආහ්..ඒ මොකක්ද ඒ...මටම හිනා මන් යන්න යන්න එයා පිටිපස්සට පිටිපස්සට යනවා මන් නැවතුනා එයත් නැවතුනා .... අපි අතර ඉඩක් තියෙනවා හරියට අපේ ජීවතවල වගේ..මන් එහෙම්ම උන්නා..මන් අඩියක් පිටිපස්සට ගියා එයා අඩියක් ඉස්සරහට ආවා...ආහ් ඔයා සෙල්ලම කරනවද...එයාගෙ මූනෙ තිබ්බේ දගකාර හිනාවක්..මාව වශී කරවනවා එයාගෙ හැමදේම ..එයා කොන්ඩෙ හදන විදිහ...ඒ බෝල ඇස් මන් දිහා බලන විදිහ...ඒ ඇස් පිහාටු තාලෙකට ඇසිපිය ගහන විදිහ...මට ඒ ඔක්කොම පිස්සුවක් වගේ...එයාගෙ කම්මුල් ලස්සනයි ...රෝස පාටට හුරුයි...හරියට රෝස මලක් වගේ...
මට ආපු අදහසකට මන් ආයෙත් ඉස්සරහට ඉස්සරහට ගියා නවතින්නෙ නැතුව ම..එයා දිගටම පිටිපස්සෙන් පිටිපස්සට ගියේ මට කුරිරු සතුටක් ගෙනල්ලා එයා මගෙ වැඩේ ලේසි කරනවා...එයා පිටිපස්සට ගිහිල්ලා නතර උනා...ඇයි ආයෙ ගියෙ නැත්තෙ තව චුට්ටක් යන්නකෝ...එයා මට හිනාවුනා...ආහ් මන් කරන්න යන දේ දැන ගත්ත ද..ඔව් මන් එයාව එයාගෙ පිටිපස්සෙ තියෙන ලයිට් කනුවට හිර කරගන්න උන්නෙ..ඒත් එයා නැවතුනා...
" ආඩම්බරකාරි "
මන් මිමිනුවා..එයා ආඩම්බරයි ...ඇත්තටම හැබැයි එයාට ඒක හොඳට ගැලපෙනවා කොහොමත් ගෑනු ලමයෙක් ආඩම්බර උනාම ගතියකුත් තියෙනවා...
එයා ආයෙත් අනිත් පැත්තට හැරිලා යන්න ගත්තා...ආයෙමත්...එයාගෙ ගමන හරි සංසුන්...කිසිම කලබලයක් නෑ...She is really something ..and interesting .. මන් එයා යන දිහා බලන් උන්නා...එයා එකපාරටම මට ලොලි පොප් එකක් පෙන්නුවා...ඒත් එයා දිගටම අනිත් පැත්තට හැරිලා ඇවිදිනවා...එයා හිනාවෙනවා...මට ඒක හිතුනා... මාත් හිනාවෙවීම එයා මට දුන්නු ලොලි පොප් එක උරන්න ගත්තා..ස්ට්රෝබ්රෙරි රසයි..ඒ වගේම interesting...
එයා මගෙ ඇස්වලින් මැකිලා යනකන් මන් බලන් උන්නා...අඩුම නමක්වත් දන්නෙ නෑ අඩුම ඉන්නෙ කොහෙද වත් කියලා ..කිසිම දෙයක් දන්නෙ නෑ ...හැබැයි ජීවිතේට පලවෙනි වතාවට වගකීමෙන් වැඩකරන්න ඕනෙ කියලා හිතුනා මේ රස්තියාදුකාර ජීවිතේ අප්පිරිය උනා...මගෙ ආඩම්බරකාරී..nae gajang jalangseouleoun ..මන් මගේ කියලා කියන්නන්...එයා කාගෙ කවුරු උනත් එයා මගෙ හදවත හොරකන් කලේ..ඉතින් මට වෙන මුකුත් අදාළ නෑ මගෙ පපුවේ එයාගෙ රූපෙ තියෙනවා...එයාගෙ ලග මගෙ හදවත තියෙනවා ඉතින් සමානයි නෙ..මට එයාව මගේ කියලා කියන්න පුළුවන් නේ... එයා නොදැන උනත් මට වගකීමෙන් වැඩ කරන්න මැජික් පෝශන් එක උනේ එයා..එයාගෙ ඇස් ඒ වගේම එයාගෙ තොල්...ඒවට අයිතිවාසිකම් කියන්න ලෝබ හිතුනා...ඒ වගේම බය හිතුනා මන් නිකන් රස්තියාදුකාරයෙක් වගේ නේ...එයා මට අකමැති උනොත්...ඒම වෙන්න දෙන්න බෑ...මන් කොහොම හරි වගකීම් දන්න මනුස්සයෙක් වෙනවා...
මන් ලොලි පොප් එක ඉවර වෙනකන්ම උරන්න ගත්තා ඒත් ඊට පස්සෙ බයත් උනා..දෙයියනේ මේක ඉවර උනොත් මන් නිකන් ඒක පරිස්සන් කරන්න ගත්තෙ ඒක ලෝකෙ අන්තිම ලොලි පොප් එක වගේ...කොහොමින් කොහොම හරි මන් ආපහු ගෙදර ගියා...මන් ඉක්මනට ගියේ ලිවින් රූම් එකට...මන් දැක්කා අප්පලා ඉන්නවා...
" අප්පා මට වගකීමෙන් වැඩ කරන්න ඕනෙ...දැන් ඉදන් හරි කමක් නෑ... "
ටේහ්යුන් එකපාරටම නම්ජුන්ට ගිහින් කිව්වා ..නම්ජුන් නිකන් ප්රාතිහාර්යයක් දැකලා වගේ එකපාරටම ජිනුත් ඩිම් උනා...
" ටේහ්යුන් පුතේ..ඔයා ඔය හොඳින් නේද "
නම්ජුන් ඇහුවේ හොඳටම බය වෙලා..ඇයි දෙයියනේ දැන් ටිකකට ඉස්සෙල්ල ගෙදරින් ගිය කොල්ලා නෙමේ දැන් ඇවිත් ඉම්නේ..🤩😂🤩
" අනී..මට මුකුත් වෙලා නෑ..මන් හෙට ඉදන්ම අප්පා එක්ක company එකට එන්නන්...ජීනි මාව උදේම ඇහැරවන්න...."
ටේහ්යුන් එහෙම කියලා කෑගහගෙනම උඩතට්ටුවට ගියා..
" ජූන් ...අපි බාරෙ ඔප්පු කරන්න ඕනේ....ජය බෝලේනාත්...🤩 "
ජින් එහෙම කියලා ගියා යම්න..නම්ජුන් කොල්ලා ට තව ශොක් එකක්..පොල් ගෙඩි එකක් දෙකක් නන් කමක් නෑ ඒකත් පොල් ගෙඩි දාහක්..🤩😂🤩🤩🤩 ටේහ්යුන් කාමරේට වෙලා එයාගෙ ආඩම්බරකාරී ගැන කල්පනාවක....
මන් කාමරේට ඇවිත් එයා ගැනමයි කල්පනාවට වැටුනේ...මන් ඉක්මනට කොලේකුයි පැන්සලකුයි අරගෙන එයාගෙ ඒ ලස්සන ..හුරතල් මූන අදින්න ගත්තා..මට බය හිතුනා මගෙ ආඩම්බරකාරී මගෙ ඇස් මානෙන් පේන්නෙ නැති වෙලා ගියා වගේ..මගෙ හදවතෙනුත් මැකිලා යාවි කියලා ...මට චිත්ර අදින්නත් පුළුවන් නේ...මන් ඇදලා ඉවර වෙලා බැලුවම මට ඒම හිතුනා...මන් ඒ තොල් වල ඇගිලි ගෙනිච්චා ඒවා ගොඩාක් සිනිඳු ඇති හරියට රෝස මල් පෙති වගේ...
මන් එහෙම්ම ඇදේ ඇල උනා...පරිස්සමෙන් ඒ රූපෙත් අරන් තිබ්බා...මට එයාව ඕනී...හැමදාටම මගෙ අන්තිම හුස්ම වෙනකන් මගෙ ලගින් ඉන්න...ආදරේ කරන්න...ජීවිතේ බෙදාගන්න...අඩන්න හිනාවෙන්න...මට මගෙ ආඩම්බරකාරී ව හැමදාටම ඕනී...
ටේහ්යුන්ට මුලු රෑම නින්දක් තිබ්බෙ නෑ එයාගෙ නින්ද පවා එයාගෙ ආඩම්බරකාරී හොරකම් කරලා..හදවත ම හොරකම් කරපු එකේ නින්ද කියන්නේ මොකක්ද නේද ..ආදරේ මහ පුදුමයි සමහරු නොදැන උනත් ඔයාලගෙ ජීවිතේට බලාපොරොත්තු දෙන්න පුළුවන් ..නොදැන වුනත් හයියක් ධෛර්යක් වෙන්න පුළුවන් ..වගේ තමයි ටේහ්යුන්ගෙ ආඩම්බරකාරීත්...එයා නොදැන උනත් ටේහ්යුන්ගෙ මැජික් පෝශන් එක වෙලා...දවසක ඒ දෙන්නා හම්බවෙයි..හදවතේ ඒ කැකෑරෙන ආදරේ ඇත්තක් නන් අනිවාර්යයෙන් දෙවියොත් ඔයාලගෙ පැත්තෙ ඉදීවී....
ටේහ්යුන් උදේම ඔෆිස් යන්න ලෑස්ති උනා...කොල්ලව ඇහැරවන්නත් ජින්ට උනේ නෑ කොල්ලා තනියෙන් ඇහැරිලා පාන්දර ම...ටේහ්යුන්ගෙ අත්වල ටැටූස් තිබ්බත් කොල්ලා ෆුල් සූට් එකෙන් ඒවා වහගත්තා...
නම්ජුන්ටයි ජින්ටයි හරි පුදුමයි ටේහ්යුන්ගෙ මේ වෙනස් වීම ගැන..ජින්ට නම් තේරුනා ඒකට හොඳ හේතුවක් අනිවාර්යයෙන් ම ඇති කියලා එයා හිටියෙ ඒක එයාගෙ පුතාම ඇවිත් කියනකන්...ටේහ්යුන් හරිම කඩවසම් ෆුල් සූට් එකට...අප්පලා දෙන්නම කොල්ලව වර්ණනා කලා..ඒත් ටේහ්යුන්ගෙ හිත ඉල්ලුවේ වෙන කෙනෙක් ව...ඒ ඉතින් එයාගෙ ආඩම්බරකාරී ම තමා...ඔෆිස් කොල්ලා උනන්දුවෙන් වැඩ ටික අල්ලගත්තා ...නම්ජුන්ටත් හරි සතුටුයි..එයාට දැන් එයාගෙ වගකීම ටේහ්යුන්ට දෙන්න පුළුවන් බය නැතුව ...
දවස ගෙවිලා ගියේ ටේහ්යුන්ට ඒක ටිකක් වෙහෙසකර වෙද්දි...ටේහ්යුන්ට ඒත් එයාගෙ මැජික් පෝශන් එක උදව් වුනා..වෙන කවුද ඉතින් එයාගෙ ආඩම්බරකාරී මිසක්...ටේහ්යුන් හිටියෙ රෑ වෙනකන්..එයා හිතුවා එයාගෙ ආඩම්බරකාරී අදත් හන් වැට ලගට ඒවි කියලා ....ඒ පුංචි අහිංසක බලාපොරොත්තුව ටේහ්යුන්ගෙ හිතම සතුටින් පිරෙව්වා...
ටේහ්යුන්ට දැනුනෙ කාලෙ යන්නෙ හරි හිමින් කියලා ..කොල්ලට ඒ තරම් හදිස්සිය එයාගෙ ආඩම්බරකාරී බලන්න යන්න...ඒත් වෙනදාට යන ටේහ්යුන් නෙමේ ටේහ්යුන් ඇදුම් පවා ගැලපුවා...ටේහ්යුන්ගෙ කොන්ඩෙත් වෙනස්...දැන් රස්තියාදුකාර පාටක් ගෑවිලා වත් නැති තරම්.වෙනස් ටේහ්යුන් කෙනෙක් ....ටේහ්යුන්ගෙ මේ වෙනස එයාගෙ අප්පලා දෙන්නට හොඳටම පෙනුනා ඒ වගේම දැනුනා ඒත් ඒක හොඳ වෙනස් වීමක් නිසා ටේහ්යුන්ගෙන් අහන්න ගියේ නෑ..ටේහ්යුන් අඩි තිබ්බේ හන් වැට ගාවට යන්න...කොල්ලා අඩියෙන් අඩිය කල්පනාවක වැටුනා...එයාගෙ ආඩම්බරකාරී එක්ක කතා කරන්නෙ කොහොමද !! එයා කතා කරාවිද...!! ආදරෙයි කියලා කෙලින්ම කියනව ද !!...ඔය වගේ ප්රශ්න කෝටියක් විතර එයාගෙ හිතට ගලන් ආවා...
මන් අද රෑත් ආවා..මගෙ ආඩම්බරකාරී ව බලන්න...හදවත වෙනදාට වඩා ගොඩාක් වේගෙන් ගැහෙන්න ගත්තා...ආදරේ කියන හැගීම මට නුහුරු උනත් මන් ඒකට ආසයි ...මන් බලන් හිටියා ඒත් එයා තාම ඇවිත් නෑ...එලිය සීතලයි...මන් තව බලන් උන්නා...එයා එයි නේද ...අනේ එකපාරක් එන්න...
මන් තව බල්න් උන්නා...එයා එන්නෙ නැති පාටක්...මන් දැන් මෙතන පැය තුනක් විතර...එයාට මාව අමතක වෙලා ද...ඒත් ඒම වෙන්නෙ කොහොමද අපි හම්බවුනෙත් ඊයේ නේ...
මන් වටපිටත් බැලුවා...ලග පාත කවුරුත් නෑ...බලන් ඉදලා වැඩක් නෑ කියලා මගෙ මොලේ කෑගහන්න ගත්තත් මගෙ හිත කෑගැහුවෙම ඉදපන් කියලා ...තව පොඩ්ඩක් වෙලා හරි ඉන්නවා කියලා හන් වැට පේන මානෙන් පාර්ක් එක ලග තියෙන බෙන්ච් එකක ඉදගත්තා...මට නිකන් කොලයක් හුලකට හෙලවෙනවා වගේ ඇහුනා...මන් එහා පැත්තෙ බෙන්ච් එකට ගියා..එතන තිබ්බේ...සුදු පාට කොලයක්...තව ස්ට්රෝබෙරි ලොලි පොප් එකක්.....මන් යකා වගේ ඒ කොලේ ගත්තෙ මට පුදුම හදිසියක් තිබ්බේ...
" ස්ට්රෝබෙරි වලට වහ වැටිල ද ආවේ...නැත්තං වෙන කාටහරි ද...
ආඩම්බරකාරී ...ම්ම්ම්ම් අවුලක්ම නෑ මන් කොහොමත් ආඩම්බරයි තමා..ඉතින් ...දැන් කල්පනාව මන් කොහොමද ඒක දන්නෙ කියලා නේ..
රහසක් කියන්න ද මට තොල් කියවන්න පුළුවන් ...
මගෙ නම දැනගන්න ආස ද...
ඔයා මේක කියවනවනම් ඔයා මන් එනකන් ගොඩාක් වෙලා බලන් ඉදලා මොලේ කියන දේ අහන්නෙ නැතුව හිත කියන දේ අහලා...ම්ම්ම්ම් ඉතින් මන් මේක ලිව්වා...ඔව් මන් ඔයාව දැක්කා...ඒත් මාව ඔයා දකින්න නැතුව ඇති...
ස්ට්රෝබෙරි රසයි...ඔයා මට ආඩම්බරකාරී කියන එකේ මාත් ඔයාට නමක් දැම්මා...
ඔයා නිකන් මගෙ ටෙඩි බෙයා වගේ...අහ්...ඇත්තටම කියන්නේ ...ඉතින් මන් ඔයාට වලස් පැටියා කියන්නන්...
මගෙ නම ඕනෙ ම ද...එක්කො ඕනෙ නෑ මන් කැමැතියි ආඩම්බරකාරී කියන නමට....
ඇයි හම්බුනේ නැත්තෙ කියලා නේ බැලුවේ ...මන් ඉතින් ආඩම්බරකාරීයක් නෙ..ඒකයි...
දැන් ඉදිය ඇති එලිය සීතලයි ගෙදර යන්න....බායි වලස් පැට්ටෝ... "
මන් ඔක්කොම කියවලා ඉවර වෙලා උන්නෙ හීනෙන් වගේ...එයාට මන් මුමුණපු එකත් ඇහිලා කපටි කෙල්ල...ඇත්තටම ආඩම්බරකාරීයක්...මගෙ නෙ ඉතින්...මන් වලස් පැටියෙක් වගේ ද පේන්නෙ...එතකොට එයාට මාව එයාගෙ ටෙඩියගෙන් පේන්න ඇති..
අහ්..මට මාර සතුටක් දැනුනේ...මන් අර ලොලි පොප් එක අරගෙන ගලෝලා උරන්න ගත්තා..ස්ට්රෝබෙරි වලට වහ වැටිල නෙමේ ආවේ ඒ ලොලි පොප්වල අයිතිකාරිට වහවැටිලා 🤩😂🤩🤩🤩
ඒ කියන්නේ ඔයා ආවා...තෑන්ක්ස් හිත..🤩😚🤗🤗🤗 ඔයා නෙ ඉතින් මට ඉම්න කිව්වේ...එච්චර ම ආඩම්බර ද ආ...මන් අල්ලගන්නන්කෝ...මගෙන් කවදා වෙනකන් හැන්ගිලා ඉන්න ද...මන් මාර වෙලාවට පෑනක් දාගෙන ආවේ...වාහ් මගෙ වෙලාව නන් පට්ට....
" ඉතින් මගෙ ආඩම්බරකාරී ...මන් ආවා...ඔයාගෙ නම
දැනගන්න ආසයි....
හැබැයි ඔයාට හැමදාම ඔයාගෙ වලස් පැටියගෙන් හැන්ගිලා ඉන්න වෙන්නෙ නෑ...
මන් අල්ලගන්නන්කෝ..ආඩම්බරකාරී ව....
ස්ට්රෝබෙරි වලට නෙමේ වහවැටුනේ ඒ වගේ අයිතිකාරිටයි එයාගෙ ස්ට්රෝබෙරි පාට තොල් වලටයි....
හැමදාම මෙහෙම හැන්ගෙන්න හම්බෙන්නෙ නෑ මගෙ ආඩම්බරකාරී ට....
ඔයාව අල්ලගන්නවා අනිවාර්යයෙන් මන්..
ස්ට්රෝබෙරි රසයි...දුම් වලට වඩා ඔයා කිව්වේ ඇත්ත... "
මන් පිලිතුරක් ලිව්වා...එයා මේක දකී ද..ඔව් මන් ඒම හිතනවා...මන් ගලක් අරගෙන ඒක හුලගෙ යන්නෙ නැති වෙන්න තිබ්බා...ඔයාට හැමදාම ඔහු හැන්ගෙන්න වෙන්නෙ නෑ මගෙ ආඩම්බරකාරී ... මේ කිම් ටේහ්යුන්ගෙන් නන් කොහොමවත්ම බැරි වෙවී...
මන් ලොලි පොප් එක උර උර ම ගෙදර යන්න අඩි තිබ්බා...කවදාහරි මට ස්ට්රෝබෙරි එපා වෙයි ඒ තොල් උරන්න හම්බුනාම...මන් ඉදියෙ හෙට රෑ වෙන්නෙ කීයටද කියලා ...දවස යන්නෙම මහ හිමින් වගේ...ගෙදර ගිහින් ඇදට වැටුනා...මන් ලාච්චුවෙන් ඇදලා ගත්තෙ මගෙ ආඩම්බරකාරී ගෙ චිත්රේ...ඇයි මාව ඔයාව දැක්කෙ නැත්තෙ...නපුරි නිකන්වත් මට කතාකරේවත් නෑ...ඔව් ඉතින් මගෙ ආඩම්බරකාරී නේ..
කාලය ගෙවිලා ගියා..ඒත් ටේහ්යුන්ගෙ ආඩම්බරකාරී ව නෙමේ එයාට අල්ලගන්න පුළුවන් උනේ...කොහොම ඉදියත් එයාව එයාගෙ ආඩම්බරකාරී ව මගඇරුනා...ඒත් ඒ ආදරණීය සංවාද නම් ඔහේ ගලාගෙන ගියා..ටේහ්යුන්ගෙ පිස්සු ව වැඩි උනා..එයාට ඕනෙ උනා එයාගෙ ආඩම්බරකාරී එක්ක කතා කරන්න ...අතින් අල්ලගන්න...ආදරෙයි කියන්න ...ඒ මුකුත් නැතුව කොල්ලට ඉන්න බැරි උනා...
මට ඇති උනා...මගෙ පිස්සු ව මටම පාලනය කරගන්න බැරි උනා..මට එයාව බලන්න ඕනෙ කතාකරන්න ඕනේ...අඩුම දකින්නවත්...අද මගෙ කේන්තිය පාලනය කරගන්න මටවත් බැරි උනා...ඇයි එයා එන්නෙ නැත්තෙ මගෙ ඉස්සරහට ....වේ...වේ!!!???
අදත් තිබුනා....හැමදාම වගේ..ස්ට්රෝබෙරි ලොලි පොප් එකකුයි .
මට ඒ කොලේ ලියලා තියෙන ඒවවත් කියවන්න ඕනෙ උනේ නෑ...මට දැනුනා නිකන් මගෙ ලේත් රත් වෙලා කියලා ...මන් පෑන අරගෙන
" මට මේක ඇති වෙලා....හොඳටම ඇති...
මට පිස්සු වගේ...ඔයා ඇයි මගෙ ඉස්සරහට එන්නෙ නැත්තෙ
ඇයි...ඇයි!!!????
මට තව ඉවසන්න බෑ...ආපහු ඕනෙත් නෑ...තමුන් ඔහොම්ම ඉන්නවා ..කවදාවත් එන්න ඕනෙ නෑ මගෙ ඉස්සරහට "
මන් ආපු තරහටම ලියලා දාලා...යන්න ගියේ අර ලොලි පොප් එක දිහාවත් බලන්නෙ නැතුව ...
ටේහ්යුන්ට හොඳටම තරහ ගිහින් ඒත් එයාගෙ ආඩම්බරකාරී ලිව්ව දේවත් එයා කියෙව්වේ නෑ...ඇයි එහෙම කලේ එච්චර ආදරේ නන්...
" කොහොමද වලස් පැටියෝ..ඔයාට ඇති වෙලාද මේම
මටත් ඒම වගේ....
මටත් ඕනෙ ආදරේ කරන්න..ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න..හිනාවෙන්න...විහිලු කරන්න...ඔයාගෙ ඔය කැරලි කලු කොන්ඩෙ අවුස්සන්න..මන් ආසයි....
මන්...මන් ඇත්තටම ඔයාට ආදරේ කරනවා.....
මන් ගොඩක් ආදරෙයි මගෙ වලස් පැටියට...
ඔයාගෙ වචන වල තිබ්බ ආදරේට මන් මහ ගොඩක් ආදරේ කලා...ඒ වචනත් හුරතල් වගේ මට නන්...
ආයෙත් හැන්ගෙන්නෙ නෑ... මන් හිතනවා ඔය තියෙන ස්ට්රෝබෙරි ලොලි පොප් එක අවසාන එක වෙයි කියලා .....
පරිස්සමෙන් ගෙදර යන්න... "
ඇයි ටේහ්යුන් කොලේ අනිත් පැත්ත බැලුවේ නැත්තේ...ඇයි ඒ...එයාගෙ ආඩම්බරකාරී ලියලා තිබ්බ වචන නිසා එයාගෙ හැම කේන්තියක් ම නැති වෙලාම යන්න තිබ්බා...මන් හිතන්නෙ මේක දෛවය වෙන්න ඇති...
ටේහ්යුන් කේන්තියට අර දේවල් ලිව්වට කොල්ලගෙ පපුවට පිහි දාහකින් අනිනවා වගේ තිබුනේ...ටේහ්යුන් ඇඩුවා එයා ඒ දේවල් ඒම ලියලා ආවට කොල්ලට එයාගෙ ආඩම්බරකාරී නැතුව බෑ...ටේහ්යුන්ට එහෙම්ම නින්ද ගියා එයාගෙ ආඩම්බරකාරී ගෙ රූපෙත් පපුවට තුරුලු කරගෙන..ජින් ඒක දැක්කා...එයා ඒ සේරම කාලෙට බාර දුන්නා...ටේහ්යුන් උදේ ඉදන් ඉදියෙ මැරිලා වගේ..කොල්ලා රෑ වෙනකන් ඉන්නෙ නැතුව හවසම ඔෆිස් එකෙන් කලින්ම පිටත් උනා...එහෙම්ම කොල්ලා ආවේ සුපුරුදු බන්කුවට ...අද එතන වෙනසක් වෙලා තිබුනා...ස්ට්රෝබෙරි ලොලි පොප් එක වෙනුවට තිබුනේ රතු රෝස මලක්...ටේහ්යුන්ගෙ හිත ගැස්සුනා කිව්වෙ නැත්තං බොරුවක්..ටේහ්යුන්ගෙ පපුව ගැලවිලා යන්න තරම් වේගෙන් ගැහුනා...ටේහ්යුන් ඉක්මනට සුදු පාට ලියුම ගත්තා....
" කමක් නෑ...ඔයා වචනෙන් හරි දුන්නු ආදරේට මන් පනටත් වඩා ආදරේ කරා රත්තරං ....
ම්ම්ම්ම්....ආයෙ එන්නෙම නැති ව ඉන්නම්...
ඔයා මගේ පලවෙනි ආදරේ වගේම අවසාන ආදරෙත් වෙයි...වලස් පැටියෝ.... මගෙ කියන්න අයිතියක් නෑ නෙ දැන්.....
පරිස්සමෙන් ඉන්න...
(내 첫 사랑/
nae cheos salang )
මගේ පලමු ආදරේ ...... "
මගෙ ලෝකෙම කඩන් වැටුනා වගේ...මුලු කොලේම තෙත් වෙලා තිබුනේ...ඒ ඒ මගෙ කදුලු නෙමේ....මගෙ ආඩම්බරකාරී ගෙ....මගෙ කම්මුල් දිගේ කදුලු කැට ඔහේ ගලාගෙන ගියා...එයා වෙන කොලේකත් නෙමේ ලියලා තිබ්බේ හරියට ම මන් කේන්තියෙන් ලියපු වචන වලට යටින්.....
දෙයියනේ ඇයි මන් මෙච්චර මෝඩ...මන් වෙව්ලන අත් වලින් ඒ..
ඒ කොලේ අනිත් පැත්ත හැරෙව්වා....
" කොහොමද වලස් පැටියෝ..ඔයාට ඇති වෙලාද මේම
මටත් ඒම වගේ....
මටත් ඕනෙ ආදරේ කරන්න..ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න..හිනාවෙන්න...විහිලු කරන්න...ඔයාගෙ ඔය කැරලි කලු කොන්ඩෙ අවුස්සන්න..මන් ආසයි....
මන්...මන් ඇත්තටම ඔයාට ආදරේ කරනවා.....
මන් ගොඩක් ආදරෙයි මගෙ වලස් පැටියට...
ඔයාගෙ වචන වල තිබ්බ ආදරේට මන් මහ ගොඩක් ආදරේ කලා...ඒ වචනත් හුරතල් වගේ මට නන්...
ආයෙත් හැන්ගෙන්නෙ නෑ... මන් හිතනවා ඔය තියෙන ස්ට්රෝබෙරි ලොලි පොප් එක අවසාන එක වෙයි කියලා .....
පරිස්සමෙන් ගෙදර යන්න... "
ඒ අකුරක් අකුරක් ගානෙ තිබ්බේ ආදරේ....වේ වේ...!!!??? මන් මෙහෙම කරේ.......ඇයි මට මේක කියවන්න බැරි උනේ..උබට පිස්සු ටේහ්යුන්..තෝ මහ පිස්සෙක් ......
" ආහ්හ්හ්හ්හ්හ්හ්හ් "
මන් කෑගැහුවා...මගෙ ආඩම්බරකාරී ගෙ ලියුම අතේ ගුලි කරගෙන....වේ!!!!???? මන් එහෙම කරේ....වටේ පිටේ මිනිස්සු මන් දිහා නිකන් පිස්සෙක් වගේ බලනවා...ඉතින් මට මොකෝ...මට මොකෝ...
ආහ්හ්හ්හ්.....කොහෙද දෙයියනේ ඔයා....කොහෙද ......
" අනේ ප්ලීස් එන්න...චෙබාල්....ම..මන් ඊයේ රෑ කේන්තියට අර..අරම ලිව්වේ.....චෙබාල් එන්නකෝ....මට ඔයා නැතුව බෑ.....ආහ්හ්හ්හ්හ් "
" දෙයියනේ එකපාරක් එකම එක පාරක්.....චෙබල්... "
ටේහ්යුන් කෑගැහුවා..හයියෙන් ...එයාට වේදනයි..පපුව පැලෙන්න තරම් වේදනයි...කොල්ලා කොහොම දරාගන්න ද එයාගෙ ආඩම්බරකාරී ගෙ ඒ වචන ..ඒ වචන වල තිබ්බේ මහ මෙරක් තරන් ආදරයක්...එතකොට කෙල්ලට කොහොම දැනෙන්න ඇත් ද ටේහ්යුන් අර වගේ වචන වලින් දමලා ගැහුවම..දෙන්නගෙම වේදනාව සමානයි වගේ...ටේහ්යුන් කෑගහනවා අඩනවා පිස්සෙක් ගානට...
ලෝකෙට පේන්න ආදරේ
කරන්න ඕනි ද
අත් අල්ලගෙන ඇවිදින්නම
ඕනි ද
ආදරෙයි කියලා කෑගහලා කියන්නම
ඕනි ද
ටේහ්යුන්ගෙ ආඩම්බරකාරී කතා කරේ වචන වලින්...අකුරු වලින්...එතන ආදරෙ තිබුනෙ නැද්ද...නෑ එතන මහ ගොඩාක් ආදරේ තිබුනා...ලෝකෙටම අඩ බෙර ගහලා ආදරේ කරන්න ඕනි කියලා නියමයක් නැ...නිශ්ශබ්ද ආදර කතා හරි ලස්සනයි ...ආදරණීයයි..ඒ වගේම සංසුන්...එතන ඉවසීම තියෙන්න ඕනේ..ඒත් අන්තිම හරියෙදි ටේහ්යුන්ගෙ ඉවසීම ගිලිහුනා...ටේහ්යුන් එදා ඒ කොලේ එහා පැත්තෙ තිබුනු ආදරේ දැක්කනන්...අද මෙහෙම දෙයක් නොවෙන්න තිබුනා....
" චෙබල්...එන්නකෝ...මියන්හේ..
මියන්හේ...මන් තරහ ගිය හින්දා අරම ලිව්වේ....මියන්හේ...මන් පනටත් වඩා ආදරෙයි ඔයාට...ඔයානෙ මගෙ ආඩම්බරකාරී ....චෙබාල්.... "
ටේහ්යුන් පිස්සෙක් වගේ දොඩෝනවා...බිම ඉදගෙන..දකින අය අනිවාර්යයෙන් හිතයි මේ තරුණ කොල්ලා පිස්සෙක් කියලා ...ආදරෙත් එක්තරා විදිහක පිස්සුවක්...හැමදාම කියනවා වගේ ඇබ්බැහි උනොත් ගැලවීමක් නෑ....
ටේහ්යුන්ගෙ කදුලුවල බර අහසටත් දරාගන්න බැරි වෙලා වගේ...එකපාරටම ධාරානිපාත වැස්සක් ඇද හැලෙන්න ගත්තා...වස්සාන කාලේ පලවෙනි වැස්ස..ගිම්හාන කාලෙන් කාෂ්ටක වෙලා තිබ්බ පොලොවට වැහි බින්දු වැටුනෙ හරි හදිස්සියකින්..
ටේහ්යුන්ට වැස්ස ගානක් නෑ.කොල්ලට ඕනෙ එයාගෙ ආඩම්බරකාරී ව..එයාගෙ ආදරේව..ටේහ්යුන් කොහොම ද ඒ වචන වල තිබ්බ ආදරේ අමතක කරන්නෙ..කොල්ලට පිස්සු හැදෙයි...
ටේහ්යුන් එයාගෙ ආඩම්බරකාරී තියල ගිහින් තිබුනු රෝස මල වැස්සෙන් පරිස්සන් කලා...කොල්ලා බය උනා ඒකෙ පෙති ගැලවෙයි කියලා ....කොල්ලා බය උනා ඒ රෝස පෙති ගිලිහෙයි කියලා ...හරියට එයාගෙ අතින් එයාගෙ රෝස මල අතෑරුනා වගේ...
ටේහ්යුන් තෙමෙනවා...හොඳටම තෙමෙනවා..කොල්ලට සීතලයි...සීතලේ වෙව්ලනවා...අනිත් මිනිස්සු සීසීකඩ වැස්සෙන් බේරෙන්න දුවද්දි...ටේහ්යුන් ඔහේ බිම ඉදගෙන එයාගෙ රෝස මල පරිස්සන් කරනවා...
වැහි බින්දු වැදුනෙ නෑ ...ඒත් තාම හොඳටම වහිනවා...ටේහ්යුන් හිමීට ඔලුව උස්සලා බැලුවා...කොල්ලා දැක්කෙ සුදු දිගම දිග ගවුමක්...ටේහ්යුන්ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා...ටේහ්යුන් ඉක්මනට ඔලුව උස්සලා බැලුවා....
මන් ඔලුව උස්සලා බැලුවේ මගෙ පපුව වේගෙන් ගැහෙද්දි...ඒ බෝල ලොකු ඇස්...දුඹුරු ..බලල් ඇස්...ඒ රෝස තොල්....ඒ ඒ....මගෙ ආඩම්බරකාරී ...එයා අදත් දිගම දිග සුදුපාට ගවුමක් ඇදලා...ලස්සනයි ...ලස්සන ම ලස්සනයි ..මන් මේ ලෝකෙන් ම දැක්ක ලස්සන ම සුරංගනාවි....එයා ඉදියෙ කුඩයක් අල්ලගෙන...
" සීතලේ ඉන්න එපා..ලෙඩ වෙයි.. "
එයා එයාගෙ කියොට් ම කියෝට් වොයිස් එකෙන් කිව්වා...මන් මේ කටහඬ ඇහුවේ මාස ගානකට පස්සෙ...එයා මට කුඩයක් දුන්නා...මාත් එක්ක ලස්සනට හිනාවුනා....එදා වගේම...එයාගෙ ඇස් පවා හිනා වෙනවා...ආයෙත්
ආයෙත් එයා යන්න ගියා....වේ!!! වේ!!?? මන් ඒ කුඩෙත් අරගෙන නැගිට්ටේ අද දෙකෙන් එකක් බේරගන්න ...මට ආදරෙයි ලු..ඒත් හැමදාම මගෙන් ඈතට යනවා...මන් ඒ රතු රෝස මලයි ඒ සුදු කඩදාසියයි මගෙ කෝට් එකේ ඇතුලට දාගත්තා...කුඩේ ඉහලන්නෙ නැතුව ම දිව්වේ මගෙ ආඩම්බරකාරී ව අල්ලගන්න....එදා වගේමයි...එයාගෙ ගමන හරි සංසුන් කිසිම කලබලයක් නෑ....මන් ඉක්මනට දුවගෙන ගිහින් එයාගෙ කුඩේ යටට ගියා...ආපහු මාව දාලා යනවා බොරු ...ඒත් එයා නෙමේ මා දිහා බැලුවේ ..නපුරි...
මහ ආඩම්බරයි...හුම්...මගෙ ආඩම්බරකාරී කියන්නේ නිකන් ද....
මන් එයාගෙ කුඩේ ඇදලා ගත්තා...එතකොට නන් බැලුවා...එයා තරහෙන්...ඒම පේනවා..එයා අඩලා...ඒ ඇස් රතුයි වගේ...පොඩ්ඩක් ....එයා මුලු රෑම අඩල ද...ආයිශ් ටේහ්යුන් උබ මහ ගොනෙක්
එයා මන් දිවා අලු වෙන්න වගේ බලලා..මගෙන් කුඩේ උදුරගත්තා...මෙච්චර මුරණ්ඩු ඇයි...
" මට කතාකරන්න ඕනේ "
" ඒත් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ "
" ඇත්තටම "
" ඔව් "
" එතකොට මට ආදරේ නැද්ද !! "
මන් ඇහුවා තවත් හිතේ තියන් ඉන්නෙ නැතුව...එයා එකපාරටම ඇවිදින එක නතර කරලා..මා දිහා බැලුවා...එදා වගේමයි ඒ බැල්මට මන් ගැස්සුනා..ඒ බලල් ඇස් මාව මරනවා...ඒවට මාව වශී කරන්නත් ...ඒවගේම පුච්චලා දාන්නත් පුළුවන් ....
" මන් තමුසෙට තමයි ආදරේ කරේ...දැනටත් කරනවා ඉස්සරහට ත් කරයි... "
එයා කෑගැහුවා...ඒ කටහඩේ කේන්තිය..දුක ඒ වගේම ආදරෙත් තිබ්බා..
" මියන්හේ..මියන්හේ... "
මන් සමාව ඉල්ල ඉල්ල පස්සෙන්ම ගියා...වැස්සෙ තෙමි තෙමී...ඒත් එයා නෙමේ ආයෙත් හැරුනේ...මට සමාව දෙන්නම බැරි ද...
" චෙබාල්...සමාව දෙන්නකෝ...ඔයාගෙ වලස් පැටියා පව් නැද්ද.... "
" මෙහෙ එනවා තෙමෙන්නෙ නැතුව ..ඊට පස්සෙ උණ හැදුනොත් එහෙම ...."
එයා මාව කුඩේ අස්සට ගත්තා..හි හි එයා මට උණ හැදෙනවට බයයි...ඒ කියන්නේ මට ආදරෙයි ...
" ඒ කියන්නේ මට සමාව දෙනවද "
" බෑ...මට ඊයේ තව කොල්ලෙක් හම්බුනා එයාටත් ලව් කරලා බලලා ඔයා ගැන සලකා බලන්නන් "
එයා එහෙම කියලා ඇවිදිනවා කිසිම ගානක් නැතුව..මේ කෙල්ල නන්
" මන් ඉන්නකන් ඒක වෙන්න දෙන්නෙ නෑ...කොහොමවත් වෙන්න දෙන්නෙ නෑ "
" ඒක මන් බලාගන්නන්කෝ "
එයා මාව ගානකටවත් ගත්තෙ නෑ..ආයිශ් මේ ආඩම්බරකාරී නන්
මන් ගිහින් පාත් වෙලා උස්සගත්තා මේ ආඩම්බරකාරී ව...
" ආහ්හ්...මාව බිමින් තියනවා...වලහෝ... "
" ඕම ඉන්නවා ..නපුරි ගෙදර යන්කෝ "
" ගෙදර කාගෙ ගෙදර ද "
" මගෙ ගෙදර ...ඒ කියන්නේ අපි දෙන්නගෙ ගෙදර "
" හහ්...ඒක කොහොමද තියනවා මාව බිම මේක අසාධාරණයි...මම් ගොඩාක් ඇඩුවා ඔහේ හින්දා ...දැන්ම යන්න එන්නෙ නෑ..මන් තාම තරහයි... "
" ඒකට කමක් නෑ ආදරෙයි නෙ ඉතින්.... "
" හ්ම්ම්ම්ම්.... "
" මන් ආදරෙයි මගෙ ආඩම්බරකාරී ට ... "
" හාකො..හාකො...මාත් ආදරෙයි මගෙ වලස් තඩියට....හැබැයි තාම තරහයි මන්. "
" ඒක මන් බලාගන්නන්..."
" බලාගනී කියලා තමා බය ..යමන්කෝ ගෙදර තමුන්නැහේගෙ හම ගලවන්න මන්. "
ඒකටනන් හික් ගෑවුනා..එක්කො කමක් නෑ විදින දුක ආදරේ හිතට බර නෑ වගේ....කියලා ඉන්නවා ..කට්ටක් කාගෙන....
end of the flashback
මටම හිනා මන් එදා අඩපු විදිහට ...🤩😂🤩🤩🤩 එදා මන් කාපු ගුටි පූජාව මන් නෙ දන්නෙ...සෙරෙප්පු , වලන් පිගන් කෝප්ප... රෙදි පිලි ඇද ඇතිරිලි...කොට්ට...මන් ගුටි නොකෑව බාන්ඩයක් නෑ...ජිනි අප්පයි නම්ජුන් අප්පයි පැත්තට ආවේ නෑ එයාලා ලේලි පොඩ්ඩගෙ පැත්තෙ ඉදියෙ...හුම්...
" ටේ.... "
මන් ආපහු මේ ලෝකෙට ආවේ මගෙ ආඩම්බරකාරී ගෙ සද්දෙට...එයා නින්දෙම්ම ඇස් චූටි කරගෙන...මගෙ පපුවට තව ගුලි උනා...මන් එයාගෙ චූටි බන්ඩියට හාද්දක් දීලා එයාගෙ නලලත් ඉම්බා.....
"වේ...!! මැනික...දොයිමත නැද්ද "
" අනී....ඔයා මගෙ ඔලුව අතගෑවෙ නෑ නේ...මට ඇහැරුනා.... හුම් "
" මියන්හෙ..මියන්හේ..ම්ම්ම්..දැන් දොයියගන්නකෝ....මන් මැනිකගෙ ඔලුව අතගාන්නන්.... "
මන් එහෙම කිව්වම මට හිනාවෙලා තව තුරුලු උනා....හැමදාම වගේ හරියට එදා වගේම මගෙ පපුව වේගෙන් ගැහෙනවා...මන් එයාගෙ සිනිඳු රෝස කම්මුල් ඉබලා...හිස්මුදුන ඉම්බා...එහෙම්ම මගෙ ආඩම්බරකාරී ගෙ සිනිඳු කොන්ඩෙ අතගාන්න ගත්තා..ඒ එයාගෙ පුරුද්දක් මන් ඔලුව අතගෑවේ නැත්තං නිදාගන්නෙ නෑ...මගෙ චූටි බබා....
ඉතින් ඒ මගෙ ඉඩෝරෙට විනාස වෙලා ගිය ජීවිතේට වැස්සත් එක්ක වස්සාන කාලෙ අරන් ආපු මගෙ ආඩම්බරකාරී ගෙයි මගෙයි ආදර කතාව....🤩❤️ එතකොට මගෙ ආඩම්බරකාරී ගෙ නම දැන් ගත්තොත් Kim Y/N ....මන් ලෝකෙන් අහපු ලස්සන ම නම....
NAE GAJANG JALANGSEOULEOUN
_THE END_
කෝම ද ලමයි...නිකන් වගේ ලිව්වේ...හිතට ආවට...
Vote and comment
Salanghe
Bạn đang đọc truyện trên: AzTruyen.Top