匚卄卂卩ㄒ乇尺 40🐾
𝙻𝚊𝚜𝚝 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛
" ලීනා conference room එක රෙඩි කලා ද්..?"
යේරා ෆයිල් එකක් චෙක් කරන ගමන් ඇහුවා
" යේ මැඩම් ඔක්කොම රෙඩි කලා.."
" හරි ලීනාට යන්න පුලුවන් "
ලීනා යේරාට ආචාර කරලා කැබින් එකෙන් එලියට ගියා
" agreement sign කරාට පස්සේ ඇයි ceo හම්බවෙන්න ඕන කිව්වේ..?"
ජින්ගේ හිතේ මෙතෙක් වෙලා තිබුණු ප්රශ්නය ඇහුවා
" මට එයාව දකින්න ආස හිතුනා ආපු මැනේජර් කියපු විදියට ceo තරුන කෙල්ලෙක් "
යේරා යාන්තම් හිනාවක් එක්ක කිව්වා
" ඒක නෙවෙයි ජින් ජිමින් කොහෙද එයාත් මෙතන ඉන්න ඕන "
" අපි වෙලාවට වැඩ කරන කොල්ලෝ ඔම්මා "
එහෙම කියාගෙන කැබින් එකට ඇතුල් වුනේ ජිමින්
" උබේ වෙලාව ගැන අපි හොදට දන්නවා දැන් ඔහොම්ම හැරිලා යමන් conference room එකට "
ජින් එහෙම කියන ගමන් නැගිටිනකොට යේරා හිනාවක් සමග නැගිටලා conference room එකට ගියා meeting එක පටන් ගන්න තිබුණේ හරියටම උදේ 10.00 ට යේරා ජින් ජිමින් යේරාගේ secretary ඇතුලු කම්පැනි එකේ ඉහල තනතුරු දරන කිහිප දෙනෙක් බලාගෙන හිටියේ එයලත් එක්ක project එක කරන අනිත් කම්පැනි එකේ CEO එනකම්
Conference room එකේ දොර ඇරෙනවත් එක්කම හැමෝම ඒ පැත්ත බැලුවා conference room එකට ඇතුලු වුනු කෙනා දැක්කාම ජින් ජිමින්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනත් යේරාගේ ඇස් කේන්තියෙන් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
සෝයූන් සිනාමුසු මුහුනින් conference room එකට ඇතුල් වුනත් ඉන්න කට්ටිය දැකලා කෙල්ල ශොක් වුනා කෙල්ල වෙනසක් නොපෙන්වා ගිහින් තමන්ගේ ශිට් එකෙන් වාඩිවුනා යේරා මොනාහරි කියන්න ගියත් ජින් යේරාව නැවැත්තුවා සෝයූන් දිහා ජිමින් බලාගෙන ඉදිද්දී කෙල්ල ජිමින්ගේ ඇස් මගහැරියා
ජින් meeting එක ආරම්භ කලාම හැමෝම ජින්ට අවධානය දුන්නා යේරාගේ ඇස් සෝයූන්ගේ දිහාට හැරිලා තියෙනකොට කෙල්ල යේරාගේ ඇස් මගහැරියා ජින් project එකේ ඉදිරි වැඩ කටයුතු හා කොතරම් ප්‍රමාණයක වැඩ සම්පූර්ණ ද යන්න පැහැදිලි කලා පැය කිහිපයක් පුරාවට meeting එක ඇදුනා
Meeting එක අවසානයේ හැමෝම නැගිටලා යද්දී සෝයූන් ඉක්මනට එතැනින් යන්න හැදුවේ කෙල්ලට මෙතන ඉන්න එක ලොකු අපහසුතාවයක් වුනා
" මගේ පුතාව මරාගෙන සතුටින් ඉන්නවා වගේ "
යේරා කට කොනින් හිනාවක් එක්ක කියද්දී යන්න හදපු සෝයූන් එහෙම්ම නැවතුනා යේරාගේ වචන කෙල්ලගේ පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනාවක් දැනුනේ
" මම ගොඩක් සතුටින් ඉන්නවා මිසිස් යේරා "
යේරාගේ පැත්තට හැරුනු සෝයූන් කිව්වාම යේරා කට කොනින් හිනා වුනා
" මට ඒක පේනවා මිස් සෝයූන්.....අනුන්ගේ ජීවිත විනාස කරලා හරි සතුටින් ඉන්නවා කියලා කී දෙනෙක් පාගලා දාලා ද ඔතනට ආවේ "
" මම කාගෙවත් ජීවිත විනාස කරේ මිසිස් යේරා මගේ මහන්සියෙන් හැමදේම ගොඩ නැගුවේ"
සෝයූන් කිව්වේ හිතේ තියෙන දුක කේන්තිය මැඩගෙන යේරා නැගිටලා කෙල්ල දිහා බැලුවේ සමච්චල් සහගත හිනාවක් එක්ක
" ඔහ්..ඇත්තටම... එතකොට මගේ පුතාට මොකද වුනේ...? තමුන් හින්දායි සෝයූන් මගේ අහිංසක කොල්ලාට අකාලයේ මැරෙන්න සිද්ධ වුනේ තමුන් මගේ පුතාව මරාගත්තා "
යේරා තම පුතා නැති වුනු වේදනාවෙන් කෑගහලා කිව්වා යේරාගේ වචන සෝයූන්ගේ හිත පෑරුවා කෙල්ල කදුලු පාලනය කරගෙන බොහොම අමාරුවෙන් හිටියේ
" ඔච්චරටම පුතාට ආදරෙයි නම් මොකද එයාව දාලා ගියේ...? මම යුංගිව මරාගත්තා කියන්නේ මිසිස් යේරා ඔයත් ඒ මිනිමැරුමට සම්බන්ධයි "
සෝයූන් අමුතු හිනාවක් එක්ක කියද්දී යේරා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා
" ඇයි මිසිස් යේරා කට වැහුනා ද..? එදා මිසිස් යේරා යුංගිව ඒ ලොකු mansion එකේ තනි නොකරා නම් එයා අපරාධකාරයෙක් වෙන්නේ නැ එහෙනම් එයා අකාලයේ මැරෙන්නේ නැ මිසිස් යේරා හැමදේටම මම වැරදියි කියන්නේ එතකොට මිසිස් යේරා එදා කරේ හරි දේ ද...?"
" සෝයූන්...කට වහගන්නවා..."
යේරා කෙල්ලගේ වචන එක්ක ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නකොට ජින් තදින් කිව්වා ජින්ගේ කටහඬ එක්ක සෝයූන් ගැස්සිලා ගියා
" මම කට වහගත්තා කියලා කිසිදෙයක් වෙනස් වෙන්නේ නැ නේ මිස්ටර් ජින් මම යුංගිව රැවැට්ටුවා වගේ නේ මිසිස් යේරා කතා කරන්නේ යුංගිට මම ආදරෙයි ඒ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැ "
කෙල්ල හිතේ තිබුණු දුකට කේන්තියට කිව්වා සෝයූන් යන්න හැරුනත් යේරා කියපු දේ කෙල්ලගේ හිතට තදින් වැදුනා
" කවදාහරි තමුන්ගේ දරුවෙක් නැති වුනු දවසට මට දැනෙන වේදනාව තේරෙයි තමුන්ට එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා "
යේරා කිසි හිතක් පපුවක් නැති විදියට කිව්වාම සෝයූන්ට අමුතු බයක් දැනුනා කෙල්ලගේ ඇග පන නැතුව යනවා දැනෙද්දී සෝයූන් ඉක්මනට එතැනින් ආවා ඒත් වැඩිදුරක් යන්න ලැබුන් නැත්තේ ඉස්සරහට ආපු කෙනෙක්ගේ ඇගේ හැප්පිලා කෙල්ල වැටුනු හින්දා
" මිස්...."
ලියොන් කෑගහගෙන ඇවිත් සෝයූන් නැගිට්ටුවා කෙල්ල හිටියේ මේ ලෝකේ සිහියක නෙවෙයි ලියොන් හැප්පුනු කෙනාගෙන් සමාව අරගෙන සෝයූන් එක්කගෙන එලියට ආවා lusi ඒ පස්සෙන් ගියා
" ලියොන්....ලියොන්......ඉක්මනට හොටෙල් එකට යමු.."
සෝයූන් කලබලයෙන් කියද්දී ලියොන් මුකුත් නාහ හොටෙල් එකට යන්න පිටත් වුනා කෙල්ලගේ හිත කලබලයි යේරාගේ වචන කෙල්ලගේ මනසේ දෝංකාර දෙද්දී එයාට ඕන වුනේ එයාගේ පුංචි බෝනික්කිව තුරුල් කරගන්න
හොටෙල් එකට ආපු ගමන් සෝයූන් ජැක්සන්ට කෝල් කරන ගමන් ඇතුලට ගියා ජැක්සන් කෝල් ආන්සර් නොකර හින්දා කෙල්ලගේ හිතේ බය වැඩි වුනා ඒත් එක්කම සෝයූන්ගේ ඇස් නැවතුනේ පුංචි රූ බබාවත් වඩාගෙන කෙල්ල එක්ක කතා කරන ගමන් එන ජැක්සන්ව එතකොට තමයි සෝයූන්ට සැනසීමක් දැනුනේ
" රූ....."
සෝයූන්ගේ කටහඬ ඇහුනු ගමන් පුංචි රූහා ඒ පැත්ත බැලුවා
" මමා..."
රූහා කෑගහන ගමන් ජැක්සන්ගේ අතින් බහින්න දැගලුවා කොල්ලා රූහාව බිමින් තිබ්බාව දුවගෙන ගිහින් සෝයූන්ගේ අත් අතරට පැන්නා සෝයූන් කෙල්ල ගානට පහත් වුනා
" මගේ පැටියා..."
සෝයූන් සැනසීමෙන් පුංචි කෙල්ලගේ මූන පුරා හාදු තිබ්බේ රූහාගේ හිනා හඩ මැද්දේ
" මගේ රූ බබා හොදින් නේද..?"
රූහාව පරික්ෂා කරන ගමන් සෝයූන් ඇහුවා කෙල්ලගේ හැසිරීම දිහා බලාගෙන ඉදපු ජැක්සන් ඒ දෙන්නාගේ ලගට ආවා
" බබා ගුදක් හොදින් මමා ජැකී සම්චොන් බබාත මාලුවා ගොදක් පෙන්නුවා තව ලුකු garden එකකුත් තියෙනවා ජැකී සම්චොන් බබාත පොමිස් වුනා බබා එක්ක සෙල්ලම් කලනවා කියලා "
රූහා එක දිගට අත පය එහෙ මෙහෙ කරන ගමන් කියද්දී සෝයූන් හිනා වෙවී අහගෙන හිටියා
" ජැකී සම්චොන්ගේ promise ගැන නම් විශ්වාස කරන්න බැ බබෝ...."
සෝයූන් ඇස් කොනින් ජැක්සන් දිහා බලන ගමන් කිව්වා
" පලයන් බන් යන්න උබ වගේ නෙවෙයි යකෝ මම නේද රූ බබා මමාට වඩා සම්චොන් නේද හොද "
රූහා ගානට පහත් වුනු ජැක්සන් ඇහුවා පුංචි කෙල්ල එයාගේ මමා දිහා බලනවා සම්චොන් දිහා බලනවා ඈත ඉදන් එයාලා දිහා බලන කෙනෙක්ට හිතෙන්නේ කියුට් පවුලක් කියලා
" මමා තමයි හොදම හූම්..."
පුංචි කෙල්ල එහෙම කියන ගමන් සෝයූන්ව බදාගනිද්දී සෝයූන් දිව දික් කරලා ජැක්සන්ට ඇද කලා ජැක්සන්ගේ ඇද වෙලා කුද වෙලා තියෙන මූන තවත් ඇද වුනා
" රූ බබා ඔයාගේ මමා මට ඇද කරනවා.."
ජැක්සන් මූනත් එල්ලගෙන කියද්දී පුංචි කෙල්ල සෝයූන් දිහා බැලුවා කෙල්ල නම් අහිංසක හිනාවක් දාගෙන රූහා දිහා බලාගෙන ඉන්නවා
" රූ බබා මම ඔයා එක්ක තරහයි හූම් ඔයා ආදරේ මමාට විතරයි නේ "
" එහෙම තමයි මගේ පැටියා ආදරේ මමාට විතරයි "
සෝයූන් ජැක්සන්ට දිව දික් කරලා ඇද කරලා කිව්වා
" මමා නෝති වැඩ කලන්න එපා "
රූහා පුංචි ඇගිල්ලක් සෝයූන්ගේ පැත්තට දික් කරගෙන කියද්දී සෝයූන් තොල් පිට පෙරලගත්තා
" ඒක තමයි රූ බබා "
" ජැකී සම්චොන්ටත් එක්ක කියල්ලේ හූම් "
රූහා ඉනටත් අත් දෙක තියාගෙන කිව්වා
" මම උය දෙන්නාට ආදලෙයි අලේ හැමදාම ඔහොම රන්ඩු වෙල්ල එපා හූම් කූ දැන් දෙන්නා අතට අත දීලා යාලු වෙන්න "
රූහා කිව්වාම සෝයූන් ජැක්සන් දෙන්නා අහක බලාගෙන අතට අත දුන්නා
" රූහා කියන හින්දා විතරයි "
සෝයූන් කිව්වා
" රූ බබා කියන හින්දා තමයි මමත් තවුසේ එක්ක යාලු වෙන්නේ නැතුව මට පිස්සු පූසියෙක් එක්ක යාලු වෙන්න තරම් පිස්සුවක් නැ "
ජැක්සන් එහෙම කිව්වාම රූහා එයාගේ සම්චොන් දිහායි මමා දිහායි බැලුවා හැමදාම වගේ සෝයූන් ජැක්සන් දෙන්නා රන්ඩු වෙනකොට රූහා තමයි බේරන්නේ
" යාහ්හ්හ්.....බබා කීවේ යාලු වෙන්න කියලා "
" හරි හරි පන්ඩිත හැල්මොනි අපි යාලුයි "
ජැක්සන් කිව්වාම සෝයූන් ඔව් කියන්න ඔලුව වැනුවා ජැක්සන් නැගිටලා රූහාව වඩාගත්තා සෝයූන් හිනා වෙවී ඒ දෙන්නා එක්ක යන්න හැදුවත් කෙල්ලට අමුත්තක් දැනුනු හින්දා පිටිපස්ස හැරිලා බැලුවා සෝයූන් ඔලුව දෙපැත්තට වනලා යද්දී මෙතෙක් වෙලා කෙල්ල දිහා බලාගෙන හිටපු කෙනෙක් සැගවිලා හිටපු තැනින් එලියට ආවා සෝයූන් යන දිහා බලාගෙන හිටපු පුද්ගලයා ඇස් වල කදුලු පිහිදගෙන හොටෙල් එකෙන් එලියට ගියා
___________________________
සෝයූන් වගේම එයාගේ පුංචි පැටියාගේ අතින් අල්ලාගෙන හිටියේ ටිකක් කලබලයෙන්....!
ටිකක් නෙවෙයි ගොඩක් කලබලයෙන්...!
සෝයූන් හිත ගොඩක් නොසන්සුන් කෙල්ල සැරින් සැරේ යටි තොල හැපුවා පුංචි රූහා තමන්ගේ මමාගේ කලබලකාරී හැසිරීම දිහා බලාගෙන හිටියා
" මමා.....කොහිද මේ...?"
පුංචි කෙල්ල ඇස් ජිල් බෝල වගේ කරගෙන වටේම කැරකි කැරකි බලන ගමන් ඇහුවා
" මමා සූටි කාලේ හිටියේ මෙහේ..."
කෙල්ල තමන්ගේ ඉදිරියේ තියෙන නිවස දිහා බලාගෙන කිව්වා ඔව් සෝයූන් ආවේ මිස්ටර් පාර්ක් ඉන්න නිවසට එහෙම නැත්නම් සෝයූන් කුඩා කල සිට හැදුනු වැඩුනු නිවසට ජැක්සන්ගේ බල කිරීම මත සෝයූන් අද හිත හයිය කරගෙන ආවා ඒත් කෙල්ල ගෙදර ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ යනවාද නැද්ද කියලා
" අපි යමුකූ මමා..."
සෝයූන්ගේ අතින් අල්ලාගෙන අදින ගමන් රූහා කිව්වාම කෙල්ල හුස්මක් පහත හෙලලා ගෙදර බෙල් එක ගැහුවා කෙල්ල හිත තවත් නොසන්සුන් වුනා තත්පර කිහිපයක් නිහඩව ගත වුනේ සෝයූන්ගේ හද ගැස්ම වේගවත් වෙද්දී
ඒත් එක්කම ගෙදර දොර ඇරුනා දොර ඇරපු කෙනාගේ ඇස් වල කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ සෝයූන්ට ඒ කදුලු පිරුනු ඇස් දකිද්දී කෙල්ලගේ ඇස් වලටත් කදුලු පිරුනා
" අ...ප්...පා..."
අවුරුදු ගානකට පස්සේ ඒ හඩ ඇහෙද්දී මිස්ටර් පාර්ක් සෝයූන්ව බදාගත්තා සෝයූන් එයි කියන විශ්වාසය එක්ක මිස්ටර් පාර්ක් හැමදාම බලාගෙන හිටියා කෙල්ල අද එයි හෙට එයි කියලා මිස්ටර් පාර්ක් බලාගෙන හිටියා ඉතින් අද මිස්ටර් පාර්ක්ගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා එයාගේ පුංචි කෙල්ල ආපහු එයාගේ ලගට ඇවිත්
" මගේ රත්තරං.....කොහෙද මෙච්චර කාලයක් හිටියේ...? අප්පාට නොකියා ගියේ ඇයි මැනික අප්පාට ඉන්නේ ඔයා විතරයි නේ "
මිස්ටර් පාර්ක් අවුරුදු ගානක් හිර කරගෙන හිටපු දුක වචන විදියට පෙරලුවා
" මට සමාවෙන්න අප්පා..."
සෝයූන් කිව්වේ ඔච්චරයි කෙල්ලත් හොදටම අඩනවා වෙන කිසි දෙයක් නොතේරෙන පුංචි රූහා එයාගේ මමා අඩන දිහා දුකින් බලාගෙන හිටියා
" මමා....ඩෝන්ත් ක්‍රයි....!"
සෝයූන්ගේ ඇදුමෙන් අදින ගමන් කියද්දී මිස්ටර් පාර්ක්ගේ ඇස් රූහාව යොමු වුනා පුංචි බෝනික්කියක් වගේ ඉන්න කෙලි පොඩිත්ත සෝයූන්ගේ ඇදුමෙන් අල්ලාගෙන හිටියේ
" මමා අඩන්නේ නැ පැටියෝ "
පුංචි කෙල්ලව වඩාගත්ත සෝයූන් කිව්වා මිස්ටර් පාර්ක් පුංචි රූහා දිහා බලාගෙන හිටියේ හිතේ ප්‍රශ්න දාහක් වැඩ කරද්දී
" සෝයූන් මේ..."
" මගේ දුව අප්පා......"
සෝයූන් පුංචි හිනාවක් එක්ක කියද්දී මිස්ටර් පාර්ක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා
" මම දන්නවා අප්පාගේ හිතේ ප්‍රශ්න ගොඩක් ඇති කියලා මම ඒ ඔක්කොටම උත්තර දෙන්නම් අපි ඇතුලට එන්න ද.."
මෙතෙක් වෙලා දොර හරස් කරගෙන හිටපු මිස්ටර් පාර්ක් කෙල්ලට ඇතුලට එන්න ඉඩ දුන්නා සෝයූන් පුංචි කෙල්ලවත් ලගින් වාඩි කරගෙන වාඩිවුනා
" හැල්මොනී...."
ඒ පැත්තට එන ඉමෝව දැක්ක ගමන් රූහා දුවගෙන ඉමෝ ලගට ගියා කෙල්ල හිනාවක් එක්ක ඒ දිහා බලාගෙන ඉදිද්දී මිස්ටර් පාර්ක් ආපහු ප්‍රශ්න ගොඩක අතරමං වුනා
" මගේ චූටි මැනික හැල්මොනි බලන්න ආවා ද..?"
පුංචි රූහාගේ කම්බුල් ආදරෙන් සිපගන්න ගමන් කිව්වා
" යෙප්....බබා ආවා හැල්මොනි බලන්න හූම්.."
හුරතලේට කට හදන ගමන් කියද්දී ඉමෝ හිනා වුනා
" මගේ චූටි මැනිකට ඉමෝ රස කෑමක් හදලා දෙන්නම් "
" හුලේ....."
රූහා සතුටින් කෑගහන ගමන් ඉමෝ එක්ක කිචන් එක පැත්තට ඇවිදගෙන ගියේ ඒ දිහා හිනා වෙවී බලාගෙන හිටපු සෝයූන්වත් පුදුමෙන් ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන ඉන්න මිස්ටර් පාර්ක්වත් living room එකේ තනි කරලා
සෝයූන් ඊලගට එයාගේ අප්පා දිහාට හැරුනා ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන මිස්ටර් පාර්ක් සෝයූන් ලගින් ඉදගත්තා
" නූනාව බබා දන්නේ කොහොමද...?"
" අප්පා නොදන්නවා වුනාට ඉමෝ මේ අවුරුදු හත පුරාවටම මාත් එක්ක කතා කලා මමයි ඉමෝට කිව්වේ අප්පාට මම ඉන්නේ කොහෙද කියලා කියන්න එපා කියලා මම යනකොටත් ඉමෝ දන්නවා "
සෝයූන් කියද්දී මිස්ටර් පාර්ක්ගේ හිතට දුකක් තරහක් දැනුනා
" මට නොකියා යන්න තරම් මම මොකද්ද කරපු වැරැද්ද සෝයූන්....එතකොට මේ දරුවාගේ අප්පා කවුද....? ඔයා අප්පාට නොකියා මැරි කලා ද...?"
මිස්ටර් පාර්ක් එක දිගට ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා සෝයූන් හුස්මක් පහත හෙලලා අප්පා දිහා බැලුවා
" අප්පා කිසිම වරදක් කරේ නැ හැම වැරැද්දක්ම කරේ මම අප්පාට තවත් මූන දෙන්න බැරී නිසා මම ගියේ මම මෙහේ හිටියා නම් තව තවත් මගේ හිත රිදෙන එක වෙන්නේ "
සෝයූන් කිව්වාම මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බැලුවේ මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා අහන්න වගේ
" රූ බබාගේ අප්පා යුංගි "
සෝයූන් මිස්ටර් පාර්ක්ගේ ඇස් මගහැරලා කිව්වා මිස්ටර් පාර්ක්ට දැනුනේ ඔලුවට හෙනයක් ගැහුවා වගේ මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බලාගෙන හිටියේ වචනයක්වත් නොකියා මොනාද කියන්න ඕන කියලා හිතාගන්න බැරි වුනා
" මම මෙහෙන් යන්න ප්‍රධාන හේතුව වුනේ රූ බබා තමයි මම ඒ ගැන දැනගන්නකොට බබාට සති තුනක් වගේ අප්පාට මේ ගැන කියන්න ශක්තියක් මට තිබුණේ නැ ඒ නිසායි මම යන්න තීරණය කරේ "
කෙල්ල කියාගෙන යද්දී මිස්ටර් පාර්ක් හැගීම් විරහිත ඇස් වලින් සෝයූන් දිහා බලාගෙන හිටියා මිස්ටර් පාර්ක් කවදාවත් සෝයූන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති
" දැන් ඇයි මට මේ දේවල් කියන්නේ "
මෙතෙක් වෙලා නිහඩව හිටපු මිස්ටර් පාර්ක් ඇහුවා ඒ වචන වල කලකිරීමක් ගැබ් වෙලා තිබුනා
" මට සමාවෙන්න අප්පා "
සෝයූන් බිම බලාගෙන මිමිනුවා
" මම ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ සෝයූන් පුංචි කාලේ ඉදලා මලක් වගේ පරිස්සම් කරලා හැදුවේ මේ දේට ද...? දැන් මේවා ගැන කතා කරලා වැඩක් නැ වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි නේ "
මිස්ටර් පාර්ක් කියද්දී සෝයූන් මුකුත් නොකියා හිටියා කෙල්ලට කියන්න දෙයක් ඉතුරු වෙලා නැ එක අතකින් එයා වැරදියි කියලා දන්නවා තවත් අතකින් මේ දේවල් වෙන්න තිබුණු දේවල් කියලා කෙල්ල හිතුවා
" පුංචි කෙල්ල ඔයා වගේ..."
මිස්ටර් පාර්ක් කිව්වාම කෙල්ල හිනා වුනා
" පෙනුම විතරයි "
සෝයූන් හිනාවක් එක්ක කිව්වා ඊට පස්සේ ගෙවුණු පැය කිහිපය පුරාවට සෝයූන් මිස්ටර් පාර්ක් එක්ක කතා කලේ පුංචි රූහා ගැන පුංචි රූහා හරි ඉක්මනට හරබොජි එක්ක එකතු වුනා දෙන්නා එක්ක රෑ වෙනකම් සෙල්ලම් කරලා මහන්සියට පුංචි කෙල්ලට නින්ද ගියා සෝයූන් පුංචි කෙල්ල එක්කගෙන ආපහු හොටෙල් එකට යන්න හැදුවත් මිස්ටර් පාර්ක් කෙල්ලට යන්න ඉඩ නොදුන්නේ දැන් ගොඩක් රෑ වෙලා හින්දා ඉතින් සෝයූන් නවතින්න තීරණය කලා කෙල්ල කලින් ඉදපු රූම් එක ලෑස්ති කරලා දුන්නා
සෝයූන් නිදාගෙන ඉන්න රූ බබාව ඇදෙන් තියලා වටේට කොට්ට තියලා බැල්කනියට ගියේ අතීතයේ සිදුවීම් එකින් එක ෆිල්ම් එකක් වගේ මතකයට ගලාගෙන එද්දී
" අද ඔයා හිටියා නම් කිටියෝ මම මෙච්චර අසරණ වෙන්නේ නැ "
තරු පිරිවරාගෙන අහසේ පායලා තියෙන පුන්සද දිහා බලාගෙන මිමිනුවා ටික වෙලාවකින් කෙල්ල බැල්කනියේ දොර වහලා යන්න හදනකොට දැක්කේ එයා දිහා බලාගෙන ඉන්න කලු පැහැති ඇදුමෙන් සැරසුනු පුද්ගලයෙක් ඒ දර්ශනය කෙල්ලගේ හිත බයෙන් පිරෙන්න හේතුවක් වුනු නිසා සෝයූන් ඉක්මනට බැල්කනියේ දොර ලොක් කරලා රූම් එකට ඇවිත් නිදාගෙන ඉන්න රූහාව තුරුල් කරගත්තා
යේහාගේ හිතක් පපුවක් නැති වචනත් කවුරුහරි එයාගේ පස්සෙන් පන්නනවා කියලා කෙල්ලට දැනෙන නිසාත් සෝයූන් හිටියේ බයකින් ඒ බය එයාගේ ජීවිතය ගැන නෙවෙයි මේ ලෝකේ ගැන හරි හැටියට නොදන්නා එයාගේ පුංචි සිගිත්තිය ගැන රූහා තුරුල් කරගෙන හිටපු සෝයූන්ට නොදැනීම නින්ද ගියේ හැමදේම හොදින් සිද්ධ වෙයි කියලා හිතමින් ඉදිද්දී
සෝයූන් හිතනවා වගේ හැමදේම හොදින් සිද්ධ වෙයි ද....?
_________________________
සෝයූන් පුංචි රූහාවත් වඩාගෙන උදේ හොටෙල් එකට ගියා හැමෝම කෙල්ල දිහා අමුතු විදියට බලන නිසා සෝයූන්ට ඒක ලොකු අපහසුතාවයක් වුනා සෝයූන් එයාලා ඉන්න තට්ටුවට යනකොට lusi දුවගෙන ආවේ කලබලයෙන්
" මොකද මේ කලබලේ...?"
සෝයූන් කලබලයෙන් ඉන්න lusi ලියොන් දෙන්නා දිහා වගේම ඈතින් කාත් එක්කදෝ කෝල් එකක ඉන්න ජැක්සන් දිහා බලන ගමන් ඇහුවා
" මෑම් මේක පොඩ්ඩක් බලන්නකෝ"
Lusi එයාගේ අතේ තිබුණු ටැබ් එක පෙන්නුවා ඒක දැක්කාම සෝයූන්ගේ ඇහිබම රැලි ගැන්නුනා කෙල්ල ඒත් එක්කම ජැක්සන් දිහා බැලුවා සෝයූන් ජැක්සන් රූහා එකට ඉන්න ෆොටෝ එකක් social media වල ශෙයා වෙනවා ඒ ජැක්සන් ලෝකෙන් හංගාගෙන ඉන්න ෆැමිලි එක කියලා
" අයිෂ්......මේ ගොසිප්කාරයොන්ට් වෙන වැඩක් නැද්ද..?"
සෝයූන් නලල පිරිමදින ගමන් මිමිනුවා ඒත් එක්කම ජැක්සන් එතැනට ආවා
" මේක ඉක්මනට හරි ගස්සන්නම් සෝයූන් බය වෙන්න එපා "
" මට නෙවෙයි ඔප්පා මේකෙන් ප්රශ්නය වෙන්නේ ඔයාට "
ඒත් එක්කම මැනේජර් එතැනට දුවගෙන ආවා
" මෑම් ප්‍රශ්නයක්..."
" ඒ ගමන මොකද්ද...?"
" Min ලා project එක cancel කරලා එයාලා මේ project එකෙන් අයින් වෙනවා කිව්වා "
" ලියොන්.....රූහාව එක්කගෙන යන්න "
සෝයූන් කිව්වාම ලියොන් ඔලුව වනලා රූහාගේ අතකින් අල්ලාගෙන එක්කගෙන ගියා රූහා යනකම් ඉදපු සෝයූන් යකා වගේ කෑගහන්න පටන් ගත්තා
" ෆක්....! උන් කොහොමද එහෙම තීරණයක් ගත්තේ...? මොකද්ද project එක cancel කරන්න තරම් වුනු ප්රශ්නය "
සෝයූන් කේන්තියෙන් අතේ තිබුණු ටැබ් එක පොලොවේ ගහලා කියනකොට මැනේජර් වගේම lusi ත් ගැස්සිලා ගියා
" මෑම් ඒක අපිට වඩා එයාලට ප්‍රශ්නයක් project එකෙන් අයින් වෙනවා නම් project එක වෙනුවෙන් ඇස්තමේන්තු ගත කරලා තියෙන මුදල වගේ තුන් ගුනයක මුදලක් ගෙවන්න වෙනවා ඒක උන්ට ලොකු lost එකක්..."
මැනේජර් එහෙම කියනකොට සෝයූන් මොනාහරි කියන්න ගියත් කෙල්ලගේ ෆෝන් එක රින් වුනා සෝයූන් නලල රැලි කරගත්තේ කෝල් එක unknown number එකකින් නිසා
" යෙබුස්සයෝ...."
" යෙබුස්සයෝ මිස් සෝයූන්...උප්ස් සොරි වැරදුනා මිසිස් සෝයූන් "
ඇහුනු සමච්චල් සහගත කාන්තා කටහඬ හින්දා සෝයූන් ඇස් පියාගත්තේ එයාගේ කේන්තිය පාලනය කරගන්න
" මොකටද කතා කරේ කියලා දැනගන්න පුලුවන් ද මිසිස් යේරා.."
සෝයූන් උපරිම ඉවසීමෙන් කතා කලා ගොසිප් එක දැක්ක ගමන් යේරා හිනා වුනා යේරාට ඕන වුනේ කෙල්ලව පහතට ඇදලා දාන්න සෝයූන් ගොඩනගපු කම්පැනි එක කෙල්ල නිසාම පාඩු ලබනවා බලන්න
" අපි මේ project එකෙන් අයින් වෙනවා "
" මට ඒ ගැන මැනේජර් කිව්වා මිසිස් යේරා ඒකෙන් මිසිස් යේරාට ලොකු පාඩුවක් සිද්ධ වෙන්නේ "
" අපිට ඒක එච්චර ලොකු ගානක් නෙවෙයි ඒ නිසා ප්‍රශ්නයක් නැ මිස් සෝයූන් මොකද අපි හොද නම්බුකාර තත්ත්වයක් තියාගෙන ජීවත් වෙන මිනිස්සු අපි කැමති නැ slut ලා එක්ක වැඩ කරන්න "
ඒ කතාවට නම් සෝයූන්ගේ ඉවසීම පැන්නා කෙල්ල අතමිට මොලවාගෙන වේගෙන් හුස්ම ගත්තා සෝයූන්ගේ හැසිරීම දැකපු අයට තේරුනේ එක දෙයයි ඒ සෝයූන්ට හොදටම කේන්ති ගිහින් කියලා
" තමන්ගේ තත්ත්වය දැනගෙන කතා කරන්න මිසිස් යේරා මට slut කියන්න මොකද්ද තියෙන සාක්ෂි ආ කට හැදුනු පලියට කතා කරන්න එපා මම දකින දකින මිනිහා එක්ක නිදාගත්තේ නැ මම හිටියේ තමුන්ගේ පුතා එක්ක විතරයි හරියට දෙයක් දැනගෙන කතා කරන්න මිසිස් යේරා "
සෝයූන් කේන්තියෙන් කෑගහලා කිව්වාම අනිත් අයගේ ඇස් ලොකු වුනා ජැක්සන් කෙල්ලගේ උරහිස පිරිමැද්දේ සන්සුන් වෙන්න කියන්න වගේ කෙල්ලට එහා පැත්තෙන් ඇහුනේ හිනා හඩක් විතරයි
" හොද විහිලුව මිස් සෝයූන් මට හිනා යනවා හොදට කතා ගොතලා කියන්නත් පුලුවන් නේ මගේ පුතා එක්ක ඉන්න ගමන් තව මිනිහෙක් එක්ක ඉන්න ඇති ඒ නිසා නේ ඔච්චර ලොකු දුවෙක් ඉන්නේ නැත්නම් මේ ගොසිප් වල යනවා ජැක්සන්ගේ දරුවා ද..? තමුන් ඒ කොල්ලවත් රවට්ටගත්තාද සෝයූන් තමුන් මාර ගෑනියෙක් නේ "
" මිසිස් යේරා අන්තිම වතාවට කියන්නේ ඔය කතාව නවත්තනවා ජැක්සන් කියන්නේ මගේ කසින් බ්‍රදර් මිසක් මගේ හස්බන් නෙවෙයි අනික මම කාවවත් රවට්ටගත්තේ නැ මනුස්සයෙක්ට ඔච්චර පහත් විදියට කතා කරන්න එපා මිසිස් යේරා ඔයාට පව් පිරෙයි මට චරිත සහතික දෙන්න මිසිස් යේරා මහන්සි වෙන්න ඕන නැ පුංචි කාලේ මාව බලාගත්ත නිසා මම මෙච්චර හරි ඉවසීමෙන් කතා කරන්නේ ඇත්ත දැනගත්ත දවසට ඔයා ගොඩක් පසුතැවෙයි එදාට මිසිස් යේරා මගෙන් සමාව ඉල්ලයි ඒක හොදට මතක තියාගන්න කොයි එකටත් අද දවසයි වෙලාවයි කොහේහරි ලියලා තියාගන්න "
සෝයූන් එහෙම කියලා යේරා මුකුත් කියන්න කලින් කෝල් එක කට් කලා
" සෝයූන්...."
" මට තනියෙන් ඉන්න ඕන ඔප්පා චේබල් "
සෝයූන් එහෙම කියලා එතැනින් ගියේ ඇස් වලින් කදුලු පුරවගෙන හොටෙල් එකෙන් එලියට බැස්ස කෙල්ල කා එකට නැග්ගේ යන්නේ කොහෙද කියලවත් හරි අදහසක් නැතුව යේරාගේ වචන ඔලුව ඇතුලේ දෝංකාර දෙද්දී කෙල්ල උපරිම ස්පීඩ් එකෙන් ඩ්‍රයිව් කලා අන්තිමේ දී සෝයූන් ඇවිත් නැවතුනේ එයාගෙත් යුංගිගෙත් ලස්සනම මතක පිරිලා තිබුනු yeosu ගම්මානයේ පිහිටි එයාලගේ පුංචි නිවසට
කා එකෙන් බැස්ස කෙල්ල වටපිට බැලුවා අවුරුදු ගානකට කලින් වගේමයි පොඩි වෙනසක්වත් නොතිබුනු තරම් මේ අවුරුදු ගානට ගෙදර වගේම වත්ත කවුරුහරි නඩත්තු කරලා කියලා කෙල්ලට තේරුනා වත්තේ පුංචි ගේට්ටුවත් ඇරගෙන ඇතුලට යද්දී ගෙදර ඉස්සරහ තිබුණු cherry blossom ගහේ පිපිලා තිබුණු චෙරි මල් වල පෙති සුලග එක්ක හමාගෙන ආවේ කෙල්ලගේ කොන්ඩේ මල් පෙති රැදෙද්දී
සෝයූන් අත දික් කරාම චෙරි මල් පෙත්තක් කෙල්ලගේ අතේ රැදුනා සෝයූන් අතේ රැදුනු මල් පෙත්ත දිහා පුංචි හිනාවක් එක්ක බලාගෙන හිටියා මේ වත්ත පුරා දග කරමින් යුංගි එක්ක හිනා වෙවී ගත කරපු හැටි කොල්ලව කේන්ති ගස්සවලා කන් දෙකේ ඇගිලි ගහගන්න බැනුම් අහපු හැටි යුංගිගේ තුරුලේ සැනසුනු හැටි කෙල්ලගේ මතකයට ගලාගෙන ආවා
සෝයූන් මම ඔතනට ආවොත් තමුසෙගේ කන පලනවා දැනගනින්
මොකද ඔච්චර කෑගහන්නේ...? මම හිමින් බහින්නම්
තමුසෙගේ සද්දේ වැඩියි සෝයූන් කට තලාගන්න ඕන වෙලා ද..?
ඉස්සර දෙන්නා අතර සිද්ධ වෙන පුංචි පුංචි රන්ඩු අන්තිමේ දී ලෝක යුද්ධ බවට පරිවර්තනය වුනු හැටි කෙල්ලගේ මතකයට නැගුනා ඒ ඇස් කදුලින් තෙත් වෙලා ඒ දෙතොලතර අහිංසක හිනාවක් රැදිලා තිබුනා
තමුසෙගේ හුරතලේ...
මම හුරතල් තමයි හූම්...මොකද ඉරිසියායි ද..?
ඉරිසියා කරන්නේ මොන රෙද්දකටද..? තමුසේ මගේ නේ
සෝයූන්ව බැක් හග් කරගෙන කෙල්ලගේ බෙල්ලට පුංචි පුංචි හාදු තියමින් මිමිනුවා
ඒ මතක එක්ක සෝයූන් උරහිස් ඇකිලුවේ යුංගිගේ ස්පර්ශය දැනුනා වගේ නිසා ඇස් වල කදුලු පුරවගෙන කෙල්ල ගෙදර ඇතුලට යන්න හදනකොට දැක්කේ යුංගි හිටවපු සුදු රෝස මල් පැලයේ මල් පිපිලා තියෙනවා කෙල්ල මල් පැලේ දිහා බලාගෙන ඉදලා පාපිස්ස යට තිබුණු ගෙදර යතුර ගත්තා තාමත් එදා වගේමයි
කෙල්ල දොර ඇරගෙන ඇතුලට ගියා ඒ ගෙදර පිරිලා තිබුණේ ඒ දෙන්නාගේ මතකයන් වලින් සෝයූන් ගෙදර පුරා ඇස් යැව්වේ ඒ කම්බුල් මතින් කලබලයෙන් වගේ කදුලු බිදු කඩාගෙන හැලෙද්දී හිමින් අඩි තියමින් කෙල්ල ඇතුලට ඇවිදගෙන ගියා එයාලා දෙන්නාගේ රූම් එකේ දොර ඇරපු සෝයූන් බලාගෙන හිටියා එයාලගේ ජීවිතේ ලස්සන මතක ගොඩක් අමතක නොවන ආදරනීය රාගික හෝරා මේ බිත්ති හතර ඇතුලේ පිරිලා තිබුනා
එදා වගේම සුදු පැහැති ඇතිරිලි වලින් හැඩ වුනු ඇද මතින් වාඩිවුනු සෝයූන් ඇස් පියාගත්තා කෙල්ලට මේ වෙලාවේ යුංගිව තදින්ම ඕන වුනා ඒ උනුසුම් පපුවට තුරුල් වෙලා හිතේ තියෙන දුක තුනී වෙනකම් අඩන්න ඕන වුනා ඒ නපුරාගේ ආදරේ සෝයූන්ට ගොඩක් මිස් වුනා
කෙල්ල ඇදෙන් හාන්සි වෙලා ගුලි වුනා කොට්ටෙකුත් තුරුල් කරගත්ත සෝයූන්ගේ කටින් සිහින් ඉකියක් පිට වුනා ඒ හිත හඩා වැටෙනවා
" එයාට කියන්න කිටියෝ මම හිටියේ ඔයා එක්ක විතරයි කියලා මම ආදරේ කලෙත් ඔයාට විතරයි කියලා මම දකින දකින පිරිමියා එක්ක නිදිය slut කෙනෙක් නෙවෙයි කියලා රූහාගේ අප්පා ඔයා කියලා කියන්න කිටියෝ...! එයා මට ගොඩක් නරක විදියට කතා කලා මම ඔයාව රැවැට්ටුවා නැ කිටියෝ මම ඔයාට ආදරෙයි දෙවියනේ..! මම ආදරෙයි "
සෝයූන් කොට්ටෙත් පපුවට තුරුල් කරගෙන ඉකිගසමින් අඩන ගමන් මිමිනුවා යේරා කිසිදෙයක් නොදැන කියපු දේවල් කෙල්ලගේ හිතට තදින්ම වැදුනා යේරා කෙල්ලට කතා කලේ අන්තිම පහත් තත්ත්වයට දාලා යේරා කෙල්ලට අපහාස කලා
අඩ අඩා හිටපු කෙල්ලට දැනෙන මහන්සියට නොදැනීම නින්ද ගියා සෝයූන්ට නොදැනුනාට තව කෙනෙක් ඈත ඉදන් පුංචි ගෙදර දිහා බලාගෙන හිටියේ කදුලු පුරවගෙන
.
.
තද නින්දකින් පසුව ඇහැරුනු සෝයූන් නලල පිරිමදින ගමන් නැගිට්ටා ඒ වෙනකොට මුලු නිවසම අන්ධකාරයෙන් ගිලි පැවතුනා නැගිටපු කෙල්ල වටපිට බලලා හුස්මක් පහත හෙලුවා
" රෑත් වෙලා "
කෙල්ල මුමුනලා ඇදෙන් බැහැලා රූම් එකේ දොරත් වහගෙන ගියා ගෙදර ලයිට්ස් ඔන් කරපු සෝයූන් ගේ පුරා ඇස් අරගෙන ගියා
තමුසෙට පිස්සු ද ඕයි ඔයිට වඩා පොඩියට කැරට් කපන්නේ...?
කොහොම කැපුවත් බඩට නේ යන්නේ.
කටවහගෙන කියපු විදියට කපපන් නැත්නම් මෙතනින් පලයන් වදයක් නොවි
ඉතින් කරගන්නවා තවුසෙට වදයක් වෙන්න කොහොමත් මට ඕන නැ
කේන්තියෙන් යුංගිට රවන ගමන් කියපු සෝයූන් අතේ තිබුනු පිහිය cutting board එක උඩට විසි කරලා ගස්සගෙන ගියේ යුංගි කට කොනින් හිනාවක් එක්ක බලාගෙන ඉදිද්දී කොච්චර රවාගෙන ගස්සගෙන ගියත් කෙල්ලට වැඩි වෙලාවක් කේන්ති අරගෙන ඉන්න බැ කියලා දන්න නිසා යුංගි උයන්න ගත්තා
විනාඩි පහක් යන්න කලින් කොල්ලාට දැනුනේ එයාගේ ඉන වටේ පුංචි අත් දෙකක් එතෙනවා ඒ සෝයූන් කියලා දන්න නිසා කොල්ලා ගනන් නොගෙන දිගටම වැඩේ කරගෙන ගියා ටික වෙලාවකින් සෝයූන් කොල්ලාගේ පිටේ නහය අතුල්ලන්න ගත්තා
මොකද මේ ම්ම්ම්....
සෝයූන්ව තමන්ගේ පැත්තට හරවගත්ත කොල්ලා කෙල්ලගේ තොල් මතින් පෙක් එකක් තියලා ඇහුවා
මං වදයක් ද...?
කෙල්ල කට බෙරි කරගෙන අහද්දී කොල්ලා හිනා වුනා
තමුසේ වදයක් තමයි
යුංගි ගත් කටටම කිව්වාම කෙල්ලගේ මූන වෙනස් වුනා
ඒ වදකාර කෙල්ලට මම කැමතියි
සෝයූන්ගේ කම්බුලට කිස් එකක් දීලා කිව්වාම කෙල්ලගේ මූන මලක් වගේ පිපිලා ආවා
දැන් යන්න මේක හදලා ඉවර කරන්න ඕන
කොල්ලා කිව්වාම සෝයූන් යුංගිගේ තොල් වලට පෙක් එකක් දීලා දුවගෙන ගියේ යුංගි හිනා වෙවී බලාගෙන ඉදිද්දී
කෙල්ලගේ මතක අලුත් වෙද්දී පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන ගෙදරින් එලියට බැස්සා ගෙදර දොර ලොක් කරපු සෝයූන් යතුර පාපිස්ස යටින් තියලා යන්න ගිහින් ආපහු හැරිලා ගෙදර දිහා බැලුවා ටික වෙලාවක් බලාගෙන ඉදපු කෙල්ල සෝල් යන්න පිටත් වුනේ එයාගේ පුංචි කෙල්ල දැන් මමාව හොයනවා කියලා දන්න නිසා
සෝයූන් එයාගේ බෙල්ලේ තිබුණු මාලයේ පෙන්ඩන් එක පිරිමදින ගමන් drive කරගෙන ගියා සෝයූන්ගේ බෙල්ලේ තාමත් තිබුණේ අවුරුදු ගානකට කලින් යුංගි දීපු diamond necklace එක තමයි කෙල්ල ඒක පන වගේ පරිස්සම් කලා කෙල්ලගේ හිත කලබල වුනු අවස්ථාවලදී සෝයූන් පෙන්ඩන් එක පිරිමැද්දා
ටික දුරක් යනකොට කා එක නැවතුනා කෙල්ල ආපහු start කලත් හරි ගියේ නැ කෙල්ල steering wheel එකට අතමිට මොලවලා පහරක් එල්ල කලා
" අහ්හ්හ්...ෆක්...! මේ වගේ වෙලාවටමයි මේ ලකටමටත් කැඩෙන්න ඕන වෙන්නේ..."
සෝයූන් කේන්තියෙන් මිමිනුවේ ඒ වෙනකොටත් හිරු බැසගොස් ඝන අන්ධකාරයෙන් මුලු පරිසරයම වෙලාගෙන තිබුණු නිසා කෙල්ල passenger seat එකේ තිබුනු ෆෝන් එකත් අරගෙන කා එකෙන් බැස්සා ඒ පාරේ මනුස්සයෙක් තියා සුනඛයෙක්ගේ හොල්මනක්වත් හොයාගෙන නැ කෙල්ල වටපිට බලලා ෆෝන් එක ඔන් කරනකොට දැක්කේ ජැක්සන්ගෙන් lusi ගෙන් වගේම හැල්මොනීගෙන් ඇවිත් තියෙන කෝල්ස් තොගයක් කෙල්ල ජැක්සන්ට කෝල් කරත් වැඩක් නොවුනේ ඒ හරියට සිග්නල් නොතිබුනු හින්දා
පේන තෙක්මානයක කවුරුවත් නොසිටීමත් දැඩි අදුරත් එක් කලේ සෝයූන්ගේ හිතට ලොකු බයක් කෙල්ල වෙන කරන්න දෙයක් නැති කමට කා එක ලොක් කරලා කී එකත් අරගෙන පාරේ ඉස්සරහට ඇවිදගෙන ගියා ටික දුරක් ඇවිදගෙන එනකොට කෙල්ලට වාහනයක සද්දයක් ඇහුනු නිසා කෙල්ල නැවතිලා හැරිලා බැලුවා බයික් එකකින් ආපු කොල්ලෝ දෙන්නෙක් සෝයූන් ලගින් බයික් එක නැවැත්තුවා
" ඔහ්....බියුටිෆුල් කෙල්ලේ කොහෙද මේ රෑ ලැසි ගමනින් යන්නේ "
එක කොල්ලෙක් ඇහුවාම සෝයූන්ට තේරුනා එන පොට නම් හොද නැ කියලා මොකද කෙල්ලට ලොකු බියර් ගදකුත් ආවා සෝයූන් මුකුත් නොකියා ඉක්මන් අඩි තියමින් ඉස්සරහට ඇවිදගෙන ගියා
" හේයි කෙල්ලේ...කොහෙද යන්නේ...? අපි එක්ක ඔයාට යන්න පුලුවන් "
ඒ කොල්ලා එහෙම කියනකොට සෝයූන් නවතින්නේ නැතුව ඉක්මනට ඇවිදගෙන ගියා කෙල්ලගේ හදවත බයටම වේගෙන් ගැහෙනවා ඒත් එක්කම තව බයික් එකකින් ආපු කොල්ලෝ දෙන්නෙක් එතැන නැවතුනා
" මොකද හු#% මෙතන කරන්නේ...?"
" අර බලපන්.."
ඒ ප්‍රශ්නේ අහපු කොල්ලාට කට කොනින් හිනාවක් එක්ක තව කොල්ලෙක් පෙන්නුවේ ඉක්මන් අඩි තියමින් ඇවිදගෙන යන සෝයූන්ව
" අම්මටසිරි පට්ට කෑල්ලක් නේ යකෝ "
" අද රෑට හොද ෆන් එකක් ගන්න පුලුවන් වෙයි "
එක කොල්ලෙක් සෝයූන් දිහා කෑදරකමින් බලාගෙන තොල් තෙත් කරන ගමන් කිව්වා
" යමන් ඉක්මනට ඕකිව අල්ලගන්න ඕන "
එක කොල්ලෙක් කියලා බයික් එක රේස් කරගෙන ගිහින් සෝයූන් ලගින් නැවැත්තුවේ කෙල්ල ගැස්සිලා යද්දී
" මොකද කෙල්ලේ ඔච්චර හදිස්සිය...? අපිත් එක්ක පොඩ්ඩක් කතා කරමු.."
සෝයූන් බිම බලාගෙන යන්න හදනකොට අර කොල්ලා කෙල්ලගේ අතින් ඇල්ලුවා
" ම්..මාව... අ..ත..හරින්න.. ප්ලීස්..."
සෝයූන් කදුලු පුරවගෙන සිහින් හඩකින් මිමිනුවේ කෙල්ලගේ අත මුදවගන්න උත්සාහ කරන ගමන්
" අපේ වැඩේ කරගත්තාට පස්සේ යන්න දෙන්නම් කෙල්ලේ... අල්ලගනින් මේකි "
අනිත් බයික් එකේ හිටපු කොල්ලා දෙන්නා කට කොනින් හිනාවක් එක්ක සෝයූන්ගේ ලගට ආවා කෙල්ල එතැනින් බේරිලා යන්න දගලනවා
" මේකි දගලනකොට තවත් ආස හිතෙනවා බන් "
සෝයූන්ගේ ඉනෙන් තදින් අල්ලන ගමන් කොල්ලෙක් කිව්වා කෙල්ල එයාගේ ඉන අල්ලාගෙන ඉන්න කොල්ලාගේ අත නියපොතු වලින් සූරලා අත අල්ලාගෙන ඉන්න කොල්ලාගේ අත හැපුවා දැනුනු වේදනාවට කෙල්ලව අතහැරෙද්දී සෝයූන් දුවලා යන්න හැදුවත් එකෙක් කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා ගත්තේ සෝයූන් වේදනාවෙන් කෑගහද්දී
" පැනලා යන්න ද හැදුවේ කෙල්ලේ ආහ්..? ඒක නම් වෙන්නේ නැ "
සෝයූන්ගේ අතේ තිබුණු ෆෝන් එක කා කී එක බිම වැටුනා
" ම්..ම..ට.. යන්න.. දෙන්න.. "
කෙල්ල වෙව්ලන හඩකින් මිමිනුවා සෝයූන් හොදටම බය වෙලා හිටියේ කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන හැලෙනවා
" අපි තාම මුකුත් කරේ නැ නේ කෙල්ලේ අඩන්න තරම් "
එක කොල්ලෙක් සෝයූන්ගේ අත් දෙක පිටිපස්සට කරලා අල්ලගත්තා තව කොල්ලෙක් කෙල්ලගේ බෙල්ලට පහත් වෙලා හුස්මක් ගත්තා සෝයූන්ට අප්‍රසන්න බවක් දැනුනේ කෙල්ල දගලලා කොහොමහරි බේරෙන්න ට්‍රයි කලේ
" දගලන එක නවත්තපන් උබ කොච්චර දැගලුවත් අපෙන් බේරිල්ලක් නැ "
සෝයූන්ගේ කට දෙපැත්තෙන් තදින් අල්ලපු කොල්ලා කියලා කෙල්ලගේ blouse එකේ බටන් ගලවන්න පටන් ගත්තා කෙල්ල කොච්චර එපා කියලා ඇහුවත් ඒ කොල්ලා ඇහුවේ නැ
" ඔයා හරි ලස්සනයි නේ ඩෝල්..."
කෙල්ලගේ blouse එකේ බටන් ගලවපු කොල්ලා සෝයූන්ගේ පපුවට අත තියන්න හදන ගමන් කිව්වා
" අහ්..."
ඒත් එක්කම ඒ කොල්ලා වේදනාවෙන් අත අල්ලාගෙන කෑගැහුවේ අනිත් කොල්ලොත් කම්ෆියුස් වෙද්දී
" මොකද බන් වුනේ "
අනිත් උන් අහද්දී ඒ කොල්ලා ලේ ගලන අත පෙන්නුවා ඒ කොල්ලාගේ අත බුලට් එකකින් පසාරු කරගෙන ගිහින් තිබුනා
" හැංගිලා ගහන පො$&# කවුද යකෝ එලියට වරෙන් "
එක කොල්ලා ඉස්සරහට ඇවිත් කෑගහලා කියනකොට ඒකාගේ ඔලුව පසාරු කරගෙන බුලට් එකක් බැස්සා ඒ කොල්ලා එතැනම බිම වැටුනා සෝයූන් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ වෙන්නේ මොකද්ද කියලා තේරුමක් නැතුව
ඒත් එක්කම ඉස්සරහට ආපු කෙනාගේ මූන හරියට පෙනුනේ නැ ඒ කෙනාගේ එක අතක ගන් එකක් තිබුනා
" උබ කවුද....?"
" මම කවුද කියන එක උබට වැදගත් නැ ඔය කෙල්ලව අතහැරලා දාලා පලයන් නැත්නම්..."
ඒ ගැඹුරු කටහඬ ඇහෙද්දී සෝයූන්ට දැනුනේ එයාගේ මුලු ඇගම හිරිවැටිලා යනවා වගේ
" නැත්නම් උබ මොනාද කරන්න ද...?"
ඒ කොල්ලා කට කොනින් හිනාවක් එක්ක ඇහුවා උගේ යාලුවෝ දෙන්නෙක්ට වෙඩි වැදිලා ලේ පෙරාගෙන බිම වැටිලා ඉදිද්දී මෙහෙම ගොන් ප්‍රශ්නයක් අහන්න තරම් මුගේ මොලය තියෙන්නේ කොහෙද කියලා සෝයූන් කල්පනා කලා
" උබලා එකා එකා ගානේ පෙති පෙති ගහන්නේ "
ඒ කටහඬ ඇහෙද්දී සෝයූන්ට ඇඩුනා කොහොමද ඒ කටහඬ අමතක කරන්නේ සෝයූන්ට දුවගෙන ගිහින් ඒ පපුවට තුරුල් අවුරුදු ගානක් හිර කරගෙන ඉදපු දුක සේදිලා යන්න අඩන්න ඕන වුනා කෙල්ලගේ අත් නිදහස් වෙනවා කියලවත් සෝයූන්ට දැනුනේ නැ කෙල්ල දිගටම බලාගෙන හිටියේ එයාට කරදර කරන්න හදපු කොල්ලොන්ට ගහන කෙනා දිහා වෙන කිසිදෙයක් ගැන සෝයූන්ට ගානක් තිබුණේ නැ එයාගේ මනසේ වැඩ කලේ එක දෙයයි මේක හීනයක් වෙන්න එපා කියලා
" මම නෙවෙයි යකෝ පො$&* තොපි තමයි උබලාට අසහනේ කියලා මේකි පලි නැ යකෝ තොපි ඔක්කොම මරනවා.."
බිම වැටිලා සිහියක් නැතුව ඉන්න කොල්ලාට පයින් ගහපු ඔහු දත්මිටි කාගෙන කේන්තියෙන් කිව්වා මූනට වැටෙන කොන්ඩේ අතින් පිටිපස්සට කරපු ඔහු කේන්තියෙන් ඔලුව දෙපැත්තට වැනුවා එතැන ලේ විලක් කොල්ලෝ හතර දෙනා ලේ පෙරාගෙන පාර මැද වැටිලා හිටියා
" කි..ටී..."
යන්න හදපු කොල්ලා නැවතුනේ සෝයූන්ගේ වෙව්ලන කටහඬ ඇහුනු හින්දා කොල්ලා තද කරලා ඇස් පියාගෙන හුස්මක් ගත්තා ඒත් එක්කම මහ වර්ෂාවක් ඇදගෙන හැලුනා සෝයූන්ගේ කම්බුල් දිගේ වතුර බිදු එක්ක කදුලු බිදු ගලාගෙන ගියා සෝයූන් අඩන හඩ ඇහෙනකොට කොල්ලාට තවත් පිටුපාලා ඉන්න පුලුවන් වුනේ නැ සෝයූන් කොල්ලා ලගට පුංචි අඩි තියන ගමන් ලං වුනා කොල්ලාගේ කම්බුලට අතක් තියපු සෝයූන් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ දහසක් දේවල් ඒ හිතේ හිරකරගෙන
" ම්...මේක... හීනයක්... නෙවෙයි නේද "
යුංගිගේ කම්බුලක් පිරිමදින ගමන් කෙල්ල වෙව්ලන හඩකින් අහද්දී කොල්ලා නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා කොල්ලාගේ කම්බුලේ රැදුනු සෝයූන්ගේ අතට කිස් එකක් දුන්නා
" කොහෙද තවුසේ මෙච්චර කාලයක් හිටියේ...? ඇයි මාව දාලා ගියේ..? තවුසේ දන්නවා මට තවුසෙව කොච්චර ඕන ද කියලා එහෙම දැනගෙනත් මට තවුසෙව ඕනම කාලෙදී මගේ ලග හිටියේ නැ තවුසෙව මතක් කරලා කොච්චර අඩන්න ඇති ද...? ඇයි මෙච්චර ලොකු බොරුවක් කරේ..? ඇයි මට මෙච්චර දුකක් දුන්නේ..? මැරුනු කෙනෙක් වගේ ලෝකෙන්ම හැංගිලා හිටියේ මොකද මින් යුංගි....? මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා ඇයි මාව තනි කලේ..?"
සෝයූන් කොල්ලාගේ පපුවට අත මිට මොලවලා ගහන ගමන් කිව්වා සෝයූන් අන්තිම ටික සිහින් හඩකින් මිමිනුවා යුංගි මුකුත් නොකියා මහ වැස්ස මැද කෙල්ලව තුරුල් කරගත්තා දෙන්නාටම වහිනවා කියලා ගානක් තිබුණේ නැ ඊට වඩා දේවල් ඒ දෙන්නාට හිතන්න තිබුනා
යුංගි කෙල්ලව තදින් තුරුල් කරගෙන ඇස් පියාගත්තා කොල්ලාගේ ඇස් වලින් කදුලු බිදු කඩාගෙන හැලුනා කෙල්ලව මෙහෙම දකිද්දී යුංගිට දුකයි සෝයූන් කොල්ලාගේ පපුවට තුරුල් වෙලා ඉකි ගසමින් හොදටම අඩනවා අවුරුදු ගානක් මගහැරුනු උනුසුමට තුරුල් වෙලා ඉදිද්දී කෙල්ලට සැනසීමක් ආරක්ෂාවක් දැනුනා සෝයූන්ගේ හිතේ දහසක් ප්‍රශ්න තිබුනා ඒ ප්‍රශ්න වලට යුංගිගෙන් කෙල්ලට උත්තර ඕන ඒ වුනාට මේ වෙලාවේ සෝයූන්ට ඕන වුනේ එයාගේ ප්‍රශ්න වලට උත්තර නෙවෙයි කොල්ලාගේ උනුහුමට තුරුල් වෙලා සැනසෙන්න...!
___________________________
සෝයූන් මේ වෙලාවේ හිටියේ යුංගිගේ mansion එකේ කෙල්ල ඇස් බෝල කරගෙන වටේම බලනවා සෝයූන් දිහා බලාගෙන හිටපු කොල්ලාට හිතුවේ කොයිතරම් කාලයක් ගත වුනත් සෝයූන්ගේ හුරතලේ නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැ කියලා කම්පැනි එක ඇතුලේ ඉන්න සෝයූන්ව දැක්කා නම් කොල්ලා ඔය කියමන ඉල්ලා අස් කරගන්නවා කියන එක සහතිකයි
සෝයූන් living room එකේ තිබුණු සෝෆා එකේ වාඩිවෙලා ටවල් එකත් අතේ තියාගෙන හිටියා කෙල්ලගේ ඇදුම් ඔක්කොම තෙමිලා හින්දා යුංගි කෙල්ලට එයාගේ ශර්ට් එකක් දුන්නා සෝයූන්ට කොල්ලාගේ ශර්ට් එක ගවුමක් වගේ
" මේක බීලා ඉන්න "
යුංගි කොෆි මග් එක සෝයූන්ගේ අතට දෙන ගමන් කිව්වා කෙල්ල අත් දෙකෙන් මග් එක අල්ලගත්තා
" තමුසෙට තාම තනියෙන් කොන්ඩේ පිහිදගන්න බැරි ද..?"
සෝයූන්ගේ තෙත කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් යුංගි ඇහුවාම කෙල්ල ඇස් කොනින් කොල්ලා දිහා බැලුවා කොල්ලා සෝයූන්ගේ උකුලේ තිබුණු ටවල් එක අරගෙන කෙල්ලගේ ඔලුව පිසදැම්මා
යුංගි කෙල්ලගේ කොන්ඩේ පිහිදලා ඉවර වෙලා සෝයූන් ලගින් වාඩිවුනා කෙල්ල්ත් අතේ තිබුණු කොෆි මග් එක පැත්තකින් තියලා කොල්ලාගේ පැත්තට හැරුණේ ලොකු කතාවකට මුල පුරන්න වගේ
" මොකද්ද එදා වුනේ කිටියෝ...? මෙච්චර කාලයක් හැංගිලා හිටියේ මොකද "
සෝයූන්ගේ හිතේ තිබුණු ලොකුම ප්රශ්නය කෙල්ල ඇහුවා යුංගි හුස්මක් පහත හෙලලා කෙල්ල දිහා බැලුවා
" එදා....."
Flashback
සියලු ආරක්ෂාව යටතේ යුංගිව බන්ධනාගාරයට රැගෙන යමින් හිටියා කොල්ලා නිශ්ශබදව තමන්ගේ අත් වලට දාලා තියෙන මාංචු දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ ටික දුරක් ගිහින් පාලු පාරක යුංගිව රැගත් ජීප් රථය නතර වුනාම කොල්ලා ඔලුව උස්සලා වටපිට බැලුවා පේනතෙක් මානෙක මනුස්සයෙක් හොයාගන්න බැරි රූස්ස ගස් පාර දෙපැත්තේ තිබුනා
" බහිනවා..."
එක ඔෆිසර් කෙනෙක් කිව්වාම යුංගි කම්ෆියුස් වුනා කොල්ලාට හිතාගන්න බැ මොකද්ද වෙන්නේ කියලා
" තමුසෙට කියන දේ තේරෙන්නේ නැද්ද බහිනවා කිව්වාම "
ඔෆිසර් ආපහු කිව්වාම යුංගි ජීප් එකෙන් බැස්සාම තව ඔෆිසර් කෙනෙක්ගේ කොල්ලාගේ මාංචු ගැලෙව්වා යුංගි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදියා
" මේක තමුන්ට "
ඔෆිසර් ෆෝන් එක දික් කරාම කොල්ලා ෆෝන් එක කනේ තියාගත්තා
" තමුන් පුදුම වෙලා ඉන්නේ කියලා දන්නවා වැඩිය පුදුම වෙන්න එපා මේ මොහොතේ ඉදන් තමුන් මේ ලෝකෙට මැරුන කෙනෙක් තමුන්ව මගේ දුවගෙන් ඈත් කරන්න පුලුවන් එකම විදිය මේක තමුන්ව ලෝකේ කොහේ හිර කරත් සෝයූන් තමුන්ව හොයාගෙන යනවා කියලා මම දන්නවා තමුන් මැරුනොත් විතරයි සෝයූන් තමුන්ව අමතක කරන්නේ "
මිස්ටර් පාර්ක් කියද්දී යුංගි ඇහිබම රැලි කරගෙන අහගෙන හිටියා
" මෙහෙන් දුරකට ගිහින් හැංගිලා ජීවත් වෙනවා ආපහු තමුන් සෝයූන්ගේ ඉස්සරහට එන්න එපා මම තමුන්ට ඕන කරන් හැමදේම දෙන්නම් මගේ දුවව අමතක කරනවා මට තමුන්ට කියන්න ඕන වුනේ ඔච්චරයි මම හිතනවා තමුන්ට මම කියපු දේ තේරෙන්න ඇති කියලා "
මිස්ටර් පාර්ක් කිව්වාම යුංගි කට කොනින් හිනා වුනා ඒත් කොල්ලාගේ ඇස් වල තිබුණේ ලොකු දුකක්
" මිස්ටර් පාර්ක්ට ඕන දේ ඒ විදියට වෙයි.."
" එහෙම නොකලොත් තමුන්ට ඇත්තටම මැරෙන්න වෙයි "
" මිස්ටර් පාර්ක් කලබල වෙන්න ඕන නැ "
යුංගි කිව්වාම මිස්ටර් පාර්ක් කෝල් එක කට් කරන්න හැදුවේ ඒත් කොල්ලා ආපහු මිස්ටර් පාර්ක්ට කතා කලා
" මිස්ටර් පාර්ක්...!"
" මොකද...?"
" සෝයූන් හොදින්ද "
පුංචි නිහඩියාවකින් අනතුරුව යුංගි ඇහුවා
" ඒක තමුන්ට වැදගත් දෙයක් නෙවෙයි "
මිස්ටර් පාර්ක් එහෙම කියලා කෝල් එක කට් කලා කොල්ලා ෆෝන් එක දිහා බලාගෙන කට කොනින් හිනා වෙද්දී ඔෆිසර් ෆෝන් එක උදුරලා ගත්තා
" දැන් අපි යන්න ඕන තව ටිකකින් මේක පුපුරයි "
ඔෆිසර් කෙනෙක් කිව්වාම යුංගි ඇතුලු අනිත් ඔෆිසර්ලා එතැනින් ටිකක් ඈතට යනකොට ජීප් රථය පුපුරලා ගියා ජීප් රථය පුපුරලා ගිය දිහා බලාගෙන හිටපු යුංගි හැරිලා යන්න ගියේ දැන් මේ මොහොතේ ඉදන් එයා මේ ලෝකෙට මැරුනු කෙනෙක් නේද කියලා හිතමින්
Flashback Over
" ඕක තමයි සිද්ධ වුනේ ඊට පස්සේ මම ඔයාගේ අප්පාට ඕන විදියට කලා මම සෝල් වලින් දුරකට ගියා එහෙම ටික කාලයක් ඉන්නකොට මිස්ටර් පාර්ක් හදිස්සියේම මාව හොයාගෙන ආවා ඇවිත් කිව්වේ සෝයූන් ආ ගිය අතක් නැ කියලා එයා මම ඔයාව kidnap කරලා කියලා ගොඩ කාලයක් යනක්ම් මිස්ටර් පාර්ක් මාව සැක කලා ඊට පස්සේ මිස්ටර් පාර්ක් මාව NIS එකේ secret agent කෙනෙක් විදියට ට්‍රේන් කලා ඒ මං ගැන හොදටම විශ්වාසයක් ඇති වුනාට පස්සේ දැන් මම NIS එකේ secret agent කෙනෙක් "
යුංගි අන්තිමට හිනාවක් එක්ක කියද්දී කෙල්ල යුංගි දිහා බලාගෙන ඉදලා බිම බලාගත්තා
" හැමදේම මම නිසා නේද...?"
සෝයූන් සිහින් හඩකින් කියද්දී කොල්ලා සෝයූන් දිහා බැලුවා
" එහෙම නැ ඕයි තමුසේ ඒ ගැන හිතන්න එපා "
කෙල්ලගේ කොන්ඩේ අවුස්සන ගමන් කොල්ලා කිව්වා
" ඒක නෙවෙයි තමුසේ හස්බන්ට කිව්වා ද තමුසේ ඉන්නේ කොහෙද කියලා "
කොල්ලා සෝයූන්ගේ කොන්ඩේ අතරේ තිබුණු අත අරගෙන අහක බලාගෙන ඇහුවා
" මොහ්...? හස්බන්....?"
සෝයූන් කල්පනා කලේ කවුද යකෝ මම නොදන්නා මගේ හස්බන් කියලා කෙල්ල එහෙම අහනකොට යුංගි කට කොනින් හිනාවක් එක්ක සෝයූන් දිහා බැලුවා
" social media වල share වෙන ෆොටෝ වල ඉන්න එකා මොනා වුනත් පොඩි කෙල්ල තමුසේ වගේ අරූගේ හෝතබු මූන නම් පොඩ්ඩක්වත් ගෑවිලා නැ "
යුංගි කියද්දී සෝයූන්ට හිනාවක් ගියා කොල්ලාට තියෙන්නේ ඉරිසියාවක් කියලා සෝයූන්ට තේරුනා
" ඒ කියන්නේ ඒක ඇත්ත "
" මොකද්ද....?"
" ඌ තමුසෙගේ හස්බන් "
කොල්ලා සෝයූන් ඇස් මගහැරලා අහක බලාගෙන කිව්වා කොල්ලාගේ මූනේ සමච්චල් සහගත හිනාවක් ඇදිලා තිබුනා
" තමුසේ මාත් එක්ක මෙහෙම ඉන්න එක හරි නැ ඌට කියන්න තමුසෙව එක්කගෙන යන්න කියලා තමුසේ ගොඩක් දුර ගිහින් ඌ තමුසෙව හොදින් බලාගන්නවා ද තමුසෙට ඌ ආදරෙයි ද...? හහ්..! මාත් අහන මෝඩ ප්‍රශ්න ඌ ආදරේ නැත්නම් තමුසෙව මැරි කරන්නේ නැ නේ තමුසේ ඌත් එක්ක සතුටින් ඉන්නවා නම් මට එච්චරයි ඕන තමුසේ...."
යුංගි අහක බලාගෙන කියාගෙන යද්දී සෝයූන් කොල්ලාගේ මූන තමන්ගේ පැත්තට හරවගෙන යුංගිගේ තොල් අල්ලගත්තේ කොල්ලාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර යුංගි ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බලාගෙන ඉදිද්දී සෝයූන් ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් කොල්ලව සිපගන්නවා යුංගි කෙල්ල දිහා බලාගෙන ඉදලා සෝයූන්ව ඈත් කලා
" තමුසේ වැරැද්දක් කරන්නේ සෝයූන් තමුසෙගේ හස්බන්ට තමුසේ වැරැද්දක් කරන්නේ "
කෙල්ල දිහා නොබලා කොල්ලා කියද්දී සෝයූන් හුස්මක් පහත හෙලුවා
" මේ බලන්න කිටියෝ..."
කොල්ලාගේ කම්බුල් වලින් අත් තියපු සෝයූන් යුංගිගේ මූන තමන්ගේ පැත්තට හරවගත්තා
" ඔයාත් හිතන්නේ මම මැරි කරා කියලා ද....?"
කොල්ලාගේ ඇස් දිහා බලාගෙන අහද්දී යුංගි ඔහේ බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ
" ඒ මගේ හස්බන් නෙවෙයි කිටියෝ හැබැයි මාත් එක්ක හිටපු පුංචි කෙල්ල ඔයාගේ දුව කිව්වොත්..."
සෝයූන් එහෙම කිව්වාම කොල්ලා එයාගේ කම්බුල් මත තිබුණු කෙල්ලගේ අත් අයින් කලා
" තමුසෙට මාව විහිලුවක් ද සෝයූන් "
යුංගි සමච්චල් සහගත හිනාවක් එක්ක කියද්දී කෙල්ල යුංගිගේ ඇස් දිහා බලාගෙන හිටියා යුංගිගේ ඇස් වල තිබුණේ අහපු දේ ගැන අවිශ්වාසයක් විතරයි අන්තිමේ දී කෙල්ල සැනසීම හොයපු තැනින් හම්බුනෙත් දුකක් විතරයි
කෙල්ල වේදනාවෙන් හිනා වෙලා එතැනින් නැගිටලා යන්න හැදුවේ ඇස් වලට පිරුනු කදුලු හංගන්න තිබුණු වුවමනාවට සෝයූන් යන්න නැගිට්ටාම කොල්ලා සෝයූන්ගේ අතින් අල්ලලා නැවැත්තුවා
" ඒක ඇත්ත ද...? ඒ පුංචි කෙල්ල මගේ ද...?"
යුංගි ඇහුවාම සෝයූන් මුකුත් නොකියා සමච්චල් සහගත හිනාවක් එක්ක බලාගෙන හිටියා කොල්ලා රූහා තමන්ගේ ද කියලා සෝයූන්ගෙන් අහද්දී කෙල්ලගේ හිත තවත් පෑරුනා කෙල්ලට ලොකු කලකිරීමක් දැනුනා
" කතා කරනවා සෝයූන් මම තමුසෙගෙන් අහන්නේ "
යුංගි කෑගහලා අහද්දී කෙල්ල කේන්තියෙන් යුංගිගේ අත ගසලා දැම්මා
" ඔව් ඔව් රූහා තමුසෙගෙම දරුවා තමයි රූහාගේ ඇගේ දුවන්නේ තමුසේ ලේ තමයි ඒ පුංචි කෙල්ල අපි දෙන්නාගේ දරුවා කිටියෝ "
කෙල්ල කේන්තියෙන් කෑගැහුවත් අන්තිමේ දී ඒ ඇස් අගින් කදුලු බිදු කඩාගෙන හැලුනා යුංගිගේ අතින් කෙල්ලගේ අත ගිලිහුනා
" ඒ ඔයාගේ දරුවා කියලා ඔච්චරටම අවිශ්වාස ද යුංගි...? මම ඔයා එක්ක ඇරෙන්න වෙන කිසි කෙනෙක් එක්ක හිටියේ නැ යුංගි මම slut කෙනෙක් නෙවෙයි හැම කොල්ලා එක්කම නිදාගන්න තරම් අද වෙනකම් මේ මොහොත වෙනකම් තවුසේ එක්ක ඇරෙන්න වෙන කා එක්කවත් හිටියේ නැ එතකොට තවුසේ මගේ හස්බන් කියලා හිතාගෙන ඉන්න ජැක්සන් ඔප්පා මගේ කසින් බ්‍රදර් මිසක් මගේ හස්බන් නෙවෙයි තාමත් මාව විශ්වාස නැද්ද....? "
" සෝයූන්..."
කොල්ලා හඩ බාල කරලා කෙල්ලගේ නම කිව්වා යුංගිගේ හිතට සතුටක් දැනුනා සෝයූන්ගේ අයිතිය තාමත් එයාට තියෙනවා ඒ වගේම එයාලගේ ආදරේ සංකේතයක් විදියට පුංචි සිගිත්තියක් ඉන්නවා එයා දැන් අප්පා කෙනෙක් කියලා හිතද්දී කොල්ලාට ලොකු සතුටක් දැනුනා
පුංචි කෙලි පොඩිත්තක්...!
යුංගිට ලොකු වගකීමක්...!
ඒත් තවත් පැත්තකින් කොල්ලාට දුක හිතුනා එයාගේ දග කෙල්ලව ටික වෙලාවකට හරි අවිශ්වාස කලාට කොයිතරම් කාලයක් ගියත් සෝයූන්ගේ හිතේ යුංගිට තියෙන තැන කාටවත් ගන්න බැ ඒ තරම් සෝයූන් යුංගිට බැදිලා ඉවරයි යුංගි නැති වුනා කියලා ආරංචි වුනාම සෝයූන්ට හැමදේම අතහැරලා මේ ලෝකෙන් සමුගන්න හිතුනා ඒත් පහුවෙනිදා එයා pregnant කියලා දැනගත්තාම එයාගේ කුසේ යුංගිගේ නමින් හුස්ම ගන්නවා කියලා දැනෙද්දී සෝයූන්ට ජීවත් වෙන්න ඕන වුනා මෙලොව නොදුටු පුංචි කිරි කැටියා වෙනුවෙන් සෝයූන් ජීවත් වුනා පුංචි පැටියාට ලෝකේ තියෙන හොදම දේ දෙන්න සෝයූන්ට ඕන වුනා ඉතින් පුංචි පැටියා දරාගෙන මහන්සි වුනා
" මට දැන් මහන්සියි යුංගි...!
මේ ප්‍රශ්න එක්ක ගැටිලාම මට ගොඩක් මහන්සියි
දන්නවා ද යුංගි..?
රූහා හින්දා තමයි මම ජීවත් වුනේ
එයා හින්දා තමයි ශක්තිමත් වෙලා හැමදේටම මුහුන දුන්නේ
රූහා මගේ බඩේ තියාගෙන යුනි එකේ අන්තිම එක්සෑම් එක ලිව්වේ.. මම ගොඩක් දුක් වින්දා මට ඔයාව ඕනම කාලේ ඔයා මගේ ලගින් ඉදියේ නැ මුල් කාලේ මට කිසිදෙයක් කන්න බැ කෑවත් vomit කරනවා මාස තුනක් හතරක් යනකොට මගේ කොන්ද රිදෙන්න ගත්තා ඇවිදින්න අමාරු වුනා එක එක දේවල් කන්න ආස හිතෙද්දී මම ජැක්සන් ඔප්පාට හැල්මොනිට තමයි කිව්වේ ඒ දෙන්නා මාව පරිස්සමින් බලාගත්තා ඒත් මට ඔයා නැති අඩුව ගොඩක් දැනුනා කිටියෝ
රූහා මට වද දුන්නේ නැ මගේ අහිංසකී පව් දෙවියනේ මගේ කෙල්ල "
සෝයූන් සෝෆා එකේ ඉදගෙන අත් දෙකින්ම මූන වහගෙන අඩන්න පටන් ගත්තා පුංචි කෙල්ල ගැන හිතද්දී සෝයූන්ට ලොකු දුකක් දැනුනේ පුංචි රූහාගෙන් යාලුවෝ එයාගේ අප්පා ගැන අහද්දී කෙල්ල අසරණ වෙනවා කියලා සෝයූන් දන්නවා
" මට සමාවෙන්න සෝයූනා....මට සමාවෙන්න "
අඩන කෙල්ලව තුරුල් කරගෙන කොල්ලා දිගටම මිමිනුවේ ඔය වචන කිහිපය විතරයි සෝයූන් කොල්ලාගේ පපුවට තුරුල් වෙලා හොදටම අඩනවා යුංගි කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා
" එයා....මගේ පැටියා පව් යුංගි... එයාගේ යාලුවොන්ගේ අප්පලා නර්සරි එකට එයාලව අරගෙන යන්න එද්දී රූහා පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා යුංගි හැමදාම රූහාගේ හැමදේකටම මම යද්දී එයාගේ යාලුවෝ අහනවාලු අප්පා කෝ කියලා මගේ අහිංසකී කොච්චර ලොකු දුකක් දැනෙන්න ඇද්ද..? "
සෝයූන් ඉකි ගසමින් කොල්ලාගේ ශර්ට් එකේ කොනක් අතේ ගුලි කරගෙන කියද්දී යුංගිගේ ඇස් කදුලින් තෙත් වුනා එයා හින්දා සෝයූන් විතරක් නෙවෙයි එයාගේ පුංචි කෙලි පොඩිත්තත් ගොඩක් දුක් විදලා කොල්ලාට දරාගන්න බැරී දුකක් දැනුනා ඒ පපුවට මහ බරක් දැනුනා එයාගෙන් ඉෂ්ට වෙන්න ඕන වගකීම් පැහැර හැරියා කියලා කොල්ලාට හිතුනා කිසිම දෙයක් ගැන සීරියස් හිතන්නේ නැති වගකීමක් කියලා දෙයක් ගැන දන්නේ නැති ෆුල් ජොලි හිටපු කෙල්ලව පුංචි දරුවෙක් එක්ක තනි කරපු එක ගැන යුංගි පසුතැවුනා
" දැන් මම ඉන්නවා නේ ම්ම්ම් ආපහු අපේ පැටියා දුකින් ඉන්න එකක් නැ මගේ කෙල්ලෝ දෙන්නාට ආපහු දුකක් දෙන්නේ නැ මෙච්චර දෙයක් මම දැනගෙන හිටියා නම් මම කවදාවත් තමුසෙව දරුවෙක් එක්ක තනි කරන්නේ නැ සෝයූන් මිස්ටර් පාර්ක්ට බම්බු ගහගන්න කියලා තමුසේ එක්කගෙන කොහේහරි දුරකට ගිහින් ජීවත් වෙනවා මට සමාවෙන්න සෝයූනා ආපහු නම් මිස්ටර් පාර්ක් නෙවෙයි සක්‍රයා කිව්වත් මගේ කෙල්ලෝ දෙන්නාව දාලා කොහෙවත් යන්නේ නැ දැන් අඩන්න එපා "
සෝයූන්ගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිසදමන ගමන් කොල්ලා කිව්වා
_____________________________
සෝයූන් හිටියේ යුංගිගේ උනුසුම් අත් අතරට ගුලි වෙලා තද නින්දක අවුරුදු ගානකට පස්සේ කෙල්ල යුංගිගේ උනුසුමට ගුලි වෙලා සනීපයට නිදි යුංගි නම් සැනසීමෙන් නිදාගෙන ඉන්න කෙල්ල දිහා බලාගෙන ඉදියා කෙල්ලගේ දිගු තඹ පැහැති කෙස් කලබ සුදු පැහැති කර්ටන් අතරින් වැටුනු හිරු කිරන නිසා දිලිසෙනවා පියවුනු ඇස් පිරුනු කම්බුල් ලා රෝස පැහැයට හුරු කෙල්ලගේ දෙතොල් දිහා කොල්ලා බලාගෙන හිටියේ ලෝකේ තියෙන සුන්දරම දර්ශනය එයාගේ ඇස් ඉදිරියේ තියෙනවා වගේ
" තමුසේ නැතුව මම කොහොම හිටියා ද මන්දා.."
කොල්ලා සෝයූන්ගේ පිරුණු කම්බුලක් පිරිමදින ගමන් මිමිනුවා
" තමුසෙට තවත් දුක් විදින්න මම ඉඩ තියන්නේ නැ සෝයූන් මිස්ටර් පාර්ක් කැමති වුනත් අකමැති වුනත් දැන් නම් තමුසෙව පුදන්න බැ තමුසේ මගේ පිස්සු කෙල්ල "
යුංගි කෙල්ලගේ ඔලුව අතගාන මුමුනනකොට සෝයූන් තව ටිකක් හරි බරි ගැහිලා කොල්ලාට තුරුල් වුනා යුංගි පුංචි හිනාවක් එක්ක කෙල්ල දිහා බලාගෙන හිටියා
" දැන් නිදාගත්තා ඇති නේද...?"
කොල්ලා අහද්දී සෝයූන් අකමැත්තෙන් කෙදිරිල්ලක් පිට කලා
" තමුසේ දැන් ඔම්මා කෙනෙක් සෝයූන්..."
" උයා දැන් අප්පා කෙනෙක් යුංගි "
" පන්ඩිත කෙල්ල නැගිටිනවා බබා ඔයාව හොයනවා ඇති මෝඩියේ "
යුංගි කියද්දී සෝයූන් කොල්ලගෙන් ඈත් වෙලා සුටුස් ගාලා නැගිටලා ඇදෙන් බැහැලා දුවන්න හැදුවේ ඊට කලින් යුංගි කෙල්ලගේ අතින් ඇදලා ගත්තා
" බබා ගැන කිව්වාම ඔක්කොම අමතකයි "
කෙල්ලව බැක් හග් කරන ගමන් යුංගි මිමිනුවා
" ඒ මගේ පන නේ ඉතින් "
කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් සෝයූන් කිව්වේ පුංචි හිනාවක් එක්ක
" ම්ම්ම් "
යුංගි කෙල්ලව තුරුල් කරගෙන ටික වෙලාවක් ඉදලා රෙඩි වුනේ පුංචි කෙල්ලව බලන්න යන්න සෝයූන් රෙඩි වෙලා පහලට එනකොට යුංගි කොෆි බොනවා
" මටත්..."
කෙල්ල ඉල්ලුවාම යුංගි බිබී හිටපු කොෆි එක සෝයූන්ට දුන්නා කොෆි මග් එක අතට ගත්ත කෙල්ල උගුරක් බිව්වා
" කිටියෝ මට ජැක්සන් ඔප්පාට කතා කරන්න ඕන "
සෝයූන් කිව්වාම කොල්ලා ඇස් වලින් ටේබල් එක මත තිබුණු ෆෝන් එක පෙන්නුවා කෙල්ල ෆෝන් එක අරගෙන ජැක්සන්ට කෝල් කලා ටික වෙලාවක් රින්ග්ස් යනකොට ජැක්සන් ආන්සර් කලා
" ඔප්පා..."
" මොහ්...?"
ජැක්සන් කියපු දෙයක් එක්ක සෝයූන්ගේ අතේ තිබුණු මග් එක බිම වැටිලා කුඩු වෙලා ගියේ මග් එකේ ඉතිරි වෙලා තිබුණු කොෆි ටයිල් පොලොවේ ගලාගෙන යද්දී සෝයූන්ගේ අත පය ඔක්කොම වෙව්ලනවා කෙල්ල වැටෙන්න යද්දී යුංගි ඉක්මනට සෝයූන්ව අල්ලගත්තා කෙල්ලගේ ඇස් වල කදුලු පිරිලා කොල්ලාට තේරුනා වෙලා තියෙන්නේ හොද දෙයක් නෙවෙයි කියලා
" යුංගි... මගේ දරුවා...!"
__________________________
කෙල්ල හිටියේ හොස්පිටල් එකේ හොදටම අඩන ගමන් යුංගි සෝයූන්ගේ ලගින් ඉදගෙන කෙල්ලව පපුවට තුරුල් කරගෙන අඩන කෙල්ලව සනසන්න උත්සාහ කලා
" ශ්ශ්ශ්....දැන් ඇති බබාට මුකුත් වෙන්නේ නැ "
යුංගි සැරින් සැරේ කෙල්ලගේ කනට මිමිනුවේ ඔය වචන කිහිපය තමයි
" ම්..මගේ... ප්..පැ..ටි..යාට ගො..ඩක්.. ර්..රි.දෙන..ව්..වා.. ඇ..ති.."
කොල්ලාගේ ශර්ට් එක අතේ ගුලි කරගෙන ඉකිගසන ගමන් සෝයූන් කිව්වා යුංගි මුකුත් නොකියා කෙල්ලව තුරුල් කරගෙන හිටියා ජැක්සන් lusi වගේම ලියොන් හොස්පිටල් එකට ඇවිත් හිටියා ජැක්සන් කෙල්ල දිහා දුකින් බලාගෙන ඉදියා lusi නම් සෝයූන් දිහා පුදුමෙන් බලාගෙන හිටියේ මෙච්චර කාලයකට කොල්ලෙක්ට එයාට ලං වෙන්නවත් ඉඩක් නොදි හිටපු සෝයූන් දැන් මෙහෙම කොල්ලෙක්ට තුරුල් වෙලා අඩද්දී lusi පුදුම වෙන එක සාධාරණයි ලියොන් නම් තුරුල් වෙලා ඉන්න කපල් එක දිහා සතුටින් බලාගෙන හිටියා අන්තිමේ දී ආපහු ඒ දෙන්නා එකට ඉන්නවා ලියෝන්ගේ බොස් තාම ජීවත් වෙනවා ඉතින් මීට වඩා ලියොන්ට සතුටක් තියෙද..?
ඒත් එක්කම ඩොක්ටර් එලියට ආපු නිසා සෝයූන් ඩොක්ටර් ලගට දුවගෙන ගියා
" ඩොක්ටර්..මගේ දරුවාට කොහොමද....?"
" වැටුනු පාර ඔලුව වැදිලා තියෙන්නේ ඒ නිසා පොඩ්ඩක් තුවාලයි අභ්‍යන්තර තුවාල නැ ඔයාගේ දුව වාසනාවන්තයි ටිකකින් සිහිය එයි බය වෙන්න දෙයක් නැ "
ඩොක්ටර් එහෙම කියලා හිනා වෙලා ගියාම සෝයූන් පුංචි කෙල්ල හිටපු රූම් එකට ගියා පුංචි රූහාගේ නලල වෙලුම් පටියක් ඔතලා තිබුනා සිහියක් නැතුව ඇදක් නිසලව ඉන්න පුංචි කෙල්ලව දැකලා සෝයූන්ගේ කදුලු අලුත් වුනා සෝයූන් අතින් කට වහගෙන පුංචි අඩි තියමින් රූහාට ලං වුනා
" මගේ පැටියෝ...."
සෝයූන් පුංචි කෙල්ලගේ මූන අතගාන ගමන් මිමිනුවා
" මගේ පැටියාට රිදෙනවා ද..? "
සෝයූන් පුංචි කෙල්ලගේ ඔලුව අතගාන ගමන් ඇහුවා යුංගි දොර ලගට වෙලා ඇස් වල කදුලු පුරවගෙන බලාගෙන හිටියා
" මමාට සමාවෙන්න රත්තරං....මමාට මගේ පැටියා ලගින් ඉන්න බැරි වුනා මමා හිටියා නම් මගේ මැනිකට් මුකුත් වෙන්න දෙන්නේ නැ "
කෙල්ල අඩන ගමන් කියනකොට යුංගි කෙල්ල ලගට ආවා දැන් ඔයාලා කල්පනා කරනවා ඇති රූහාට මොකද වුනේ කියලා උදේ ඇහැරෙනකොට මමා ලග නොහිටිය හින්දා පුංචි කෙල්ල ටිකක් කලබල වුනා අනික එයාගේ මමා දුකින් හිටියේ මොන වැඩේ තිබුනත් රූහා ඇහැරෙනකම් සෝයූන් කෙල්ල ලග ඉන්නවා අද සෝයූන් එයාගේ ලග නැති වුනාම පුංචි කෙල්ල බය වුනා එයාගේ මමාට කරදරයක් ද කියලා ඉතින් ඇදෙන් බැස්ස කෙල්ල කලබලයෙන් දුවගෙන ගිහින් පඩිපෙළ බහිද්දී කකුල පටලැවිලා පඩිපෙලෙන් වැටෙනවා රූහා වැටෙනවා දකින lusi කෑගහගෙන බබා ලගට දුවගෙන ආවා රූහාගේ ඔලුව තුවාල වෙලා ලේ ගලමින් තිබුනා lusi ගේ සද්දය ඇහුනු ලියොන් ජැක්සන් දුවගෙන එතැනට ආවා ඊට පස්සේ සිහිය නැතුව ඉන්න පුංචි කෙල්ලව එක්කගෙන හොස්පිටල් එකට ආවා ඕක තමයි සිද්ධ වුනේ
" ඔයා වැරදි නැ සෝයූනා...අපේ පැටියා ඉක්මනට හොද වෙයි හරි ද ම්ම්.."
සෝයූන්ව තුරුල් කරගෙන යුංගි මිමිනුවාම කෙල්ල ඔලුව වැනුවා යුංගි සෝයූන් දෙන්නා පුංචි පැටියා ලගට වෙලා හිටියා කෙල්ලට සිහිය එන්න පරක්කු වෙද්දී සෝයූන් බය වුනා යුංගි ඩොක්ටර්ගෙන් ඒ ගැන ඇහුවාම බය වෙන්න එපා බබාට ප්‍රශ්නයක් නැ කිව්වා අඩලා අඩලාම සෝයූන්ට යුංගිගේ තුරුලේ නින්ද ගිහින් තිබුනා කොල්ලා නම් තාමත් සිහිය නැතුව ඉන්න පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්නවා එයාගේ පුංචි බෝනික්කිව මෙහෙම දකින්න කොල්ලා බලාපොරොත්තු වුනේ නැ
පුංචි රූහා දිහා බලාගෙන හිටපු යුංගි දැක්කේ කෙල්ලගේ ඇගිල්ලක් සෙලවෙනවා නිදාගෙන ඉන්න සෝයූන් පරිස්සමින් සෝෆා එකේ හාන්සි කරලා රූහා ලගට කිට්ටු වුනා පුංචි කෙල්ල අමාරුවෙන් ඇස් ඇරියාම ඉස්සෙල්ලාම දැක්කේ එයාගේ ඉස්සරහ ඉන්න යුංගිව රූහා ඇස් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා
" මගේ චූටි ප්‍රින්සස්ට රිදෙනවා ද ම්ම්.."
යුංගි සොෆ්ට් වොයිස් එකකින් ඇහුවාම කෙල්ල නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" ඇයි ප්‍රින්සස් බොරු කියන්නේ ඩැඩා දන්නවා මගේ ප්‍රින්සස්ට රිදෙනවා කියලා "
යුංගි එහෙම කිව්වාම පුංචි රූහාගේ ඔලුවට ගියේ එකම වචනයයි
ඩැඩා...!
" ඩැඩා..."
පුංචි කෙල්ල එහෙම කතා කරනකොට යුංගිට දැනුනු සතුට කියලා නිම කරන්න බැ කොල්ලාට රටක් රාජ්‍යයක් ලැබුනා වගේ එයාගේ පුංචි ප්‍රින්සස් එයාට ඩැඩා කියලා කතා කලා කොල්ලාට සතුටට නටන්න හිතුනා යුංගි රූහාගේ පුංචි අතක් ඒ අත් අතරට අරගෙන හරි ආදරෙන් සිපගත්තා
" යේ පැටියෝ....මම ඔයාගේ ඩැඩා තමයි "
",ඩැඩා කොහිද ඉදියේ...? බබාත ඩැඩාව ගොදක් මතක් වුනා ඩැඩා ගැන මමාගෙන් ඇහුවාම මමා අඩලවා බබා ආස නැ මමා අඩලවාට මමා බබාත ෆොතෝ ගොදාලියක් පෙල්ලුවා ෆොතෝ වලත වදා ඩැඩා ගොදක් හැන්තම් හූම් "
තොරතෝංචියක් නැතුව කියවන කෙල්ල දිහා යුංගි බලාගෙන හිටියේ කදුලු පුරවගෙන එයාගේ පුංචි ප්‍රින්සස්ට ඩැඩාව කොයිතරම් ඕන වෙලා ද් කියන්න ඒ පුංචි වචන වලින් කොල්ලාට තේරුනා කට හදන ගමන් හුරතලේට කියවන කෙල්ලව දැක්කාම යුංගිට මතක් වුනේ සෝයූන්ව පෙනුම සෝයූන්ගේ වගේ වුනාට යුංගිගේ නපුරුකම නම් රූහාට අඩුවක් නැතුව පිහිටලා තිබුනා
" ඩැඩා මගේ ප්‍රින්සස්ව දාලා කොහෙවත් යන්නේ නැ ඩැඩා ප්‍රින්සස් එක්කම ඉන්නවා "
යුංගි පුංචි කම්බුලක් සිපගෙන කිව්වාම රූහා සතුටින් හිනා වුනා පුංචි කෙල්ලට ගොඩක් සතුටුයි අන්තිමේ දී එයාගේ ඩැඩා එයාව බලන්න ඇවිත් රූහාට මීට වඩා සතුටක් කොයින් ද...?
" ඩැඩා අපිව දාලා යල්ල එපා පීත්...මමා ඩැඩාව මතක් කලලා ගොදක් ඇදුවා මමා අදනකොත බබාතත් ඇදෙනවා මමා පව් ඩැඩා..."
පුංචි කෙල්ල නිදාගෙන ඉන්න සෝයූන් දිහා බලාගෙන කිව්වා පුංචි රූහා එයාගේ මමාට කොයිතරම් ආදරේ ද කියන්න යුංගිට තේරුනා
" ඩැඩා කොහෙවත් යන්නේ නැ රත්තරං ඩැඩා මගේ කෙල්ලෝ දෙන්නා එක්ක හැමදාම ඉන්නවා "
රූහාගේ පුංචි අත සිපගන්න ගමන් කිව්වා කෙල්ල හරි අහිංසක විදියට හිනා වුනාම යුංගි ඒ පුංචි මූන පුරා හාදු තිබ්බේ රූහා හිනා වෙද්දී
" දැන් බබාතත් ඩැඩා කෙනෙක් ඉන්න නිතා බබාත පෙන්ස්ලාට ඩැඩාව පෙන්නන්න පුලුවන් යේහ් "
රූහා අත් පුඩි ගහලා සතුටින් කියද්දී යුංගි පුංචි කෙල්ල දිහා ආදරෙන් බලාගෙන හිටියා
" බබාට හොදවෙනකම් දග කරන්නේ නැ හරි ද..?"
යුංගි ටිකක් තදින් කියද්දී පුංචි කෙල්ල කට ඇද කරලා අහක බලාගත්තා
" ඩැඩාත් මමා වගේ හූම් "
පුංචි රූහා කිව්වාම යුංගි හිනා වුනා
" මමා මොනාද කරේ...?"
" මමා කොයිවෙලෙත් රූ බබා අලක කලල්ල එපා මේක කලල්ල එපා දග කලල්ල එපා කියලෝ හූම් "
" ඒ ඉතින් මමා මේ චූටි දග මල්ලට ආදරේ නිසා නේ "
ඉතින් ඔහොම පැය ගානක් අප්පායි දුවයි කතා කලා පුංචි රූහාගේ හුරතල් පන්ඩිත කතා අහගෙන ඉන්නකොට යුංගිට හිනා ගියා නර්සරි එකේ කරපු පන්ඩිත එයාගේ මමාගේ ගැන එයාට මතක ඇති කාලේ ඉදලා සිද්ධ වුනු හැමදේම යුංගි එක්ක බෙදාගන්න පුංචි රූහා අමතක කලේ නැ රූහා ඉක්මනට යුංගි එක්ක එකතු වුනා දැන් කෙල්ලට මමාව මතක නැති තරම්
සෝයූන් ඇහැරිලා හිටියත් බබාටයි ඩැඩාටයි disturb කරන්න හිතුනේ නැති නිසා දෙන්නාගේ කතාවට ඇහුම්කන් දෙමින් හිටියා කෙල්ලගේ හිතට ලොකු සැනසීමක් දැනුනා එයාගේ ආදරේ ආපහු එයාගේ ලග ඉන්නවා පුංචි රූහාගේ ඩැඩා එයාලා එක්ක ඉන්නවා මෙතෙක් කාලයක් අසම්පූර්න වුනු පවුල දැන් සම්පූර්ණයි කියලා කෙල්ලට හිතුනා ඒ සිතුවිල්ලත් එක්ක කාලයක් තිස්සේ හැංගිලා තිබුණු සෝයූන් අහිංසක හිනාව ඒ දෙතොලතර මැවුනා
After two week
සති දෙකක් ගත වෙලා ගියා යුංගි ජීවත් වෙනවා කියලා දැනගත්තාම හැමෝම සතුටු වුනා ඒ වගේම සෝයූන් මිස්ටර් පාර්ක් එක්ක තරහ වෙලත් ටික දවසක් හිටියා යේරා ඇවිත් කියපු දේවල් වලට සෝයූන්ගෙන් සමාව ඉල්ලුවත් කෙල්ලට නම් සමාවදෙන්න සූදානමක් තිබුණේ නැ යුංගි කෙල්ලට මුකුත් නොකියා හිටියේ යේරා කියපු දේවල් වල බරපතලකම දන්න නිසායි
සෝයූන් රූහා ජීවත් වෙන්නේ යුංගිගේ mansion එකේ යුංගි mansion එකේ පුංචි කෙල්ල වෙනුවෙන් වෙනම රූම් එකක් හදලා ඒක සෙල්ලම් බඩු වලින් පුරවන්න අමතක කලේ නැ ඉස්සර කොයිවෙලෙත් මමාගේ පස්සෙන් ඇවිදින කෙල්ල දැන් කොයිවෙලෙත් ඩැඩාගේ පස්සෙන් ඇවිදින්න පුරුදු වෙලා යුංගි රූහා කියන්නේ තකට තක දෙන්නා වලියක් කිව්වොත් ඉතින් දෙන්නාට ඊට වඩා දෙයක් නැ සෝයූන් කියලා වෙනසක් නැ හැබැයි
රූහාගේ දගකාර වැඩ අතරේ සෝයූන් යුංගි දෙන්නා තවත් ලං වුනා ඉතින් ඔහොම කාලය ගත වෙද්දී මිස්ටර් පාර්ක් යුංගිගේ mansion එකට ඇවිත් ඇහුව ප්‍රශ්නයට සෝයූන් යුංගි දෙන්නා මූනට මූන බලාගත්තා
" දෙන්නාට මැරි කරන්න අදහසක් නැද්ද..?"
ඉතින් මිස්ටර් පාර්ක්ගේ ඒ ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් සෝයූන් යුංගි දෙන්නා අද යුගදිවියට පා තබනවා වෙඩින් එක සම්පූර්ණයෙන් සෝයූන් කැමති විදියට ලෑස්ති කලා
සෝයූන් wedding frock එකත් ඇදගෙන mirror එකෙන් තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියේ ලොකු හිනාවක් එක්ක සෝයූන්ගේ හිත ලොකු සතුටකින් පිරිලා තිබුනා එයා කොච්චර සතුටින් ද කියන්න ඒ දිලිසෙන ඇස් සාක්ෂි දැරුවා
" උබ මාර ලස්සනයි බන් යුංගි ඔප්පාට පිස්සු හැදෙයි "
යුන්වි කෙල්ල දිහා බලාගෙන කියද්දී සෝයූන් හිනා වුනා යුන්වි කිව්වා වගේ සෝයූන් අද සුරංගනාවියක් වගේ කෙල්ල දකින කෙනෙක්ට හිතන්න බැ සෝයූන් කියන්නේ අවුරුදු හයක දරුවෙක්ගේ ඔම්මා කෙනෙක් කියලා
ටිකකින් සෝයූන් මිස්ටර් පාර්ක් වෙඩින් එක පැවැත්වෙන ස්ථානයට ගියා එලිමහනේ අහස උසට වැඩුනු රූස්ස ගස් අතරේ සුන්දර පරිසරයක තිබුණේ මිස්ටර් පාර්ක්ගේ අතේ එල්ලුනු කෙල්ල අනිත් අතින් flower bouquet එකත් අල්ලාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියේ ඇවිල්ලා හිටපු හැම කෙනාගෙම ඇස් සෝයූන්ගේ ලග නතර වෙද්දී හැමෝම කෙල්ල දිහා බලාගෙන ඉදිද්දී සෝයූන්ට ලැජ්ජාවක් දැනුනා ජැක්සන්ගේ අතේ හිටපු රූහා එයාගේ මමාගේ ලස්සන දිහා බලාගෙන හිටියේ දිලිසෙන ඇස් වලින් යුංගි කෙල්ල දිහා බලාගෙන හිටියේ වශි වෙලා වගේ සෝයූන් හිමින් සැරේ යුංගි දිහා බැලුවත් කොල්ලා කන්න වගේ බලාගෙන ඉන්න නිසා සෝයූන් කම්බුල් රතු කරගෙන බිම බලාගත්තා
පුංචි හිනාවක් එක්ක මිස්ටර් පාර්ක් සෝයූන්ගේ අත යුංගිගේ අත මතින් තිබ්බා කොල්ලා හිනාවක් එක්ක සෝයූන්ගේ අත තදින් අල්ලගත්තේ අන්තිම හුස්ම වෙනකම් අද අල්ලගත්ත මේ අත අතහරින්නේ නැ කියලා එයාටම පොරොන්දු වෙන ගමන් සෝයූන් යුංගි දිහා ආදරෙන් බලාගෙන හිටියා හැමදාම වගේ අදත් යුංගිගේ රූපය කෙල්ලගේ හදවත විනාඩි කිහිපයකට නවත්තන්න සමත් වුනා
" මේකප් වලට හොටු පෙරාගෙන වැදිරියෝ වගේ හිටපු කෙල්ලොත් ලස්සන කරන්න පුලුවන් හින්දා හොදයි "
යුංගි සෝයූන්ගේ කනට කරලා මුමුනලා කිව්වාම සෝයූන් flower bouquet එකෙන් කොල්ලාට ගැහුවේ හැමෝගෙම මුහුනට හිනාවක් එක් කරමින් ෆාදර් උගුර පාදලා චාරිත්‍ර පටන් ගත්තා චාරිත්‍ර අවසානයේ යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා ලං කරගෙන සෝයූන්ගේ තොල් වලට පෙක් එකක් තිබ්බේ හැමෝගෙම අත්පොලසන් නාද විසිල් හඩ මැද්දේ සෝයූන් අහිංසක හිනාවක් එක්ක යුංගිට තුරුල් වෙද්දී මිස්ටර් පාර්ක් කදුලින් තෙත් වුනු දෑසින් කපල් එක දිහා බලාගෙන හිටියා පුංචි රූහාත් ජැක්සන්ගේ අතින් බැහැලා යුංගි ලගට දුවගෙන ආවාම කොල්ලා හිනාවක් එක්ක රූහා වඩාගෙන කම්බුලට කිස් එකක් දුන්නා
" මගේ කෙල්ලෝ දෙන්නාගේ ලස්සන....!"
යුංගි කිව්වාම සෝයූන් හිනා වුනා යුංගිගේ අද තරම් සතුටු දවසක් තවත් නැතුව ඇති ලස්සන වයිෆ් කෙනෙක් බෝනික්කියක් වගේ හුරතල් කෙලි පොඩිත්තක් යුංගිට ඉන්නවා ඒ නපුරු ඇස් වල පිරිලා තිබුණු සෝයූන් වෙනුවෙන් පුංචි රූහා වෙනුවෙන් ආදරේ විතරමයි
" I Love you Soyun.."
" I Love You Too kitty.."
සෝයූන් කොල්ලාගේ කම්බුලට කිස් එකක් දීලා කිව්වාම පුංචි රූහා අත් දෙකින්ම කට වහගෙන හිනා වුනා
" අලාවියෝ තූ..."
රූහා කෑගහලා කිව්වේ හැමෝගෙම මුහුනු වලට ආදරනීය හිනාවක් එක් කරමින් අන්තිමේ දී අසම්පූර්න වුනු සෝයූන්ගේ පුංචි පවුල සම්පූර්ණ වුනා ආපහු හැමෝම එකට ඉස්සර වගේ හැමෝගෙම හිත් වල සතුට රජ කරනවා
හමුවීම් ආදරනීය එකතු වීම් වෙන්වීම් හිත් රිදීම් පුංචි පුංචි රන්ඩු බාධක ගොඩක් මැද්දේ ගලාගෙන ආපු ඔවුන්ගේ ආදර කතාවේ එක් පරිච්ඡේදයක් සතුටින් නිමා විය
𝚃𝚑𝚎 𝙴𝚗𝚍
ฅ^•ﻌ•^ฅ
Hii බබ්බුලා
Unforgettable Night වෙන් කරපු කපල් එක ඔන්න එහෙනම් එකතු කරලා සතුටුදායක අවසානයක් දුන්නා
Mr.kitty ට සමුදෙන්න කාලය ඇවිත් ඉතින් අන්තිම චැප්ටර් එකේ කතාව කියවපු ඔයාට හිතුනු දේ කමෙන්ට් එකක් වශයෙන් දාගෙන යන්න මේක ඕතර්ගේ පුංචි ඉල්ලීමක්
හැමදාම කමෙන්ට් කරපු වෝට් කරපු බබ්බුලා ඔක්කොටම ගොදාලියක් ආදලෙයි හලි ද..?
අද දින උපන්දිනය සමරන මගේ පුංචි reader බබාට (UNethmini)සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Words 8000+
දිග චැප්ටර් එකකුත් දුන්නු නිසා ඕතර් වැඩි කතාවක් නැතුව යන්නම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න
අලාවියෝ ඕල්...!
Bạn đang đọc truyện trên: AzTruyen.Top