匚卄卂卩ㄒ乇尺 39🐾
" තමුසෙලාට සැලරි එකක් ගෙවන්නේ මෙහෙම වැඩ කරන්න ද..? මේක කොච්චර ලොකු ලොස්ට් එකක් ද කියලා තමුසෙලාට තේරෙනවා ද මෙතන හරියට වැඩ කරන්න බැරි එකෙක් ඉන්නවා නම් අන්න දොර තියෙනවා බැහැලා පලයන්.."
ටේබල් එක මත තිබුණු ෆයිල් එක ඉස්සරහ සිටින employers ලාගේ පැත්තට විසි කලේ ෆයිල් එක ඇතුලේ තිබුණු ඔක්කොම කඩදාසි කොල කැබින් එක පුරා විසිරිලා යද්දී employers ඔක්කොම බිම බලාගෙන හිටියේ එයාලගේ මෑම්ට හොදටම කේන්ති ගිහින් හින්දා
" කෝ හේයොන්..."
මෑම් employers දිහා කේන්ති බලන ගමන් ඇහුවා
" මෑම්..."
තරුන fashionable girl කෙනෙක් ඉස්සරහට එනකොට මැඩම් කට කොනේ හිනාවක් එක්ක බලාගෙන හිටියා
" තමුසෙට පෙරේදා දීපු ෆයිල් එක complete කලා ද..?"
" මෑම් ඒක...."
" මට නිදහසට කරුනු අහන්න අවශ්‍යතාවයක් නැ තමුසේ ඒක complete කලා ද නැද්ද කියලා විතරයි මම අහන්නේ "
ටේබල් එකට අතින් පහරක් ගහලා කියද්දී ඒ ගර්ල් ගැස්සිලා ගියා
" නැ මෑම්.."
වෙව්ලන හඩකින් ඒ ගර්ල් උත්තර දුන්නා
" තමුසෙට ඒක complete කරලා ඊයේ වෙනකොට මට ලැබෙන්න සලස්සන්න ඕන කිව්වේ තමුසේ කරා ද නැ තාම නැ තමුසෙලාට කිව්ව වෙලාවට වැඩක් කරලා භාර දෙන්න බැ ඕපදූප කියවන්න වෙලාව ඕන තරම් තියෙනවා මේක කම්පැනියක්....
අවුරුදු ගානක් පුරාවට මහන්සි වෙලා හදාගත්තු නම තමුසෙලා වගේ උන් හින්දා නැති වෙන්න දෙන්න බැ තමුසෙලා ඔක්කොගේම resignation letters මෙතනින් තියලා යන්න පුලුවන් "
මැඩම් එහෙම කියනකොට employers ඔක්කොම එකිනෙක්කෙනාගේ මූන දිහා බැලුවා
" මෑම්....එහෙම කරන්න එපා ප්ලීස් ආපහු මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැ "
" ආපහු මෙහෙම දෙයක් නොවෙන්න ඕන නිසා තමයි තමුසෙලා එලියට දාන්න හදන්නේ මගෙන් තමුසෙලාට කිසිම සමාවක් නැ අන්න දොර තියෙනවා resignation letter එක මෙතනින් තියලා ඔක්කොටම එලියට බැහැලා යන්න පුලුවන් "
මැඩම් එහෙම කියලා එයාගේ ශිට් එකේ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන අතින් එලියට යන්න කියලා සන් කලාම කැබින් එකේ හිටපු ඔක්කොම employers ලා බිම බලාගෙන යන්න ගියා
" අද කී දෙනෙක්ව ගෙදර යැව්වා ද..?"
කැබින් එකට ඇතුල් වෙන ගමන් අහගෙන ආපු කොල්ලෙක් කම්පැනි එකේ CEO ඉස්සරහ කිසිගානක් නැතුව වාඩිවුනා
Chife Executive Officer-CEO
PARK SOYUN
ටේබල් එක ඉස්සරහ තිබුණු නම සහ තනතුර ගහලා තිබුණු නාමපුවරුව දිහා බලපු කොල්ලා පොඩි හිනාවක් එක්ක කෙල්ල දිහා බැලුවා
" ඔයා දන්නවා මිස්ටර් ජැක්සන් මම කම්පැනිය සම්බන්ධ වැරදි වලදී සමාවක් දෙන්නේ නැ "
සෝයූන් එහෙම කියන ගමන් ෆයිල් එකක් අතට ගත්තා
" ඔච්චර නපුරු වෙන්න එපා කෙල්ලේ.."
ජැක්සන් කිව්වත් කෙල්ල නෑහුනු ගානට ෆයිල් එක චෙක් කලා
" අද කලින් ගෙදර යනවා "
ජැක්සන් කිව්වාම සෝයූන් ෆයිල් එකෙන් ඇස් අරගෙන කොල්ලා දිහා බැලුවා
" ජීසූ ඔන්නිව ගෙදර එක්කගෙන යන්න තියෙන්නේ පුදුම වුවමනාවක් නේ"
සෝයූන් කුප්ප හිනාවක් එක්ක කියද්දී ජැක්සන් අත් දිගහරින ගමන් හිරි ඇරියා
" ඔව් ඕයි ගොඩ කාලෙකින් නිවාඩුවක් ලැබුනේ තමුසෙගේ ඔන්නි එක්ක මුකුත් කරන්නත් බැරි වුනා "
" ජෙයියනේ මගේ වර්ජින් කන් "
කෙල්ල කන් දෙකත් අත් දෙකින් වහගන්න ගමන් කිව්වා
" කාවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ..?
ඉක්මනට ගෙදර යනවා අපිටත් කියලා පවුල් තියෙනවා "
" ජීසූ ඔන්නිව මම බලෙන් තියාගත්තා වගේ නේ කතා කරන්නේ ගිහින් අරගෙන යනවා "
සෝයූන් කොල්ලාට රවාගෙන කිව්වා
" යනවා තමයි මගේ කෙල්ල තවුසේ එක්ක ඉදලා මොනා වෙලා ද දන්නේ නැ "
ජැක්සන් එහෙම කියන ගමන් නැගිට්ටා
" ඔය යන්න ද හදන්නේ "
" නැතුව පැලවෙන්න ආවේ නැ එහෙනම් කෙල්ලේ අපි ගියා "
ජැක්සන් එහෙම කියන ගමන් සෝයූන්ට අතත් වනාගෙන කැබින් එකෙන් එලියට යන දිහා කෙල්ල හිනාවක් එක්ක බලාගෙන හිටියා
Jackson Wang
Soyun Pov
කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා මගේ ජීවිතේ නම් සම්පූර්ණයෙන් වෙනස් වෙලා අවුරුදු හතකට කලින් හිටපු සෝයූන්ට වඩා හාත්පසින්ම වෙනස් සෝයූන් කෙනෙක් දැන් ඉන්නේ කාලය විසින් මාව වෙනස්ම තැනකට අරගෙන ඇවිත්
අවුරුදු හතකට කලින් කොරියාවට සමුදීලා චීනෙට ආවේ ආපහු කවදාවත් කොරියාවට යන්නේ නැ කියලා හිතාගෙන යුංගි මාව තනි කරලා ගියාට පස්සේ තවත් මට කොරියාවේ රැදෙන්න වුවමනාවක් තිබ්බේ නැ එහේ ඉන්න ඉන්න මගේ හිත පෑරෙන එක විතරයි වුනේ යුංගිගේ ඔම්මා මගේ හිත පුලුවන් තරම් රිද්දුවා ඉස්සර මට ආදරෙන් කතා කරපු අජුම්මා අන්තිමට මාව පෙනුනේ එයාගේ පුතාව එයාගෙන් උදුරගත්ත යක්සනියක් වගේ ජින් ඔප්පා වුනත් මගේ දිහා බැලුවේ අපරාධකාරියක් දිහා බලනවා වගේ යුන්වි මාත් එක්ක කතා කරන එක අඩු කලා ජින් ඔප්පා යුන්විට මාත් එක්ක ගනුදෙනුවක් තියාගන්න එපා කියන්න ඇති
එක අතකට අජුම්මා හිත දේ වරදක් නැ එදා ජින් ඔප්පා කියන දේවල් අහලා මගේ හැගීම් මගේ හිත ඇතුලෙම හිර කරගෙන හිටියා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැ එහෙනම් මාත් එක්කම මගේ ආදරෙත් වැලලිලා යයි
අවුරුදු හතකට කලින් අප්පාටවත් නොකියා මම කොරියාවෙන් ආවේ තවත් එහේ ඉන්න පුලුවන් වාතාවරණයක් නොතිබුනු හින්දා අන්තිමේ දී මම තනිවුනා හැමදාම ලගින් ඉන්නවා කියලා පොරොන්දු වුනු අය නොකියාම හොර රහසේ සදහටම යන්න ගියා තවත් අයට මගේ ලගින් ඉන්න ඕන වුනත් එයාගේ පවුලේ අය මට කැමති නැ
මම චීනෙට එනකොට ඉමෝ හැල්මොනීට හැමදේම කියලා තිබුනා හැල්මොනී හරබොජියි දෙන්නා airport එකට ඇවිත් හිටියා ඊට පස්සේ මගේ ඩිග්‍රි එක complete කරන්න මහන්සි වුනා මගේ cousin brother වුනු ජැක්සන් ඔප්පාත් මට ගොඩක් උදව් කලා ජැක්සන් ඔප්පා famous actor කෙනෙක් ඔප්පා අවුරුද්දකට කලින් මැරි කලා ඒ ඔන්නි නම් ගොඩක් හොදයි එයාගේ නම ජීසූ ඒ දෙන්නා එකට ඉන්නකොට මට එයාව ගොඩක් මතක් වෙනවා ඒ මූන කොහොම අමතක කරන්න ද...?
ඩිග්‍රි එක complete කලාට පස්සේ හැල්මොනීගෙයි හරබොජියිගෙයි කරදරේ නිසා wang group එක බාර ගත්තා මේ වෙනකොට කම්පැනි එක හොද තැනකට අරගෙන මට පුලුවන් වුනා ඒ අතින් නම් මම සතුටු වෙනවා
" මෑම්..."
අතීතයේ සිදුවීම් අතරේ හිර වෙලා හිටපු මම මේ ලෝකෙට ආවේ මගේ secretary වුනු lusi ගේ කටහඩින් මෙතෙක් වෙලා ග්ලාස් වෝල් එකෙන් පේන නිල් පැහැයෙන් දිස් වෙන අහස ටික ටික තැඹිලි පැහැයට හැරෙමින් තිබුනා අහස උසට නැගුණු බිල්ඩින් අතරින් කැබින් එකට තැඹිලි පැහැති හිරු කිරන වැටි තිබුනා ෆයිල් එකක් අතේ තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්න lusi ලග මගේ ඇස් නැවතුනා
" මේකට මෑම්ගේ සයින් එක ඕන "
Lusi එහෙම කියලා ෆයිල් එක මගේ ඉදිරියේ අරගෙන ඇවිත් තිබුනා මම සයින් කරලා ෆයිල් එක වහලා lusi ට දුන්නා
" මෑම් යන්නේ නැද්ද..?"
" දැන් යන්න හදන්නේ lusi"
මම එහෙම කියන ගමන් ලැප් එකත් වහලා ටේබල් එක උඩ තිබුණු ෆෝන් එකත් හෑන්ඩ් බෑග් එකත් අරගෙන නැගිට්ටා
" හරි මෑම්..."
Lusi මට හිනාවකින් සංග්‍රහ කරලා ගියා lusi මට වඩා අවුරුදු තුනක් බාල කටකාර කෙල්ලෙක් ඒ වගේම ටැලන්ට් වැඩක් බාර දුන්නොත් ඒක හරියටම ඉෂ්ට කරන කෙනෙක් ඒ නිසා තමයි මම එයාව මගේ secretary ගත්තේ
ඔෆිස් එකේ තව කිහිප දෙනෙක් වැඩ කරද්දී මම ඔෆිස් එකින් එලියට ඇවිත් කා පාක් එකට ගියා
" මිස්..."
සුපුරුදු හිනාවක් එක්ක ලියොන් මගේ දිහා බලාගෙන හිටියා අවුරුදු හතක් පුරාවට මගේ ලගින් ඉදපු කෙනෙක් තමයි ලියොන් කියන්නේ යුංගිගේ අන්තිමට ලියොන්ගෙන් ඉල්ලලා තිබුනේ මාව පරිස්සම් කරන්න කියලා ඒ තරම් මට ආදරේ කලා නම් ඇයි මාව තනි කරලා ගියේ..? ඇයි යුංගි මට මෙච්චර වේදනාවක් දුන්නේ..?
" අපි යමු ලියොන්..."
කා එකට නගින ගමන් මම කිව්වා අවුරුදු ගානක් ගෙවිලා ගියත් මට එයාව අමතක කරන්න බැරි වුනා යුනි එකේදී යුංගි මට කරපු නපුරුකම් කොයිවෙලෙත් මට බනින විදිය පාඩම් වරද්දලා ටොකු කාපු හැටි මතක් වෙද්දී ආපහු ඒ අතීතයට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා
කාලය ආපස්සට හරවන්න පුලුවන් නම් මම කවදාවත් ඔයාට ලං වෙන්න හිතන්නෙවත් නැ ඔයා වෙනුවෙන් මගේ හිතේ ඇති වුනු හැගීම හැමදාම මගේ හිතේ හිර කරගෙන දුරින් ඉදගෙන ඔයා දිහා බලාගෙන සැනසෙනවා දැන් ඔයාව දකින්නවත් බැරි දුරකට ගිහින් නේද කිටියෝ....?
මට ඔයාව ගොඩක් මතක් වෙනවා කිටියෝ ඒ වෙලාවට මට කදුලු පාලනය කරගන්න බැ ඔය උනුසුම් තුරුලේ සැනසුනු හැටි අප්පා කෙනෙක් වගේ මාව ආරක්ෂා කරපු හැටි වචනෙකිවත් ආදරෙයි නොකියා උපරිමයෙන්ම ආදරේ දුන්නු හැටි මට කොයිවෙලෙත් මතක් වෙනවා කිටියෝ....
මටත් නොදැනීම කදුලු ඉස්සර වෙද්දී ශටර් එකෙන් එලිය බලාගෙන හොරාට කදුලු පිහිදගත්තා ඒත් ලියොන් දැකලා ඉවරයි අදත් වෙනදා වගේම අසරණ විදියට මගේ දිහා බලාගෙන ඉන්නවා
" මිස්ට බොස් ගොඩක් ආදරේ කලා බොස් හිනා වුනෙත් මිස් දිහා බලාගෙන ඉදලා බොස් හැමදේම කරේ මිස් වෙනුවෙන් අඩන්න එපා මිස් බොස් කැමති නැ මිස්ගේ කදුලු දකින්න "
ලියොන් හැමදාම වගේ කිව්වේ ඔය දේවල් මම අඩන හැම මොහොතකම ලියොන් යුංගි මං ගැන කියපු දේවල් යුංගි මට හොරා මගේ පස්සෙන් ආපු හැටි යුංගි මට කොයි තරම් ආදරේ කරා ද් කියන්න ලියොන් කිව්වා එයා තරම්ම මමත් එයාට ආදරේ කලා නැ අදටත් මේ ගෙවෙන තත්පරෙත් මම එයාට එදා වගේම ආදරෙයි
මම ලියොන්ට හිනාවකින් සංග්‍රහ කරලා ශටර් එකෙන් එලිය බලාගත්තා ටික වෙලාවකින් mansion එකට ආවා
" මම යනවා ලියොන් "
" හරි මිස්..."
මම එහෙම කියලා කා එකෙන් බැහැලා mansion එක ඇතුලට ඇවිදගෙන ගියා
Author Pov
කාලය සමහර අයගේ ජීවිත උඩු යටිකුරු කරනවා සමහර අයගේ ජීවිත වලට අලුතින් අය එකතු වෙනවා සමහර අයගේ ජීවිත වල ඉන්න අය එයාලගෙන් ඈත් වෙලා දුරකට යනවා
සෝයූන් පුංචි හිනාවක් සමග mansion එකට ඇතුල් වුනා mansion එක පුරා පැතිරිලා තිබුණේ අත්භූත සන්සුන් බවක් කෙල්ල mansion එකේ දොර ලග ඉදගෙන ඇස් හීනි කරගෙන mansion එක පුරා ඇස් අරගෙන ගියා
" Good Evening මිස්..."
දුවගෙන ආපු මේඩ් කෙනෙක් කෙල්ලට ආචාර කරලා කිව්වාම සෝයූන් පුංචි හිනාවකින් සංග්‍රහ කරලා good evening කිව්වා කෙල්ල අතේ තිබුනු හෑන්ඩ් බෑග් එක මේඩ්ට දීලා mansion එක ඇතුලට ඇවිදගෙන ගියා කෙල්ලගේ හීල්ස් ටයිල් පොලොවේ වදිනකොට ඇහෙන සද්දය mansion එක පුරා පැතිරුනා කෙල්ල ඉනටත් අත් දෙක තියාගෙන mansion එක මැද හිටගෙන හිටියා
" මමා...."
පුංචි කටහඩක් එක්ක කෙල්ලට දැනුනේ පුංචි අත් දෙකක් කෙල්ලගේ කකුල් වටා එතෙනවා සෝයූන්ට හිනාවක් ගියේ පුංචි හුරතලිගේ වැඩ හින්දා
" මගේ දග මල්ල.....මොනාද කලේ..."
හුරතල් කෙලි පොඩිත්ත වඩාගෙන ඒ බෝල කම්බුල් ආදරෙන් සිපගෙන සෝයූන් ඇහුවා
" මමා....බබා ජීසූ නැන්දි එක්ක සෙල්ලම් කලා.."
පුංචි කෙල්ල කට හදන ගමන් කියද්දී සෝයූන් හිනා වෙවී බලාගෙන හිටියා
" මමා....බබා චිත්තයක් ඇන්දා මමා දැක්කේ ලැ ලේ ම්හ්.."
" ඉතින් මගේ පැටියා මමාට ගෙනත් පෙන්නන්න ඕන නේ "
සෝයූන් කිව්වාම පුංචි කෙල්ල සෝයූන්ගේ බෙල්ල බදාගත්තා
" මමා මිශ් යූ..."
පුංචි කෙල්ල දුක්බර හඩකින් කියද්දී සෝයූන් කෙල්ලව තදින් තුරුල් කරගත්තා පුංචි බබා කැමති නැ සෝයූන් එයාව දාලා විනාඩියකට හරි යනවාට සෝයූන්ගේ උනුහුමේ හැදුනු දග මල්ලට එයාගේ මමා නැතුව ඉන්න බැ
" මමාටත් මගේ දග කෙල්ලව ගොඩක් මතක් වුනා "
සෝයූන් එයාගේ තුරුලේ ඉන්න පුංචි කෙල්ලගේ උරහිසට හාදුවක් තවරලා කිව්වා කෙල්ලගේ ඇස් වලට කදුලු පිරිලා පුංචි කෙල්ලවත් වඩාගෙන සෝයූන් බබාගේ රූම් එකට ඇවිදගෙන ගියා රූම් එකට අඩිය තියනකොටම සෝයූන් දැක්කේ බිම පුරාම එක එක චිත්‍ර ඇදපු කොල පාට කූරු හැමතැනම තියෙනවා සෝයූන් බබාව ඇද උඩින් තියලා බිම තිබුණු චිත්‍ර ඇදපු කොල එකතු කලේ හිනාවක් එක්ක
" මමාගේ රූ බබාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් නේ "
සෝයූන් ලොකු හිනාවක් එක්ක කිව්වාම පුංචි බබා සතුටින් අත්පුඩි ගැහුවේ එයාගේ මමාගේ හිනාව දැකලා ඒත් සෝයූන්ගේ හිනාව ටික ටික මැකිලා ගියේ එතැන තිබුණු එක චිත්‍රයක් දැකලා කෙල්ල ඒ කොලේ හිමින් අරගෙන බලාගෙන හිටියා ඒකේ ඇදලා තිබුණේ පවුලක චිත්‍රයක්
" මමා...."
ඇදෙන් බැස්ස පුංචි සිගිත්තිය එයාගේ මමා ලගට ඇවිදගෙන ගියා මමාගේ උරහිස වටේ අත් යවපු පුංචි කෙල්ල සෝයූන්ගේ අතේ තියෙන චිත්‍රය දිහා බැලුවා
" අද තීත කිවා ෆැමිලි එකේ පික්තර් එකක් ඇදගෙන එල්ල කියලා බබාත ඉල්ලේ මමා විතලයි නේ බබායි මමායි විතලයි ඇන්දේ.."
පුංචි කෙල්ල එහෙම කියද්දී සෝයූන්ට ඇඩුනා කෙල්ල ඉකිගසන හඩ ඇහෙනකොට පුංචි බබා සෝයූන්ගේ ඉස්සරහට ආවා
" මමා..ඩෝන්ත් ක්‍රයි.."
පුංචි ඇගිලි වලින් සෝයූන්ගේ කම්බුල් තෙමාගෙන යන කදුලු බිදු පිහිදන ගමන් මූනත් බෙරි කරගෙන කිව්වා
" මමා අඩන්නේ නැ පැටියෝ..."
සෝයූන් පොඩි කෙල්ලව එයාගේ තුරුලට අරගෙන කිව්වා
" බබාත මමා විතලක් ඇති බබාත ඩැඩා කෙලෙක් ඕල ලැ "
සෝයූන් අඩනවා දකින හැම මොහොතකම පුංචි කෙල්ල කිව්වේ ඔය ටික තමයි නර්සරි ගියපු මුල් දවස් වල අනිත් ලමයින්ට ඩැඩා කෙනෙක් ඉදිද්දී එයාට විතරක් ඩැඩා කෙනෙක් නැත්තේ ඇයි කියන ප්‍රශ්නය පුංචි හිතේ තිබුනා ඉතින් පුංචි බබා සෝයූන්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවාම සෝයූන් හොදටම ඇඩුවා සෝයූන් අඩනවා දැක්කාම පුංචි කෙල්ල හොදටම බය වුනා එයාගේ මමාගේ කදුලු දකින්න පුංචි කෙලි පොඩ්ඩ ටිකක්වත් කැමති නැ
එදා ඉදන් පුංචි කෙල්ල කවදාවත් මමාගෙන් එයාගේ ඩැඩා ගැන ඇහුවේ නැ නර්සරි එකේ එයාගේ යාලුවෝ පුංචි කෙල්ලගෙන් එයාගේ ඩැඩා කෝ කියලා අහනකොට පොඩි කෙල්ල බිම බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ එයාගේ යාලුවෝ තමන්ගේ ඩැඩා එක්ක සමහර දවසට නර්සරි එද්දී එයා හැමදාම වගේ නර්සරි ආවේ එයාගේ මමා එක්ක ඒවා දකිද්දී ඒ පුංචි හිත කොච්චර රිදුනත් මමාගේ කදුලු දකිද්දී ඊට වඩා ඒ පුංචි හිත රිදුනා ඉතින් මේ පුංචි ඒන්ජල්ගේ මුලු ලෝකෙම වුනේ එයාගේ මමා
" මගේ පැටියාට මමා ඉන්නවා හැමදාම... හෙට දවසම මමා මගේ දග මල්ල එක්ක ඉන්නවා "
සෝයූන් පුංචි කම්බුල් හරි පරිස්සමින් පිරිමදින ගමන් කියනකොට පුංචි බබාගේ මූනේ හරි ලස්සන හිනාවක් ඇදුනා එයාට මුලු ලෝකෙම හම්බුනා වගේ
" මමා ඔපිත් යල්ලේ නැද්ද..?"
සෝයූන් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" මමා බබා එක්ක දවසෙම ඉල්ලනවා ද...?"
සෝයූන් ඔව් කියන්න ඔලුව වැනුවාම පුංචි කෙල්ල අත්පුඩි ගහන ගමන් උඩ පැන්නේ ඒ පුංචි හිතේ තියෙන සතුට කොයිතරම් ද කියන්න වගේ සෝයූන් හිනා වෙවී එයාගේ දග කෙලි පොඩිත්ත දිහා බලාගෙන හිටියා
" ඔය නැටුවා ඇති දැන් යන් වොෂ් එකක් දාගෙන එන්න දවසෙම දගලලා දගලලා මේ කෙල්ල ලග තියෙන ගදක්..."
සෝයූන් නහය අකුලගෙන කිව්වා
" නූ නූ බබා සූදයි මමා බොලු කියන්නේ "
" මමා බොරු කියන්නේ නැ "
පුංචි රූ බබාව වඩාගත්ත සෝයූන් බාත් රූම් එක පැත්තට යන ගමන් කිව්වා
Min Ruha
සෝයූන් පොරොන්දු වුනා වගේම පසුදින ගෙව්වේ රූ බබා එක්ක තමයි රූ බබා නර්සරි යන්න පවා අදිමදි කලේ එයාගේ මමා එක්ක ඉන්න ලැබෙන්නේ නැති නිසා කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන නර්සරි යන්න බැ කිව්වාම සෝයූන් ගෙදර ඉන්න ඉඩ දුන්නා
මේ වෙලාවෙත් රූ බබා garden එකේ එයාගේ මමා එක්ක සෙල්ලම් කරන ගමන් හිටියේ රූ බබාගේ හිනා හඩ garden එක පුරා පැතිරුනා ඒ හිනා හඩෙන් කියන්න පුලුවන් රූ බබා කොයිතරම් සතුටින් ද ඉන්නේ කියලා
" දග මල්ල මේක "
සෝයූන් රූ බබාව වඩාගෙන වටයක් කැරකිලා කිව්වා
" මමායි දුවයි සෙල්ලම් කලා ඇති නේ දැන් "
ඇහුනු කටහඩත් එක්ක සෝයූන් බබා වඩාගෙන හැරුනා
" ඒක තමයි හැල්මොනි කොහෙද මේ දගයා එක්ක බැ නේ "
සෝයූන් රූ බබා දිහා බලන ගමන් කිව්වා
" නූ නූ මමා බොලු කියල්ලේ... "
රූ බබා මැදින් පැනලා කිව්වාම සෝයූන් වගේම හැල්මොනිත් හිනා වුනා
" ඒක තමයි රූ කියන්නේ මමා තමයි බොරු කියන්නේ මගේ පැටියා ගුඩ් ගර්ල් කෙනෙක් නේ "
හැල්මොනි රූ බබාගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා
" ඒක තමා හූම් "
රූ ආඩම්බරයෙන් කියද්දී සෝයූන් හිනා වුනා
" ගුඩ් ගර්ල් ජීසූ නැන්දි එක්ක ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.."
හැල්මොනි කිව්වාම රූ බබා එයාගේ මමා දිහා බැලුවා
" එතෝට මමා...?"
" මමාට හැල්මොනි එක්ක කතාවක් තියෙනවා "
රූ බබා එයාගේ මමා දිහාත් බලලා හැල්මොනි දිහාත් බැලුවා
" මමා ඉක්මනට එන්න.."
සෝයූන් රූ බබාව බිමින් තිබ්බාම කිව්වා
" හරි පැටියෝ මමා ඉක්මනට එනවා "
සෝයූන් කිව්වාම පුංචි කෙල්ල ඇතුලට දුවගෙන ගියා රූ බබා යන දිහා බලාගෙන හිටපු සෝයූන් හැල්මොනි දිහාට හැරුනා
" හැල්මොනිට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ මොකද්ද "
" මම ඔයාට කලිනුත් කිව්වා සෝයූන් මේ ගැන ඇයි පොඩ්ඩක්වත් මේ ගැන හිතන්නේ නැත්තේ "
හැල්මොනි කිව්වාම සෝයූන් ඇහිබැමි හකුලවගෙන කල්පනා කලේ ඒ මොකද්ද කියලා ඒත් කෙල්ලගේ මතකයට ගලාගෙන ආවේ නැ
" මොකද්ද හැල්මොනි "
" රූ බබාට අප්පා කෙනෙක් ඕන සෝයූන් ඔයාට හස්බන් කෙනෙක් ඕන තව කොච්චර කාලයක් ඔහොම ඉන්න ද...?"
හැල්මොනි ඇහුවාම කෙල්ල හුස්මක් පහත හෙලුවා
" මට කවුරුවත් ඕන නැ හැල්මොනි "
" ඒ වුනාට රූ බබාට ඕන එයා ගෑනු ලමයෙක් සෝයූන් එයා ලොකු වෙන්න වෙන්න එයාට ආරක්ෂාව ඕන "
" හැල්මොනි කියන්නේ මට රූව බලාගන්න බැ කියලා ද...? රූව ආරක්ෂා කරන්න ශක්තියක් මට නැ කියලා ද..? මට මගේ දරුවාව බලාගන්න පුලුවන් හැල්මොනි මට කවුරුවත් ඕන නැ "
සෝයූන් කේන්තිය පිරුනු හඩකින් කිව්වා කෙල්ල කැමති නැ ආපහු කෙනෙක්ව එයාගේ ජීවිතේට ලං කරගන්න මොකද කෙල්ල අදටත් මේ ගෙවෙන තත්පරේත් ආදරේ කරන්නේ යුංගිට විතරයි මුලු හදවතින්ම යුංගිට ආදරේ කරද්දී තව කෙනෙක්ට ඒ හදවතේ ඉඩක් ඉතිරි වෙලා නැ
" මම එහෙම දෙයක් කිව්වේ නැ සෝයූන් පොඩ්ඩක් කියන දේ අහන්න රූ තාම පොඩි දරුවෙක් එයා ලොකු වෙද්දී එයාගේ ඩැඩා කවුද කියලා ඇහුවොත් මොකද කරන්නේ සෝයූන් යුංගි ගිහින් ඉවරයි සෝයූන් යුංගි තවත් මේ ලෝකේ නැ දැන්වත් යුංගි ගැන හිතන එක නවත්තන්න ඔයාගේ ජීවිතේට තව කෙනෙක්ට එන්න ඉඩ දෙන්න ඔයාගේ නරකකට නෙවෙයි කියන්නේ සෝයූන් ඔයාට මේ දරුවාට අනාගතයක් තියෙන්න ඕන අපි නැති දවසක ඔය දෙන්නා පරිස්සම් කරන්න කෙනෙක් ඉන්න ඕන රූ ගැනවත් හිතලා තීරණයක් ගන්න සෝයූන් අමතක කරන්න එපා රූහා කියන්නේ ගෑනු ලමයෙක් රූහාට ඩැඩා කෙනෙක් ඕන "
" බබාත ඩැඩා කෙලෙක් ඕල ලැ.."
පුංචි රූහාගේ කටහඬ ඇහෙද්දී මෙච්චර වෙලා කතාවක හිටපු හැල්මොනි සෝයූන් දෙන්නා ගැස්සිලා ගියා
" රූ...."
" බබාත ඩැඩා කෙලෙක් ඕල ලැ බබාත මමා විතලක් ඇති "
රූහා කදුලු පුරවගෙන කේන්තියෙන් කිව්වා රූහාට ඉක්මනට කේන්ති යනවා හරියට එයාගේ අප්පාට වගේ
" රූ....මගේ පැටියෝ "
හැල්මොනි රූහාගේ ලගට ගිහින් කෙල්ලව අල්ලන්න හැදුවා
" බබාව අල්ලන්න එපා "
රූහා කේන්තියෙන් හැල්මොනීගේ අතට ගහලා කියද්දී සෝයූන් ඇවිත් කෙල්ලව වඩාගත්තා
" මමා ඩෝන්ත් ක්‍රයි....! බබාත මමා විතලයි ඕල ඩැඩා එපා බබාත ඩැඩා එපා මමා ඩැඩා හින්දා හැමදාම අඩනවා මමා අඩනවාට බබා කැමති ලැ.."
පුංචි ඇගිලි වලින් සෝයූන්ගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිසදන ගමන් කිව්වා සෝයූන් පුංචි අතක් අරගෙන කිස් එකක් දුන්නා
" රූ...පැටියෝ.."
" බබා හැල්මොනි එක්ක තලහයි බබාගේ මමාව ඇඩෙව්වා "
රූහා හැල්මොනි දිහා රවාගෙන බලාගෙන කිව්වා
" එහෙම කියන්න එපා පැටියෝ එයා ඔයාට වඩා ගොඩක් වැඩිමල් නේ ඔහොම කතා කරන්න හොද නැ රූ බබෝ මමාගේ ගුඩ් ගර්ල් වගේ හැල්මොනිට සොරි කියන්න "
සෝයූන් කෙල්ලගේ කම්බුලට පෙක් එකක් දීලා කේන්තියෙන් ඉන්න රූ බබාව සන්සුන් කරන ගමන් කිව්වා
" සොලි හැල්මොනි "
රූහා නොකියා ඉන්න බැරිකමට වගේ කිව්වා හැල්මොනි පුංචි හිනාවකින් සංග්‍රහ කරන ගමන් කිව්වා
" අපි ගිහින් වොෂ් එකක් දාගමු ම්ම් "
සෝයූන් පුංචි කෙල්ලට කිව්වාම රූහා කෙල්ලගේ බෙල්ල බදාගෙන උරහිසෙන් ඔලුව තියාගත්තා
" මම බබාව වොෂ් කරලා එන්නම් හැල්මොනි "
හැල්මොනි මුකුත් නොකියා ඔලුව වැනුවා සෝයූන් පුංචි රූ බබාවත් වඩාගෙන යනකොට කෙල්ල හැල්මොනි දිහා තාමත් රවාගෙන හිටියා ඒ තමයි රූහාගේ විදිය ඉක්මනට කේන්ති ගන්න කෙල්ල මේ ලෝකේ දකින්න අකමැතිම දේ තමයි එයාගේ මමාගේ කදුලු පුංචි රූහාට එයාගේ මුලු ලෝකෙම වුනේ එයාගේ මමා කොච්චර මොන වැඩේ තිබුනත් සෝයූන් පුංචි රූහා වෙනුවෙන් කාලය වෙන් කරන්න අමතක කලේ නැ
රූහාගේ සමහර ගතිගුණ සෝයූන්ට යුංගිව සිහිගැන්වූවා පුංචි රූහාගේ පෙනුම සෝයූන් වගේ වුනාට ගතිගුණ යුංගිගේ වගේ වුනා රූහා මමා ලග හුරතල් අහිංසක කෙල්ලෙක් වුනාට පිට අයට රූහා කියන්නේ පෙනුමෙන් හුරතල් තද ගතිගුණ තියෙන නපුරු කෙල්ල කිව්වොත් නිවැරදියි
සෝයූන් බාත් ටබ් එකට වතුර පුරවලා කෙල්ලව සෝදනවා රූහා නම් හරි හරියට බාත් ටබ් එකේ ඉන්න තාර පැටව් එක්ක සෙල්ලම් කරනවා
" රූ පැටියෝ..."
" ඕ..."
තාර පැටියෙක් අතේ තියාගෙන කෙල්ල පිලිතුරු දුන්නා
" මමා කියන දේ මගේ මැනික අහනවා නේද "
" යෙප් රූ ගුඩ් ගර්ල් කෙනෙක් "
රූහා හිනා වෙවී කියද්දී සෝයූන් පුංචි කෙල්ලගේ කම්බුලක් මිරිකුවා
" මගේ පැටියාට මම කියලා තියෙනවා නේද ලොකු අය එක්ක කට ගහගෙන යන්න එපා කියලා එහෙම කරන්නේ නෝටි ලමයි මගේ පැටියා ගුඩ් ගර්ල් කෙනෙක් නේද..? "
සෝයූන් අහද්දී රූහා ඔව් කියන්න වේගෙන් ඔලුව වැනුවා
" හැල්මොනි කියන දේවල් වලට මගේ රූ බබා කේන්ති අරගෙන හැල්මොනිට බනින්න එපා ඒක ලොකු අයගේ කතාවක් නේ මගේ මැනික් කැටේට ඒවා වැඩක් නැ මමාට ඒවා බලාගන්න පුලුවන් "
" ඩැඩා ගැන කියලකොත මමා අඩනවා ලේ බබා කැමති ලැ මමා අඩනවාත "
රූහා බබා තොල් පිට පෙරලගෙන අතේ හිටපු තාරාවාගේ හොටේ මිරිකන ගමන් දුකින් කිව්වා
" මමා තනිවෙලා කවුරුවත් ලග හිටියේ නැති කාලෙක මමාගේ ලගින් හිටියේ හැල්මොනි තමයි එතකොට මගේ චූටි පැටියා ගොඩක් පුංචියි මමාට බබාගේ වැඩ තනියෙන් කරගන්න ලේසි වුනේ නැ ඒ දවස් වල හැල්මොනි තමයි මමාගේ ලගින් ඉදගෙන බබාව බලාගන්න උදව් කලේ ඉතින් මගේ මැනික් කැටේ හැල්මොනිට එහෙම කතා කරපු එක වැරදියි නේද..? ලොකු අයට එහෙම කතා කරන්න හොද නැ පැටියෝ මමාගේ ගුඩ් ගර්ල් නේ ආපහු ඔහොම ලොකු අයට කතා කරන්න එපා හරි ද...? අනික මගේ සංකැටේ ඔච්චර කේන්ති ගන්න එපා ඩැඩා වගේමයි පොඩ්ඩ ඇති යකා නටන්න "
සෝයූන් හිනා වෙවී කියන ගමන් රූහාව සෝදලා ටවල් එකෙන් ඔතලා රූම් එකට වඩාගෙන එක්කගෙන ගියා
" බබාත ඩැඩා වගේ වෙන්න ඕන නැ "
රූහා කිව්වාම සෝයූන් පුංචි කෙල්ලගේ මූන දිහා බැලුවා
" ඒ මොකද මැනික "
සෝයූන් කෙල්ලව උකුලෙන් වාඩි කරගෙන ඇහුවා
" මමා හැමදාම අඩල්ලේ ඩැඩා හින්දා ලේ ඩැඩා නෝතියි බබාව බලන්න ඩැඩා එල්ලෙත් ලැ බබා ඩැඩාත කැමති ලැ.."
රූහා තොල් උල් කරගෙන මුමුනද්දී සෝයූන් හුස්මක් පහත හෙලුවා
" ඩැඩා පැටියාට ගොඩක් ආදරෙයි "
" ඒනම් ඇයි ඩැඩා බබාව බලන්න එල්ලේ නැත්තේ..?"
" ඩැඩා ගොඩක් දුර ඉන්නේ "
" කොහෙද ඩැඩා ඉන්නේ බබා කියන්නම් ඩැඩාත එන්න කියලා "
පුංචි කෙල්ල කියද්දී සෝයූන්ට කෑගහලා අඩන්න හිතුනා
ඩැඩා කවදාවත් අපේ ලගට එන්නේ නැ පැටියෝ ඩැඩා මට ඔයාව දීලා සදහටම යන්න ගියා
සෝයූන් ජනේලෙන් පේන අහස දිහා බලාගෙන හිතුවා
" කියල්ලකෝ මමා "
" ඩැඩා අහසේ තරුවක් වෙලා අපේ දිහා බලාගෙන ඉන්නේ ඩැඩාට අපේ ලගට එන්න බැ ඒත් ඩැඩා අපිට ගොඩක් ආදරෙයි පැටියෝ ඩැඩා එක්ක තරහ වෙන්න එපා ඩැඩා කැමැත්තෙන් නෙවෙයි රත්තරං අපෙත් ඈත් වුනේ "
සෝයූන් කදුලු පාලනය කරගෙන වෙව්ලන හඩකින් කිව්වා
" ඩැඩා ඇයි එච්චර දුරට ගියේ "
රූහා ඇහුවාම සෝයූන් කතාව වෙන පැත්තකට හරවලා කෙල්ලව වඩාගෙන ක්ලෝසෙට් එකට ගියා පුංචි රූහාගේ කටේ තියෙන්නේ එයාගේ ඩැඩා ගැන
" මමා....බබා ඩැඩාව දැකලා ලැ ලේ "
රූහා සෝයූන්ගේ අතින් අදින ගමන් කිව්වාම කෙල්ල හිනා වෙවී ගිහින් එයාගේ ෆෝන් එක අරගෙන ඇදෙන් වාඩිවෙලා පුංචි රූහාවත් ලගට ගත්තා
" ඉන්නකෝ ඩැඩාව පෙන්නන්න "
" උහ්.....ඩැඩා ගොදක් හැන්සම් නේ "
රූහා ඇස් ජිල් බෝල වගේ කරගෙන කිව්වාම සෝයූන් හිනා වුනා
" මමා....ඩැඩා පූසෙක් වගේ "
පුංචි රූහා එයාගේ මමා දිහා බලන ගමන් කිව්වා
" මගේ පැටියාටත් එහෙම ද හිතුනේ මමාටත් ඩැඩාව දැක්කාම පූසෙක් තමයි මතක් වුනේ ඒ නිසා මමා ඩැඩාට කතා කලේ කිටි කියලා "
" ඩැඩා බැන්නේ නැද්ද මමා "
" ඩැඩා මමාගේ හැටි ගොඩක් හොදට දන්නවා බැනලා වැඩක් නැ කියලා දන්නවා "
ඊට පස්සේ ගෙවුණු පැය කිහිපය පුරාවටම මමායි දුවයි දෙන්නා ඩැඩා ගැන කතා කරමින් හිටියා පුංචි රූහා ඩැඩා ගැන මමා කියන දේවල් ආසාවෙන් අහගෙන හිටියා
" රූ....හබුන් කන්න එන්න "
හැල්මොනීගේ හඩ ඇහෙනවත් එක්කම රූහා සෝයූන් දිහා බැලුවා
" මමා ඩැඩාට කියල්ල බබා ඩැඩා එක්ක තලහ නැ කියලා "
රූහා එහෙම කිව්වාම සෝයූන් පුංචි කෙල්ලගේ කම්බුලක් පිරිමැද්දා
" මමා කියන්නම් මගේ පැටියා දැන් ගිහින් බන්ඩිය පුරවගන්න "
සෝයූන් කිව්වාම රූහා කෙල්ලගේ බෙල්ල බදාගෙන කම්බුලට කිස් එකක් දීලා දුවගෙන ගියා රූහා යනකම් ඉදපු සෝයූන් බැල්කනියට ගිහින් අහස දිහා බැලුවා අදුරු අහසේ තරු ගොඩක් පායලා තිබුනා
" එයාට ඔයාව ඕන කිටියෝ...."
සෝයූන් මෙතෙක් වෙලා හිර කරගෙන හිටපු කදුලු බිදු එක දෙක කෙල්ලගේ කම්බුල් දිගේ ගලාගෙන ගියා අවුරුදු ගානක් ගෙවිලා ගියත් අදටත් ඒ හිතේ තියෙන වේදනාව පොඩ්ඩක්වත් අඩු වෙලා යුංගි ගියේ සෝයූන්ට ලොකු වගකීමක් බලාපොරොත්තුවක් දීලා
ඒ තමයි රූහා...!
සෝයූන් ජීවත් වුනේ රූහා හින්දා සෝයූන් හිනා වුනේ රූහා හින්දා සෝයූන් හැමදේම දරාගෙන මෙච්චර දුරක් ආවේ රූහා හින්දා කෙල්ලට ජීවත් වෙන්න තිබුණු එකම හේතුව වුනේ රූහා.....!
රූහා වෙනුවෙන් සෝයූන් ජීවත් වුනා
_______________________
ගත වුනු අවුරුදු හතක කාලය ගොඩක් දේවල් වෙනස් කරන්න සමත් වුනා යුංගි දුන්නු සාක්ෂි එක්ක මිස්ටර් මින්ට ජීවිතාන්තරය දක්වාම සිර දඩුවම් නියම වුනා වෙන දේවල් දරාගන්න බැරුව නාරා මානසිකව වැටුනා නාරාගේ හැමදේම බලාගෙන ඉදිද්දීම විනාස වෙලා ගියා අන්තිමේ දී නාරා නැවතුනේ මානසික රෝහලක එතකොට Min Industries යුංගිගේ ඔම්මා වුනු යේරාට ලැබුනා මොකද මිස්ටර් මින් Min industries සම්පූර්ණයෙන් යේරාගේ නමට පවරලා තිබුණේ ඉතින් යේරා Min industries බාර ගත්තා
සෝයූන් ඉන්න තැනක් හරියට දැනගෙන හිටියේ එයාගේ ඉමෝ විතරයි කෙල්ල ගැන හැමදේම දන්නෙත් ඉමෝ විතරයි සෝයූන්ගේ අප්පා වුනු මිස්ටර් පාර්ක් මිස්ටර් මින්ට දඩුවම් නියම වුනාට පස්සේ ජොබ් එකෙන් අස් වුනා දැන් මිස්ටර් පාර්ක් එයාගේ දුවගේ මතක එක්ක ජීවිත් වෙනවා කවදාහරි දවසක ආපහු එයාගේ දුව එයාව බලන්න එයි කියන බලාපොරොත්තුව එක්ක
ජීවූ දැන් හොස්පිටල් එකක ට්‍රේනින් වෙන ඩොක්ටර් කෙනෙක් ජීවූගේ නම්චිංගු ඒ හොස්පිටල් එකේම ඩොක්ටර් කෙනෙක් ජීවූගේ afire එකට මිස්ටර් පාර්ක් විරුද්ධ වුනේ නැ සේහා මුලදී වැඩි කැමැත්තක් නොපෙන්නුවත් පස්සෙදී කැමති වුනා
ජිමින් එයාගේ අප්පාට අයිතිව තිබුණු කම්පැනි එකේ නම වෙනස් කරලා PJM PVT Limited නමින් අලුතින්ම කම්පැනි එක ආරම්භ කලා අලුත් නමක් එක්ක ඉදිරියට යද්දී කොල්ලාට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුනා ජිමින්ට හයියක් වෙමින් කොල්ලාගේ ලගින්ම එයාගේ අප්පා වගේම තව කෙනෙක් හිටියා ඒ ජිමින්ගේ කියුට් යොංජාචිංගු ඇය නමින් හේසොන් විය කෙල්ල ජිමින්ට වඩා අවුරුදු තුනකින් බාල වගේම ආදරනීය චරිතයක් වුනා දැන් හේසොන් කියන්නේ ජිමින්ගේ වයිෆ්
පාර්ක් ෆැමිලි එකේ විස්තර තමයි ඒ කිව්වේ
එතකොට කිම් ෆැමිලි එක ගැන කිව්වොත් දැන් කිම් ෆැමිලි එකට අලුත් සාමාජිකයෝ ගොඩක් එකතු වෙලා තිබුනා
ජින්ගෙයි මිනායාගෙයි පුංචි කොල්ලාට දැන් අවුරුදු හතක් වෙනවා ඒ වගේම තව අවුරුදු හතරක පුංචි කෙලි පොඩිත්තියක් ඒ දෙන්නාට ඉන්නවා
මිසිස් කිම්ගේ බලකිරීමට තනිකඩ දිවියට තිත තබමින් යුනි එකේ සුවහසක් සිසුවියන්ගෙන් සිත් වේදනාවට පත් කරමින් නම්ජූන් යුගදිවියට පා තබා දැනට වසර පහක කාලයක් වෙනවා
ටේහ්‍යුන් ගැන කිව්වොත් පිටසක්වල ජීවතයක් ගත කරමින් කෙල්ලොන්ට ලයින් දාමින් ගත කරපු ජීවිතේට තිත තියන්න සිද්ධ වුනේ කොල්ලා නොසිතූ විදියට ඒ තමයි අලුතින් ආපු මේකප් ආටිස්ට් කොල්ලාගේ හිත ගියපු හින්දා ටේහ්‍යුන්ට ලෝක යුද්ධයක් කරලා තමයි කෙල්ලගේ ආදරේ දිනා ගත්තේ අන්තිමේ දී ටේහ්‍යුන් හැට පනින්න කලින් මැරි කරපු එක ගැන නම් මිසිස් කිම් සතුටු වුනා
කිම් පවුලේ පොඩි ඇත්ති වුනු යුන්වි තමන්ගේ පරම පිවිතුරු නිකලැල් කුලුදුල් කස් එක සමග විවාහ වීමට තරම් වාසනාවන්ත වුනා කෙල්ල ජන්කූක්ව මැරි කලා දැන් අවුරුදු හතරක පුංචි කෙල්ලෙක් ඉන්නවා තව බබෙක් යුන්විගේ බන්ඩියේ ඉන්නවා එයත් ලගදීම එයාලගේ අත් අතරට එයි
හෝසොක් නම් සාමයෙන් සතුටින් ස්ප්‍රයිට් දෙවියන් අදහන ගමන් ඩාන්සින් ඇකඩමිය කරගෙන පාඩුවේ ජීවත් වෙනවා හෝසොක්ගේ සිත සොරා ගන්න තරම් තරුනියක් කොල්ලාට හම්බවෙලා නැ
මේ වෙලාවේ යුන්වි හිටියේ බැල්කනියේ තිබුණු ඔංචිල්ලාවේ වාඩිවෙලා සෝයූන්ගෙයි එයාගෙයි පරන ෆොටෝස් බලන ගමන් සෝයූන්ට එයාව ඕනම වෙලාවේ සෝයූන්ගේ ලගින් ඉන්න බැරි වුනු එක ගැන යුන්වි අදටත් පසුතැවෙනවා
" මොනාද කරන්නේ....?"
පුංචි කෙල්ලව නිදි කරවපු ජන්කූක් බැල්කනියට ඇවිත් යුන්වි ලගින් වාඩිවෙලා ඇහුවා කෙල්ල ජන්කූක්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන අතේ තිබුණු ෆොටෝස් පෙන්නුවා ජන්කූක් හුස්මක් පහත හෙලලා කෙල්ලගේ අතේ තිබුණු ෆොටෝස් ටික ගත්තා
" එයාව මතක් වෙනවා නේද "
" ම්ම්ම්....ගොඩක් සෝයූන් හිටියා නම් මම මහත් වෙලා කියලා විහිලු කරයි අපේ පුංචි පැටියා එක්ක සෙල්ලම් කරයි එක එක කතා ගොඩක් කියයි "
යුන්විගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යද්දී පුංචි හිනාවක් රදවගෙන කෙල්ල කිව්වා
" සෝයූන් පව්..!"
" යේ...සෝයූන් පව් එයාට එයාගේ ආදරේ නැති වුනා සෝයූන් යුංගි ඔප්පාට පන වගේ ආදරෙයි යුංගි ඔප්පත් එහෙමයි ඒ දෙන්නා කොයිවෙලෙත් රන්ඩු වුනත් ඒ ආදරේ කවදාවත් වෙනස් වුනේ නැ සෝයූන් යුංගි ඔප්පා දිහා හරි ආදරෙන් බලාගෙන ඉන්නවා මම අනන්තවත් දැකලා තියෙනවා යුංගි ඔප්පාගේ හිනාවක් දැකලා සෝයූන් හිනා වුනා ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටපු ලස්සන කපල් එකක් කුකී ඇයි ඒ දෙන්නාට එහෙම වුනේ කුකී ඇයි දෛවය මෙච්චර නපුරු විහිලුවක් එයාලට කරේ..? මොකද්ද එයාලා කරපු වරද.."
යුන්වි අඩන ගමන් කියද්දී ජන්කූක් කෙල්ලව වැලදගත්තා යුන්වි ගොඩක් වෙලාවට සෝයූන් මතක් කරලා අඩනවා කෙල්ලගේ හිතේ ලොකු දුකක් තිබුනා හැමදේටම ලගින් හිටපු යාලුවාගේ ලගින් එයාට ඕනම වෙලාවේ ඉන්න බැරි වුනු එකට යුන්වි ගොඩක් දුක් වුනා
" අඩන්න එපා යුන්වියා....! මේ හැමදේම දවසක විසදෙයි කියලා මම හිතනවා ආපහු සෝයූන් අපි ලගට එයි ඔයා අඩන්න එපා ලව් ඒක අපේ බබාට හොද නැ අනික සෝයූන් වුනත් කැමති නැ එයාගේ පාපි බිත්තරයා මෙහෙම හොටු පෙරාගෙන අඩනවාට "
ජන්කූක් එහෙම කිව්වාම යුන්විගේ මූනට හිනාවක් ආවා කෙල්ල ජන්කූක්ට තුරුල් වෙලා හිටියා කොල්ලා යුන්විගේ ඔලුව අතගෑවා
ඔයා කොහෙද සෝයූන්...?
ජන්කූක් තරු පිරිලා තියෙන අහස දිහා බලාගෙන හිතුවා
_____________________________________
" මෑම් අපිට මේ project එක ගොඩක් වැදගත් වෙන කෙනෙක්ව මේකට යවන්න බැ මෑම් කම්පැනි එකේ CEO විදියට යන්නම ඕන"
Lusi කියවගෙන යද්දී සෝයූන් හිටියේ වෙනම කල්පනාවක කොරියන් කම්පැනි එකක් එක්ක කරන project එක සෝයූන්ගේ කම්පැනි එකට ගොඩක් වැදගත් එකක් වුනා කලින් කොරියාවට කම්පැනියේ මැනේජර් ඇතුලු කන්ඩායමක් යවලා agreement sign කරලා ඔක්කොම කලා සතියකින් project එකේ තත්ත්වය පිලිබද සාකච්ඡා කරන්න තමයි මීටින් එක තියෙන්නේ ඒකට අනිවාර්යයෙන් කම්පැනි එකේ CEO එන්න ඕන කියලා කොරියන් කම්පැනි එක කිව්වා සෝයූන් යන්න අදිමදි කරන නිසා lusi කෙල්ලට තත්ත්වය පැහැදිලි කරලා දුන්නා
" lusi ලෑස්ති වෙන්න අපි කොරියාවට යමු "
සෝයූන් කිව්වේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි ඒත් කෙල්ලට කරන්න කියලා වෙන දෙයකුත් ඉතුරු වෙලා තිබුණේ නැ
" ඕකේ මෑම්..."
Lusi එහෙම කියලා සෝයූන්ට ආචාර කරලා කැබින් එකෙන් එලියට ගියාම සෝයූන් නැගිටලා ග්ලාස් වෝල් එක ලගට ඇවිදගෙන ගියා
" මම ආපහු එනවා කිටියෝ...තනියම නෙවෙයි ඔයාගේ දුවත් එක්ක "
සෝයූන් නිල් පැහැයෙන් දිස්වෙන අහස දිහා බලාගෙන මිමිනුවා
__________________________
අවුරුදු ගානකට පස්සේ සෝයූන් ආපහු කොරියාවට ආවා පුංචි රූහාගේ අතකින් අල්ලාගෙන airport එකෙන් එලියට ආපු සෝයූන් හුස්මක් අරගෙන අහස දිහා බැලුවා
මම ආපහු ආවා කිටියෝ
සෝයූන් අහස දිහා බලාගෙන හිතුවා කෙල්ල එක්ක lusi ලියොන් දෙන්නා වගේම මැනේජර් ආවා ඒ වගේම ජැක්සන් ආවේ කෙල්ලගේ දැඩි විරෝධය මැද්දේ මොකද ජැක්සන් famous actor කෙනෙක් හින්දා කවුරුහරි එයාව අදුරගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා කෙල්ල එන්න එපා කිව්වේ ඒත් ජැක්සන් සෝයූන් කියන දේවල් සතපහකට මායිම් නොකර කෙල්ල එක්ක ආවා
" මමා...."
සෝයූන්ගේ අතකින් අදින ගමන් රූහා කතා කලාම කෙල්ල පුංචි රූහා දිහා බැලුවා
" දෝමතයි "
රූහා අතින් ඇස් පොඩි කරන ගමන් කිව්වා දිගු ගමනක් නිසා පුංචි කෙල්ලට මහන්සියි
" කෝ එන්න සම්චොන් ලගට "
සෝයූන් මුකුත් කියන්න කලින් ජැක්සන් පොඩි කෙල්ලව වඩාගත්තා පුංචි රූහාත් ජැක්සන්ගේ බෙල්ල වටේ අත් ඔතාගෙන උරහිසෙන් ඔලුව තියාගත්තා
" රූ බබා දොයියගන්න "
ජැක්සන් පුංචි රූහාගේ පිටට හිමින් තට්ටු කරන ගමන් කිව්වා මේ දිහා බලාගෙන හිටපු සෝයූන්ට හිතුනේ එක දෙයයි යුංගි හිටියා නම් එයත් මේ විදියට රූහාව නිදි කරවයි කියලා
" මිස් අපි යමු "
Taxi එකක් කතා කරගෙන ආපු ලියොන් කෙල්ලගේ අතේ තිබුණු බෑග් එකත් අරගෙන වාහනේට දැම්මා සෝයූන් ජැක්සන් රූහා එක්ක නැග්ගා ඉතුරු කට්ටිය වෙන taxi එකක එන්න පිටත් වුනේ කලින් එයාලා බුක් කරලා තිබුනු හොටෙල් එකට
ඉන්චෙන් වල ඉදලා සෝල් වලට එනකම් සෝයූන් ශටර් එකෙන් එලිය බලාගෙන හිටියා සෝල් නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ කියලා සෝයූන්ට හිතුනා පුංචි රූ බබා ජැක්සන්ගේ අත් අතරට ගුලි වෙලා තද නින්දක ඉන්නේ
" අතීතය මතක් වෙනවා ද...?"
පැතිරිලා තිබුණු නිහඩතාවය බිද දමමින් ජැක්සන් ඇහුවාම සෝයූන් පුංචි හිනාවක් එක්ක කොල්ලා දිහා බැලුවා
" අතීතය මතක් වෙන්නේ අතීතය අමතක වුනු කෙනෙක්ට මට ඒ අතීතය තත්පරේකටවත් අමතක වුනේ නැ "
සෝයූන් එහෙම කිව්වාම ජැක්සන් තවත් මුකුත් කියන්න ගියේ නැ ටික වෙලාවකින් සෝල් වල තියෙන සුඛෝපභෝගී හොටෙල් එකට ආවා ජැක්සන් නිදාගෙන ඉන්න බබා වඩාගෙන යද්දී සෝයූන් ඒ පස්සෙන් ආවා Receptionist ගෙන් රූම් වල කීස් ඉල්ලගෙන සෝයූන් අනිත් අය දිහා බැලුවා
" හැමෝම ගිහින් රෙස්ට් කරන්න අපිට හෙට ඉදලා වැඩ පටන් ගන්න ඕන මේ සතිය ඇතුලත සියලු වැඩ ඉවර කරලා ආපහු යන්න ඕන ඒ නිසා දැන් හැමෝම ගිහින් රෙස්ට් කරන්න මහන්සි ඇති නේ "
සෝයූන් එහෙම කියලා ගියා ජැක්සන් රූ බබා වඩාගෙන කෙල්ලගේ පස්සෙන් යද්දී අනිත් අයත් තමන්ගේ රූම්ස් වලට ගියා සෝයූන් රූම් එකේ දොර ඇරියාම ජැක්සන් රූ බබාව ඇදෙන් තිබ්බා කෙල්ල සිහින් කෙදිරිල්ලක් එක්ක අනිත් පැත්ත හැරිලා නිදාගත්තා ජැක්සන් රූහා වටේට කොට්ට තිබ්බා
" කවදා වෙනකම් හැංගිලා ඉන්න ද හදන්නේ සෝයූන් "
ජැක්සන් නිදාගෙන ඉන්න රූහාගේ ඔලුව අතගාන ගමන් ඇහුවා
" මට පුලුවන් කාලයක්....!"
" තවුසෙගේ අප්පා උබ නැතුව දුකින් ඇත්තේ අඩුම කෝල් එකක්වත් දීලා කතා කරන්න "
ජැක්සන් කිව්වාම සෝයූන් අහක බලාගත්තා
" එයාට ඉන්නේ තවුසේ විතරයි සෝයූන් පොඩ්ඩක් හිතන්න කවදාහරි රූහා ඔයාට ඔහොම දෙයක් කලොත් කොච්චර රිදෙයි ද කියලා තාම ඔයාට වෙලාව තියෙනවා සෝයූන් යන්න කලින් එකපාරක් අප්පාව බලන්න යන්න එයාට පුංචි මිනිබිරියක් ඉන්නවා කියන්න තව පරක්කු වුනොත් ඔයාට ජීවිත කාලෙම පසුතැවෙන්න වෙයි තමුසේ මගේ නංගි තමුසේ දුක් විදිනවා දකින්න මම කැමති නැ "
ජැක්සන් එහෙම කියලා රූම් එකේ දොරත් වහගෙන ගියාම සෝයූන් ඇද ලග එහෙම්ම කඩාගෙන වැටුනා
" මටත් අප්පා එක්ක කතා කරන්න ඕන ඔප්පා...! ඒත් මට අප්පාට මූන දෙන්න බැ "
සෝයූන් කදුලු පුරවගෙන මිමිනුවා මේ අවුරුදු ගානට ආපහු අප්පාගේ ලගට යන්න ඕන කියලා හිතුනු වාර අනන්තයි ඒත් කෙල්ල බය වුනා දරුවෙක් එක්ක අප්පා තමන්ව බාරගනියි ද කියලා අනික ඒ දරුවා යුංගිගේ කියලා දැනගත්තාම අප්පාගේ ප්‍රතිචාරය මොන වගේ වෙයි ද කියලා කෙල්ල බය වුනා ඒ බය නිසාම සෝයූන් හැමෝගෙන්ම ඈත් වෙලා ජීවත් වුනා
To be continue.................♡︎
අන්තිම චැප්ටර් එකට කලින් චැප්ටර් එක නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න බබ්බුලා
Bạn đang đọc truyện trên: AzTruyen.Top