匚卄卂卩ㄒ乇尺 38🐾

රූස්ස ගසක් යට තණකොළ පිස්සේ හාන්සි වෙලා හිටපු යුංගි ගසේ අතු අතරින් පේන අහස දිහා බලාගෙන හිටියා සෝයූන් රූස්ස ගසෙන් වැටිලා තිබුණු මල් අරගෙන crown එකක් හදන ගමන් හිටියේ කොල්ලා සැරින් සැරේ සෝයූන් දිහා බැලුවේ කෙල්ලගේ වැඩ ගැන ෂුවර් නැති නිසා සෝයූන් දිවත් හපාගෙන crown එක හදනවා දැක්කාම කොල්ලාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා සුලග නිසා මුහුනට වැටෙන කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් දිගටම වැඩේ කරගෙන ගියා

Crown එක හදලා ඉවර වෙලා යුංගි දිහා බලනකොට කොල්ලා ඇසිපිය නොගහා බලාගෙන ඉන්න විදිය දැක්කාම සෝයූන්ට හිනා ගියා

" මිස්ටර් කිටී කොහෙද අතරමං වුනේ "

කොල්ලාගේ මූන ඉස්සරහින් අත එහෙට මෙහෙට කරන ගමන් කිව්වා

" තමුසෙගේ ලෝකේ...."

යුංගි කෙල්ලගේ අත අල්ලාගෙන කිස් එකක් දීලා නැගිටලා එරමිනිය ඔතාගෙන වාඩිවුනා සෝයූන් පුංචි හිනාවකින් කොල්ලාට සංග්‍රහ කලාම යුංගි අතින් කෙල්ලට ලගට කතා කලා සෝයූන් කොල්ලාගේ ලගට ගියාම යුංගි කෙල්ලගේ අතකින් ඇදලා අරගෙන උකුලෙන් වාඩිකරගත්තා සෝයූන් flower crown එක කොල්ලාට පැලැන්දුවා

ඒ දිහා බලාගෙන සෝයූන් සතුටින් හිනා වුනා ඒත් කෙල්ලගේ හිනාව ටික ටික නැති වෙලා ගියේ යුංගි crown එක ගලවපු නිසා සෝයූන් මූනත් එල්ලගෙන කොල්ලාගේ දිහා බලාගෙන හිටියා කෙල්ල හිතුවේ ඒක කැත නිසා ගැලෙව්වා කියලා

" ඇයි ඒක ගැලෙව්වා ද...?"

සෝයූන් තොල් පිට පෙරලගෙන දුකින් වගේ අහද්දී කොල්ලා හිනා වුනා

" මේක මට නෙවෙයි ගැලපෙන්නේ මගේ naughty princess ට නිසා "

යුංගි කෙල්ලගේ නහයට තට්ටුවක් දාලා කියද්දී සෝයූන් කොල්ලා දිහා හිනාවක් එක්ක බලාගෙන හිටියා සෝයූන්ගේ මූනට හිනාවක් ගේන්න මහ ලොකු දේවල් ඕන වුනේ නැ යුංගිගේ පුංචි වචන කිහිපයකට පුලුවන් වුනා ඒ මූනට හිනාවක් ගේන්න සෝයූන් පුංචි පුංචි දේවල් වලින් පවා ලොකුවට සතුටු වෙනවා කියලා කොල්ලා තේරුම් ගත්තා

කොල්ලා සෝයූන්ට flower crown එක පලදවලා බලාගෙන හිටියා

" දැන් නම් ප්‍රින්සස් කෙනෙක් වගේමයි "

සෝයූන්ගේ කම්බුලට කිස් එකක් දීලා යුංගි මිමිනුවා කොල්ලා කිව්වා හරි සෝයූන් ඇත්තටම කුමාරිකාවක් වගේ තඹ පැහැති දිගු කෙස් කලබ මතින් වැටුනු සුදු පැහැති මල් වලින් ගෙත්තම් කරපු ඔටුන්න කෙල්ලගේ සුන්දරත්වය වැඩි කරන්න සමත් වුනා ඒ වගේම යුංගිගේ වචන නිසා වගේම හදිස්සියේ යුංගිගෙන් ලැබුනු හාදුව නිසා රත් පැහැයට හැරුනු සෝයූන්ගේ පිරුණු කම්බුල් දිහා කොල්ලා බලාගෙන හිටියේ ආසාවෙන් යුංගි ආසම වැඩක් තමයි කෙල්ලගේ කම්බුල් රතු වෙන කතාවක් හෝ වැඩක් කරන එක

යුංගි කෙල්ල දිහා ආදරේ පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්නකොට සෝයූන් කොල්ලාගේ උරහිසෙන් හිස තියාගත්තා කෙල්ලගේ ඉන වටේ එතිලා තියෙන යුංගි අත් වල ග්‍රහනය වැඩි වුනා

" කිටියෝ....."

කොල්ලාගේ පපුවේ ඇගිලි තුඩු වලින් රටා මවන ගමන් සෝයූන් කතා කලා

" ම්ම්ම්...."

" මට මේ වගේ flower crown එකක් දාන්න ඕන "

සෝයූන් මිමිනුවාම කොල්ලා සෝයූන් දිහා බැලුවා

" තමුසේ දාගෙන ඉන්නේ fish crown එකක් ද "

යුංගි නෝක්කාඩුවෙන් වගේ අහද්දී සෝයූන් කොල්ලාගේ පපුවට අතින් ගැහුවා

" අයිෂ්.....ගොන් පූස් රාල මම කිව්වේ අපේ වෙඩින් එකේදී මට මෙහෙම crown එකක් දාන්න ඕන කියලා "

සෝයූන් කටත් තනි සරල රේඛාවක් වගේ කරගෙන කියද්දී යුංගිට හිනාවක් ගියා ඒ හිනාව ඇතුලේ දුකකුත් සැගවිලා තිබුනා

" තමුසේ කැමති දෙයක් "

" ම්ම්ම්.....මට තව සුදු පාට දිග ගවුමක් අදින්න ඕන "

කෙල්ල අත පය හසුරුවමින් තොල් උල් කරගෙන හරි ආසාවෙන් එයාගේ වෙඩින් එක ප්ලෑන් කරන දිහා බලාගෙන හිටියා

" එතකොට මිස්ටර් කිටී black colour suit එකක් අදින්න ඕන "

කොල්ලාගේ මූනට එබිලා දිලිසෙන ඇස් වලින් සෝයූන් කිව්වාම යුංගි ඔලුව වැනුවා

" මැරි කරන්න ඔච්චරටම ආසද..?"

" ම්ම්ම් යේ.."

" එහෙනම් මැරි කරමු "

සෝයූන්ගේ බෙල්ල මතින් පුංචි හාදුවක් තවරපු යුංගි කිව්වා

" අපි outdoor wedding එකක් ගමු "

" ඒක සෝයි ඒත් කොහෙද "

" බීච් සයිඩ් එකේ "

යුංගි කිව්වාම කෙල්ල නලල රැලි කලේ එයාගේ අකමැත්ත ප්‍රකාශ කරන්න වගේ

" බැ හැමෝම බීච් සයිඩ් එකේ වෙඩින් එක ගන්නවා මට ඕන වෙනස් දෙයක් "

සෝයූන් මූනත් හකුලවගෙන පොඩි බබෙක් වගේ කිව්වා

" එහෙනම් අපි කැලෑවක් මැද වෙඩින් එක ගමු "

යුංගි කෙල්ලට ඇහැක් ගහලා කිව්වාම සෝයූන් ඒ අදහසට කැමති වුනත් යුංගි ඊලගට කියපු කතාව නිසා යුංගිගේ ඔලුව පලන්න හිතුනා

" එතකොට හනිමූන් එකට පදුරක් අස්සට යන්න බැරි යැ.."

කොල්ලා සෝයූන් දිහා නොබලා කිව්වාම ඊලග තත්පරේ කොල්ලාට දැනුනේ බෙල්ලෙන් වේදනාවක්

" ආව්.....යක්සනි.. මාව හපන්න එපා ඕයි "

යුංගි කෑගහනකොට කෙල්ල යුංගිට රවාගෙනම ඈත් වුනා කොල්ලාගේ බෙල්ලේ ලස්සනට සෝයූන්ගේ දත් පාර හිටලා තියෙනවා

" කට ඇරියොත් කියන්නේ ඔය වගේ කතාවක් තමයි "

කොල්ලාගේ ඔලුවටත් ගහලා සෝයූන් කිව්වා

" හිතන්නකෝ බබා..."

" මට මුකුත් හිතන්න ඕන නැ "

" තමුසේ මගේ යටට වෙලා මගේ නම කියලා moans පිට කරද්දී...අහ්හ්හ්..ෆක් මතක් වෙද්දීත් මාව hard වෙනවා වගේ "

යුංගි ඇස් දෙකත් පියාගෙන කියනකොට සෝයූන් හිටියේ පුපුරන්න ඔන්න මෙන්න වගේ ලැජ්ජාවට නෙවෙයි කේන්තියට

" යාහ්හ්...වලත්ත පූස් තඩියා.. තවුසෙගේ කට කපනවා "

" කට කපනවාට වඩා හොද නැද්ද කෑවා නම් "

යුංගි ඇහැක් ගහලා කිව්වාම සෝයූන් වේගෙන් හුස්ම ගත්තේ කේන්තිය පාලනය කරගන්න වගේ තවත් මෙතන හිටියොත් කෙල්ලගේ නහරයක් පුපුරලා මැරෙයි කියලා හිතුනු කෙල්ල යුංගිගේ උකුලෙන් නැගිටින්න ගියත් යුංගි ඉඩ දුන්නේ නැ

" කොහෙද දුවන්න හදන්නේ ආ.."

" යනවා යන්න වලත්ත පූසා කොයිවෙලෙත් මාව කන්නමයි බලාගෙන ඉන්නේ "

සෝයූන් කොල්ලව තල්ලු කරන ගමන් කෑගහලා කිව්වා

" තමුසෙ නේ මගේ කෑම "

කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගෙන මිමිනුවා

" තමුසේ කැමති විදියකට අපේ වෙඩින් එක ගමු "

කොල්ලා සෝයූන්ගේ ඉන පිරිමදින ගමන් කිව්වා

" හැබැයි හනිමූන් එක නම් මට ඕන විදියට "

යුංගි කට කොනින් හිනාවක් එක්ක කිව්වා

" ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න එපා හනිමූන් එකට මම යන්නේ නිදාගන්න මිසක් තවුසේ එක්ක සෙල්ලම් කරන්න නෙවෙයි "

කොල්ලාට රවාගෙන එවිල් ස්මයිල් එකකින් කිව්වා යුංගි ඔය රැවිලි ගෙරවිලි වලට සැලෙයි ද මිතුර නැත මිතුර නැත කොල්ලා සෝයූන්ට නොදැවිනි එවිල් ස්මයිල් එකකින් සංග්‍රහ කරන ගමන් කෙල්ලගේ මූනට එබුනා

" තමුසේ තාම මින් යුංගි කියන්නේ කවුද කියලා දන්නේ නැ ලව්.."

සෝයූන්ගේ යටි තොල මහපටගිල්ලෙන් තදින් පිරිමදින ගමන් යුංගි ගැඹුරු හඩකින් කිව්වා කොල්ලාගේ ගැඹුරු කටහඩ සෝයූන්ගේ කන ලගින් ඇහෙද්දී හැමදාම වගේ කෙල්ලගේ මුලු ඇගම හිරිවැටිලා ගියා යුංගිගේ ගැඹුරු කටහඬ ලග සෝයූන් හැමදාම වගේ අදත් අසරණයි යුංගිගේ පුංචි ටච් එකට පවා සෝයූන් react කලා

" තමුසේ ගොඩක් සෙන්සිටිව් ලව්.."

කෙල්ලගේ කන් පෙත්ත යුංගි උනුසුම් දිවෙන් තෙත් කරන ගමන් කියද්දී සෝයූන් බෙල්ල අනිත් පැත්තට හරවලා කොල්ලාට ඉඩ දුන්නා සෝයූන් කොල්ලාගේ ටී ශර්ට් එකෙන් කොනක් තදින් අල්ලගත්තා

ඇහුනු ශබ්දයක් එක්ක මෙතෙක් වෙලා පුංචි කුටියක පුටුවක් මත වාඩිවෙලා හිටපු යුංගි ඇස් පියාගෙන සෝයූන් එක්ක ගෙවපු සුන්දර දින වල මතකයන් එක්ක හිටියේ පුංචි විදුලි බුබුලකින් කුටිය ආලෝකමත් වෙලා තිබුනා යුංගි මාංචු දැමු අත් දෙක මේසය මතින් තබාගෙන හිටියා කොල්ලාගේ ඇස් කදුලින් තෙත් වෙලා තිබුනා

" කවදාවත් නීතියට කොටු කරගන්න බැ කියලා හිතපු සුගා අන්තිමේ දී අහුවුනා "

යුංගි මුකුත් නොකියා ඇස් පියාගෙන සන්සුන්ව හිටියේ මිස්ටර් පාර්ක්ට ඕන දෙයක් කියන්න ඉඩ දීලා

" තමුන් මගේ දුවව අල්ලගත්තේ මාව නම්මගන්න හිතාගෙන වෙන්න ඇති "

ඒත් යුංගි මුකුත් කියන්න ගියේ නැ යුංගිගේ සන්සුන් බව මිස්ටර් පාර්ක්ට ලොකු ප්‍රශ්නයක් වුනා

" බොරු ආදරයක් පෙන්නලා මගේ අහිංසක කෙල්ලව රවට්ට ගත්තා ලස්සන දුක හිතෙන කතා ගොඩක් ගොතලා කියලා සෝයූන්ව අල්ලගත්තා තමුන්ට ප්‍රශ්නේ තියෙන්නේ මාත් එක්ක මොකටද මේවා මැද්දට සෝයූන්ව අරගෙන ආවේ මගේ අහිංසක කෙල්ලගේ හැගීම් එක්ක මෙච්චර ලොකු සෙල්ලමක් කලේ මොකටද තමුන්ට ඕන වුනේ සෝයූන් පාවිච්චි කරලා මාව වට්ටන්න ද අවුරුදු ගානකට තමුන්ගේ මහ ලොකු අප්පා කරා වගේම තමුන් ඔප්පු කරලා පෙන්නුවා ඒ නරුමයාගේ පුතා තමුන් කියලා "

මිස්ටර් පාර්ක් එහෙම කියද්දී නම් යුංගිට කේන්ති ගියා යුංගි කැමති නැ මිස්ටර් මින්ගේ පුතෙක් කියලා එයාව හදුන්වනවාට යුංගි අතමිට මොලවලා දත් මිටි කාගෙන මේසෙට ගැහුවේ මිස්ටර් පාර්ක් ගැස්සිලා ගියා ඒ අත් වල බෙල්ලේ නහර ඉලිප්පිලා තිබුනා ඇස් කේන්තියෙන් රතු වෙලා මිස්ටර් පාර්ක් යුංගිගේ භයානක පෙනුම දැකලා ගැස්සුනේ නැ කිව්වොත් බොරුවක් ඒත් ඒ බව නොපෙන්වා ඉන්න මිස්ටර් පාර්ක් උත්සාහ කලා

" තමුසේ මොනාද දන්නේ මිස්ටර් පාර්ක් මම බොරුවට ද් සෝයූන්ට ආදරේ කරේ තමුසෙගෙන් බේරෙන්න කියලා හිතාගෙන සෝයූන්ට ලං වුනා කියලා ද තමුසේ හිතන්නේ...?
නැ තමුසෙගේ දුවට ලං වුනු නිසා තමයි යකෝ මම අහුවුනේ නැත්නම් තාමත් මම එලියේ
මම ඒ කෙල්ලට පන වගේ ආදරෙයි..!
ඒ මගේ පන...!!
මට ඕන නම් තිබුනා සෝයූන් අරගෙන එතැනින් පැනලා යන්න නැත්නම් එදා වගේ තමුසෙලා ඔක්කොම අවසන් ගමන් යවලා කෙල්ලව එක්කගෙන යන්න තිබුනා
ඒත් මම එහෙම කලේ නැ කවදා වෙනකම් හැංගි හැංගි ජීවත් වෙන්න ද..?
මම එහෙම හිටියත් සෝයූන් එහෙම ඉන්න කැමති කෙනෙක් නෙවෙයි එයාට ඕන නිදහසේ කිරිල්ලියක් වගේ පියාබන්න
මාත් එක්ක තව දුරටත් හිටියොත් එයාගේ නිදහස නැති වෙන්න පුලුවන් සෝයූන්ට ලස්සන අනාගතයක් තියෙනවා මං වගේ එකෙක් එක්ක ජීවත් වෙන්න ගිහින් එයාගේ ලස්සන අනාගතය අදුරු වෙනවාට මම කැමති නැ මිස්ටර් පාර්ක්....!
ඒ නිසායි මම එයාට අමාරුවෙන් හරි යන්න ඉඩ දුන්නේ...
මම අපරාධකාරයෙක්..!
මම ඒක පිලිගන්නවා එහෙමයි කියලා මට හිතක් පපුවක් නැද්ද...?
මට ඕන තරම් කෙල්ලෝ හම්බවෙලා තියෙනවා ඒත් සෝයූන් ඒ හැමෝටම වඩා වෙනස් කෙනෙක්
සෝයූන් වෙලාවකට පොඩි බබෙක් වගේ දගයි මුරන්ඩුයි එයා නපුරුයි කියලා පෙන්නන්න උත්සාහ කරනවා ඒත් එයාගේ හිත ගොඩක් අහිංසකයි ආදරේට ගොඩක් ලෝභයි එයාගේ අයිතිය පෙන්නන්න කැමතියි දෙයක් කරන්න එපා කිව්වොත් අනිවාර්යයෙන් ඒක කරනවා පුදුම මුරන්ඩු කෙල්ලෙක්..!
සෝයූන් හිනා වෙනකොට ඒ ඇස් හීනි වෙනවා එයාගේ හිනාවකට පුලුවන් හිතක් නිවන්න එයා නිදාගන්නකොට කවුරුහරි ඔලුව අතගානවාට ආසයි තව එයාට නිදාගන්නකොට තුරුල් කරගන්න කොට්ටයක් ඕන
එයා ආසයි ගස් වැල් තියෙන පරිසරයක පුංචි ගෙදරක ජීවත් වෙන්න සෝයූන් සතුටු කරන්න මහ ලොකු දේවල් ඕන නැ පුංචි දෙයක් ඇති එයාගේ මූනට හිනාවක් ගේන්න
පුංචි දරුවෙක්ට වගේ සෝයූන්ට කොයිවෙලෙත් අවධානය ඕන එයාව කෙයා කරන්නේ නැ කියලා තේරුන ගමන් මූනත් නරක් කරගෙන පැත්තකට ගිහින් හිමින් බනිනවා
සෝයූන් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන මිස්ටර් පාර්ක් හිතනවා නම් මට සෝයූන් කියන්නේ එක ඉත්තෙක් විතරයි කියලා මිස්ටර් පාර්ක්ට වැරදිලා මගේ සතුට සැනසීම මගේ හැමදේම මගේ ලෝකේ සෝයූන් තමයි"

යුංගි මුලින් හිතේ තිබුණු කේන්තියට කියවගෙන ගියත් ටික වෙලාවකින් කොල්ලා සංවේදී වුනා ඒ නපුරු ඇස් වලට කදුලු පිරුනා යුංගි හැම වචනයක්ම අවංකව කිව්වේ ඒ ඇස් වල කතා කරපු හැම වචනයකම ගැබ් වෙලා තිබුණේ සෝයූන් ගැන ඒ නපුරු හිතේ උපන් ආදරය

මිස්ටර් පාර්ක් වචනයක්වත් නොකියා යුංගි දිහා බලාගෙන හිටියා කොල්ලා සෝයූන් ගැන දන්න හැමදේම මිස්ටර් පාර්ක් ඉදිරියේ කිව්වා ඒ කියපු හැමදෙයක්ම 100% හරි යුංගි සෝයූන් කියන්නේ කවුද කියලා මේ ටික කාලෙට හරියටම අදුරගෙන කියලා මිස්ටර් පාර්ක්ට හිතුනා ඒ ඇස් වල සෝයූන් වෙනුවෙන් තියෙන ආදරේ මිස්ටර් පාර්ක් දැක්කා කෙල්ල ගැන කියනකොට ඒ මූනේ ඇදුනු අහිංසක හිනාව මිස්ටර් පාර්ක්ගේ ඇස් වලට මගහැරුනේ නැ

" මේ මොකද්ද...?"

යුංගි සාක්කුවේ අරගෙන මේසේ මතින් තියපු චිප් එක දිහා බලන ගමන් මිස්ටර් පාර්ක් ඇහුවා

" මින් දේවොන් කරපු හැම නිති විරෝධී වැඩක් ගැනම තියෙනවා තව සෝයූන්ගේ ඔම්මාගේ මිසිස් පාර්ක් ජියා ඝාතනය කරා කියන්නත් සාක්ෂි ඔතන තියෙනවා මිස්ටර් පාර්ක් මගේ කොටස ඉවර කලා දැන් තියෙන්නේ මිස්ටර් පාර්ක්ගේ වාරේ දෙමාපියන්ට තමන්ගේ දරුවෝ නැති කරපු දරුවොන්ට දෙමාපියන් අහිමි කරපු ඒ නරුමයාගේ ලෝකේ ඉස්සරහ දාගෙන ඉන්න වෙස්මූන ගලවලා ඇත්ත ලෝකයාට පෙන්නන්න මිස්ටර් පාර්ක්....!
අවුරුදු ගානක් මම මහන්සි වුනේ මේ දේ වෙනුවෙන් අන්තිමේ දී දේවොන් තමයි මම ආදරේ කරන කෙල්ලගේ ඔම්මාගේ මිනිමරුවා කියලා දැනගත්තාම මට ඉක්මනට මේ දේවල් ඉවර කරන්න ඕන වුනා
මේ දේවල් ඉවර කරලා මාෆියාවෙන් ඈත් වෙන්න මම තීරණය කරලා තිබුණේ ඒත් සේයොන් මැද්දට පැනලා ඔක්කොම විනාස කරලා උගේ මාරයා ලගට ගෙන්න ගත්තා "

යුංගි එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වෙද්දී මිස්ටර් පාර්ක් පුදුමෙන් බලාගෙන හිටියා එයා යුංගිගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ

" ඒ කියන්නේ....?"

" යේ මිස්ටර් පාර්ක් සේයොන් මැරුවේ මම තමයි ඌ වගේ තිරිසන් පාහරයෙක්ට තවත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැ
ඌ අත තිබ්බේ මගේ කෙල්ලට...!
මේ මින් යුංගිගේ කෙල්ලට...!
මගේ දේකට අතක් තියපු එකෙක් මම පනපිටින් ඉතුරු කරන්නේ නැ ඌ කරපු විනාසෙට ලැබුනු මරනය හොද වැඩියි "

යුංගි කිව්වේ සෝයූන් අඩපු හැටි කොල්ලාගේ මතකයට නැගෙද්දී ඒ දේවල් මතක් වෙද්දී යුංගිගේ යකා ඇවිස්සෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැ මේ හැමදෙයක්ම අහගෙන හිටපු මිස්ටර් පාර්ක්ට තේරුනේ එක දෙයයි ඒ මින් යුංගි එයාගේ දුවට පන වගේ ආදරෙයි කියන එක තමයි

ඒත් දැන් මිස්ටර් පාර්ක්ට හැරෙන්න බැ මොන දේ වුනත් යුංගි කියන්නේ අපරාධකාරයෙක් එයාට බැ යුංගිට නිදහස දෙන්න මිස්ටර් පාර්ක් කියන්නේ නීති ගරුක අවංක නිලධාරියෙන් ඒ නිසා තමයි ඔහු මේ වගේ උසස් තත්ත්වයකට ආවේ

" මේකට තමුන්ට ස්තූතියි එහෙමයි කියලා නිදහස බලාපොරොත්තු වෙන්න එපා "

මිස්ටර් පාර්ක් තදින් කිව්වාම යුංගි අතේ හිරි අරින ගමන් ඇස් දෙක පියාගෙන හිනා වුනා

" මිස්ටර් පාර්ක් දන්නවා ද..?
මගේ ඔම්මා ඉස්සර නිතරම කියනවා වරදක් කලොත් කොච්චර උසස් කෙනෙක් වුනත් දඩුවම් විදින්න ඕන ඒ ඔබතුමාගේ බෑනා වුනත්.."

යුංගි එහෙම කියලා සැහැල්ලුවෙන් හිනා වෙද්දී මිස්ටර් පාර්ක් එතැනින් යන්න ගියේ යුංගි කියන කෙනා තේරුම් ගන්න බැරුව මිස්ටර් පාර්ක් යනකම් හිනාවක් එක්ක බලාගෙන හිටපු යුංගිගේ හිනාව ටික ටික මැකිලා ගියා

" මට තමුසෙව මතක් වෙනවා සෝයූන් "

__________________________

යුංගි කියපු හැමදේම මතකයේ සැරිසරද්දී මිස්ටර් පාර්ක් එයාගේ අතේ තිබුණු චිප් එක දිහා සැරින් සැරේ බලන ගමන් ගෙදර බලා drive කරන ගමන් හිටියේ එක අතකට මිස්ටර් පාර්ක්ට හිතුනා එයා වෙන් කලේ ආදරවන්තයෝ දෙන්නෙක් නේද කියලා තව පැත්තකින් නීති ගරුක නිලධාරියෙක් වශයෙන් එයා කලේ හරි දේ කියලා හිතුනා කොහොම වුනත් මේ වෙලාවේ සෝයූන් ඉන්නේ ලොකු දුකින් කියන්න මිස්ටර් පාර්ක් දන්නවා

ගෙදර ඉස්සරහ කා එක නවත්තපු මිස්ටර් පාර්ක් ඇතුලට ඇවිදගෙන ගියා යනකොට ඉස්සෙල්ලාම එයාගේ මූනට හම්බුනේ සේහා

" සෝයූන් කොහෙද...?"

" රූම් එකේ "

සේහාට තවත් වචනයක්වත් කතා කරන්න ඉඩ නොතියා සෝයූන්ගේ රූම් එකට ගියා මිස්ටර් පාර්ක් ගිහින් දොරට අත තියනකොටම දොර ඇරුනා රූම් ඝන අන්ධකාරයේ ගිලිලා තිබුණේ මිස්ටර් පාර්ක් රූම් එකේ ලයිට්ස් ඔන් කලා ඒත් එක්කම මිස්ටර් පාර්ක් දුටු දර්ශනය නිසා එයාට දැනුනේ පපුව පිච්චිලා යනවා වගේ හැගීමක්

සෝයූන් තෙත ඇදුම් පිටින් ඇද උඩ වැටිලා සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන ඉන්නවා ඒ ඇස් වලින් නොනවත්වා කදුලු බිදු කඩාගෙන හැලෙනවා මිස්ටර් පාර්ක් සෝයූන් ලගින් වාඩිවෙලා කෙල්ලගේ තෙත කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා

" පැටියෝ.....නැගිටින්න මැනික ඔයා අසනීප වෙයි "

මිස්ටර් පාර්ක් කෙල්ලව නැගීට්ටවන ගමන් කිව්වා සෝයූන් හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඉස්සරහ බලාගෙන හිටියා මිසක් මිස්ටර් පාර්ක් දිහා බැලුවේ නැ

" ඇදුම් මාරු කරගන්න පැටියෝ..."

වචනයක්වත් නොකියා බාත් රූම් එකට යන කෙල්ල දිහා මිස්ටර් පාර්ක් බලාගෙන හිටියේ වේදනාවෙන් සෝයූන් ඉස්සර කොච්චර දග ද කතා කරන්න පටන් ගත්තොත් කට වහන එක ලේසි නැ මිස්ටර් පාර්ක් එක්ක කොයිවෙලෙත් හුරතල් වෙනවා ඒත් දැන් එහෙම කෙනෙක් නැති ගානට හැසිරුනේ

විනාඩි කිහිපයකින් කෙල්ල වෙන ඇදුමක් දාගෙන ටවල් එකත් ඔලුවට දාගෙන ආවා මිස්ටර් පාර්ක් සෝයූන්ව ඇද උඩින් වාඩි කරවලා පුංචි කාලේ වගේ කෙල්ලගේ කොන්ඩේ පිසදැම්මා සෝයූන් නිහඩව කදුලු සැලුවා මිසක් වචනයක්වත් කතා කලේ නැ මිස්ටර් පාර්ක් කෙල්ලගේ කොන්ඩේ පිහිදලා සෝයූන් ලගින් වාඩිවුනා

" මගේ මැනිකට යුංගිව අමතක කරන්න බැරි ද..?"

මිස්ටර් පාර්ක් ඇහුවාම කෙල්ල ඇස් ජිල් බෝල සයිස් කරගෙන මිස්ටර් පාර්ක් දිහා බැලුවා සෝයූන් මිස්ටර් පාර්ක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ආපහු ඉස්සරහ බලාගත්තා

" අප්පා දන්නවා ද...?
දකින දකින හැම කෙනෙක්වම
හදවතට දැනෙන්නේ නැ...!
ඒ වගේම අප්පා
හදවතට දැනුනු කෙනෙක්ව
ලේසියෙන් අමතක කරන්න බැ...!
මට යුංගි කියන්නෙත් එහෙම කෙනෙක් අප්පා ජීවිතේ මට ගොඩක් හම්බවෙලා තියෙනවා සමහර අය මගේ බාහිර පෙනුම නිසා පස්සෙන් ආවා
සමහර අය ධනය බලාපොරොත්තුවෙන් මට ලං වෙන්න උත්සාහ කලා
ඒ හැමෝම අතරේ මගේ හදවතට දැනුනු එකම කෙනා එයා අප්පා..!
යුංගි යුනිවසිටි එකට මගේ professor විදියට ආවාම කොයිවෙලෙත් මම තරහ ගස්සන්න මොනාහරි දෙයක් කරනවා යුනි එකේ හිටපු ගොඩක් කෙල්ලෝ එයාට වහ වැටිලා හිටියේ මම ඉස්සර ඉදන් ඒකට කැමති නැ....!
මම එයාගේ අවධානය ගන්න තමයි ඔක්කොම පිස්සු වැඩ කරේ...!
දවසක් බැජ් එකේ හැමෝම ඉස්සරහ මට මානසික ලෙඩෙක් කියලා බැන්නා මම නිකන් හිටියේ නැ ඒකාගේ කා එකේ රෝදේ හුලං යවන්න ගියේ දෙවියෝ කොච්චර මාත් එක්ක තරහද කියනවා නම් අප්පා ඒ වෙලාවෙම අර නපුරු පූස් තඩියා කඩාගෙන පහත් වුනා අන්තිමේ දී ඒකාට ලිෆ්ට් එකක් දෙන්නත් වුනා
අප්පාට කියන්න මේ පූස් තඩියා කොච්චර නපුරු ද කියනවා නම් සමහර වෙලාවට මාව සත පහක් තියා අබ ඇටයක් තරම්වත් ගනන් ගන්නේ නැ...!
ඒ කොහොම වුනත් මට එයාව ඕන හැමවෙලාවකම මගේ ලගින් හිටියා අප්පාට මතක ද අපි ට්‍රිප් එකක් ගියා ඒ ගියපු වෙලාවේ තමයි එයා ආදරෙයි කිව්වේ
නැ....!
එයා මට එදා ආදරෙයි කිව්වේ නැ යුංගි කවදාවත් ආදරේ වචනෙන් කිව්වේ නැ මට එහෙම ඕන වුනෙත් නැ මොකද මට එයාගේ ආදරේ දැනුනා අප්පා මම එයාගේ ආදරේ වින්දා මාව පරිස්සම් කලා ටොකු ඇන ඇන පාඩම් කියලා දුන්නා හිත රිදෙන හැම මොහොතකම එයා මාව සැනසුවා
යුංගි නොහිටින්න සමහර විට අප්පාට මාව මේ විදියට දකින්න නොලැබෙන්න තිබුනා සේයොන් මාව කිඩ්නැප් කරගෙන ගිහින් වද දුන්නා අප්පා...!"

යුංගි එක්ක ගෙවපු දවස් කෙල්ලගේ හිතේ තදින්ම සටහන් වුනු එකින් එක කිව්වා මිස්ටර් පාර්ක් බලාගෙන හිටියේ කෙල්ලගේ මූන සැරින් සැරේ වෙනස් වෙන දිහා සෝයූන් යුංගි එක්ක ගත කරපු දවස් හරි සතුටින් මතක් කරන්නේ කියලා මිස්ටර් පාර්ක්ට තේරුනා හැබැයි සෝයූන් අන්තිමට කියපු කතාව නිසා මිස්ටර් පාර්ක්ගේ ඇස් ලොකු වුනා යුංගි ටිකකට කලින් සේයොන් ගැන කිව්ව කතාව මිස්ටර් පාර්ක්ට මතක් වුනා

" සේයොන්.....එයා... මාව පිච්චුවා අප්පා.."

සෝයූන් සිහින් ඉකියක් එක්ක කියද්දී මිස්ටර් පාර්ක් කෙල්ලව තුරුල් කරගත්තා

" අප්පාට සමාවෙන්න පැටියෝ..."

මිස්ටර් පාර්ක් මිමිනුවා

" යුංගි තමයි අප්පා මාව බලාගත්තේ මට බෙහෙත් කලේ මම හීනෙන් බය වෙලා අඩද්දී එයා මගේ ලගටම වෙලා මාව සැනසුවා හැම තත්පරේම හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියා අප්පා
එයා මං හින්දා ඇඩුවා අප්පා...!
යුංගි හිනා වුනා මගේ මූනේ හිනාවක් දැකලා
එයා හිනා වෙනකොට හරි කියුට්
කොච්චර නපුරෙක් වගේ හිටියත් එයාගේ ඇතුලේ සැගවුනු ආදරනීය චරිතයක් තියෙනවා
අප්පා දන්නවා ද...?
අද තමයි එයා පලවෙනි වතාවට ආදරෙයි කිව්වේ ඇයි දෙවියනේ මට ආදරෙයි කියලා ඈතට ගියේ...? මට ගොඩක් රිදෙනවා මට එයාව ඕන අප්පා...
මට එයා එක්ක හිනා වෙන්න ඕන..!
මට එයා එක්ක රන්ඩු වෙන්න ඕන..!
මට එයා එක්ක ඇවිදින්න යන්න ඕන..!
මට එයාගේ තුරුලේ නිදාගන්න ඕන..!
මට එයාගේ ආදරේ ඕන අප්පා...!
මට එයාවත් නැති කරන්න එපා මම ආදරේ කරන අයව ඈත් කරන්න එපා අප්පා...මට දරාගන්න බැ මගේ පපුව රිදෙනවා
එයා කිව්වා මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා මට පොරොන්දු වුනා එයා කොහොමද මට දුන්නු පොරොන්දුව කඩන්නේ...? එයාට එහෙම කරන්න බැ නේද අප්පා..
යුංගි මාව තනි කරන්න කොහොමද හිත හදාගන්නේ..?
අපි අතරේ සිද්ධ වුනු දේවල් එයාට විහිලුවක් ද..?
එයා දන්නවා මට එයාව කොච්චර ඕන ද කියලා එහෙම දැනගෙනත් එයා මට මෙහෙම කලේ ඇයි අප්පා..?
අප්පා එයාට කියන්න මට එයාව ඕනි කියලා මම අඩනවා කියන්න එයා කැමති නැ මගේ කදුලු දකින්න...!"

" ඇති රත්තරං දැන් ඇති.."

මිස්ටර් පාර්ක් කෙල්ලව පපුවට තුරුල් කරගෙන මිමිනුවා සෝයූන් ඉකි ගසමින් හයියෙන් කෑගහලා අඩනවා මිස්ටර් පාර්ක්ට නොදැනීම ඒ ඇස් කදුලින් තෙත් වුනා සෝයූන් යුංගි ගැන කියවමින් අඩන ගමන් ඉදලා මිස්ටර් පාර්ක්ගේ අත් අතරේම නින්දට වැටුනා

" මගේ අහිංසක කෙල්ලටම මෙහෙම වෙන්නේ ඇයි ජියා...? "

මිස්ටර් පාර්ක් සිහින් හඩකින් මිමිනුවා එයාගේ අත් අතරේ නින්දට වැටිලා ඉන්න කෙල්ලව ඇදේ හාන්සි කරලා බ්ලැන්කට් එක පෙරෙව්වා

" අප්පාට සමාවෙන්න පැටියෝ මට මාෆියා ලීඩර් කෙනෙක්ට මගේ දුවව දෙන්න බැ "

නිදාගෙන ඉන්න කෙල්ලගේ ඔලුව අතගාපු මිස්ටර් පාර්ක් නැගිටලා ගියේ හදවත වේදනාවෙන් පිච්චෙනවා වගේ දැනෙද්දී

________________________

පසුදින සෝයූන් ඇහැරුනේ ඔලුවෙන් දැනුනු දැඩි වේදනාවක් සමග කෙල්ල අමාරුවෙන් ඇස් ඇරලා රූම් එක පුරා ඇස් යවනකොට තේරුනා කෙල්ල ඉන්නේ එයාගේ රූම් එකේ කියලා ඒත් එක්කම ඊයේ සිදු වුනු දේවල් මතක් වෙද්දී කෙල්ලගේ ඇස් කදුලින් තෙත් වෙන්න මහලොකු වෙලාවක් ගියේ නැ

අයිතියක් නැතුව හිමි නොවී තියෙනකොට දැනෙන වේදනාවට වඩා හිමි වෙලා අහිමි වෙනකොට දැනෙන වේදනාව වැඩියි

සෝයූන් ඉන්න තත්ත්වය දන්න ජීවූ කෙල්ලව බලන්න රූම් එකට ආවා වෙනදාට මොනාහරි කතාවක් කියලා එයාව අවුස්සන ඔන්නි අද වචනයක්වත් කතා නොකර සිවිලිම දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන ඉන්නවා

" ඔ..න්නි.."

ජීවු කෙල්ල ලගින් වාඩිවෙලා කතා කරනකොට සෝයූන් ඔලුව හරවලා කෙල්ල දිහා බැලුවා

" අපි පහලට යමු මෙහෙම ඉන්න බැ නේ "

ජීවූ කිව්වාම සෝයූන් වචනයක්වත් නොකියා ඔලුව වැනුවා ජීවූ කෙල්ලවත් නැගිට්ටගෙන රූම් එකෙන් එලියට ගියා ඒත් එක්කම කෙල්ලගේ සවනට වැටුනේ ඒ තරම් හොද ප්‍රවෘත්තියක් නෙවෙයි

" මෙන්න දැන් ලැබුනු විශේෂ ප්‍රවෘත්තියක්..!
ඊයේ දිනයේ අත්තඩංගුවට ගත් ප්‍රධාන පාතාල කල්ලි නායක සුගා නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇත අද පෙරවරු කාලයේ උසාවිය වෙත ගෙන යමින් සිටිය දී ජීප් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පුපුරලා ගොස් ඇති බව වාර්තා වේ ජීප් රථයේ ගමන් කල පොලිස් නිලධාරීන් සිව් දෙනා ද මිය ගොස් ඇත. මේ පිලිබද වැඩි දුර තොරතුරු අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශන වලදී බලාපොරොත්තු වන්න.."

සෝයූන්ට දැනුනේ එයාගේ මුලු ඇගම පන නැති වෙලා සියල්ලම අදුරු වී යනවා කෙල්ල ඔලුව අල්ලාගෙන බිම වැටෙන්න කලින් ජීවූ අල්ලගත්තා

" ඔ..න්නී... ඔන්නි... ඇස් අරින්න... ඔම්මා... ඉමෝ....අනෙහ්.. "

ජීවූ සෝයූන්ගේ කම්බුල් වලට තට්ටු කරන ගමන් කතා කලා ජීවූගේ අත් වෙව්ලනවා කෙල්ල හොදටම බය වෙලා කදුලු බේරෙනවා

" ඒක වෙන්න බැ එයාට මාව දාලා යන්න බැ "

කෙල්ලගේ ඇස් සම්පූර්ණයෙන් පියවෙන්න මත්තෙන් කෙල්ල මිමිනුවේ එච්චරයි

To be continue.................♡︎

යුංගි මැරිලා ලු ලමයි

මලගෙදර එන්න ලෑස්ති වෙන්න ඈ සීනි ගේන්න බැරි නම් අඩු ගානේ වැලි 2kg දෙකක්වත් අරගෙන එන්න ලමයි මේක සංවර්ධනය වෙමින් පවතින රටක් නේ

Bạn đang đọc truyện trên: AzTruyen.Top