匚卄卂卩ㄒ乇尺 37🐾
දින එක දෙක ගෙවිලා ගිහින් සම්පූර්ණ සතියක් ගෙවී අවසන් වූයේ යුංගිගෙයි සෝයූන්ගෙයි ජීවිත වලට අමතක නොවන ලස්සන ආදරනීය මතක ගොඩක් එකතු කරලා දීලා පුංචි පුංචි රන්ඩු රුසියන් යුක්රේන යුද්ධය බවට පත් වුනු අවස්ථා තිබුනා ඒ වගේ අවස්ථා වල යුද්ධය නිමාවට පත් වෙන්නේ එක්කෝ යුංගිගේ කෙල්ලගෙන් අම්බානෙකට බැනුම් අහලා ගුටි කාලා නැත්නම් සෝයූන් හොදටම කෑගහලා අඩලා කෙල්ල අඩන්නේ නම් යුංගිට පැරදීගෙන එන අවස්ථා වලදී විතරයි
මේ වෙලාවේ සෝයූන් හිටියේ කිචන් එකේ කවුන්ටරේ උඩ වාඩිවෙලා යුංගි උයන දිහා බලාගෙන යුංගි සැරින් සැරේ කෙල්ල දිහා බලලා රවනවා සෝයූන් කොල්ලා එක්ක ඔට්ටුවක් අල්ලලා යුංගි පැරදුනා ඒ නිසා කෙල්ලට tteakbokki හදලා දෙන්න සිද්ධ වුනා ඒ නිසා තමයි කොල්ලා ඔය සෝයූන්ට රවන්නේ එහෙම කියලා කෙල්ල සැලෙනවා ද..? නැත මිතුර නැත සෝයූන් නම් තබ සතයක් තියා ඉරිගු ඇටයක් තරමටවත් ගනන් ගත්තේ නැ
" තමුසේ නම් පරාල ඇණයක් ඕයි පුදුම වදයක් නේ මට දෙන්නේ "
යුංගි කට ඇද කරගෙන කියද්දී කෙල්ලට පුංචි හිනාවක් ගියා
" ඒවාට කරන්න දෙයක් නැ බැදගත්ත බෙරේ ගහන්න ඕන Cudu Maththaya.."
සෝයූන් අත් දෙකත් බැදගෙන කිව්වාම කොල්ලා ඇස් දෙකත් හීනි කරලා කෙල්ල දිහා බැලුවා
" බෙරේ ලිහලා දාලා යන්න හිතිලා දැන් ඉන්නේ "
" එව්වා ඉතින් හීනෙන් තමයි "
කෙල්ල කිව්වාම යුංගි මුකුත් නොකියා උයන්න ගත්තා විනාඩි කිහිපයකින් tteakbokki හදලා ඉවර කරලා බෝල් එකකට දාලා සෝයූන්ට දුන්නා සෝයූන් මල් මල් හිනාවක් කොල්ලාට පා කරලා දිලිසෙන දිලිසෙන තියෙන tteakbokki එකට වැඩේ දෙන්න පටන් ගත්තා
" හිමින් කාපන් බන් මම ඕක උදුරගන්නේ නැ "
හත් අවුරුද්දකින් විතර ආහාර නොදුටු සෝමාලියන් හිගන්නෙක් වගේ කෙල්ල කාගෙන යන දිහා බලාගෙන ඉදපු යුංගි කිව්වා හැබැයි කොල්ලා කියපු දේවල් සෝයූන්ට ඇහුනා ද කියන එක නම් සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් සෝයූන් කටට දෙකට කාලා ඉවර කරලා කොල්ලා දිහා බැලුවා
" ආදලෙයි....."
කටේ කෑම පුරවගෙන අතින් හාර්ට් එකකුත් හදලා පෙන්නන ගමන් සෝයූන් කිව්වාම යුංගිගේ මූනේ හරි ලස්සන හිනාවක් ඇදුනා ඔය හිනාව දැක්ක ගමන් සෝයූන්ගේ හාට්ටුව බ්රේක් ඩාන්ස් එකක් දාන්න ගත්තේ කෙල්ල කන්න වගේ යුංගිගේ දිහා බලාගෙන ඉන්නකොට
" මගේ හාට්ටුව සලිත වෙලා ගියා පූසෝ...."
" මොහ්....?"
යුංගිගේ හිනාවට වසීකෘත වෙලා බලාගෙන හිටපු සෝයූන්ගේ කටින් කියවුනා යුංගි ඇහිබමක් උස්සගෙන කෙල්ල දිහා බලාගෙන හිටියේ කියපු දේ හරියට කොල්ලාට ඇහුනේ නැති නිසා
" හේ හේ රසයි කියලා කිව්වේ "
සෝයූන් දත්තිස් දෙකම ප්‍රදර්ශනය කරන ගමන් කිව්වා කොල්ලා සෝයූන්ගේ කම්බුලක් රිදෙන්නේ නැති වෙන්න මිරිකුවා
" තමුසේ කියුට්.....හපන්න හිතෙනවා "
යුංගි කිව්වාම කෙල්ලගේ මූන ටික ටික වෙනස් වුනා
" අනේ කිටියෝ මේ.....මම මාලුවෙක් කියලා ද හිතාගෙන ඉන්නේ මේ බලනවා පූස් දත් පාරවල් මගේ ඇග හැමතැනම බතික් කරලා වගේ "
සෝයූන් හූඩිය උරහිසෙන් පන්නලා බෙල්ලේ පපුවේ තියෙන කොල්ලාගේ දත් පාරවල් පෙන්නන්න ගමන් කිව්වා
" බලනවා මේ "
කෙල්ලගේ thighs වල තිබුණු යුංගිගේ දත් පාරකුත් පෙන්නුවේ කොල්ලාට රවන ගමන් යුංගි අමුතු හිනාවක් එක්ක කෙල්ල දිහා බලාගෙන ඉදලා සෝයූන්ගේ කකුල් අතරින් ඇවිත් කෙල්ලගේ ඉන වටේ අත් යවලා යුංගිගේ ඇගට තද කරගත්තා
" ඔය හිනාව නම් මට අල්ලන්නෙම නැ "
සෝයූන් කොල්ලාගේ පපුව මතින් අතක් තියන ගමන් කිව්වා අනිත් අතින් කොල්ලාගේ කොන්ඩේ ඇවිස්සුවා යුංගිගේ පපුවේ රැදිලා තිබුණු අත මතින් කොල්ලා එයාගේ අත තිබ්බා
" ඒ මොකද...?"
යුංගි කෙල්ලගේ මූනට එබෙන ගමන් ඇහුවා
" වල් පූසෝ හැරෙන්නේ මොකටද කියලා හිනාවෙන් කියන්න පුලුවන් "
සෝයූන්ගේ බෙල්ලේ කොල්ලා නහය අතුල්ලන ගමන් ඉන්නකොට කිව්වා යුංගි කට කොනින් හිනාවක් එක්ක කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු අතක් සෝයූන්ගේ හූඩිය ඇතුලින් යැව්වා කෙල්ලගේ සිහින් ඉන පිරිමදින ගමන් කොල්ලා තියපු දත් පාරවල් මතින් තොල් තිබ්බා සෝයූන් කොල්ලාට ඉඩ දීලා බෙල්ල එක පැත්තකට හරවගත්තා
" ම්ම්..හ්..හ..බී"
යුංගි කෙල්ලගේ බෙල්ලෙන් ඈත් වෙලා සෝයූන්ගේ ඇස් දිහා බැලුවා කෙල්ලගේ ඇස් භාගෙට පියවිලා යුංගිගේ පුංචි ටච් එකක් ඇති සෝයූන්ගේ හැගීම් ඇවිස්සෙන්න කොල්ලා ඒ ගැන දැන් හොදටම දන්නවා යුංගිගේ පුංචි ටච් එකට දැනටමත් කෙල්ල වෙට් වෙලා කියලා කොල්ලාට හොදටම විශ්වාසයි
" Hubby Kiss me plz..."
සෝයූන් කොල්ලාගේ කන් පෙත්ත සිපගන්න ගමන් සිහින් කෙදිරිල්ලක් වගේ මිමිනුවා ඒ වචන කිහිපය ප්‍රමාණවත් කොල්ලාව පාලනයෙන් ඈතකට ගෙනියන්න
" As you wish cutie.."
කෙල්ලගේ දෙතොල් වල ගෑවි නොගෑවී මිමිනුව යුංගි තවත් කාලය අපතේ නොයවා සෝයූන්ගේ රෝස තොල් පෙති වලට අයිතිය කිව්වා කෙල්ලගේ තොල් දිවෙන් තෙත් කරන්න ගත්තාම සෝයූන් කට ඇරලා කොල්ලාට ඉඩ දුන්නා යුංගිගේ අතැගිලි කෙල්ලගේ ඉනේ දග කරද්දී සෝයූන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා කිස් එක අතරේම යුංගිගේ අතක් කෙල්ලගේ ශෝට් එක ලග නැවතුනා කෙල්ල පොඩ්ඩක් ඉස්සුනාම යුංගි සෝයූන්ගේ ශෝට් එක ගලවලා බිමට දැම්මා
" my naughty baby.."
සෝයූන්ගේ තොල් වලින් ඈත් වෙලා කොල්ලා මිමිනුවා ඒ වෙනකොටත් කෙල්ලගේ අත් යුංගිගේ ශර්ට් එකේ බටන් එක්ක කාර්යබහුල වෙලා තිබුනා කොල්ලාගේ ශර්ට් එකේ බටන් ඔක්කොම ගලවලා අවසානයේ යුංගිගේ කිරි සුදු පැහැති පපුව නිරාවරණය වුනා කිරි සුදු පැහැති පපුවේ චොකලට් පැහැති නිපල්ස් ලග සෝයූන්ගේ ඇස් නැවතුනා
" බලාගෙන හිටියාට කමක් නැ තමුසේ හපනවා එහෙම නෙවෙයි "
යුංගි කිව්වේ කලින් සෝයූන් දත් පාර හිටින්නම හපපු පාර මතක් වෙලා කෙල්ල අහිංසක හිනාවක් එක්ක කොල්ලාගේ නිපල් එක තදින් හැපුවා
" තමුසෙට මේවාට විදවන්න වෙයි "
යුංගි ඩීප් වොයිස් එකකින් කිව්වාම කෙල්ලගේ මුලු ඇගම හිරිවැටිලා යනවා වගේ දැනුනා යටි තොලත් හපාගත්ත කෙල්ල කොල්ලාට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර යුංගිව තල්ලු කරලා දිව්වා
" අයිෂ්.....මේ කෙල්ල... ඔහොම නැවතියන් සෝයූන් අහුවුනොත් උබව ඉතුරු කරන්නේ නැ මම "
යුංගි කෑගහලා කියන ගමන් සෝයූන්ගේ පස්සෙන් දුවගෙන ගියා හැබැයි කෙල්ලට වැඩි දුරක් දුවන්න හම්බුනේ නැත්තේ යුංගිගේ ශක්තිමත් අත් සෝයූන්ගේ ඉන වටේ එතුන නිසා කෙල්ල යුංගිගේ පැත්තට හැරිලා කොල්ලාගේ නිරුවත් පපුවට ලෝභකමින් තුරුල් වුනා
" මොකද වුනේ ම්ම්ම්.....උදේ ඉදලා තමුසෙගේ හැසිරීම වෙනස් "
කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා සෝයූන් ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා
" හබී.....මට ආදරෙයි නේද...?"
" මොකද තමුසෙට සැක ද..? ආදරෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න ද..?
ආව්.....යක්සනි.. හපනවා හපනවා ඉවරයක් නැ මාව බබල්ගම් එකක් වගේ ද පේන්නේ "
යුංගි කට කොනින් හිනාවක් ඇහුවාම සෝයූන් කොල්ලාගේ පපුවේ දත් පාර හිටින්නම හැපුවා මේ සැරෙත් යුංගිගේ කිරි සුදු පාට සමේ සෝයූන්ගේ දත් පාර රත් පැහැයෙන් හරි අපූරුවට සිත්තම් වෙලා තිබුනා
" අහපු දේට උත්තර දෙනවා ඔව් ද නැද්ද කියලා විතරක් කියන්න "
සෝයූන් හපපු තැන මතින් කිස් එකක් දීලා අහද්දී කොල්ලාට පුංචි හිනාවක් ගියා සමහර වෙලාවට සෝයූන්ගේ හැසිරීම නර්සරි යන ලමයෙක්ට වඩා හපන් ඒ වගේම සෝයූන් ගොඩක් සංවේදී ආදරේට ගොඩක් ලෝභ කෙනෙක් කියලා කොල්ලා දන්නවා
" යේ..."
කෙල්ලගේ ඉදිමිලා රත් පැහැ වුනු තොල් මතින් පෙක් එකක් තියලා කිව්වා
" හැමදාම මගේ ලගින් ඉන්නවා ද..?"
කෙල්ල යුංගිගේ ඇස් දිහා බලාගෙන ඇහුවා සෝයූන්ගේ ඇස් ගොඩක් කලබලයි ඒ වගේම ලොකු බයක් ගැබ් වෙලා තිබුනා මේ ලෝකේ තියෙන වටිනම දෙයක් එයාට නැති වෙයි කියන හැගීම කෙල්ලගේ මුලු හිතම වෙලාගෙන තිබුනා
" යේ..."
මගේ අන්තිම හුස්ම පොද වෙනකම් තමුසෙගේ ලගින් හෙවනැල්ලක් වගේ ඉන්නවා
යුංගි කෙල්ලගේ ඇස් දිහා බලාගෙන හිතුවා මිසක් කියන්න ගියේ නැ
" හබි මගේ විතරයි නේද...? වෙන කාටවත් මගේ අයිතිය දෙන්නේ නැ නේද...?"
" තමුසේ මගේ හුස්ම.....මම තමුසෙගේ විතරයි ඒ අයිතිය කවදාවත් වෙනස් වෙන්නේ නැ "
කොල්ලා එහෙම කියලා සෝයූන්ගේ නලලට තොල් තද කලා කෙල්ලත් යුංගිගේ පපුවට කිස් එකක් දීලා කොල්ලාට උනුසුම් පපුවට තුරුල් වුනා සෝයූන්ට කොල්ලාගේ උනුසුම ගෙනාවේ සැනසීමක්
" මොකද එකපාරට මෙහෙම අහන්නේ ම්ම්"
" මගේ හිතට අමුත්තක් දැනෙනවා හරියට මගේ ලග තියෙන වටින දෙයක් නැති වෙයි කියලා වගේ මට තේරෙන්නේ නැ ඒත් මට බයයි "
සෝයූන් කොල්ලාගේ පපුවට ගුලි වෙලා කිව්වා
" තමුසෙගේ විකාර එහෙම මුකුත් වෙන්නේ නැ "
යුංගි එහෙම කිව්වත් කොල්ලාගේ හිතටත් අමුත්තක් නොදැනුනාම නෙවෙයි නිහඩ නිස්කලංක පරිසරය කොල්ලාගේ හිතට බයක් එක් කලා කුනාටුවකට පෙර පරිසරය හරි සන්සුන් ඒ කියන්නේ ඉක්මනට කුනාටුවක් එයි කියලා ඒ කුනාටුව යුංගිගෙයි සෝයූන්ගෙයි ජීවිත වලට කොහොම බලපෑම් ඇති කරයි ද කියලා ඕතර්වත් දන්නේ නැ
ඒත් එක්කම දොරට කවුරුහරි තට්ටු කරනවා ඇහෙනකොට සෝයූන් කොල්ලා දිහා බැලුවා කෙල්ල හොදටම කලබල වෙලා හිටියේ යුංගි කෙල්ලව තව ටිකක් තදින් තුරුල් කරගත්තේ කවුරුහරි කෙල්ලව උස්සගෙන යයි වගේ
" හබී.....කවුද මේ වෙලාවේ.."
සෝයූන් බයෙන් මුමුනද්දී කොල්ලා සෝයූන් දිහා බලලා කෙල්ලගේ වෙව්ලන තොල් මතින් පෙක් එකක් තිබ්බා
" මම බලන්නම්......තමුසේ රූම් එකට ගිහින් දොර ලොක් කරගන්න "
කොල්ලා කිව්වාම සෝයූන් එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කලා
" බැ.....මම කොහෙවත් යන්නේ නැ "
" සෝයූනා...කියන දේ අහලා යනවා මුකුත් වෙන්නේ නැ බය වෙන්න එපා "
සෝයූන්ගේ පිරුනු කම්බුල් පිරිමදින ගමන් කොල්ලා කිව්වා කෙල්ල තොල් බෙරි කරගෙන ඇස් වල කදුලු පුරවගෙන ඔලුව වැනුවා
" දැන් යන්න "
කොල්ලා කිව්වාම සෝයූන් රූම් එකට ගිහින් දොර වහගත්තා ඊට පස්සේ යුංගි හැරුනේ දොර දිහාට ආපු කෙනා තාමත් දොරට තට්ටු කරනවා යුංගි මල් වාස් එකක් අස්සේ හංගලා තිබුණු ගන් එකක් අරගෙන දොර ලගට කිට්ටු වුනා යුංගි හිමින් දොරේ ලොක් එක ඇරිලා දොර ඇරලා ඉස්සරහ හිටපු මනුස්සයාගේ ඔලුවට ගන් එක තිබ්බා
" බොස්...."
ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ලියොන් ඒකා අත් දෙකත් උස්සගෙන යුංගි දිහා බැලුවා
" උබ මොකද මෙහේ කරන්නේ ඉක්මනට වරෙන් "
යුංගි ඉක්මනට ලියොන් ඇතුලට අරගෙන ඇහුවා
" බොස්....ලොකු ප්‍රශ්නයක්..මිස්ටර් පාර්ක් බොස් ඉන්න තැන හොයාගන්න දැන් මෙහෙට එන්න හදන්නේ "
ලියොන් කිව්වාම යුංගි හුස්මක් පහත හෙලලා දොරට හේත්තු වුනා යුංගිගෙන් කලබලකාරී ස්වභාවයක් බලාපොරොත්තු වුනත් කොල්ලා හිටියේ ගොඩක් සන්සුන්ව
" බොස්...."
යුංගිගේ නිහඩ සන්සුන් හැසිරීම ප්‍රශ්නයක් වුනු ලියොන් කොල්ලාට කතා කලා
" මම මේක කවදාහරි වෙයි කියලා දැනගෙන හිටියා ලියොන් එයාව මගේ ලග තව වැඩි කාලයක් තියාගන්න ලැබෙන්නේ නැ කියලා මම දැනගෙන හිටියා "
කොල්ලා වේදනාත්මක හිනාවක් එක්ක කියද්දී ලියොන් යුංගි දිහා දුකින් බලාගෙන හිටියා යුංගි කොච්චර සෝයූන්ට ආදරෙයි ද ඒ දෙන්නාගේ සම්බන්ධය මොන වගේ ද කියන්න මේ ටික කාලෙට ලියොන් දැනගත්තා
" මිස්ව අරගෙන අපි දුරකට යමු බොස්.."
ලියොන් කිව්වාම කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවා
" අපිට හැමදාම හැංගි හැංගි ජීවත් වෙන්න බැ ලියොන් දුවනවා කියලා කොච්චර කාලයක් දුවන්න ද..? සෝයූන්ව මෙහේ අරගෙන ආවේ හේතුවක් ඇතුව "
යුංගි ඇස් දෙක තද කරලා පියාගෙන ඔලුව දොරට හේත්තු කරගත්තා කොල්ලාට අඩන්න ඕන ඒත් යුංගි කදුලු පාලනය කරගෙන හිටියේ හදිස්සියේවත් එයා අඩනවා සෝයූන් දැක්කොත් කෙල්ලට ඒක දරාගන්න බැ කියලා දන්න නිසා
" ඒත් බොස්...."
" හබී..."
ලියොන් කියන්න ගියපු දේ නැවතුනේ කෙල්ලගේ කටහඬ ඇහුනු නිසා යුංගි ඉක්මනට ඇස් වල මෝදු වුනු කදුලු පිහිදගත්තා කෙල්ල ලියොන් දිහාත් හිනා වෙලා බලලා කොල්ලාගේ ලගට ගිහින් තුරුල් වුනා යුංගි කෙල්ලව තදින් වැලදගත්තේ කෙල්ලට මුකුත් කියන්න එපා කියලා අතින් සන් කරන ගමන් ලියොන් මේ ආදරනීය කපල් එක දිහා දුකින් බලාගෙන හිටියා
" ගිහින් වෙන ඇදුමක් දාගෙන එන්න..."
සෝයූන්ගේ කනට කරලා හිමින් කිව්වා
" වේ...?"
" තමුසේ හූඩිය විතරයි ඇදගෙන ඉන්නේ මෙතන ලියොන් ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද තමුසෙට තමුසෙගේ කන පැලෙන්න ගහන්න හිතෙන්නේ "
" කොයිවෙලෙත් මගේ කන පලන්නමයි බලාගෙන ඉන්නේ "
කටත් ඇද කරලා කියපු සෝයූන් කොල්ලාට ගස්සගෙන රූම් එකට ගිහින් හයියෙන් දොර වහගත්තා
" ඕවා තමුසෙගේ දේපල නෙවෙයි හිමින් වහනවා "
යුංගි කෑගහලා කිව්වා කොල්ලාගේ මූනේ තිබුණු හිනාව ටික ටික අතුරුදහන් වෙලා යනවා ලියොන් බලාගෙන හිටියා ඒ හිනාව මතුවුනේ සෝයූන්ගේ ලග දී විතරයි
" ලියොන්....."
" කියන්න බොස්..."
" එයාව පරිස්සම් කරපන් එයාගේ ලගින් හිටපන් සෝයූන් මුරන්ඩුයි ටිකක් නෙවෙයි ගොඩක් ඒ නිසා උබට එයා එක්ක වැඩ කරන්න අමාරුයි වෙයි මෙච්චර කාලයක් උබ මගේ පස්සෙන් හෙවනැල්ල වගේ හැමදේකදීම හිටියා අදින් පස්සේ ඒ විදියටම එයාව ආරක්ෂා කරපන් මේක උබට කරන අණක් නෙවෙයි ඉල්ලීමක් "
යුංගි කියද්දී ලියොන් කොල්ලා දිහා දුකින් බලාගෙන හිටියා යුංගි කවදාවත් මෙහෙම සෙන්සිටිව් විදියට කතා කරපු කෙනෙක් නෙවෙයි ඉතින් යුංගි මෙහෙම කතා කරද්දී ලියෝන්ට දුකයි
" බොස් කියපු දෙයක් කවදාවත් මම නොකර ඉදලා නැ බය වෙන්න එපා බොස් මම මිස්ව බලාගන්නම් ඒත් බොස් නැති අඩුව මිස්ට දරාගන්න බැරී වෙයි "
ලියොන් කිව්වාම යුංගි දුකින් හිනා වුනා ඒත් එක්කම ඇහුනු හඩක් එක්ක දෙන්නාම ගැස්සිලා ගියා
" මින් යුංගි.....තමුන් ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා එලියට බහිනවා "
" ලියොන් උබ පිටිපස්ස දොරෙන් එලියට බැහැපන් එතකොට තියෙන කැලෑවේ අඩිපාර දිගේ පලයන් "
" බොස්ව දාලා යන්න බැ "
" උබට මං වෙනුවෙන් මේක කරන්නම වෙනවා ලියොන් මගේ කෙල්ලව උබ පරිස්සම් කරන්න නම් මෙතනින් බේරෙන්න ඕන "
යුංගි ලියොන්ගේ උරහිසට තට්ටුවක් දාලා කියද්දී ලියොන් කොල්ලා දිහා කදුලු පිරුනු දෙනෙතින් බලාගෙන හිටියා ලියොන් ඔලුව වනලා ගියා ඒත් එක්කම යුංගිගේ ඇස් නැවතුනේ කදුලු පුරවගෙන බලාගෙන ඉන්න සෝයූන් ලග කොල්ලා සෝයූන් දිහා බලාගෙන හිටියේ හදවත වේදනාවෙන් කෑගහද්දී
" මින් යුංගි අන්තිම වතාවට කියන්නේ තමුන් අපිට යටත් වෙලා එලියට බහිනවා "
සෝයූන් ඇවිත් කොල්ලාගේ අතකින් අල්ලාගෙන ඔලුව දෙපැත්තට වැනුවේ දොර අරින්න එපා කියන්න වගේ යුංගි කෙල්ලගේ ඔලුව අතගාලා පපුවට තුරුල් කරගත්තා
" අපිට පැනලා යන්න බැ සෝයූනා....ඇත්තටම මුහුන දෙන්න ඕන මම තමුසේ එක්ක ඉන්නවා "
කෙල්ලගේ නලල සිපගෙන මිමිනුවා සෝයූන් කොල්ලා දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ
" මට බයයි..."
" මම ඉදිද්දී තමුසේ මොකටද බය වෙන්නේ...? අර යක්කු ටික දොර කඩාගෙන එන්න කලින් එලියට යමු "
යුංගි එහෙම කියද්දී නම් කෙල්ලගේ මූන පුංචි හිනාවක් ආවා කොල්ලා දොර ඇරගෙන එලියට යද්දී NIS එකේ officers ලා ගන්ස් දික් කරගෙන ඉන්නවා යුංගි කෙල්ලව එයාගේ පිටිපස්සට කරගෙන හිටියා මිස්ටර් පාර්ක් දිහා යුංගි කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියත් මිස්ටර් පාර්ක්ගේ ඇස් තිබුණේ යුංගිගේ අත් අතරට හිර වෙලා තියෙන සෝයූන්ගේ අත ලග කෙල්ල නම් යුංගිගේ පිටිපස්සට වෙලා මිස්ටර් පාර්ක් දිහා බලාගෙන හිටියා ඒ ඇස් වල කිසිම හැගීමක් ගැබ් වෙලා තිබුණේ නැ මිස්ටර් පාර්ක් අතින් සන් කලාම officers ලා ගන්ස් පහල දැම්මා
" මිස්ටර් මින් යුංගි තමුන්ව අත්තඩංගුවට ගන්න වෙනවා නීති විරෝධී ලෙස අවි ආයුධ ආනයනය මිනිස් ඝාතන වැනි නීති විරෝධී ක්‍රියා රැසකට වැරදිකරු වන නිසා අපිට තමුන්ව අත්තඩංගුවට ගන්න සිද්ධ වෙනවා කලබලයක් කරන්නේ නැතුව අපිත් එක්ක තමුන් ආවොත් අපි හැමෝටම ලේසියි "
මිස්ටර් පාර්ක් යුංගිගේ දිහා බලාගෙන කියද්දී කොල්ලා හුස්මක් පහත හෙලුවා සෝයූන් කොල්ලාගේ අත තද කරලා අල්ලගත්තා
" ය..න්..න.. එ..ප්..පා.."
සෝයූන් කොල්ලාගේ පිටට හේත්තු වෙලා වෙව්ලන හඩකින් මිමිනුවාම යුංගි ඇස් දෙක පියාගෙන හුස්මක් ගත්තා
" සෝයූන්....."
මිස්ටර් පාර්ක් කේන්තියෙන් කෙල්ලගේ නම කිව්වාම සෝයූන් තවත් කොල්ලාගේ අස්සේ හැංගුනා කෙල්ල දන්නවා මිස්ටර් පාර්ක් ඉන්නේ දැන් ලොකු කේන්තියකින් කියලා ඒ නිසා කෙල්ල යන්න අදිමදි කලා
" යන්න..."
යුංගි කෙල්ලගේ අතින් ඇදලා ඉස්සරහට කරන ගමන් කිව්වා සෝයූන් නම් කොල්ලා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා යුංගි කෙල්ලව අප්පා ලගට යන්න දෙයි කියලා හිතුවේ නැ සෝයූන් යන්න බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" ම්..ට.. බැ.."
සෝයූන් වෙව්ලන හඩකින් කියද්දී යුංගි කෙල්ලගේ අත තදින් අල්ලගත්තා
" තමුසේ යන්න ඕන..."
" මාව මෙහෙම යවන්න පුලුවන් ද..? මෙච්චර දවසක් එකට ඉදලා එකපාරට යන්න කිව්වාම යන්න ඕන ද...? මාව එකපාරට අතහරින්න ඕන නම් ඇයි දෙවියනේ මට තවත් මෙච්චර ලං වුනේ...? ඇයි මට තමුසේ නැතුව ජීවත් වෙන්න බැරි තරමට ලං වුනේ...? මාව මෙච්චර අසරණ කරන්න එපා මට ගොඩක් රිදෙනවා ඔයාට මං ගැන පොඩි හරි දුකක් නැද්ද..? "
සෝයූන් අඩන ගමන් කොල්ලාගේ පපුවට අත මිට මොලවලා ගහන කිව්වා යුංගි වචනයක්වත් නොකියා ඉකි ගසමින් අඩන කෙල්ලව පපුවට තුරුල් කරගත්තා සෝයූන් කොල්ලාව බදාගෙන හොදටම අඩනවා මිස්ටර් පාර්ක් හැගීම් රහිත ඇස් දෙකකින් මේ දිහා බලාගෙන හිටියා යුංගි කෙල්ලගේ හිස් මුදුන සිපගත්තා
" මගේ දග කෙල්ල අඩන්න එපා... තමුසේ අසනීප වෙයි තමුසේ ඇහුවා නේද තමුසෙව යවන්න මට දුක නැද්ද කියලා මගේ පපුව ගොඩක් රිදෙනවා බන් උබ මගේ හුස්ම මගේ පන මගේ ලෝකේ මගේ හැමදේම තමුසේ වෙද්දී තමුසෙව මගෙන් දුරකට යවන්න ඕන කියලා හිතෙද්දී මට මැරෙන්න හිතෙනවා මම තමුසෙව දාලා යන්න හිතාගෙන ලං වුනේ නැ "
යුංගි ඇස් දෙක තද කරලා පියාගෙන හිටියේ කදුලු පාලනය කරගන්න ඒත් කොල්ලාගේ උත්සාහය ව්‍යර්ථ කරමින් යුංගිගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියා සෝයූන් කොල්ලව බදාගෙන දාලා යන්න එපා කියමින් අඩනවා මිස්ටර් පාර්ක් නලල අතැගිලි වලින් පිරිමදින ගමන් officers ලාට අතින් සන් කලාම officers ලා කෙල්ලගෙන් යුංගිව ඈත් කරන්න හැදුවේ
" අනේ....හ්..හ..බී..."
සෝයූන් කොල්ලා ලගට යන්න හදනකොට තව officer කෙනෙක් කෙල්ලව අල්ලගත්තා යුංගි අඩන කෙල්ල දිහා බලාගෙන හිටියේ වචනෙන් කියලා නිම කරන්න බැරි වේදනාවකින්
" මාව අතහරිනවා...මට හබි ලගට යන්න ඕන එහාට වෙනවා.."
කෙල්ල අඩන ගමන් එයාව අල්ලාගෙන ඉන්න officerගේ අතින් ගැලවෙන්න උත්සාහ කලා
" සෝයූන් ඔය විකාරේ නවත්තනවා.."
මිස්ටර් පාර්ක් කේන්තියෙන් කෑගහලා කිව්වාම සෝයූන් අසරණ විදියට තමන්ගේ අප්පා දිහා බලාගෙන හිටියා කදුලින් තෙත් වෙලා තියෙන ඒ ඇස් දැක්කාම මිස්ටර් පාර්ක්ගේ පපුව පිච්චෙනවා වගේ දැනුනා ඒත් මේ වෙලාවේ හැගීම් වලට වහල් වෙලා වැඩ කරන්න මිස්ටර් පාර්ක්ට ඕන වුනේ නැ ඒ තොල් අතරින් අප්පා කියලා මුමුනනකොට මිස්ටර් පාර්ක්ට කෙල්ලව තුරුල් කරගෙන සනසන්න හිතුනා
" මිස්ටර් පාර්ක්....! මට විනාඩියක් දෙන්න පුලුවන් ද..?"
සෝයූන් පිස්සියක් වගේ අඩන දිහා තවත් බලාගෙන ඉන්න බැරි තැන යුංගි මිස්ටර් පාර්ක්ගෙන් ඇහුවා මිස්ටර් පාර්ක් ටික වෙලාවක් බලාගෙන ඉදලා ඔලුව වැනුවාම officer සෝයූන් වගේම යුංගිවත් අතහැරියා කෙල්ල දුවගෙන ගිහින් කොල්ලාගේ පපුවට තුරුල් වුනේ කාන්දමක් ඇලුනා වගේ
" සෝයූනා......"
යුංගි තමන්ගේ පපුව අස්සේ මූන හංගගෙන අඩන කෙල්ලව පොඩ්ඩක් ඈත් කරන ගමන් කතා කලා කෙල්ලගේ ඇස් රතු වෙලා කම්බුල් හොදටම කදුලු වලින් තෙත් වෙලා යුංගි කෙල්ලගේ කම්බුල් මතින් අත් තියලා සෝයූන්ගේ කම්බුල් මතින් ගලාගෙන යන කදුලු බිදු පිසදැම්මා
" අඩන්න එපා....තමුසේ..අසනීප වෙයි මම මැරුනේ නැ ඕයි ඔච්චර අඩන්න "
යුංගි පොඩි හිනාවක් එක්ක කිව්වාම කෙල්ල අතමිට මොලවලා කොල්ලාගේ පපුවට පාරක් ගැහුවා
" අඩන එක නවත්තලා අහපන්...!
තමුසේ පරිස්සමින් ඉන්න ඕන තමුසෙගේ පස්සෙන් ඉදගෙන පරිස්සම් කරන්න කෙනෙක් තවත් නැති වෙයි
ඩිග්රි එක කම්පීල්ට් කරන්න ඉස්සර වගේ පිස්සු කෙලින්නේ නැතුව පාඩම් කරනවා ටොකු ඇන ඇන පාඩම් කරවන්න කෙනෙක් තවත් නැති වෙයි ඒ නිසා දග වැඩ අඩු කරනවා පාරේ යනකොට සිහියෙන් යනවා
ඔය ගඩොල් භාගේ ඔබ ඔබා ගිහින් හැප්පුනාම තමයි තමුසෙට තේරෙන්නේ
දෙයක් වෙන්න කලින් මම කියන්නේ...
අප්පා එක්ක රන්ඩු වෙන්න එපා හරි ද..?
එයා කරන්නේ හරි දේ මං වෙනුවෙන් ඔච්චර අඩන්න එපා ඕයි මම එච්චර වටින කෙනෙක් නෙවෙයි තමුසේ හොද තැනක ඉන්නවා දකින්න ආසයි තමුසෙගේ අප්පාගේ ආසාවත් ඒක තමයි
තමුසේ මාව කොහොම දැක්කත් මේ ලෝකෙට මම දරුනු මාෆියා ලීඩර් කෙනෙක් විතරයි "
සෝයූන් නලලට කොල්ලා නලල තියාගෙන කෙල්ලට විතරක් ඇහෙන්න මිමිනුවා යුංගිට හරි ලෝභයි එයාගේ තුරුලේ ඉන්න කෙල්ලව ඈත් කරන්න එයාලා එකට හිටපු දවස් ගත කරපු හැටි ඒ ආදරේ සෝයූන්ගේ කටකාර කතා හිතුවක්කාර වැඩ හැමදේම මතක් වුනා තවත් ඒ දේවල් දකින්න විදින්න ලැබෙන්න වෙන්නේ නැ කියලා හිත කියද්දී කදුලු බිදු අලුත් කරමින් කඩාගෙන හැලුනා ඒත් කොල්ලා තීරණය කරලා ඉවරයි සෝයූන්ව එයාගේ අප්පාට බාර දීලා ඈත් වෙන්න කොල්ලාට ඒක ගොඩක් අමාරුයි ඒත් සෝයූන්ගේ හොදට ඒක කරන්නම වෙනවා
" ම්..ම්..ට.. ඔ..යා.. ග්..ගොඩක් ව්..ටින..වා කි..ටි..යෝ.."
සෝයූන් වෙව්ලන හඩකින් හැඩුම් පාලනය කරගෙන කිව්වා යුංගිගේ ඇස් වලින් බේරෙන කදුලු බිදු සෝයූන්ගේ කම්බුලට වැටෙද්දී කෙල්ල තවත් හයියෙන් ඇඩුවා මේ දේවල් සෝයූන්ගේ හදවතට එක් කලේ ලොකු වේදනාවක්
" ඔය ඇස් වලට කදුලු ගැලපෙන්නේ නැ තමුසේ හිනා වෙලා සතුටින් ඉන්න ඉන්න ඕන ශක්තිමත්ව හැමදේටම මුහුන දෙන්න කාටවත් තමුසෙව දුර්වල කරන්න ඉඩ දෙන්න එපා පරිස්සමින් ඉන්න
I Love You Soyun.."
කොල්ලා ඇස් පියාගෙන මිමිනුවා පලවෙනි වතාවට යුංගි එයාගේ ආදරේ වචනෙන් කෙල්ලට කිව්වා සමහරවිට අවසාන වතාවක් වෙන්න පුලුවන් සෝයූන් කොල්ලාගේ ටී ෂර්ට් එක තදින් අල්ලගෙන යුංගිව තදින් බදාගත්තා හුස්මක් නොගෙන අඩන කෙල්ලව පපුවට තුරුල් කරගෙන යුංගි බැලුවේ අදුරු වෙලා තියෙන අහස දිහා
මට වඩා දහස් ගුනයක් හොද කෙනෙක් තමුසෙට හම්බවෙන්න ඕන කාලයත් එක්ක තමුසෙට හැමදේම අමතක වෙන්න ඕන තමුසෙගේ ජීවිතේ කවදාවත් යුංගි කියලා කෙනෙක් හිටියේ නැ කියලා හිතන්න මාව අමතක කරලා අලුතින් පටන් ගන්න
යුංගි හිතින් හිතුවා කොල්ලා ඔය දේවල් කිව්වා නම් කෙල්ල තවත් අඩනවා කියලා යුංගි දන්නවා ඒ හදවත් කෑලි කෑලි වලට බිදිලා විසිරිලා ගිහින් හමාරයි
",I Love You Too KITTY plz don't leave me alone.."
කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගෙන අඩන ගමන් සිහින් හඩකින් මුමුනනවා කොල්ලාට ඇහුනා මේ දිහා බලාගෙන හිටපු මිස්ටර් පාර්ක් ඔලුවෙන් officers ලාට සන් කලාම යුංගිගේ අත් දෙකින් පිටිපස්සට ඇද්දා
" අනේ..එප්..පා... එයා වරදක් කලේ නැ "
සෝයූන් කොල්ලව බදාගෙන කියද්දී මිස්ටර් පාර්ක් කේන්තියෙන් ඇවිත් කෙල්ලව ඇදලා ගත්තා
" අප්පා.... අප්පා... චේ..බල්.. එයාව අතහරින්න.. යුංගි වරදක් කලේ නැ අප්පා... එයාට හැමදේටම හේතුවක් තිබුනා මම වැදලා ඉල්ලන්නම් අප්පා එයාව අතහරින්න මට එයාව ඕන "
සෝයූන් මිස්ටර් පාර්ක් ඉස්සරහ දන ගහගෙන අත් දෙක එකතු කරලා වැදගෙන ඉල්ලුවා මිස්ටර් පාර්ක් හිතක් පපුවක් නැති ගානට ඉස්සරහ බලාගෙන හිටියා මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බැලුවොත් එයාගේ තීරණය වෙනස් කරන්න වෙනවා කියලා දන්නවා මොකද මිස්ටර් පාර්ක් දුර්වල කරන්න සෝයූන්ගේ කදුලු ව්ලට පුලුවන්
මිස්ටර් පාර්ක්ගේ කකුලක් බදාගෙන අඩන කෙල්ල දිහා යුංගි බලාගෙන හිටියා
" සෝයූන් ඔය විකාරය නවත්තලා නැගිටිනවා "
මිස්ටර් පාර්ක් කේන්තියෙන් කියලා කෙල්ලගේ අත් වලින් කකුල බේරගෙන ගිහින් යුංගිගේ අත් වලට මාංචු දැම්මා
" තමුන් හින්දා මගේ අහිංසක කෙල්ල විදවන විදිය පේනවද...? තමුන්ට සතුටු ද දැන් "
මිස්ටර් පාර්ක් මාංචු ලොක් කරන ගමන් අහද්දී යුංගි බිම බලාගෙන හිටියා ඒත් එක්කම මහා වර්ෂාවක් ඇදගෙන හැලුනේ ඒ හිත් වල වේදනාව කොයිතරම් ද කියලා කියන්න වගේ සෝයූන් බිම ඉදගෙන අඩද්දී කොල්ලාට දුවගෙන ගිහින් කෙල්ලව තුරුල් කරගෙන සනසන්න ඕන ඒත් අද ඒ අත් වලට විලංගු වැටිලා officers ලා යුංගිව එක්කගෙන යද්දී සෝයූන් නැගිටලා මහ වර්ෂාවේ දුවන්න හදද්දී මිස්ටර් පාර්ක් කෙල්ලව අල්ලගත්තා යුංගි එකපාරක්වත් කෙල්ල දිහා හැරිලා නොබලා ජීප් එකට නැග්ගා
" අ..ප්.පා... මට එයා ලගට යන්න ඕන මාව අතහරින්න "
මහ වැස්සේ මිස්ටර් පාර්ක්ගේ අත් වලින් බේරෙන්න හදන ගමන් කිව්වා ඒත් කවුරුවත් දැක්කේ නැ වැස්සත් එක්ක මිස්ටර් පාර්ක්ගේ කම්බුල් දිගේ ගලාගෙන යන කදුලු බිදු යුංගි ජීප් එකට නැගලා සෝයූන් දිහා බැලුවා
අපි ගොඩක් දුර එකට ඇවිදගෙන ආවා..
තවත් තමුසෙට බලාපොරොත්තු දීලා අතරමං කරන්න ඕන නැ කොච්චර දුකක් වේදනාවක් දැනුනත් අපි ඇත්තට මුහුන දෙන්න ඕන..
තමුසේ මාත් එක්ක හිටියොත් තමුසෙට ගොඩක් දේවල් අහිමි වේවි මම එහෙම වෙනවාට කැමති නැ අමාරුවෙන් වුනත් තමුසෙව දාලා යන්න හිත හදාගත්තේ ඒ නිසායි
තමුසේ සතුටින් ඉන්න..
හිනා වෙලා ඉන්න
ඔය හිනාවට පුලුවන් කෙනෙක්ගේ හිතක් නිවන්න
මට වඩා තමුසෙට ආදරේ කරන ගැලපෙන කෙනෙක් හම්බවෙයි ඒ කෙනා එක්ක මාව අමතක කරලා සතුටින් ජීවත් වෙන්න
මම තමුසෙට මැරෙනකම් ආදරෙයි සෝයූන්
ජීප් එක ඈතට ඇදිලා යද්දී අඩන සෝයූන් දිහා බලාගෙන යුංගි හිතුවා සෝයූන් මහ වැස්සේ මිස්ටර් පාර්ක්ගේ අත් අතරට වෙලා හොදටම අඩනවා කෑගහලා අඩන කෙල්ලව තුරුල් කරගත්ත මිස්ටර් පාර්ක් නැගිට්ටා
" දැන් ඇති පැටියෝ..."
කෙල්ලව තුරුල් කරගත්ත මිස්ටර් පාර්ක් ඇහෙන නෑහෙන ගානට කිව්වා
To be continue.................♡︎
හේ හේ
සෑඩ් එන්ඩින් දෙන්නමයි හිතෙන්නේ
කතාවේ අන්තිම චැප්ටර් දෙක තුන යන්නේ ලමයි අහිංසක ඕතර් ගැන හිතලා කමෙන්ට් එකක් දාගෙන යන්න
Bạn đang đọc truyện trên: AzTruyen.Top