匚卄卂卩ㄒ乇尺 35🐾
යුංගි හෝසොක් එක්ක ආපහු yeosu වලට ආවේ ගොඩක් රෑ වෙලා යුංගි හිමින් දොර ඇරගෙන හෝසොක් එක්ක ඇතුලට ගියා
" කෝ බන් කෙල්ල..."
හෝසොක් ගේ පුරා ඇස් යවන ගමන් ඇහුවා යුංගි සෝල් ගියපු වෙලාවේ හෝසොක් එක්කගෙන සෝයූන්ව චෙක් කරන්න
" නිදි ඇති බන් "
යුංගි එහෙම කියන ගමන් රූම් එකේ දොර ඇරියත් සෝයූන් ඇද උඩ දකින්න නොලැබුනාම කොල්ලා බය වුනා යුංගිගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ සෝයූන්ගේ රුව රූම් එකේ කොහෙවත් පේන්න නැති නිසා
" සෝයූනා....බබා.....කොහෙද ඉන්නේ..."
යුංගි කෙල්ලට කතා කරන බාත් රූම් එකේ ගෙදර හැමතැනම හෙව්වා ඒත් එක්කම හෝසොක්ගේ ඇස් ගැටුනේ ඇද පිටිපස්සේ කාගේදෝ කකුල් දෙකක් ලග
" යුංගියා....වරෙන් "
හෝසොක් කතා කරනකොට යුංගි රූම් එකට ආවා
" අර බලපන් "
හෝසොක් පෙන්නපු පැත්ත බලද්දී කොල්ලා දැක්කේ කකුල් දෙකක්
" සෝයූනා..."
යුංගි කෙල්ලගේ ලගට ලං වෙන ගමන් කතා කරනකොට සෝයූන් බයෙන් බිත්තියට ගුලි වුනා අත පය ඔක්කොම හකුලවගෙන අඩලා ඉදිමුනු ඇස් වලින් කොල්ලා දිහා බලාගෙන හිටියේ බයෙන්
" අ..ල්ල..න්..න එ..ප්..පා... ම්..මාව.."
සෝයූන් වෙව්ලන හඩකින් කිව්වා
" මම ඔයාට රිද්දන්නේ නැ බබා...ඔහොම ඉන්න බැ නේ කෝ එන්න.."
යුංගි සොෆ්ට් වොයිස් එකකින් සෝයූන්ට කතා කරද්දී හෝසොක් ඒ දිහා පුදුමෙන් බලාගෙන හිටියා කෙල්ල ඔලුව දෙපැත්තට වනන ගමන් කොල්ලාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා
" මගේ දිහා බලන්න බබා...මම ඔයාට කරදරයක් කරන්නේ නැ "
හිමින් සෝයූන්ගේ අතක් අල්ලාගෙන එයාගේ කම්බුලට කෙල්ලගේ අතක් තද කලා
" ක්..කිටී..."
" ඔව් බබා...."
කෙල්ල යුංගිව අදුරගත්තාම කොල්ලා සෝයූන්ව වඩාගත්තා කෙල්ල යුංගිගේ ඉන වටේ කකුල් ඔතාගෙන කොල්ලාව තදින් බදාගත්තා යුංගි කෙල්ලවත් බදාගෙන හෝසොක් දිහා අසරණ විදියට බලාගෙන හිටියා
" උයා....කොහෙද ගියේ...?"
" මගේ බබා බය වුනා ද ම්ම්ම්...."
යුංගි අහනකොට කෙල්ල ඔව් කියන්න වේගෙන් ඔලුව වැනුවා
" මම දැන් ඉන්නවා නේ "
යුංගි කියලා කෙල්ලගේ නලල සිපගත්තේ උතුරා යන ආදරයකින් යුංගි කෙල්ලත් එක්ක ඇදේ වාඩිවුනාම තමයි සෝයූන් හෝසොක්ව දකින්නේ හෝසොක් දැකපු ගමන් කෙල්ල යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා
" සෝයූනා....මොකද මේ...."
කෙල්ලව ඈත් කරන්න හදන ගමන් කොල්ලා ඇහුවා ඒත් සෝයූන්ගෙන් උත්තරයක් ලැබුනේ නැ
" කෝ මගේ ඇගෙන් බහින්න "
සෝයූන් වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවේ බැ කියන්න කෙල්ල තදින් යුංගිව බදාගෙන හිටියා
" සෝයූන් මට බය වෙලා බන් ඉන්නේ "
සෝයූන්ගේ හැසිරීම නිරීක්ෂණය කරපු හෝසොක් කිව්වා
" එයා ඔයාට කරදරයක් කරන්නේ නැ බබා.."
සෝයූන්ගේ ඔලුව අතගාන ගමන් යුංගි කිව්වා ඒත් කෙල්ල යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගෙන කොල්ලාට තුරුල් වෙලා හිටියා
" එ..යාට.... ය..න්..න.. කි..ය..න්න.."
" එයා ඇවිත් තියෙන්නේ ඔයාට බෙහෙත් දාන්න කරදරයක් කරන්න නෙවෙයි "
යුංගිගේ බෙල්ල අස්සේ ඉදගෙන මුමුනන කෙල්ලට කිව්වා සෝයූන් මුකුත් නොකියා තව ටිකක් කොල්ලාට තුරුල් වුනා යුංගි ඇස් වලින් හෝසොක්ට කෙල්ලව චෙක් කරන්න කිව්වාම හෝසොක් ඇදෙන් වාඩිවෙලා කෙල්ලගේ අතකින් ඇල්ලුවා හෝසොක්ගේ නුපුරුදු ස්පර්ශය නිසා කෙල්ල කලබල වුනා
" මා..ව.. අ..ල්ලන්න..එ..ප්..පා... මට රි..දෙනවා.."
සෝයූන් අඩන ගමන් පපුවට අත තුරුල් කරගන්න ගමන් යුංගිගේ අත් අතරට ගුලි වුනා
" සෝයූන් හොදටම බය වෙලා ඉන්නේ බන් මේ තත්ත්වය එක්ක කෙල්ල නැගිටලා ඉදිද්දී බෙහෙත් කරන්න අමාරුයි "
හෝසොක් කිව්වේ යුංගිගේ අත් අතරේ පුංචි පූස් පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන
" ම්ම්ම්...."
යුංගි සෝයූන් තුරුල් කරගෙන කෙල්ලගේ පිටට පුංචි තට්ටුවක් දාන ගමන් සෝයූන්ගේ හිස මතින් සැරින් සැරේ පුංචි හාදු තැවරුවා හෝසොක් ආදරනීය යුංගි දිහා බලාගෙන හිටියේ සිහින් සිනාවක් දෙතොලතර රදවගෙන
ටික වෙලාවක් ගත වෙනකොට සෝයූන්ගේ හුස්ම වැටෙන රටාවත් එක්ක යුංගිට තේරුනා එයාගේ දග මල්ලට නින්ද ගිහින් කියලා යුංගි කෙල්ලව ඇහැරෙන්නේ නැති විදියට පරිස්සමින් ඇදෙන් තියලා හෝසොක්ට කෙල්ලව චෙක් කරන්න දීලා එහාට වුනා
" මලක් වගේ හිටපු කෙල්ලට මොකද්ද බන් මේ කරලා තියෙන විනාසේ "
හෝසොක් කිව්වේ සෝයූන්ගේ අත් වල තියෙන පිලිස්සුම් තුවාල පරික්ෂා කරන ගමන් යුංගි මුකුත් නොකියා අත් දෙක බැදගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා හෝසොක් කෙල්ලව චෙක් කරලා ඉවර වෙලා යුංගි දිහාට හැරුනා
" මම බෙහෙත් ටිකක් දෙන්නම් එදා වෙච්ච දේවල් සෝයූන්ගේ හිතේ තදින්ම තැන්පත් වෙලා උබ කෙල්ල ලගින්ම ඉදපන් එයාට දැන් උබව ඕනම වෙලාවක් එයාව යතා තත්ත්වයට පත් කරන්න පුලුවන් උබට විතරයි අරූට වද දෙන්න කියලා උබ කෙල්ලව තනියෙන් දාලා යන්න එපා උබේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ "
හෝසොක් නැගිටලා කොල්ලාගේ පිටට තට්ටුවක් දාලා කිව්වා
" ම්ම්ම්.....මට තේරෙනවා බන් "
යුංගි නිදාගෙන ඉන්න සෝයූන්ට බ්ලැන්කට් එක පොරවලා කිව්වා
" උබ දැන් යනවද "
" ම්ම්ම්...ඔව් හොස්පිටල් එකට යන්න ඕන හෙට....
පාර්ක් අන්කල් පිස්සුවෙන් වගේ කෙල්ලව හොයන්නේ "
" මිස්ටර් පාර්ක් හරියට සෝයූන් බලාගත්තා නම් අද මෙහෙම වෙන්නේ නැ නේ හොබී.."
යුංගි සෝයූන්ගේ ඔලුව අතගාන කිව්වා
" අනේ මන්දා බන් මොනා වුනත් පාර්ක් අන්කල් සෝයූන්ට පන ඇරලා ආදරෙයි "
හෝසොක් එහෙම කිව්වාම යුංගි මුකුත් නොකියා කෙල්ල දිහා බලාගෙන හිටියා
" මම යන්නම් බන් "
" ලියොන් උබව එක්කගෙන යයි....සෝයූන් ගැන කාටවත් දැනගන්න තියන්න එපා අපි කොහෙද ඉන්නේ කියලා ජින් හියුන්ග්ටවත් කියන්න එපා "
" මම ගිහින් පත්තරේට දානවා මගේ බේසික මිතුරා NIS හෙඩ්ගේ දියනිය පැහැරගෙන ඇවිත් yeosu ගම්මානයේ සගවාගෙන තබාගෙන ඉන්නවා කියලා "
හෝසොක් එහෙම කියලා ගියාම යුංගි යාන්තම් හිනා වෙලා බ්ලැන්කට් එක ඇතුලේ ගුලි වෙලා නිදාගෙන ඉන්න සෝයූන් දිහා බැලුවේ වේදනාවෙන් පිරුනු ඇස් වලින් කෙල්ල සැරින් සැරේ එයාට බය වෙලා අඩනකොට යුංගිට ලොකු දුකක් දැනුනේ ඊට වඩා සේයොන් ගැන වෛරයක් ඇති වුනා
කාලය ටික ටික ගත වුනේ සෝයූන් යම්තාක් දුරකට සාමාන්‍ය තත්ත්වයට පත් වෙද්දී මුල් දවස් වල කෙල්ල හීනෙන් පවා බය වෙලා ඇඩුවා ඒ හැම අවස්ථාවකම යුංගි සෝයූන් ලගින් ඉදගෙන සැනසුවා සෝයූන් මිනිස්සු අතරේ ගැවසෙන්න බය වුනා යුංගි ඇරෙන්න වෙන කෙනෙක් දැක්කත් කෙල්ල බය වෙනවා ඒ නිසා යුංගි කෙල්ලට පේනමානෙක් කොයිවෙලෙත් ඉදියා සෝයූන්ට බෙහෙත් පොවන්න යුංගිට වෙනම ගේමක් දුන්නා අන්තිමේ යුංගිගේ ක්‍රමේකට කෙල්ලට බෙහෙත් පෙව්වා ඒ ක්‍රමේට නම් සෝයූන් හද පතුලෙන්ම කැමති වුනා
ඔය අතරේ මිස්ටර් පාර්ක්ට සෝයූන් ගැන කිසිම ආරංචියක් ලැබුනේ නැ එදා කාර් එකෙන් බැහැලා ගෙදර යන්නම් කියපු කෙල්ල කොහෙද ගියේ කියලා මිස්ටර් පාර්ක්ට හිතාගන්න බැරී වුනා යුංගි වැඩිය පේන්න නොහිටපු නිසා කෙල්ල යුංගි එක්ක ගියාදෝ කියලා සැකයක් මිස්ටර් පාර්ක්ට ඇති වුනත් ආපහු සෝයූන් එහෙම දෙයක් කරන්නේ නැ මිස්ටර් පාර්ක් හිතුවා කෙල්ල ගැන හරි ආරංචියක් නැතුව මිස්ටර් පාර්ක් ඉමෝ වගේම ජීවූත් හිටියේ කනස්සල්ලෙන් ඒ අතරේ සේහා නම් නිතරම කිව්වේ සෝයූන් යුංගි එක්ක පැනලා යන්න ඇති කියලා ඔය කතා හින්දා පාර්ක් නිවසේ රන්ඩු ඇති වන අවස්ථා වැඩි වුනා
ටික ටික සෝයූන්ගේ ඇගේ තිබුණු තුවාල හොද වෙලා කැලැල් තවමත් ඉතුරු වෙලා තිබුනා සෝයූන් තනිවුනු වෙලාවට ඒ කැලැල් දිහා බලාගෙන කල්පනා කරනවා මේ වෙලාවේ කෙල්ල mirror එක ඉස්සරහට වෙලා එයාගේ පපුවේ තියෙන කැලැල් දිගේ ඇගිලි තුඩු අරගෙන ගියා කෙල්ලට කැලැල් දකිද්දී දැනුනේ අප්‍රසන්න බවක්
ඒත් එක්කම සෝයූන්ට දැනුනේ එයාගේ ඉන වටේ අත් දෙකක් එතෙනවා එයාගේ උරහිස මතින් නිකට තියාගෙන යුංගි බලාගෙන ඉන්නවා සෝයූන් mirror එකෙන් දැක්කා කෙල්ල ඉක්මනට ඇදුම හදාගන්න ගියත් යුංගි සෝයූන්ගේ අතින් අල්ලලා නැවැත්තුවා
" මම තමුසෙට කිව්වා ඔය ගැන හිතන්න එපා කියලා ටික කාලයක් යනකොට ඕවා නැති වෙයි "
යුංගි කෙල්ලගේ බෙල්ලේ නහය අතුල්ලන ගමන් කියනකොට සෝයූන් කිති නිසා උරහිස් ඇකිලුවා
" කිතියි අලේ...."
සෝයූන් තොල් උල් කරගෙන කියනකොට කොල්ලා එයාගේ පැත්තට කෙල්ලව හරවගෙන සෝයූන්ගේ පපුවේ තිබුණු කැලැල් මතින් වෙට් කිසස් ගොඩක් තිබ්බා මේ ගෙවුණු දවස් ගානකට මේ දේ සෝයූන්ට අලුත් දෙයක් නෙවෙයි තොල් උල් කරගෙන ඇස් දෙක ජිල් බෝල කරගෙන බලාගෙන ඉන්න කෙල්ලගේ කම්බුලක් තොල් වලින් හැපුවේ සෝයූන්ගේ මූනට හිනාවක් ගෙනැල්ලා
" යාහ්හ්හ්.....එහාට යනවා පූස් තඩියා "
කෙල්ල කෑගහනකොට යුංගි හිනාවක් එක්ක සෝයූන්ගෙන් ඈත් වුනා
" දැන් කන්න යන්....මම කතා කරලා කතා කරලා බැරිම තැන ආවේ තමුසේ මොනාද කරන්නේ කියලා බලන්න "
සෝයූන්ගේ ඇදුමත් හදලා කෙල්ලගේ උරහිස් වලින් අල්ලලා අනිත් පැත්ත හරවලා තල්ලු කරගෙන කිචන් එකට ගියා දෙන්නා එක්ක කාලා බීලා ඉවර කරලා යුංගි කිචන් එක අස් කරනකම් සෝයූන් එතැන තිබුණු මේසයක් උඩින් වාඩිවෙලා කකුල් දෙක පද්ද පද්ද ගියා
" යුංගියා...."
" ම්ම්ම්...."
" අප්පා....."
සෝයූන් එහෙම කියලා නවත්තනකොට යුංගි කර කර හිටපු වැඩේ නවත්තලා කෙල්ල දිහා බැලුවා
" තමුසෙට අප්පා ලගට යන්න ඕන ද..?"
යුංගි ඇහුවාම සෝයූන් වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවා
" එහෙනම්....?"
" අප්පා මාව හොයනවා ඇති නේද...?"
සෝයූන් අතේ ඇගිලි එකට තෙරපන ගමන් ඇහුවා
" හ්ම්ම්.....අප්පා සමහරවිට හිතනවා ඇති තමුසේ මාත් එක්ක පැනලා එන්න ඇති කියලා "
යුංගි කට කොනින් හිනාවක් එක්ක කිව්වා
" වෙන්නත් පුලුවන් "
සෝයූන් තොල් පිට පෙරලගෙන මිමිනුවා
" මේ දේවල් අපි ප්ලෑන් කරලා කරපු දේවල් නෙවෙයි නේ "
යුංගි කෙල්ලගේ කොන්ඩේ අවුල් කරලා කිව්වා සෝයූන් මුකුත් නොකියා හිටියා යුංගි කිචන් එක අස් කරලා ඉවර වෙලා කෙල්ලවත් එක්කගෙන රූම් එකට ගියේ නිදාගන්න සෝයූන් ඔක්කොටම කලින් ඇද පැනලා කොට්ටෙකුත් බදාගෙන නිදාගන්න ලෑස්ති වුනා යුංගි ලයිට්ස් ඕෆ් කරලා ඇදට ඇවිල්ලා කෙල්ලව තුරුල් කරගත්තා සෝයූන් අතේ තිබුණු කොට්ටෙත් පැත්තකට කරලා කොල්ලාගේ පපුවට තුරුල් වුනා
" යුංගියා....."
" ම්ම්ම්...."
" එයා මට ආපහු කරදරයක් කරයි ද..?"
සෝයූන් සිහින් හඩකින් මුමුනනකොට යුංගි කෙල්ල දිහා බැලුවා
" තමුසේ හිතනවාද ආපහු ඔහොම දෙයක් වෙන්න මම ඉඩ තියයි කියලා "
කෙල්ල යුංගි දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා
" එකම වැරැද්ද දෙපාරක් වෙන්න මගේ ජීවිතේ ඉඩ තියන්නේ නැ මේ දේ වෙන්නෙත් නැ අපේ උන් හරියට තමුසේ ගැන ඇහැ ගහගෙන හිටියා නම් මෙහෙම දෙයක් වෙන්නෙත් නැ "
යුංගි එයාගේ පපුව මතට වෙලා තමන් දිහා බලාගෙන ඉන්න කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" මම තමුසේ ලග ඉන්නවා නේ ඒ නිසා බය නොවි නිදාගන්නවා "
" එක අතකට මෙහෙම වුන එකත් හොදයි නැත්නම් උයා ලග ඉන්න ලැබෙන්නේ නැ නේ."
සෝයූන් කියද්දී යුංගි ඇහිබම අකුලගෙන කෙල්ල දිහා බැලුවා සෝයූන්ගේ වචන වලට යුංගිගේ නිදාගෙන හිටපු කේන්තිකාරයා ඇහැරවන්න පුලුවන් වුනා කේන්තියටම සෝයූන්ගේ ඉන තදින් අල්ලපු නිසා කෙල්ලට තේරුනා එයාගේ කිටියාට කොටියෙක් වෙලා තමයි කියලා
" තමුසෙගේ කන පලනවා දැනගනින්.... මොකද්දෝ වාසනාවකට උබ එතැනින් බේරිලා ආවා තමයි එහෙම නොවුනා නම් මොකද වෙන්නේ....?
හොදයි... හහ්..!
රෙද්ද තමයි "
යුංගි කේන්තියෙන් කියද්දී සෝයූන් වැරැද්දක් කරලා ඔම්මාට අහුවුනු පොඩි බබෙක් වගේ වගේ හිටියා
" සොලි.."
සෝයූන් සිහින් හඩකින් මුමුනද්දී යුංගි කෙල්ලගේ ඉන කෙනිත්තුවා
" කොනිත්තන්න එපා අලේ.."
" තමුසේ කියන කතා වලට කොනිත්තලා මදි හපලා හපලා දාන්න ඕන "
යුංගි කියද්දී සෝයූන් රවලා කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තේ මොනාදෝ මුමුනන ගමන් සෝයූන්ගේ හුරතල් වැඩ වලට කොල්ලා හිත යටින් හිනා වුනා දැන් දැන් සෝයූන් යුංගි එක්ක හුරතල් වෙනවා වැඩියි සෝයූන් ඇස් බෝල කරගෙන තොල් උල් කරගෙන දාන බැල්මට යුංගිට කෙල්ලව හංගලා තියාගන්නමයි හිතෙන්නේ
" මෝඩ කෙල්ල...තමුසේ ආපහු ඔහොම කතාවක් කියපන්කෝ කන පලනවා තමුසෙගේ "
සෝයූන්ගේ හිස් මුදුනට හාදුවක් තවරලා යුංගි කිව්වාම කෙල්ල යුංගිගේ ඇගට කකුලක් දැම්මා යුංගි මුකුත් නොකියා ඇස් දෙක පියාගත්තා ටික වෙලාවක් යද්දී දෙන්නාම සුවදයි නින්දකට වැටුනා
මධ්‍යම රාත්‍රිය උදා වෙනකොට යුංගි ඇස් ඇරියා කොල්ලා එයාගේ තුරුලේ සැපට නිදාගෙන ඉන්න සෝයූන්ව ඈත් කරලා ඇදෙන් නැගිට්ටා යුංගිගේ උනුසුම නැති වුනා කියලා තේරුනාම සෝයූන් කෙදිගාගෙන අනිත් පැත්ත හැරිලා කොට්ටයක් තුරුල් කරගත්තා කලු පාට ජැකට් එකත් ඇදගෙන කැප් එකයි හංගලා තිබුණු ගන් එකට බුලට් පුරවපු යුංගි ගන් එක ඉනේ ගහගත්තා
කෙල්ලගේ කම්බුලට කිස් එකක් දීලා ඇදේ අයිනට කොට්ටයක් තිබ්බා
" මම ඉක්මනට එන්නම් "
යුංගි කෙල්ලගේ කනට මුමුනලා රූම් එකෙන් එලියට ගියා කොල්ලා ගෙදර දොරත් වහගෙන එලියට යනකොට ලියොන් ඉන්නවා කා එක ලගට වෙලා
" උබ මම එනකම් ඇතුලට වෙලා හිටපන් අරූගේ ජීවිත කතාවට තිත තියලා එන්නම් මොනාහරි හදිස්සියක් වුනොත් මට කතා කරපන් "
ලියොන්ට එහෙම කියලා කා එකේ කී එක අරගෙන පවනට බදු වේගෙන් ගියේ ලියොන් ගෙදර ඉස්සරහ ඉදගෙන බලාගෙන ඉන්නකොට ලියොන් හිමින් සැරේ ගේ ඇතුලට ගිහින් දොර වැහුවාම සාලේ අත් දෙක බැදගෙන බලාගෙන ඉන්න කෙනා දැක්කාම ටිකක් ගැස්සුනා
" මිස්....?"
____________________________
යුංගි එයාගේ මාෆියා හවුස් එකට ඇතුල් වුනා යුංගි එනවා දැක්ක ගාඩ්ස්ලා ඔක්කොම කොල්ලාට ආචාර කලා යුංගි ගන් එක කරකවන ගමන් විසිල් එකකුත් ගහගෙන බේස්මන්ට් එකට ඇතුල් වුනා බේස්මන්ට් එක පුරා ආවේ දැඩි ලේ දුගදක් යුංගි බේස්මන්ට් එකේ කොනේ යකඩ කූඩුවක් ලග නතර වුනාම ගාඩ් කෙනෙක් දොර ඇරලා කොල්ලාට යන්න දුන්නා යුංගි පුටුවක ගැට ගහලා බොක්සර් එක පිටින් ඉන්න සේයොන් දිහා බලාගෙන හිටියේ කුරිරු සතුටකින්
සේයොන්ගේ බෙල්ල පහතට කඩාගෙන වැටිලා තිබුනා ඇග පුරාම තුවාල තිබුනා යුංගිට වාඩිවෙන්න ගාඩ් කෙනෙක් පුටුවක් ගෙනත් තිබ්බාම කොල්ලා වාඩිවුනා
" මූ ඇහැරවපන් අද මේක ඉවරයක් කරන්න ඕන "
යුංගි කියපු සැනින් උනු වතුර බාල්දියක් සේයොන්ට ගැහුවා සේයොන් වේදනාවෙන් කෑගැහුවේ උනු වතුර නිසා ඔහුගේ තුවාල වේදනා දෙන නිසා
" මගේ ආගන්තුක සත්කාර උබට හොද මදි වගේ "
යුංගි කට කොනින් හිනා වීගෙන කියනකොට සේයොන් දත් මිටි කාගෙන කොල්ලා දිහා බැලුවා
" උබට මේවාට වන්දි ගෙවන්න වෙලා යකෝ මම කවුද කියලා උබට අමතක වෙලා අප්පා උබ කවුද කියලා දැනගත්තාම තවත් උබව එපා වෙයි..."
සේයොන් කියද්දී යුංගි don't care look එකකින් හිටියේ
" පට්ට බෝරින්..."
යුංගි ඈනුමක් යවන ගමන් කිව්වා යුංගි අත ඉස්සුවාම ගාඩ් කෙනෙක් කොල්ලාගේ අතේ ඇගිලි අතරේ පත්තු කරපු සිගරට් එකක් රැදෙව්වා යුංගි ඒක කට ලගට අරගෙන ආපහු අයින් කලා
" මගේ බබා කැමති නැ මම සිගරට් use කරනවාට "
යුංගි දුක හිතෙන මූනකින් කියන ගමන් නැගිටලා සේයොන් ලගට ලං වුනා
" උබ මොකද්ද කරන්න හදන්නේ "
සේයොන් ඔලුව උස්සන්න ට්‍රයි කරන ගමන් කිව්වා යුංගි කට කොනින් හිනා වෙලා සිගරට් එක සේයොන්ගේ නිපල් එකක් උඩින් තියලා තද කලා සේයොන් වේදනාවට බේස්මන්ට් එක දෙදෙරන්න කෑගැහුවා යුංගිට හිනා වුනා සේයොන්ගේ වේදනාත්මක කෑගැහිලි ඇහෙනකොට යුංගි හිනා වුනා
" අහ්හ්..න..ව.ත්තපන්...."
" මගේ කෙල්ලත් ඔහොම කියන්න ඇති උබ නැවැත්තුවා ද..? උබ මලක් වගේ හිටපු කෙල්ලට මොකද්ද යකෝ අර කරපු තිරිසන් වැඩේ ඒ අහිංසක කෙල්ල රෑට හීනෙන් බය වෙලා ඇහැරිලා හොදටම අඩනවා උබට වඩා මගේ කෙල්ලට රිදුනා යකෝ "
යුංගි රාක්ෂයෙක් වගේ කෑගහන ගමන් සේයොන්ගේ ඇගේ තැනින් තැන සිගරට් එකෙන් පිලිස්සුවා සෝයූන් බය වෙලා අඩන හැටි එයාගේ ඇගේ තියෙන කැලැල් දිහා බලාගෙන කල්පනා කරන හැටි පුංචි සද්දයකට පවා බය වෙන හැටි කොල්ලාට මතක් වෙද්දී ඒ ඇස් වලට කදුලු පිරුනා
" ඒ..කි... උබව තෝ...ර.. නොගත්තා.. න්..ම්.. ඔහොම වෙ...න්..නේ... නැ...."
සේයොන් කට කොනින් හිනා වෙන ගමන් කිව්වාම යුංගි අතේ තිබුණු සිගරට් එක විසි කරලා සේයොන්ගේ බෙල්ලෙන් තදින් ඇල්ලුවා
" උබට හැමදාම ඕන වුනේ මගේ දේවල් උදුරගන්න එහෙම කියලා උබ අර අහිංසක කෙල්ලට කරපු දේ හරි ද....? උබේ හිතේ පුංචි හරි කැමැත්තක් තිබුනා නම් උබ එහෙම කරන්නේ නැ..."
" ක්...වු..ද... මම ඒකිට ක්..කැමතියි කි..යලා.. මට ඒකිව ඕ...න..උ..බට... රිද්ද...න්..න.. වි...තර..යි... ඒකිත්...ම්..ට... අ..නි..ත්... ක්.. කෙ..ල්ලෝ... ව..ගේ තමයි හපලා හපලා වි..සි ක..ර්..න.. බ්..බ..බල්ගම්.. එ..කක්.. වගේ.."
සේයොන් එහෙම කියලා හිනා වෙද්දී යුංගිට තවත් කේන්ති ගියා රතු පැහැයට හැරුනු ඇස් අත් වල බෙල්ලේ ඉලිප්පිලා පේන කොල පාට නහර සාක්ෂි දැරුවා යුංගි අතමිට මොලවලා සේයොන්ගේ මූනට ගහගෙන ගියේ සේයොන්ගේ නහයෙන් කටින් ලේ ගලාගෙන යද්දී
" උබව මම අවසන් ගමන් යවන්නේ මෙච්චර කාලෙකට මනුස්සයෙක් මැරුනු දරුනුම විදියට "
යුංගිගේ මූනේ තිබුණු බයානක පෙනුමට සේයොන්ගේ හිත ගැස්සුනත් ඒක නොපෙන්වා ඉන්න උත්සාහ කලා
" අ..ප්පා.... මේ ගැන දැන...ගත්තොත්.... උබව..ඉතුරු කරන්නේ නැ "
මෙච්චර දෙයක් වෙලත් තවමත් කියවන සේයොන් දිහා ගාඩ්ස්ලා බලාගෙන හිටියේ මෙච්චර කාලත් මූට ඇති වෙලා නැද්ද කියලා හිතන ගමන්
" මූගේ කටේ සද්දේ වැඩියි....උබලාට කැමති දෙයක් කරපන් "
යුංගි එහෙම කියලා හිටපු තැනින් ගිහින් වාඩිවුනේ ගාඩ්ස්ලා සේයොන්ට ලං වෙද්දී සුලු මොහොතකින් බේස්මන්ට් එක පුරා ඇහුනේ සේයොන් වේදනාවෙන් කෑගහන හඩ සහ යුංගිගේ වියරුවෙන් හිනා වෙන හඩ පමනයි
__________________________
සෝයූන් අත් දෙකත් බැදගෙන පුටුවක වාඩිවෙලා එයාගේ ඉස්සරහ හිටගෙන බිම බලාගෙන ඉන්න ලියොන් දිහා බලාගෙන හිටියා
" මම අන්තිම වතාවට අහන්නේ යුංගි කොහෙද ගියේ "
සෝයූන් මෙහෙම අහපු දහවෙනි වතාව මේ
" මිස් කොච්චර ඇහුවත් මට කියන්න තියෙන්නේ මම දන්නේ නැ බොස් එනකම් මට ඉන්න කියලා විතරයි ගියේ "
ලියොන් එහෙම කිව්වාම සෝයූන් ඇස් හීනි කරගෙන බලාගෙන හිටියා
" එයාට වෙන කවුරුහරි ඉන්නවා ද...? ඒක ද මම නිදාගත්තාම හොරාට යන්නේ "
සෝයූන් සිහින් හඩකින් එහෙම ඇහුවාම ලියොන් කෙල්ල දිහා පුදුමෙන් බැලුවා ලියොන් හිතුවේ නැ කෙල්ල මෙහෙම දෙයක් හිතයි කියලා
" එහෙම දෙයක් නැ මිස්.... බොස් මිස්ට ගොඩක් ආදරෙයි "
ලියොන් කිව්වේ දුකින් ඉන්න කෙල්ල දිහා බලාගෙන
" එහෙනම් ඇයි එයා මට නොකියා හොර රහසේ යන්නේ...? මොනාද ඔයාලා මගෙන් හංගන්නේ...? "
" අපි මිස්ගෙන් මුකුත් හංගන්නේ නැ මිස් ගිහින් නිදාගන්න දැන් බොස් එයි.."
ලියොන් එහෙම කිව්වාම කෙල්ල ටික වෙලාවක් ලියොන් දිහා බලාගෙන ඉදලා රූම් එකට ගිහින් ඇදෙන් හාන්සි වුනා සෝයූන්ගේ ඇස් වලට කදුලු පිරුනේ යුංගි වෙන කෙල්ලෙක් ලගට ගිහින් කියලා හිතද්දී කෙල්ලගේ ඇස් නැවතුනේ එයාගේ අත් වල තිබුණු කැලැල් වලට
" මේවා..දකිද්දී එයාට මාව අප්‍රසන්න ඇති ඒක නේ මාව දාලා ගියේ "
සෝයූන් මිමිනුවේ සිහින් ඉකි බිදුමක් සමග ටික වෙලාවක් යද්දී කෙල්ල කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇඩුවා සෝයූන්ට පුංචි දෙයක් වුනත් ලොකුවට දැනුනා සමහර වෙලාවට යුංගිගේ එක වචනයක් වැරදුනත් කෙල්ල අඩපු අවස්ථා තිබුනා සෝයූන් ඉන්න මානසික තත්ත්වය එක්ක යුංගි කෙල්ල එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් පරිස්සම් වුනා
කෙල්ල අඩනවා කියලා ඇහුනු ලියොන් යුංගිට කෝල් කරලා ඉක්මනට එන්න කිව්වා ලියොන්ගේ කෝල් එක එන විටත් යුංගි එන්න පිටත් වෙලා තිබුණු නිසා වේගය වැඩි කරපු යුංගි ඉක්මනට yeosu වලට ආවා යුංගි ඉක්මනට ගෙට එනකොට ලියොන් වාඩිවෙලා බිම බලාගෙන ඉන්නවා
" මොකද වුනේ...?"
" බොස්...."
ලියොන් විස්තරේ කිව්වාම යුංගි නලල පිරිමැද්දා
" උබ පලයන් මම බලාගන්නම්..."
යුංගි එහෙම කියලා රූම් එකට යනකොට සෝයූන් ගුලි වෙලා ඉන්නවා කොල්ලා ගිහින් සෝයූන්ගේ ලගින් වාඩිවෙලා කෙල්ලගේ ඔලුව අතගානකොට සෝයූන් කොල්ලා දිහා බැලුවා ඒ කම්බුල් වල කදුලු පාරවල් ඇස් යාන්තම් රතු වෙලා තිබුනා
" මොකද අඩන්නේ ම්ම්ම්.."
යුංගි කෙල්ලගේ මූනට එබිලා අහද්දී සෝයූන් කොල්ලාගේ මූන දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ
" තමුසේ හිතුවාද මම තමුසෙව දාලා වෙන ගෑනියෙක් ලගට ගියා කියලා "
කෙල්ල ඔව් කියන්න ඔලුව වනලා ආපහු නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවේ යුංගිගේ මූනට පුංචි හිනාවක් ගෙනැල්ලා සෝයූන්ගේ නලලට කිස් එකක් දීපු යුංගි කෙල්ලගේ නලල මතින් නලල තියාගත්තා
" මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට කියලා මම ලං වුනේ තමුසෙට විතරයි තමුසේ මගේ පන තමුසේ ඇරෙන්න වෙන උන් මට ඕන නැ පොඩ්ඩක් මාව විශ්වාස කරනවකෝ ඕයි "
යුංගි කියද්දී සෝයූන්ට පුංචි හිනාවක් රැදුනා
" නොකියා ගියේ මොකටද ඉතිම්..."
යුංගිගේ ජැකට් එකෙන් අදින ගමන් සෝයූන් ඇහුවා
" තමුසේ නිදි නේ "
" ඒ වුනාට කියන්න තිබුනා කොහෙද යන්නේ කියලා "
" මම තමුසෙට දෙයක් ගෙනාවා ඔහොම ඉන්නවා "
කතාව වෙනස් කරන්න ඕනකමට යුංගි එහෙම කියලා නැගිටලා ගියාම සෝයූන් ඇදේ වාඩිවුනා ටිකකින් යුංගි plushi එකකුත් උස්සගෙන ඇවිත් සෝයූන්ගේ අතට දුන්නාම කෙල්ලගේ මූනේ ලොකු හිනාවක් ඇදුනා
" අලෙව්.....මෙයා කියුට් "
" මේක දැක්කාම තමුසෙව මතක් වුනා"
සෝයූන් plushi එකත් තුරුල් කරගෙන පොඩි බබෙක් වගේ හිනා වෙනවා
" ඕක පැත්තකින් තියලා දැන් නිදාගන්නවා "
යුංගි රවාගෙන කියනකොට කෙල්ල plushi එකත් තුරුල් කරගෙන කොල්ලාට පිටුපාලා හාන්සි වුනා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා සෝයූන්ව තුරුල් කරගත්තා
" මගේ පිස්සු කෙල්ල..."
.
.
දින දෙකක් පමන ගත වෙලා යනකොට මුලු කොරියාවේම පැතිරුනු උනුසුම් ප්‍රවෘත්තිය වුනේ කොරියානු අග්‍රාමාත්‍යවරයාගේ පුතු වන මින් සේයොන්ගේ ඝාතනය කිසිම සාක්ෂියක් ඉතුරු නොකර සිදු කරලා සේයොන් ඝාතනය කර මල සිරුර කුනු කානුවක දමා ගොස් තිබියදී හමුවුනා ඒත් සමග මේ ඝාතනය සියලු දෙනා අතරේ කතා බහට ලක් වුනා
" මේ දින කොරියාවේ උනුසුම් ප්‍රවෘත්තිය බවට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මින් දේවොන් මහතාගේ පුතු වන මින් සේයොන්ගේ ඝාතනය පිලිබදයි පශ්චාත් මරන පරික්ෂණ වාර්තාවට අනුව සේයොන්ගේ සිරුරේ කැපුම් පහරවල් 100 කට පමන ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබුනු අතර පිලිස්සුම් තුවාල ද තිබූ බවට ද අනාවරණය වී තිබේ දින කිහිපයක් අධික ලෙස වද දී පුරුෂ ලිංගය(dick) කපා ඉවත් කර ඇත..."
" යේ සනා ඒ වගේම මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ සේයොන් සම්බන්ධ වීඩියෝ පට පල වෙමින් පවතිනවා සේයොන් කාන්තාවන් සමග සිප වැලදගන්නා අවස්ථා ද ඇත එමෙන් මීට මාස කිහිපයකට පෙර විසි එක් හැවිරිදි තරුනියක් ලිංගික අපයෝජනය කර ඝාතනයට සම්බන්ධ වීඩියෝ පට ද මේ අතර පවතියි මේ පිලිබදව අග්‍රාමාත්‍ය මින් දේවොන් මහතා කිසිවක් මාධ්‍යට පවසා නොමැත.. මේ සිදුවීම මින් දේවොන් මහතා ගොඩනගා ගත් ප්‍රතිරූපයට විනාස වීමට හේතුවක් බව බොහෝ දෙනාගේ අදහසයි...."
යුංගිගේ අතකින් අල්ලාගෙන කඩ පොලේ ඇවිදගෙන යන සෝයූන්ගේ කනට ඇහුනේ ඒ අසල කඩයක රූපවාහිනීයෙ ගිය නිව්ස් එකක් ඒත් එක්කම සෝයූන් යුංගි දිහා බැලුවාම කොල්ලා විසිල් එකක් ගහන ගමන් සෝයූන්ගේ අතින් අල්ලාගෙන මිනිස්සු අතරින් ගමන් කලා
" ඒ ඔයා නේද...?"
සෝයූන් එහෙම ඇහුවාම කොල්ලා සෝයූන් දිහා බැලුවා
" මොකද්ද...?"
" ඔයා නොදන්නවා වගේ හැසිරෙන්න එපා "
සෝයූන් ඇහිබමක් උස්සගෙන කිව්වාම යුංගි කෙල්ලගේ කරට අතක් දාලා ලගට ඇද්ලා ගත්තා
" මගේ කෙල්ලට මෙච්චර දෙයක් කරපු එකෙක් මම නිකන් අතහරියි කියලා හිතනවාද...?"
යුංගි එහෙම කියද්දී සෝයූන් කොල්ලා දිහා බලාගෙන හිටියා
" ඔයා අහුවුනොත්....."
" මම අහුවෙන්න වැඩ කරන නෙවෙයි ඕයි තමුසේ බය වෙන්න එපා "
සෝයූන්ගේ නහයට තට්ටුවක් දාපු කොල්ලා කිව්වා
" ඔය වැඩ වලින් ඈත් වෙන්න කිටියෝ.... අපිට අප්පා අකමැති වෙන්න හේතුවත් ඔයාගේ මාෆියා වැඩ තමයි දැන්වත් ඔය දේවල් වලින් ඈත් වෙන්න "
සෝයූන් එයාගේ කර වටේ දාගෙන ඉන්න යුංගිගේ අත අල්ලන ගමන් කිව්වා
" හිතන තරම් මේ දේවල් වලින් ඈත් වෙන එක ලේසි නැ ඕයි..."
යුංගි හුස්මක් පහත හෙලලා කිව්වා
" ඒත් ට්‍රයි කරන්න පුලුවන් නේ ඔයා කවුද කියලා කවුරුවත් දන්නේ නැ නේ "
ඒකට යුංගි මුකුත් නොකියා හිටියා දෙන්නා එක්ක කඩ වීදිය දිගේ ඇවිදගෙන ගියා
.
.
ගෙවුණු ටික කාලය ඇතුලත ගමේ ගොඩක් අය එක්ක සෝයූන් හිතවත් වුනා විශේෂයෙන් හවසට සෙල්ලම් කරන පිරිමි ලමුන් කිහිප දෙනෙක් එක්ක සෝයූන් හවසට යුංගි ලග වැද වැඩිලා බිම පෙරලි පෙරලි අඩලා අවසර අරගෙන සෙල්ලම් කරන්න යනවා ගමේ හිටපු කෙල්ලෝ එක්ක සෝයූන් වැඩිය හිතවත් නොවෙන්න හේතුව වුනේ එයාගේ පූස් කුමාරයාට ලයින් දාන හින්දා යුංගි දකිනකොට කෙල්ලෝ දාන මල් හිනාව දැක්කාම සෝයූන්ට සෙරෙප්පුවෙන් නෙලන්න හිතුනු අවස්ථා තිබුනා
" ඕයි....පොඩි පගයෝ ඉක්මන් කරපන් "
යුංගිගේ කැප් එකක් දාගෙන පොඩි ශෝටක් ගහගෙන ටිකක් ලොකු ටී ෂර්ට් එකකුත් ඇදගෙන හිටපු සෝයූන් සෙල්ලම් කරන ගමන් හිටියේ කෙල්ලගේ භාෂාවට තමයි පිරිමි ලමයි සෙට් එක කැමති වුනේ
" මොකද යකුනේ ගල් ගිලලා වගේ ඉන්නේ ඉක්මන් කරලා මේක ඉවර කරලා මට යන්න ඕන මගේ යක්ස පූස් හබියා ගෙදර ඇවිත් ඇති "
Freeze වෙලා සෝයූන් දිහා බලාගෙන ඉන්න කොල්ලෝ සෙට් එකට කෙල්ල කිව්වේ අද යුංගි ගෙදර නැති වෙලාවේ සේප් එකේ ගෙදරින් පැන්න නිසා
" නූනා පිටිපස්ස බැලුවොත් නූනාගේ යක්ස පූස් හබියා බලාගන්න පුලුවන් "
එක පිරිමි ලමයෙක් සෝයූන්ගේ ලගට ඇවිත් හිමින් කියද්දී කෙල්ලගේ මූන වාහනේකට අහුවුනු තක්කාලි ගෙඩියක් වගේ වුනා smile in pain soyun version
කෙල්ල තමන් වගේ අහිංසක කෙල්ලෙක් මේ ලෝකේ කොහෙවත් හොයාගන්න නැ වගේ යුංගි කෝට්ටකුත් අතේ තියාගෙන කෙල්ලගේ උඩ ඉදලා යටට බැලුවා oversized t shirt එක නිසා එක උරහිසකින් ටී ශර්ට් එක පැනලා තිබුනා ශෝට් එකෙන් කලවා භාගයක් පමනක් ආවරණය වෙලා තියෙනවා දැක්ක යුංගිට ලේ කෝප වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" හේ හේ හබි.."
සෝයූන් අහිංසක හිනාවක් එක්ක දග පනු උදරාබාධය හැදිලා වගේ ඇබරෙන ගමන් කිව්වා
" හේ හේ හබි.."
යුංගි කෙල්ල කියපු විදියට දත් තිස් දෙකම විරිත්තලා කියලා ආපහු යක්ෂ මූන ආරූඪ කරගත්තා
" වරෙන් යන්න "
යුංගි වටේ හිටපු පිරිමි ලමයි ටික දිහාට දවා අලු කරන බැල්මක් දාලා යන්න හැරුනා
" එහෙනම් කොල්ලනේ නූනා හූනා වෙන්න යන්නේ.."
සෝයූන් නහය උඩට අදින ගමන් කියද්දී එක කොල්ලෙක් ඇවිත් සෝයූන්ගේ කරට අත දාගත්තා
" නූනා බය වෙන්න එපා ගැම්මෙන් යන්න "
" ගැම්මෙන් ගිහින් හොම්බෙන් එන්න වෙන්නේ "
සෝයූන් කිව්වේ ඇස් දෙකත් හීනි කරගෙන
" බය වෙන්න එපා නූනා හියුන්ග් වැඩිය රිද්දන එකක් නැ "
" තොපි මොනාද යකෝ කියන්නේ "
" නූනා දන්නවා නේ අපි මොකද්ද කියන්නේ කියලා "
කුප්ප හිනාවක් දාගෙන පිරිමි ලමයෙක් කියනකොට සෝයූන් ඒ කොල්ලාගේ ඔලුව හිල් වෙන්න ටොක්කක් ඇන්නා
" වයසේ හැටියට තොපේ වැඩ "
" සෝයූන්...."
යුංගි කෑගහනවා ඇහෙනකොට සෝයූන්ගේ මුලු ඇගම සීතල වෙලා ගියා
" Sound එකේ හැටියට නම් මම ලෙෆ්ට්ම තමයි "
" දැන් නූනා ගියොත් හොදයි "
" බායිම් පන පිටින් හිටියොත් නැවත හමුවෙමු "
සෝයූන් එහෙම කියලා එයාගේ දිහා බලාගෙන ඉන්න යුංගි ලගට දුවගෙන ගියා ගෙදරට යනකම් යුංගි එක වචනයක්වත් කතා කලේ නැ කෙල්ල ඇස් කොනින් සැරින් සැරේ යුංගි දිහා බැලුවා ගෙදර එනකොට සෝයූන් නොහිටපු නිසා යුංගි බය වුනා කොල්ලා ඒ නිසා සැකේට වගේ වෙනදා සෝයූන් පිරිමි ලමයි එක්ක සෙල්ලම් කරන තැනට ආවා
ගෙදරට ඇතුල් වුනු ගමන් යුංගි කෙල්ලගේ අතකින් ඇදලා අරගෙන දොරට හේත්තු කරගත්තා සෝයූන්ගේ යුංගිගේ අත් අතරට මැදි වෙලා හිටියේ යුංගිගේ බැල්ම දරාගන්න බැරි තැන කෙල්ල බිම බලාගත්තාම කොල්ලා සෝයූන් ඔලුවේ දාගෙන හිටපු කැප් ගලවලා විසි කරලා කෙල්ලගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා
" තමුසෙට මම කියන දේ තේරෙන්නේ නැද්ද..? කී සැරයක් තමුසෙට කිව්වා ද මෙහෙම ඇදගෙන යන්න එපා කියලා අඩුගානේ මට නොකියා සෙල්ලම් කරන්න යන්න උබ පොඩි එකෙක් කියලා ද හිතාගෙන ඉන්නේ...? තමුසෙට අවුරුදු 21 සෝයූන් පොඩි එකෙක් වගේ වගකීමක් නැතුව වැඩ කරන එක නවත්තගනින් කවදාහරි උබේ හිතුවක්කාර වැඩ හින්දා අපි දෙන්නාටම මැරෙන්න වෙන්නේ "
සෝයූන්ගේ කට දෙපැත්තෙන් තදින් අල්ලපු යුංගි කේන්තියෙන් කියද්දී කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනා යුංගි කෙල්ලගේ කට දෙපැත්තෙන් තදින් අල්ලපු නිසා සෝයූන්ට රිදුනා
" හැම මගුලකටම හොටු පෙරාගෙන අඩන්න විතරයි තමුසේ දන්නේ කියන කිසිදෙයක් කනකට ගන්නේ නැ තමුසෙට ඕන විදියට ඔක්කොම කරනවා මං කියන විදියට උබ ඉන්න බැරි නම් පලයන් යන්න මට කාවවත් බලෙන් මේක පල්ලේ දාගෙන තියාගන්න ඕන නැ උබේ අප්පා උබව හොයනවා අප්පා ගාවට පලයන් ගිහින් පුලුවන් නම් සාක්ෂි එක්කම මාව අල්ලලා දීපන් "
යුංගි කියද්දී සෝයූන් ඇඩූ කදුලින් කොල්ලා දිහා බලාගෙන හිටියා යුංගිගේ වචන කෙල්ලගේ හිත ගොඩක් රිද්දන්න හේතු වුනා යුංගි හිතේ තිබුණු කේන්තිය බැන්නා මිසක් මොනාද කිව්වේ කියලා කොල්ලාට ගානක් තිබුණේ නැ සෝයූන් දගයි එයා සමහර වෙලාවට පොඩි ලමයෙක් වගේ වැඩ කරනවා ඒ එයාට ගොඩක්ම ලග එයා ගොඩක්ම ආදරේ කරන අය ලග විතරයි කෙල්ල හිතුවේ නැ යුංගි මෙච්චර කේන්ති ගනියි කියලා සෝයූන්ට තනියෙන් ඉන්න කම්මැලි නිසා කෙල්ල සෙල්ලම් කරන්න ගියේ
සෝයූන්ට හොදටම බැනපු යුංගි කේන්තියෙන් අත මිට මොලවලා බිත්තියට ගහලා ගියේ සෝයූන්ට ගහන්න බැරි කමට කෙල්ල යුංගි යන දිහා දොරට හේත්තු වෙලා බලාගෙන ඉදියා සෝයූන් කදුලු අතරින් තමන්ටම හිනා වුනා
" එයා හරි සෝයූන්.....තමුන් තාම වැඩ කරන්නේ පොඩි එකෙක් වගේ "
සෝයූන් එයාටම කියාගත්තේ හදවත වේදනාවෙන් රිදුම් දෙද්දී කෙල්ල බිම වැටිලා තිබුණු කැප් එකත් අහුලලා කබඩ් එක උඩින් තියලා කම්බුල් දිගේ කදුලු බිදු කඩාගෙන හැලෙද්දී කිචන් එකට ගියා කිචන් එකේ සින්ක් එකෙන් මූන සෝදගත්ත සෝයූන් කන්න මොනාහරි හදනවා කියලා හිතාගෙන ෆ්‍රිජ් එක ඇරියා තිබුණු එලවලු ටිකකුක් ගත්ත් කෙල්ල කොන්ඩේ උඩට කරලා බන් එකක් ගහගෙන වැඩේට බැස්සා
කෙල්ලට කෑගහලා බාත් රූම් එකට ගියපු යුංගිට හිතුනේ අද කෙල්ලට සැර වුනා වැඩියි කියලා සෝයූන් කොල්ලා එනකොට ගෙදර නැති වුනාම යුංගි බය වුනා කොල්ලාගේ හිතේ තිබුනු බය කේන්තියක් විදියට තමයි පිටවුනේ යුංගි වොෂ් එකක් දාගෙන ආවේ කෙල්ල එක්ක කතා කරනවා හිතාගෙන ඒත් එක්කම කොල්ලාට ඇහුනේ කිචන් එකෙන් බඩු පෙරලන සද්දයක් කොල්ලා ඉක්මනට ඇදුමක් දාගෙන ගියේ කිචන් එක අනිත් පැත්ත ගහන්නේ මොකාද කියලා බලන්න
යුංගි යනකොට සෝයූන් කිචන් එකේ බරටම වැඩ කොල්ලා දෙපාරක් ඇසිපිය ගහලා අතකුත් කොනිත්තලා බැලුවේ දකින්නේ සැබෑවක් ද කියලා ෂුවර් නැති නිසා
" අද මේකි ගෙදරත් ගිනි තියලා මට හොස්පිටල් නවතින්න වෙන්නේ "
යුංගි මුමුනලා සෝයූන්ගේ ලගට ගිහින් කෙල්ලගේ උරහිස උඩින් එබුනා
" මොකද කරන්නේ "
කෙල්ලගේ ලග ඉදන් යුංගි එකපාරට අහපුවාම සෝයූන් ගැස්සිලා ගියා තව පොඩ්ඩෙන් කෙල්ලගේ අතත් කැපෙනවා සෝයූන් මුකුත් නොකියා දිගටම වැඩේ කරගෙන ගියේ යුංගි කියලා කෙනෙක් එතැන නැති ගානට
" හේයි...සෝයූන්...."
සෝයූන්ගේ උරහිසෙන් නිකට තියාගෙන කතා කලත් කෙල්ලගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැ
" කතා කරනවා ඕයි..."
කෙල්ලගේ ඉන වටේ අත් දෙකත් ඔතාගෙන සෝයූන්ගේ බෙල්ලේ නහය ඇතිල්ලුවා
" එහාට වෙන්න පුලුවන් ද.."
සෝයූන් පිහිය පැත්තකින් තියලා කිව්වාම යුංගිට තේරුනා කෙල්ල ඉන්නේ දුකින් කියලා
" මට බැ තමුසේ කරන දෙයක් මම මෙහෙම ඉදිද්දී කරනවා "
කෙල්ල මුකුත් නොකියා ආපහු එලවලු කපන්න පටන් ගත්තේ යුංගිට ඕන දෙයක් කරගන්න දීලා යුංගි එහෙම ඉන්න ගමන් සැරින් සැරේ කෙල්ලගේ බෙල්ල උරහිස් කිස් කලා යුංගිගේ කරදර මැද්දේ සෝයූන් උයලා ඉවර කලා කොල්ලාගේ අත් දෙක ගලවගත්ත කෙල්ල ඔක්කොම භාජන වලට දාල කිචන් එකේ තිබුනු මේසය මතින් තියලා යන්න හදනකොට යුංගි කෙල්ලගේ අතකින් ඇදලා ගත්තා
" සෝයූන්..."
" ඕයි..."
" කතා කරනවා ඕයි "
යුංගි කොච්චර කතා කලත් කෙල්ල උත්තර දුන්නේ නැ
" බබා..."
" මොකද "
යුංගිගෙන් බේරෙන්න බැරි තැන සෝයූන් ඇහුවා
" මියානේ....මට කේන්ති ගියා තමුසේ ගෙදර නැති වෙනකොට ඒකයි කෑගැහුවේ තමුසේ මට නොකියා ගිහින් මොනාහරි වුනා නම් මම මොකද කරන්නේ ම්ම්ම්...තමුසේ පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕන නේද...? "
යුංගි කෙල්ලගේ ඔලුව අතගාන ගමන් සන්සුන් හඩකින් කිව්වාම කෙල්ල යුංගි දිහා බලාගෙන ඉදලා ඔව් කියන්න ඔලුව වැනුවා
" තමුසේ උයන්න ඕන නැ ඉස්සර වගේ ඉන්නවා ඒත් යන තැනක මට කියලා යන්න පුරුදු වෙනවා යන්න එපා කිව්වොත් යන්න එපා තමුසෙගේ හොදට නේ කියන්නේ "
" මට දුක හිතුනා ඉතිම්..."
සෝයූන් කිව්වාම කොල්ලා සෝයූන්ගේ කම්බුලක් මිරිකුවා
" හුරතලේ....වරෙන් කන්න....කොයිඑකටත් බෙහෙත් ටිකක් අරගෙන ආවා නම් හොදයි "
යුංගි කිව්වාම සෝයූන් කෑගහන ගමන් කොල්ලාගේ අතට ගැහුවා දෙන්නා එක්ක කාලා ඉවර වුනා සෝයූන් වාඩිවෙලා හිටියේ යුංගිගේ උකුලේ කොල්ලාගේ වැඩේ සැරින් සැරේ සෝයූන්ව කිස් කරන එක
" මොකද්ද අලේ කරන්නේ "
සෝයූන් උරහිස් අකුලන ගමන් ඇහුවාම කෙල්ලව හරවගෙන සෝයූන්ගේ තොල් වලට බර වුනා යුංගි ඇස් පියාගෙන කෙල්ලව සැහැල්ලුවෙන් සිපගන්නවා සෝයූන් කොල්ලාගේ සිප ගැනීමට අවනත වෙමින් යුංගිගේ බෙල්ල වටේ අත් ඔතාගත්තා සෝයූන්ගේ නිරාවරණය වුනු thighs අතගාන ගමන් අනිත් අත කෙල්ලගේ ඉන වටේ යවලා යුංගි තමන්ගේ ඇගට තද කරගත්තා සෝයූන්ගේ ඉන වටේ එතිලා තිබුණු යුංගිගේ අත කෙල්ලගේ පිට දිගේ උඩට අරගෙන ඇවිත් කොන්ඩේ උඩට කරලා ගහගෙන ඉදපු බන් එක ලිහලා දැම්මා යුංගිගේ හැගීම් ඇවිස්සෙද්දී කෙල්ලගේ තොල් වලින් ඈත් වෙලා සෝයූන්ගේ මූන දිහා බැලුවා කෙල්ල වේගෙන් හුස්ම ගන්න ගමන් අඩවන් වුනු ඇස් වලින් යුංගි දිහා බලාගෙන හිටියා
" Can you be mine my love..?"
සෝයූන්ගේ කන් පෙත්ත දිවෙන් තෙත් කරන ගමන් හස්කි වොයිස් එකකින් යුංගි මිමිනුවා
" yes.."
To be continue.................♡︎
ඉතුරු ටික ඕනිද එපාද
අපිට 17 එක්සෑම් පටන් ගන්නවා ලමයි ඒ නිසා ලබන සතියේ අප්ඩේට් දෙන්න බැරි වෙයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top