匚卄卂卩ㄒ乇尺 33🐾
සුවදායි නින්දකට පස්සේ සෝයූන් ඇහැරුනේ ඇහුනු සද්ද බද්ද නිසා කෙල්ල ඇස් පොඩි කරන ගමන් කම්මැලිකමේ ඇස් ඇරියා ජින්ගේ කන් කලු වෙන වොයිස් එක ඇහෙනකොට කෙල්ල කෙදිරිගාන ගමන් කොල්ලාට තුරුල් වුනා කෙල්ල ආපහු නිදාගන්න හැදුවත් ජින්ගේ වොයිස් එකේ ප්‍රබලත්වය නිසා නිදාගන්න පුලුවන් වුනේ නැ කෙල්ල ඔලුව උස්සලා බලනකොට යුංගි නම් හොදටම නිදි කොල්ලාට බෝම්බයක් ගැහුවත් දන්නේ නැ එයා නිදි
මේකා පූසෙක්ම තමයි පුදුම නින්දක් නේ මේකාව උස්සගෙන ගියත් දන්නේ නැ
සෝයූන් නිදාගෙන ඉන්න කොල්ලා දිහා බලාගෙන හිතුවා කෙල්ල ටිකක් ඉස්සිලා යුංගි දිහා බලාගෙන හිටියේ සමවැදිලා වගේ යුංගිගේ නලලට වැටිලා තිබුණු ඝන කලු පැහැති කොන්ඩය ඇගිලි තුඩු වලින් එහෙ මෙහෙ කරපු කෙල්ල යුංගිගේ නලල මතින් කිස් එකක් තිබ්බා
" කිටියෝ.......මට රිදෙනවා...ගොඩක්....මට..මට ලොකු අසරණකමක් දැනෙනවා මම කවදාවත් හිතුවේ නැ අප්පා...මාව මෙච්චර අසරණ කරයි කියලා.....මම කොහොමද දෙවියනේ... ඔයා හරි අප්පා හරි දෙන්නගෙන් එක් කෙනෙක් තෝරගන්නේ.... ඔය දෙන්නාම මගේ ජීවිතේ වටිනම අය.... මට අප්පාට පිටුපාන්නත් බැ මම කවදාවත් අප්පාගේ තීරණයකට පිටින් වැඩ කරලා නැ යුංගියා...."
සෝයූන් කියද්දී යුංගි බ්ලැන්කට් එක තදින් අල්ලගත්තා යුංගි ඇහැරිලා හිටියේ සෝයූන්ගේ ඇගිලි තුඩු කොල්ලාගේ නලලේ වදිනකොට කොල්ලාට ඇහැරුනා ඒත් යුංගි මුකුත් නොකර හිටියේ කෙල්ල මොනාද කරන්නේ කියලා බලන්න
" මට සමාවෙන්න...කිටියෝ....
අනේහ්...
මට.. මට...වෙන කරන්න දෙයක් නැ...මට අප්පාගේ තීරණයකට විරුද්ධ වෙන්න බැ ප්ලීස්.... ඔයාවත් මාව තේරුම් ගන්න යුංගියා... මම දන්නවා ඔයා මාව තේරුම් ගනියි...
මට ආදරේ කලාට
මාව පරිස්සම් කලාට
මම දුකින් ඉදිද්දී සැනසුවාට වැටුනු තැන්වලදී මට හයියක් වෙලා මගේ ලගින් හිටියාට
මාව සතුටින් තිබ්බාට
ඔයාට ගොඩක් ස්තූතියි..
මගේ හිතේ ඔයා වෙනුවෙන් තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැ ඔයාට වගේ මේ ලෝකේ කාටවත් මට ඕන ආදරේ දෙන්න බැ යුංගියා...
මට ඔයාව ගොඩක් මතක් වෙයි..."
කෙල්ලට තවත් කතා කරන්න ශක්තියක් ඉතුරු වෙලා තිබුණේ නැ කෙල්ල හොදටම අඩන්න පටන් ගත්තා සෝයූන් අඩන සද්දේ ඇහිලා කොල්ලා ඇස් ඇරියා යුංගි කෙල්ල කියපු හැමදේම අහගෙන හිටියා
" තමුසේ අඩනවා ද "
යුංගිගේ කටහඬ ඇහිලා සෝයූන් ගැස්සිලා ගියා කෙල්ල ඉක්මනට කදුලු පිහිදගෙන කොල්ලා දිහා හිනාවක් එක්ක බැලුවා යුංගි නැගිටින්න හදනකොට සෝයූන් කොල්ලාව නැගිට්ටවලා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා
" තමුසේ මොකටද ඕයි අඩන්නේ...? හැමදේටම අඩනවා මම ඉදලා ඉදලා සෙට් කරගත්තේ නර්සරි යන ලමයෙක් ද කියලා සැකයි "
යුංගි වෙනසක් නොපෙන්වා සාමාන්‍ය විදියට කතා කලා කොල්ලා හැසිරුනේ කිසිදෙයක් ගැන නොදන්නා ගානට
" මුකුත් නොදන්නවා වගේ හැසිරෙන්න එපා යුංගි...ඔයා කොහොමද ඔහොම ඉන්නේ..."
යුංගිගේ හැසිරීම තවත් දරාගන්න බැරී වුනු සෝයූන් කෑගහලා ඇහුවා යුංගි අඩන කෙල්ල දිහා බලාගෙන ඉදලා සෝයූන්ව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා කොල්ලාගේ තුවාල ඇදුම් දුන්නාත් ඊට වඩා කොල්ලාගේ හිත වේදනාවෙන් පිරිලා තිබුනා සෝයූන් යුංගිගේ පපුවට තුරුල් වෙලා හොදටම අඩනවා යුංගිගේ ඇස් වලත් කදුලු පිරිලා තිබුනා
" මම මොනාද කියන්න ඕන ම්ම්ම්....තමුසේ තීරණයක් අරගෙන ඉවරයි මම තමුසෙට වරදක් කියන්නේ නැ තමුසේ ගත්තේ හරි තීරනේ..."
යුංගි කියද්දී කෙල්ල ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා
" තමුසෙව මෙච්චර කාලයක් හැදුවේ මිස්ටර් පාර්ක් තමුසේ එදා හොස්පිටල් එකේ හිටපු වෙලාවේ මිස්ටර් පාර්ක් තමුසෙව බලාගන්න තමුසෙව ජීවත් කරන්න කොච්චර දුකක් වින්දා ද කියලා මට කිව්වා පරිස්සම් කරලා ලස්සනට මලක් වගේ හදපු දුවව මං වගේ එකෙක්ට දෙන්න මිස්ටර් පාර්ක් කැමති වෙන්නේ නැ සෝයූන්....තමුසෙට ලැබෙන්න ඕන ඔම්මාගේ ආදරය උනුසුම නොලැබුනේ මගේ අප්පා හින්දා මම දන්නවා මිසිස් සේහා ලගින් තමුසෙට ඕන කරපු ආදරය ලැබුනු නැ කියලා...
මිස්ටර් පාර්ක් එයාගේ මුලු ජීවිතේම කැප කලේ තමුසේ වෙනුවෙන් සෝයූන් ඒ හිත රිද්දන්න එපා ඒ වෙනුවෙන් තමුසෙට මාව අමතක කරන්න වෙනවා නම් ඒක කරන්න මම කවදාවත් තමුසෙට වැරැද්දක් කියන්නේ නැ "
" කිටියෝ...."
සෝයූන් කවදාවත් හිතුවේ නැ යුංගි මෙහෙම කතා කරයි කියලා කෙල්ල දිහා නොබලා ඉස්සරහ බලාගෙන කතා කරන කොල්ලාගේ කම්බුලකින් අතක් තියලා එයාගේ පැත්තට හරවගත්තා
" තමුසෙගේ අප්පා මට වඩා තමුසෙට ගැලපෙන තමුසෙට ආදරේ කරන කෙනෙක් හොයලා දෙයි එදාට....."
යුංගිට තවත් වචනයක්වත් කියන්න ඉඩ නොතියා සෝයූන් කොල්ලාගේ තොල් වලින් අල්ලගත්තා සෝයූන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතක් යැව්වා යුංගි ටික වෙලාවක් යනකම් කිස් එකට ප්‍රතිචාරයක් දැක්කුවේ නැ ඒ නිසා සෝයූන් කොල්ලාගේ තොල් වලින් ඈත් වෙන්න හදපු නිසා යුංගි කෙල්ලගේ බෙල්ල පිටිපස්සෙන් අතක් යවලා සෝයූන්ගේ තොල් අල්ලගත්තා යුංගි කෙල්ලගේ තොල් දිවෙන් තෙත් කරන්න ගත්තා සෝයූන්ගේ ඇස් අග කදුලු බිදු කම්බුල් දිගේ ගලාගෙන යන්න නලියනවා
සෝයූන් හිටියේ කොල්ලාගේ උනුසුම් හාදුවට අවනත වෙලා ඒ උනුසුම ඒ ස්පර්ශය ඒ ආදනීය සිපගැනීම අතහරින්න කෙල්ලට ලෝභ හිතුනා තව තත්පරයක් හෝ ඒ උනුසුමට ගුලි වෙන්න විතරයි සෝයූන්ට ඕන වුනා විනාඩි කිහිපයකට පස්සේ යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වුනා සෝයූන්ගේ තොල් ඉදිමිලා තිබුනා යුංගි කෙල්ලගේ පිරුනු කම්බුල් ලෝභකමින් පිරිමැද්දා
එතකොට මේක ද අවසානය....?
යුංගි එයාගේ අතට මුහුන බර කරගෙන පුංචි පූස් පැටියෙක් වගේ ඉන්න සෝයූන් දිහා බලාගෙන හිතුවා යුංගිට ලෝභයි එයාගේ තුරුලේ ඉන්න කෙල්ලව අතහරින්න යුංගි මාෆියාවට සම්බන්ධ වුනු එක ගැන ජීවිතේ පලවෙනි වතාවට පසුතැවුනා
" කුමාවෝ......
අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආවාට...
අදුර රජ කරපු මගේ ජීවිතේ ඔය හිනාවෙන් එලිය කරාට...
මට ආදරේ කලාට..
වෙලාවකට ඔම්මා කෙනෙක් වගේ උපදෙස් දුන්නාට...
මගේ ජීවිතේට ලස්සන මතක ගොඩක් ඉතුරු කලාට...
තමුසෙට ස්තූතියි.."
සෝයූන්ගේ නලලට නලල තියාගෙන යුංගි මුමුනනකොට කෙල්ල ඇස් පියාගෙන අහගෙන හිටියා යුංගි කෙල්ලගේ මුහුනේ අගල් නෑර සිපගත්තා
" මගේ කිටියෝ......
ඔයාව මම ඉස්සෙල්ලාම දැක්කේ සේ සේ නිසා
ඊට පස්සේ ජින් ඔප්පා නිසා...එදා මගේ දිහා බැලුවෙත් නැ අලි ඔලුවෙන් හිටියේ දැන් කියලා වෙනසක් නැ හැබැයි චාල්ස් කුමාරයා කියලා හිතාගෙන ඉන්නේ ආව්...කොනිත්තන්න එපා "
සෝයූන් කියද්දී යුංගි කෙල්ලගේ ඉන කෙනිත්තුවේ සෝයූන් කොල්ලාගේ අතකට ගැහුවා
" අන්තිමේ දී චාල්ස් කුමාරයා යුනි එකට ආවා මගේ professor ත් වුනා මගේ ෆස්ට් කිස් එක හොරකම් කරපු හොරාත් වුනා මගේ බෝයිෆෙන්ඩ් වුනා මගේ හස්බනුත් වෙයි කවදාහරි දවසක "
කෙල්ල අන්තිම ටික සිහින් හඩකින් කිව්වා
" කොයිවෙලෙත් කේන්ති ගන්න එපා වෙලාවට කන්න බොන්න කරන දෙයක් පරිස්සමින් කරන්න තුවාල කරගන්න එපා මේ තුවාල හොදවෙනකම් කොහෙවත් යන්න එපා සිගරට් බොන්න එපා ඒක ඔයාගේ හෙල්ත් එකට ඒ තරම් හොද නැ I Love You MR.Kitty.."
සෝයූන් කොල්ලාගේ කම්බුල් වලට අත් තියලා ඉස්සිලා කොල්ලාගේ නලලට කිස් එකක් දුන්නා යුංගිගේ පියවිලා තිබුණු ඇස් මතින් පුංචි හාදුවක් තැවරුවා
" තමුසේ පන්ඩිත වැඩ කරලා අහුවෙන්න එපා ගහනවා කන පැලෙන්න පන්ඩිත හැල්මොනි "
" මම යන්න ද....?"
" තමුසෙට යන්න දෙන්න හිතෙන්නේ නැ "
යුංගි කෙල්ලගේ අතක් අල්ලාගෙන කිව්වා
" මට යන්න වෙනවා "
සෝයූන් කොල්ලාගේ අතින් එයාගේ අත මුදවගෙන කිව්වා සෝයූන් ඇදෙන් නැගිටලා යන්න හදද්දී යුංගි කෙල්ලගේ අතින් අල්ලගත්තා කොල්ලාට සෝයූන්ට යන්න දෙන්න වුවමනා වුනේ නැ කොල්ලා සෝයූන්ගේ අත එයාගේ අතින් අතහැරිලා යන දිහා බලාගෙන හිටියා සෝයූන් එයාගේ රූම් එකෙන් එලියට ගිහින් දොර වැහෙන දිහා බලාගෙන ඉදපු යුංගි එහෙම්ම ඇදට බර වෙලා ඇස් පියාගත්තා
මේ කතාව මෙතනින් ඉවරයි ද...?
" ලියොන් මිස්ව පරිස්සමින් ගෙදරට drop කරපන්.."
යුංගි ලියෝන්ට කෝල් එකක් අරගෙන එහෙම කියලා ඇදෙන් බැස්සේ තුවාල ඇදුම් දෙද්දී ඊට වඩා කොල්ලාගේ හිත වේදනාවෙන් රිදුම් දෙමින් තිබුනා කොල්ලා ග්ලාස් වෝල් එක ලගට ගිහින් බලාගෙන හිටියේ garden එක මැදින් ඇවිදගෙන යන කෙල්ල දිහා සෝයූන් එක සැරයක් හැරිලා mansion එක දිහා බැලුවා ඒත් කෙල්ල දැක්කේ නැ යුංගි බලාගෙන ඉන්නවා
" යුංගි......"
සෝයූන් දිහා බලාගෙන හිටපු කොල්ලා ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුනු ජින්ගේ කටහඬ නිසා
" ම්ම්ම්....."
" සෝයූන් අඩාගෙන ගියේ මොකද.....? "
ජින් ඇහුවාම යුංගි ඇස් පියාගත්තා
" හැමදේම ඉවරයි හියුන්ග් හැමදේම "
" යුංගියා...."
ජින් කොල්ලාගේ උරහිසෙන් අත තිබ්බාම යුංගි ජින් දිහා බැලුවේ හැගීම් රහිත ඇස් වලින්
" එයා ගියා හියුන්ග්.......මම එයාට වරදක් කියන්නේ නැ හියුන්ග් සෝයූන් අප්පාට කීකරුව හැදුනු කෙල්ලෙක් එයා කවදාවත් අප්පාගේ තීරණයට පිටින් යන්නේ නැ සෝයූන් මේ ප්‍රශ්න නිසා ලොකු වේදනාවකින් ඉන්නේ මගේ කෙල්ල අඩලා අඩලා ගියේ හියුන්ග්.... මට බයයි එයා අසනීප වෙයි කියලා "
යුංගි කියද්දී ජින් කොල්ලාගේ හැසිරීම නිරික්ෂණය කලා
" මේ ඉන්නේ මෙහේ එනකොට හිටපු මින් යුංගි නෙවෙයි "
ජින් කිව්වාම යුංගි යාන්තම් හිනා වුනා
" එයා මාව වෙනස් කලා හියුන්ග්....එයාගේ ආදරේ මාව වෙනස් කලා.."
යුංගි කෙමෙන් කෙමෙන් අදුරු වෙන අහස දිහා බලාගෙන කිව්වා
" ම්ම්ම්....මම උබට කලින්ම මේ ගැන කිව්වා යුංගියා උබ කවුද කියලා දැනගත්ත දවසට මිස්ටර් පාර්ක් මේකට කැමති වෙන්නේ නැ කියලා මම කිව්ව දේ අහලා උබලා දෙපැත්තට වුනා නම් අද උබලා දෙන්නා මෙහෙම විදවන්නේ නැ උබ මගේ මල්ලී සෝයූන් මගේ නංගි උබලා දෙන්නාම මගේ උන් උබලා මෙහෙම විදවනවා බලාගෙන ඉන්න බැ මට "
ජින් කිව්වේ යුංගි දිහා බලලා අහස දිහා බලන ගමන්
" දන්නවා ද හියුන්ග් මම සෝයූන්ව ඉස්සෙල්ලාම දැක්කේ කොරියාවට ආපු මුල්ම දවසෙමයි "
" මොහ්..?"
ජින් පුදුමෙන් යුංගි දිහා බැලුවේ මෙච්චර දවස්ක් යනකම් එහෙම දෙයක් යුංගි කියලා තිබුණේ නැති නිසා
" ම්ම්ම්....මම ආපු කා එක ඉස්සරහට පැන්නා එයාගේ පූසා පාරට පැනපු නිසා එදා තමයි මම ඉස්සිල්ලාම ඒ ඇස් දැක්කේ පූසත් අතේ තියාගෙන දිලිසෙන ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියා
දෙවැනි දවසේ එදා රෑ සෝයූන්ව හම්බුනේ මම හියුන්ග්ට කිව්වේ කෙල්ල එදා කටර් එකක් වගේ කියවපු විදියට මට හිතුනා මැරි කරන කොල්ලාට වැඩි කාලයක් යන්න කලින් කන් දෙකක් බද්ධ කරන්න වෙයි කියලා
යුනි එකට එයාගේ professor විදියට ගියාම තමයි සෝයූන් කියන්නේ කවුද කියලා හරියටම දැනගත්තේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් පිස්සු නසරානි මුරන්ඩු දග මල්ලක් කියන ඕන දේකට එයාට කියන්න දේවල් තියෙනවා
සෝයූන්ට ලං වුනු එකට මම කවදාවත් පසුතැවෙන්නේ නැ හියුන්ග්..."
" ඔයාලා හම්බනොවුනා නම් මම එදා ඔය දෙන්නාව අදුන්වලා නොදුන්නා නම් මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා එහෙනම් අදටත් උබලා සතුටින් "
" අනියා හියුන්ග්.....ඔයා වැරදියි අපි හම්බනොවුනා නම් මතක් කරලා හිනා වෙන්නවත් ලස්සන මතක අපේ ජීවිත වල ඉතුරු නොවේවි...මගේ ජීවිතේ ආදරේ කියන දේ හිස්තැනක් විදියට තියේවි...ආදරේ කියන සුන්දර හැගීම විදින්නේ නැතුවම මගේ ජීවිතේ ගෙවිලා යයි හියුන්ග්...ඒ නිසා අපි හම්බනොවුනා නම් හොදයි කියලා හිතන්න එපා දවසක් ඒවි මේ හැමදේම විසදලා කාගෙවත් බාධාවක් නැතුව අපිට එකට එක වහලක් යට ඉන්න පුලුවන් ඒ දවස උදා වෙනකම් මම බලාගෙන ඉන්නවා "
" එහෙම දවසක් උදා නොවුනොත්.....?"
ජින් ඇහුවාම කොල්ලා ජින් දිහා බලලා වේදනාවෙන් හුස්මක් පහත හෙලුවා
" අපි අපේ මතක එක්ක ජීවත් වේවි හියුන්ග් "
යුංගි කිව්වාම ජින් කොල්ලා දිහා බලාගෙන ඉදලා යුංගිගේ ඔලුව අතගාලා රූම් එකේ දොරත් වහගෙන ගියා හිමින් ඇදහැලෙන වැහි බිදු දිහා යුංගි බලාගෙන හිටියා ටික වෙලාවක් යනකොට එක දෙක ඇද හැලුනු වැහි බිදු මහා වර්ෂාවක් බවට පරිවර්තනය වුනා
" ආයේ ඔය මූන ඔය හිනාව තමුසෙගේ දග වැඩ දකින්න නොලැබුණත් මැරෙනකම් තමුසෙට ආදරෙයි සෝයූන් "
යුංගි ඇදහැලෙන මහ වර්ෂාව දිහා බලාගෙන මිමිනුවා....
.
.
හොදටම අඩපු කෙල්ල ශිට් එකට හේත්තු වෙලා ඇද හැලෙන වර්ෂාව දිහා බලාගෙන හිටියා ලියොන් සෝයූන් දිහා බලාගෙන හිටියේ දුකින් ඊට වඩා එයාගේ බොස් ගැන දුකකින් හිටියේ යුංගිගේ ලගින්ම හිටපු යුංගි වෙනුවෙන් පන දෙන්න වුනත් දෙපාරක් නොහිතන කෙනෙක් තමයි ලියොන් කියන්නේ ලියොන් යුංගි ගැන හොදට දන්නවා සෝයූන් එක්ක හිටපු දවස්වල යුංගි කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටියා ද කියලා ලියොන් දන්නවා ලියොන් යුංගිගේ මූනේ හිනාවක් දැක්කේ සෝයූන් හම්බුනාට පස්සේ
යුංගි ටික ටික mafia world එකෙන් ඈත් වෙන්න පටන් ගත්තේ සෝයූන් නිසා කොල්ලාට හැමදේම අතහැරලා සෝයූන් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕන වුනා සෝයූන් නිසා යුංගි වෙනස් වුනා එහෙම වෙනස් වුනු යුංගි ආපහු කලින් හිටපු දරුනු මාෆියා බොස් වෙයි කියලා ලියොන්ගේ හිත කිව්වා මාෆියා වැඩ වලදී යුංගි කොච්චර දරුනු ද කියන්න ලියොන් දන්නවා
ගෙවුණු මාස කිහිපයට අපි ගොඩක් ලං වුනා එකිනෙකා නැතුව ඉන්න බැරි තරමට අපි ලං වුනා
අපි කොච්චර ආදරේ කලා ද...?
අපි එකට හිනා වෙලා සතුටින් හිටියා ද...?
අපි පුංචි දෙයක් අල්ලාගෙන කොච්චර රන්ඩු වුනා ද...?
ඒ මතක හරි ලස්සනයි ඉස්සරහට මොනවා වෙයි ද කියන්න මම දන්නේ නැ ඒත් එක දෙයක් විශ්වාසයි මගේ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්නේ ඔයාට විතරයි කිටියෝ ඒක වෙනසක් වෙන්නේ නැ
ආයෙත් ඔයාව දකින්න ලැබෙයි ද කියන්න දන්නේ නැ හැමදාම ඔයා මගේ හදවතේ ජීවත් වෙයි
මම ඔයාට ආදරෙයි කිටියෝ....
සෝයූන් යුංගි එයාට තෑගි කරපු මාලේ අල්ලන ගමන් හිතුවා අඩලා අඩලාම ඒ ඇස් වල තවත් කදුලු ඉතුරු වෙලා තිබුණේ නැ කෙල්ලගේ ඇස් ඉදිමිලා වෙනදා ඒ ඇස් වල තිබුණු දීප්තිමත් බව තවත් තිබුණේ නැ කොයිවෙලෙත් හිනාවෙන් පිරිලා තිබුණු මූන මැලවිලා ගිහින කෙල්ල ශිට් එකට ඔලුව හේත්තු කරගත්තා ඇස් පියාගත්තා
" මිස්... අපි ආවා "
තාමත් ඇස් පියාගෙන ඉන්න කෙල්ලට ලියොන් කිව්වා ලියොන්ගේ හඩින් ඇස් ඇරපු සෝයූන් ශටර් එකෙන් පේන නිවස දිහා බැලුවා එතකොට කෙල්ලට තේරුනා එයා ඉන්නේ ගෙදර ඉස්සරහ කියලා සෝයූන් කා එකේ දොර අරින්න ගිහින් ආපහු ලියොන් දිහා බැලුවේ දෙයක් කියන්න තියෙනවා වගේ
" ලියොන්.......යුංගිව පරිස්සම් කරන්න එයාට ක්ලබ් යන්න දෙන්න එපා සිගරට් බොන්න දෙන්න එපා කෑගහගෙන මොනාහරි කියාගෙන ආවොත් කියන්න මම කිව්වේ කියලා එයාට underworld එකෙන් අයින් වෙන්න කියන්න බැ මම දන්නවා underworld එකට ආවා වගේ නෙවෙයි ඒකෙන් අයින් වෙන්න අමාරුයි කියලා ඒකයි මම යුංගිට මුකුත් නොකිව්වේ මේක මම ලියොන්ගෙන් ඉල්ලන අන්තිම ඉල්ලීම එයාට හොදවෙනකම් කොහෙවත් යන්න දෙන්න එපා ඔයාත් පරිස්සම් ඉන්න ලියොන් මෙච්චර දවසක් කරපු හැම උදව්වකටම කුමාවෝ....."
සෝයූන් පුංචි හිනාවකින් ලියොන්ට සංග්‍රහ කරමින් කිව්වා ලියොන් කෙල්ල එක්ක හිනා වුනාම සෝයූන් කා එකෙන් බැහැලා ගේට්ටුව ඇරගෙන ඇවිදගෙන ගියා කෙල්ල ඇවිදගෙන ගියේ මේ ලෝකේ සිහියකින් නෙවෙයි යුංගි එක්ක ගෙවුණු මොහොතවල් කෙල්ලගේ මනසේ හොල්මනක් කලා
ටික ටික ගෙදර දොර ලගට ඇවිදගෙන ආපු කෙල්ල වෙව්ලන අතින් දොරේ හැඩල් එකට තිබ්බා කෙල්ල හිමින් ඇරයේ ටික වෙලාවක් ඉදලා ගෙට ඇතුල් වුනු සෝයූන් හිමින් දොර වැහුවේ පුංචි හෝ සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න සෝයූන් බිම බලාගෙන living room එක පහුකරගෙන රූම් එකට යන්න හැදුවත් නැවතුනේ අප්පාගේ කටහඬ ඇහුනු නිසා
" ෆෝන් එක මෙතනින් තියලා යන්න පුලුවන් "
මිස්ටර් පාර්ක් කිව්වාම කෙල්ල මුකුත් නොකියා මිස්ටර් පාර්ක්ගේ ඉස්සරහින් කෙල්ලගේ ෆෝන් එක තියලා යන්න හැදුවා
" ඔය necklace එක කොහෙන් ද "
මිස්ටර් පාර්ක් අත් දෙක බැදගෙන ඇහිබමක් උස්සගෙන අහනකොට සෝයූන් මාලේ අල්ලගත්තා
" අප්පා...."
" අරු ද දුන්නේ...ම්ම්ම්.."
කෙල්ල නැ කියන්න ඔලුව දෙපැත්තට වනලා මිස්ටර් පාර්ක්ගේ බැල්ම දැකපු කෙල්ල ආපහු ඔව් කියන්න ඔලුව වැනුවා සෝයූන් අත් දෙකින්ම මාලේ අල්ලගත්තා
" ඕකත් ගලවලා තියලා යන්න පුලුවන් "
මිස්ටර් පාර්ක් එහෙම කිව්වාම සෝයූන් බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" මම එකසැරයක් කිව්වා සෝයූන් මාව කේන්ති ගස්සන්නේ නැතුව මාලේ ගලවලා තියලා යන්න "
" අ..ප්..පා... අනේහ්.... මේක විතරයි මට යුංගිව මතක් වෙන්න තියෙන්නේ...අනේ මේක නම් දෙන්න බැ මට මේක ගොඩක් වටිනවා.."
" ඒක නිසා තමයි කියන්නේ ඔය මාලේ ගලවන්න කියලා ඕක ලග තියෙනකොට යුංගිව අමතක කරන්නේ කොහොමද...? "
" අප්පා....මට එයාව අමතක කරන්න ඕන නැ මට මේ මාලේ දෙන්න බැ අප්පා කිව්ව විදියට අපි breakup වුනා "
අලුත් වෙන කදුලු බිදු එක්ක කෙල්ල මිමිනුවා
" breakup වුනා නම් තවත් මොකටද ඒ මනුස්සයා දීපු දේවල් තියාගෙන ඉන්නේ "
මිස්ටර් පාර්ක් කෙල්ල දිහා රවාගෙන ඇහුවා මිස්ටර් පාර්ක් කිසිදු තෙතමනයක් නැතුව කතා කරන්න ගනිද්දී සෝයූන් තවත් අසරණ වුනා
" අප්පා....චේබල්....මම අප්පා කියන ඕන දෙයක් කරන්නම්..ඒත් මේක ගලවන්න නම් කියන්න එපා මම වැදලා ඉල්ලන්නම් අප්පා... අනෙහ්..."
සෝයූන් අත් දෙක එකතු කරලා වැදගෙන මිස්ටර් පාර්ක්ගෙන් ඉල්ලුවා තමන්ගේ ඉස්සරහ අඩමින් වැද වැටිලා ඉන්න කෙල්ල දිහා මිස්ටර් පාර්ක්ට තවත් බලාගෙන ඉන්න පුලුවන් වුනේ නැ
" ම්ම්ම්....යන්න.."
කෙල්ල දිහා නොබලාම මිස්ටර් පාර්ක් කිව්වාම සෝයූන් ඔලුව උස්සලා බැලුවා
" මගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මනට යන්න "
" කුමාවෝ අප්පා "
මිස්ටර් පාර්ක්ට ස්තූති කරපු කෙල්ල ඉක්මනට පඩිපෙළ නැගගෙන රූම් එකට ගියේ මිස්ටර් පාර්ක් ඒ දිහා වේදනාවෙන් බලාගෙන ඉදිද්දී
" මට මෙච්චර නපුරු වෙන්න ඕන වුනේ පැටියෝ....ඔයා මුරන්ඩු වෙන්න වෙන්න මට නපුරු වෙන්න වෙනවා මේ හැමදේම කරන්නේ ඔයාගෙම හොදට මගේ මැනික "
මිස්ටර් පාර්ක් මිමිනුවා සෝයූන්ට මෙච්චර නපුරු වෙන්න මිස්ටර් පාර්ක්ට ඕන වුනේ නැ සෝයූන්ව යුංගිගෙන් ඈත් කරන්න මිස්ටර් පාර්ක්ට නපුරු වෙන්න සිද්ධ වුනා මිස්ටර් පාර්ක් කෙල්ලට කෑගහලා බනිනකොට සෝයූන්ට වඩා රිදුනේ මිස්ටර් පාර්ක්ට සෝයූන් මිස්ටර් පාර්ක් ලග දනින් වැටිලා අඩනකොට මිස්ටර් පාර්ක්ට ලොකු දුකක් දැනුනා ඒ නිසායි මිස්ටර් පාර්ක් කෙල්ලට යන්න කිව්වේ
අදුර වැටීගෙන එනකොට සෝල් නගරයේ විදුලි බුබුලු එකින් එක ආලෝකමත් වුනා අහස උසට නැගුණු විශාල ගොඩනැගිලි වල විදුලි බුබුලු දැල්වුනා
සෝයූන් වොෂ් එකක් දාගෙන බැල්කනියට වෙලා තරු වලින් පිරිලා තියෙන අහස දිහා බලාගෙන හිටියා සීතල සුලං රැලි හමාගෙන යද්දී කෙල්ලගේ කොන්ඩේ අවුල් වුනා සෝයූන්ගේ කම්බුල් වල තාමත් කදුලු බිදු රැදිලා තිබුණේ ඒ හිතේ තියෙන වේදනාව කොතරම් ද කියන්න වගේ
" ඔන්නි..."
පිටිපස්සෙන් ඇහුනු පුංචි කටහඩක් නිසා සෝයූන් ඉක්මනට කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදගත්තා කෙල්ල බැල්කනියේ අත්වැටට එක අතක් තියාගෙන පිටිපස්ස හැරිලා බැලුවා සෝයූන්ගේ නැගනිය වුනු ජීවූ බැල්කනිය දොරෙන් ඔලුව දාගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
" මොනාද ඔතනට වෙලා කරන්නේ...? මෙහේ වර "
සෝයූන් එහෙම කියලා ඉස්සරහට හැරිලා බැල්කනියේ අත්වැට මතින් අත් දෙක තියාගත්තා ජීවූ එයාගේ ඔන්නි දිහා බලාගෙන ඇවිත් බැල්කනියේ සෝයූන් ලගින් හිටගෙන කෙල්ල දිහා බලාගෙන ඉදියා සෝයූන් අහස දිහා බලාගෙන හිටියා මිසක් මුකුත් කතා කලේ නැ
" ඔන්නි ඇඩුවා ද..?"
ජීවූ කෙල්ල දිහා බලාගෙන ඇහුවා
" අඩනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැ ජීවූයා "
සෝයූන් අහස දිහා බලාගෙන කිව්වා
" ඔන්නි ඔහොම ඉන්නවා දකිනකොට මට ගොඩක් දුකයි.."
ජීවූ බැල්කනියේ අත්වැට මතින් අත් තියාගෙන රාත්‍රි කාලයේ විදුලි බුබුලු වලින් ආලෝකමත් වුනු නගරය දිහා බලාගෙන කිව්වා
" මං ගැන හිතන්න කාලය නාස්ති කරන්න එපා ජීවූයා ඔයාට ඊට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා ස්කූල් එකේ අවසාන එක්සෑම් එකට රෙඩි වෙන්න ඒකට අවධානය යොමු කරන්න "
සෝයූන් ඇස් පියාගෙන කිව්වා
" ඒත් ඔන්නි....."
" සූබින් ගැන අප්පාට කියන්න "
සෝයූන් එකපාරට කිව්වාම ජීවූ ඇස් දොඹ ගෙඩි සයිස් කරගෙන කෙල්ල දිහා බැලුවා ජීවූ කොහොමටවත් හිතුවේ නැ සෝයූන් එකපාරට මෙහෙම දෙයක් කියයි කියලා
" ඔන්නි...."
" හංගන්න හදන්න එපා ජීවූයා අප්පාට හැමදේම කියලා සූබින්ව එක්කගෙන එන්න අප්පාව මීට් වෙන්න "
",ඒත් එකපාරටම ඔන්නි එහෙම කිව්වේ ඇයි "
මෙච්චර වෙලා අහස දිහා බලාගෙන ඉදපු සෝයූන් පුදුමෙන් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න ජීවූ දිහා කෙල්ල බැලුවා
" මට වුනු දේ වෙන්න ඕන නැති නිසා..."
",සූබින් මැරයෙක් නෙවෙයි ඔන්නි අප්පා අකමැති වෙන්න "
ජීවූ කේන්තියෙන් වගේ කිව්වාම සෝයූන් මුකුත් කිව්වේ නැ ජීවූ දිහා බලාගෙන හිටියා
" ඔන්නි...මම..ඒක.."
" ඔයත් කියන්නේ එයා මැරයෙක් කියලා ද ජීවූ...හැමෝම හිතන්නේ එහෙම තමයි ඒත් මට මැරයෙක් නෙවෙයි ජීවූ.."
සෝයූන් ජීවූ දිහා බලාගෙන කිව්වාම කෙල්ල බිම බලාගත්තා
" ඔන්නි..."
" දන්නවා ද...ජීවුයා ඔයාලා හැමෝම දරුනු මාෆියා ලීඩර් කෙනෙක් වුනු යුංගිගේ අස්සේ හැංගිලා ඉන්න ආදරනීය චරිතය මම දැක්කා එයා වෙනස් කෙනෙක් යුංගිගේ ලග ආදරනීය ස්වීට් වචන නැ කවදාවත් මට වචනෙන් ආදරේ කියලා කිව්වේ නැ එයා ආදරේ දැනෙන්න දුන්නා මාව පරිස්සම් කලා ඒ නපුරාගේ ආදරේ මට සැනසීමක් වුනා ජීවිතේ පලවෙනි වතාවට අප්පා ලගින් දැනුනු ආරක්ෂාව ආදරේ වෙන පිරිමි කෙනෙක්ගේ ලගින් දැනුනා නම් ඒ යුංගිගේ ලගින් විතරයි ජීවුයා....කොච්චර කාලයක් ගත වුනත් මගේ හිතේ යුංගිගේ ගැන තියෙන හැගීම වෙනස් වෙන්නේ නැ "
සෝයූන් එයාගේ බෙල්ල තියෙන මාලය පිරිමදින ගමන් කිව්වා
" මට ඔන්නිව තේරුම් ගන්න පුලුවන්...මේ ප්‍රශ්න හැමදේම විසදිලා ආපහු ඔන්නිට සැනසීමේ ඉන්න පුලුවන් දවසක් උදාවෙයි හැමදාටම සීත ඍතුව තියෙන්නේ නැ ඔන්නි අනිවාර්යයෙන්ම වසන්ත කාලය උදා වෙනවා එතකම් ඔන්නි මේ අමාරු කාලය දරාගෙන ඉන්න මම ඔන්නි එක්ක ඕන දේකට ඉන්නවා "
ජීවූ සෝයූන්ගේ අතක් අල්ලාගෙන කිව්වාම කෙල්ල පොඩි හිනාවක් එක්ක ජීවූ දිහා බැලුවා
" මේ කෙල්ල ලොකු වුනු තරමක්.."
සෝයූන් ජීවූගේ කොන්ඩේ අවුස්සන ගමන් කිව්වා ජීවූ සෝයූන් එක්ක අහිංසක විදියට හිනා වුනා
" දැන් ගොඩක් රෑ වෙලා ජීවුයා...ගිහින් නිදාගන්න "
" ඔන්නි නිදාගන්නේ නැද්ද "
" මම තව ටිකකින් නිදාගන්නම් ඔයා යන්න පැටියෝ.."
ජීවූගේ කම්බුලක් මිරිකපු සෝයූන් කිව්වා සෝයූන්ගේ වෙනස් කතාබහ ජීවූට ගොඩක් දැනුනා ජීවූ කෙල්ල දිහා බලාගෙන දුකින් බලාගෙන හිටියා සෝයූන්ගේ කටින් එයා වෙනුවෙන් ආදරනීය වචනයක් පිට වෙන්නේ කෙල්ල දුකින් ඉන්න වෙලාවට කියලා ජීවූ දන්නවා නැත්නම් ඉතින් කොයිවෙලෙත් කැත්තට පොල්ල වගේ දෙන්නාම වලියටම නේ කතාව
" ගුඩ් නයිට් ඔන්නි..."
" ගුඩ් නයිට් ජීවුයා..."
ජීවූ සෝයූන්ගේ රූම් එකෙන් එලියට යන දිහා බලාගෙන ඉදියා
" අපේ ජීවිත වලට වසන්ත කාලයක් උදා වෙයිද කිටියෝ..."
සෝයූන් ආපහු තරු පිරුණු අහස දිහා බලාගෙන මිමිනුවා
.
.
සති කිහිපයක් ගෙවිලා ගියේ සෝයූන් වෙනස්ම චරිතයක් කරලා කොයිවෙලෙත් මොනාහරි කියවන කෙල්ල දැන් වැඩිම වුනොත් කතා කරන්නේ වචන හතර පහක් වගේ ඒ කතා කරන්නෙත් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි කෙල්ල ගෙදරින් පිට කොහෙවත් ගියේ නැ ඇත්තම කිව්වොත් කෙල්ලට යන්න අවසර තිබුණේ නැ සෝයූන් දවසෙම රූම් එකට වෙලා හිටියේ කන්න විතරයි රූම් එකෙන් එලියට ආවේ සමහර දවස් වලට ඒත් සෝයූන් රූම් එකෙන් එලියට ආවේ නැ
ඒ අතරේ සෝයූන්ට ආපහු යුනි පටන් ගත්තා මේ කෙල්ල යුනි යන අවසාන අවුරුද්දේ ආරම්භය කිව්වොත් නිවැරදියි අනිත් ලමයි හරි උනන්දුවෙන් සතුටින් යුනි එකට ආවත් සෝයූන් කිසිම සතුටකින් නෙවෙයි යුනි එකට ආවේ වෙනදා හිනාවකින් පිරිලා තියෙන සෝයූන්ගේ මූන මැලවිලා තිබුනා සෝයූන්ගේ හිතේ කොනක පුංචි හරි බලාපොරොත්තුවක් තිබුනා යුංගි දැකගන්න පුලුවන් වෙයි කියලා ඒත් සෝයූන්ට අහන්න ලැබුනේ යුංගි යුනි එකෙන් අස්වෙලා ගිහින් කියලා එතැනින්ම කෙල්ලගේ හිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවත් නැති වෙලා ගියා ඒ ඇස් තාමත් යුංගිගේ රුව හොයනවා සමහරවිට කෙල්ල ජීවිත කාලේ පුරාවටම යුංගිව බලාපොරොත්තුවෙන් ඉදියි
හැමදාම උදේට මිස්ටර් පාර්ක් සෝයූන්ව යුනි එක ඉස්සරහින් drop කරනවා ආපහු ලෙක්චර්ස් ඉවර වුනාම මොන වැඩේ තිබුනත් මිස්ටර් පාර්ක් කෙල්ලව යුනි එකෙන් ගන්න එනවා වෙනදා විකාර පිස්සු වැඩ වලින් ලෙක්චර් හෝල් එකේ ඉන්න ලමයි ඔක්කොම හිනස්සන්න කෙල්ලගේ මූනේ හිනාවක් හොයාගන්න නැ එකදිගට යන ලෙක්චර්ස් බෝරින් වුනේ නැත්තේ සෝයූන්ගේ පුංචි විහිලුවක් හරි ලෙක්චර් එක අස්සෙන් එලියට එන නිසා ඒත් දැන් එහෙම විහිලු නැ කාත් එක්කවත් ඉස්සර වගේ වැඩිය කතා කරන්න ගියේ නැ කොයිවෙලෙත් තනිවෙන්න උත්සාහ කලා
" සෝයූන් ගොඩක් වෙනස් වෙලා "
Cherry bloosm ගසක් යට තිබුණු බෙන්ච් එක මතින් වාඩිවෙලා කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්න කෙල්ල දිහා බලාගෙන නම්ජූන් කිව්වා
" ම්ම්ම්....සෝයූන් ඉස්සර වගේ කතා කරන්නේ නැ ඔප්පා...මම අහන දේකට උත්තර දෙනවා ඇරෙන්න අහන එකම දේ යුංගි ඔප්පා හොදින් ඉන්නවා ද කියලා විතරයි "
යුන්වි දුකින් සෝයූන් දිහා බලාගෙන කිව්වා
" යුංගි හියුන්ග්...අනිත් පිස්සා ක්ලබ් ගිහින් සිහිය නැති වෙනකම් බීලා කොහේහරි වැටිලා ඉන්නකොට අපි යන්න ඕන උස්සගෙන එන්න බොන්න එපා කිව්වොත් කියන්නේ සෝයූන් එහෙම දෙයක් කියලා ගියේ නෑලු කොහොම හිටපු කොල්ලෙක් ද කෙල්ලෙක් හින්දා මෙහෙම වුනේ.."
නම්ජූන් සසර කලකිරුනු වොයිස් එකකින් කිව්වා යුංගි දැන් පුරුද්දක් වශයෙන් ක්ලබ් යන්න පුරුදු වෙලා යුංගි limit එකක් නැතුව drinks අරගෙන ක්ලබ් එකේ ඉන්න දෙතුන් දෙනෙක්ගේ අතපය කඩලා තමයි එන්නේ ලියොන්ට කොල්ලා drinks ගත්තාම කොහොමවත් පාලනය කරගන්න බැ ඒ නිසා නම්ජූන්ට හරි ජින්ට හරි ලියොන් කෝල් කරනවා කෙල්ලගේ නම ඇහුනොත් යුංගි ටිකක් හරි control වෙනවා
" එහෙම තමයි ඔප්පා...ආදරේට කෙනෙක්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුලුවන් නපුරෙක්ගේ හිතක් වුනත් ආදරයෙන් පුරවන්න පුලුවන් ඒ හරිම කෙනාම හම්බුනොත් විතරයි මොනදේ වුනත් සෝයූන්ට යුංගි ඔප්පා තරම් කවුරුවත් ගැලපෙන්නේ නැ ඔප්පා "
" තමුසෙත් මේ දවස්වල ආදරේ ගැන කතා කරනවා වැඩියි කාවද තමුසේ අමාරුවේ දැම්මේ "
නම්ජූන් අමුතු හිනාවක් එක්ක කිව්වාම යුන්වි රැව්වා ඒ අයියලා නංගිලා රවාගෙන යුද්ධය ප්‍රකාශයට පත් කරගන්නා අතරේ සෝයූන් බෙන්ච් එකෙන් නැගිටලා car park එක දිහාට ඇවිදගෙන ආවා කෙල්ලට මතක් වුනේ යුංගිගේ කා එකේ රෝදේ හුලං යවන්න ගිහින් යුංගිට අතේ මාට්ටු වෙලා වුනු දේවල් අන්තිමේ දී යුංගි කෙල්ලගේ පර්ස් එකටත් විදලා ගියපු හැටි මතක් වෙලා සෝයූන්ගේ මූනට පුංචි හිනාවක් ආවා
කෙල්ල පරන මතක මතක් කරන ගමන් යුනි එකේ ගේට් එක පැත්තට ඇවිදගෙන ගියේ මිස්ටර් පාර්ක් එන වෙලාව හරි නිසා යුනි එකේ එයාලාගේ මතක ගොඩක් රැදිලා තිබුනා කෙල්ලට ඒ හැමදේම එකින් එක මතකයට ආවා
සෝයූන් ගේට් එක ඉස්සරහට ඇවිත් බැලුවත් මිස්ටර් පාර්ක් ඇවිත් හිටියේ නැ සෝයූන් අත් දෙකත් බැදගෙන තොලත් පිට පෙරලගෙන වටපිට බලන ගමන් ඉන්නකොට කෙනෙක් ලග සෝයූන්ගේ ඇස් නතර වුනා එයා ඉන්න තැනට වඩා ටිකක් ඈතින් නවත්තලා තිබුනු බයික් එකක් දිහාට කෙල්ලගේ අවදානය යොමු වුනා හෙල්මට් එකක් දාගෙන බයික් එකේ වාඩිවෙලා ඉන්න කෙනා දිහා සෝයූන් දිගටම බලාගෙන හිටියා කෙල්ල ඒ කවුද කියලා අදුරගත්ත නිසා ලගට යන්න ඉදිරියට අඩියක් තියන්න හදනකොට ඒ කෙනා බයික් එක ස්ටාර්ට් කරගෙන පවනට බදු වේගෙන් ගියේ සෝයූන්ගේ ඇස් කදුලින් තෙත් කරලා
" ඒ එයා තමයි...."
කෙල්ල මිමිනුවා ඒත් එක්කම මිස්ටර් පාර්ක් ඇවිත් කා එක නැවැත්තුව නිසා සෝයූන් කා එකට නැග්ගා මිස්ටර් පාර්ක් කා එක ස්ටාර්ට් කලාම සෝයූන් මුකුත් නොකියා ශටර් එකෙන් එලිය බලාගෙන හිටියේ බෙල්ලේ තිබුණු මාලේ අල්ලන ගමන් මිස්ටර් පාර්ක්ගේ ඇස් සෝයූන් අල්ලාගෙන ඉන්න මාලේ දිහාට යොමු වෙලා තිබුනා
ටික දුරක් යනකොට මිස්ටර් පාර්ක්ට කෝල් එකක් ආවේ හදිස්සියක් කියලා ඉක්මනට එන්න කියලා
" මම යන්නම් අප්පා....කොහොමත් තව ටික දුරයි නේ "
සෝයූන් කොහොම කිව්වත් මිස්ටර් පාර්ක් කැමති වුනේ කෙල්ලව තනියම යවන්න ඒත් කරන්නම දෙයක් නැති නිසා සෝයූන්ව තනියම යවන්න තීරණය කලා කෙල්ල කා එකෙන් බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියේ ගෙදරට යන්න තව ටික දුර නිසා ඒ පාරේ වැඩිය කවුරුවත් ගැවසෙන්නේ නැ
ටික දුරක් යනකොට කෙල්ලගේ පස්සෙන් කවුරුහරි එනවා කියලා දැනුනු නිසා සෝයූන් ඉක්මන් අඩි තියලා යන්න ගත්තා ඒත් එක්කම ඉස්සරහින් ආපු මනුස්සයෙක් කෙල්ලගේ පාර හරස් කලා කෙල්ල ඉක්මනට දුවන්න හදනකොට පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් කෙල්ලගේ නහයට ලේන්සුවක් තියලා තද කලේ සෝයූන් සිහිය නැතුව ඇදගෙන වැටෙද්දී වටපිට බලපු ඒ මිනිස්සු තුන් දෙනා සුදු පැහැති වෑන් රථයට කෙල්ලව දාගෙන ඉක්මනට එතැනින් යන්න ගියා
To be continue.................♡︎
සෝයූන්ව සුදු වෑන් එකකින් උස්සලා ලමයි මොකාද සෝයූන්ව උස්සපු එකා කියලා ඊලග චැප්ටර් එක දෙනකම් කල්පනා කරන්න
නිවැරැදි පිලිතුර ලබා දෙන රීඩස්ලා සදහා වටිනා දොර දෙකේ ප්ලාස්ටික් බේසමක් ප්රදානය කරන බව කරුනාවෙන් සලකන්න.
Bạn đang đọc truyện trên: AzTruyen.Top