匚卄卂卩ㄒ乇尺 32🐾
සෝයූන් ඉන්නේ තමන්ගේ නිවස ඉදිරියට වෙලා බලාගෙන හිටියා කෙල්ල දොරේ ලොක් එකට අත තියාගෙන හිටියේ දොර අරිනවා ද නැද්ද කියලා හිතන ගමන් අන්තිමේ දී සෝයූන් හොද හුස්මක් අරගෙන දොර ඇරගෙන ඇතුලට ගියා කෙල්ල ඇතුලට ගිහින් දොර වහලා හිමින් ඇවිදගෙන living room එකට ආවා මුලු ගෙදරම නිශ්ශබදයි හරියට කුනාටුවකට පෙර මුලු පරිසරයම නිශ්ශබදයි වගේ මේ නිශ්ශබ්බදතාවය කෙල්ලගේ හිතට ගෙනාවේ බයක්
කෙල්ල ලිවින් රූම් එකට ඇවිදගෙන යනකොට මිස්ටර් පාර්ක් කෝපි කෝප්පයක් රසවිදිමින් පත්තරයක් බලන ගමන් හිටියා සෝයූන් හිමින් අඩිය තියන ගමන් එතැනින් යන්න හැදුවේ ඒත් මිස්ටර් පාර්ක් කෙල්ලව දැක්කා
" සෝයූන් මෙහෙන් ඇවිත් වාඩිවෙන්න මට කතා කරන්න ඕන "
මිස්ටර් පාර්ක් බලමින් හිටපු පත්තරය නවලා පැත්තකින් තියලා සෝයූන් දිහා බලලා කිව්වා කෙල්ල ඇවිත් මිස්ටර් පාර්ක් ඉස්සරහ තිබුණු සෝෆා එකේ වාඩිවුනේ වෙනසක් නොපෙන්වා
" සෝයූන්.....මෙච්චර කාලෙකට ඔයා මට කිසිදෙයක් හංගලා නැ එහෙම නේද "
සෝයූන් ඔලුව කියන්න ඔලුව වැනුවා
" දැන් මොනාහරි මගෙන් හංගනවා ද "
" අනියා...අප්පා මම අප්පාගෙන් මොනවා හංගන්න ද "
සෝයූන් හිනා වෙලා කිව්වා
" යුංගි ගැන දැනගෙන කොච්චර කාලයක් "
" මාස හතරක් පහක් වගේ "
" යුංගි කියන්නේ කවුද සෝයූන් "
මිස්ටර් පාර්ක් එහෙම ඇහුවාම සෝයූන් පොඩ්ඩක් ගැස්සුනා
" කවුද කියලා අහන්නේ එයා අපේ යුනි එකට ආපු professor කෙනෙක් "
" professor කෙනෙක් විතරම ද "
",යේ...."
සෝයූන් එයාගේ බෑග් එකේ පටිය තදින් අල්ලාගෙන හිටියේ
" මම කවදාවත් හිතුවේ නැ මම මෙච්චර ආදරෙන් හදපු දුව කොල්ලෙක් හින්දා මට බොරු කියයි කියලා "
මිස්ටර් පාර්ක් කලකිරුනු ස්වරයකින් කියද්දී සෝයූන් තමන්ගේ අප්පා දිහා අසරණ විදියට බැලුවා
" ඔයාගේ කට බොරු කිව්වත් ඔය ඇස් කවදාවත් බොරු කියන්නේ නැ සෝයූන් "
කෙල්ලගේ හැසිරීම මුල ඉදලා හොදින් නිරීක්ෂණය කරපු මිස්ටර් පාර්ක් කිව්වා
" අප්පා......මම "
" මට මුකුත් අහන්න ඕන නැ සෝයූන් දැනට අහපු දේවල් හොදටම ඇති ඔයා දැනගෙන හිටියා යුංගි කියන්නේ මුලු කොරියාවම බය කරගෙන ඉන්න මාෆියා නායකයෙක් කියලා NIS එකෙන් හොයන අපරාධකාරයෙක් කියලා ඔයා දැනගෙන හිටියා සෝයූන් "
මිස්ටර් පාර්ක්ගේ වචන වල ලොකු දුකක් කලකිරීමක් ගැබ් වෙලා තිබුනා සෝයූන් මිස්ටර් පාර්ක් දිහා කදුලු පුරවගෙන බලාගෙන හිටියා
" අප්පා කොටියෙක් වෙනකොට පුතා මුව පැටියෙක් වෙන්න බැ කියලා මට අමතක වුනා අප්පා අපරාධකාරයෙක් මිනීමැරුවෙක් වෙනකොට පුතා එහෙම නොවෙන්න හේතුවක් නැ "
" අප්පා...ඕක නවත්තන්න....එයා අපරාධකාරයෙක් නෙවෙයි....එයාට ඒ දේවල් කරන්න හේතුවක් තිබුනා "
සෝයූන් අඩන ගමන් කිව්වා මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බලාගෙන හිටියේ කලකිරීමකින්
" හේතු.....? ඌ කියපු හැමදේම මෝඩියක් වගේ විශ්වාස කලා ද සෝයූන් ඔයා ආදරේ නිසා අන්ධ වෙලා ඉන්නේ "
" අප්පා මම කියන දේ පොඩ්ඩක් අහන්න "
" හැමදේම දැනගත්තාට පස්සේ මොනාද තවත් අහන්න තියෙන්නේ මම පන වගේ පරිස්සම් කරලා ආදරෙන් හදපු මගේ දුව කොල්ලෙක් හින්දා තවත් මට බොරු කියනවා අහන්න ද...? ඒකත් ඔම්මාගේ මිනීමරුවාගේ පුතා වෙනුවෙන් මගේ දුව අඩනවා "
මිස්ටර් පාර්ක්ගේ වචන නිසා කෙල්ලගේ හදවතට දැනුනා සෝයූන්ට ජීවිතේ කවදාවත් නොදැනුනු අසරණකමක් දැනුනා එයා මේ ලෝකේ තනිවෙලා කියලා සෝයූන්ට හිතුනා
" අප්පා...චේබල්...එක සැරයක් මම කියන දේ අහන්න එකම එක සැරයක් "
කෙල්ල මිස්ටර් පාර්ක්ගේ අතකින් අල්ලාගෙන ආයාචනාත්මකව ඉල්ලුවා
" තවත් මට මුකුත් අහන්න දෙයක් නැ සෝයූන් ඔයාට තීරණයක් ගන්න වෙනවා මේ අප්පා ද නැත්නම් මාෆියා බෝයිෆෙන්ඩ් ද කියලා "
සෝයූන්ගේ අත මිස්ටර් පාර්ක් අතින් ගලවගෙන කිසිම ගානක් නැතුව කියලා දැම්මා කෙල්ලට දැනුනේ හැමදේම එකතැන නතර වුනා වගේ සෝයූන්ට ඇහුනු දේ විශ්වාස නැ කෙල්ල මිස්ටර් පාර්ක් දිහා බලාගෙන හිටියේ ඇහුනු දේ ඇත්ත ද කියලා අහන්න වගේ
" අප්පා....මොනාද මේ කියන්නේ...?මට ඔය දෙන්නාම ගොඩක් වටිනවා ප්ලීස් අප්පා එක පාරක් මගේ පැත්තෙන් හිතන්න මාව මෙච්චර අසරණ කරන්න එපා "
සෝයූන් මිස්ටර් පාර්ක් ලග වැද වැටිලා ඉල්ලුවා මිස්ටර් පාර්ක් වුනත් කෙල්ලගේ හැසිරීම දිහා බලාගෙන හිටියේ කියාගන්න බැරි දුකක් හිතේ තද කරගෙන මිස්ටර් පාර්ක්ට ඕන වුනා වෙනදා වගේ සෝයූන්ව තුරුල් කරගෙන කදුලු පිහිදලා කෙල්ලව සනසන්න ඒත් එදා තත්ත්වයට වඩා අද තත්ත්වය ගොඩක් වෙනස්
" ඔයාට තීරණයක් ගන්නම වෙනවා සෝයූන් දෙන්නාගෙන් එක්කෙනාවයි ඔයාට තෝරගන්න පුලුවන් මේ අප්පාව අමතක කරලා යුංගි ලගට යන්න පුලුවන් නම් යන්න මගෙන් කිසි බාධාවක් නැ හැබැයි එදාට මතක තියාගන්න මේ අප්පා මැරුනා කියලා "
" අප්පා....අප්පා......අනේ මාව මෙච්චර අසරණ කරන්න එපා චේබල්...ඇයි දෙවියනේ මම කියන තේරුම් ගන්න බැරි.."
" ඔයාටයි සෝයූන් කිසිදෙයක් තේරුම් ගන්න බැරි ඔයාගේ ඔම්මාගේ මිනීමරුවාගේ පුතාට ආදරේ කරන්න පුලුවන් ද...? එයත් එක්ක හැමදාම සතුටින් ඉන්න පුලුවන් ද...? "
" යුංගි වුනු කිසිදේකට වැරදි නැ දෙවියනේ... එයා කිසිදෙයක් දන්නේ නැ දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ වගකියන්න ඕන නැ අප්පා "
සෝයූන්ට දරාගන්න බැරි තැන කෙල්ල කෑගහලා කිව්වා සෝයූන් කවදාවත් අප්පාට මෙච්චර හයියෙන් කතා කරලා නැ මිස්ටර් පාර්ක් හිතුවේ එයාගේ එකම දුව කොල්ලෙක් හින්දා එයාට සද්දෙන් කතා කරන්නත් පුරුදු වෙලා කියලා
" සෝයූන්...."
සේහා කෙල්ලගේ නම කියලා තදින් කතා කලා
" කාටද කතා කරන්නේ කියලා දැනගෙන කතා කරන්න සෝයූන්....පුංචි කාලේ ඉදලා දුක් විදලා අප්පා තමුන්ව හැදුවේ මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් නෙවෙයි සෝයූන්.. අප්පා කවදාවත් හිතන්නේ නැතුව ඇති කොල්ලෙක් හින්දා තමුන් අප්පාට සද්දෙන් කතා කරයි කියලා තමුන්ට ලැජ්ජාවක් නැද්ද මාසෙකට දෙකකට කලින් හම්බුනු කොල්ලෙක් නිසා ඉපදුනු දවසේ ඉදන් ඕන හැමදේම ගෙනත් දීලා ආදරෙන් පරිස්සමින් හදපු අප්පාට දෙන තෑග්ග ද මේ.."
සේහාත් සෝයූන්ට කෑගහන්න ගත්තාම කෙල්ලට තවත් කේන්ති ගියා
" මිසිස් සේහා ඔයාට අයිතියක් නැ මේකට කට දාන්න මේක මගෙයි අප්පාගෙයි අතරේ ප්‍රශ්නයක් නැ වෙනදා වගේ පැත්තකට වෙලා බලාගෙන රසවිදින්න "
" සෝයූන්.....ඔම්මාට කතා කරන්නේ ඔහොම ද "
මිස්ටර් පාර්ක් කේන්තියෙන් කිව්වා සෝයූන්ගේ මේ හැසිරීම මිස්ටර් පාර්ක්ගේ කේන්තිය වැඩි වෙන්න හේතුවක් වුනා
" ඔම්මා නෙවෙයි කුඩම්මා..."
සෝයූන් සේහාට රවාගෙන කිව්වාම මිස්ටර් පාර්ක් කෙල්ල දිහා තත්පර කිහිපයක් පුදුමෙන් බලාගෙන හිටියා කෙල්ල ඉක්මනට පඩිපෙළ නැගගෙන එයාගේ රූම් එකට ගිහින් සද්දෙන් දොර වැහුවේ කේන්තිය දොරෙන් පිට කරන්න වගේ
මිස්ටර් පාර්ක් එහෙම්ම එතැන තිබුණු සෝෆා එකේ ඉන්දුනා මිස්ටර් පාර්ක් එයාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වේ ඉස්සරහට මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරුව සේහා මිස්ටර් පාර්ක් ලගින් වාඩිවුනා
" ඔයාගේ හුරතලේ නිසා තමයි සෝයූන් ඔහොම හැසිරෙන්නේ ඉස්සර මම කිව්වා ඔය කෙල්ලව ඔච්චර හුරතල් කරන්න එපා කියලා ඇහුවේ නැ නේ දැන් පේනවද කතා කරපු විදිය පුදුම මුරන්ඩුකමක් අපි එයාට වැරැද්දක් කරන්න හදනවා වගේ මහ ලොකුවට දුවව තමන්ටත් වඩා විශ්වාස කලා නේ දැන් හරි ද වැඩේ ඔම්මාගේ මිනීමරුවාගේ පුතාට ආදරෙයි කියලා අප්පා එක්ක රන්ඩු වෙනවා "
සේහා සෝයූන්ගේ වැරදි කියද්දී මිස්ටර් පාර්ක්ට ඒක හිසරදයක් වුනා
" ඇති සේහා ඇති..... ඔම්මා නැති මගේ පොඩි කෙල්ලට අඩුවක් නැතුව ආදරේ දෙන්න මට ඕන වුනා එයාට කිසිදේකින් අඩුවක් කරන්න මට ඕන වුනේ නැ එයා වරදක් කලත් මම කවදාවත් සැරෙන් කතා කරලා නැ මම හැමදේම ආදරෙන් පැහැදිලි කරලා දුන්නේ එයාට සැරෙන් කතා කලොත් අප්පා එයාට ආදරේ නැ කියලා හිතයි කියලා මම වැරදි ද සේහා හැම පුංචි දේම මාත් එක්ක බෙදාගත්ත මගේ සෝයූ බබා මෙච්චර ලොකු දෙයක් මගෙන් හංගයි කියලා මම හිතුවේ නැ "
මිස්ටර් පාර්ක්ගේ ඇස් වල කදුලු පිරිලා තිබුනා ඒ හිත වේදනාවෙන් පිරිලා මිස්ටර් පාර්ක් ජීවිතේ කිසිම දවසක සෝයූන්ගෙන් මේ වගේ හැසිරීමක් බලාපොරොත්තු වුනේ නැ පුංචි දේ වුනත් ඇවිත් කියන කෙල්ල මෙච්චර ලොකු දෙයක් හංගයි කියලා මිස්ටර් පාර්ක් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති
කවදාවත් අප්පා ඉස්සරහ සද්දෙන් කතා නොකරපු කෙල්ල අද මිස්ටර් පාර්ක්ට සද්දෙන් කතා කලා තමන්ට වඩා විශ්වාස කරපු එයාගේ පුංචි කෙල්ල මිස්ටර් පාර්ක්ගේ විශ්වාස බින්දා කියලා හිතද්දී මිස්ටර් පාර්ක්ට දුකක් කලකිරීමක්....
මිස්ටර් පාර්ක් අප්පා කෙනෙක් විදියට එයාගේ තීරණය සාධාරණයි මොන අප්පා ද කැමති තමන්ගේ එකම දුවව මාෆියාකාරයෙක්ට භාර දෙන්න NIS හෙඩ්ගේ දුව මාෆියාකාරයෙක්ට ආදරේ කරනවා කියලා දැනගත්තොත් මිනිස්සු මොනවා හිතයි ද...?
එතකොට සෝයූන්ගේ පැත්තෙන් ගත්තොත් කෙල්ල ගිරයට අහුවුනු පුවක් ගෙඩිය වගේ කෙල්ලට දෙන්නාම ඕන එයාට එක් කෙනෙක් අතහැරලා තව කෙනෙක් තෝරගන්න බැ මොකද කෙල්ල මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන පුද්ගලයෝ දෙන්නා තමයි ඒ ඉතින් කෙල්ල අසරණයි
එක පැත්තකින් පුංචි කාලේ ඉදලා කිසිම අඩුපාඩුවක් නොකර ආදරෙන් එයාව හදපු එයාගේ අප්පා
අනිත් පැත්තෙන් මාස කිහිපයක් තුල වුනත් එයාගේ හිත හොරකම් කරලා ආදරේ පුරවපු සෝයූන්ගේ නපුරු කිටියා
සෝයූන් හිටියේ දෙලොවක් අතර අතරමං වෙලා වගේ මිස්ටර් පාර්ක් එයාලා දෙන්නගෙන් එක් කෙනෙක් තෝරගන්න කියද්දී සෝයූන් සම්පූර්ණයෙන් මානසිකව කඩාගෙන වැටුනා සෝයූන් ජීවිතේ කවමදාවත් මේ වගේ තීරණයක් ගන්න එයාට සිද්ධ වෙයි කියලා හිතන්නේ නැතුව ඇති
කෙල්ල කොට්ටෙකුත් තුරුල් කරගෙන ඇද ලග බිම වාඩිවෙලා හොදටම අඩන ගමන් හිටියේ සෝයූන්ගේ පූස් පැටියා වුනු සේ සේ ඇස් බෝල කරගෙන සෝයූන්ගේ ඇගේ දැවටුනේ අඩන්න එපා කියන්න වගේ
සෝයූන් ඔයාට තීරණයක් ගන්න වෙනවා මේ අප්පා ද නැත්නම් මාෆියා බෝයිෆෙන්ඩ් ද කියලා
ඔයාගේ ඔම්මාගේ මිනීමරුවාගේ පුතාට ආදරේ කරන්න පුලුවන් ද...?
මිස්ටර් පාර්ක්ගේ වචන කෙල්ලගේ ඔලුවේ දෝංකාර දුන්නා එයාට කෑගහලා කියන්න ඕන එයාගේ යුංගි අපරාධකාරයෙක් නෙවෙයි යුංගිගේ අප්පා කරපු දේවල් වලට යුංගි පලි නැ කියලා කියන්න ඕන වුනා ඒත් මිස්ටර් පාර්ක් ඒ කිසිදෙයක් අහන්න සූදානම් නැ කියලා කෙල්ල දන්නවා
" මම මොකද්ද...සේ සේ කරන්නේ.....අනේ මට තේරෙන්නේ නැ මම කොහොමද ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් තෝරගන්නේ දෙන්නම මට ගොඩක් වටිනවා....ඇයි සේ සේ අප්පා මාව මෙච්චර අසරණ කරන්නේ...? මම හිතුවා අප්පා හැමදාම වගේ මාව තේරුම් ගනියි කියලා එක විනාඩියක් මගේ පැත්තෙන් හිතයි කියලා මම හිතපු දේ වැරදියි සේ සේ මට වැරදුනා "
කෙල්ල ඇඩුවා හිතේ තියෙන දුක වේදනාව හැමදේම එයාගේ පූස් පැටියා එක්ක කියන ගමන් ඇඩුවා සෝයූන්ගේ දුක අහන්න අද කෙල්ලගේ ලග හිටියේ ඒ පූස් පැටියා විතරයි සේ සේ සෝයූන්ගේ දුක වේදනාව තේරෙනවා වගේ කෙල්ල දිහා බලාගෙන ඉදලා සෝයූන්ගේ ඇගේ ඇතිල්ලුනා
මේක කියවන ඔයාලාට සමහරවිට හිතෙන්න පුලුවන් ඒ දෙන්නා හමුනොවුනා නම් මේ කිසි ප්‍රශ්නයක් නැ නේද කියලා එහෙනම් සෝයූන් මෙච්චර අසරණ වෙන්නේ නැ නේද කියලා
ඒ වුනාට එයාලා එකට හිටපු ටික කාලේ එයාලගේ ජීවිත වලට අමතක නොවන ලස්සන මතක ගොඩක් එකතු කරගත්තා
යුංගිගේ ගල් හිත මෙලෙක් කරන්න සෝයූන්ගේ ආදරේට පුලුවන් වුනා
හිස් වෙලා තිබුණු යුංගිගේ ජීවිතේ පාට පාට වලින් වර්න ගන්නවන්න සෝයූන්ට පුලුවන් වුනා
ආදරේ කියන ලස්සන හැගීමෙන් යුංගිගේ මුලු ජීවිතේම පුරවන්න සෝයූන්ට පුලුවන් වුනා
කවුරුවත් නොදැකපු යුංගිගේ අස්සේ හිර වෙලා හිටපු ආදරනීය චරිතය සෝයූන්ට එලියට ගන්න පුලුවන් වුනා
අවුරුදු ගානක් යුංගි හොයපු එයාගේ ඔම්මාව යුංගිට හම්බවෙන්න පුලුවන් වුනේ සෝයූන් නිසා
සෝයූන්ට නපුරෙක්ගේ ආදරය ආරක්ෂාව ලැබුනා
එයාලා එකට ඉන්න හැම මොහොතකම පුංචි පුංචි රන්ඩු ඇති වුනත් අනාගතේ දවසක එයාලට ඒවා මතක් කරලා හිනා වෙන්න පුලුවන් අමතක නොවන මතක ගොන්නක් තිබුනා එයාලා වෙන් වුනත් එයාලා එකතු කරගත්ත ලස්සන මතක එක්ක ජීවත් වේවි..
අඩ අඩා හිටපු කෙල්ල එකපාරට ගැස්සිලා ගියේ එයාගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා සෝයූන් නහය උඩට අදින ගමන් ඇද උඩට තිබුණු ෆෝන් එක අතගාලා ගත්තා call ID එක දැක්ක කෙල්ලට තවත් ඇඩුනා කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා සෝයූන් කෝල් එක ආන්සර් කලා ඒත් කෙල්ල එක වචනයක් කතා කලේ නැ
" සෝයූන්...."
ඒ ගැඹුරු කටහඬ ඇහෙනකොට කෙල්ලට ඉකි ගැහුනා සෝයූන් කට අතින් වහගෙන හිටියේ කෙල්ල ඉකිබිදින හඩ යුංගිට ඇහෙයි කියලා
" මොකද තමුසේ කතා නැත්තේ...? වෙනදාට ඔය කට වහන්න මට වෙනම ගේමක් ගහන්න වෙනවා අද කටට ලොක් එකක් දාලා ද "
යුංගි කියද්දී කෙල්ල ඇස් දෙක පියාගෙන ඔලුව ඇදට හේත්තු කරගත්තා
" තමුසේ මාව බලන්න ඇවිත් හොදටම ඇඩුවා කිව්වා ඔච්චර අඩන්න මම මැරුනේ නැ නේ මම මැරුනු දවසක තමුසේ ඔහොම අඩනවා "
යුංගි එහෙම කියද්දී තවත් සෝයූන්ට හැඩුම් පාලනය කරගන්න බැරි වුනා කෙල්ල අඩන්න පටන් ගත්තාම යුංගි හොදටම බය වුනා
" සෝයූන් ඕයි තමුසේ අඩනවා ද...? මම විහිලුවට කිව්වේ ඕයි අඩන්න එපා "
" ඔහොම විහිලු කරන්න එපා දෙවියනේ...... මට දරාගන්න බැ.... ඔයා දන්නේ නැ කිටියෝ ඔයා තුවාල කරගෙන ඇදක් උඩ සිහිය නැතුව ඉන්නවා දැක්කාම මගේ මුලු ඇගම පන නැති වුනා වගේ....."
සෝයූන් අඩන ගමන් කියද්දී යුංගිට හිතුනේ අපරාදේ එහෙම දෙයක් කිව්වේ කියලා
" මම දැන් හොදින් ම්ම්ම්...මගේ හොද කෙල්ල නේ අඩන්න එපා "
සෝයූන් හොදටම අඩනවා කෙල්ලට දැන් හුස්ම ගන්නත් අමාරුයි කෙල්ලගේ පපුවට මහන්සියක් දැනුනා
" සෝයූන් දැන් ඇති ඇඩුවා තමුසෙට හුස්ම ගන්න අමාරු වෙයි තමුසේ අඩන එක නැවැත්තුවේ නැත්නම් මම එනවා හරි ද "
යුංගි එහෙම කිව්වාම නම් කෙල්ල යටි තොලත් හපාගෙන ඇඩුම් පාලනය කරගත්තා මොනාද යුංගිගේ හැටියට එන්න බැරිකමක් නැති නිසා
" ඔයා....ඔ..යා... තුවාල...හො..ද.. වෙනකම්.. ඇදෙන්... බහින්..න.. එ..පා..."
කෙල්ල අමාරුවෙන් වචන ගැට ගහගෙන කතා කරනකොට කොල්ලාට තේරුනා සෝයූන් කතා කරන්නේ අමාරුවෙන් කියලා
" සෝයූන් තමුසේ හුස්ම ගන්නේ අමාරුවෙන්... මම කිව්වා තමුසෙට අයිෂ්...
දැන් හොද බබා වගේ හිමින් හුස්ම ගන්න ම්ම්ම් "
සෝයූන් ඇස් දෙකත් පියාගෙන හිමින් හුස්ම ගත්තා
" ම්..ට... ඔයාට...තු..රුල්.. වෙ..න්න.. ඕ..න..හ්."
සෝයූන්ට මේ වෙලාවේ තදින්ම ඕන වුනා යුංගිට තුරුල් වෙන්න සෝයූන්ට යුංගිගේ උනුසුමට තුරුල් වෙලා ඉන්නකොට දැනුනේ ලොකු සැනසීමක් ඉතින් කෙල්ල මේ වෙලාවේ ඒ සැනසීම ඕන වුනා
" තමුසෙව ජීවිත කාලෙම වුනත් තුරුල් කරගෙන ඉන්නම්.."
ටික වෙලාවක් ගත වෙනකොට කෙල්ල හුස්ම ගැනීම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුනා කොල්ලා එකපාරට කෝල් එක කට් කලාම සෝයූන් බය වුනා ඒත් විනාඩියක් යන්න කලින් යුංගි වීඩියෝ කෝල් එකක් ගත්තා කෙල්ල දෙපාරක් නොහිතා කෝල් එක ආන්සර් කලා
සෝයූන්ගේ රූම් එකේ අඩ අදුරේ තිබුණු නිසා කොල්ලාට සෝයූන්ව පැහැදිලිව පෙනුනේ නැ
" මට තමුසෙව පේන්නේ නැ ඕයි ගිහින් ලයිට්ස් ඔන් කරලා එනවා "
" හලි හලි ඉතිම් හූම් "
සෝයූන් තොල් පිට පෙරලගෙන ගිහින් රූම් එකේ ලයිට්ස් ඔන් කරලා ඇවිත් වාඩිවුනා අඩලාම කෙල්ලගේ ඇස් ඉදිමිලා තිබුනා නහය යාන්තම් රතු පැහැයට හැරිලා තියෙනවා යුංගි දැක්කා
" වොෂ් එකක් දාගෙන ද ඉන්නේ "
කොල්ලා ඇහුවාම සෝයූන් පොඩි බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා
" අයිෂ්....හඩු කෙල්ල ගිහින් වොෂ් එකක් දාගෙන එනවා තමුසෙගේ ගද මෙහෙට එනවා "
" තවුසෙගේ ගද තමයි තවුසෙට දැනෙන්නේ "
" තමුසේ වගේ නෙවෙයි ඕයි මම තමුසේ අවුරුද්දට එක සැරයක් නෑවාට අපි හැමදාම නානවා "
" පරිස්සමින් නාලා වැඩි වෙලා දිය වේවි "
සෝයූන් එහෙම කියලා ෆෝන් එක පැත්තකින් තියලා නැගිට්ටා
" ඕයි කොහෙද යන්නේ "
" වොෂ් එකක් දාගන්න "
" ආපහු ඔය ගවුම අදින්න එපා තමුසෙට ඕක කොට වැඩියි "
යුංගි රවාගෙන කියනකොට කෙල්ලට හිනාවක් ගියා
" ok hubby "
" ඕයි ෆෝන් එක බාත් රූම් එක ඇතුලට අරගෙන යන්න "
" ආස ඇති නෙහ් වල් පූසා.."
" ඉක්මනට එනවා හරි ද බාත් රූම් එකේ සිරි නරබන්නේ නැතුව "
" හරි හරි "
සෝයූන් එහෙම කියාගෙන ගිහින් බාත් රූම් එකේ දොර වහගත්තා මීට සුලු මොහොතකට පෙර අඩමින් හිටපු කෙල්ල දැන් හිනා වෙනවා ඒ හිනාවට හේතුව යුංගි වුනා
විනාඩි කිහිපයකින් සෝයූන් වොෂ් එකක් දාගෙන ආවා
" මම ආවා...."
" මම හිතුවේ හෙට උදේට එයි කියලා පොඩ්ඩක් හිටාම් ඔය තමුසේ ඇදගෙන ඉන්නේ මගේ ශර්ට් එකක් නේද "
යුංගි ඇගිල්ලක් දික් කරගෙන අහද්දී සෝයූන් අහිංසක හිනාවක් ප්‍රදර්ශනය කලා
" තමුසෙද එතකොට මගේ ශර්ට් එක හොරකම් කරපු හොරා මම ඕක කොච්චර හෙව්වා ද කියලා තමුසේ දන්නවා ද "
" හරි හරි අෆ්ෆා ඔච්චර කෑගහන්න ඔව් නැ නේ ඔයාගේ ශර්ට් එක ඉස්සුවේ ඔයාගේ ආදරනීය අහිංසක සෝස මලක් වන් යොංජාචිංගු නේ "
සෝයූන් වේගෙන් ඇසිපිය ගගලා කිව්වාම යුංගි අහක බලාගත්තා
" ඒ ගැන නම් මොකට කියනවාද තමුසේ තව මොනවා මගෙන් උස්සයි ද දන්නේ නැ "
" ඊලගට මම උස්සන්න ප්ලෑන් කලේ මිස්ටර් කිටීව උසන්න "
" අනේ ජෙයියනේ "
යුංගිගේ මූන දැක්කාම සෝයූන්ට හිනාවක් ගියා ඒ දෙන්නා ගොඩක් වෙලා යනකම් කතා කලා හිනා වුනා රන්ඩු වුනා කලින් වුනු හැමදේම අමතක කරලා එයාලා සතුටින් හිටියා ඉස්සරහට වෙන දේවල් ගැන තැකීමක් නොකර මේ ගෙවෙන මොහොතේ එයාලා සතුටින් හිටියා
සෝයූන්ට කෝල් එක අතරේම නින්ද ගිහින් තිබුනා යුංගි නිදාගෙන ඉන්න සෝයූන් දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා ෆෝන් එකේ screen එක මතින් කෙල්ලගේ මූන පුරා ඇගිලි තුඩු අරගෙන ගියා
" තව කොච්චර දවසක් තමුසෙව දකින්න පුලුවන් වෙයිද දන්නේ නැ "
යුංගි මිමිනුවා කොල්ලා කෝල් එක කට් කරලා ඇස් දෙක පියාගත්තා ටික වෙලාවක් යනකොට කොල්ලාගේ ඇගෙන් දැනෙන වේදනාවට මහන්සියට කොල්ලාට නොදැනීම නින්ද ගියා
.
.
උදේ මිස්ටර් පාර්ක් සෝයූන්ගේ රූම් එකට එන්නේ කෙල්ල මොකද කරන්නේ කියලා බලන්න ඊයේ රෑ සෝයූන්ට කෑගැහුවාට මිස්ටර් පාර්ක්ගේ හිත රිදිලා තිබුනේ සෝයූන් එක්ක තරහ නොගෙන එයාට ටිකක් ඉවසන්න තිබුනා කියලා මිස්ටර් පාර්ක් හිතුවා මිස්ටර් පාර්ක් සෝයූන්ගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා
සෝයූන් ඇදේ කොනකට ගුලි වෙලා තද නින්දක හිටියේ මිස්ටර් පාර්ක් හිමින් දොර වහගෙන ගිහින් කෙල්ල ලගින් වාඩිවුනා සෝයූන්ගේ ඔලුව අතගාපු මිස්ටර් පාර්ක් කෙල්ල දිහා බලාගෙන හිටියේ හදවත වේදනාවෙන් රිදුම් දෙද්දී සෝයූන්ගේ ඉදිමුනු ඇස් සාක්ෂි දැරුවා කෙල්ල හොදටම අඩලා කියලා
කෙල්ල ෆෝන් එක පපුවට තුරුල් කරගෙන ඉන්නවා දැක්ක මිස්ටර් පාර්ක් සෝයූන් ඇරෙන්නේ නැති වෙන්න කෙල්ලගේ අතින් ෆෝන් එක ගත්තා මිස්ටර් පාර්ක් කෙල්ලගේ ෆෝන් එක ඔන් කලාම lock screen එකේ තිබුණු ෆොටෝ එක දැකලා මිස්ටර් පාර්ක් නිදාගෙන ඉන්න සෝයූන් දිහා බැලුවා සෝයූන් lock screen එකට දාලා තිබුණේ එයා යුංගිගේ කම්බුලක් කිස් කරන ෆොටෝ එකක්
" ඔයාට එයාව අමතක කරන්නම වෙනවා සෝයූන් අමාරුවෙන් වුනත් මට බැ මගේ දුවව මාෆියා ලීඩර් කෙනෙක්ට දෙන්න "
සෝයූන්ගේ ෆෝන් එක අරගත්ත මිස්ටර් පාර්ක් කෙල්ලට බ්ලැන්කට් එකත් හරියට පොරවලා රූම් එකෙන් එලියට ගියා
ටික වෙලාවකට පස්සේ සෝයූන් ඇහැරුනා කෙල්ල ඇස් පොඩි කරන ගමන් තඩි ඈනුමක් යවලා වැනි වැනි බාත් රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන රෙඩි වුනේ යුංගි බලන්න යන්න
" කොහෙද මගේ ෆෝන් එක "
කෙල්ල හැඩ වෙලා ඉවර වෙලා ෆෝන් එක කොහෙද කියලා හෙව්වේ සෝයූන් ඇදේ බ්ලැන්කට් එක කොට්ටේ එහෙ මෙහෙ කරලා හෙව්වත් ෆෝන් එක හම්බුනේ නැ සෝයූන් study table එක උඩ රූම් එකේ හැමතැනම ෆෝන් එක හෙව්වත් හොයාගන්න හම්බුනේ නැ
සෝයූන් ෆෝන් එක කොහෙද තිබ්බේ කියලා කල්පනා කරන ගමන් පහලට ගියා කෙල්ලට මතකයි එයා යුංගි එක්ක කතා කර කර ඉන්නකොට නින්ද ගියා එතකොට ෆෝන් එක ඇද උඩ තියෙන්න ඕන ඒත් ෆෝන් එක නැ
" කොහෙද යන්න හදන්නේ "
මිස්ටර් පාර්ක් සෝයූන් දිහා නොබලාම ඇහුවාම කෙල්ල මුකුත් හිටියා සෝයූන්ගේ ඇස් නැවතිලා තිබුණේ මිස්ටර් පාර්ක් ලග තියෙන කෙල්ලගේ ෆෝන් එක ලග
" අප්පා මගේ ෆෝන් එක ගත්තා ද "
" යේ...ආපහු ෆෝන් එක ඕන නැ "
මිස්ටර් පාර්ක් කිව්වා
" ඒත් අප්පා මට ෆෝන් එක ඕන මට ඒක දෙන්න අප්පා ප්ලීස් "
සෝයූන් මිස්ටර් පාර්ක්ගේ ලගට ගිහින් ඉල්ලුවා
" ෆෝන් එක ඉල්ලන්නේ යුංගි එක්ක කතා කරන්න වෙන්න ඇති.."
මිස්ටර් පාර්ක් කෙල්ල දිහා නොබලාම කිව්වාම සෝයූන් බිම බලාගත්තා
" දැන් යන්න හදන්නෙත් යුංගි හම්බවෙන්න නේද මම ඊයේ කියපු කිසිදෙයක් මොලේට ගිහින් නැද්ද මාව යකෙක් කරගන්න හදන්න එපා සෝයූන් මගේ අවසරයක් නැතුව ගෙදරින් එලියට යන්න සෝයූන්ට අවසර නැ දැන් රූම් එකට යන්න පුලුවන් "
" අප්පාට ඕන මාව හිර කරලා තියාගන්න ද "
" එහෙම හිතුවා කියලා ප්‍රශ්නයක් නැ "
" අප්පා චේබල් මට එහෙම කරන්න එපා.... මට අදට යන්න දෙන්න අප්පා....අනේ "
සෝයූන් මිස්ටර් පාර්ක් ලග දන ගහගෙන එයාට එලියට යන්න අවසර ඉල්ලුවා
" මම එක සැරයක් කිව්වා සෝයූන් යන්න රූම් එකට "
" අප්පා....අප්පා....චේබල්...මට අන්තිම වතාවට එයාව හම්බවෙන්න යන්න ඉඩ දෙන්න මම ආපහු කවදාවත් එයාව හම්බවෙන්න යන්නේ මම අප්පාට පොරොන්දු වෙනවා "
කෙල්ල අත් දෙක එකතු කරලා වැදගෙන අඩන ගමන් යුංගිව අවසාන වතාවට හම්බවෙන්න ඉල්ලුවා
" සෝයූන් ඔයා අප්පා ද නැත්නම් යුංගිවද තෝරගන්නේ "
සෝයූන් ඔලුව බිමට හරවගෙන හිටියා මිසක් මුකුත් කියන්න ගියේ නැ කෙල්ලව නිහඩව හිටියා
" උත්තරයක් දෙන්න බැරි ද සෝයූන් "
කෙල්ල අසරණ විදියට මිස්ටර් පාර්ක් දිහා බැලුවා
" සෝයූන්ට යන්න දෙන්න මල්ලී.."
හැමදේම පැත්තකට වෙලා බලාගෙන හිටපු සෝයූන්ගේ ඉමෝ කිව්වා
" නූනා කියන්නේ දැන් යන්න දෙන්න කියලා ද "
" ම්ම්ම්.....සෝයූන් යන්න ඉක්මනට එන්න හරි ද මල්ලී සෝයූන්ගේ ෆෝන් එක ආපහු දෙන්න "
සෝයූන්ගේ ඉමෝ කියනකොට මිස්ටර් පාර්ක් සෝයූන්ට ෆෝන් එක දුන්නා සෝයූන් ඉමෝ දිහා බැලුවේ ස්තූතියි කියන්න වගේ ඉමෝ හිනා වෙලා කෙල්ලට යන්න කියලා ඉගි කලාම කෙල්ල කූඩුවක හිර වෙලා හිටපු කිරිල්ලියකට නිදහස හම්බුනා වගේ දුවගෙන ගියා
" සෝයූන්ට යන්න දුන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන් ද නූනා "
" සෝයූන් අසනීපෙන් ඉන්නේ ලමයෙක් මේ ප්‍රශ්න හින්දා ආපහු හොස්පිටල් ගානේ දුක් විදිනවා බලන්න මට ඕන නැ මල්ලී සෝයූන් එක්ක ගනුදෙනු කරද්දී මීට වඩා පරිස්සම් වෙන්න "
" ඒ වුනාට නූනා සෝයූන්ට කරදරයක් වුනොත්....... ආපහු සෝයූන් ආවේ නැති වුනොත් "
" කාගෙන් එයාට කරදරයක් වෙන්න ද සෝයූන් ගියේ එයාගේ ආදරේ ලගට යුංගි එච්චර නරක ලමයෙක් නෙවෙයි එයා සෝයූන්ට ආදරෙයි අනික සෝයූන් ආපහු එනවා මට ඒක විශ්වාසයි "
" තාමත් එයාව විශ්වාස කරනවා ද නූනා "
මිස්ටර් පාර්ක් සමච්චල් සහගත හිනාවක් එක්ක ඇහුවාම ඉමෝ මිස්ටර් පාර්ක් දිහා බැලුවේ ටිකක් කේන්තියෙන්
" ඔව් මට විශ්වාසයි සෝයූන්ව අවිශ්වාස කරන්න හේතුවක් කියන්න එයා කොල්ලෙක්ට ආදරේ කරනවා සෝයූන්ගේ හිතේ ආදරයක් ඇති වෙනකොට එයා දැනගෙන හිටියේ යුංගි කියන්නේ මාෆියා ලීඩර් කෙනෙක් කියලා සෝයූන් එතකොට දන්නේ නැ එයාගේ ඇත්ත ඔම්මා මැරිලා කියලවත් යුංගිගේ අප්පා තමයි එයාගේ ඔම්මාව මැරුවේ කියලා එයාගේ දැනගන්නේ පස්සේ එතකොට එයා යුංගිට වෛර කරන්න ඕන ද..? ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න බැ පොඩ්ඩක් සෝයූන් එක්ක වැඩ කරද්දී පරිස්සම් වෙන්න මල්ලී..."
ඉමෝ එහෙම කියලා ගියේ මිස්ටර් පාර්ක්ට කල්පනා කරන්න දෙයක් ඉතුරු කරලා
.
.
සෝයූන් කල්පනා කරන ගමන් යුංගිගේ mafia house එකට ගියා කෙල්ල mafia house එකේ ගේට් එක ලග නැවතුනා
" තමුන් කවුද මොකද මෙතන කරන්නේ "
ගේට් එක ලග ඉදපු ගාඩ් ඇහුවා
" මට යුංගිව හම්බවෙන්න ඕන "
" හහ්....? බොස්ව හම්බවෙන්නේ මොකටද කෙල්ලේ "
ගාඩ් අමුතු විදියට සෝයූන් දිහා බලලා කිව්වා කෙල්ලට ඒ බැල්ම නම් ඇල්ලුවේ නැ
" ඒක තමුන්ට අදාල නැ මේ ගේට් එක අරිනවා "
සෝයූන් රවාගෙන කිව්වා
" වද නොදී මෙතනින් යනවා කෙල්ලේ "
" මට බැ මම යුංගි හම්බවෙලා මිසක් යන්නේ නැ "
" තමුන්ට කියන දේ තේරෙන්නේ නැද්ද කිව්වාම අහලා මෙතනින් යනවා "
" මොකද මෙතන වෙන්නේ .."
එහෙම අහගෙන ලියොන් එතැනට ආවාම ගාඩ් එහාට වුනා
" ලියොන් බොස් මේ කෙල්ල සුගා බොස් හම්බවෙන්න ඕන කියලා වද දෙනවා "
ගාඩ් කිව්වාම ලියොන් බැලුවේ ගේට් එක ලගට වෙලා මූනත් පුම්බගෙන ඉන්න සෝයූන් දිහා
" මිස්..."
" කොහොමද ලියොන් "
" ඇරපන් යකෝ ඉක්මනට ගේට් එක "
ගාඩ් කම්ෆියුස් කරලා ලියොන් කෑගැහුවාම ගාඩ් ඉක්මනට ගේට් එක ඇරලා සෝයූන්ට එන්න ඉඩ දුන්නා
" මිස් මේ වෙලාවේ...."
" මගේ කිටියාව බලන්න ආවේ "
සෝයූන් හිනා වෙලා කිව්වාම ලියොන්ටත් හිනා ගියා
" මිස් ඇතුලට යන්න බොස් රූම් එකේ ඇති මිස්ට රූම් එක මතකයි නේද "
" ඔව් ඔව් ලියොන් මම යන්නම් "
සෝයූන් ලස්සන හිනාවකින් ලියෝන්ට සංග්‍රහ කරලා ඇතුලට ගියා
" බොස් වගේ මේක දැනගත්තොත් උබේ ඔලුව වෙනමයි කද වෙනමයි තියේවි "
ලියොන් සෝයූන්ට ඇතුලට එන්න නොදුන්නු ගාඩ්ට කිව්වා
" ඒ මොකද ලියොන් බොස් "
" යකෝ ඒ සුගා බොස්ගේ යොංජාචිංගු "
ලියොන් ඒ ගාඩ්ගේ ඔලුවට ගහලා එහෙම කියලා ගියේ පොර ඔලුව කසද්දී
සෝයූන් යුංගිගේ රූම් එක ලග නැවතිලා ඇස් පියාගෙන හුස්මක් ගත්තා භාගෙට අඩවල් කරලා තිබුණු දොරෙන් ඔලුව ඇතුලට දාලා බැලුවාම දැක්කේ යුංගි හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ලොකු කල්පනාවක ඉන්නවා සෝයූන් ඇතුලට ඇවිත් කොල්ලා දිහා බලාගෙන හිටියා යුංගිගේ බැන්ඩේජ් කරලා තියෙන අත උරහිස දැක්කාම කෙල්ලගේ ඇස් කදුලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
යුංගි ඔලුව හරවලා බැලුවේ එයාට දැනුන සොෆ්ට් ලැවැන්ඩර් සුවද නිසා කොල්ලා ඒ සුවදේ අයිතිකාරිය කවුද කියන්න හොදටම දන්නවා සෝයූන් කදුලු පුරවගෙන කොල්ලා දිහා බලාගෙන ඉන්නවා
" සෝයූන්......"
කොල්ලා කතා කලාම සෝයූන් දුවගෙන ඇවිත් යුංගිව තදින් බදාගෙන අඩන්න ගත්තා කෙල්ල බදාගත්ත පාර යුංගිට වේදනාවක් දැනුනත් කොල්ලා ඒ ගැන තැකීමක් නොකර සෝයූන්ව බදාගත්තා කෙල්ල පොඩි බබෙක් වගේ යුංගි බදාගෙන හොදටම අඩනවා යුංගි අඩන කෙල්ලගේ උරහිසට පුංචි කිස් එකක් දුන්නා
" අඩන්න එපා ඕයි....මම හොදින් ඉන්නවා නේ ම්ම්ම්... ඊයෙත් තමුසේ හොදටම ඇඩුවා ඊයේ ලග නොහිටියාට දැන් ඉන්නවා නේ තමුසේ අඩන එක නතර නොකලොත් තමුසෙගේ කන පැලෙන්න ගහනවා "
යුංගි එහෙම කිව්වාම සෝයූන්ට හැඩුම් අතරින්ම හිනාවක් ගියා යුංගි කෙල්ලගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු එක අතකින් පිසදැම්මා
" ඔය ඇස් වලට කදුලු ගැලපෙන්නේ නැ මයි ලව් "
යුංගි තමන්ගේ නහය කෙල්ලගේ නහයේ අතුල්ලන ගමන් කිව්වා
" ඒක නෙවෙයි තමුසේ තනියෙන් ද ආවේ "
" මේන් රෝඩ් එකේ බස් එකේ ඇවිත් අතුරු පාරේ පයින් ආවේ "
" අයිෂ්....තමුසෙට පිස්සු ද මේ පාරේ පට්ට පාලුයි තමුසේ තනියෙන් ඇවිත් මොනාහරි වුනා නම් තමුසෙට කෝල් එකක් දීලා කියන්න බැ වුනා ද "
යුංගි කෙල්ලට බනින්න පටන් ගත්තාම සෝයූන් පොඩි බබෙක් වගේ ඔක්කොම අහගෙන හිටියේ යටි තොලත් පිට පෙරලගෙන
" හරි හරි කෑගහන්න ඕන නැ නේ මට මුකුත් වුනේ නැ "
සෝයූන් හිනා වෙලා කිව්වත් කොල්ලා රැව්වා
" යැයි යැයි තමයි "
සෝයූන් හිනා වෙවී කොල්ලාගේ කම්බුල් වලින් ඇද්දේ යුංගි කෑගහද්දී
" අනෙව්....කියුට් කිටියෙක් "
" අතහැරපන් යකෝ මගේ කම්බුල් දෙක කන්න ද හදන්නේ "
යුංගි කෙල්ලගේ අතක් අල්ලාගෙන කෑගහනවා මොකද කොල්ලාගේ අනිත් අත බැන්ඩේජ් කරලා තිබුනා යුංගි කෑගහලා කොහොමහරි කෙල්ලගේ අත් වලින් කම්බුල් බේරගත්තා
" තමුසේ යක්සනියක්...."
යුංගි රවාගෙන කියනකොට සෝයූන් කොල්ලාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා කවදාවත් සෝයූන් ඉස්සෙල්ලා කොල්ලාව කිස් කරලා තිබුණේ නැති නිසා යුංගි ටිකක් පුදුම වුනා හැමදාම යුංගි කිස් කලොත් කෙල්ල කිස් බැක් කරනවා
කොල්ලා කට ඇතුලේ දිව තෙරපන ගමන් සෝයූන් දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලට තේරුනා වැඩ වරද්ද ගත්තා තමයි කියලා යුංගි කෙල්ලගේ ඉන වටේ අතක් යවලා ලගට ඇද්ද පාර සෝයූන්ගේ අත් නැවතුනේ කොල්ලාගේ නිරුවත් පපුවේ වැදිලා කොල්ලා ටික ටික සෝයූන්ගේ මුහුනට පහත් වෙද්දී කෙල්ලගේ ඇස් පියවුනා යුංගිගේ උනුසුම් සුසුම් මුහුන වැදෙද්දී සෝයූන් කොල්ලාගේ උරහිසක් තදින් අල්ලගත්තා
යුංගි කෙල්ලගේ කන් පෙත්ත දිවෙන් lick කරන්න ගත්තාම සෝයූන්ට දැනුනේ ඇග පුරාම සමනල්ලු තටු ගහනවා වගේ ෆීලින් එකක් කෙල්ල බෙල්ලත් හරවලා කොල්ලාට ඉඩ දුන්නා
" My baby.."
කෙල්ලගේ කන ලග ඉදන් මුමුනද්දී සෝයූන් හිමින් ඇස් ඇරලා බැලුවා
" සෝයූන්....අර කබඩ් එක උඩ තියෙන box එක ගේන්න.."
සෝයූන්ගේ බෙල්ලට කිස් එකක් දීපු යුංගි කිව්වා කෙල්ල කේන්තියෙන් යුංගි දිහා බලලා නැගිටලා ගියේ කොල්ලා එයාව කිස් කලේ නැති හින්දා ඔව් ඔව් සෝයූන් කොල්ලගෙන් කිස් එක්ක බලාපොරොත්තු වුනා කෙල්ල ගිහින් බොක්ස් එක අරගෙන යුංගි ලගට ආවා
" ඇරලා බලන්න "
යුංගි කිව්වාම සෝයූන් බොක්ස් එක ඇරියාම කෙල්ල පුදුම වුනා බොක්ස් එක ඇතුලේ තිබුනු diamond necklace එක අතට ගත්ත සෝයූන් යුංගි දිහා බැලුවා
" මේක...."
" ම්ම්ම්..... තමුසෙට තමයි "
කොල්ලා කිව්වාම සෝයූන් necklace එක දිහා බලාගෙන හිටියේ වචනයක්වත් නොකියා
මට මෙච්චර ආදරේ කරන්න එපා යුංගියා... ඔයාගේ මේ වැඩ නිසා මම කොහොමද හිත හදාගෙන ඔයාගෙන් ඈත් වෙන්නේ
" තමුසේ කැමති නැද්ද "
සෝයූන් මුකුත් නොකියා necklace එක දිහා බලාගෙන ඉන්න නිසා යුංගි ඇහුවා
" මේක ගොඩක් ගනන් ඇති නේද "
" තමුසෙට ඒ සෙද්දෙන් ඇති වැඩක් නැ තමුසේ ඕකට කැමති ද නැද්ද කියනවා "
යුංගි රවාගෙන කිව්වා
" මේක ගොඩක් ලස්සනයි "
සෝයූන් හිනා වෙලා කිව්වාම යුංගි කෙල්ලගේ අතකින් ඇදලා අරගෙන ඇදෙන් වාඩි කරගත්තා
" එහෙනම් එච්චරයි "
යුංගි එහෙම කියලා කෙල්ලගේ අතේ තිබුණු necklace එක අරගත්තා
" හැරෙනවා..."
" මොහ්....? ඔයාට දාන්න පුලුවන් ද "
" හැරියන් කොයිවෙලෙත් ප්‍රශ්න අහනවා ඉවරයක් නැ එකසැරයක් දෙයක් කිව්වාම කරන්න පුරුදු වෙනවා "
සෝයූන් අනිත් හැරුණේ මූනත් නරක් කරගෙන
" බැ...."
සෝයූන් කිව්වාම යුංගිගේ කෙල්ලගේ කන හැපුවා
" හපන්න එපා පූසෝ "
සෝයූන් කන අතගාන ගමන් කිව්වා යුංගි කෙල්ලට necklace එක දාලා සෝයූන්ගේ උරහිසෙන් නිකට තියාගත්තා කෙල්ල ෆෝන් එකේ කැම් එක ඔන් කරලා බැලුවා
" necklace එක ලස්සනයි තමුසෙගේ බෙල්ලේ තියෙනකොට ඊට වඩා ලස්සනයි "
කෙල්ලගේ කම්බුල් බලාගෙන ඉදිද්දීම රත් පැහැයට හැරෙනකොට කොල්ලාට හිනා ගියා
" අපි නිදාගමු.."
යුංගි කිව්වේ සෝයූන්ගේ ඇස් වල තිබුණු නිදිබර ගතිය නිසා කෙල්ල ඔලුව වැනුවා කොල්ලාට ඇදේ හාන්සි වෙන්න උදව් කරපු කෙල්ල ඇදට නැගලා යුංගිගේ නිරුවත් පපුවට තුරුල් වුනා යුංගි එක අතකින් කෙල්ලව තුරුල් කරගත්තා
" ඊයේ රෑ නිදාගත්තෙත් නැ දැන්වත් නිදාගන්නවා "
කොල්ලාගේ පපුවේ ඇගිල්ලෙන් රටා අදින ගමන් ඉන්න කෙල්ලට කිව්වා
" ආව්.....මොනාද යක්සනියේ කරන්නේ "
සෝයූන් කොල්ලාගේ නිපල් එකක් කෙනිත්තුව නිසා යුංගි කෑගැහුවා ඊලග තත්පරේ කොනිත්තපු නිපල් එක මතින් කිස් එකක් තියලා කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තා යුංගිට නම් හිනා කෙල්ලගේ වැඩ වලට
යුංගි කෙල්ලගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවලා හිමින් අතගාන්න ගත්තා ටික වෙලාවක් යද්දී කෙල්ලට දැනෙන සනීපයට නින්ද ගියා යුංගි එයාගේ පපුවට ගුලි වෙලා පුංචි පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉන්න කෙල්ල දිහා බලාගෙන හිටියේ ලෝභකමින්
" තමුසේ නැතුව මම කොහොමද ඉන්නේ...
මේ ටික කාලෙකට තමුසේ මගේ මුලු ලෝකෙම වෙලා සෝයූන් "
යුංගි මිමිනුවේ මිස්ටර් පාර්ක් කොහොමත් කෙල්ලට එයාගේ ලග ඉන්න දෙන්නේ නැ කියලා දන්න නිසා ගෙවුනු ටික කාලෙට සෝයූන්ගේ දගකාර වැඩ කෙල්ලගේ හිනාව කතාව යුංගිට නැතුවම බැරි වුනා සෝයූන්ව කේන්ති ගස්සන්න එක තමයි කොල්ලාගේ hobby එක වුනේ සෝයූන්ට කේන්ති ගියාම මී හරකෙක් කුලප්පු කරලවත් ඒ ආතල් එක ගන්න බැ කොල්ලා දන්නවා සෝයූන්ව තරහ ගස්සලා ආතල් ගන්න බැරි වෙන දවසක් වැඩි ඈතක නෙවෙයි කියලා යුංගිගේ හිත කිව්වා
සමහරවිට මේ කතාවේ අවසානය ඒ වෙන්න පුලුවන්....!!
To be continue.................♡︎
තව සති දෙකක් යනතුරු අප්ඩේට් දීමට නොහැකි වන බව කරුනාවෙන් සලකන්න ඒ නිසා දිග චැප්ටර් එකක් දුන්නා දැන් හිමින් සැරේ කියවන ගමන් කමෙන්ට් එකක් දාගෙන පහල තියෙන තරුවත් ඔබාගෙන යන්න
Words 4000+
Bạn đang đọc truyện trên: AzTruyen.Top