匚卄卂卩ㄒ乇尺 31🐾

උදෑසන සිහින් හිරු කිරන සුදු පැහැති කර්ටන් අතරින් ගලාගෙන ඇවිත් අඩ අදුරේ තිබූ කාමරේ ආලෝකමත් කලා මුහුනට දැනුනු අව් රශ්මිය නිසා ඇහැරුනු කෙල්ල අකමැත්තෙන් ඇහිබමත් අකුලන ගමන් යුංගිට තුරුල් වුනා යුංගිගේ පපුවේ මූන අතුල්ලපු කෙල්ල කම්මැලිකමේ ඇස් ඇරියා සෝයූන්ගේ කොල්ලාගේ පපුවට කිස් එකක් දීලා යටි තොල හපාගෙන ඔලුව උස්සලා කොල්ලාගේ මූන දිහා බැලුවා

යුංගි හිටියේ සුවදායි නින්දක කෙල්ලගේ ඉන වටේ එතිලා තිබුණු යුංගිගේ අතක් ලිහිල් කරගෙන ටිකක් උඩට ඉස්සිලා කොල්ලාගේ මූන දිහා බලාගෙන හිටියා යුංගිගේ නලලට වැටුනු ඝන කලු පැහැති කොන්ඩේ ඝන ඇහිබම කිරි සුදු පාට කම්බුල් ලා රෝස පාට දෙතොල් දිහා කෙල්ල බලාගෙන හිටියේ කොල්ලාගේ කඩවසම් මූන හදවතින්ම අගය කරන ගමන්

" ඉටි රූපයක් වගේ කොහොමද කිටියෝ මෙච්චර හැන්සම් වුනේ...?
හැන්සම් පූසෙක්...
අහ්හ්හ්....මට ඉරිසියායි....උයාව අයිති කරගන්න කොච්චර කෙල්ලෝ ට්‍රයි කරන්න ඇති ද..? එදා හොස්පිටල් එකේ දී අර ගෑනු ටික හැසිරුනේ ජීවිතේට පිරිමි පරානයක් දැකලා නැ වගේ මට ලෙඩ අමතක කරලා අර ගෑනුන්ගේ ඇස් උගුලලා කට ඇද වෙන්න දෙකක් අනින්න හිතුනා හූම්....
මගේ බෝයිෆි..
උයා මගේ නේද කිටියෝ...
මගේ ලග විතරක් මෙහෙම ඉන්න ඔය හදවතේ මට විතරක් ඉඩ දෙන්න මගේ ලගින් ඉන්න මාව තනි කරන්න එපා
මම මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන්නේ තනිකමට
මට ඉතින් ජීවිත කාලේ ඔයා එක්ක ගත කරන්න ඕන
මාත් එක්ක හැමදාම ඉන්නවා නේද...?"

සෝයූන් නිදාගෙන ඉන්න යුංගිගේ කම්බුලක් පිරිමදින ගමන් ඇහුවා යුංගි කෙල්ලව මගහැරපු සති කිහිපයේ සෝයූන්ට දැනුනේ කියාගන්න බැරි තරම් තනිකමක් හිස් බවක් එයාගේ වටේ කොච්චර කට්ටිය හිටියත් කෙල්ලට ලොකු අඩුවක් දැනුනා සෝයූන්ට දැන් යුංගිගේ ආදරේ ආරක්ෂා නැතුව ජීවත් වෙන්න අමාරුයි

යුංගි අනිත් boyfriend ලා වගේ ස්වීට් නම් වලින් සෝයූන්ට කතා කලේ නැ තමුසේ කියයි නැත්නම් නම කියලා කතා කරයි ඒ ඇරෙන්න කෙල්ලට වෙන ස්වීට් නම් වලින් කතා කලේ නැ කොල්ලා ඒක දැක්කේ බොලද වැඩක් විදියක යුංගි කොහොම කතා කලත් සෝයූන්ට ඒක ප්‍රශ්නයක් වුනේ නැ යුංගිගේ නපුරුකම් අස්සේ හැංගිලා තියෙන ආදරේ සෝයූන්ට දැනෙනවා සෝයූන් ඒ නපුරාගේ ආදරේට හරි ලෝභයි

" යේ යේ මම තමුසෙගේ තමයි අන්තිම හුස්ම වෙනකම් තමුසේ ලග තමයි ඉන්නේ දැන් කන අස්සේ ඉදගෙන කියවන්නේ නැතුව ඉදපන් මට නිදාගන්න ඕන...රෑට නිදාගන්න දෙන්නෙත් නැ "

කොල්ලා එකපාරට කතා කලාම සෝයූන් ගැස්සිලා ගියා කෙල්ල හිතාගෙන හිටියේ යුංගි නිදි කියලා කොල්ලා එකපාරට කතා කලාම සෝයූන්ගේ ඇස් ජිල් බෝල වගේ වුනා හැබැයි කොල්ලා තාම ඇස් පියාගෙන හිටියේ

" කිටියෝ..."

" මොකද වදේ.."

යුංගි එක ඇහැක් විතරක් ඇරලා ඇහුවා

" වදේ...? තවුසෙට මාව දැන් වදයක් ද ආ කොහේහරි ඉන්න උඩැක්කියක් බැදගෙන වෙන්න ඇති මාව වදයක් වෙලා තියෙන්නේ සති ගානක් මාව මගහැරලා දැන් වදේ කියනවා තමුසේ මාත් එක්ක කතා කරන්න එපා "

කොල්ලාව ඈත් කරපු සෝයූන් කියවගෙන ගියා

" හයියෝ...."

යුංගි කොට්ටේට මූන තද කරගෙන මිමිනුවා ඊලග තත්පරේ ආපහු ඔලුව උස්සපු යුංගි කෙල්ල දිහා බැලුවා

" සෝයූන්..."

" මොකද...?"

" මේ අහපන් බන්.."

" බන්...?"

සෝයූන් අත් දෙකත් බැදගෙන ඇහිබමක් උස්සගෙන අහද්දී යුංගිට ඔලුව බිත්තියේ ගහගන්න හිතුනා

" ලව්..."

" මොකද කවදාවත් නැති ආදරයක්..? මොනාද මගෙන් හංගන්නේ.."

" මම මොනවා හංගන්න ද.."

" මට තවත් තවුසේ එක්ක නෝ කතා නෝ සිනා.."

කෙල්ල එහෙම කියලා ඇදෙන් බැහැලා ගියේ යුංගිට නොපෙන්න හිනා වෙන ගමන්

" ඇයි දෙවියනේ මම මේ කෙල්ලට ආදරේ කරන්නේ "

අහිංසක යුංගි ඇදට කඩාගෙන වැටිලා සිවිලිම දිහා බලාගෙන කිව්වේ කොල්ලා ජීවිතේ කවදාවත් මේ වගේ අවස්ථාවකට මුහුන දීලා නැ වගේම මෙච්චර අසරණකමක් දැනිලා නැති නිසා අනිත් උන්ට වගේ ගන් එක ඔලුවට තියලා බය කරන්න ද මෝචරියෙන් කනත්තට යන්න මූන කට සම්බෝල වෙන්න දෙක තුනක් අනින්න කියලා ද වෙන අයට එහෙම සැලකුවාට සෝයූන්ට එහෙම කරලා බය කරලා තියාගන්න යුංගිට ඕන නැ අනික යුංගිගේ යොංජාචිංගු නේ

Meanwhile දෙවියෝ : ඒක මම දන්නවා ද යකෝ උබ බැදගත්ත බෙරේ ගහපන් මට වද නොදී

__________________________

" බොස්....."

යුංගි සෝෆා එකේ වාඩිවෙලා ලැප් එක තියාගෙන ලොකු වැඩක් කරන ගමන් හිටියේ එතකොට තමයි ලියොන් ඇවිත් කතා කලේ

" කියපන් "

ලියොන් දිහා නොබලාම යුංගි කිව්වා

" බොස්ට වරායට යන්න වෙනවා අරුන් බොස් නැතුව වෙපන්ස් දෙන්න බැ කිව්වා "

ලැප් එක දිහාට හැරිලා තිබුණු යුංගිගේ ඇස් ලියොන් දිහාට හැරුනා

" මෙච්චර දවසක් මම ඕන වුනා ද වැන්ග්කාරයාට වෙපන්ස් දෙන්න "

" NIS එකෙන් හැමතැනම බොස් අපේ එකෙක් ගිහින් වැඩේ දෙල් කරගනියි කියලා තමයි වැන්ග් බොස්ට එන්න කියලා තියෙන්නේ "

ලියොන් කිව්වාම ලැප් එකත් සද්දෙන් වහපු යුංගි හුස්මක් ගත්තා

" ලෑස්ති වෙයන් යන්න "

යුංගි එහෙම කියලා ගියාම ලියොන් යුංගිට ආචාර කරලා ගියේ කැබ් එක රෙඩි කරන්න යුංගි කලු පැහැති ජැකට් එකත් කලු පැහැති කැප් එකත් දාගෙන කලු පැහැති මාස්ක් එකක් දාගත්තා යුංගිගේ සිල්වර් කලර් ගන් එක අරගෙන චෙක් කරලා ඉනේ ගහගත්තා යුංගි කැබ් එක ලගට යනකොට දුවගෙන ආපු ගාඩ් කෙනෙක් කොල්ලාගේ අතට දුන්නා

" ලියොන් ඔක්කොම රෙඩි ද.."

" ඔව් බොස්.."

" මෙච්චර ගාඩ්ස්ලා ඕන නැ ලියොන් එක කැබ් එකක් විතරක් ආවාම ඇති "

" ඒත් බොස්...."

" ප්‍රශ්නයක් වෙන්නේ නැ කට්ටිය වැඩි වුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ලියොන් මට මං ගැන බලාගන්න පුලුවන් "

යුංගි එහෙම කියලා කැබ් එකට නැග්ගාම ලියොන් කැබ් එකේ ඉස්සරහින් නැග්ගා යුංගි driver ට යන් කියලා සන් කලාම driver වාහනය පන ගැන්වූවා

පැය කිහිපයකට පසු වරායට පැමිනියා ලියොන් ඉස්සෙල්ලාම කැබ් එකෙන් බැහැලා වටපිටාව චෙක් කරලා යුංගිට බහින්න කැබ් එකේ දොර ඇරියා යුංගි කැබ් එකෙන් බැහැලා වටපිට බැලුවා වරාය පුරා පැතිරිලා තිබුනේ දැඩි නිහඩතාවයක් යුංගිට ඒ නිහඩතාවය ගෙනාවේ මූසල බවක්

කොල්ලා ඒ පිලිබද වැඩි තැකීමක් නොකර වරායේ වැඩිය කවුරුවත් නොගැවසෙන අදුරු පැත්තකට ඇවිදගෙන ගියේ ලියොන් ඇතුලු ගාඩ්ස්ලා කොල්ලාගේ පිටිපස්සෙන් ආවා වෙනදා වැන්ග් සමග ඩීල් කරන ස්ථානයට පැමිනි යුංගි එහි තිබූ මදක් විශාල නැවකට ගොඩ වුනා

" Welcome to my ship Mr.SUGA.."

වැන්ග් එහෙම කියාගෙන ඉස්සරහට එද්දී යුංගි කට කොනින් හිනා වුනා

" අපි කාලෙකින් හම්බුනේ "

" ආපු වැඩේ ඉස්සෙල්ලාම ඉවරයක් කරමු මිස්ටර් වැන්ග්.."

යුංගි නොහොත් සුගා එහෙම කිව්වේ ඉක්මනට මෙතනින් යන්න ඕන නිසා මොකද කොල්ලාගේ හිතට මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙන බව දැනුනා නැතත් යුංගි වැඩකට ආවාම ඕපදූප කියවලා වෙලාව නාස්ති කරනවාට කැමති නැ

" ඕකේ ෂුවර් "

වැන්ග් එහෙම කියලා ඉස්සරහට අත දික් කරලා පෙන්නුවාම සුගා ගිහින් එතැනින් තිබුණු සෝෆා එකේ වාඩිවුනා ලියොන් ගිහින් යුංගිගේ පිටිපස්සෙන් හිටගත්තේ වටපිටාවට අවදානය දෙන ගමන් වැන්ග් එතැන ඉස්සරහ තිබුණු සෝෆාවේ වාඩිවෙලා අතින් සන් කලාම කොට ටයිට් ගවුමකින් සැරසුණු කෙල්ලෙක් වයින් බොටල් එකක් සහ ග්ලාස් දෙකක් අරගෙන ඇවිත් ඉදිරියේ තිබුණු ග්ලාස් ටේබල් එක මතින් තිබ්බා

වයින් බොටල් එක ඕපන් කරලා ග්ලාස් එක පිරෙව්ව කෙල්ල වැන්ග්ට එක ග්ලාස් එකක් දීලා අනිත් ග්ලාස් එක සුගාට දුන්නා ඊට පස්සේ ඒ කෙල්ල වැන්ග් වාඩිවෙලා හිටපු සෝෆා එකේ ඇන්ද මතින් වාඩිවුනා වැන්ග් ඒ කෙල්ලගේ ඉන වටේ අතක් යවලා ඇදලා අරගෙන කෙල්ලගේ තොල් වලට පෙක් තිබ්බා

සුගා මේ දිහා බලාගෙන හිටියේ කලකිරුනු ස්වභාවයකින් ඒ කෙල්ල වැන්ග් ලගින් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවුනේ කොට ටයිට් ගවුම තවත් ඉස්සිලා Thighs නිරාවරණය වෙද්දී

" diamond ඔක්කොම රෙඩි ද වැන්ග් "

" ඔව් සුගා එතකොට මගේ සල්ලි "

යුංගි ගාඩ් කෙනෙක් දිහා බලද්දී ගාඩ් අතේ තිබුණු සූට්කේස් එක ඇරලා ටේබල් එක මතින් තිබ්බා

" වැන්ග්ට ඕන නම් ගනන් කරලා බලන්න පුලුවන් "

සල්ලි කොල අතරේ කෑදරකමින් ඇගිලි තුඩු අරගෙන යන වැන්ග් දිහා බලාගෙන සුගා කිව්වා

" එහෙම ඕන නැ සුගා මට සුගාව විශ්වාසයි "

වැන්ග් එහෙම කියලා සූට්කේස් එක වැහුවාම යුංගිගේ ඉස්සරහින් කලු පැහැති සූට්කේස් එකක් ගෙනත් තිබ්බා

" සුගාට ඕන කරපු විදියට diamond ඔක්කොම ඇති "

සුගා සූට්කේස් එක ඇරලා බැලුවාම තිබුණේ දිලිසෙන diamonds සුගා diamond එකක් අතට අරගෙන බලලා කට කොනින් හිනා වුනා යුංගි සූට්කේස් එක වහලා වැන්ග් දිහා බැලුවා

" ඔක්කොම හරි "

යුංගි හිස් කරපු වයින් ග්ලාස් එක ටේබල් එක මතින් තිබ්බා වැන්ග් එක අතක් කෙල්ලගේ thighs මිරිකන ගමන් හිටියේ ඒ කෙල්ලගේ අතක් වැන්ග්ගේ ශර්ට් එකේ බොත්තම් අතර රැදිලා තියෙනවා යුංගි දැක්කා

" එහෙනම් වැන්ග් මම යනවා "

යුංගි සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වා

" මෙච්චර ඉක්මනට යනවද සුගා කාලෙකින් හම්බවෙලා ෆන් එකක් ගන්නේ නැද්ද "

" වැන්ග්ට මම හිටියොත් ෆන් එකක් ගන්න බැරි වෙයි '

යුංගි කෙල්ල දිහා බලන ගමන් කිව්වා වැන්ග් හිනා වෙලා යුංගිට අත දුන්නාම යුංගි වැන්ග්ට අත දීලා එතැනින් යන්න හැරෙනකොට වැන්ග් කෙල්ලව සෝෆා එකේ පෙරලගෙන කිස් කරන්න ගත්තා ලියොන් ඩයමන්ඩ් තියෙන සූට්කේස් එක ගත්තාම යුංගි ඉක්මනට වැන්ග්ගේ නැවෙන් එලියට ආවා

යුංගි diamond අරගෙන වරායෙන් එලියට එන්න හදනකොට ඇහුනු සද්දයක් නිසා යුංගි එතැන්ම නතර වෙලා වටපිටාව හොදින් නිරීක්ෂණය කලා

" බොස්..."

" මොකෙක් හරි අපි එක්ක සෙල්ලමක් කරන්න හදන්නේ "

යුංගි ඉනේ ගහගෙන ඉදපු ගන් එක එලියට ගන්න ගමන් කිව්වා ඒත් එක්කම යුංගිගේ පිටිපස්සේ හිටපු ගාඩ් කෙනෙක්ට වෙඩි වැදුනා

" සුගා....තමුන් හොද හිතින් යටත් වුනොත් ඒක අපිටත් ලේසියි තමුන්ගේ ශරීර සෞඛ්‍යයට හොදයි "

එහෙම කියාගෙන හැංගිලා හිටපු NIS නිලධාරීන් එලියට ආවා යුංගිලා NIS නිලධාරීන් විසින් සම්පූර්ණයෙන් වට කරලා තිබුනේ ඒත් යුංගි යටත් වෙන්න සූදානමක් තිබුණේ නැ මිස්ටර් පාර්ක් යුංගිගේ පැත්තට ගන් එක දික් කරගෙන බලාගෙන ඉදියා

" බොස් අපි මොකද කරන්නේ....අපිව සම්පූර්ණයෙන් වට කරලා "

ලියොන් යුංගිගේ කනට ලං වෙලා කිව්වා

" යටත් වෙන්නේ නැ ලියොන් මෙතනින් පැනගන්න පුලුවන් "

යුංගි වටේටම ඇස් යවමින් කියලා මිස්ටර් පාර්ක්ගේ පැත්තට ගන් එක දික් කලාම යුංගිගේ ගාඩ්ස්ලා ඒ විදියට NIS නිලධාරින්ට ගන් එක දික් කලා

" තමුන්ට අවසන් වතාවට කියන්නේ සුගා තමුන්ට යටත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ "

මිස්ටර් පාර්ක් කියද්දී සුගා කට කොනින් හිනා වුනා කාටවත් හිතන්නවත් වෙලාවක් නොදී මිස්ටර් පාර්ක්ට එහා පැත්තේ හිටපු නිලධාරියාට සුගා වෙඩි තිබ්බේ අනිත් ගාඩ්ස්ලා වෙඩි තියන්න ගත්තා NIS නිලධාරීන් ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී යුංගි ඉස්සරහට එන නිලධාරින්ට වෙඩි තියන ගමන් ඉස්සරහට ගියා ලියොන් සුගාව ආරක්ෂා කරන ගමන් කොල්ලා එක්කම හිටියා

" බොස් මම මුන්ගේ අවදානය වෙනස් කරන්නම් බොස් ඉක්මනට මෙතනින් පැනගන්න "

" පැනලා යන්න මම බයගුල්ලෙක් නෙවෙයි ලියොන් "

සුගා එහෙම කියන ගමන් එයාට ගහන්න ආපු නිලධාරියාගේ අත අබරලා පිටිපස්සට කරලා පයින් ගහලා වෙඩි තිබ්බා ඒත් එක්කම සුගාගේ අත ලගින් ගෑවිලා බුලට් එකක් ගියා ඒ වෙන කවුරුවත් නෙවෙයි මිස්ටර් පාර්ක් වෙඩි තිබ්බේ සුගාට මිස්ටර් පාර්ක් හානියක් කරන්න ඕන නැ ඒ සෝයූන්ගේ අප්පා නිසා කොල්ලා බුලට් එක ගෑවිලා ගිහින් ලේ බේරෙන අත දිහා බලලා දුවගෙන ගිහින් මිස්ටර් පාර්ක්ගේ අතට පයින් ගැහුවේ මිස්ටර් පාර්ක්ගේ අතේ රැදිලා තිබුණු ගන් එක පැත්තකට විසි වෙලා ගියා

මිස්ටර් පාර්ක්ගේ අතින් ගන් එක විසි වෙනවත් එක්කම සුගා දිහාට ගන් එක දික් කරගෙන හිටපු ඔෆිසර් කෙනෙක්ට සුගා වෙඩි තියන්න හදනකොට මිස්ටර් පාර්ක් සුගාගේ පිටට පයින් ගැහුවා ඒත් එක්කම ඔෆිසර් සුගාට වෙඩි තිබ්බේ සුගාගේ උරහිස පසාරු කරගෙන බුලට් එක බහිද්දී

" බොස්...."

ලියොන් කෑගහගෙන සුගා ලගට දුවගෙන ආවා සුගා වියරුවෙන් වගේ ඒ ඔෆිසර්ට වෙඩි තියාගෙන ගියා NIS officers වගේම සුගාගේ ගාඩ්ස්ලා පවා බොහො දෙනෙක් මිය ගිහින් තිබුනා සුගාගේ ඇග ටික ටික අඩපන වෙමින් තිබුනා

" දැන් තමුන්ට යටත් වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැ "

මිස්ටර් පාර්ක් ගන් එක සුගාගේ පැත්තට දික් කරගෙන කිව්වා මේ වෙනකොට සුගා දාගෙන හිටපු කැප් එක ගැලවිලා තිබුනා මිස්ටර් පාර්ක්ට ලොකු ප්‍රශ්නයක් තිබුනා ඇයි සුගා තමන්ට ඇටෑක් නොකරන්නේ කියලා දෙකට නැවිලා හිටපු සුගා ඇස් උස්සලා මිස්ටර් පාර්ක් දිහා බලලා මිස්ටර් පාර්ක් දිහාට ගන් එක දික් කලා

" තමුන් දුර්වලයි සුගා තමුන් පැරදිලා ඉවරයි "

" මම තාම පැරදුනා කියලා පිලිගත්තේ නැ මිස්ටර් පාර්ක් "

සුගා එහෙම කියලා මිස්ටර් පාර්ක්ගේ කකුලට ගහලා එතැනින් බේරිලා යන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුනු මිස්ටර් පාර්ක් සුගාට වෙඩි තිබ්බේ කොල්ලාව අඩියක් ඉස්සරහට විසි වෙලා යද්දී මේ වෙනකොටත් සුගාගේ ඇගෙන් සෑහෙන්න ලේ ප්‍රමාණයක් පිට වෙලා ගිහින් තිබුනා මිස්ටර් පාර්ක් ඇවිත් කොල්ලාගේ මාස්ක් එක ගලවන්න හැදුවත් සුගා මිස්ටර් පාර්ක්ව තමන්ගේ ඉතිරි වෙලා තිබුණු උපරිම ශක්තිය යොදවලා තල්ලු කලා කොල්ලා වෙඩි තියන්න හැදුවත් ගන් එකේ බුලට් ඉතුරු වෙලා තිබුණේ නැ ගන් එකත් පොලොවේ ගහපු සුගා වැනි වැනි ඉස්සරහට අඩියක් තිබ්බේ යන්න ඒත් එක්කම පිටිපස්සෙන් ආපු officers දෙන්නෙක් සුගාව අල්ලගත්තා

" මාව අතහැරපන් යකෝ "

සුගා අල්ලාගෙන ඉන්න ඔෆිසර්ලාගේ අත් වලින් බේරෙන්න හදන ගමන් සුගා කෑගැහුවා ඒත් එක්කම ලං වුනු මිස්ටර් පාර්ක් සුගාගේ මාස්ක් එක ගැලෙව්වේ මෙච්චර කාලයක් NIS එක නොමග යවමින් මුලු කොරියාවම බය කරගෙන ඉන්න සුගාගේ මූන බලන්න මිස්ටර් පාර්ක්ගේ මූන ලෝකේ අටවැනි පුදුම දැක්කා වගේ සුගා දිහා බලාගෙන හිටියා

" කොහොමද මෙහෙම වුනේ "

මිස්ටර් පාර්ක් යුංගි දිහා බලාගෙන මිමිනුවා කොල්ලා වෙනසක් නොපෙන්වා කට කොනින් හිනාවක් එක්ක මිස්ටර් පාර්ක් දිහා බැලුවා

" Surprise වුනා ද අප්පා..."

යුංගි එහෙම කිව්වාම යුංගිව අල්ලාගෙන හිටපු ඔෆිසර්ලා දෙන්නා මිස්ටර් පාර්ක් දිහා බැලුවේ පුදුමෙන්

" තමුන්......තමුන්.......කොහොමද මෙහෙම කරන්නේ...."

" කොහොමද අප්පා..."

ඒත් එක්කම පිටිපස්සෙන් ආපු ලියොන් ඔෆිසර්ස්ලා දෙන්නාගේ ඔලුවට ගන් එකෙන් ගහලා යුංගිව බේරගත්තා මිස්ටර් පාර්ක් දිහා බලපු යුංගි කට කොනින් හිනා වෙලා ගියා මිස්ටර් පාර්ක්ට වුනු දේවල් හිතාගන්න බැරුව හිටියේ ලියොන් ඉක්මනට තව ගාඩ් කෙනෙක්ගේ උදව්වෙන් යුංගිව කැබ් එකට දාගත්තා කොල්ලාගේ මූන සුදුමැලි වෙලා යුංගි හිටියේ සිහියත් අසිහියත් අතර

" බොස්...."

" මම හොදින්...."

කොල්ලා ඇස් පියාගෙන කිව්වා යුංගි හොදින් නෙවෙයි කියන්න හොදටම ලියොන් දන්නවා ඒ නිසා ඉක්මනට mafia house එක කරා යන්න පටන් ගත්තා kim mansion එකට ගියොත් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා
.

.
සෝයූන් උදේ ඉදලා ඇගිල්ලකුත් කටේ ගහගෙන ලොකු කල්පනාවක හිටියේ සැරින් සැරේ ෆෝන් එක දිහා බල බල ඉදලා කොෆි මග් එකත් අරගෙන ගිහින් ග්ලාස් වින්ඩෝ එකට හේත්තු වෙලා බිමින් වාඩිවුනා සේ සේ කෙල්ලගේ ලගින් වාඩිවුනා

කෙල්ල ග්ලාස් වින්ඩෝ එකට ඔලුව හේත්තු කරගෙන හිටියා සෝයූන්ගේ හිතට හරි අමුතු බයක් වේදනාවක් දැනුනා කෙල්ල පිටතින් හරි සැහැල්ලුවෙන් හිටියත් ඇතුලතින් කුනාටුවක් වගේ තිබුනා යුංගිගේ ෆෝන් එක ඕෆ් නිසා කෙල්ලගේ බය තවත් වැඩිවුනා

" සේ සේ එයා ආපහු මාව මගහරින්න පටන්ගෙන ද...?
අනියා එයා පොරොන්දු වුනා මාත් එක්ක අන්තිම හුස්ම වෙනකම් එකට ඉන්නවා කියලා.....
එයාට කරදරයක් ද සේ සේ මගේ හිතට හරි අමුත්තක් දැනෙනවා හරියට මගේ ලගම කෙනෙක්ට කරදරයක් වගේ එයාට ප්‍රශ්නයක් නැතුව ඇති සේ සේ එහෙනම් යුන්වි මට කියනවා නේ..."

සෝයූන් එයාගේ ලගින් වාඩිවෙලා ඉන්න සුදු පාට පුලුන් බෝලයක් වගේ ඉන්න පූසාගේ ඔලුව අතගාන ගමන් කිව්වා ඒත් එක්කම සෝයූන්ගේ ෆෝන් එක රින් වෙන්න ගන්නකොට කෙල්ල මග් එක බිමින් තියලා දුවගෙන ගිහින් ඇද උඩ තිබුණු ෆෝන් එක ගත්තා කෝල් ID එක දැක්කාම කෙල්ලගේ මූනේ තිබුණු හිනාව මදක් අඩු වුනා

" යෙබුස්සයෝ නම්ජූන් ඔප්පා.....මොකද එකපාරට මාව මතක් වෙලා "

කෙල්ල හිනාවක් එක්ක එහෙම ඇහුවත් සෝයූන් හිටියේ දෙගිඩියාවෙන්

" ගමනක් යන්න තියෙනවා ඉක්මනට රෙඩි වෙලා එන්න මම ගේ ඉස්සරහ ඉන්නේ "

නම්ජූන්ගේ කටහඩේ ලොකු කලබලයක් තිබුනා

" මොකද ඔප්පා....."

" ප්‍රශ්න අහන්න එපා සෝයූන් ප්ලීස් ඉක්මනට එන්න.."

" ම්ම්ම් හරි මම එන්නම්.."

සෝයූන් එහෙම කියලා කෝල් එක කට් කරලා එයා දිහා බලාගෙන ඉන්න සේ සේ දිහා බැලුවා

" මොනාහරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා සේ සේ ඒක එච්චර හොද දෙයක් නෙවෙයි "

සෝයූන් එහෙම කියලා ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරගෙන ඇදගෙන ඉක්මනට පහලට ගියා ඒ වෙලාවේ මිස්ටර් පාර්ක් ගෙදර හිටියේ නැ ඉමෝට යුන්වි හම්බවෙන්න යනවා කියාගෙන ගෙදර එලියට බැස්සා කිව්වා වගේම නම්ජූන් හිටියා කෙල්ල ඉක්මනට ගිහින් කා එකට නැගලා නම්ජූන් දිහා බැලුවේ ප්‍රශ්න ගොඩක් අහන්න බලාපොරොත්තුවෙන්

" මම දන්නවා සෝයූන්ට ප්‍රශ්න ගොඩක් අහන්න ඇති ඒත් පොඩ්ඩක් කලබල නොවී ඉන්න ඔයාගේ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බවෙයි "

නම්ජූන් එහෙම කිව්වාම සෝයූන් ඔලුව වැනුවා නම්ජූන් ටික දුරක් ගිහින් කවුරුවත් වැඩිය නැති පාලු පැත්තකට වාහනය හැරෙව්වාම කෙල්ල නම්ජූන් දිහා බැලුවේ කුතුහලයෙන් ටික දුරක් ගිහින් නම්ජූන් විශාල ගේට්ටුවක් ඉදිරියේ නවත්තලා ශටර් එක ඇරලා ඔලුව එලියට දැම්මාම ගාඩ් ගේට්ටුව ඇරියා සෝයූන් කා එකේ ඉදගෙනම පේන විශාල මන්දිරය දිහා ඇස් කරකවමින් බලනවා

" බහින්න සෝයූන් "

" මේ කොහෙද ඔප්පා "

හැමතැනම ඉන්න ෆුල් සූට් ඇදලා ගල් පිලිම වගේ ඉන්න ගාඩ්ස්ලා දිහාත් විශාල මන්දිරය දිහාත් මන්දිරය ඉදිරියේ තියෙන විශාල උද්‍යානය දිහාත් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා

" මේ යුංගි හියුන්ග්ගේ මාෆියා හවුස් එක "

" අහ්.....! මොහ්...?"

" යන් ඇතුලට "

නම්ජූන් ඉස්සර වෙලා යද්දී සෝයූන් පිටිපස්සෙන් වටපිට බලන ගමන් ඇවිදගෙන ආවා නම්ජූන් සෝයූන් එක්ක living room එකට යද්දී ජින් ටේහ්‍යුන් යුන්වි ලියොන් living room එකේ හිටියා

" ඔක්කොම මෙහෙ ද....? කෝ මගේ හොර පූසා කොහෙද ඉන්නේ...? මම කෝල්ස් කීයක් ගත්තා ද ෆෝන් ඕෆ් කරගෙන මොනාද කරන්නේ "

සෝයූන් කියවගෙන යනකොට ඔක්කොම එකිනෙකා මූනු බලාගත්තා

" සෝයූනා...යුංගි මෙහේ ඉන්නවා "

ජින් කෙල්ලගේ ලගට ගිහින් කිව්වා

" කොහෙද ඉන්නේ.."

සෝයූන් living room එක පුරා ඇස් යවන ගමන් ඇහුවා

" සෝයූනා.....මේ දකින දේවල් දැකලා කලබල වෙන්න එපා හරි ද යුංගි හොදින් ඉන්නවා "

ජින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" එයාට කරදරයක් ද ඔප්පා.....මොකද්ද වුනේ "

සෝයූන් කලබලයෙන් ඇහුවා

" යාහ්හ් කියන්නකෝ ජින් ඔප්පා මොකද හැමෝම කටවල් වහගෙන ඉන්නේ මගේ යුංගිට මොකද වුනේ එයා කොහෙද ඉන්නේ මට උත්තර දෙනවා "

සෝයූන් අහනකොට ජින් කෙල්ල දිහා දුකින් බලාගෙන හිටියේ

" අපි යන් යුංගිව බලන්න "

නම්ජූන් එහෙම කියලා සෝයූන් එක්ක ඉස්සර වෙලා යද්දී ජින් යුන්වි ටේහ්‍යුන් ලියොන් පස්සෙන් ගියා නම්ජූන් යුංගිගේ රූම් එකේ දොර ඇරියා

නම්ජූන් දොර ඇරලා ඉඩ දුන්නාම සෝයූන්ට දකින්න ලැබුනේ එයා ජීවිතේ කිසිම දවසක දකින්න බලාපොරොත්තු නොවුනු දර්ශනයක් කෙල්ලගේ කකුල පන නැතුව වැටෙන්න යනකොට ටේහ්‍යුන් සෝයූන්ව අල්ලගත්තා

" එයා.....එයා....එයාට මොකද වුනේ..."

සෝයූන්ගේ කටහඬ වෙව්ලනවා ඇද උඩ සිහිය නැතුව ඉන්න යුංගිගේ අතක් බැන්ඩේජ් කරලා තිබුනා උරහිසත් ඉන වටේත් බැන්ඩේජ් කරලා තිබුනා කොල්ලාගේ මූන සුදුමැලි වෙලා තිබුනා කොල්ලාට සේලයින් එකක් දීලා තිබුනා සෝයූන්ගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ කෙල්ල අසිහියෙන් වගේ යුංගි ලගට ඇවිදගෙන ගියා හෝසොක් යුංගි ලග ඉදියා

" මගේ යුංගිට මොකද වුනේ ඔප්පා...?
ඇයි මේම ඉන්නේ..?
මාත් එක්ක තරහ වෙලා ද..?
මම එදා ගැහුවා හින්දා ද ආපහු කතා කරන්නේ නැ කියලා බැන්න හින්දා ද මෙහෙම ඉන්නේ..? 
යුංගි.....ඇයි ඇස් පියාගෙන ඉන්නේ මගේ දිහා බලන්නකෝ
ප්ලීස් ඔහොම ඉන්න එපා මට ගොඩක් රිදෙනවා
මගේ කදුලු දකින්න කැමති නැ කියනවා නේද එහෙනම් නැගිටලා කතා කරන්නකෝ මගේ පපුව ගොඩක් රිදෙනවා යුංගි....
අනේ....
නැගිටලා කියන්න මම තමුසෙගේ කන පලනවා කියලා...
කතා කරන්නකෝ යුංගි....
මට සමාවෙන්න...මම ආපහු බනිනෙත් නැ තරහ වෙන්නත් නැ ඔයා කියන විදියට ඉන්නම් "

සෝයූන් සිහින නැතුව ඉන්න කොල්ලාගේ මූන අතගාන ගමන් කතා කලේ බලාගෙන හිටපු අනිත් අයගේ ඇස් වලට කදුලක් එක් කරලා කෙල්ල යුංගිගේ මූන පුරා හාදු වලින් තෙමුවේ කෙල්ලගේ කම්බුල් වල තිබුණු කදුලු යුංගිගේ මූනේ ගෑවෙද්දි

සෝයූන් කොල්ලාව බදාගෙන අඩන්න පටන් ගත්තාම ජින් කෙල්ලගේ ඔලුව අතගාලා යුංගිගෙන් ඈත් කලා ජින් ඉකි ගසමින් අඩන කෙල්ලව පපුවට තුරුල් කරගත්තා සෝයූන්ගේ ඇස් තිබුණේ සිහිය නැතුව ඉන්න යුංගිගේ ලග

" ශ්ශ්ශ්...සෝයූනා...හොද දරුවා වගේ අඩන එක නවත්තන්න යුංගිට ලොකු ප්‍රශ්නයක් නැ තව ටිකකින් සිහිය එයි.."

ජින් කෙල්ලට කියද්දී ටේහ්‍යුන් සෝයූන් ලගින් ඇවිත් දනගහ ගත්තා

" හේයි රන්ඩු කෙක්ක දැන් අඩන බබෙක් වෙලා නේ "

ටේහ්‍යුන් කෙල්ලගේ කම්බුලක් මිරිකලා කිව්වාම සෝයූන් කොල්ලාගේ අතට ගැහුවා

" ජින් හියුන්ග් කැමති වුනේම නැ සෝයූන්ව මෙහෙට ගෙන්නන්න "

නම්ජූන් කිව්වාම සෝයූන් ඔලුව උස්සලා එයාව තුරුල් කරගෙන ඉන්න ජින්ගේ දිහා බැලුවේ ඒ මොකද කියලා අහන්න වගේ

" මට බොරු කියන්න ඕන නැ සෝයූන් පාර්ක් අන්කල් නිසායි මම ඔයා මෙහෙට එනවාට අකමැති පාර්ක් අන්කල් දන්නවා යුංගි කියන්නේ සුගා කියලා ඊයේ NIS එකත් එක්ක සිද්ධ වුනු ෆයිට් එකේ දී තමයි යුංගිට තුවාල වුනේ යුංගිගේ ඇගේ බුලට් දෙකක් තිබුනා එයින් එකක් පාර්ක් අන්කල් වෙඩි තියපු එකක් ඒ නිසා පාර්ක් අන්කල් යුංගිව අල්ලගන්න ඔයාගේ පස්සෙන් එන්න පුලුවන් ඒත් යුංගි ඔයාගේ නම මුමුනන නිසා වෙන කරන්න දෙයක් තිබුණේ නැ "

ජින් කියන දේවල් අහගෙන හිටපු කෙල්ල ජින්ගෙන් ඈත් වෙලා බිම බලාගත්තා ටේහ්‍යුන් ජින් දිහා බැලුවේ ඇයි ඒ දේවල් කිව්වේ කියලා අහන්න වගේ සෝයූන් මුකුත් නොකියා යුංගිගේ අතක් තුරුල් කරගෙන ඔලුව ඇද උඩින් තියාගෙන යුංගි දිහා බලාගෙන හිටියා කෙල්ලගේ ඇස් වලින් කදුලු බිදු ඔහේ කඩාගෙන හැලෙනවා එයා නිසා යුංගිගේ ජීවිතේට අනතුරක් වෙයි කියලා සෝයූන්ට හිතුනා

ටේහ්‍යුන් යුංගි දිහා බලාගෙන ඉන්න කෙල්ලගේ ඔලුව අතගාලා රූම් එකෙන් එලියට ගියේ අනිත් අයත් සෝයූන්ට එහෙම ඉන්න දීලා රූම් එකේ දොරත් අඩවන් කරගෙන ගියා කෙල්ලගේ මනසට මේ වෙන දේවල් බර වැඩියි සෝයූන්ට ලොකු අසරණකමක් දැනුනා එක පැත්තකින් එයාගේ අප්පා අනිත් පැත්තෙන් එයාගේ පලවෙනි ආදරේ

" මට ලොකු අසරණකමක් දැනෙනවා කිටියෝ...... මම මොකද්ද කරන්න ඕන කියලා තේරෙන්නේ නැ මට ඔයාවත් ඕන අප්පාවත් ඕන ඔයා කියන්න කිටියෝ මම මොකද්ද කරන්න ඕන "

සෝයූන් යුංගිගේ අතක් පිරිමදින ගමන් කිව්වා එතකොට කෙල්ලගේ ෆෝන් එක රින් වුනු නිසා සෝයූන් බෑග් එකේ තිබුණු ෆෝන් එක අරගත්තා කෝල් ID එක දැකලා කෙල්ලගේ හිත ගැස්සුනේ නැ කිව්වොත් ඒක බොරුවක් සෝයූන් ඉක්මනට කදුලු පිහිදගෙන ෆෝන් එක අරගෙන ඇද ලගින් නැගිට්ටා හොද හුස්මක් ගත්ත සෝයූන් කෝල් එක ආන්සර් කලා

" යෙබුස්සයෝ අප්පා...."

" කොහෙද ඉන්නේ "

මිස්ටර් පාර්ක් කේන්තියෙන් පිරුනු හඩකින් ඇහුවාම සෝයූන් ටිකක් බය වුනා

' අප්පා.......මම යුන්වි එක්ක එලියට ආවා.."

" මම ඇහුවේ කොහෙද ඉන්නේ කියලා මිසක් කාත් එක්ක ද ඉන්නේ කියලා නෙවෙයි "

සෝයූන් යටි තොල හපාගත්තේ මෙච්චර කාලෙකට මිස්ටර් පාර්ක් මෙච්චර තදින් කෙල්ලට කතා කරලා නැති නිසා

" හන් රිවර් එක ලග තියෙන කොෆි ශොප් එකේ "

" ඉක්මනට ගෙදර එන්න මට කතා කරන්න ඕන "

" හරි අප්පා...."

" යුංගි හම්බුනා ද නැත්නම් කෝල් කලා ද..?"

මිස්ටර් පාර්ක් එහෙම ඇහුවාම සෝයූන් හැරිලා බැලුවේ ඇද උඩ සිහිය නැතුව ඉන්න යුංගි දිහා

" අනියා...අප්පා...එයාගේ ෆෝන් ඕෆ්.."

සෝයූන් යුංගි දිහා බලාගෙනම උත්තර දුන්නා

" ම්ම්ම්...ඉක්මනට එන්න.."

" හරි අප්පා.."

සෝයූන් එහෙම කියලා කෝල් එක කට් කරලා ග්ලාස් වෝල් එකෙන් ඈත පේන අහස උසට නැගුනු බිල්ඩින් නිල් පැහැති අහස දිහා බලාගෙන හිටියා

" මට සමාවෙන්න අප්පා...දවසක ඔයා මාව තේරුම් ගනියි කියලා විශ්වාස කරනවා..මට මේ වෙලාවේ හැමදේටම වඩා වටින්නේ යුංගිගේ ජීවිතේ "

සෝයූන් මිමිනුවා කෙල්ලගේ ඇස් වල කිසිම හැගීමක් තිබුණේ නැ සෝයූන්ට මේ වෙලාවේ ඕන වුනේ යුංගිව ආරක්ෂා කරගන්න ඊට පස්සේ වෙන දෙයක් ගැන කෙල්ල හිතුවේ නැ

සෝයූන් හිතනවා වගේ මිස්ටර් පාර්ක් කෙල්ලව තේරුම් ගනියි ද..?

To be continue.................♡︎

අද චැප්ටර් එක ස්කූල් පටන් ගන්න කලින් අප්ඩේට් එකක් ඉල්ලපු සහ ඊයේ ඕලෙවල් ලියා අවසන් කල මා දයාබර සංකුටු රීඩස් පැටවුන් වෙනුවෙන් අප්ඩේට් කරන බව කරුනාවෙන් සලකන්න

ඉක්මනට අප්ඩේට් දුන්නු හින්දා කමෙන්ට් එකක්වත් දාගෙන පලයව් හොරාට කියවලා හොර පූස් තඩියෝ ටික වගේ යන්නේ

6 Liners ඒලෙවල් වලට මොනාද කරන්නේ කියලා හිතුවා ද..?
දැන් පුලුවන් නම් කියපන්කෝ එහෙම එකක් හිතලා නැ කියලා

දහවල් ආහාරය ඕතර් ගානේ රන්ඩු නොකර හිමින් කම්න ඈ

ඔන්න ඩෙසට් එක

එහෙනම් Cudu nona ලා ටික තවත් කල්පෙකින් පමන හමුවීමේ බලාපොරොත්තුවෙන් ඕතර් සමුගන්නවා

Bạn đang đọc truyện trên: AzTruyen.Top