匚卄卂卩ㄒ乇尺 30🐾

" තමුසේ ද මගේ ඔම්මාගේ මිනිමරුවාගේ පුතා "

සෝයූන් කෑගහලා ඇහුවේ අනිත් අය තවත් කම්ෆියුස් කරලා යුංගි සෝයූන් ගහපු කම්බුල අල්ලාගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා සෝයූන්ගේ ඇස් වලින් කදුලු බිදු එක දිගට කඩාගෙන හැලෙනවා සෝයූන් කෙලින්ම යුංගි දිහා බලාගෙන ඉදියා

" සෝයූන්....මොනාද කියවන්නේ "

යේජි කෙල්ලගේ වැලමිටෙන් අල්ලන ගමන් ඇහුවා

" ඒක තමයි ඇත්ත ඔම්මා මිස්ටර් මින් තමයි මගේ ඔම්මාගේ මරනෙට වගකියන්න ඕන "

සෝයූන් යේජි දිහාට හැරිලා කිව්වා යේජි අල්ලාගෙන හිටපු සෝයූන්ගේ අත ලිහිල් වුනා

" අනියා.......එහෙම වෙන්න බැ මින්ට එච්චර දෙයක් කරන්න බැ සෝයූන් ඔයාට වැරදීමක් වෙලා "

යේජි සෝයූන්ගේ අත් දෙකෙන් අල්ලාගෙන කිව්වා කෙල්ල යේජිගෙන් අත් දෙක මුදාගෙන අඩියක් පිටිපස්සට තිබ්බා

" ඒක තමයි ඇත්ත ඔම්මා ඔයාගේ පුතන්ඩියාත් හැමදේම දන්නවා "

සෝයූන් කට කොනින් හිනා වෙලා යුංගි දිහා බලලා කිව්වා යේජි කොල්ලා ලගට ගියා

" සෝයූන් කියන්නේ ඇත්ත ද යුංගි මට කියන්න "

යුංගි මුකුත් නොකියා සෝයූන් දිහා බලාගෙන හිටියා කොල්ලාගේ ඇස් නැවතිලා තිබුණේ සෝයූන්ගේ කදුලින් තෙත් වුනු ඇස් ලග යුංගිගේ ඇස් වල තිබුනේ සමාව ඉල්ලීමක්

" මට කියන්න යුංගි සෝයූන් කියන්නේ බොරු නේද "

" මම මොකටද ඔම්මා බොරු කියන්නේ අනික යුංගි කටවහගෙන ඉන්නේ මම කියන්නේ ඇත්ත නිසා නේ "

සෝයූන් එහෙම කිව්වාම යේජි කොල්ලාගේ කම්බුල් වලින් ඇල්ලුවා

" යුංගි.....?"

" ඒක ඇත්ත ඔම්මා සෝයූන් කියන්නේ ඇත්ත අප්පා තමයි සෝයූන්ගේ ඔම්මා මරලා තියෙන්නේ "

යුංගි බිම බලාගෙන කිව්වේ තවත් සෝයූන් දිහා බලාගෙන ඉන්න ශක්තියක් නොතිබුනු නිසා යේජි කොල්ලාගේ කම්බුල් අතහැරලා අඩියක් පස්සට තිබ්බේ ඇහුනු දේවල් විශ්වාස කරන්න බැරුව යේජිට ඒ දේවල් විශ්වාස කරන්න ඕන වුනේ නැ

" ඒක වෙන වෙන්න විදිහක් නෑ මට විශ්වාස කරන්න බෑ මින්....මින්... එහෙම කෙනෙක් නෙවෙයි එයා වැරදි කරනවා තමයි ඒ උනාට මනුස්සයෙක් මරන්න එයාට බැ "

යේජි කදුලු පුරවගෙන කිව්වා යුංගි එයාගේ ඔම්මාව තුරුල් කරගත්තා යේජි දිගටම අඩන ගමන් කිව්වේ මින් එහෙම දෙයක් කරන්නේ නැ කියලා සෝයූන් කදුලු පුරවගෙන මේ දිහා බලාගෙන හිටියා කෙල්ල දුකට කේන්තියට කෑගැහුවා

" මේ නිසා නේද මාව මගහැරියේ "

සෝයූන් යුංගිගේ දිහා බලාගෙන අහද්දී කොල්ලා ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නැ යුංගිට කෙල්ල දිහා බලන්න ශක්තියක් තිබුණේ නැ එදා හොස්පිටල් එකේ දි සෝයූන් ඔම්මා ගැන කියලා අඩපු විදිය කොල්ලාට මතක් වෙනවා ඒ දේවල් මතක් වෙනකොට කොල්ලාගේ හිතට වරදකාරී හැගීමක් දැනුනා ඒ නිසා යුංගි සෝයුන්ව මගහැරලා හිටියේ හැබැයි ඒකෙන් වුනේ තවත් යුංගිට දුකක් වේදනාවක් එකතු වුනු එක විතරයි

" ඇයි එහෙම කරේ...?"

කෙල්ල අඩන ගමන් යුංගි දිහා බලාගෙන අහද්දී කොල්ලා ඒත් මුකුත් කිව්වේ නැ සෝයූන් හොදටම අඩනවා යුන්වි කෙල්ලව අල්ලාගෙන සනසන්න උත්සාහ කරනවා එකපාරට ඔක්කොම බය කරමින් සෝයූන් සිහිය නැතුව වැටුනා යුංගි ඉක්මන් කරලා කෙල්ලව අල්ලගත්තේ නැත්නම් යුන්වි එක්කම බිම

" සෝයූන් "

මිස්ටර් පාර්ක් ඒ වෙලාවේම kim mansion එකට ආවා සෝයූන් සිහිය නැතුව යුංගිගේ අත් අතරේ ඉන්නවා දැකලා මිස්ටර් පාර්ක් බය වෙනවා

" ඔම්මා ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්න "

යුංගි සෝයූන්ගේ කම්බුලට තට්ටු කරන ගමන් කෑගැහුවාම මිසිස් කිම් කෝල් එකක් ගත්තා

" යුන්වි වතුර එකක් අරගෙන එන්න "

ජින් එහෙම කියලා යුන්විව යැව්වා යුංගි සෝයූන්ගේ කම්බුලට තට්ටු කරන ගමන් කෙල්ලගේ නම කියලා කතා කලත් සෝයූන්ගෙන් ප්‍රතිචාරයක් තිබුණේ නැ මිස්ටර් පාර්ක් කෙල්ලගේ අතක් පිරිමදිනවා

" ඔප්පා වතුර "

යුන්වි වතුර වීදුරුවක් ගෙනත් දුන්නාම ජින් කෙල්ලගේ මූනට වතුර ටිකක් ඉස්සාම සෝයූන් හිමින් ඇස් ඇරියා

" සෝයූන්.....බබා මාව පේනව ද..?"

යුංගි ඇහුවාම කෙල්ල ඔලුව වනලා ඇස් පියාගෙන යුංගිට තුරුල් වුනා

.
සෝයූන්ව රූම් එකෙන් තියලා ඩොක්ටර් ඇවිත් කෙල්ලව චෙක් කලා ඩොක්ටර් කිව්වේ සෝයූන්ගේ ශරීරයට අවශ්‍ය නිසි පෝෂනය ලැබුන් නැති නිසා faint වුනේ කියලා කෙල්ල මේ දවස් ටිකේම හරියට කෑමක් නැතුව කල්පනා කරන ගමන් හිටියේ මිස්ටර් පාර්ක් එක්කවත් කෙල්ල හරියට කතා කලේ නැ

ඩොක්ටර් ගියාට පස්සේ මිස්ටර් පාර්ක් කෙල්ල ලගින් වාඩිවෙලා සෝයූන්ගේ ඔලුව අතගෑවා යුංගි රූම් එකේ දොර ලග බිත්තියට හේත්තු වෙලා තද නින්දක ඉන්න සෝයූන් මහන්සියෙන් පිරුනු මුහුන දීහා බලාගෙන හිටියේ හැගීම් විරහිත ඇස් වලින්

" පාර්ක් අන්කල් හැමදේම දන්නවා එහෙම නේද "

නිහඩතාවය බිද දමමින් නම්ජූන් ඇහුවා හැමෝගෙම හිත් වල තිබුණු එකම ප්‍රශ්නය වුනේ මිස්ටර් මින් මොකටද සෝයූන්ගේ ඔම්මාව මරන්නේ කියලා නම්ජූන් දිහා බලපු මිස්ටර් පාර්ක් ඔලුව වැනුවා

" මින් මොකටද ජියාව මරන්නේ....? මරන්න තරම් තිබුණු හේතුව මොකද්ද "

යේජි මිස්ටර් පාර්ක් දිහා බලාගෙන ඇහුවා

" මිස්ටර් මින් පෙන්නන්න තරම් හොද මනුස්සයෙක් නෙවෙයි යේජි සල්ලි බලය නම්බුව වෙනුවෙන් ඕන දෙයක් කරයි මනුස්සයෙක් මරන්න වුනත් දෙපාරක් හිතන්නේ නැ මිස්ටර් මින් කොරියාවේ prime minister වුනේ ගොඩ දෙනෙක්ගේ ජීවිත නැති කරලා ඒ අතරේ ඉන්න එක කෙනෙක් ජියා "

මිස්ටර් පාර්ක් මෙච්චර කාලයක් හිතේ තියාගෙන හිටපු කවුරුවත් නොදන්න කතාවකට මුල පිරුවා

" එයා එහෙම කෙනෙක් නෙවෙයි මින්ට හැමදේටම වඩා අපේ පවුල වටිනවා එයා අපි ගැන හිතනවා "

";ඒ නිසා වෙන්න ඇති අපිව දාලා වෙන කෙනෙක් ලගට ගියේ නේද ඔම්මා "

යුංගි අත් දෙකත් බැදගෙන සමච්චලේට වගේ යේජිගෙන් ඇහුවාම යේජි කොල්ලා දිහා අසරණ විදියට බැලුවා

" ඔයා එක්ක හිටපු කාලේ මිස්ටර් මින් එහෙම වෙන්න පුලුවන් ඒත් දැන් ඉන්නේ තිරිසනෙක් යේජි මේ දේවල් පටන් ගන්නකොට ජියායි මමයි මැරි කරලා මාස තුනක් හෝ හතරක් වගේ ජියා දවසක් මට කිව්වා එයා වැඩ කරන හොස්පිටල් එකේ Organ trafficking සිද්ධ වෙනවා කියලා ජියායි මමයි එකතු වෙලා ඒ ගැන හොයන්න පටන් ගත්තා
එතකොට අපි හොයාගත්තා සුලු අසනීප තියෙන මිනිස්සුන්ට තියෙන ලෙඩේට වඩා බරපතල ලෙඩක් ගැන කියලා ඔපරේෂන් කරලා ඒ මිනිස්සුන්ට හොරාම අවයව ගන්නවා කියලා සමහර අයව මරනවා මේ හැමදේටම හොස්පිටල් එකේ owner උදව් කලා owner මිස්ටර් මින් එක්ක කතා කරනවා ජියාට ඇහිලා තිබුනා 
මේ දේවල් අතරේ ජියා pregnant වුනා මම ජියාට මේ දේවල් වලින් ඈත් කරන්න කියලා කොච්චර කිව්වත් ජියා ඇහුවේ නැ ජියා මේ දේවල් ගැන සාක්ෂි හොයාගෙන පොලිසියට ගිහින් කිව්වත් වැඩක් වුනේ නැ එදා මිස්ටර් මින් මාව හම්බවෙන්න ආවා ඇවිත් කිව්වේ ලස්සනට තියෙන පවුල් විනාස කරගන්න ආසාවක් නැත්නම් කට වහගෙන නිහඩව ඉන්න කියලා මම ජියාට ඒ සිද්ධිය නොකිය හිටියා ජියා ඉන්න තත්ත්වය එක්ක මට මේ දේවල් කියන්න ඕන වුනේ නැ මම ජියාට කොයිවෙලෙත් කිව්වේ මම හැමදේම බලාගන්නම් දරුවා ගැන හිතලාවත් මේ දේවල් වලින් ඈත් වෙන්න කියලා ඒ නිසා ජියායි මමයි අතර කොයිවෙලෙත් රන්ඩු ඇති වුනා
දවසක් ජියා හැමදේම මීඩියා වලට දීලා තිබුනා නිව්ස් වලට යනකම් මම දැනගෙන හිටියෙත් නැ මිස්ටර් මින්ව arrest කරන්න කියලා මිනිස්සු උද්ඝෝෂණ කලා ඒ නිසා මිස්ටර් මින්ව arrest කලා මිස්ටර් මින් arrest කරන වෙලාවේ මමත් ගියා ඒ වෙලාවේ මිස්ටර් මින් කිව්වේ තමුසෙගේ වයිෆ් ප්‍රග්නට් නේ වයිෆ් කොහේහරි යනකොට ඇක්සිඩන්ට් වෙලා නැති වුනොත්.......
මිස්ටර් මින් එහෙම කියලා පිස්සෙක් වගේ හිනා වෙලා ගියපු විදිය මට තාම මතකයි මම එක දෙයක් දැනගෙන හිටියා මිස්ටර් මින් වැඩි කාලයක් ඇතුලේ ඉන්නේ නැ කියලා හිතපු විදියටම මිස්ටර් මින් සතියක් සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කලා
මිස්ටර් මින් නිදහස් වුනා කියන්නේ ජියාගේ ජීවිතේට අපේ දරුවාගේ ජීවිතේට ලොකු අනතුරක් මම ජියාගේ පස්සෙන් කොයිවෙලෙත් හිටියා ජියාව කොහෙවත් තනියෙන් යැව්වේ නැ
ඒත් එක දවසක හැමදේම වෙනස් වුනා ජියා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් නැවැත්තුවා කියලා කෝල් එක ඇවිත් විනාඩියක් යන්න කලින් මිස්ටර් මින්ගෙන් කෝල් එකක් ආවා නත්තලට කලින් හම්බුනු නත්තල් තෑග්ග කොහොමද කියලා මිස්ටර් මින් ඇහුවා මගේ හිතේ තිබුණු බයට දුකට මිස්ටර් මින්ට මොනවද කිව්වේ කියලවත් දන්නේ නැ මිස්ටර් මින් මට හොද වයිෆ් කෙනෙක්  මගේ දුවට ඔම්මා කෙනෙක් නැති කලා මිස්ටර් මින් තව කී දෙනෙක්ගේ ජීවිත විනාස කරලා තියෙනවා ද දන්නේ නැ "

මිස්ටර් පාර්ක් කතාව අවසන් කලාම යේජි ඉකි ගසන හඩ ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් ඇසුනේ නැ

" අන්කල් මේ දේවල් සෝයූන්ට කිව්වා ද..?"

ජින් ඇහුවේ නිදාගෙන ඉන්න සෝයූන් දිහා බලන ගමන්

" අනියා....මම නූනා එක්ක කතා කරනකොට සෝයූන් අහගෙන ඉදලා එහෙම්ම තමයි මෙහෙට යුංගි හොයාගෙන ඇවිත් තියෙන්නේ "

" සෝයූන් යුංගි ඔප්පා එක්ක ආපහු කතා කරන එකක් නැද්ද "

යුන්වි ඇහුවේ යුංගිගේ හිතේ තිබුණු ප්‍රශ්නයක්

" මම හිතන්නේ නැ එහෙම වෙයි කියලා අපි බලමුකෝ "

" සෝයූන්ට නිදාගන්න දීලා අපි එලියට ගියොත් හොදයි "

මිසිස් මින් එහෙම කිව්වාම අනිත් අයත් ඔලුව වනලා ඒකට එකග වුනා රූම් එකෙන් එලියට යන්න ආපු මිස්ටර් පාර්ක් යුංගි ලග නතර වුනා

" වුනු කිසිදේකට ඔයාවත් යේජිවත් වැරදි නැ දරුවෝ සෝයූන් වැරදි තීරණයක් ගන්නේ නැ කියලා විශ්වාසයි හැබැයි මගහැරලා හිටපු නිසා කන් දෙකේ ඇගිලි ගහන්න වෙන දේශනයක් දෙයි "

මිස්ටර් පාර්ක් යුංගිගේ පිටට තට්ටුවක් දාලා හිනා වෙලා කිව්වාම කොල්ලාගේ මූනටත් හිනාවක් ආවා

" එයා ලගින් ඉන්න "

මිස්ටර් පාර්ක් එහෙම කියලා ගියාම යුංගි සෝයූන්ගේ ලගින් ගිහින් වාඩිවුනා
.

.
මධ්‍යම රාත්‍රිය උදා වී තිබුනා බකමූනෙක් කෑගසන හඩ සීතල සුලං දහරා හේතුවෙන් සෙලවෙන ගස් වල සද්ද හැරුනුකොට වෙනත් කිසිදු ශබ්දයක් ඇසෙන්නට වුනේ නැත තද නින්දක සිටි සෝයූන් ඇහැරුනේ තද සීතලක් දැනුනු නිසා නින්දෙන්ම තව ටිකක් බ්ලැන්කට් එක අස්සට ගුලි වුනත් කෙල්ලට සීතල දැනුනා සෝයූන් ඇස් ඇරියාම දැක්කේ බැල්කනියේ දොර ඇරලා තියෙනවා සෝයූන් නිදි මරගාතේ වැනි වැනි ගිහින් බැල්කනියේ දොර වහලා අනිත් පැත්ත හැරෙන්න හදනකොට කෙල්ලගේ ඉන වටේ සීතල අත් දෙකක් එතුනා ඒත් එක්කම සෝයූන්ට දැනුනේ එයාගේ බෙල්ල දිගේ සීතල තොල් ගමන් කරනවා

සෝයූන් එයාගේ ඉන වටේ එතිලා තිබුණු අත් වල අයිතිකාරයා කවුද කියන්න හොදටම දන්න නිසා ඒ අත් මතින් එයාගේ අත් තියලා බෙල්ල පිටිපස්සට බර කලා යුංගි කෙල්ලව තමන්ගේ පැත්තට හරවගෙන සෝයූන්ගේ තොල් වලට බර වෙලා roughly kiss කරන්න ගත්තා සෝයූන් කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගෙන යුංගිගේ හාදුවට ප්‍රතිචාර දැක්වූවා

යුංගි කෙල්ලගේ butts තදින් මිරිකුවාම සෝයූන්ට සිහින් කෙදිරිල්ලක් පිට වුනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත යුංගි හාදුවට දිවත් එකතු කරමින් සෝයූන්ව ගැඹුරින් සිපගන්න පටන් ගත්තා යුංගිගේ අත් නොයිවසිල්ලෙන් කෙල්ලගේ ඇග පුරා ගමන් කරනවා

" ම්ම්ම්...යූන්..."

යුංගිගේ රලු ස්පර්ශය නිසා සෝයූන්ට කෙදිරිල්ලක් පිට වුනා සෝයූන් ඉස්සිලා යුංගිගේ ඉන වටේ කකුල් ඔතාගනිද්දී යුංගි කෙල්ලවත් උස්සගෙන ඇද ලගට ආවා සෝයූන්ව ඇදේ හාන්සි කරපු යුංගි කෙල්ලගේ ඇග මතට ඇවිත් සෝයූන්ගේ තොල් අල්ලගත්තා

" අහ්ම්ම්ම්..."

සෝයූන් කෙදිරිගානවා ඇහුනු නිදාගෙන හිටපු යුංගි ඇහැරිලා ලෑම්ප් එක ඔන් කලා කෙල්ල බ්ලැන්කට් එක අතේ ගුලි කරගෙන කොට්ටේ කොනක් හපනවා කොල්ලා කම්ෆියුස් වෙලා බලාගෙන ඉන්නවා

" සෝයූන්....."

යුංගි කෙල්ලගේ අතකින් අල්ලන ගමන් කතා කලා

" ම්ම්ම්...යුංගි...."

සෝයූන් කොල්ලාගේ නම කියලා moans පිට කරනකොට යුංගිට දැනුනේ මුලු ඇගම රත් වීගෙන එනවා වගේ

" Fuck....මේකි wet dream දකිනවාද "

යුංගි නින්දෙන් කොල්ලාගේ නම කියලා moans පිට කරන කෙල්ල දිහා බලාගෙන මිමිනුවා ඊලග තත්පරේ යුංගිගේ ඔලුවට ගලාගෙන ආපු කුනාටුවක් වගේ අයිඩියා එකක් හින්දා කට කොනින් හිනා වුනා

" Mmmm...my love.."

සෝයූන්ගේ කනට ලං වුනු යුංගි seduce voice එකකින් මිමිනුවා සෝයූන් බ්ලැන්කට් එක තද කරගෙන කොට්ටේ හපන්න ගත්තා කෙල්ලගේ reaction එක දැකලා යුංගිට හිනාවක් ගියා කොල්ලා සෝයූන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා කෙල්ල නින්දෙන්ම කම්බුල අතගෑවා යුංගි කෙල්ලගේ වැඩ දිහා හිනා වෙවී බලාගෙන ඉදලා සෝයූන්ගේ වේලුනු තොල් මතින් තොල් තිබ්බා කෙල්ලගේ වේලුනු තොල් යුංගි දිවෙන් තෙත් කලා එතකොට තමයි සෝයූන් ඇහැරුනේ

කෙල්ල ඇස් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන හිටියා කොල්ලා ඇස් දෙක පියාගෙන සෝයූන්ව සිපගන්නවා ඊලග තත්පරේ සෝයූන් කොල්ලාව තල්ලු කරලා ඇදෙන් වාඩිවුනා

" තමුසෙට පිස්සු හැදිලා මින් යුංගි....? නිදාගෙන ඉදිද්දී කිස් කරලා මරන්න ද හදන්නේ ආ "

සෝයූන් කෑගහද්දී කොල්ලා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටියේ

" තමුසේ නේ පටන් ගත්තේ "

" මම මොකද්ද ඕයි කරේ "

" තමුසේ මගේ නම කියලා moan කලේ මොකටද "

" මොහ්...?"

යුංගි එහෙම කිව්වාම කෙල්ල කෑගැහුවා

" ඔලුව කොහෙද වැදුනේ ආ...මම එහෙම කරේ නැ "

සෝයූන් කොල්ලා දිහා බලාගෙන කෑගහලා කිව්වා ඒත් කෙල්ලගේ වචන ගොතගැහුනා

" තමුසේ wet dream දැකලා මගේ නින්දත් කඩලා තව කෑගහන්න එන්නේ තමුසෙගේ කන පලනවා "

යුංගි කිව්වාම සෝයූන් අත් දෙකෙන්ම කොන්ඩෙත් අවුල් කරගත්තා

" තවුසේ මාව කිස් කරලා දැන් ඒක වහගන්න බොරු කතා කියන්න එපා "

කෙල්ල යුංගිගේ පැත්තට ඇගිල්ලක් දික් කරලා කිව්වා

" එතකොට කවුද දන්නේ නැ Ahhh...yoon.. fast... කියලා moan කලේ..."

යුංගි කෙල්ල හීනෙන් moan කරපු විදියට කරලා පෙන්නුවා සෝයූන් බිම බලාගත්තා කෙල්ලට ලැජ්ජයි එයා කවදාවත් මෙහෙම දේකට මුහුන දීලා නැ සෝයූන් අතේ ඇගිලි එකට පටවලාගෙන හිටියා මිසක් මුකුත් කිව්වේ නැ යුංගි හිතුවේ සෝයූන් ඒකටත් කෑගහයි කියලා ඒත් කෙල්ල නිහඩ නිසා යුංගි සෝයූන්ට ලං වුනා

" මොකද මේ..."

සෝයූන් නහය උඩට අදින ගමන් කදුලු පිහිදනවා ඒ ටිකට කෙල්ලට ඇඩිලා

" හේයි...සෝයූන් මොකද ඕයි මේ.."

කොල්ලා සෝයූන්ගේ මූනට වැටුනු කොන්ඩ කැරලි කෙල්ලගේ කන පිටිපස්සේ රදවලා කෙල්ලගේ කම්බුලක් මහපටගිල්ලෙන් පිරිමැද්දා

" ම්..ම.... මේ....මට..."

සෝයූන් ගොතගහන ගමන් මොකද්ද කියන්න හදන්නේ කියලා යුංගිට තේරුනා කොල්ලා සෝයූන්ව තුරුල් කරගත්තා

" It's Ok my love... ඒක සාමාන්‍ය දෙයක් ඒ ගැන හිතන්න එපා අනික මේ මම නේ කවදාහරි දවසක ඔයා මගේ නම කියලා මීට වඩා හයියෙන් කෑගහයි "

යුංගි කිව්වාම කෙල්ලගේ කම්බුල් රතු වුනා සෝයූන් යටි තොල දත් අතරට හිර කරගෙන කොල්ලාගේ පපුව අස්සේ මූන හංගගත්තා

" ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ම්ම්ම්.."

කෙල්ලට හොදටම දහඩිය දාලා තිබුණු නිසා යුංගි එහෙම කිව්වේ සෝයූන් මුකුත් නොකියා කොල්ලාගේ ඇග උඩින් පැනගෙන වොෂ් රූම් එකට දුවගෙන ගියේ කාමරේ ලයිට් ඕෆ් කරලා යක්කු පස්සෙන් එයි කියන බයට ඇදට දුවගෙන යන පොඩි එකෙක් වගේ

" පිස්සු කෙල්ලෙක්..."

යුංගි හිනාවක් එක්ක මුමුනලා හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා සෝයූන් දැන් හැසිරුනේ කලින් වුනු දේවල් කිසිදෙයක් මතක නැති ගානට කෙල්ලට ඒ දේවල් මතක් කරන්න ඕන වුනෙත් නැ අතීතයේ අදුරු මතක මතක් කරලා එයාලගේ ගෙවෙන ලස්සන මොහොත විනාස කරන්න සෝයූන්ට ඕන වුනේ නැ එයාලා එකට ඉන්න පුංචි වෙලාවක් හරි සතුටින් ඉන්න කෙල්ලට ඕන කලේ

ටික වෙලාවකින් වොෂ් එකක් දාගත්ත කෙල්ල oversized hoodie විතරක් ඇදගෙන වොෂ් රූම් එකෙන් එලියට ආවා

(Like this☝)

Oversized hoodie ඇතුලේ ගිලුනු කෙල්ලව යුංගිට පෙනුනේ පුංචි බබෙක් වගේ ගොඩක් කියුට් විදියට සෝයූන් පෙන්ගුවින් කෙනෙක් වගේ දෙපැත්තට වැනි වැනි කොල්ලා ලගට ඇවිදගෙන ආවාම යුංගි කෙල්ලගේ අතින් ඇදලා ගත්තා

" කකුල් දෙක දෙපැත්තට දාලා වාඩිවෙන්න "

යුංගි කියපු විදියට කකුල් දෙක දෙපැත්තට දාලා කොල්ලාගේ උකුලෙන් වාඩිවුනේ කිසිම වාදෙකින් තොරව යුංගි කෙල්ලගේ ඉන වටේ අත් යවලා සෝයූන්ව ඇගට තද කරගත්තා

" තමුසේ කොහොමද මෙච්චර කියුට් වුනේ "

කෙල්ලගේ පිරුණු කම්බුලක් මිරිකන ගමන් යුංගි ඇහුවා සෝයූන් කොල්ලාගේ ශර්ට් එකේ බොත්තම් එක්ක සෙල්ලම් කරන ගමන් හිටියා

" මොකද අද silent වෙලා "

කොල්ලා සෝයූන්ගේ නිරාවරණය වුනු thighs නහර පිරුණු රලු අතින් පිරිමදින ගමන් ඇහුවා

" සෝයූන්......"

යුංගි කතා කලාම කෙල්ල ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

" මියානේ....මිස්ටර් මින් කරපු දේවල් වලට සමාව ඉල්ලලා වැඩක් නැ ඔයාගේ ජීවිතේ වටිනම කෙනෙක් එයා උදුරගත්තා මගේ සෝයූන්ට....."

යුංගිට ඉතුරු ටික කියන්න ඉඩ නොතියා සෝයූන් ඇගිල්ලක් කොල්ලාගේ තොල් මතින් තියලා යුංගි කතා කරන එක නැවැත්තුවා

" මුකුත් කියන්න එපා වුනු දේවල් වුනා ඒ දේවල් දැන් වෙනස් කරන්න බැ ඔයා මගෙන් සමාව ඉල්ලන්න ඕන නැ කිටියෝ ඔයා වරදක් කරලා නැ හැබැයි හැමදේම දැනගෙන මාව මගහැරපු එක නම් වැරදියි ඒකට තමයි කම්බුල් පාර දුන්නේ කාගෙවත් වැරදි ඔයාගේ පිට දාගෙන විදවන්න එපා "

සෝයූන් කොල්ලාගේ කම්බුලක් පිරිමදින ගමන් කිව්වා

" තමුසේ හෙන පන්ඩිතයි "

යුංගි කෙල්ලගේ නහයේ තමන්ගේ නහය අතුල්ලන ගමන් කිව්වා

" දැන් නිදාගමු.."

කෙල්ලව ඇදෙන් හාන්සි කරලා දෙන්නම බ්ලැන්කට් එක පොරවගත්තා යුංගි ලෑම්ප් එක ඕෆ් කරාම කෙල්ල යුංගිගේ පපුවට ගුලි වුනා කොල්ලා සෝයූන්ගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව තුරුල් කරගෙන හිස්මුදුනට හාදුවක් තැවරුවා ටික වෙලාවක් ගත වෙනකොට යුංගිගේ තුරුලේ සෝයූන්ට නින්ද ගියා

" තමුසේ අඩපු හැම කදුලක් ගානේ උන්ට විදවන්න වෙයි "
.





.
Next Day Morning

යුන්වි උදේ නැගිටලා කපුටු කූඩුවක් වගේ තියෙන ඔලුවත් කස කස කිචන් එකට ඇවිත් තඩි ඈනුමක් යැව්වා

" යුන්වි තමුසෙගේ බෝක්කුව වහ ගන්නවා තමුසෙගේ පිත්තාශය පේනවා "

ජින් කෑගහනකොට යුන්විගේ නිදිමත ලෙෆ්ට් වුනා ජින්ගේ ටින් බෙලෙක්ක වොයිස් එක ඇහුනාම මැරිච්ච මනුස්සයෙක් වුනත් වලෙන් නැගිටිනවා

" යාහ්හ්හ්....මිස්ටර් ජිනදාස ඔයාගේ ටින් බෙලෙක්කේ වහගන්නවා පුදුම සද්දයක් නේ තියෙන්නේ මෙච්චර කාලයක් මේ ටින් බෙලෙක්කේ අහගෙන ජීවත් වෙලා මගේ කන් දෙක තාම ඇහෙන එක පිලිබද මම ලිද පතුලෙන් පුදුමයට පත් වෙනවා "

යුන්වි ඔලුව කස කස කිව්වා කෙල්ල මොනා කිව්ව ද කියලත් යුන්විට ගානක් වුනේ නැ තත්පර කිහිපයක් ගත වෙනකොට යුන්විට මොනාහරි කරවෙන ගදක් ආවා

" මොනාද ජින් ඔප්පා කරවෙන්නේ "

යුන්වි එහෙම කියන ගමන් ජින් දිහා බැලුවාම තමයි කෙල්ලට වැඩේ තේරුනේ ජින්ගේ මූන රතු වෙලා කන් දෙකෙන් දුම් දානවා දුම් කෝච්චියක් වගේ ජින් ගිනි පිබින මකරෙක් වගේ යුන්වි දිහා බලාගෙන ඉන්නවා

" ජින් ඔප්පා මොකද රතු වෙලා කන් දෙකෙන් දුම් දාන්නේ ලෙඩක් ද.."

ජින් ලග තිබුණු සෝස්පන් එක අතට අරගත්තේ යුන්වි දිහා බලාගෙන

" කිම් යුන්වී....."

ජින් උච්ච ස්වරයෙන් කෙල්ලගේ නම කියලා කෑගැහුවේ mansion එකේ තිබුණු වීදුරු දීර්ඝ කාලයක් තිස්සේ නියගයක් තිබුණු ප්‍රදේශයක පොලොව වගේ වෙද්දී යුන්වි කනට ඇගිල්ලක් දාලා හොල්ලලා ජින් දිහා බැලුවා

" යාහ්හ්හ් ජින්ශී ගිය ආත්මේ ඝාන්ටාර දුසිම් කීයක් පූජ කලා ද "

යුන්වි එහෙම ඇහුවාම ජින් කුලප්පු වුනු අලියෙක් වගේ සෝස්පන් එක උස්සගෙන ආවා එනපොට හොද නැ කියලා තේරුනු යුන්වි කකුල් දෙකට වැදලා දුවගෙන ගියා

" යුන්වි ඔහොම හිටපන් පොඩි ඇටයා "

ජින් සෝස්පන් එකත් උස්සගෙන රතු ඉන්දියානුවෙක් කෑගහන ගමන් යුන්විගේ පස්සෙන් දුවගෙන යනවා යුන්වි පුටු පෙරලන ගමන් ජින්ගේ සෝස්පන් එකෙන් බේරෙන්න දුවනවා

" යාහ්හ්හ් ජින් ඔප්පා මගේ උයාගේ එක කුස උපන් එකම නැගනිය නේද ඔහොම සලකන එක හරි ද "

යුන්වි කනුවකට මුවා වෙලා කිව්වා

" උබව මගේ සහෝදරකමින් අස් කලා තෝ මගේ නංගි නෙවෙයි "

ජින් උච්ච ස්වරයෙන් කෑගහලා කිව්වා

" පෙම් සිත වේදනාවට පත් වුනා ඔප්පා "

යුන්වි එහෙම කියලා කනුව අතහැරලා උඩ තට්ටුවට දුවගෙන ගියා කෙල්ල අහුවුනු රූම් එකක් ඇරගෙන යන්න හදලා නැවතුනා කෙල්ල කටත් ඇරගෙන රූම් එකේ ඇතුල බලාගෙන ඉන්නවා

" යුන්වි තොට...."

ජින් කෑගහන්න හදනකොට යුන්වි කෑගහන්න එපා කියලා අතින් සන් කලා ජින් කට වහගත්තාම යුන්වි රූම් එක ඇතුල පෙන්නුවා

" ඕමෝ...."

" ඒ දෙන්නා කියුට් නේද ඔප්පා '

යුන්වි හිනාවක් එක්ක තුරුල් වෙලා නිදාගෙන ඉන්න සෝයූන් යුංගි දෙන්නා දිහා බලාගෙන කිව්වා යුංගිගේ අතක් සෝයූන්ගේ කොන්ඩේ අතරේ රැදිලා තිබුනා

" ම්ම්ම්....යුංගි කවුද කියලා දැනගත්ත දවසට පාර්ක් අන්කල් දෙන්නව වෙන් නොකලොත් හොදයි "

ජින් එහෙම කිව්වාම යුන්වි ජින් දිහා බැලුවා

" ඔප්පා......"

" වෙන්න පුලුවන් දෙයක් කිව්වේ යුන්වි මම තාම මේ relationship එකට වැඩි කැමැත්තක් නැ මොනාහරි දෙයක් නිසා දෙන්නා වෙන් වුනොත් ඒ වේදනාව දෙන්නාටම විදින්න වෙනවා දෙන්නාම මගේ සහෝදරයෝ මම කැමති නැ මගේ උන් දුක් විදිනවා දකින්න අප්පා මුකුත් නොකියා හිටියාට අප්පාගේ හිතේ වුනත් මේ ගැන වැඩි කැමැත්තක් නැ "

ජින් එහෙම කියලා හිමින් දොර වැහුවා යුන්වි ජින් දිහා බලාගෙන ඉන්නවා

" ඔප්පා....ඒ දෙන්නාට වෙන් වෙන්න වෙයි ද "

යුන්වි දුකින් ජින්ගෙන් ඇහුවා

" අපි එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු පාර්ක් අන්කල් ගන්න තීරණයකට පිටින් සෝයූන් වැඩ කරන්නේ නැ '

ජින් කෙල්ලගේ ඔලුව අතගෑවා

" ඔප්පා...."

" ඉස්සරහට වෙන දේකට මුහුන දෙමු යුන්වියා අපි එයාලා ලගින් ඉමු "

ජින් එහෙම කියලා යුන්විගේ කොන්ඩේ අවුල් කරලා ගියා යුන්වි වැහුනු දොර දිහා බලාගෙන ඉදලා හුස්මක් පහත හෙලුවා

" මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නා හැමදාම එකට ඉන්න කියලා "

යුන්වි මුමුනලා එතැනින් ගියා

To be continue.................♡︎

අද චැප්ටර් එක හරි නැතුව ලමයි😪💔

චැප්ටර් 30 න් කතාව ඉවර කරන්න බලාපොරොත්තුවෙන් පටන් ගත්තේ දැන් චැප්ටර් 40 ක්වත් යයි වගේ කතාව ඇදෙනවා වැඩි හින්දා කම්මැලියි ද ලමයි ඔයාලාගේ අදහස් කියන්නකූ ප්ලීස්🥺
මම් පව් නේ හලෝ

මයික් එකක් වෙන්න සිතුනු අවස්ථාවක්🙂💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top