匚卄卂卩ㄒ乇尺 29🐾

සති දෙකක් ගෙවිලා ගියා ගෙවුණු සති දෙකට හැමදෙයක්ම සාමාන්‍ය තත්ත්වයට පත් වුනත් එක දෙයක් වෙනස් වුනා ඒ තමයි ගෙවුණු සති දෙක පුරාවටම යුංගි සෝයූන්ව හිතාමතාම මගහැරියා සෝයූන් කොච්චර යුංගි එක්ක කතා කරන්න උත්සාහ කලත් ඒකට ඉඩක් හම්බුනේ නැ යුංගිගේ හදිස්සි වෙනස්වීම සෝයූන්ට ගෙනාවේ දුකක් වේදනාවක් විතරයි

යුංගිගේ වෙනස්වීමට හේතුව කවුරුවත් දැනගෙන හිටියේ නැ යුංගි හැමෝගෙන්ම ඈත් වෙලා තනිවෙලා හිටියේ සිද්ධ වුනු සමහර දේවල් එක්ක යුංගිට සෝයූන්ට මුහුන දෙන්න බැරුව හිටියේ ඒක එයාගේ වරදක් නොවුනත් යුංගිට පසුතැවීමක් කලකිරිමක් තිබුනා

" අයිෂ්......මේ මෝඩ කැට්සිලාට එකපාරට ආරූඪ වුනු යකා මොකාද..? මාව මෙච්චරට මගහරින්න තරම් වෙන කෙල්ලෙක්වත් සෙට් වෙලා ද....? අනී අනී එහෙම වෙන්න බැ එහෙනම් මොකද්ද....?"

සෝයූන් එයාගේ රූම් එකේ ඒ කොනටයි මේ කොනටයි ඇවිදින ගමන් තනියෙන් කියවනවා හේතුවක්වත් නොකියා යුංගි මෙහෙම තමන්ව මගහරින නිසා කෙල්ලට හරි කේන්තියි සෝයූන් කේන්තියෙන් ෆෝන් එක පොලොවේ ගහන්න ගිහින් ආපහු නතර වුනේ ලක්ෂ ගානක් වටින ෆෝන් එක අවසන් ගමන් යවන්න බැරි නිසා ෆෝන් එක ඇද උඩට විසි කරලා නලල පිරිමදින ගමන් ලොකු කල්පනාවක හිටියේ

ටික වෙලාවකින් ෆෝන් එක රින් වෙන සද්දයක් ඇහුනු නිසා සෝයූන් ඇදට පැනලා ෆෝන් එක ගත්තේ යුංගි කියලා බලාපොරොත්තුවෙන් කෙල්ල තිබුණු කලබලේට කෝල් ID එකවත් නොබලා කෝල් එක ආන්සර් කලා 

" යෙබුස්සයෝ...."

" යෙබුස්සයෝ මිස්.."

කෙල්ල බලාපොරොත්තු වුනු කටහඬ එහා පැත්තෙන් ඇහෙන්න නොලැබෙනකොට සෝයූන්ගේ මූන පරවුනු මලක් වගේ වෙන්න ගත වුනේ තත්පර කිහිපයක් පමනයි

" ලියොන් මොකද මේ වෙලාවේ..."

" බොස් මෙතන හොද පිස්සුවක් නටනවා මිස් අපි කාටවත් අල්ලන්න දෙන්නෙත් නැ අතත් වයින් ග්ලාස් එකකට කපාගත්තා මිස්ට පුලුවන් නම් එන්න පුලුවන් ද location එවන්නම්.."

" හරි මම එන්නම්.."

සෝයූන් දෙපාරක් නොහිතා එහෙම කියලා ඉක්මනට ක්ලෝසෙට් එකට ගිහින් ඇදුමක් දාගන්න ගියා කෙල්ල ඇදුමක් ඇදගෙන ඉක්මනට පහලට ගිහින් දොර අරිනකොට පිටිපස්සෙන් ඇහුනු කටහඬක් නිසා සෝයූන් එහෙම්ම අනිත් පැත්ත හැරුනා

" මේ රෑ කොහෙද යන්න හදන්නේ ලොකු නෝනා...."

ඇහිබමකුත් උස්සගෙන කන්න වගේ සෝයූන් දිහා බලාගෙන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ඇගේ දයාබර නසරානි පිටසක්වල යක්ෂ නැගනිය ජිවූ

" තවුසේ හොල්මන් කරනවාද ගිහින් නිදාගන්නවා "

" තවුසේ කොහෙද හොර පූසි වගේ යන්න හදන්නේ "

ජීවූ ඉනටත් අත් දෙක තියාගෙන එක කකුලකින් පොලොවට තට්ටු දාන ගමන් සෝයූන් දිහාට යොමු කලේ නොරිස්සුම් සහගත බැල්ලමක්

" මගේ මිනිහා බලන්න ඇයි මොකෝ ගිහින් නිදාගනින් පොඩි පගයා..."

සෝයූන් රවාගෙන ජීවූට උත්තර දුන්නා

" හහ්..! ඉතින් යනවා අපි අල්ලගත්තා ද..?"

" මගේ මුඛයෙන් අසභ්‍ය වචන කිහිපයක් පිටවීමට පෙර මෙතනින් චුත වෙයන් පොඩි බේසික පගයා."

සෝයූන් එහෙම කියලා දොරත් වහගෙන ගියේ ජීවූගේ මූනේ හිනාවක් ඇදුනා ඒ දෙන්නා ඔම්මලා දෙන්නෙක්ගේ කියලා දැනගත්තත් ඒ දෙන්නා අතර තිබුණු සහෝදර බැදීම වෙනස් වුනේ නැ දෙන්නා ඉස්සර වගේම රන්ඩු වෙවී හිටියා

සෝයූන් ටැක්සි එකක නැගලා ලියොන් එවපු location එකට ගියා ඒ location එකේ තිබුණේ club එකක් කෙල්ල ටැක්සි එකට සල්ලි ගෙවලා ක්ලබ් එක ඉස්සරහට වෙලා දෙගිඩියාවෙන් හිටියේ ඇතුලට යනවද නැද්ද කියලා හිතන ගමන් සෝයූන් ක්ලබ් එකට කවදාවත් තනියෙන් ඇවිත් තිබුණේ නැ කෙල්ල ආවේ යුනි එකේ යාලුවෝ එක්ක ඒ නිසා සෝයූන්ට ඇතුලට යන්න බය හිතුනා

" සෝයූන් මිස්..."

කෙල්ලට පැත්තකින් ඇහුනු හඩක් නිසා සෝයූන් ඒ පැත්ත බැලුවේ එයාගේ නම කියලා කතා කලේ කවුද කියලා බලන්න

" අහ්..?"

" මාව ලියොන් සර් එව්වේ මිස් බය වෙන්න දෙයක් නැ මෙහෙන් එන්න.."

ඒ කොල්ලා එහෙම කිව්වාම සෝයූන් වටපිට බලලා ඒ කොල්ලා පිටිපස්සෙන් ක්ලබ් එක ඇතුලට ගියා කන් පැලෙන ඩිස්කෝ සංගීතයට වෙරි මතින් නටන ගෑනු පිරිම් අය සෝයූන්ට දකින්න ලැබුනා සමහර අය මත් වෙලා තැන් තැන්වල වැටිලා හිටියා සමහරු මත් වුනු හැගීම් එක්ක කිස් කරනවා සෝයූන් ඒ දේවල් දිහා බලන ගමන් ඒ කොල්ලා පස්සෙන් ඇවිදගෙන ගියේ ක්ලබ් එකේ VIP rooms පැත්තට

එක රූම් එකක් ඉස්සරහ එහෙ මෙහෙ කලබලයෙන් ඇවිදින ලියොන් දිහාට ඉක්මනට සෝයූන් ඇවිදගෙන ගියා අර කොල්ලා ලියොන්ට ඔලුව නවලා ආචාර කරලා එතැනින් යන්න ගියා

" කොහෙද...යුංගියා...ඇයි එයා මෙහේ ඉන්නේ මොනාද මේ වෙන්නේ මට කියන්න ලියොන් ඇයි එයා මෙච්චර දවසක් මාව මගහැරියේ මම දන්නවා හැමදේම ඔයා දන්නවා කියලා "

සෝයූන් හිතට දැනෙන දුකට කේන්තියට කියවගෙන යද්දී ලියොන් හුස්මක් පහත හෙලුවා

" බොස් රූම් එකේ මිස් හැමදෙයක්ම මිස්ට දැනගන්න ලැබෙයි ඊට කලින් බොස් ගැන බලන්න මිස් ක්ලබ් එකේ වේටර් කෙනෙක්ට ඇගේ හැප්පුනා කියලා කටින් ලේ එනකම් ගැහුවා කෙල්ලෙක් බොස්ව කිස් කරන්න හැදුව කියලා ඒ කෙල්ලගේ ඔලුවට වයින් බෝතලෙකින් ගැහුවා තව මෙතන රන්ඩු ගොඩක් දාගත්තා මිස් බොස් මෙහෙම කවදාවත් හැසිරිලා නැ මිස් කියන දෙයක් බොස් ටිකක් හරි අහනවා මිස් ගිහින් බොස් එක්ක කතා කරන්න "

ලියොන් ආයාචනාත්මකව සෝයූන්ගෙන් ඉල්ලුවා ලියොන් යුංගිට ගොඩක් හිතවත් යුංගි එක්ක හැමතිස්සේම ලියොන් පිටිපස්සෙන් හිටියා ඒ නිසා යුංගි ගැන ගොඩක් දේවල් ලියොන් දැනගෙන හිටියා ඒත් කවදාවත් ලියොන් යුංගිට විරුද්ධව වැඩ කරේ නැ

" හරි ලියොන් මම එයා ගැන බලන්නම්.."

" ගොඩක් ස්තූතියි මිස්.."

" මට ස්තූති කරන්න ඕන නැ ලියොන් එයා ගැන මම හොයන්න ඕන නේ අනික ඔයා වගේ කෙනෙක් යුංගි ලගින් ඉන්න එක වටිනවා "

සෝයූන් අහිංසක හිනාවක් එක්ක කියද්දී ලියොන් කෙල්ල එක්ක හිනා වුනා සෝයූන් රූම් එකේ දොර ඇරලා ඇතුලට ගියා රූම් එක පුරා පැතිරිලා ඝන අන්ධකාරයක් සෝයූන් ඉස්සහරට අඩිය තියනකොට කෙල්ලගේ කකුලේ හැප්පිලා වීදුරු බෝතලයක් පෙරලිලා යන හඩක් ඇහුනා කෙල්ල රූම් එකේ බිත්තියක් අතගාගෙන ගිහින් ලයිට්ස් ඔන් කලාම තමයි කෙල්ල රූම් එක දැක්කේ

රූම් එක සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහලා හිස් වුනු බියර් ටින් වයින් බෝතල් සිගරට් කෑලි රූම් එකේ බිම හැමතැනම තිබුනා ඇදේ තිබුණු බෙඩ්ශීට් කොට්ට ඔක්කොම බිමට විසි කරලා රූම් එකේ තිබුනු couch එක පෙරලලා දාලා ලෑම්ප් එක කුඩු කරලා දාලා රූම් එකේ තිබුණු දේවල් වලින් වැඩි ප්‍රමාණයකට හානි කරලා තිබුනා

රූම් එක පුරා ඇස් යවපු සෝයූන්ගේ ඇස් නැවතුනේ ඇදට හේත්තු වෙලා එක අතක සිගරට් එකක් අනිත් අතේ වයින් බෝතලයක් තියාගෙන හිස් බැල්මකින් බලාගෙන ඉන්න යුංගිව කොල්ලාගේ කොන්ඩේ හොදටම අවුල් වෙලා තිබුණේ ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ගැලවිලා තිබුනේ දාගෙන හිටපු සපත්තු මේස් හතරහ විසි කරලා තිබුනා ඒ දර්ශනයම ඇති සෝයූන්ගේ ඇස් කදුලින් තෙත් වෙන්න යුංගි කියන්නේ පිලිවෙලට නීට් එකට ඉන්න කෙනෙක් කියලා සෝයූන් හොදටම දන්නවා එහෙම කෙනා මෙහෙම පිස්සෙක් වගේ ඉන්නවා දකිනකොට සෝයූන්ට ගොඩක් දුක හිතුනා

" ලියොන් ඔය හු#& ඕෆ් කරපන් යකෝ "

යුංගි ඇස් පියාගෙන කෑගැහුවේ රූම් එකේ ලයිට්ස් ඔන් කලේ ලියොන් කියලා හිතාගෙන ඒත් ලියෝන්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන යුංගි කේන්තියෙන් හැරුණේ ලියොන්ට බනින්න හිතාගෙන වුනත් ඉන්න කෙනා දැක්කාම කොල්ලා පුදුම වුනා යුංගි සෝයූන්ව බලාපොරොත්තු වුනේම නැ

" සෝයූන්...."

යුංගි කෙල්ලගේ නම මුමුනද්දී සෝයූන් හිමින් අඩි තියන ගමන් යුංගිට ලං වුනා කොල්ලා හිතුවේ එයාට මැවිලා පේනවා කියලා ඔලුව දෙපැත්තට වනපු යුංගි අතේ වයින් බෝතලේ කටේ ගහගෙන වතුර බොනවා වගේ බීලා ඉවර කරලා වයින් බෝතලේ කුඩු වෙලා යන්න බිත්තියේ ගැහුවා වීදුරු බෝතලේ කුඩු වෙලා වීදුරු කැබැලි විසි වෙලා ගියේ සෝයූන්ව තත්පර කිහිපයකට එතැනම ගල් වෙලා බලාගෙන ඉදිද්දී

" කිටී...."

" මොන හු$&ක්ද යකෝ ඉස්සෙල්ලා මැවිලා පෙනුනා විතරයි දැන් කටහඩත් ඇහෙනවා.."

යුංගි එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වෙන්න පටන් ගත්තා සෝයූන් කොල්ලාගේ ලගින් වාඩිවෙලා යුංගිගේ කම්බුල් වලින් අත් තිබ්බා

" ඔයාට මැවිලා පේනවා නෙවෙයි කිටියෝ මම ඇත්තටම ඉන්නවා "

සෝයූන් කොල්ලාගේ ඇස් දිහා බලාගෙන යුංගි ටික වෙලාවක් බලාගෙන ඉදලා කෙල්ලව පැත්තකට තල්ලු කලා යුංගි තල්ලු කරපු පාර සෝයූන්ගේ අතක් වීදුරු කැබැල්ලකට සීරුනා  ඒ ගැන නොහිතා කෙල්ල යුංගිගේ ලගට ගියා සෝයූන්ට දුකක් අසරණකමක් බයක් දැනුනා

" ඇයි ඔහොම ඉන්නේ යුංගියා...මගේ දිහා බලන්නකෝ චේබල් "

" හොද හිතින් මෙතනින් පලයන් "

යුංගි ගැඹුරු හඩකින් කිව්වා කෙල්ල කියන කිසිදෙයක් අහන්න යුංගිට ඕන වුනේ නැ කොල්ලාට ඕන වුනේ සෝයූන්ව මෙතනින් යවාගන්න සෝයූන් ඒ කිසිදෙයක් ගනන් නොගෙන ගිහින් යුංගිගේ අතේ තිබුණු සිගරට් එක විසි කලා යුංගි වියරුවෙන් රතු වුනු ඇස් වලින් කෙල්ල දිහා බලාගෙන ඉදලා වැනි වැනි නැගිටලා සෝයූන්ට ගහන්න අතක් ඉස්සුවා ඒත් කෙල්ලගේ කදුලින් තෙත් වුනු ඇස් දකිද්දී කොල්ලා අත පහලට දැම්මා

" තමුසෙට අන්තිම වතාවට කියන්නේ මට පාඩුවේ ඉන්න දීලා පලයන් "

සෝයූන්ට පිටුපාලා යුංගි කිව්වා ඒත් එක්කම කොල්ලාට දැනුනේ එයාගේ ඉන වටේ සිහින් අත් දෙකක් එතෙනවා

" තමුසෙට මම කියන්න දේ තේරෙන්නේම නැද්ද...?"

යුංගි සෝයූන්ගේ අත් අයින් කරන්න හදන ගමන් කොල්ලා කිව්වා

" ඇයි මාව ඈත් කරන්න හදන්නේ....? මගේ අතින් මොනාහරි වැරැද්දක් වුනාද..? එදා මාව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ආපු දවසේ ඉදලා තවුසේ වෙනස්...මගේ එක කෝල් එකක් ආන්සර් කරන්නේ මැසේජ් වලට රිප්ලයි නැ මූනට හම්බුනොත් අදුරන්නේ නැති ගානට ඉන්නවා අදුරන්නේ නැති ගානට ඉන්න තරම් අපි දුරස් වෙලා ද යුංගි මගේ අතින් නොදැනුවත්ව හරි වරදක් වුනා නම් මට සමාවෙන්න ඒත් මාව මෙහෙම ඈත් කරන්න එපා මට දරාගන්න අමාරුයි.."

යුංගිගේ පිටට ඔලුව තියාගත්ත සෝයූන් හැඩුම් මැදින් කිව්වා හේතුවක්වත් නොකියා යුංගි මෙහෙම හැසිරෙන එක ගැන සෝයූන්ට තිබුණේ දුකක් කෙල්ල යුංගිව හොයාගෙන ගිහින් කතා කරන්න හදන හැමසැරේම යුංගි කෙල්ලව දක්ෂ විදියට මගහැරලා ගියා

යුංගිගේ ශර්ට් එක තෙත් වෙනවා දැනෙද්දී කොල්ලාට තේරුනා ඒ සෝයූන්ගේ කදුලු කියලා යුංගි කෙල්ලගේ අත් මෑත් කරලා සෝයූන්ගේ පැත්තට හැරුනා සෝයූන් බිම බලාගෙන ඉකි ගසමින් හොදටම අඩනවා සෝයූන්ගේ කදුලු නිසා යුංගි ටිකක් සන්සුන් වුනා ටික ටික සෝයූන්ට ලං වුනු යුංගි කෙල්ලගේ ඇගට බර වෙලා සෝයූන්ව තදින් බදාගත්තා

" මියානේ......"

සෝයූන්ගේ බෙල්ල අස්සේ මූන හංගගත්ත යුංගි මිමිනුවා

සෝයූන් ලියෝන්ගෙත් උදව් ඇතුව යුංගිව ගෙදර එක්කගෙන ආවා දෙන්නා එක්ක යුංගිව රූම් එකට එක්කගෙන ඇවිත් ඇදෙන් තිබ්බා යුංගි මොකාද වගේ අත පය දිග ඇර්ලා ඇදේ වැටුනා සෝයූන් එහෙම්ම බිම වාඩිවෙලා හති අරින්න පටන් ගත්තේ දස මහ යෝධයෙක් උස්සගෙන ආවා වගේ

මේකා හුලගට ගහගෙන යන සයිස් එකට පේන්න හිටියාට පට්ට බරක් නේ යකෝ තියෙන්නේ හම්මියෝ මගේ කොන්දත් ඇද වුනා ද මන්දා ඔස්ට්‍රේලියාවෙන් කොන්දක් ආනයනය කරන්න වෙයි වගේ කමක් නැ ඒකට ගෙවන්න ඕනත් මේ කැට්සිලා තමයි ඒකා ඔලුව කොහෙද වද්දගෙන පිස්සෙක් වගේ බිව්වේ නැත්නම් මේ කිසිදෙයක් වෙන්නේ නැ නේ මේ අහිංසක ජීවියාගේ දුක වේදනාව සක්‍රයාටවත් පේන්නේ නැද්ද ඉහිම් කාලයක් සක්‍රයාගේ වයිෆ්ට ලයින් දැම්ම හින්දා සක්‍රයා මාත් එක්ක ඇරියස් කියලා දැන් නේ මතක් වුනේ ඒ හින්දා ඒකා පුලුවන් තරම් මට නරකක් කලොත් මිසක් හොදක් කරන්නේ නැ ඉහිම් මේක හෙන ෆකින් වර්ල්ඩ් එකක් හලෝ

සෝයූන් බිම වාඩිවෙලා හිතුවා මිසක් කියන්න ගියේ නැ ඒ අතරේ මිසිස් කිම් මිස්ටර් කිම් ඇතුලු කිම් පරම්පරාවේ දරුවෝ ටික යුංගිගේ රූම් එක ආක්‍රමණය කරන්න මහ ලොකු වෙලාවක් ගියේ නැ    

" මේ මොකද දරුවෝ මේ කොල්ලාට මොකද වුනේ "

මිසිස් කිම් යුංගිගේ ලගින් වාඩිවෙලා කොල්ලාගේ ඔලුව අතගාන ගමන් ඇහුවා

" ක්ලබ් එකේ මේසයක් අස්සේ වැටිලා ඉන්නකොට ඔම්මා උස්සගෙන ආවේ.."

සෝයූන් එරමිනිය ඔතාගෙන වාඩිවෙලා නිකටට අතක් තියාගෙන කිව්වා

" මම කිව්වා නේ ඔම්මා මේකි අපේ හියුන්ග්ට දාර බූටක් තියනවා කියලා කොහෙද ඉතින් ඔම්මාට දස මසක් කුසේ තියාගෙන හදපු මට වඩා පස්සේ ආපු පලගැටිච්චිව ලොකු වුනා නේ යුංගි හියුන්ග් නැත්නම් කවදාවත් limit එකක් නැතුව drinks ගන්නේ නැ "

ටේහ්‍යුන් සෝයූන්ගේ පැත්තට ඇගිල්ලකුත් දික් කරගෙන කියවගෙන ගියේ සෝයූන් දරුනු ගනයේ අපරාධයක් කලා වගේ සෝයූන් ටේහ්‍යුන්ගේ උඩ ඉදලා පහලට බැලුවේ දවල් ආහාරයට ගන්නවද රාත්‍රි ආහාරයට ගන්නවාද ඩෙසට් එකට ගන්නවා ද සේ සේට කන්න දෙනවා ද නැත්නම් අගහරු සුප් එකක් හදලා පිටසක්වලට අපනයනය ද කියලා හිතන ගමන්

" තවුසේ අන්තඃපුරය ගැන හෙව්වොත් නරක ද දැනට හරියට බැලුවොත් දරුවෝ දහයක පහලොවකගේ පියෙක් නේ හංගගෙන හිටියාට කොරියාව වටේ ඇවිදලා හොයලා බැලුවොත් තව වැඩි වෙයි පිටසක්වලයා "

සෝයූන් රවාගෙන කියවගෙන ගියා

" දැන් රන්ඩු වෙන්න එපා ජින් නම්ජූන් ටේහ්‍යුන් යුංගිගේ ඇදුම් මාරු කරන්න මේකා බීලා නෙවෙයි නාලා සෝයූන් මෙහේ ඉන්නවා යනවද "

" මම ඉන්නවා අප්පා "

" මේකි අද මේකිගේ පූස් ප්‍රේමය දාලා යන්නේ නැ අප්පා "

යුන්වි සෝයූන්ට ඇහැක් ගහලා කිව්වා

" හරි මම සෝයූන්ගේ අප්පාට කියන්නම් අද සෝයූන් මෙහේ නවතිනවා කියලා "

මිස්ටර් කිම් එහෙම කිව්වාම සෝයූන් ඔලුව වැනුවා

" වරෙන් බේසිකයා යන්න "

යුන්වි සෝයූන්වත් ඇදගෙන ගියා මිනායාත් ඒ පස්සෙන් ඇවිදගෙන ගියා 

විනාඩි කිහිපයකින් සෝයූන් වොෂ් එකක් දාගෙන යුන්විගේ ඇදුමක් ඇදගෙන යුංගිගේ රූම් එකට ආවා කෙල්ල යනකොට යුංගි බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා හොද නින්දක හිටියේ කෙල්ල හිමින් සැරේ සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න රූම් එකේ දොර වහලා යුංගිගේ ලගින් වාඩිවුනා කොල්ලාගේ මූනේ තිබුණේ ලොකු සන්සුන් බවක්

සෝයූන් යුංගිගේ නලලට වැටිලා තිබුණු පුංචි කොන්ඩ කෑලි ඇගිලි තුඩු වලින් පිටිපස්සට කලා යුංගි පූසෙක්ම තමයි කියලා සෝයූන්ට හිතුනේ අඩුවට තිබ්බේ පුරු පුරු ගාන්නේ නැති එක විතරයි සෝයූන් යුංගිගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවලා ඔලුව අතගාන්න ගත්තාම කොල්ලා තව ටිකක් බ්ලැන්කට් එක අස්සට ගුලි වුනා

" Anew......cute kitty..නිදාගෙන ඉන්නකොට පුදුම හුරතලයක් නේ තියෙන්නේ නැගිට්ටාම වරම අතට ගත්ත හනුමන්තා වගේ "

කෙල්ල යුංගිගේ cute මූන දිහා බලාගෙන කිව්වා සෝයූන් කොල්ලාගේ කිරි සුදු පැහැති කම්බුලක් මතින් කිස් එකක් තැවරුවා

" මේකගේ සුවද.."

සෝයූන් කොල්ලාගේ කම්බුලේ නහය අතුල්ලන ගමන් මිමිනුවා මේ සියල්ල දෙස අදෘශ්‍යමාන වී බලාගෙන සිටින ඕතර්ට හිතුවේ සෝයූන්ගේ අතින් යුංගිට අතවරයක් වෙයි කියලා උබලාට එහෙම හිතෙන්නේ නැද්ද මා දයාබර හිතාදර පිසාච රීඩස්වරුනි....

" මට තාම හිතාගන්න බැ කිටියෝ ඔයා මාව මගහැරියේ ඇයි කියලා ක්ලබ් ගිහින් limit එකක් බොන්න තරම් මොකද්ද වුනේ යුංගියා මට මුකුත් තේරෙන්නේ නැ මගෙන් මොනාහරි හංගනවා ද..?"

කෙල්ල යුංගි දිහා බලාගෙන මිමිනුවා යුංගි නම් හිටියේ තද නින්දක ටික වෙලාවක් යුංගි ලග රැදුනු සෝයූන් නැගිටලා යන්න හැදුවත් කෙල්ලට යන්න නොලැබුනේ සෝයූන්ගේ අතින් යුංගි අල්ලගත්ත නිසා කෙල්ල හැරිලා බැලුවත් යුංගි ඇස් පියාගෙන හිටියේ සෝයූන් ආපහු ඇදෙන් වාඩිවුනාම කොල්ලා සෝයූන්ගේ උකුලෙන් ඔලුව තියාගත්තා

" නිදි නැද්ද..?"

" මියානේ "

යුංගි සිහින් හඩකින් මුමුනලා සෝයූන්ට තව ටිකක් තුරුල් වුනා කෙල්ල හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා යුංගිගේ ඔලුව අතගෑවා

" මොකද වුනේ කිටියෝ......"

සෝයූන් යුංගිගෙන් ඇහුවත් කොල්ලගෙන් උත්තරයක් හම්බුනේ නැ යුංගිට හොදටම නින්ද ගිහින් තිබුණේ කෙල්ල හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා සුදු පැහැති සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා ටික වෙලාවක් ගත වෙනකොට සෝයූන්ට එහෙම්ම නින්ද ගියා
.

මේ අතරේ යුංගිගේ ඔම්මා වුනු යේජි supermarket එකට ගිහින් බඩු වගයක් අරගෙන පාරට ආවේ ටැක්සි එකක් අරගෙන ගෙදර යන්න බලාගෙන යුංගි කන්න කැමති දේවල් හදලා දෙන එක තමයි මේ දවස් වල යේජිගේ කාර්යය වුනේ යේජි පරට ඇවිත් ටැක්සි එකක් එනකම් බලාගෙන හිටියා යේජි ටැක්සි වලට අත දැම්මත් ඒවා නැවැත්තුවේ නැ අන්තිමේ දී බස් එකේ යනවා කියලා හිතාගෙන යේජි බස් හෝල්ට් එකට ගියා ඒත් යේජි දැනගෙන හිටියේ නැ එයාගේ දිහාට තව ඇස් දෙකක් හැරිලා තියෙනවා කියලා

යේජි බස් හෝල්ට් එකට ගිහින් ටික වෙලාවකට පස්සේ කලු පැහැති කැබ් රථයක් පැමින ඇගේ ඉස්සරහ නවත්තන ලදි නමුත් යේජි ඒ දිහා බැලුවේ නැ කැබ් රථයේ පසුපස අසුනේ සිටි තැනැත්තා ශටර් එක පහත් කරලා යේජිට කතා කලත් යේජි ඒ දිහා බැලුවේ නැ

" යේජි.....මම තමුන්ට කතා කරන්නේ ඇහෙන්නේ නැද්ද "

ඒ වෙන කවුරුවත් නෙවෙයි මිස්ටර් මින් යුංගිගේ අප්පා වගේම යේජිගේ ex husband

" මොකද...?"

වටේ මිනිස්සු බලන නිසා යේජි කේන්තියෙන් ඇහුවා

" මම drop කරන්නම් නගින්න.."

මිස්ටර් මින් එහෙම කිව්වාම යේජි කට කොනින් නැගුනු සමච්චල් සහගත හිනාවකින් මිස්ටර් මින්ට සංග්‍රහ කරන්න දෙපාරක් හිතුවේ නැ

" මෙච්චර දවස් මම ආවේ ගියේ බස්වල ටැක්සි වල ඒ විදියටම මම අදත් යන්නම් මිස්ටර් මින් "

යේජි එහෙම කියලා අහක බලාගත්තා

" යේජි දැන් රෑ වෙලා එක පාරක් කිව්වාම දෙයක් අහනවා මිනිස්සුත් බලාගෙන ඉන්නවා විකාර නොකර නගිනවා "

මිස්ටර් මින් කිව්වාම යේජි වටපිට බැලුවා බස් හෝල්ට් එකේ හිටපු කිහිප දෙනෙක් යේජි දිහා බලාගෙන මොනාදෝ කතා වෙනවා යේජි දැක්කා රාත්‍රිය නිසා තිබූ අදුරත් සමග මිස්ටර් මින්ගේ මුහුන හරියට පැහැදිලිව පෙනුනේ නැ යේජිට වෙන කරන්න දෙයක් නැති නිසා යේජි කැබ් එකට නැග්ගා මිස්ටර් මින් driver ට යන් කියලා සන් කලා

යේජි ශටර් එකෙන් එහා පැත්ත බලාගෙන හිටියා මිසක් මිස්ටර් මින් දිහා බැලුවේ නැ හැබැයි මිස්ටර් මින්ගේ ඇස් නම් යේජි ලග නතර වෙලා තිබුණේ

" කොහොමද යේජි.."

පැතිරි තිබුණු දැඩි නිහඩතාවය බිදමින් මිස්ටර් මින් ඇහුවා

" මිස්ටර් මින් මගේ දුක සැප නෙවෙයි මිස්ටර් මින්ගේ වයිෆ් නාරා ගැන හෙව්වොත් නරකද "

මිස්ටර් මින් දිහා බලන්න වෙහෙසක් නොදරපු යේජි එලිය බලාගෙනම උත්තර දුන්නා

" යේජි වෙනස් වෙලා "

" ම්හූ....යේජි වෙනස් වුනේ නැ මිස්ටර් මින් යේජිව වෙනස් කලා "

මිස්ටර් මින් මුකුත් නොකියා නිහඩ වුනා

" යේජි...."

ආපහු මිස්ටර් මින් කතා කලත් යේජි බැලුවේ නැ

" යේජි මට වෛර කරනවාද "

මිස්ටර් මින් එහෙම ඇහුවාම යේජි මිස්ටර් මින් දිහා බැලුවා

" මට මිස්ටර් මින් ගැන වෛරයක් නැ මට මං ගැන දුකක් තියෙන්නේ මිනිස්සුන්ට ඕනවට වඩා ලං වුනාම අන්තිමේ දී ඒ මිනිස්සු අපිට නොකියාම ගියාම දැනෙන වේදනාව වැඩියි වැඩ වැඩ කිය කියා මාව මගහැරලා නාරා එක්ක තනිවෙද්දී නාරාට වියදම් කරද්දී නාරා එක්ක නිදාගෙන උදේට මං ලගට ඇවිත් මුකුත් නොවුනු ගානට හැසිරෙනකොට එක විනාඩියකට හිතුන් නැද්ද මට මොනවා හිතෙයි ද කියලා එදා මම තමුන්ට වෛර කරයි කියලා හිතුන් නැද්ද මිස්ටර් මින් ඔය හිතින්ම නේද මට ආදරේ කලේ ඇත්තටම තමුන් මට ආදරේ කලා ද නැත්නම් ඒ වගේ රගපෑවා ද කියන්න මම දන්නේ නැ ඒත් මම කියන්නේ මට කරපු දේ නාරාට කරන්න එපා මේ දැනුත් මිස්ටර් මින් නාරාට කරන්නේ වැරැද්දක්  "

එහෙම කියපු යේජි අහක බලාගෙන ඇස් වලට පිරුනු කදුලු බිදු හොරාට පිහිදගත්තා යේජිට තමන්ගේ ජීවිතේ ගැන තිබුණේ කලකිරීමක් තමන් පන වගේ ආදරේ කරන හස්බන් වෙන කෙල්ලෙක් එක්ක relationship එකක් තියෙනවා කියලා දැනගත්තාම යේජිට මොනවා හිතෙන්න ඇද්ද..?

" යේජි......"

" මම තමුන්ට ඩිවෝස් එක දීලා අන්තිමට ඉල්ලුව දේවත් කරේ නැ මම හිතුවා මට කොහොම සැලකුවත් යුංගිට හරියට සලකයි කියලා ඒ තමුන්ගේ ලේ කියලාවත් පරිස්සම් කරයි කියලා ඒත් මගේ අහිංසක කොල්ලා තමුන්ලා හින්දා ගොඩක් දුක් විදලා ඇයි එහෙම කරේ මිස්ටර් මින් ඒ අහිංසක කොල්ලා එයාගේ ඔම්මාව ඉල්ලලා අඩපු නිසා ද මට යුංගිට අයිති දේවල් ඉල්ලන්න වුවමනාවක් නැ ඒත් ඉස්සරහට හිතුනොත් මම යුංගිගේ අයිතිය ඉල්ලනවා තවත් යුංගිගේ ජීවිතේට ඇගිලි ගහන්න එපා මිස්ටර් මින් මගේ අහිංසක කොල්ලාට එයාගේ ආදරේ එක්ක පාඩුවේ ඉන්න දෙන්න හොදට තියෙන කුරුලු කූඩු විනාස කරන්න එපා මිස්ටර් මින් පව් පිරෙයි ඔය හදවතින් ඇත්තටම මට දවසක් හරි ආදරේ කරා නම් යුංගිට නිදහසේ ඉන්න දෙන්න එයාගේ ජීවිතේට ඇගිලි ගහන්න එපා "

යේජි එහෙම කියලා ශටර් එකෙන් එලිය බලාගත්තාම මිස්ටර් මින් මුකුත් කියන්න ගියේ නැ මිස්ටර් මින් දන්නවා තමන්ගේ වැරදි නිසා එයාලගේ පවුල කැඩුනා කියලා මිස්ටර් මින් නාරාට ලං නොවුනා නම් අද ගොඩක් දේවල් වෙනස් වෙලා යේජි කියපු දේවල් මිස්ටර් මින්ගේ හිතට තදින් කා වැදුනා මිස්ටර් මින් දිගටම කලේ ගැන කල්පනා කරපු එක ඒත් අන්තිමේ දී මිස්ටර් මින්ට ඉතුරු වුනේ කලකිරීමක් පසුතැවීමක් විතරයි

" Driver ඉස්සරහින් නවත්තන්න "

කැබ් රථය නැවැත්තුවාම යේජි මිස්ටර් මින් දිහාවත් නොබලා කැබ් එකෙන් බැහැලා සද්දෙට දොරත් වහගෙන ගියා මිස්ටර් මින්ගේ කැබ් රථය යන තුරු බලාගෙන ඉදපු යේජි මෙතෙක් වෙලා සගවගෙන හිර කරගෙන හිටපු කදුලු බිදු පිට කලා
.

.
Next Day Morning 

පසුදින උදෑසන ඔලුවේ තද කැක්කුමක් එක්ක යුංගි ඇහැරුනා කොල්ලා ඇස් පියාගෙනම හිසකෙස් අතරේ අතක් යැව්වේ ඔලුවෙන් දැනෙන වේදනාව වැඩි නිසා ඒත් එක්කම යුංගි ඇස් ඇරියේ එයාගේ අතට කාගේ හරි අතක් අහුවුනු නිසා ආන් එතකොට තමයි මේ බේබදු පූස් උතුමානන් දැනගත්තේ එයා ඔලුව තියාගෙන ඉන්නේ කොට්ටයක් උඩ නෙවෙයි කියලා යුංගි ඔලුව උස්සලා බලනකොට දැක්කේ බෙල්ලත් කඩාගෙන ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා තද නින්දක ඉන්න සෝයූන්ව කොල්ලා සෝයූන්ව දැකලා පුදුම වුනා

මෙයා මොකද මෙතන කරන්නේ මම කොහොමද ගෙදරට ආවේ ඊයේ මොනාද වුනේ අහ්හ්හ්....කිසිදෙයක් මතක නැ ක්ලබ් එකට ගියා කියලා විතරයි මතක ඊට පස්සේ වුනු කිසිදෙයක් මතක නැ සෝයූන් කොහොමද මෙහෙට ආවේ මුලු රෑම මේ කෙල්ල මෙහෙම ද හිටියේ....

යුංගි ඇස් දෙක තද කරලා පියාගෙන ඊයේ වුනු දේවල් මතක් කරන්න උත්සාහ කලා කොල්ලාට මතක තිබුණේ ක්ලබ් එකට ගියපු එක විතරයි ඊට පස්සේ සෝයූන් ඇවිත් සිද්ධ වුනු දේවල් ගෙදර එක්කගෙන ආපු හැටි කිසිදෙයක් කොල්ලාගේ මතකයේ තිබුණේ නැ

මට සමාවෙන්න සෝයූනා.....තමුසෙට මුහුන දෙන්න තරම් ශක්තියක් මට තිබුණේ නැ තමුසේ සමහරවිට මේ දේවල් නොදන්නා නිසා මගේ ලගට වෙලා තාමත් ඉන්නවා ඇති ඇත්ත කතාව දැනගත්ත දවසට තමුසේ මට  ආදරේ කරපු හිතින්ම වෛර කරයි තමන්ගේ ඔම්මාගේ මිනිමරුවගේ පුතාට ආදරේ කරන්නේ කවුද...?

කොල්ලා තමන්ටම සමච්චලේට හිනා වුනා ඒ ඇස් වල ලොකු දුකක් හැංගිලා තිබුනා යුංගි හැමදේම හිතේ හිර කරගෙන තනියෙන් දරාගත්තා කොල්ලා කාටවත් පේන්න ඇඩුවේ නැ කොල්ලාගේ කදුලු දැක්කොත් එයා දුර්වලයෙක් කියලා මිනිස්සු හිතයි කියලා යුංගි කදුලු හැංගුවා

යුංගි සෝයූන්ගේ උකුලෙන් නැගිටලා කෙල්ල ඇහැරෙන්නේ නැති වෙන්න සෝයූන්ගේ තොල් මතින් පුංචි හාදුවක් තැවරුවා යුංගි ඇදෙන් බැහැලා කෙල්ලව ඇදේ හරියට හාන්සි කරලා බ්ලැන්කට් එකත් පෙරෙව්වා මුලු රෑම වාඩිවෙලා ඉදලා කෙල්ලගේ කොන්ද රිදෙනවා ඇති කියලා යුංගිට හිතුනා බෝම්බයක් ගැහුවත් කෙල්ල ඇහැරෙන්නේ නැ කියලා දන්න යුංගි සෝයූන්ගේ නලලට තොල් තද කලා

විනාඩි කිහිපයකින් සෝයූන්ගෙන් ඈත් වුනු කොල්ලා වොෂ් රූම් එකට ගියේ එයා වොෂ් එක දාගෙන එනකොට කෙල්ල නැගිටලා ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්

යුංගි හිතුවා වගේම සෝයූන් ගෙම්බා පොලේ ගහලා වගේ නිදි කොල්ලා ඇදෙන් තියලා ගියපු විදියට නෙවෙයි එනකොට හිටියේ බ්ලැන්කට් එකෙන් භාගයක් ඇදෙන් බිම කොට්ටයකුත් බිම තව කොට්ටයක් තුරුල් කරගෙන කකුල් විහිදුවාගෙන හොදටම නිදි කෙල්ලගේ පිජාමා ටී ෂර්ට් එක ඉස්සිලා බඩත් පේනවා කොල්ලා පුංචි හිනාවක් එක්ක ගිහින් කෙල්ලගේ ඇදුමත් හදලා ආපහු කලින් වගේ බ්ලැන්කට් එකත් පෙරෙව්වා බිම තිබුණු කොට්ටෙත් අරගෙන ඇදේ කොනකින් තිබ්බා

කොල්ලා ඊට පස්සේ රූම් එකෙන් එලියට බැස්සේ එක සැරයක් හැරිලා සෝයූන් දිහා බලලා

ටික වෙලාවක් ගත වෙනකොට සෝයූන්ට ඇහැරිලා කොල්ලව හෙව්වත් යුංගිව හොයාගන්න බැරිවුණා සෝයූන් ඇදවල් යට ලාච්චුව අස්සේ ක්ලෝසෙට් එකේ ඇදුම් අස්සේ කිචන් එකේ බඩු අස්සේ මල් වාස් එකේ මල් ටික අයින් කරලා මල් වාස් එක ඇතුලේ යුංගි ඉන්නවා ද කියලා යුංගි නම කියලා කෑගහන ගමන් හොයනවා ඒත් සෝයූන්ට යුංගි තියා කොල්ලාගේ පූස් ලෝමයක්වත් හොයාගන්න හම්බුනේ නැ කෙල්ල කෝල් කරත් යුංගිගේ ෆෝන් එක ඕෆ් සෝයූන්ට දුකක් දැනුනේ

ඇයි යුංගි මට මෙහෙම කරන්නේ....? 

කෙල්ලගේ ඒ ප්‍රශ්නයට උත්තරයක් දැනගෙන හිටියේ යුංගි විතරයි සෝයූන් කාත් එක්කවත් කතා නොකර kim mansion එකෙන් පිටත් වෙලා ගියේ කිම් පවුලේ හැමෝටම සෝයූන් ගැන දුක හිතෙද්දී

එදා හවසම සෝයූන් ආපහු kim mansion එකට ආවා ඒ වෙනකොට යුංගි mansion එකේ හිටියා යේජි එන්න කියපු නිසා යුංගිට mansion එකට එන්නම වුනා kim mansion එකට ඇතුල් වුනු සෝයූන් living room එකේ සෝෆා එකේ වාඩිවෙලා ඉන්න යුංගි ලගට ඉක්මන් අඩි තියන ගමන් ඇවිදගෙන ගියා කොල්ලා සෝයූන් එයි කියලා බලාපොරොත්තු වුනේම නැ කොල්ලාගේ ලගට ගියපු සෝයූන් යුංගිගේ ඇදුමෙන් ඇදලා අරගෙන අත දිග ඇරලා කම්බුල් පාරක් දුන්නේ ඔක්කොම කම්ෆියුස් උන්ගා බුන්ගා කරලා

" තමුසේ ද මගේ ඔම්මාගේ මිනිමරුවාගේ පුතා "

සෝයූන් කෑගහලා ඇහුවේ අනිත් අය තවත් කම්ෆියුස් කරලා

To be continue.................♡︎

මුලින්ම ලේට් අප්ඩේට් වෙනුවෙන් සමාව ඉල්ලනවා ඕතර්ට උන හැදිලා හිටියා ලමයි ඒ නිසා ටයිප් කරන්න වුනේ නැ පුලුවන් ඉක්මනට ටයිප් කරලා දුන්නේ ගොඩක් සංකුට්ටෝ whatsapp msg දාලා අප්ඩේට් දෙන්නේ නැද්ද කියලා අහන නිසා

සංකුටු රීඩස්ලා ටික පරිස්සමින් ඉන්න
මම යනවා නිදාගන්න
බායිම්

                                                               

Bạn đang đọc truyện trên: AzTruyen.Top