匚卄卂卩ㄒ乇尺 28🐾

" යුංගි....."

සුලු මොහොතකට පස්සේ සෝයූන් හිටියේ හොස්පිටල් එකේ එයාට වෙන් වුනු රූම් එකේ යුංගි කෙල්ල ලගින් හිටගෙන ඔලුව පිටිපස්ස කසන ගමන් හිටියේ සුට්ටක් විතර ලැජ්ජාවෙන්

ෝයූන්ට නම් ගානක් තිබුණේ නැ යුංගි සෝයූන්ව වඩාගෙන ඉන්නකොට හොස්පිටල් එකට ආපු යේජි වගේම මිස්ටර් පාර්ක් දැක්කේ මේ දර්ශනය තමයි සෝයූන් ඒ වෙලාවේ තමන්ගේ අප්පා දිහා බලලා අහිංසක හිනාවක් දැම්මා මිසක් යුංගිගේ ඇගෙන් නම් බැස්සේ නැ යුංගි කෙල්ල දිහා බැලුවේ බහින්න කියන්න වුනත් සෝයූන් කොල්ලාගේ වටා ඔතාගෙන ඉදපු කකුල් තද කලාම කොල්ලා ඒ අදහස අතහැරියා

ඉතින් කොල්ලා සෝයූන් වඩාගෙන ආපහු සෝයූන්ගේ රූම් එකට ඇවිත් ඇදෙන් තියලා කෙල්ල ලගින් හිටගෙන ඔලුව කසන්න ගත්තේ එයාගේ ඔම්මායි father in law තමන් දිහා බලාගෙන ඉන්නකොට

" මගේ පුතාට මෙහෙම දෙයක් වෙයි කියලා නම් හිතුවේ නැ පාර්ක් සර්..."

යේජි කම්බුලට අතක් ගහගෙන කියනකොට මිස්ටර් පාර්ක් හිනා වුනේ එයාගේ දගකාර දුව නිසා ඉස්සරහට යුංගිට ඔයිට වඩා දේවල් වලට මුහුන දෙන්න වෙයි හිතෙද්දී

" යාහ්හ්හ්....ඔම්මා.."

" මොහ්....? ඔම්මා...?"

යුංගි යේජිට ඔම්මා කියලා කතා කලාම සෝයූන් ඇස් බෝල කරගෙන යුංගි දිහා බැලුවා කෙල්ල තාම දන්නේ නැ මෙච්චර කාලයක් එයාගේ අජුම්මා විදියට එයාව බලාගත්තේ යුංගිගේ ඔම්මා කියලා

" යේ.......මෙච්චර කාලයක් අපි එක්ක ඉදලා තියෙන්නේ යුංගිගේ ඔම්මා තමයි "

මිස්ටර් පාර්ක් එහෙම කිව්වාම සෝයූන් යේජි දිහා බැලුවාම හිනා වෙලා ඔලුව වැනුවා

" එතකොට....."

" මම ඔයාගේ mother in law තමයි ලොකු බේබි.."

යේජි සෝයූන්ගේ කම්බුල් වලින් අල්ලලා හිනාවක් එක්ක කිව්වා කෙල්ල හිනා වුනත් කෙල්ලගේ හිතේ තිබුණේ සෝයූන්ගේ ඔක්කොම පිස්සු විකාර වැඩ යේජි දන්නවා කියලා මතක් වෙද්දී සෝයූන්ගේ හිනාව වාෂ්ප වුනා එයාගේ පුංචි කාලේ ඉදලා කරපු ඔක්කොම මොංගල් පිස්සු වැඩ හැමදේම දන්න නැන්දම්මා කෙනෙක් හම්බවෙයි කියලා සෝයූන් ජීවිතේට හිතන්නේ නැතුව ඇති

" මගේ පුතාට හොස්ස ලගින් මැස්සා යන්න බැ පොඩි දෙයක් ඇති කේන්ති යන්න එයා පුංචි කාලේ ඉදලා එහෙමයි යුංගි ආදරේ පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි කොච්චර නපුරා වගේ හිටියත් එයා ආදරේදී ගොඩක් සෙන්සිටිව් කෙනෙක් මගේ පුතා ඔයාට ගොඩක් ආදරෙයි බේබි ඔයා සිහිය නැතුව ඉන්න වෙලාවේ යුංගි බේබි ගැන කියලා ඇඩුවා මම වගේ එයාගේ හිතට දුකක් දෙන්න එපා යුංගි එක්ක සතුටින් ඉන්න "

යේජි කෙල්ලගේ අත් දෙක අල්ලාගෙන කදුලු පුරවගෙන කියද්දී සෝයූන් පුංචි හිනාවක් එක්ක යේජි දිහා බැලුවා

" ඔයා බය වෙන්න එපා අජුම්මා මම ඔයාගේ පුතාව හොදට බලාගන්නම්..."

කෙල්ල ඒක කියපු විදියට යුංගිට හිනාවක් ගියා සෝයූන් එයාව බලාගන්න එක කෙසේ වෙතත් කොල්ලාට නර්සරි බබෙක් බලාගන්න වෙන එක නම් හොදටම ෂුවර්

" දැන් අජුම්මා කියන්න එපා ඔම්මා කියන්න ඔයා මගේ චූටි ලේලි පොඩ්ඩ නේ "

යේජි ආදරෙන් සෝයූන්ගේ කම්බුල් පිරිමදින ගමන් කියද්දී කෙල්ල යුංගි දිහා බැලුවාම කොල්ලා සෝයූන්ගේ ඔලුව අතගෑවා

" ඔ..ම්...මා.."

" ඔව් මගේ මැනික.....අද ඉදන් මම ඔයාගේ ඔම්මා හරි ද ම්ම්ම්...."

යේජි කිව්වාම සෝයූන් ඔලුව වැනුවා යේජි කෙල්ලව තුරුල් කරගත්තාම සෝයූන් යේජිට තුරුල් වුනා මිස්ටර් පාර්ක් ඒ දිහා බලාගෙන හිටියේ හිනාවක් සමග යේජි එයාගේ තුරුලේ ඉන්න කෙල්ලගේ ඔලුව අතගෑවා

",දැන් රෙස්ට් කරන්න..... මම ඔයාට සුප් එකක් ගෙනාවා ඔයාගේ ඉමෝ තමයි එයාගේ හුරතලේ ආස විදියට සුප් එක හැදුවේ "

යේජි එහෙම කියලා සෝයූන් නලලට පුංචි කිස් එකක් දීලා ගියා

" යුංගිට වද දෙන්න එපා සෝයූ හොද දරුවා වගේ ඇද්ට වෙලා ඉන්න සීතලේ ඇවිදින්න එපා මෙන්න ඉල්ලපු නවල් ටික දග වැඩ නොකර ඉන්න ම්ම්ම් අප්පා ආපහු උදේට එන්නම්.."

මිස්ටර් පාර්ක් එහෙම කියලා සෝයූන්ගේ අතට පොත් ටික දුන්නා කෙල්ලගේ කොන්ඩේ අවුල් කරපු මිස්ටර් පාර්ක් යුංගිගේ උරහිසට තට්ටුවක් දාලා ගියා කෙල්ල නම් මිස්ටර් පාර්ක් ගෙනත් දීපු නවල් එකින් එක බලන ගමන් හිටියා

මේ අතරේ සෝයූන් බලලා හොස්පිටල් එකෙන් එලියට ආපු මිස්ටර් පාර්ක් යේජි හිටියේ ලොකු කතාවක

" මොන දේ වුනත් නාරා තමන්ගේ පුතාට ආදරෙයි ඒ නිසා මම හිතන්නේ නැ ලේසියෙන් සෝයූන්ව අතහරියි කියලා "

යේජි කිව්වේ අත් දෙක බැදගෙන ඈත පේන අහස දිහා බලාගෙන

" මට බය මේ දේවල් නිසා සෝයූන්ට කරදරයක් වෙයි කියලා දැන් එයා ඉන්නෙත් හොද තත්ත්වයක නෙවෙයි "

යේජි ලගින් හිටගෙන අත් දෙකත් කලිසම් සාක්කුවට දාගෙන අහස දිහා බලාගෙන මිස්ටර් පාර්ක් කිව්වා

" බය වෙන්න එපා පාර්ක් සර් යුංගි සෝයූන්ව පරිස්සම් කරයි ඒක මට හොදටම විශ්වාසයි "

" මට සර් කියන්න ඕන නැ යේජි දැන් මගේ නෑනා නේ "

මිස්ටර් පාර්ක් කිව්වාම යේජි හිනා වුනා

" මගේ අහිංසක දරුවා ගොඩක් දුක් විදලා ඒ හැමදේම මම හින්දා "

යේජි කදුලු පුරවගෙන කිව්වේ එයා ගත්ත තීරණය හින්දා යුංගිට දුක් විදින්න වුනු එක හදවතින්ම පසුතැවුනා යේජි එදා mansion එකෙන් එලියට බැස්සේ යුංගි හොදින් ඉදියි කියලා හිතාගෙන මොකද නාරා දිගින් දිගටම යේජිට යුංගි ගැන කියලා තර්ජනය කලා ඉස්සර යුංගි පුංචි කුහුඹුවෙක්වත් මරන්න බැරි අහිංසක කොල්ලෙක් එහෙම හිටපු කොල්ලා ඔම්මා තනි කරලා ගියපු නිසා අප්පාගේ වෙනස්කම් නිසා ගොඩක් දුක් වින්දා එයාගේ කදුලු පිහිදලා සනසන්න ලගින් කෙනෙක් නොහිටපු තරම් මිස්ටර් මින් හැමතිස්සේම සේයොන්ගේ පැත්ත ගනිද්දී යුංගි වෙනුවෙන් කතා කරන්න කවුරුවත් හිටියේ නැ කොල්ලා ඒ විශාල mansion එක ඇතුලේ තනිවෙලා හිටියේ ඒ නිසායි අන්තිමේ දී ඔම්මාව හොයාගෙන යුංගි පාරට බැස්සේ

" අතීතයේ වුනු දේවල් කිසිදෙයක් අපිට වෙනස් කරන්න බැ යේජි "

මිස්ටර් පාර්ක් කියනකොට යේජි ඔලුව වැනුවා

" අර සේහා නේද "

හොස්පිටල් එක ඇතුලට යන සේහාව දැකපු යේජි මිස්ටර් පාර්ක්ට පෙන්නුවා

" ම්ම්ම්..."

" සේහා මොකද ආවේ....? ආපහු මගුලක් ජෝඩු කරන්න ද දන්නේ නැ "

" මම හිතන්නේ නැ සේහා එකම වැරැද්ද දෙපාරක් කරයි කියලා "

මිස්ටර් පාර්ක් කිව්වේ සේහා යන දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා
.

.
සේහා ඇවිත් සෝයූන් බදාගෙන අඩලා සමාව අරගෙන ගියා සෝයූන් වෙනසක් නොකර සේහාට ඔම්මා කියලා කතා කරද්දී සේහා කෑගහලා ඇඩුවා කොච්චර නපුරු වැඩ කලත් සෝයූන් හිනා වෙලා ඔම්මා කියලා කතා කරද්දී ඒ හිතට ගොඩක් දුක හිතුනා යුංගි ඒ දෙන්නාට ඉන්න දීලා එලියට වෙලා හිටියා සේහා යන්න කලින් යුංගි එක්ක කතා කරලා එයා කරපු දේවල් වලට සමාව ඉල්ලුවා

ටික වෙලාවකට පස්සේ සෝයූන් හිටියේ පොතක් කියවන ගමන් යුංගි මුකුත් නොකියා ගිහින් කෙල්ල ලගින් වාඩිවෙලා සෝයූන්ගේ මූන දිහා බලාගෙන හිටියා කඩා හැලෙන දුඹුරු පැහැයට හුරු කෙස් කලඹ තරු කැට වගේ දිලිසෙන පුංචි ඇස් ලා රෝස පැහැයට හැරුනු කම්බුල් නා දලු වන් දෙතොල් දිහාට ඇස් අරගෙන ගියපු යුංගිගේ ඇස් අවසානයේ නතර වුනේ කිරි සුදු පැහැති සමේ තිබුණු පුංචි birthmark එකක් ලග කෙල්ලගේ බෙල්ල පාමුලට වෙන්න birthmark එක පිහිටලා තිබුනා

" මොකද ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ "

මෙච්චර වෙලා පොතේ පිටු මත දුවපු සෝයූන්ගේ ඇස් එයා දිහා කන්න වගේ බලාගෙන ඉන්න යුංගිගේ පැත්තට හැරුනා කොල්ලා මුකුත් නොකියා තත්පර කිහිපයක් සෝයූන්ගේ ඇස් දිහා බලාගෙන ඉදලා කෙල්ලගේ තොල් මතින් යුංගි එයාගේ තොල් තිබ්බා ඒ සීතල තොල් වල ස්පර්ශයට අවනත වෙමින් සෝයූන් ඇස් පියාගත්තා

සෝයූන්ගේ තොල් වලින් ඈත් නොවීම කෙල්ලව ඇදේ හාන්සි කරපු යුංගි සෝයූන්ගේ අතක අතැගිලි අතර එයාගේ අතේ ඇගිලි පටලැවුනා සෝයූන්ගේ අනිත් අතේ තිබුණු පොත අතහැරලා කොල්ලාගේ පිට දිගේ අත අරගෙන ගිහින් යුංගිගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා යුංගි සෝයූන්ගේ රෝස තොල් උරන ගමන් අත කෙල්ලගේ ඇග පුරා ගමන් කලා කෙල්ල හිටියේ කවදාවත් නොවිදපු නොදැනුනු ආගන්තුක හැගීම් ගොන්නක අතරමං වෙලා

යුංගිගේ කොන්ඩේ සෝයූන්ගේ තදින් අදිද්දී කොල්ලා සෝයූන්ගේ තොල් වලින් ඈත් වෙලා බෙල්ල අස්සේ මූන හංගගත්තා සෝයූන්ගේ බෙල්ල පුංචි පුංචි කිස් ගොඩකින් තෙත් කලා සෝයූන් බෙල්ලත් පැත්තකට ඇල කරලා කොල්ලාට ඉඩ දුන්නා යුංගිගේ අතක් එයාගේ ඇදුම අතරින් කෙල්ලගේ පපුව ලග නැවතුනා සෝයූන් කොල්ලාගේ ශර්ට් එකේ කොනක් තදින් අල්ලාගෙන කකුලේ ඇගිලි ගුලි කරගෙන හිටියේ යුංගි කෙල්ලගේ boob සීතල ඇගිලි වලින් අල්ලද්දී සෝයූන්ට සිහින් කෙදිරිල්ලක් පිට වුනා

" Ahhmm...."

කෙල්ලගේ සිහින් කෙදිරිල්ල නිසා යුංගි සෝයූන්ගේ මූන දිහා බැලුවා සෝයූන් ඇස් පියාගෙන කටත් පොඩ්ඩක් ඇරගෙන කොල්ලාගේ සියුම් ස්පර්ශය වලට ප්‍රතිචාර දක්වනවා සෝයූන්ගේ කම්බුලකට කිස් එකක් දුන්නු යුංගි කෙල්ලගේ ඇදුම් අතරේ තිබුණු එයාගේ අත එලියට ගත්තා එකපාරට දැනුනු සීතල ස්පර්ශය නැති වුනු නිසා සෝයූන් ඇස් ඇරලා බැලුවා

" අහ්ම්...අහ්ම්..."

කවුරුහරි උගුර පාදන හඩක් ඇහෙනකොට යුංගි අකුනක් ගැහුවා වගේ සෝයූන්ගෙන් ඈත් වුනා කෙල්ල යටි තොලත් හපාගෙන අහක බලාගත්තේ දැනුනු ලැජ්ජාවට සෝයූන් චෙක් කරන වෙලාව හරි නිසා ඩොක්ටර් රූම් එකට ආවේ

" මේක හොස්පිටල් එකක් කොල්ලෝ "

ඩොක්ටර් යුංගිට කියද්දී කොල්ලා හිනා වුනා ඊට පස්සේ ඩොක්ටර් ඇවිත් සෝයූන්ව චෙක් කරනකම් යුංගි අත් දෙක බැදගෙන පැත්තකට වෙලා බලාගෙන හිටියා

" හිටියාට වඩා සෝයූන් දැන් හොද තත්ත්වයක ඉන්නවා හෙට හවසට ඩිස්චාර්ජ් කරයි ඕනවාට වඩා දේවල් ගැන හිතන්න එපා දරුවෝ ඒක ඔයාගේ සෞඛ්‍යයට හොද නැ කෑම ගැන වුනත් මීට වඩා ඔයා හිතනවා නම් හොදයි "

ඩොක්ටර් එහෙම කියලා සෝයූන්ගේ ඔලුව අතගාලා යන්න ගියාම සෝයූන් අත මිට මොලවලා පාරක් කොල්ලාට ගැහුවා

" මෝඩයා....දැන් ඇති ද....? තැනක් නොතැනක් නැ කිස් කරනවා"

සෝයූන් රවාගෙන කිව්වා

" තමුසෙව කිස් කරන්නේ නැතුව පාරේ යන කෙල්ලෙක් කිස් කරන්න ද ඕයි "

යුංගි අනිත් පැත්තට අහනකොට සෝයූන් අහක බලාගත්තා

" ඕයි සෝයූන් තමුසේ රවනකොට ලස්සනයි "

යුංගි කිව්වාම අහක බලාගෙන හිටපු සෝයූන්ට හිනාවක් ගියා එතකොට නර්ස් කෙනෙක් ආවේ සෝයූන්ට බෙහෙත් අරගෙන කෙල්ල මූනත් නරක් කරගෙන එයාගේ අතට දුන්නු බෙහෙත් දිහා බලාගෙන හිටියා

" මොකද තමුසේ බෙහෙත් දීහා බලාගෙන ආනාපානසති භාවනාව වඩනවා ද..?"

යුංගි නර්ස් ඉස්සරහ ඇහුවා නර්ස් හිනා වුනා කෙල්ල ඒ නිසා බෙහෙත් ටික බීලා දැම්මා

" සෝයූන් ගොඩක් වාසනාවන්තයි මේ වගේ නම්චිංගු කෙනෙක් ලබන්න තරම් "

" මම දන්නවා "

" තමුසේ දන්නවා මගුලක් "

යුංගි කිව්වාම නර්ස් හිනා වෙවී යන්න ගියා

" පිස්සා...."

" තමුසේ පිස්සි..."

කොල්ලා කිව්වාම සෝයූන් හිනා වෙවී හිටියා

" දැන් නිදාගන්න "

යුංගි කිව්වාම සෝයූන් බ්ලැන්කට් එකත් පෙරවගෙන නිදාගන්න ලෑස්ති වුනා

" මම නිදාගත්තාට පස්සේ යන්න "

" ඒක මම බලාගන්නම් තමුසේ නිදාගන්නවා "

යුංගි කිව්වාම සෝයූන් ඇස් පියාගත්තා කොල්ලා සෝයූන්ට නින්ද යනකම් ඔලුව අතගාන ගමන් ඉදියා කෙල්ලට හොදටම නින්ද ගිහින් කියලා තේරුනාම යුංගි සෝයූන්ගේ නලලෙන් කිස් එකක් තියලා කෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා ඒත් එක්කම ෆෝන් එක vibrate වුනු හින්දා කොල්ලා ඉක්මනට ෆෝන් එක අරගෙන කෝල් එක ආන්සර් කලේ කෙල්ල ඇහැරෙයි කියලා හිතුනු නිසා

" මම ඉක්මනට එනවා...."

යුංගි කෝල් එක ආන්සර් කරලා එහෙම කියලා සෝයූන්ගේ කම්බුලක් පිරිමැදලා එතැනින් යන්න ගියේ නම් හිතකින් නෙවෙයි
.

.
Next Day Morning

පසුදින උදෑසනම යුංගි ඩේසි මල් පොකුරක් අරගෙන හොස්පිටල් එකට ආවා ලියොන් නම් බලාගෙන හිටියේ එයාගේ බොස් කවදා කරපු වැඩ ද කියලා හිතන ගමන් හොස්පිටල් එකේ car park එකේ යුංගිගේ black colour ලැම්බොගිනිය නවත්තපු යුංගි Idol කෙනෙක් වගේ sunglass දාගෙන බැස්සා කොල්ලා අතේ තියෙන ඩේසි මල් පොකුර දිහා බලලා හිනා වුනා

හැබැයි කොල්ලාගේ හිනාව මැකිලා ගියේ car park එකේ නවත්තලා තිබුණු වාහනයක් හින්දා යුංගි ඒ වාහනය දිහා බලාගෙන ඉදලා ලියොන්ගේ අතට මල් පොකුර විසි කරලා දුවගෙන හොස්පිටල් එක ඇතුලට ගියේ ලියෝන්ව කම්ෆියුස් කරවලා

යුංගි දුවලා යන දිහා කම්ෆියුස් වෙලා බලාගෙන ඉදපු ලියොන් කොල්ලා පස්සෙන් දුවගෙන ආවා යුංගි එයාගේ ඉස්සරහට එන මිනිස්සු තල්ලු කරගෙන පිස්සෙක් වගේ සෝයූන්ගේ රූම් එකට දුවගෙන ආවා

" මම තමුසෙට කී සැරයක් කියන්න ද මම තමුසෙට කැමති නැ කියන දේ අහලා ය්නවා මට වද නොදී "

කොල්ලාට රූම් එක ලගට යනකොට ඇහුනේ සෝයූන් කෑගහලා කියන සද්දය

" තමුසේ මට අකමැති වෙන්න තරම් මගේ මොකද්ද තියෙන අඩුව සල්ලි ධනය බලය හැමදේම මට තියෙනවා ඇයි තමුසෙට බැරි මට කැමති වෙන්න මම මෙච්චර කාලෙකට කාගෙවත් පස්සෙන් මේ තරම් ගිහින් නැ "

ඒත් එක්කම ඇතුලට ගියපු යුංගිට දැකගන්න ලැබුනේ සේයොන්ගේ අත් වලින් බේරෙන්න දගලන කෙල්ලව ඒක දැකපු යුංගිගේ මාරයා ඇවිස්සෙන්න වැඩි වෙලාවක් ගියේ නැ අඩියට දෙකට කෙල්ල ලගට ගියපු යුංගි සෝයූන් ඇදලා අරගෙන එයාගේ පිටිපස්සට කරගත්තා කෙල්ලට එකපාරට මොකද වුනේ කියලා හිතාගෙන බැරුව ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා සේයොන් සමච්චල් සහගත හිනාවක් එක්ක යුංගි දිහාට හැරුනා

" උබට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මගේ දේවල් මැද්දට පනින්නේ "

" උබේ දේවල්.....?"

යුංගි ඇහිබමක් උස්සගෙන ඇහුවා

" යේ.....සෝයූන් මගේ උබ මේකෙන් ඈත් වෙලා ඉන්න තරමට උබේ ඇගට හොදයි "

සේයොන්ගේ වචන වලට යුංගිගේ අත මිට මෙලවුනා සෝයූන් යුංගිගේ අතක් පිරිමැද්දේ සන්සුන් වෙන්න කියන්න වගේ

" දවල් හීන දකින්නේ නැතුව හිටපන්.."

" මම නෙවෙයි උබ තමයි දවල් හීන දකින්නේ මට දෙයක් ඕන වුනොත් මම ඒ දේ හොදින් හරි නරකින් හරි මගේ කරගන්නවා ඒ ගැන උබ දන්නවා ඇති කියලා හිතනවා "

සේයොන් යුංගිගේ පිටිපස්සට වෙලා ඉන්න කෙල්ල දිහා බලන ගමන් කිව්වා

" උබ කොහොමත් හරි දක්ෂයි නේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න ඒක උබට එන්න ඇත්තේ උබේ ඔම්මාගෙන් වෙන්න ඇති එනිවේ.... සෝයූන්ව නම් උබට අයිති වෙන්න මම ඉඩ තියෙන්නේ නැ "

" හහ්..... උබට මොනාද යකෝ කරන්න පුලුවන් ආ කිසිදෙයක් කරන්න බැ උබ එදා වගේම අදත් දුර්වලයෙක් විතරයි "

සේයොන් සමච්චල් සහගත හිනාවක් එක්ක කිව්වා

" උබ තාම මම කවුද කියලා දන්නේ නැ පාඩුවේ නිදාගෙන ඉන්න කොටි අවුස්සලා ඇහැරවගෙන කෑවෝ කෑවෝ කියන්න එපා අනික උබේ slut ඔම්මාගේ master plane නැත්නම් උබ තාමත් පොඩි ගෙදරක නැත්නම් මහ පාරේ හිගා කයි "

යුංගි එහෙම කිව්වාම කේන්තියෙන් පිරුනු ඇස් දෙකකින් යුංගි දිහා බලාගෙන ඉදපු සේයොන් අත මිටමොලවා කොල්ලාගේ මූනට ගහන්න හැදුවේ යුංගි සේයොන්ගේ අතින් අල්ලලා පිටිපස්සට ඇබරුවා

" අහ්හ්...අතහැරපන් යකෝ හොද හිතින්..."

සේයොන් කෑගහනකොට යුංගි සේයොන්ගේ පිටට පයින් ගැහුවා සේයොන් විසි වෙලා ගිහින් තව පොඩ්ඩෙන් බිත්තියේ ඔලුව වදිනවා

" මගේ ඔම්මා විතර ද යකෝ වැරදි එතකොට උබේ අප්පා මැරි කරලා දරුවෙක් ඉන්නවා කියලා ඒ මිනිහාට අමතක වුනා ද ඌ තමයි ඔක්කොම පටන් ගත්තේ ඌ තමයි මගේ ඔම්මාව මේ දේවල් වලට ඇදලා ගත්තේ මගේ ඔම්මා හැම එකාම එක්ක නිදාගත්තේ නැ යකෝ "

යුංගිගේ කතා අහගෙන ඉන්න බැරි තැන සේයොන් යුංගිගේ ඇදුමෙන් අල්ලාගෙන කෑගහලා කිව්වා මොන දේ වුනත් සේයොන් එයාගේ ඔම්මාට ගොඩක් ආදරේ කලා සේයොන්ට මතක ඇති කාලෙක ඉදලා එයාට හිටියේ ඔම්මා විතරයි නාරා එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි කියලා සේයොන් දන්නවා

" ඕක නවත්තන්න දැන් හොදටම ඇති...."

සේයොන්ගේ අත් යුංගිගේ ඇදුමෙන් අයින් කරපු කෙල්ල කිව්වා මේක හොස්පිටල් එකක් කියලා අමතක වෙලා මෙතන ගහගනීදෝ කියලා සාධාරණ බයක් ඇති වුනු නිසා කෙල්ල මැද්දට පැනලා කතා කලා

" සේයොන් මම අන්තිම හොදින් කියන්නේ මට තමුන් ගැන කිසිම හැගීමක් නැ ඇයි මම කියන දෙයක් තේරුම් ගන්නේ නැත්තේ මට මගේ පාඩුවේ ඉන්න දීලා මෙතනින් යනවා ද..."

" දැනට යන්නම් හැබැයි මම ආපහු එනවා සෝයූන් එදාට තමුසෙව බේරගන්න මූ ඉන්න එකක් නැ "

සේයොන් කෙල්ලගේ පැත්තට දබරගිල්ල තියලා කරලා කියලා යුංගි දිහා බලලා අමුතු හිනාවක් දාලා ගියා සේයොන් ගියාම කෙල්ල අතින් කොන්ඩෙත් පිටිපස්සට කරලා ඇදෙන් වාඩිවුනා යුංගි හුස්මක් පහත දාලා සෝයූන් ලගින් වාඩිවෙලා කෙල්ලගේ ඉනවටේ අතක් යවලා ලගට ගත්තා

" තමුසේ ඌ කියන විකාර ගැන හිතන්න එපා මම තමුසේ එක්ක ඕන දේකට ඉන්නවා "

" මේක පුදුම වදයක් වුනා නේ ඇයි එයාට තේරෙන්නේ නැත්තේ මම කියන දේ මගේ හිතේ සේයොන් ගැන හැගීමක් නැත්නම් මොනා කරන්න ද ආදරේ කියන්නේ දැනෙන්න ඕන දෙයක් මට සේයොන්ගේ ලග ඉන්නකොට එහෙම දෙයක් දැනෙන්නේ නැ කියලා කිව්වාමත් තවත් මට මෙහෙම වද දෙන්නේ මොනා බලාපොරොත්තුවෙන් ද"

සෝයූන් කලකිරුනු ස්වරයකින් කිව්වා සේයොන්ට කෙල්ල ගැන attraction එකක් විතරයි කෙල්ලව ටික දවසකට හරි ත්මන්ගේ ලග තියාගන්න සේයොන්ට ඕන වුනා යුංගි කෙල්ලට ආදරෙයි කියලා දැනගත්තාම සේයොන්ට කෙල්ලව මැරි කරන්න ඕන වුනා ඒ යුංගිට රිද්දන්න ඕනකමට මිසක් සෝයූන්ට තියෙන ආදරේකට නෙවෙයි ඒ තමයි සේයොන්ගේ විදිය

" බොස්..."

ලියොන් දොරට තට්ටු කරලා කතා කරනකොට යුංගි ඇතුලට එන්න කිව්වා ලියොන් ඩේසි මල් පොකුර යුංගිගේ අතට දීලා සෝයූන් දිහා බලලා හිනා වුනා කෙල්ලත් ලියෝන්ට ලස්සන හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කලේ නැ ලියොන් දොර වහගෙන ගියාම මල් පොකුර සෝයූන්ට දුන්නා

" මේක මට ද...?"

සෝයූන් මල් පොකුර අතට ගන්න ගමන් ඇහුවා

" නැ තමුසෙගේ හැල්මොනිට "

යුංගි රවාගෙන කියනකොට සෝයූන් හිනා වෙලා කොල්ලාගේ කම්බුලට පුංචි කිස් එකක් දුන්නා

" තමුසෙට මල් ගෙනත් දුන්නාට එක කිස් එක ද හම්බවෙන්නේ "

යුංගි ඇස් කරකවලා අහපු විදියට හිනා වුනු සෝයූන් කොල්ලාගේ මුලු මූන පුරාම පුංචි පුංචි හාදු ගොඩකින් තෙමුවා

" තමුසෙගේ කෙල මගේ මූන පුරාම "

" කමක් නැ මගේ නේ "

සෝයූන් ඩේසි මල් පොකුරේ මල් අතරේ අතැගිලි යවන දිහා බලාගෙන හිටපු යුංගි මල් පොකුරෙන් ඩේසි මලක් අරගෙන කෙල්ලගේ කොන්ඩේ එහෙ මෙහෙ කරලා සෝයූන්ගේ කනක මල රැදෙව්වා

" තමුසේ සේයොන් ගැන හිතන්න ඕන නැ ඌ කොහොමත් ඔහොම තමයි තමුසෙට මෙච්චර හැන්සම් බෝයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නකොට මොකටද කොහෙවත් ඉන්න පෙරේතයෙක් ගැන හිතන්නේ "

යුංගි ආඩම්බරයෙන් කොන්ඩේ හදන ගමන් කිව්වා

" ඒ ගැන නම් මොකට කියනවද '

සෝයූන් ඇස් කරකවලා අහක බලාගෙන කිව්වා

" තමුසේ මොකද නෝන්ඩියට වගේ කතා කරන්නේ තමුසෙට ෂුවර් නැත්නම් මම විනාඩි පහෙන් කෙල්ලෙක් දාගෙන එන්නම් "

යුංගි එහෙම කියලා නැගිට්ටාම සෝයූන් කොල්ලාගේ අතින් ඇදලා ආපහු ඇදෙන් වාඩිකලා

" හරි ආස ඇති නෙහ්....."

" තමුසේ වගේ හැකර කටක් තියෙන කෙල්ලෙක් එක්ක වසන්න අමාරුයි නේ ඕයි ඒ නිසා අහිංසක විනිත කෙල්ලෙක් හොයාගන්න හැදුවේ මේ හොස්පිටල් එකෙන් වුනත් බැරි වෙන එකක් නැ "

යුංගි කෙල්ලගේ මූනට එබිලා ඇහැක් ගහලා අන්තිම ටික කිව්වා

" ඉතින් යනවා ගිහින් හොයාගන්නවා අහිංසක විනීත කෙල්ලෙක් යැයි යැයි තමයි "

සෝයූන් කට ඇද කරගෙන කියද්දී කොල්ලාට හිනාවක් ගියා

" වෙන කවුරුවත් ඕන නැ තමුසේ විතරක් හිටියාම හොදටම ඇති "

" පුහ්.....මට නම් තවුසෙව එපා...."

යුංගිව තල්ලු කරපු සෝයූන් කිව්වා

" තමුසෙට එපා වුනාට මට ඕන "

කොල්ලා සෝයූන්ගේ ඉන වටේ අත් දෙකම යවලා කෙල්ලට හෙල්ලෙන්නවත් බැරි විදියට

" යාහ්හ් එහාට යනවා පර්සියන් කැට්සිලා මට තවුසේ එපා කියන්නේ එපා යනවා "

සෝයූන් කොල්ලාව ඈත් කරන්න හදන ගමන් කෑගහලා කිව්වාම යුංගි කෙල්ලව තුරුල් කරගත්තා සෝයූන් තාමත් ට්‍රයි කරන්නේ යුංගිගේ ලගින් ඈත් වෙන්න

" දගලන්නේ නැතුව ඉන්නවා ඕයි "

යුංගි කිව්වාම ටික වෙලාවක් කොල්ලාගේ පපුවට ඔලුව තියාගෙන හිටියා

" මම සේයොන් වගේ දකින දකින කෙල්ලගේ පස්සෙන් යන්නේ නැ ඕයි "

කොල්ලා එහෙම කිව්වාම සෝයූන්ට පොඩි හිනාවක් ගියා කෙල්ල හිමින් යුංගිගේ ශර්ට් එකේ කොනක් අල්ලගත්තා

" මගේ විතරයි කියනවා නම් හා ඉතින් "

සෝයූන් කොල්ලාට තුරුල් වෙලා හිමින් කිව්වා ඒක හැබැයි යුංගිට ඇහුනා කොල්ලා සෝයූන්ගේ හිස් මුදුනට ආදරනීය හාදුවක් තැවරුවා
.




.
හවස් වෙනකොට කෙල්ලව ඩිස්චාර්ජ් කරපු නිසා සෝයූන් නම් හිටියේ කියාගන්න බැරි සතුටකින් කෙල්ලට හොස්පිටල් එකේ ඉදලා එපා වෙලා හිටියේ යුංගි නොහිටියා නම් මෙලහකටත් අඩලා අඩලා ගෙදර ගිහින් යුංගි එක්ක ඒ සෙල්ලම් නටන්න හම්බෙන්නේ නැ නේ

අද හැමෝම සෝයූන්ගේ ගෙදර පිරිලා කෙල්ල ඇවිත් වාඩිවුනාම සෝයූන්ගේ මූන හිනාවකින් පිරිලා ගියේ ඇවිත් හිටපු දෙන්නෙක් දැකලාම කෙල්ල ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා අනිත් අයත් කල්පනා කලේ කවදාවත් නොදැකපු ඒ වයසක කපල් එක කවුද කියලා

" සෝයූ බබා මේ දෙන්නව මතක ද..?"

සෝයූන්ගේ ඇස් නැවතිලා තියෙන්නේ කොහෙද කියලා දැක්ක මිස්ටර් පාර්ක් ඇහුවා කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා

" මේ ඔයාගේ ඔම්මාගේ ඔම්මායි අප්පායි ඒ කියන්නේ ඔයාගේ හැල්මොනියි හරබොජියි.."

කෙල්ලගේ ඔලුව අතගාලා කිව්වාම සෝයූන් ඇස් ලොකු කරගෙන හැල්මොනියි හරබොජියි දිහා බැලුවා ඔව් ඒ හිටියේ මිස්ටර් ඇන්ඩ් මිසිස් වැන්ග් සෝයූන්ගේ ඔම්මාගේ ඒ කියන්නේ ජියාගේ දෙමාපියෝ ඒ දෙන්නා සෝයූන්ව බලන්න කොරියාවට සැරින් සැරේ ආවා අන්තිමට ආවේ කෙල්ලට අවුරුදු දහයේ දී වගේ ඒ වෙනකොට කෙල්ල මිස්ටර් ඇන්ඩ් මිසිස් වැන්ග් කියන්නේ එයාගේ අප්පාගේ යාලුවෙක්ගේ දෙමාපියෝ විදියට

" ජියා වගේමයි මහත්තයා ඒ ඇස් ඒ විදියටම පිහිටලා "

මිසිස් වැන්ග් සෝයූන්ගේ කම්බුල් අල්ලාගෙන කිව්වා මිස්ටර් වැන්ග් කෙල්ල දිහා ආදරේ පිරුනු ඇස් දෙකකින් බලාගෙන හිටියා

" මගේ පැටියෝ...."

කෙල්ලගේ ඔලුව අතගාන ගමන් මිසිස් වැන්ග් හරි ආදරෙන් සෝයූන්ට කතා කලා

" හැ..ල්..මොනි...

" යේ....මම ඔයාගේ හැල්මොනි "

සෝයූන්ගේ අතක් පිරිමදින ගමන් මිසිස් වැන්ග් කදුලු පුරවගෙන කිව්වා

" අයියූ මොකද මේ කදුලු "

සෝයූන් මිසිස් වැන්ග්ගේ කදුලු පිරුනු ඇස් දැකලා දුකින් කිව්වා

" ඒ ඔයාගේ හැල්මොනීගේ විදිය පොඩ්ඩ ඇති ටැප් එක ඇරගන්න "

මෙච්චර වෙලා නිහඩව බලාගෙන හිටපු මිස්ටර් වැන්ග් කිව්වේ සෝයූන්ගේ මූනට හිනාවක් එකතු කරලා

" අනේ මහත්තයා මේ......"

" මම ඇත්ත නේ කිව්වේ නේද පුතේ.."

සෝයූන්ගේ ඔලුව අතගාපු මිස්ටර් වැන්ග් එහෙම අහද්දී සෝයූන් ඔලුව වැනුවා

" හරබොජියි මිනිබිරියි එක පැත්තක ද..."

" යෙප්...."

සෝයූන් මිස්ටර් වැන්ග්ට high five එකක් දාලා කිව්වා

" හරි ශෝක් හැල්මොනීව කැපුවා එහෙනම් "

" අනෙව්.....මම ඔයාට එහෙම කරනවද රත්තරං ඔයා මගේ ලව් එක නේ "

සෝයූන් මිසිස් වැන්ග්ගේ බෙල්ල බදාගෙන තොල් උල් කරගෙන හු‍රතල් විදියට කියද්දී අනිත් අය කෙල්ලගේ හුරතල් වැඩ වලට හිනා වෙවී බලාගෙන හිටියා

" පිස්සු කෙල්ල..."

මිසිස් වැන්ග් කෙල්ලගේ කොන්ඩේ අවුස්සලා කිව්වා

" සෝයූ බබා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න...."

මිස්ටර් පාර්ක් කිව්වාම සෝයූන් එයාගේ රූම් එකට ගියා

" කෙල්ල හරි සතුටින් ඉන්නේ "

මිසිස් කිම් හිනාවක් එක්ක කිව්වා

" එයාගේ හැල්මොනි හරබොජියි ඇවිත් නේ "

සෝයූන්ගේ ඉමෝ කිව්වා

" සෝයූන් ජියා වගේමයි පුතා ඒ හිනාව එහෙම්ම සෝයූන්ට පිහිටලා තියෙනවා අද ජියා හිටියා නම්..."

මිසිස් වැන්ග් දුකින් කියද්දී මිස්ටර් වැන්ග් මිසිස් වැන්ග්ගේ උරහිසට තට්ටුවක් දැම්මා

" වුනු දේවල් වුනා අපි දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැ මේ දග මල්ලට ජියාට වුනු දේ නොවෙන්න අපි පරිස්සම් කරගමු.."

මිස්ටර් වැන්ග් කිව්වා

" ඒක ඇත්ත මිස්ටර් වැන්ග් කොහොමත් සෝයූන් එන්නේ අපේ ගෙදරට නේ "

මිස්ටර් කිම් ඇස් කොනින් යුංගි දිහා බලන ගමන් කිව්වා

" ඒ කතාව මොකද්ද "

" මේකා එක්ක සෝයූන්ට සිලිං බිලිං එකක් තියෙනවා වගකීමෙන් කියන්නේ "

මිසිස් කිම් යුංගිව පෙන්නලා කිව්වා කොල්ලා අහිංසකයා වගේ මිස්ටර් ඇන්ඩ් මිසිස් වැන්ග් දිහා බලලා අහිංසක හිනාවක් දැම්මේ මිසිස් වැන්ග් හාට්ටුව දිය වෙලා යන්න

" මේ පුතා හරි අහිංසක පාටයි.."

මිසිස් වැන්ග් කිව්වාම ටේහ්‍යුන් කහින්න පටන් ගත්තා

" කැස්ස වගේ සිස්..."

ලග හිටපු යුන්විගේ උරහිසට අතකුත් තියාගෙන ටේහ්‍යුන් කිව්වා

" මටත් බ්‍රෝ.....අරකිට නොදී අයිස්ක්‍රීම් කනකොට කැස්ස හැදෙයි කියලා හිතුවේ නැ "

යුන්වි ටේහ්‍යුන්ටම හරි යන්න එහෙම කිව්වා

" අපි මොනාහරි කාලා ඉමු ඔම්මා අප්පා යන්.."

මිස්ටර් පාර්ක් එහෙම කියනවත් එක්කම මිස්ටර් පාර්ක්ට කෝල් එකක් ආවා

" excuse me "

මිස්ටර් පාර්ක් ෆෝන් එකේ screen එක දිහා බලලා excuse කරලා ෆෝන් එක අරගෙන එලියට ගියා මිස්ටර් පාර්ක් එලියට ඇවිත් වටපිට බලලා කෝල් එක ආන්සර් කලා

" තමුන්ට මොනාද ඕන  "

" ........................."

" හහ්..... ඒක නම් වෙන්නේ නැ "

" ......................"

" තමුන්ගේ තර්ජන වලට මම බය නැ "

"........................"

" තමුන් ජියාව මැරුවා කියලා මම ඇරෙන්න කවුරුවත් දන්නේ නැ තමුන් මගේ දුවවත් මරනවා කියලා මට තර්ජනය කරලා යට ගහපු කේස් ආපහු උඩට ඇදගන්න ඕන වෙලා ද.... මිස්ටර් මින්...."

මිස්ටර් පාර්ක් අන්තිම ටික කටහඬ බර කරලා කිව්වා මිස්ටර් මින්ට තවත් මුකුත් කියන්න නොදී කෝල් එක කට් කරපු මිස්ටර් පාර්ක් ඇතුලට යන්න හැරුනා ඒත් තමන් දිහා  බලාගෙන ඉන්න කෙනාගේ මූන දැක්කාම කතා කරපුවා ඔක්කොම ඇහිලා කියන්න මිස්ටර් පාර්ක්ට තේරුනා

To be continue.................♡︎

ආපහු අප්ඩේට් ස්කූල් නිවාඩුවෙන් පස්සේ තමයි ඊට කලින් අප්ඩේට් දෙන්න විදියක් නැ ක්ලාස් වල වැඩ ගොඩ ගැහිලා😫💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top