匚卄卂卩ㄒ乇尺 27🐾

පැය කිහිපයක් ගත වෙලා යනකොට සෝයූන් වෝඩ් එකට දැම්මා ඒ නිසා අනිත් අයට යන්න කියලා යුංගි මිස්ටර් පාර්ක් කෙල්ලගේ ලග නැවතුනා සෝයූන් ඉන්න රූම් එකේ තිබුණු couch එකේ යුංගි වාඩිවෙලා හිටියා මිස්ටර් පාර්ක් සිහිය නැතුව ඉන්න කෙල්ලගේ ඔලුව අතගාන අනිත් අතින් සෝයූන්ගේ අතක් අල්ලාගෙන හිටියා

" සෝයූන් කවුරුවත් කියන දෙයක් ලේසියෙන් අහන්න අකමැති දග මල්ලක් මොනාහරි මගෝඩි වැඩක් අනිවාර්යයෙන් කරනවායි මොන පිස්සු වැඩේ කරත් එයාගේ හිත හරි අහිංසකයි පුතා එයා ආදරේට ලෝභයි මගේ මුලු ලෝකෙම වුනේ මේ පුරා කෙල්ල ටික ටික ලොකු වෙනකොට එයාගේ රූපය සම්පූර්ණයෙන්ම ජියාගේ වගේ වුනා සමහර වැඩ පවා ජියාගේ වගේ වුනා සෝයූන් දකින දකින වාරයක් ගානේ මට ජියාව මතක් වුනා මේ තමයි ජියා මට දීලා ගිය වටිනම වස්තුව මම හැමදාම බය වුනා මට මේ වස්තුව පරිස්සම් කරගන්න බැරි වෙයි ද කියලා මම පුලුවන් උපරිමයෙන් සෝයූන් එක්ක හිටියා අප්පා කෙනෙක්ට වඩා මම සෝයූන්ට යාලුවෙක් විදියට ලං වුනා එයත් යාලුවෙක්ට වගේ හැමදේම මාත් එක්ක කිව්වා හැන්සම් කොල්ලෙක් දැක්කත් මාත් එක්ක ඇවිත් කියනවා එයා නිදහසේ මුලු අහස පුරාම පියාබන්න කැමති කිරිල්ලියක් වගේ පුතා හිර වෙලා ඉන්න කැමති කෙනෙක් නෙවෙයි මම සෝයූන්ට නිදහසේ හැදෙන්න දුන්නා එයා ඒ නිදහසෙන් කවදාවත් අනිසි ප්‍රයෝජන ගත්තේ නැ හැමදේම මාත් එක්ක බෙදාගත්තා මට පුතාගෙන් ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි මගේ අහිංසක කෙල්ල සතුටින් තියන්න එයාව පරිස්සමින් බලාගන්න එයාට ආදරේ කරන්න පුතා සෝයූන් ආදරේ උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක් මගේ පන මම පුතාට බාර දෙන්නේ ලොකු විශ්වාසයක් ඇතුව ඒ විශ්වාසය කඩ වෙන්න ඉඩ තියන්න එපා.."

මිස්ටර් පාර්ක් සෝයූන් දිහා බලාගෙන කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන එයා ලග හුරතලේට හැදුනු කෙල්ල වෙන කෙනෙක්ගේ ලගට ගිහින් දුක් විදියි කියලා මිස්ටර් පාර්ක් බය වුනා

" මම සෝයූන්ව පරිස්සමින් බලාගන්නවා අන්කල් මම එයාව සතුටින් තියනවා අන්කල් ලග හිටියා වගේම නිදහසේ මගේ ලග එයාට ඉන්න පුලුවන් සෝයූන් කියන්නේ කවුද කියලා දැනගෙන තමයි අන්කල් මම ආදරේ කරන්නේ සෝයූන් අන්කල්ගේ පන වගේම මගෙත් පන "
යුංගි මිස්ටර් පාර්ක්ගේ ලගට ඇවිත් මිස්ටර් පාර්ක්ගේ උරහිසට අතක් තියලා කිව්වා යුංගිගේ අවංක වචන මිස්ටර් පාර්ක්ගේ හිතට සහනයක් එක් කලා

" පුතා ටිකක් නිදාගන්න "

යුංගිගේ නිදිමත පිරුණු ඇස් දිහා බලාගෙන මිස්ටර් පාර්ක් කිව්වා

" අන්කල් නිදාගන්න මට නින්ද යන්නේ නැ "

යුංගි සෝයූන් දිහා බලලා කිව්වා

" මම කොහොමද පුතා නිදාගන්නේ "

සෝයූන්ගේ සුදුමැලි වෙලා තියෙන කම්බුලක් පිරිමදින ගමන් මිස්ටර් පාර්ක් කිව්වා මිස්ටර් පාර්ක්ගේ උරහිසට තට්ටුවක් දාපු යුංගි couch එකේ සෝයූන් දිහා බලාගෙන හාන්සි වුනා ටික වෙලාවක් යනකොට කොල්ලාට නොදැනීම නින්ද ගියා
.

.
පැය කිහිපයකට පස්සේ යුංගිගේ ඇහැරුනේ ඇහුනු කටහඬ වල් නිසා කොල්ලා නලල පිරිමදින ගමන් අමාරුවෙන් ඇස් ඇරියාම දකින්න ලැබුනේ සුදු පැහැති සිවිලිම කොල්ලාට ඉන්නේ කොහෙද කියලා මතක් වුනු ගමන් එකපාරට couch නැගිට්ටා

කොල්ලා නැගිටලා බලනකොට දැක්කේ සෝයූන්ට සිහිය ඇවිත් තියෙනවා කෙල්ල හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ග්ලාස් වෝල් එකෙන් පේන අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියේ කට්ටිය වට වෙලා එක එක කතා කිව්වත් ඒ කිසි දේකට සෝයූන්ගේ අවදානයක් තිබුණේ නැ

" සෝයූන් මෙහේ බලන්නකෝ.."

මිසින් කිම් කතා කරනකොට කෙල්ල ඒ පැත්ත බලනකොට දැක්කේ එයාගේ පැත්තට හැරිලා තියෙන කදුලු පිරුනු ඇස් දෙකක්

හොදටම අවුල් වුනු කොන්ඩය රතු වෙලා ඉදිමිලා තිබුණු ඇස් තාමත් කම්බුල් වල තියෙන කදුලු වේලුනු තොල් හොදටම පොඩි වුනු ශර්ට් එකේ බොත්තම් තුනක් ගැලවිලා තිබුණු යුංගි දිහා කෙල්ල බලාගෙන හිටියා සෝයූන්ට ඕන වුනා කොල්ලා ලගට ගිහින් ඒ උනුසුම් පපුවට තුරුල් වෙන්න සෝයූන්ගේ බැල්ම තේරුම් ගත්තා යුංගි කෙල්ල ලගට ගියා යුංගිව දැක්ක මිසිස් කිම් කොල්ලාට ඉඩ දීලා එහාට වුනා

සෝයූන්ගේ නලලට යුංගි එයාගේ තොල් තියලා තද කලේ කෙල්ල ඒ ස්පර්ශය ඇස් පියාගෙන වින්දා යුංගි සෝයූන් ලගින් වාඩි වෙනකොට අනිත් අය ඒ දෙන්නාට තනිවෙන්න ඉඩ දීලා රූම් එකෙන් එලියට ගියා

" තමුසේ එකපාරට සිහිය නැතුව මගේ අත් අතරට වැටුනාම මම බය වුනා "

යුංගි කිව්වත් සෝයූන් මුකුත් නොකියා කොල්ලාට තුරුල් වුනා යුංගි කෙල්ලව වටා අත් යවලා එයාගේ පපුවට තුරුල් කරගත්තා ටික වෙලාවක් යනකොට කොල්ලාගේ ශර්ට් එක තෙත් වෙනකොට සෝයූන් ගැස්සෙනකොට කොල්ලාට තේරුනා සෝයූන් අඩනවා කියලා

",අඩන්න එපා ඕයි "

සෝයූන්ගේ ඔලුව අතගාන ගමන් කිව්වාම කෙල්ල යුංගිගේ පපුව අස්සේ මූන හංගගත්තා

" ඔ..ම්..මා.."

වෙව්ලන හඩකින් යුංගිගේ පපුව අස්සේ ඉදගෙන මුමුනනකොට කොල්ලා හුස්මක් පහත හෙලුවා යුංගි කෙල්ලගේ පිටට හිමින් තට්ටු දැම්මේ අඩන කෙල්ලව සනසන්න කොල්ලා සෝයූන්ගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

ඒත් එක්කම අඩි සද්දයක් ඇහුනු නිසා යුංගි ඔලුව හරවලා දොර දිහා බැලුවා එතකොට දැක්කේ මිස්ටර් පාර්ක් ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා යුංගි කෙල්ලව ඈත් කරන්න හැදුවත් මිස්ටර් පාර්ක් එපා කියලා අතින් කිව්වාම කොල්ලා එහෙම්ම හිටියා මිස්ටර් පාර්ක් ඇවිත් යුංගිගේ තුරුලේ ඉන්න සෝයූන්ගේ ඔලුව අතගෑවා දැනුනු හුරුපුරුදු ස්පර්ශය නිසා කෙල්ල ඔලුව හරවලා බැලුවා මිස්ටර් පාර්ක් දුකින් කෙල්ල දිහා බලාගෙන ඉන්නකොට සෝයූන් යුංගිගෙන් ඈත් වෙලා එයාගේ උකුලේ තියෙන එයාගේ අත් දිහා බලාගත්තා

" පුතා ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන ඇදුම් මාරු කරගෙන එන්න මම සෝයූන් ලගින් ඉන්නම්..."

මිස්ටර් පාර්ක් කිව්වාම යුංගි ඔලුව වැනුවා දැන් සෝයූන්ට සිහිය ඇවිත් තිබුණු නිසා කොල්ලා වොෂ් එකක් දාගෙන එන්න තීරණය කලා

" මම ගිහින් එන්නම්.."

සෝයූන්ගේ ඔලුව අතගාලා මිස්ටර් පාර්ක්ට ආචාර කරලා ගියා මිස්ටර් පාර්ක් සෝයූන් ලගින් වාඩිවෙලා කෙල්ලගේ මූන වැහිලා තිබුණු කොන්ඩේ කන පිටිපස්සේ රැදෙව්වා සෝයූන් එයාගේ අප්පා දිහා අසරණව බැලුවා

" මගේ මැනිකට කොහොමද "

මිස්ටර් පාර්ක් හරි ආදරෙන් ඇහුවා

" හො..ද..යි.. අ..ප්.පා..."

කෙල්ල හිමින් මුමුනනකොට මිස්ටර් පාර්ක් සෝයූන්ගේ ඔලුව අතගෑවා

" මගේ මැනිකට ප්‍රශ්න ගොඩක් තියෙනවා අප්පා දන්නවා මම හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නත් ලෑස්තියි "

" ඔ...ම්..මා....?"

වේලුනු කදුලු පාරවල් අලුත් කරමින් ආපහු කදුලු බිදු කඩාගෙන හැලුනා

" ඔයාගේ ඔම්මාගේ නම Jiya....Jiya wang එයා කොරියාවේ කෙනෙක් නෙවෙයි චයිනා වල කෙනෙක් ජියා psychologist කෙනෙක් එයා මෙහෙට ඇවිත් තිබුණේ නිවාඩුවකට යාලුවෝ එක්ක එතකොට මම NIS එකට බැදිලා මහ ලොකු කාලයක් වෙන්නේ නැ මට ලැබුනු මිශන් එකකට ගිහින් තමයි මට ඔයාගේ ඔම්මා හම්බුනේ "

මිස්ටර් පාර්ක් අතීතයේ සිදුවුනු සොදුරු සිදුවීම් මතක් කරන ගමන් කිව්වා මිස්ටර් පාර්ක්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදිලා තිබුනා

" ජියාට තිබුනෙත් මේ හුරතල් කෙල්ලට තියෙනවා වගේ බෙලෙක් කටක්..."

සෝයූන්ගේ කම්බුලක් මිරිකලා කිව්වාම කෙල්ල රැව්වා

" මිශන් එකට ගොඩක් වැදගත් මනුස්සයෙක්ගේ පස්සෙන් මම යනකොට ඔයාගේ ඔම්මාගේ ඇගේ හැප්පුනේ සමාව ඉල්ලලා යන්න හැදුවත් කොහෙද ඉතින් ජියා කවකටු පෙට්ටිය හොලවන්න ගත්තා නේ මට අසහනකාරයා කියලා බැන්නා සෝයූට කියන්න එදා තරම් මම ජීවිතේ කවදාවත් ලැජ්ජාවට පත් වෙලා නැ කොරියන් වලින් බැන්නෙත් දෙනෝදාහක් ඉදිරියේ බැනලා කනටත් ගහලා ගියා එතකොට මම පස්සෙන් පන්නගෙන ගිය මනුස්සයාගේ හෙවනැල්ලවත් හොයාගන්න තිබුණේ නැ අන්තිමේ දී කෙල්ලෙක්ගෙන් කම්බුල් පාරකුත් කාලා චීෆ්ගේ කන් දෙක පිරෙන්න බැනුම් අහලා පනස් වතාවක් නැවතිලා හිටපු හොටෙල් පහල තට්ටුවේ ඉදලා 10 තට්ටුවට පඩිපෙලෙන් නගින්න වුනා "
මිස්ටර් පාර්ක් ජියා හම්බුනු විදිය කියද්දී මෙච්චර වෙලා දුකින් පිරිලා තිබුණු මූනට හිනාවක් ගේන්න පුලුවන් වුනා

" අප්පාට රිදෙන්න ඇති නේ ද..?"

" රිදුනා ඔම්මා ගහපු කම්බුල් පාර..."

මිස්ටර් පාර්ක් කම්බුලක් අල්ලාගෙන කියද්දී සෝයූන්ට ලොකු හිනාවක් ගියේ මිස්ටර් පාර්ක්ගේ මූනත් හිනාවකින් පුරවන්න සමත් වෙලා

" ඔම්මා එච්චර හයියෙන් ගැහුවා ද්..?"

" හහ්...ඔයාගේ ඔම්මාගේ පාරවල් ගැන මම තරම් හොදට කවුරුවත් දන්නේ නැ "

මිස්ටර් පාර්ක් කියද්දී සෝයූන් අමුතු කුප්ප හිනාවක් එක්ක මිස්ටර් පාර්ක් දිහා බලද්දී මිස්ටර් පාර්ක් කෙල්ලගේ නලලට ඇගිල්ලෙන් ඇන්නා

" යාහ්හ්...සෝයූන් තමුන් තමුන්ගේ ඔම්මා වගේමයි වල් කෙල්ලෙක් "

මිස්ටර් පාර්ක් එයා එයාගේ ඔම්මා වගේ කියන හැම වතාවකම සෝයූන් හිනා වුනා

" හරි හරි ඒක මගේ කිටී බලාගනියි ඊට පස්සේ මොකද වුනේ කියන්නකෝ.."

" දැන් නම් ඇත්තටම අර අහිංසක කොල්ලා ගැන බයයි..."

",යාහ්හ්හ් අප්පා "

කෙල්ල කෑගැහුවාම මිස්ටර් පාර්ක් හිනා වුනා

" ඊට පස්සේ අවස්ථා කිහිපයකදී ඔයාගේ ඔම්මා හම්බුනත් ඒ හැම අවස්ථාවකදීම කොහෙවත් නැති දේවල් අල්ලාගෙන මාව කන්න හැදුවා ඔහොම කාලයක් යද්දී මම එයා ගැන හොයන්න ගත්තා එතකොට තමයි දැනගත්තේ පිස්සු නැටුවාට psychologist කෙනෙක් කියලා ජියාව දැක්කාම පිස්සොන්ටත් පිස්සු හැදෙනවා "

" ඔම්මාව දැක්කාම් අප්පාටත් පිස්සු හැදුනා ද"

" යේ යේ ඒ පිස්සුවේ ප්‍රතිඵලයක් තමයි මේ ඉන්නේ "

මිස්ටර් පාර්ක් සෝයූන්ව පෙන්නලා කියද්දී කෙල්ලට බකස් ගාලා හිනා ගියා

" කාලයක් යද්දී අපි නිතර නිතර හම්බුනා ඩිනර් වලට ගියා කානිවල් වලට ගියා එයා එක්ක සෝල් වල හැමතැනම ඇවිද්දා ඒ වෙනකොට මම ජියාට ආදරෙයි කියලා තේරුම් අරගෙන හිටියේ ජියාගේ හිතේ මොනවා තියෙනවා ද කියලා මම දන්නේ නැති නිසා මම ජියාට හිතේ තියෙන දේවල් නොකියා හිටියා තියෙන යාලුකමත් නැති වුනොත් නිකන් හරි ලගින් ඉන්න අවස්ථාව හබක් නේ "

" අප්පා එතකොට කොහොමද ඔම්මාට ප්‍රපෝස් කරේ.."

" මම නෙවෙයි ඔම්මා තමයි මගේ කම්බුල රත් වෙන්න පාරක් දීලා මම තොට ආදරෙයි බූරුවෝ කියලා කිව්වේ "

" ඔම්මාගෙයි අප්පාගෙයි හැම විශේෂ අවස්ථාවකම ඔම්මා අප්පාගේ කම්බුල රත් වෙන්න පාරක් දීලා තියෙන්නේ කවදාවත් අමතක නොවෙන්න වෙන්න ඇති "

" ඊට පස්සේ ඉතින් දෙපැත්තේම කැමැත්ත ඇතුව අපි දෙන්නා මැරි කලා අපි දෙන්නා පුංචි පුංචි රන්ඩු මැදින් සතුටින් කාලය ගත කලා ටික කාලයක් යනකොට අපේ බැදීම් ශක්තිමත් කරමින් පුංචි ඒන්ජල් කෙනෙක් අපේ ජීවිත වලට ආවා එදා මගේ ජීවිතේ සතුටුම දවස මම අප්පා කෙනෙක් වෙන්න යන්නේ වගකීම් ගොඩක් මම සතුටට එදා පිස්සෙක් වගේ මොනා කරා ද දන්නේ නැ ජියා අඩියක් තිබ්බෙත් හරි පරිස්සමින් රස්නෙවත් දෙයක් කෑවේ බිව්වේ නැ අපේ පුංචි ඒන්ජල්ට රිදෙයි කියලා මට ඉඩක් තියෙන හැම තත්පරේම ජියා එක්ක හිටියා ඒ දවස් වල ජියාට පුංචි දේටත් කේන්ති යනවා එතකොට ඔයාගේ ඉමෝ කිව්වේ ඉපදෙන්න ඉන්නේ කොච්චි කරලක් කියලා "

සෝයූන්ගේ නහයට තට්ටුවක් දාපු මිස්ටර් පාර්ක් කිව්වා

" ජියා හැමදාම හවසට බැල්කනියට ගිහින් ඔයාට ඇහෙන්න සිංදු කිව්වා කතන්දර කිව්වා ඔයා ටික ටික ලොකු වෙද්දී ජියාට කොච්චර රිදුනත් ඒ හැම වේදනාවක්ම ඉවසුවා එයාට ඕන වුනා ඔයා ඉපදුනාම තුරුල් කරගෙන හුරතල් කරන්න ඔයාව පුංචි ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනට හදන්න එයා ඔයා ගැන ගොඩක් හීන දැක්කා ඒත් ඒත් එක දවසක් තත්පර කිහිපයකින් හැමදේම වෙනස් වුනා මාව පුංචි රෝස මලක් එක්ක තනි කරලා එයා යන්නම ගියා "

මිස්ටර් පාර්ක් කියද්දී සෝයූන්ගේ ඇස් වලට කදුලු පිරුනා එයාගේ ඇත්තම ඔම්මා කවදාවත් එයාගේ ඇස් දෙකින් දැකලා නොතිබුනත් ඔම්මා එයාව පරිස්සම් කරපු හැටි මිස්ටර් පාර්ක් කියද්දී කෙල්ලගේ ඇස් වලට කදුලු පිරුනා

" ජියාට ඕන වුනේ එයාට මොන දේ වුනත් ඔයා ජීවත් වෙනවා දකින්න එයා හැම වේදනාවක්ම දරාගෙන හිටියේ එයා හුස්ම අතහැරියොත් ඔයත් හුස්ම අතහරින නිසා එයා ඇස් පියාගත්තේ මට ලොකු වගකීමක් බාර කරලා මට පිස්සු වගේ එක පැත්තකින් මැරුනු මගේ වයිෆ් අනිත් පැත්තෙන් අලුත ඉපදුනු කිරි කැටියා ඉතින් මම ජියා මට දීලා ගියපු රෝස මලක් වගේ ඉන්න පුංචි ඒන්ජල් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තා මම ඔයාව බලාගෙන පරිස්සමින් ඉන්නවා දකින එක ජියාගේ අන්තිම ආසාව වුනේ ජියා විශ්වාස කලා මම අපේ රෝස මල ලස්සනට ලොකු මහත් කරයි කියලා හැබැයි මම දන්නේ නැ ඒ දේවල් කොච්චර දුරට ඉෂ්ට කලා ද කියලා "

මිස්ටර් පාර්ක් කියද්දී සෝයූන් තමන්ගේ අප්පාගේ කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා

" ම..ම... ගැන අප්පා තරම් දන්න කවුරුවත් නැ පුංචි කාලේ ඉදලා මම හැමදේම කිව්වේ අප්පාට...දන්නවා ද අප්පා මම පොඩි කාලේ යාලුවෝ එක්ක මම අප්පා ගැන ආඩම්බරයෙන් කතා කලා කානිවල් එකක් තියෙනකොට අප්පා මාව වඩාගෙන කානිවල් එක පුරා මම ඇති ගෙදර යන් කියනකම් ඇවිද්දා අයිස්ක්‍රීම් අරන් දීලා අන්තිමට කියන්නේ ඉමෝට නම් කියන්න එපා කියලා අප්පා මාව පරිස්සම් කලා මට ඕන හැමවෙලාවකම මගේ ලගින් හිටියා අප්පා මට වෙලාවකට හොද යාලුවෙක් වගේ උපදෙස් දුන්නා වැටෙන හැමවෙලාවකම අප්පා මගේ ලගින් ඉදගෙන මාව ශක්තිමත් කලා අප්පා දන්නවා ද මට දැනෙනවා මම තමයි මේ ලෝකේ වාසනාවන්තම දුව කියලා මේ වගේ ආදරනීය අප්පා කෙනෙක් ලබන්න තරම් මම වාසනාවන්තයි මට ඒක හැමදාම දැනුනා අප්පා ඔම්මා විශ්වාස කලා වගේම මාව බලාගත්තා අප්පා තමයි මේ ලෝකේ ඉන්න හොදම අප්පා "

සෝයූන් හිනාවක් එක්ක කියද්දී මිස්ටර් පාර්ක්ගේ ඇස් වලට කදුලු පිරුනා කවදාවත් සෝයූන් මේ විදියට කතා කරපු කෙනෙක් නෙවෙයි තමන්ගේ දුව තමන් ගැන මෙහෙම කතා කරනකොට මිස්ටර් පාර්ක්ට ඇති වුනේ අසීමිත සතුටක් ඒ සතුට වචන වලින් කියන්න බැරී තරම්

" මගේ චූටි මැනික...."

මිස්ටර් පාර්ක් කෙල්ලව තුරුල් කරගෙන සෝයූන්ගේ ඔලුව අතගෑවා කෙල්ලගේ කම්බුල් දිගේ ගලාගෙන යන කදුලු බිදු මිස්ටර් පාර්ක්ට හොරා කෙල්ල පිහිදගත්තා

" අලාවියෝ අප්පා..."

සෝයූන් පුංචි හිනාවක් එක්ක මිමිනුවා මිස්ටර් පාර්ක් මුකුත් නොකියා කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

" දැන් නිදාගන්න ම්ම්ම්..."

මිස්ටර් පාර්ක් කොට්ටෙත් හදලා කෙල්ලව ඇදේ හාන්සි කරලා කිව්වා සෝයූන් නිදාගන්න කිව්වාම දොර දිහා බැලුවා

" ඔයාගේ කිටියා එයි එතකම් නිදාගන්න "

සෝයූන්ගේ බැල්ම තේරුනු මිස්ටර් පාර්ක් කිව්වා

" මොන කිටියෙක් ද..? මම දොයි හූම්.."

කෙල්ල ඇස් පියාගෙන කිව්වාම මිස්ටර් පාර්ක්ට හිනාවක් ගියේ මේ හුරතල් වැඩ වලට

" හරි හරි නිදාගන්න "

බ්ලැන්කට් එකත් හරියට පෙරෙව්ව මිස්ටර් පාර්ක් කෙල්ලට නින්ද යනකම් සෝයූන්ගේ ඔලුව අතගෑවා කෙල්ල එයාගේ ඔලුව අත ගානවට ආසයි හරියට පූසෙක් වගේ ටික වෙලාවක් යනකොට සෝයූන්ට හොදටම නින්ද ගියා

" මගේ චූටි මැනික හැමදාම සතුටින් ඉන්න ඕන අප්පාට එච්චරයි ඕන "

මිස්ටර් පාර්ක් නිදාගෙන ඉන්න සෝයූන් දිහා බලාගෙන මුමුනලා කෙල්ල දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා එතැනින් යන්න ගියා
_________________________

" ඔන්නිට ප්‍රශ්නයක් නෑලු.."

කාමරේ කොනකට වෙලා කකුල් දෙකත් ගුලි කරගෙන කල්පනා කරන සේහා දිහා බලපු ජීවූ එහෙම කිව්වා කෙල්ල එහෙම කියලා යන්න හැදුවත් සේහා කතා කරපු නිසා කෙල්ල නැවතුනා

" මියානේ.....මම හිතලා නෙවෙයි ඒ දේවල් කිව්වේ මිසිස් නාරා එක්ක තිබුණු කේන්තියට මම සෝයූන්ට කෑගැහුවේ "

සේහා වෙව්ලන හඩකින් කිව්වාම යන්න හදපු ජීවූ ආපහු හැරුනා

" කාත් එක්කවත් තියෙන තරහට ඔම්මා ඔන්නිගේ පිටින් යැව්වාම හරි ද..? ඔම්මා හැමදාම කරේ ඒක නේ ඒත් අද ඔම්මා සීමාව පැන්නා ඔම්මා හොදටම ඔන්නිගේ අසනීපේ ගැන දැනගෙන හිටියා ඊයේ වුනු දේවල් වලින් ඔන්නි මැරෙන්න වුනත් තිබුනා සමහරවිට අප්පා ඔන්නිව ආපහු මෙහෙට එක්කගෙන එන එකක් නැ "

ජීවූ කිව්වාම සේහා අසරණ විදියට ජීවූ දිහා බැලුවා

" ආපහු සෝයූන් මෙහේ එන එකක් නැද්ද..?"

සේහා ඇහුවාම ජීවූ අමුතු විදියට හිනා වුනා කෙල්ල හිටියේ තමන්ගේ ඔම්මාගේ සමහර වැඩ ගැන කලකිරිලා ඒත් කෙල්ල මුකුත් කියන්න ගියේ නැ ඒත් ඊයේ වුනු දේවල් එක්ක තවත් ජීවූට කට වහගෙන ඉන්න වුවමනාවක් තිබ්බේ නැ

" අප්පා ආපහු ඔන්නිගේ ජීවිතේ අනතුරේ දායි කියලා හිතනවාද ඔම්මා ඉස්සර ඉදන්ම ඔන්නිට වෙනස්කම් කලා උදේට ස්කූල් යන්න ලෑස්ති වෙනකොට ඔම්මා හැමදාම මගේ කොන්ඩේ පීරනකොට ඔන්නි පනාවත් අතේ තියාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා එතකොට ඉමෝ තමයි ඔන්නිට කතා කරලා කොන්ඩේ පීරන්නේ ඔම්මා හැමදාම ඔන්නිට පුංචි පුංචි දේවල් වලට බනිනවා එයා හිනා වෙලා අනිත් පැත්තට විහිලුවක් කරලා දුවලා ගියත් හැමෝටම හොරා ඔන්නි අඩනවා මම දැකලා තියෙනවා ඔම්මාට හැමදාම ඕන වුනේ ඔන්නිව ඩොක්ටර් කෙනෙක් කරන්න ලේ දැක්කත් බය වෙන ඔන්නි කොහොමද ඩොක්ටර් කෙනෙක් වෙන්නේ කියලා පොඩ්ඩක්වත් හිතුවාද ඔන්නියි මමයි වෙනස් ඔම්මා ගොඩක් වෙනස් අපි දෙන්නා අතරේ ලේ නෑකමක් නැති වෙන්න පුලුවන් ඒත් මට හැමදාම එයා මගේ ඔන්නි තමයි හවසට ඔන්නිව බලන්න මම යනවා කැමති නම් එන්න පුලුවන් හැබැයි ඔන්නිගේ හිත රිදෙන්න එක වචනයක්වත් කියන්න එපා "

ජීවූ කියවගෙන ගිහින් එතැනින් යන්න ගියේ සේහා ඒ දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්නකොට ජීවූ කවදාවත් සේහාට මෙච්චර නපුරු විදියට කතා කරලා තිබුනේ නැ ජීවූ කේන්තියෙන් කතා කලත් එයාට දුකයි එයාගේ ඔම්මාට මෙහෙම කතා කරන්න වුනු එක ගැන ඒත් එයාගේ ඔන්නි තවත් දුක් විදිනවා බලන්න ජීවූට ඕන වුනේ නැ ජීවූ එයාගේ ඔන්නිට ගොඩක් ආදරේ කරපු කෙනෙක් සෝයූන් එක්ක මොන දේ වුනත් බෙදාගන්න ජීවූ බය වුනේ නැ ජීවූ හැමදේම සෝයූන්ට කිව්වා රහසක් වුනත් ජීවූ කිව්වා මොකද ජීවූ දන්නවා සෝයූන් හොද රහස් රකින්නියක් කියලා කොයිවෙලෙත් ගහ මරා ගත්තත් ඒ දෙන්නා අතරේ ලස්සන සහෝදර බැදීමක් තිබුනා

එතකොට සේහා......එයා කේන්තියෙන් කියපු දේවල් ගැන හදවතින්ම පසුතැවුනා කොච්චර පසුතැවුනත් දැන් ඒ දේවල් වෙනස් කරන්න බැ දෙයක් කියන්න කලින් හිතන්න ඕන වචන වලින් කෙනෙක්ගේ හිත රිදවලා ඊට පස්සේ සමාව ඉල්ලුවා කියලා වැඩක් නැ සමාව ඉල්ලුවා කියලා සමහරවිට ඒ කෙනාගේ හිත හැදෙන එකක් නැ ඒ නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතන්න
________________________

නර්ස් කෙනෙක් ඇවිත් සෝයූන්ට බෙහෙත් දීලා ගියාට පස්සේ කෙල්ලට බෙහෙත් වල සැරට ආපහු නින්ද ගියා පැය කිහිපයක සුවදායි නින්දකට පස්සේ කෙල්ල ඇහැරුනා කෙල්ල ඇස් ඇරිය ගමන් දැක්කේ සුදු පැහැති සිවිලිම සෝයූන් සිවිලිම දිහා හැගීම් රහිත ඇස් දෙකකින් බලාගෙන හිටියා ඊයේ එයාගේ කන් දෙකට ඇහුනු දේවල් තාමත් හීනයක් වගේ

' තමුන් ඔම්මාව මරාගෙන ඉපදුනු කාලකන්නි කෙල්ලෙක්'

සේහාගේ ඒ වචන කිහිපය සෝයූන්ගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නා ඊට පස්සේ මිස්ටර් පාර්ක් ජියා එක්ක ගෙවුණු දවස් එකින් එක සෝයූන් එක්ක බෙදාගනිද්දී මිස්ටර් පාර්ක්ගේ ඇස් වල තිබුණු සතුට සෝයූන් හොදටම දැක්කා ඒ දේවල් මතක් වෙද්දී කෙල්ලගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ සෝයූන් අනිත් අය ඉස්සරහ නෝමල් විදියට හැසිරුනත් කෙල්ලගේ හිතේ කියලා නිම කරන්න බැරි දුකක් තිබුනා එයාගේ හිතේ තදින්ම තැන්පත් වෙලා තිබුණේ එයාව හම්බවෙන්න ගිහින් එයාගේ ඔම්මා නැති වුනා කියන දේ

කෙල්ල ඔලුව හරවලා එලිය බැලුවා පුංචි පුංචි හිම පියලි කඩාගෙන වැටෙනවා සෝයූන් ග්ලාස් වෝල් එකෙන් දැක්කා ඉස්සරහ හිම වැටෙන කාලයට එයා ජීවූ අප්පා එක්ක හිම එක්ක සෙල්ලම් කරන හැටි කෙල්ලට මතක් වුනා එහෙම සෙල්ලම් කරලා දෙන්නාටම හෙම්බිරිසාව හැදුනාම සේහා ජීවූ ගැන විතරක් හොයලා බලන විදිය සෝයූන් ඒ දිහා බලාගෙන ඉන්න කෙල්ලට මතක් වුනා එහෙම ඉන්නකොට එයාගේ ඉමෝ කෙල්ලට බැන බැන බෙහෙත් දීලා සෝයූන් ලගින් හිටියා ඔම්මාගෙන් ඉටුවෙන්න ඕන සේරම දේවල් ඉෂ්ට කලේ ඉමෝ තමයි ඒ දේවල් නිසාම සෝයූන් ඉමෝට ගොඩක් ලං වුනා ඉමෝ තමන්ට පුලුවන් උපරිමයෙන් සෝයූන් බලාගත්තා

කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගිහින් කොට්ටයට උරා ගත්තා සෝයූන්ගේ ඔලුව කවුරුහරි අතගානවා දැනෙනකොට කෙල්ල ඔලුව හරවලා බැලුවා

" මොකද තමුසේ ඔහොම බලන්නේ...?"

යුංගි ඇහුවාම කෙල්ල නැගිටලා ඇදෙන් වාඩිවුනා කෙල්ල කකුල් දෙකත් එරමිනිය ඔතාගෙන කොල්ලා දිහා බැලුවා

" තමුසෙට ගෙනාවේ..."

කෙල්ලගේ උකුලට ගෙනාපු බෑග් එක තියලා අත් දෙක සාක්කුවට ඔබාගත්තා සෝයූන් යුංගි දිහා බලලා බෑග් එක ඇතුල බැලුවේ මොනාද තියෙන්නේ කියලා

" ඕමෝ...."

සෝයූන් ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බැලුවා පලතුරු වගයක් මිල්ක් ශේක් එකකුත් තව පොඩි පොඩි කෑම ගොඩකුත් එතැන තිබුනා

" මොකද තමුසේ "

" ආදරෙයි කිටියෝ..."

කෙල්ල හුරතල් විදියට තොල් උල් කරලා කිව්වාම යුංගි හිනා වෙලා අහක බලාගත්තා කෙල්ල මිල්ක්ශේක් එකයි ස්නැක් පැකට් එකකුයි අරගෙන බෑග් එක යුංගිගේ පැත්තට දික් කලා කොල්ලා බෑග් එක අරගෙන එහා පැත්තේ තිබුණු ටේබල් එක මතින් තිබ්බා

" දැන් තමුසෙට කොහොමද "

යුංගි සෝයූන් ලගින් වාඩිවෙලා ඇහුවා

" හොදයි මට දැන්ම ගෙදර යන්න බැරි ද මට මෙහෙම ඉන්න බැ කම්මැලියි කතා කරන්න කවුරුවත් ඇත්තෙත් නැ මගේ ෆෝන් එකත් නැ "

සෝයූන් මූනත් නරක් කරගෙන කිව්වා

" හෙට හවස වගේ තමුසෙට ගෙදර යන්න පුලුවන් වෙයි.."

යුංගි ඒක කිව්වාම නම් සෝයූන්ගේ මූන මලක් වගේ පිපිලා ආවා

" මම තමුසෙට දෙයක් කියන්න ද....?"

සෝයූන් මිල්ක්ශේක් එකක් කටේ ගහගෙන කොල්ලා දිහා බැලුවා සෝයූන්ගේ අතක් තමන්ගේ අත් දෙකට මැදි කරගත්තා

" තමුසෙගේ හිතේ තියෙන ඕන දෙයක් මාත් එක්ක කියන්න පුලුවන් හිතේ තියාගෙන ඉන්න එපා මම තමුසෙට කලිනුත් කියලා තියෙනවා නේ මගෙන් මුකුත් හංගන්න හදන්න එපා කියලා දැනුත් මම කියන්නේ මගෙන් කිසිදෙයක් හංගන්න හදන්න එපා "

කෙල්ලගේ කම්බුලක් පිරිමැදපු යුංගි සෝයූන්ගේ තොල් ලගින් හාදුවක් තැවරුවා

" මාව හග් කරන්නකෝ..."

සෝයූන් කිව්වාම කොල්ලා සෝයූන්ව හග් කලා කෙල්ල යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා යුංගි සෝයූන්ගේ පිට හිමින් පිරිමදින ගමන් කෙල්ලගේ බෙල්ලට පුංචි කිස් එකක් දුන්නා සෝයූන්ට යුංගිගේ උනුසුම සහනයක් සැනසීමක් එක් කලා යුංගි සෝයූන්ගේ අතේ තිබුණු මිල්ක්ශේක් එක අරගෙන පැත්තකින් තිබ්බා කෙල්ල යුංගිව තදින් වැලදගත්තා

" ම...මට පාලුයි යුංගියා...."

යුංගිගේ බෙල්ලේ නහය අතුල්ලන ගමන් හීන් හඩකින් මිමිනුවා

" තමුසෙට මම ඉන්නවා....අප්පා ඉන්නවා යුන්වි නම්ජූන් ජින් හියුන්ග් ටේ ජිමින් ජන්කූක් හැමෝම ඉන්නවා ඉතින් මොකද තමුසෙට පාලු...?"

කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා සෝයූන් මුකුත් නොකියා හිටියා

" තමුසේ මේ දේවල් ගැන හිතනවා වැඩියි සෝයූන් වෙන කිසිදේකට තමුසෙගේ වැරැද්දක් නැ ම්ම්ම්...වැඩිය හිතන්න එපා "

" ඔම්මා...."

" සෝයූන් තමුසේ මෙහෙම ඉන්න එපා තමුසෙගේ ඔම්මා කොහේහරි ඉදගෙන තමුසේ දිහා බලාගෙන ඇති එයා කැමති වෙන එකක් නැ එයාගේ දුව මෙහෙම දුක් වෙවී ඉන්නවාට තමුසේ මෙහෙම දුකින් ඉන්නවා දකිද්දී ඔම්මාට දුක හිතේවි ඔම්මාට විතරක් නෙවෙයි නේ සෝයූන් තමුසේ මෙහෙම ඉන්නවා දකිනකොට අපි හැමෝටම දුකයි දැන් දුක් වෙන්න එපා එකපාරට මෙහෙම දෙයක් වුනාම දරාගන්න අමාරුයි තමයි ඒත් ඕනම දේකට අපි හැමෝම තමුසේ එක්ක ඉන්නවා නේ ම්ම්ම්...ඒක නිසා දැන් ඔය ගැන හිතන්න එපා"

යුංගි එහෙම කිව්වාම සෝයූන් තව ටිකක් කොල්ලාට තුරුල් වුනා

" දැන් මේක බොන්න "

කෙල්ලව ඈත් කරපු යුංගි සෝයූන්ගේ අතට මිල්ක්ශේක් එක දීලා කිව්වා සෝයූන් ඒක බොන්න් පටන් ගත්තා කෙල්ල මිල්ක්ශේක් එක බීලා ඉවර කරලා කොල්ලා දිහා බැලුවා

" මාව එලියට එක්කගෙන යන්නකූ "

සෝයූන් ඔලුවත් පැත්තකට බර කරගෙන තොල් උල් කරගෙන පපී අයිස් වලින් කොල්ලා දිහා බලාගෙන හිටියේ යුංගිට බැ කියන්න බැරි වෙන විදියට

" එලිය සීතලයි විකාර නොකර ඉන්නවා හෙට ගෙදර යනවා නේ "

යුංගි අහක බලාගෙන කියලා දැම්මා

" අනේ ඒ හෙට නේ මට දැන් යන්න ඕන ප්ලීස්.....අලේ...මගේ හොද කිටියා නේ මම ආදලෙයි නේ ඉතිම්....මාව එක්කගෙන යනවා නේ එලියට යන්න ඕනි නැ හොස්පිටල් එක ඇතුලේ විතරක් හරි "

යුංගිගේ කෝට් එකෙන් ඇද ඇද පුංචි දරුවෙක් වගේ කොල්ලාට වද දුන්නා

" ම්ම්ම් හරි "

සෝයූන්ගෙන් හාදුවක් හොරකම් කරපු යුංගි එහෙම කිව්වාම කෙල්ල ඇදෙන් බැහැලත් ඉවරයි සෝයූන්ගේ අතකින් අල්ලගත්ත යුංගි රූම් එකෙන් එලියට ගියා කොරිඩෝ එකේ ඇවිදගෙන යනකොට තිබුණු ග්ලාස් වෝල් එක ලග නැවතුනු කෙල්ල ග්ලාස් වෝල් එකට අත් දෙක තියලා එලියේ හිම වැටෙන දිහා බලාගෙන හිටියා කොල්ලා අත් දෙකත් බැදගෙන සෝයූන් වැඩ දිහා බලාගෙන හිටියා

" උහ්...හිම වැටෙනවා මට ඒවා අල්ලන්න ඕනි.."

" දැන් මම තමුසෙට මොනවා කියලා ද එක්කගෙන ආවේ.."

" හරි හරි ඉතිම්..."

යුංගි සැරෙන් ඇහුවාම සෝයූන් මී පැටියෙක් වගේ හිමින් මුමුනලා ආපහු ග්ලාස් වෝල් එකෙන් එලිය බලාගෙන හිටියා හිම දිහා බලාගෙන හිටපු කෙල්ල යුංගිගේ අතේ ඇවිත් එල්ලුනා දෙන්නා එක්ක ඉස්සරහට ඇවිදගෙන යනකොට හොස්පිටල් එකේ වැඩ කරන නර්ස්ලාගේ ප්‍රතිකාර ගන්න ආපු ගෑනු ලමයින්ගේ අවදානය යුංගිට ලැබෙනකොට සෝයූන් හිටියේ ඉරිසියාවෙන් පුපුරන ගමන්

" ඕමෝ.....එයා මාර හැන්සම් නේ Idol කෙනෙක් වගේ "

" හැන්සම් විතරක් නෙවෙයි හලෝ එයා පට්ට හොට්.."

" එයාට කෙල්ලෙක් හිටියත් නැත්ත එයා මගේ "

" මට එක රැයක් හරි එයා එක්ක ඉන්න තියෙනවා නම් "

ඕවා ඇහෙද්දී සෝයූන් හිටියේ යකෙක් මරන්න තරම් කේන්තියෙන්.....නැ නැ ඒකට කේන්තිය කියනවාට වඩා හරි යන්නේ ඉරිසියාව කිව්වොත් කොල්ලා අත අතහැරපු සෝයූන් යුංගි ඉස්සරහින් හිටගත්තා

" මාව වඩාගන්න "

සෝයූන් අත් දෙක යුංගිගේ පැත්තට දික් කරලා කිව්වා කොල්ලා දන්නවා දැන් සෝයූන් ඉන්නේ පැලෙන්න තරම් ඉරිසියාවෙන් කියලා යුංගි මුකුත් නොකියා කෙල්ලගේ තොල් මතින් පුංචි හාදුවක් තියලා සෝයූන්ව වඩාගත්තා කෙල්ලත් යුංගිගේ ඉන වටේ කකුල් ඔතාගෙන කොල්ලාගේ කම්බුලට කිස් එකක් දුන්නා යුංගිගේ බෙල්ල වටේ අත් ඔතාගත්ත කෙල්ල එයාලා දිහා බලාගෙන ඉන්න කෙල්ලොන්ට රැව්වා

" Jealousy Baby "

යුංගි හිනාවක් එක්ක කිව්වේ එයාව බදාගෙන කෝලා බෙයාර් කෙනෙක් වගේ ඉන්න සෝයූන්ට

" එහෙම තමයි හූම්..."

" උන් මගේ දිහා බැලුවාට මං උන් දිහා බලන්නේ නැ නේ ඕයි මොකද ඔච්චර ඉරිසියාවක්..."

" කවදාහරි දවසක මගේ දිහා කන්න වගේ කොල්ලෙක් බලපුවාම තේරෙයි මට දැනෙන දේ.."

යුංගි තව මොනාහරි කියන්න ගියත් නැවතුනේ ඇහුනු කටහඬ නිසා

" යුංගි...."

To be continue.................♡︎

ෆීලින් ඕසම් විත් නිරිතදිග මෝසම්....🥶💔

_Annza_
මේන් මේ සංකුට්ටාගෙන් තමයි අලුත් cover එක හම්බුනේ තම්කුයි සත්තලනේ☺️❤️

මෙයා එක්ක බැ හලූ😪💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top