匚卄卂卩ㄒ乇尺 26🐾

සෝයූන් hospital එකට එක්කගෙන ආවා යුංගි ICU එක ඉදිරියේ වාඩිවෙලා කොල්ලා ICU එකේ දොර ඇරෙනකම් බලාගෙන හිටියේ කොල්ලාට හිතාගන්න බැ සෝයූන්ට මොකද වුනේ කියලා එයා එක්ක හොදට හිටපු කෙල්ලට ගෙදරට ගියපු ටිකට අසනීප වෙන්න තරම් වුනේ මොකද්ද කියලා යුංගි කල්පනා කලා එක අතකට කෙල්ලව බලෙන් ගෙදර යැව්ව එක යුංගි පසුතැවුනා එයා එක්ක හිටියා නම් කෙල්ල තාමත් හොදින් කියලා කොල්ලාගේ හිත කිව්වා

යේජි කොල්ලා ලගින් වාඩිවෙලා හිටියා කොල්ලා යේජිට තුරුල් වෙලා හිටියේ  යුංගිගේ ඇස් වල කදුලු පිරිලා තිබුනා

" පුතා....."

කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යැව්ව යේජි ආදරනීය හඩකින් යුංගිට කතා කලා

" ඔ..ම්..මා... එයාට මොකද වුනේ "

යුංගි ICU එක දිහා බලාගෙන එයා ලග වාඩිවෙලා ඉන්න යේජිගෙන් ඇහුවා ඔව් ඔව් යේජි කියන්නේ යුංගි මෙච්චර කාලයක් හොයපු එයාගේ ආදරනීය ඔම්මා යේජිට අවුරුදු ගානකට පස්සේ එයාගේ එකම පුතාව දැක්කාම යේජිගේ ඇස් වලට කදුලු පිරුනා එයා දාලා එනකොට හිටපු පොඩි කොල්ලා දැන් ගොඩක් ලොකු වෙලා ඒත් ඒ ඇස් හොදට යේජිට අදුරගන්න පුලුවන් යුංගිව දැක්කාම එයාට ගිහින් කොල්ලාව ආදරයෙන් බදාගන්න හිතුනා ඉස්සර වගේ කොල්ලාට නලලට පුංචි හාදුවක් දෙන්න ඒ හිත බල කලත් යේජි නිහඩව හිටියේ දැන් ඒකට වෙලාව නෙවෙයි

කොල්ලා එක්ක යේජි හොස්පිටල් එකට ඇවිත් සෝයූන් ICU එකට දැම්මාම තමයි යුංගි එයා දිහා කදුලු පුරවගෙන බලාගෙන ඉන්න එයාගේ ඔම්මාව අවුරුදු ගානක් පුරාවට ඔම්මාව හොයාගෙන ඇවිදපු කොල්ලාට එයාගේ ඔම්මාව නොහිතපු වෙලාවකට මෙහෙම දකින්න ලැබුනු එක හිතාගන්න බැරි වුනා යුංගි බිම අඩන්න පටන් ගන්නකොට යේජි පොඩි බබෙක් වගේ අඩන යුංගිව තුරුල් කරගත්තා යුංගි යේජිගෙන් ඇහුවේ එකම එක ප්‍රශ්නයයි ඒ

' වේ....ඔම්මා...වේ මාව දාලා ගියේ...'

යේජි කොල්ලගෙන් ඒකට සමාව ඉල්ලුවා මිසක් වෙන මුකුත් කිව්වේ නැ ටික වෙලාවක් අඩපු ඔම්මායි පුතායි ICU එක ඉදිරියේ තිබුණු පුටු වලින් වාඩිවුනා

" ඔය අසනීපය ලොකු බේබිට පුංචි කාලේ ඉදලා තියෙන්නේ ලොකු බේබිට දරාගන්න බැරි දුකක් ඇති වුනාම අඩලා වැඩි වුනාම මෙහෙම faint වෙනවා එයා බෙහෙත් පවා ගත්තා පුතා එයා ආපහු අසනීප නොවුනු නිසා බෙහෙත් ගත්තේ නැ "

" ඔම්මා එයා ගැන දන්නවා නේද "

" ම්ම්ම්...ඔව් මම එහෙට යනකොට ලොකු බේබිට අවුරුදු 03 ක් වගේ රෝස බෝලයක් වගේ දග මල්ලක් එක විනාඩියක් එක විදියකට ඉන්නේ නැ හැමෝම ඒ දග වැඩ වලට ආදරේ කලා මිස්ටර් පාර්ක්ගේ පන ලොකු බේබිට පොඩි කැස්සක් හැදුනත් ඇති මිස්ටර් පාර්ක්ට බය වෙන්න ඒ වගේ අප්පා කෙනෙක් ලබන්න ලොකු බේබි හරි වාසනාවන්තයි "

යේජි සෝයූන් පුංචි කාලේ වුනු සිදුවීම් එකින් එක මතක් කරමින් කිව්වා ඒත් එක්කම මිස්ටර් පාර්ක් දුවගෙන ආවා

" මගේ දරුවා....."

මිස්ටර් පාර්ක්ව දැක්ක ගමන් කොල්ලා යේජි දෙන්නාම නැගිට්ටා

" අන්කල්...."

" මගේ අහිංසක කෙල්ලට මොකද වුනේ යුංගි දවල් මම යනකොට එයා හොදට හිටියා මොකද්ද එකපාරට වුනේ...."

මිස්ටර් පාර්ක් ICU එක දිහා බලාගෙන ඇහුවා යුංගි මුකුත් නොකියා නිහඩව ඉන්නකොට මිස්ටර් පාර්ක්ගේ ඇස් හැරුණේ යේජිගේ දිහාට

" මොකද වුනේ යේජි.....මට ඇත්ත කියන්නේ මේක මගේ දරුවාගේ ජීවිතේ සම්බන්ධ ප්‍රශ්නයක් "

ටික වෙලාවක් නිහඩව හිටපු යේජි මිස්ටර් පාර්ක් දිහා බලාගෙන කතා කලා

" ලොකු බේබි හැමදෙයක්ම දැනගත්තා සර් ජියා මැඩම් ගැන එයා දැනගත්තා "

යේජි එහෙම කිව්වාම මිස්ටර් පාර්ක්ට අඩියක් පිටිපස්සට තියවුනා මිස්ටර් පාර්ක්ගේ ඇස් ICU එක දිහාට හැරුනා

" කොහොමද එහෙම වුනේ "

යේජි කෙල්ල ගෙදර ආවාට පස්සේ ඉදලා වුනු හැමදේම මිස්ටර් පාර්ක්ට කිව්වා මිස්ටර් පාර්ක්ගේ ඇස් වලට කදුලු පිරුනේ එයාගේ පුංචි කෙල්ලගේ හිත කොච්චර රිදෙන්න ඇති ද කියලා හිතෙද්දී මොන තරම් කියෙව්වත් කට ගහගෙන ගියත් නසරානි පිස්සු වැඩ කලත් ඒ හිත කොච්චර අහිංසක ද කියලා මිස්ටර් පාර්ක් හොදටම දන්නවා

" අන්කල්...."

මිස්ටර් පාර්ක්ව වාඩි කරපු යුංගි කතා කලා

" අවුරුදු 21 ක්....! යුංගි අවුරුදු 21 ක්...!! මම සෝයුන්ගෙන් මේ ඇත්ත හංගගෙන හිටියා එයාගේ ඇත්ත ඔම්මා කවුද කියලා මම නොකිව්වේ එයාට මේ දේවල් දරාගන්න තරම් ඒ හිත ශක්තිමත් නැ කියලා මම දන්නවා මගේ කෙල්ල ගොඩක් Sensitive යුංගි මම හැමදාම ප්‍රාර්ථනා කලේ මේ ඇත්ත එලි වෙන්න එපා කියලා ඒත් නොහිතපු විදියට ඒ ඇත්ත එලි වෙලා මම මලක් වගේ සෝයූන්ව හැදුවේ එයාව සතුටින් තියන්න කරන්න පුලුවන් හැමදේම කලා මගේ මුලු ලෝකෙම වුනේ සෝයූන් "

මිස්ටර් පාර්ක් දුකට කියවගෙන ගියා යුංගි මිස්ටර් පාර්ක් කියන දේවල් අහගෙන හිටියා

" සෝයූන්ට මුකුත් වෙන්නේ නැ අන්කල් එයා ඉක්මනට හොද වෙයි "

මිස්ටර් පාර්ක්ගේ අත් දෙකෙන් අල්ලගත්ත යුංගි කිව්වා සෝයූන් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා කියලා ආරංචි වුනු කිම් ෆැමිලි එකත් හොස්පිටල් එකට ආවා

" සෝයූන්ට කොහොමද යුංගි "

මිසිස් කිම් ඇහුවේ මිස්ටර් පාර්ක්ගේ ලගින් බිම දනගාගෙන ඉන්න යුංගිගෙන්

" ඩොක්ටර්ස්ලා මුකුත් කිව්වේ නැ කිම් ඔම්මා "
යුංගි කිව්වාම මිස්ටර් කිම් මිස්ටර් පාර්ක් ලගින් වාඩිවෙලා මිස්ටර් පාර්ක්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ හැමදේම හොදින් වෙයි කියන්න වගේ ඒත් එක්කම ඩොක්ටර් ICU එකෙන් එලියට ආවාම ඔක්කොම ගිහින් ඩොක්ටර්ව වට කරගත්තා

" මගේ දරුවාට කොහොමද මින්සොක් මගේ අහිංසකී හොදින් නේද "

මිස්ටර් පාර්ක් ඩොක්ටර්ගේ අත් වලින් අල්ලාගෙන ඇහුවා ඩොක්ටර් මිස්ටර් පාර්ක්ගේ උරහිසට තට්ටුවක් දැම්මා

" ඩොක්ටර්......?"

" සෝයූන් දැනට හොදින් එයාට ලොකු ශොක් එකක් ඇති වුනු නිසා faint වුනේ ආපහු මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න එපා පාර්ක් මෙතන ඉන්න කාටත් වඩා සෝයූන් ඉන්නේ මොන වගේ තත්ත්වයක ද කියලා පාර්ක් හොදටම දන්නවා ආපහු මේ වගේ දෙයක් වුනොත් සෝයූන්ගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියාගන්න බැ සෝයූන්ව පුලුවන් තරම් සතුටින් තියන්න එයාට දුකක් දෙන්න එපා පාර්ක් ජියා වගේ සෝයූන්වත් නැති කරගන්න එපා මම යන්නම් සෝයූන්ව වෝඩ් එකට දැම්මාට පස්සේ බලන්න පුලුවන් "

ඩොක්ටර් මින්සොක් එහෙම කියලා එතැන හිටපු අනිත් අය දිහාත් බලලා ගියා මිස්ටර් පාර්ක් ICU එකේ දොර ලගට ගිහින් කෙල්ල දිහා බලාගෙන හිටියා නිසලව ඇදේ වැතිරිලා මැශින් ගොඩකට වට වෙලා අමාරුවෙන් හුස්ම ගන්න එයාගේ දුවව දැක්කාම මිස්ටර් පාර්ක්ට දරාගන්න බැරි වුනා මිස්ටර් පාර්ක් කදුලු පුරවගෙන අඩියක් පිටිපස්සට තිබ්බේ ඒ හදවත වේදනාවෙන් රිදුම් දෙනකොට මොන අප්පා ද කැමති තමන්ගේ දරුවා සිහියක් නැතුව ඇදක් මත ඉන්නවා දකින්න

මිස්ටර් කිම් මිස්ටර් පාර්ක්ව වාඩිකලා ඒ ඇස් වල තිබුණේ කියාගන්න බැරි වේදනාවක් ඒ ඇස් ඉදිරිපිට මැවි මැවි පෙනුනේ එදා සෝයූන්ගේ ඔම්මා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා කියලා කෝල් එකක් ආපු වෙලාවේ හොස්පිටල් එකට පිස්සෙක් වගේ දුවගෙන ආපු හැටි සෝයූන්ගේ ඔම්මා වුනු ජියාවත් දරුවත් බේරගන්න අමාරුයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වාම කේන්තියෙන් ඩොක්ටර්ස්ලා එක්ක රන්ඩු කරපු හැටි පුංචි රෝස මලක් එක්ක එයාව තනි කරලා ජියා ගියා කිව්වාම දැනුනු වේදනාව හැමදේම දරාගන්න අලුත උපන් පුංචි කිරි කැටියා වෙනුවෙන් හිත ශක්තිමත් කරගෙන ජීවත් වුනු විදිය හැමදේම මිස්ටර් පාර්ක්ට මැවිලා පෙනුනා ඒ දවසේ දැනුනු මූසල හැගීම අදත් මිස්ටර් පාර්ක්ට ඒ විදියටම දැනුනා සෝයූන් වෙනුවෙන් මිස්ටර් පාර්ක් ජීවත් වුනේ

" හැමදේම හිතේ තියාගෙන තනියෙන් විදවන්න එපා පාර්ක් සෝයූන් කියන්නෙත් මගේ දරුවෙක් වගේ සෝයූන්ට මොකද්ද තියෙන අසනීපය...."

මිස්ටර් කිම් ඇහුවේ හැමෝගෙම හිතේ තිබුණු ප්‍රශ්නයක්

" ම්ම්ම්ම්......උපතින්ම සෝයූන්ගේ හදවත දුර්වලයි කොච්චර හිනා වෙලා අනිත් අය වගේ සාමාන්‍ය විදියට ඉන්න හැදුවත් එයා හිටපු ගමන් faint වෙනවා වැඩිය මහන්සි වුනොත් එකදිගට ගොඩක් ඇඩුවොත් එයාට දරාගන්න බැරි දෙයක් වුනොත් සෝයූන් faint වෙනවා high school කාලේ සෝයූන් නිතර නිතර faint වෙනවා යුනි යන්න ගියාට පස්සේ ටික ටික ඒක මගහැරුනා ඒකට යුන්වි වගේ හොද යාලුවෙක් හම්බුනු එක ලොකු හේතුවක් වෙන්න ඇති කාලෙකට පස්සේ අද තමයි ආපහු සෝයූන්ට හුස්ම ගන්න අමාරු වෙලා තියෙන්නේ "

මිස්ටර් පාර්ක් කියන හැමදේම අහගෙන යුංගි හිටියේ ICU එකේ දොරෙන් පේන සෝයූන් දිහා බලාගෙන නිසල හොස්පිටල් එකක ඇදේ වැතිරිලා මැශින් ගොඩකට වට වෙලා ඔක්සිජන් මාක්ස් එක දාලා අමාරුවෙන් හුස්ම ගන්න කෙල්ල දිහා බලාගෙන හිටියා පැය කිහිපයකට පෙර එයා එක්ක හිනා වෙවී හිටපු හැටි එයාව තරහ ගස්සලා ආපහු යාලු කරගන්න විකාර වැඩ කරන හැටි කේන්ති ගිහින් මූන රතු කරගෙන කෑගහන හැටි එයා කිස් එකක් දුන්නාම ලැජ්ජාවෙන් මූන හංගගන්න හැටි කොල්ලාට මතක් වුනා කොල්ලා හැමෝටම හොරා එයාගේ කදුලු පිහිදගත්තා ඒත් ඒක යේජි හොදටම දැක්කා යේජි කොල්ලාගේ ලගට ඇවිත් යුංගිගේ කම්බුල් පිරිමැද්දා

" මගේ පුතා....බය වෙන්න එපා ඔයාගේ සෝයූන්ට ඉක්මනට සිහිය එයි ඉස්සර වගේ මොනාහරි පිස්සු වැඩක් කරලා හැමෝම හිනස්සවයි "

යේජි කියනකොට කොල්ලා ඔව් කියන්න ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නැ

" ජියා කියන්නේ කවුද "

මෙච්චර වෙලා නිහඩව හිටපු නම්ජූන් ඇහුවා

" ජියා.......සෝයූන්ගේ ඇත්තම ඔම්මා "

" මොහ්.....? එතකොට එයා කෝ දැන් "

" එයා මට සෝයූන්ව බාර දීලා ආපහු නොයෙන්නම දුරකට ගිහින් "

මිස්ටර් පාර්ක් ඇස් දෙක පියාගෙන හීන් හඩකින් කිව්වා

" එයා මැරුනේ කොහොමද "

" ම්ම්ම්.....එදා ජියා checkup එකකට හොස්පිටල් ආවේ මාස හතක් වයසැති කුස දරාගෙන driver එක්ක හොස්පිටල් ආවේ මට එදා ලොකු කේස් එකක් විසදන්න තිබුනා මට ඒ වැඩ හින්දා ජියා එක්ක හොස්පිටල් යන්න බැරි වුනා එදා ජියා හොස්පිටල් එකේ ඉදලා එනකොට ඇක්සිඩන්ට් වෙලා තිබුනා මම එදා ජියා එක්ක හිටියා නම් සමහරවිට ජියා අදටත් අපි එක්ක ඉන්න තිබුනා එහෙනම් සෝයූන්ට එයාගේ ඔම්මා අදටත් ඉන්නවා මම හෙඩ් ඔෆිස් එකේ ඉන්න වෙලාවේ කෝල් එකක් ආවා මට අහන්න ලැබුනේ කවදාවත් අහන්න බලාපොරොත්තු නොවුනු දෙයක් ජියා ඇක්සිඩන්ට් වෙලා කිව්වාම මගේ මුලු ලෝකෙම මගේ ඉස්සරහ කඩාගෙන වැටුනා වගේ දැනුනේ අද වගේ එදත් මම මේ හොස්පිටල් එකට දුවගෙන ආවේ මගේ මැනික් කැට දෙකට මුකුත් වෙන්න එපා කියලා හිතින් ප්‍රාර්ථනා කරමින් "

.
Flashback
Before 21 years

මිස්ටර් පාර්ක් අඩ අඩ හොස්පිටල් එකට දුවගෙන ආවේ එයාගේ වයිෆ්ටත් මෙලොව එලිය නොදුටු එයාගේ පුංචි කෙලි පොඩිත්තටත් මුකුත් වෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන් පාර්ක් Operation theater එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියේ ඩොක්ටර් කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි එලියට එනකම් ඒත් එක්කම ඩොක්ටර් කෙනෙක් ආවා

" මින්සොක්......මගේ දරුවා ජියා හොදින් නේද "
මිස්ටර් පාර්ක් මින්සොක්ගෙන් ඇහුවේ හිතේ දෙගිඩියාවෙන් මින්සොක් කියන්නේ මිස්ටර් පාර්ක්ගේ හොදම යාලුවෙක්

" මට උබට බොරු කියන්න බැ පාර්ක් ජියා ඉන්නේ critical situation එකක ජියාගේ ඔලුව වගේම බඩත් තදින්ම කොහේහරි වැදිලා තියෙනවා ජියාගේ හිසට ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා එයා හොස්පිටල් එකට ගේනකොටත් හිටියේ සිහියත් අසිහියත් අතර ඕනම දේකට ලෑස්ති පිට ඉන්න "

මින්සොක් මිස්ටර් පාර්ක්ගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වා මිස්ටර් පාර්ක් එහෙම්ම ඉන්දුනේ ඇහුනු දේවල් විශ්වාස නැතුව ජියා එක්ක ගෙවුණු හැම තත්පරයක්ම මිස්ටර් පාර්ක්ට මතක් වෙන්න ගත්තා ජියා ප්‍රග්නට් කියලා දැනගත්තාම මිස්ටර් පාර්ක් සතුටින් කෑගහලා ජියාව තුරුල් කරගත්තා මිස්ටර් පාර්ක් ජිවිතේ වැඩියෙන්ම සතුටු වුනු දවස එදා කියන්න පුලුවන් ජියා ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දීලා ජියා එක්ක එයාට ඉන්න පුලුවන් හැම තත්පරයක්ම මගහරින්නේ නැතුව හිටියා මාස කිහිපයක් ගෙවිලා යනකොට එයාට හම්බවෙන්න ඉන්නේ දුවෙක් කියලා දැනගත්තාම මිස්ටර් පාර්ක් ගොඩක් සතුටු වුනා එයා කොහොමත් ආස කලේ ජියා වගේ දගකාර කටකාර කෙලි පොඩිත්තියකට ඉතින් එයා ආස කලා වගේම පුංචි කෙලි පොඩිත්තක් ඇවිත්

ටික ටික වෙලාව ගත වෙද්දී මිස්ටර් පාර්ක්ගේ හිතේ බය වැඩි වුනා හිතේ තියෙන දුක බය ගැන කියන්න එයා ලග කවුරුවත් හිටියේ නැ කොන්ඩේ අතරේ අතැගිලි යවපු මිස්ටර් පාර්ක් හිටියේ කියාගන්න බැරි වේදනාවකින් එයාගේ ජීවිතේ වටිනාම දෙන්නා අද ජීවිතයත් මරනයත් අතර සටනක

මින්සොක් පැය කිහිපයකින් තියටර් එකෙන් එලියට ආවේ එතරම් හොද මුහුනකින් නෙවෙයි පාර්ක් ඉක්මනට මින්සොක් ලගට ගියා

" මගේ ජියාට.....මගේ පැටියාට කොහොමද එයාලා හොදින් නේද...? මින්සොක් මොකද තමුසේ කට වහගෙන ඉන්නේ...? කතා කරනවා මගේ මැනික් කැට දෙක හොදින් නේද...? තමුසෙන් මම මෙච්චර අහනවා උත්තරයක් දෙනවා.."

මිස්ටර් පාර්ක් ඩොක්ටර් මින්සොක්ගේ ඇදුමෙන් අල්ලාගෙන කෑගැහුවේ මින්සොක්ගේ හැසිරීම නිසා හිතේ තියෙන බය තවත් වැඩිවුනු නිසා

" පාර්ක්.....ඔයාගේ පැටියා බේරගත්තා ඒත් එයා ගොඩක් දුර්වලයි "

එතකොට පාර්ක් මින්සොක්ගේ ඇදුම අතහැරියේ සැනසුම් සුසුමක් පහත දැම්මා

" Thank god..."

එයාගේ පුංචි කෙලි පොඩිත්තගේ ජීවිතේ බේරුවාට දෙවියන්ට ස්තූති කලා

" ජියා...? ජියා හොදින් නේද "

මිස්ටර් පාර්ක් එහෙම ඇහුවාම මින්සොක් නිහඩව ඉදලා ඔලුව දෙපැත්තට වැනුවා

" මොකද තමුසේ ඔහොම ඉන්නේ...? කතා කරනවා මින්සොක් ජියාට කොහොමද..? "

මිස්ටර් පාර්ක් කෑගහනකොට මින්සොක් පාර්ක් දිහා බැලුවේ වේදනාව පිරුනු ඇස් දෙකකින්

" I'm Really Sorry Park ජියාව බේරගන්න බැරි වුනා ජියා අපිව දාලා යන්න ගියා එයා ගියා "

මින්සොක් දුකින් කියද්දී පාර්ක්ට දැනුනේ එයාගේ කකුල් දෙක පන නැති වුනා වගේ මිස්ටර් පාර්ක් වැටෙන්න යනකොට මින්සොක් අල්ලගත්තා

" ඒක වෙන්න බැ....එයා කොහොමද මාව තනි කරලා අපේ දරුවා තනි කරලා යන්නේ ජියා කොහොමද එච්චර නපුරු වුනේ....එයාට එහෙම කරන්න බැ මින්සොක් එයාට එහෙම කරන්න බැ මම ගැන බැරි නම් අර පොඩි කෙල්ල ගැන හරි හිතන්න තිබුනා..."

පාර්ක් හිතේ තියෙන වේදනාවට දුකට කියවගෙන ගිහින් මින්සොක් තල්ලු කරගෙන ඇතුලට දුවගෙන ගියා නිසලව ඇදක් මත වැතිරිලා ඉන්න ජියාගේ නලලට කිස් එකක් දීපු මිස්ටර් පාර්ක් ඒ කම්බුල් වලින් අල්ලගත්තා

" ජියා....මගේ මැනික...ඔයා බොරුවට නේද ඉන්නේ මාව බය කරන්න ම්ම්ම් මම ගොඩක් බය වෙලා ඉන්නේ රත්තරං චේබල් ඇස් අරින්න මින්සොක් කියනවා ඔයා මාවයි පැටියාවයි දාලා ගිහින් කියලා ඔයා ගියේ නැ නේද මින්සොක් කියන්නේ බොරු කියලා ඇස් ඇරලා කියන්න ජියා....ඇයි රත්තරං ඔහොම ඉන්නේ "

ජියාගේ සීතල වෙලා සුදුමැලි වෙලා තියෙන කම්බුල් වලට තට්ටු කරන ගමන් මිස්ටර් පාර්ක් කතා කලා ඒත් ජියාගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුණේ නැ

" දැන් මේ විහිලුව හොදටම ඇති ජියා.....ඇස් අරින්න චේබල් මාව දාලා යන්න එපා ජියා අර පුංචි කෙල්ල ලොකු වෙලා එයාගේ ඔම්මා ගැන ඇහුවාම මම මොකද කරන්නේ මම මොනාද ජියා ඒ අහිංසක කෙල්ලට කියන්නේ..? ඇයි ඔච්චරටම නපුරු වුනේ ජියා...අපිව දාලා යන්න තරම් හිත හදාගත්තේ කොහොමද...? වේ..ජියා වේ..."

මිස්ටර් පාර්ක් ජියාගේ නලලට නලල තියාගෙන අඩන්න ගත්තා වෙන්දා දුකින් ඉන්නකොට ඔලුව අතගාලා ඔම්මා කෙනෙක් සනසපු ජියා අද මිස්ටර් පාර්ක් කොච්චර ඇඩුවත් නිසලව හිටියා මිස්ටර් පාර්ක් ජියාගේ මුලු මූනම හාදු වලින් තෙමුවේ මේ දිහා බලාගෙන හිටපු මින්සොක් වගේම නර්ස්ගේත් ඇස් කදුලින් තෙත් කරමින්

දෛවය කොයිතරම් නපුරුයි ද කියනවා නම් අලුත ඉපදුනු පුංචි කිරි කැටියෙක්ට එයාගේ ඔම්මාව අහිමි වුනා ආදරනීය හස්බන් කෙනෙක්ට එයාගේ වයිෆ් අහිමි වුනා

ජියාගේ නිසල සිරුර බදාගෙන අඩන මිස්ටර් පාර්ක් ලගට ගියපු මින්සොක් මිස්ටර් පාර්ක්ගේ උරහිසෙන් අතක් තියලා තට්ටුවක් දැම්මා

" ජියා හොස්පිටල් එකට ගේනකොටත් සිහියත් අසිහියත් අතර හිටියේ ඒත් එයා කිව්වේ එක දෙයයි එයාට මොන දේ වුනත් දරුවාව බේරගන්න කියලා ඔයාට පැටියාව පරිස්සමින් බලාගෙන ඔයාටත් පරිස්සමින් ඉන්න කිව්වා ජියා සමහරවිට දැනගෙන ඉන්න ඇති ජීවත් වෙන්න වාසනාව ඇත්තේ එයාට හරි දරුවාට හරි දෙන්නාගෙන් එක් කෙනෙක්ට කියලා "

මින්සොක් කියනකොට මිස්ටර් පාර්ක්ගේ කම්බුල් වල තිබුණු කදුලු බිංදුව්ක් ජියාගේ කම්බුලට වැටුනා ජියාගේ සීතල වෙලා තියෙන තොල් වලට හාදුවක් තවරපු මිස්ටර් පාර්ක් ජියාගේ පන නැති අතක් පපුවට තුරුල් කරගත්තා

" පාර්ක් දුවව බලන්නේ නැද්ද...?"

මිස්ටර් පාර්ක් ඔලුව වැනුවා විතරයි එයාලා එකතු වෙලා මවපු හීනි ඔක්කොම විනාඩි ගානකින් විනාස වෙලා ගිහින්

ජියාගේ අත පරිස්සමින් ඇද මතින් තියපු මිස්ටර් පාර්ක් මින්සොක් එක්ක ගියේ අලුත ඉපදුනු පුංචි සිගිත්තිය බලන්න රෝස පැහැති රෙදි කැබැල්ලක ඔතලා පුංචි වීදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්න පුංචි කිරි කැටියා සුව නින්දක හිටියේ

" මාස හතකින් ඉපදුනු නිසා වගේම බබාගේ ශරීරය දුර්වල නිසා බබාට ටික කාලයක් ඔහොම ඉන්න වෙයි පාර්ක්..."

මින්සොක් කිව්වාම පාර්ක් ඔලුව වැනුවා මිස්ටර් පාර්ක්ගේ ඇස් තාමත් රැදිලා තිබුණේ වීදුරු පෙට්ටිය ඇතුලේ ඉන්න රෝස බෝලේ දිහාට

" ජියා යන්න ගියේ එයාගේ ජීවිතේ වටිනාම වස්තුව ඔයාට දීලා පාර්ක් මේ පුංචි පැටියා මේ ලෝකේ වෙන කිසිදෙයක් ගැන දන්නේ නැ එයාට හොද නරක හැමදේම කියලා එයාව පරිස්සමින් බලාගන්න ඕන ඔයා පාර්ක් මේ පුංචි පැටියාට එයාගේ කියලා ඉන්නේ ඔයා විතරයි ඒ නිසා මේ පුංචි සුරංගනාවී වෙනුවෙන් ශක්තිමත් වෙන්න එයා වෙනුවෙන් ජීවත් වෙන්න පාර්ක් එයාට එයාගේ අප්පාවත් නැති කරන්න එපා "

මින්සොක් කියන හැමදෙයක්ම මිස්ටර් පාර්ක් සාවදානව අහගෙන හිටියා

.
Flashback Over

එදා ඉදන් මිස්ටර් පාර්ක් ජීවිත් වුනේ සෝයූන් වෙනුවෙන් සති කිහිපයකට පස්සේ එයාගේ පුංචි පැටියාව එයාගේ අත් වලට ගන්න පුලුවන් වුනා රෝස බෝලයක් වගේ දිලිසෙන පුංචි ඇස් බෝල කරගෙන මිස්ටර් පාර්ක් දිහා බලාගෙන හිනා වෙනකොට මිස්ටර් පාර්ක්ට ඉබේටම හිනාවක් ගියා ඒ ජියාගේ මරනෙන් පස්සේ මිස්ටර් පාර්ක් හිනා වුනු පලවෙනි වතාව මිස්ටර් පාර්ක් ජොබ් එකෙන් තාවකාලිකව අයින් වුනේ ඔම්මා අහිමි පුංචි කෙල්ලට අප්පාගේ අඩුව නොදැනෙන්න ඕන නිසා

මහ රෑට නැගිටලා කෑගහලා අඩනකොට මිස්ටර් පාර්ක් පුංචි කෙල්ලව වඩාගෙන ගෙදර එහෙ මෙහෙ ඇවිදිමින් පුංචි තට්ටු දමමින් කෙල්ලව නැලෙව්වා නින්දක් නැති සමහර දවස් තිබුනා මිස්ටර් පාර්ක් නැත්නම් පුංචි කෙල්ලගේ ඉමෝ ලග තමයි කෙල්ල හිටියේ ඉමෝ පුංචි කෙල්ලව නලවන්න සිංදු කිව්වා

රෝස බෝලේ මිස්ටර් පාර්ක්ගේ අතේ ඇගිල්ලක් අල්ලාගෙන ඇවිදින්න පුරුදු වුනා පුංචි අඩි තිය තියා ගේ පුරා හිනා වෙවී ඇවිදින්න පටන් ගත්තා කෙලි පොඩ්ඩගේ හිනා හඩින් මුලු ගෙදරම පිරිලා ගියා මිස්ටර් පාර්ක් කොයිවෙලෙත් පුංචි කෙල්ලගේ පස්සෙන් හිටියා මිස්ටර් පාර්ක්ගේ රෝස බෝලේ වැටිලා තුවාල කරගනියි කියලා එයා බය වුනා පුංචි සෝයූන් ඉස්සෙල්ලාම මිස්ටර් පාර්ක්ට අප්පා කියලා කතා කලාම මිස්ටර් පාර්ක්ට දැනුනේ එයාට මුලු ලෝකෙම ලැබුනා වගේ මිස්ටර් පාර්ක් කෙල්ලගේ කම්බුල් හරි ආදරෙන් සිපගත්තේ කියාගන්න බැරි සතුටකින්

පුංචි සෝයූන්ට අවුරුදු 03 ක් වෙනකොට යේජි ඒ පුංචි නිවහනට එන්නේ සෝයූන් බලාගන්න සෝයූන් යේජි එක්ක ඉක්මනට එකතු වුනා ටික කාලෙකින් සෝයූන් නර්සරි යන්න පටන් ගත්තා අනිත් ලමයින්ගේ ඔම්මා අප්පා දෙන්නාම ඉන්නකොට ඇයි එයාට අප්පා  විතරක් ඉන්නේ කියන ප්‍රශ්නය කෙල්ලගේ හිතේ ඇති වුනා හැබැයි පුංචි සෝයූන් ඒ ගැන මිස්ටර් පාර්ක්ගෙන් අහන්න ගියේ නැ ඒත් දවසක් නර්සරි එකේ ඉන්න සෝයූන්ගේ යාලුවෝ කෙල්ලගෙන් ඔම්මා ගැන ඇහුවා

Flashback

" සෝයූන් කූ උයාගේ ඔම්මා..."

චිත්‍ර පොතේ පුංචි ඇගිලි වලින් පැන්සල අල්ලාගෙන චිත්‍රය අදින කෙල්ලගෙන් එයාගේ එහා පැත්තේ ඉන්න කොල්ලා ඇහුවා

" අපි උයාගේ ඔම්මාව කවදාවත් දැකලා ලැ ලේ.."

තව පුංචි කෙල්ලෙක් එහෙම කියනකොට සෝයූන් තොල් පිට පෙරලගෙන එයාගේ යාලුවෝ දිහා බැලුවා

" උයා නෝති වැඩක් කරපු හින්දා උයාගේ ඔම්මා උයාව දාලා ගිහිල් ද..? අපේ ඔම්මා කියලවා බබාලා නෝති වැද කලාම ඔම්මාලා බබාලාව දාලා දුරකට යලෝ ලු.."

තව පුංචි කොල්ලෙක් එහෙම කියනකොට සෝයූන් ඇස් වලට කදුලු පිරුනා ඒ පුංචි හිතට ඒ වචන හොදටම දැනුනා

" ඉතිල් මම නෝති බබෙක් නෙවෙයි ලේ.."

අඩන්න ඔන්න මෙන්න වගේ සෝයූන් කිව්වා එයාලගේ ටීචර් කතා කරපු නිසා ආපහු සෝයූන්ගේ යාලුවෝ චිත්‍ර අදින්න පටන් ගත්තා

වෙනදා වගේ නර්සරි එක අවසන් වෙන වෙලාවට මිස්ටර් පාර්ක් ඇවිත් හිටියා වෙනදාට අප්පා කියලා කෑගහගෙන දුවගෙන එන පුංචි කෙල්ල අද බිම බලාගෙන හිමින් ඇවිදගෙන එනවා දැක්කාම මිස්ටර් පාර්ක්ට ලොකු අමුත්තක් දැනුනා සෝයූන් බිම බලාගෙන ඇවිත් මිස්ටර් පාර්ක්ගේ ඇගේ හැප්පුනා කෙල්ල ඔලුව උස්සලා බැලුවා

" අප්පා...."

" ම්ම්ම්.....මගේ මැනික් කැටේ මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

පුංචි සෝයූන්ව වඩාගත්තාම කෙල්ල මිස්ටර් පාර්ක් බෙල්ල බදාගත්තා

" මුකුත් ලැ අප්පා "

පුංචි කෙල්ල එහෙම කිව්වත් මිස්ටර් පාර්ක්ට තේරුනා මොනාහරි වෙලා තමයි කෙල්ල මෙහෙම ඉන්නේ කියලා ඒත් මිස්ටර් පාර්ක් මුකුත් අහන්න ගියේ නැ ගෙදර යනකම් සෝයූන් වචනයක්වත් කතා කලේ නැ වෙනදාට නර්සරි එකේ වෙන දේවල් එකක් නෑර අප්පාට කියන පුංචි කෙල්ල අද වචනයක්වත් කිව්වේ නැ ගෙදර ගියාම යේජි පුංචි කෙල්ලව වඩාගෙන ගිහින් වොෂ් කරලා එක්කගෙන ආවාම ඉමෝ කෙල්ලට කැව්වා සෝයූන්ගේ වෙනස හැමෝටම තේරුනා

හවස් වෙනකොට මිස්ටර් පාර්ක් garden එකට වෙලා සෝයූන් සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා ටිකකින් පුංචි කෙල්ල එයා සෙල්ලම් කරන ගමන් හිටපු බෝලෙත් උස්සගෙන ඇවිත් ඉස්සිලා බෙන්ච් එකෙන් වාඩිවුනා

" අප්පා...."

සෝයූන් ඇස් බෝල කරගෙන මිස්ටර් පාර්ක්ට කතා කලාම මිස්ටර් පාර්ක් කෙල්ලව උකුලට ගත්තා

" ඔව් මැනික "

" බබාගේ ඔම්මා කූ.."

කෙල්ල එකපාරට එහෙම ඇහුවාම මිස්ටර් පාර්ක්ගේ හිනාවෙන් පිරිලා තිබුණු මූන මැලවිලා ගියා පුංචි සෝයූන් අප්පාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා

" වේ.....මගේ රෝස බෝලේ එහෙම අහන්නේ මගේ මැනිකට අප්පා අතින් අඩුපාඩුවක් වුනා ද...? කියන්න රත්තරං "

මිස්ටර් පාර්ක්ගේ ඇස් කදුලු වලින් තෙත් වෙලා තිබුනා

" නූ...නූ...අප්පා මගේ නල්සලි එකේ යාලුවෝ ඇහුවා මගේ ඔම්මා කූ කියලා බබාගේ යාලුවෙක් කීවා බබා නෝති හින්දා ඔම්මා බබාව දාලා ගිහිල් කීලා අප්පා ඔම්මාත කියල්ල බබා ආපහු නෝති වැද කලන්නේ ලැ කියලා බබා ගුත් ගර්ල් කෙලෙක් වෙල්ලම් ඔම්මාත එන්න කියල්ල අප්පා "

පුංචි කෙල්ල එයාගේ ඔම්මාව ඉල්ලද්දී මිස්ටර් පාර්ක්ට ලොකු අසරණකමක් දැනුනා මිස්ටර් පාර්ක්ගේ කදුලු පාලනයකින් තොරව කඩාගෙන හැලෙනකොට පුංචි සෝයූන් බය වුනා

" අප්පා අදන්නේ ඇයි...? බබා ඔම්මාව ඉල්ලපු නිසාත බබාට ඔම්මා ඕලේ ලැ අප්පා විතලක් ඇති අප්පා බබාට ගොදක් ආදලෙයි නේ බබාත් අප්පාත ගොදක් ආදලෙයි ඒ නිසා අප්පා අදන්න එපා "

පුංචි අත් වලින් මිස්ටර් පාර්ක්ගේ කම්බුල් වල තිබුණු කදුලු පිහිදුවාම මිස්ටර් පාර්ක් ඒ පුංචි අත් එක අල්ලාගෙන හාදු තිබ්බා

" මගේ මැනික් කැටේට අප්පා ගොඩක් ආදරෙයි "

පුංචි සෝයූන්ව තුරුල් කරගත්ත මිස්ටර් පාර්ක් කිව්වා ටික වෙලාවක් යනකොට දගලලා දගලලා මහන්සියට පුංචි සෝයූන්ට අප්පාගේ තුරුලේ නින්ද ගියා

ආපහු පුංචි කෙල්ල මිස්ටර් පාර්ක්ගෙන් ඔම්මා ගැන ඇහුවේ නැ ඒත් කෙල්ලගේ හිතේ ඒ දේවල් තිබුනා අප්පා ඉස්සරහ නෝමල් විදියට හිටියේ ආපහු එයා දුකින් ඉන්නවා දැකලා අප්පා අඩයි කියලා පුංචි කෙල්ල බය වුනා ඔහොම කාලය ගෙවිලා යනකොට දවසක් නර්සරි එකෙන් මිස්ටර් පාර්ක්ට කෝල් එකක් ආවේ සෝයූන් faint වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා සෝයූන්ගේ තත්ත්වය ගැන දන්න මිස්ටර් පාර්ක් හොදටම බය වුනා කෙල්ලගේ හදවත දුර්වල නිසා අධික මහන්සි නිසා faint වුනේ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා කෙල්ල නිතරම ඔම්මා ගැන හිතනවා කියලා මිස්ටර් පාර්ක් දැනගෙන හිටියා ඉතින් මිස්ටර් පාර්ක් තීරණය කලා එයාගේ පුංචි දුව වෙනුවෙන් ආපහු මැරි කරන්න ඒ නිසා ජියාගේ යාලුවෙක් වුනු සේහාව මැරි කරන්න මිස්ටර් පාර්ක් තීරණය කරනවා සේහා සෝයූන් පුංචි කාලේ නිතර නිතර ඇවිත් බලලා යනවා කෙල්ල එක්ක හරි ආදරෙන් කාලය ගත් වෙලා ඒ වෙනකොට සේහා පුංචි දුවෙක් එක්ක තනි වුනු ඔම්මා කෙනෙක් ඒ විදියට සේහා පාර්ක් පවුලට එකතු වෙනවා පුංචි සෝයූන් සේහාව එයාගේ ඔම්මා විදියට පිලිගත්තා කෙල්ල හරි සතුටින් හිටියේ දැන් එයාගේ යාලුවොන්ට කියන්න පුලුවන් එයාටත් ඔම්මා කෙනෙක් ඉන්නවා කියලා

ඊට පස්සේ පුංචි සෝයූන් නර්සරි ගියේ සේහා එක්ක සේහාගේ ඇගිල්ලකින් අල්ලාගෙන පුංචි සෝයූන් හරි සතුටින් නර්සරි ගියේ එයාගේ හැම යාලුවෙක්ටම එයාගේ ඔම්මාව පෙන්නුවේ හරි සතුටින් පුංචි සෝයූන්ගේ සතුටින් පිරුනු මුහුන දිහා සේහා බලාගෙන හිටියේ ආදරෙන් මිස්ටර් පාර්ක් අමාරුවෙන් ගත්ත තීරණයක් හින්දා සෝයූන් සතුටින් හිටියා මිස්ටර් පාර්ක්ගේ ජීවිතේට සේහා ආවත් හැමදාමත් පාර්ක්ගේ හිතේ හිටියේ ජියා විතරයි ඒ ගැන සේහා වුනත් දැනගෙන හිටියා එයාව මැරි කලේ පුංචි සෝයූන්ට ඔම්මා කෙනෙක් ඕන නිසා විතරයි කියන්නත් සේහා දැනගෙන හිටියා

කවුරුවත් නොදන්න මිස්ටර් පාර්ක් විතරක් දැනගෙන හිටපු එක දෙයක් තිබුනා ජියාගේ ඇක්සිඩන්ට් එක ප්ලෑන් කරලා කරපු දෙයක් කියලා ඒ දේ කරේ කවුද කියලත් මිස්ටර් පාර්ක් දැනගෙන හිටියත් කිසිම ඇක්ශන් එකක් නොගත්තේ ජියා වගේ පුංචි සෝයූන්වත් අහිමි කරගන්න අකමැති නිසා

Flashback Over

මිස්ටර් පාර්ක් එයාගේ ජීවිතේ මතක් කරන්න අකමැතිම අදුරු මතක කිව්වේ ඇස් කදුලු වලින් තෙත් වෙද්දී එදා ජියා නැති වුනාට පස්සේ සෝයූන් බලාගන්න වින්ද දුක් වේදනා වචන වලින් කියලා නිම කරන්න බැ මිස්ටර් කිම් පාර්ක්ගේ ලගින් වාඩිවුනා

" මිස්ටර් පාර්ක් සෝයූන්ට හොද අප්පා කෙනෙක් "

මිසිස් කිම් කිව්වාම මිස්ටර් පාර්ක් ඔලුව දෙපැත්තට වැනුවා

" මම හොද අප්පා කෙනෙක් නම් මගේ පුංචි කෙල්ල අද මෙතන සිහිය නැතුව ඉන්නේ නැ මම එයා එක්ක හිටියා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැ "

මිස්ටර් පාර්ක් ලොකු පසුතැවීමක් එක්ක කිව්වා 

" අනියා....පාර්ක් ඒක ඔයාගේ වරදක් නෙවෙයි සෝයූන් අද නෙවෙයි කවදාහරි මේ ඇත්ත දැනගන්නවා හැමදාම මේ දේවල් හංගගෙන තියාගන්න බැ ඇත්ත එලි වෙන දවසකුත් එනවා "

මිස්ටර් කිම් කිව්වාම අනිත් අය එය අනුමත කරන්න ඔලුව වැනුවා 

" මට බය සෝයූන් සිහිය ආවාම කොහොම හැසිරෙයි ද කියලා "

මිස්ටර් පාර්ක් කිව්වා මෙච්චර ලොකු දැනගත්තාට පස්සේ කෙල්ල මොන වගේ හැසිරෙයි ද කියන දේ හැමෝගෙම හිත් වල තිබුනා

To be continue.................♡︎

8 වසරේ කෙල්ලෙක් කොල්ලා එක්ක දන්සල් ගිහින් දාන ස්ටේටස් බල බල ගෙදරට වෙලා වෙසක් කූඩුවක් හදාගෙන ඉන්න 12 වසර රාමෙන් පන්තියේ කොල්ලෙක් තියා බල්ලෙක්වත් නැති තනිකඩ මම...😒💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top