匚卄卂卩ㄒ乇尺 25🐾

" මිස්ටර් මින්ට ලොකු පුතාව අමතක වෙලා වගේ "

ඒ කටහඬ ඇහෙනවත් එක්කම සෝයූන් ඔලුව ඉස්සුවේ සතියක් පුරාවට දකින්න බැරි වුනු ඒ රුව බලාපොරොත්තුවෙන්

Hot hot kettle එකක් වගේ ඉන්න යුංගිව දැකපු කෙල්ලගේ කටත් ඉබේටම වගේ ඇරුනා කොල්ලාගේ ඇසුත් වැඩි වෙලාවක් නොගිහින් සෝයූන් ලග නැවතුනත් කොල්ලා ඉක්මනට කෙල්ලගෙන් ඇස් අහකට ගත්තේ කට කොනින් හිනාවක් එක්ක

හම්තින්කේ.......මගේ හාට්ටුවත් එකපාරට මොකද්ද වුනා යකෝ...මෙච්චර ලස්සනට ඇදගෙන අහවල් කෙසෙල් ඇවරියක් කරන්න ද ආවේ..? මම නැතුව හොදින් ඉන්නවා කියලා පෙන්නන්න ද දන්නේ නැ ආවේ මෝඩ කිටී පූසා කිරි සුදු පාට කම්බුලක් දත්පාර හිටින්න හපන්න හිතයි

" ඔන්නි ඔය කට වහගත්තොත් නරක ද..?"

පිස්සෙක් වගේ කටත් ඇරගෙන ඇසුත් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්න එයාගේ පිස්සු ඔන්නිට ජීවූ වැලමිටෙන් ඇනලා කිව්වා

මම මෙච්චර වෙලා කට ඇරගෙන ද බලාගෙන හිටියේ.....අහ්හ්හ්....මොන වසවිලි ලැජ්ජාවක් ද...අර පූස් තඩියාත් දැක්කා ද දන්නේ නැ මගේ ආත්ම ගරුත්වය අන්තිමේ දී සුනඛයාට ගියා ද හෙන වේදනයි ජෙයිය නේ ඉහික් ඉහික්

" තමුසේ මගේ පුතෙක් නෙවෙයි යුංගි විකාර කරන්නේ නැතුව මෙතනින් හොද හිතින් යනවා.."

මිස්ටර් මින් කේන්තියෙන් අහක බලාගෙන දොර පැත්තට අත දික් කරලා කිව්වා ඒත් යුංගි නම් අඩියක්වත් එතැනින් හෙල්ලුනේ නැ යුංගි බෙල්ලත් ඇල කරලා මිස්ටර් මින් දිහා බැලුවා

" මිස්ටර් මින්ට තමන්ගේ ලේ පිට එකා කොහෙද ඉදලා ආපු අනාතයෙක් තමන්ගේ පුතා වුනා "

යුංගි සමච්චල් සහගත හිනාවක් එක්ක කිව්වා

" මගේ පුතා අනාතයෙක් නෙවෙයි යුංගි හරි විදියට බැලුවොත් තමුන් තමයි අනාතයා.."

නාරා යුංගිට කෑගහලා කියද්දී සෝයූන්ට හිතුනේ නාරාගේ කොන්ඩෙත් ඇදලා අරගෙන මූන නාරං කැවුමක් වෙන්න දෙන්න

" ඔහ් මිසිස් හන් උප්ස්... මියානේ ඉස්සර නේ මිසිස් හන් දැන් මගේ ඔම්මාගේ තැන අරගෙන නේ ඇත්තටම මූ මිස්ටර් හන්ගේ දරුවෙක් කියලා විශ්වාස ද..?"

" යුංගි තමුන් තමුන්ගේ සීමාවේ ඉන්නවා "

" හහ්...උබ මට ද මගේ සීමාව පෙන්නන්න හදන්නේ...? මම මගේ සීමාවේ තමයි යකෝ ඉන්නේ උබ තමයි සීමාව පැන්නුවේ උබ එදා උබේ slut ඔම්මාවත් අරගෙන මෙහෙන් ගියා නම් අදටත් මගේ ඔම්මා මගේ ලග "

යුංගිගේ කම්බුලට වැදුනු අතුල් පහරක් නිසා කොල්ලා අඩියක් පිටිපස්සට ගියා

" කි...ටී.."

සෝයූන් මිමිනුවා මිස්ටර් මින් කොල්ලාගේ කම්බුලට ගහලා තත්පර කිහිපයක් යනකම් තිබුණේ දැඩි නිහඩතාවයක් කොල්ලා කට කොනින් හිනාවක් එක්ක මිස්ටර් මින් දිහා බැලුවා යුංගිගේ තොල කොනක් පැලිලා ලේ ඇවිත් තිබුනා යුංගි මහපටගිල්ලෙන් තොල අග තිබුණු ලේ පිහිදලා මිස්ටර් මින් දිහා බැලුවා

" තමුන්ට මීට අවුරුදු ගානකට කලින් මම කිව්වා මෙහේ ඉන්නවා නම් මට ඕන විදියට ඉදපන් නැත්නම් උබටත් තමුන්ගේ ඔම්මා වගේ එලියට බැහැලා යන්න පුලුවන් හැබැයි ආපහු මේ පැත්ත පලාතේ එන්න බැ කියලා උබ ඔක්කොම අතහැරලා යන්න ගිහින් ආපහු එකපාරට ආවේ මොකටද "

" මට අයිතිය දෙයක් වෙනුවෙන් "

කොල්ලා කිව්වේ සෝයූන් දිහා බලාගෙන යුංගිගේ ඒ වචන කිහිපය කෙල්ලගේ හිතට ගොඩක් තදින් වැදුනා එදා හිතේ තිබුණු දුක කේන්තියට කොල්ලාට කෑගහලා breakup වෙමු කියලා ආවාට ඒ වචන මතක් වෙද්දී සෝයූන්ට පපුව පිච්චිලා යනවා වගේ දැනුනේ ගෙවුණු ටික කාලය ඇතුලත යුංගිට ඇබ්බැහි වෙලා හිටියේ කිව්වොත් වැරදි නැ කෙල්ලට ඒ දේවල් හොදටම දැනුනේ යුංගි එක්ක එක වචනයක්වත් කතා නොකර අඩුම දකින්නෙවත් නැතුව ගෙවුණු සතිය තුල කිව්වොත් හරි

",එහෙනම් මිස්ටර් මින් ගිහින් එන්නම් "

යුංගි එහෙම කියලා ආපහු සෝයූන් දිහා බලලා යන්න ගියා කෙල්ල යටි තොලත් හපාගෙන ඇස් දෙකත් තද කරලා පියාගෙන ඇස් වලින් ගිලිහෙන්න හදන කදුලු බිදු නවත්තගන්න අසාර්ථක උත්සාහයක යෙදෙමින් හිටියේ

කෙල්ල අන්තිමේ දී තමන්ගේ අප්පා දිහා අසරණ විදියට බලනකොට දැක්කේ එයාගේ පැත්තට දැනටමත් හැරිලා තියෙන මිස්ටර් පාර්ක්ගේ ඇස් සෝයූන්ව තේරුම් ගත්ත මිස්ටර් පාර්ක් ඔලුව වැනුවේ කෙල්ලට යන්න කියලා ඉගි කරන ගමන් මිස්ටර් පාර්ක්ගෙන් ලැබුනු අවසරය එක්ක කෙල්ල එතැනින් නැගිටලා mansion එකෙන් එලියට දුවගෙන ගියේ විනාඩි කිහිපයකට හැමෝවම කම්ෆියුස් උන්ගා බුන්ගා කරලා

" සෝයූන් කොහෙද දුවන්නේ "

සේහා නැගිටලා කෑගහලා අහනවත් එක්කම මෙතෙක් වෙලා නිහඩව හිටපු මිස්ටර් පාර්ක් නැගිට්ටා

" සෝයූන් ගියේ එයා ආදරේ කරන කෙනා හොයාගෙන "

මිස්ටර් පාර්ක් කලිසමේ සාක්කුවට අත් දාගෙන ඉස්සරහ බලාගෙන කිව්වා

" මොන විකාර කතාවක් ද ඒ සෝයූන් ආදරේ කරන කෙනා මෙතන ඉන්නේ "

සේහා කේන්තියෙන් කිව්වා මිස්ටර් පාර්ක් කියපු දේ තේරුනු සේයොන් හිටියේ යුංගිව මරන්න තරම් කේන්තියෙන්

" තමුන් හැමදේම කරේ හිතුමතේට එහෙම එකේ සෝයූන් ගැන දැනගන්නේ කොහොමද මම කොහොමත් මේ මැරේජ් එකට විරුද්ධයි මගේ දුව එයාට ගැලපෙන හරිම කෙනාව තෝරගෙන තියෙන එක ගැන මට සතුටුයි අනික තමන්ගේ ඔම්මාගේ මිනිමරුවා ලගට දුවව එවන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි."

මිස්ටර් පාර්ක් අන්තිම ටික කියද්දී මිස්ටර් මින්ගේ ඇස් ගැස්සුනා මිසිස් මින් මොනාහරි කියන්න ගියත් මිස්ටර් මින් නැවැත්තුවා

" පොඩි අපි යමු.."

" හරි අප්පා "

ජීවූගේ අතකින් අල්ලගත්ත මිස්ටර් පාර්ක් ගියේ සේහා living room එකේ මින් පවුලේ අය එක්ක තනි කරලා

" I'm really sorry..සෝයූන් වගේම පාර්ක් හැසිරුනු විදිය ගැන සමාවෙන්න මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැ "

සේහා යටහත් පහත් ලෙස කිව්වා

" සොරි...! සොරි....! කිව්වාම ඔක්කොම හරි ද මිසිස් පාර්ක් සේහා මේ වගේ සෝයූන් මැරේජ් එක දවසේ පැනලා ගියොත් අපේ නම්බුව ගරුත්වයට මොකද වෙන්නේ කියලා තමුන් පොඩ්ඩක් හරි හිතුවාද එදාටත් තමුන් කියයි මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැ කියලා තමුන්ලාට නම්බුවක් නැති වුනාට අපිට එහෙම නෙවෙයි මගේ පුතාට තමුන්ගේ ඔය ගොඩේ කෙල්ලව ඕන නැ මගේ පුතා ඔය කෙල්ලට කැමතියි කිව්ව හින්දා මම හරි විදියට කතා කරන්න ආවේ ඒත් වැඩක් නැ තවත් කිසිම මැරේජ් එකක් වෙන්නේ නැ මිස් චෝයි මෙයාට එලියට යන පාර පෙන්නන්න මේ වගේ ලොකු mansion එකට ආපු පලවෙනි වතාව හින්දා පාර වැරදෙන්න පුලුවන් "

මිසිස් මින් කේන්තියෙන් කියවගෙන යද්දී සේහා මුකුත් නොකියා හිටියා සේහාට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැ සේහා කට වහගෙන ගියා

_______________________

සෝයූන් mansion එකෙන් එලියට දුවගෙන ආවේ එයාගේ නපුරු පූස් කුමාරයා හොයාගෙන garden එක පුරා ඇස් යවපු කෙල්ලට යුංගි තියා යුංගිගේ හෙවනැල්ලවත් දැක ගන්න පුලුවන් වුනේ නැ ඒ නිසා කෙල්ල ගේට් එක පැත්තට ගියේ යුංගි ඇති කියලා හිතාගෙන ඒත් කොල්ලා ගේට් එක හරියේවත් හිටියේ නැති නිසා සෝයූන්ගේ ඇස් වලට කදුලු පිරුනා කෙල්ලගේ හිත කිව්වේ දැන් එයා ගොඩක් පරක්කුයි කියලා

කෙල්ල ඉකි ගසමින් අඩන ගමන් බිම වාඩිවුනේ පපුවත් යාන්තමින් රිදෙන්න ගන්නකොට

" අනේ....එන්නකෝ..."

සෝයූන් හැඩුම් අතරින් මිමිනුවා කෙල්ල පපුවට අත තද කරගත්තා ඒත් එක්කම කවුරුහරි කෙල්ලට ලේන්සුවක් දික් කරාම සෝයූන් ඔලුව උස්සලා බැලුවා එතැන හිටියේ එයා මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටපු කෙනා

කෙල්ලව නැගිට්ටුව යුංගි අතට ලේන්සුව දුන්නා

" ඔය කදුලු පිහිදගෙන ඇතුලට යන්න "

කොල්ලා සෝයූන් දිහා නොබලාම කියලා යන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුනු කෙල්ලව යුංගිව තදින් බදාගත්තා කොල්ලාගේ ඉන වටේ අත් යවලා තද කලේ යුංගි එයාව දාලා යයි කියලා බයට යුංගි කෙල්ලව ආපහු බදාගන්න හ්දලා ආපහු අත මිටමොලවගෙන අහක බලාගත්තා

" අනේ...යන්න එපා...චේබල් එදා...එදා.. මට කේන්ති ගියපු නිසා මම කෑගැහුවේ......මම දන්නේ නැ මොනාද කිව්වේ කියලවත් මට.... මට.....ඔයාව ඕන අනේ...! කිටී.... මට මේ විදියට සලකන්න එපා....මම.. මම වැරදියි කියලා පිලිගන්නවා...මියානේ මියානේ..... මාව ඈත් කරන්න හදන්න එපා මට රිදෙනවා.... ගොඩක්....මට.... මට.."

" සෝයූන්...සෝයූන්..යාහ්හ්හ්..බේබි ශ්ශ්ශ් හිමින් හුස්ම ගන්න "

සෝයූන්ගේ හුස්ම ගන්න වේගේ වෙනසක් තේරුනු නිසා කොල්ලා සෝයූන්ගේ පිට අතගාන ගමන් කිව්වේ

" සෝයූන්.....මාව අතහරිනවා.."

කෙල්ලගේ අතකින් අල්ලගත්ත යුංගි කිව්වාම සෝයූන් බැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" තමුසෙට කන පැලෙන්න ගහන්න කලින් අතහරිනවා "

" ග්...ගැහුවත් අතහරින්නේ නැ "

සෝයූන් වෙව්ලන හඩකින් කිව්වාම යුංගි හුස්මක් පහත හෙලුවා

" තමුසේ හොද ලමයා වගේ මාව අතහරින්න මම කොහෙවත් යන්නේ නැ "

යුංගි සොෆ්ට් වොයිස් එකකින් කිව්වාම සෝයූන් අත් ලිහිල් කලා කොල්ලා සෝයූන් ඈත් කරලා කෙල්ලගේ කම්බුල් වල තිබුණු කදුලු පිසදැම්මා කෙල්ලව එක්කගෙන ගිහින් garden එකේ තිබුණු බෙන්ච් එකෙන් සෝයූන් වාඩි කරලා කොල්ලා සෝයූන් ලගින් වාඩිවුනා

" දැන් අඩන එක නවත්තනවා තමුසේ හුස්ම ගන්නෙත් අමාරුවෙන් "

කොල්ලා කිව්වාම සෝයූන් යුංගිගේ පපුව මතින් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා යුංගි කෙල්ලගේ පිට හිමින් අතගාන ගමන් සෝයූන්ගේ හිස් මුදුනට හාදුවක් තවරලා ඉස්සරහට බලනකොට දැක්කේ එයාලා දිහාට හැරිලා කේන්තියෙන් රතු වුනු ඇස් දෙකක් කොල්ලා සෝයූන්ව උස්සලා උකුලට ගත්තේ ඒ කෙනාට පේන්න එක්කම කෙල්ලත් යුංගිගේ බෙල්ලේ අස්සේ මූන හංගගෙන යුංගිට තුරුල් වුනා

මෙතෙක් වෙලා යුංගි සෝයූන් දෙන්නා දිහාට හැරිලා තිබුණු ඇස් වල අයිතිකාරයා වෙන කවුරුවත් නෙවෙයි සේයොන් සේහා යනවත් එක්කම රූම් එකට ආපු සේයොන් මුලු රූම් එකේම තිබුණු බඩු පොලොවේ ගැහුවේ කේන්තියෙන් ටික ටික කේන්තිය නිවීගෙන යනකොට සේයොන් බැල්කනියට ගියා garden එකේ තුරුල් වෙලා ඉන්න කපල් එක දැක්කාම අලු යට සැගවුනු ගින්දර සේයොන්ගේ කේන්තිය ඉස්මතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ මොකද සේයොන් හොදටම දන්න දෙයක් තමයි කෙල්ල යුංගි එක්ක ඉන්නවා වගේ කවදාවත් තමන් එක්ක ඉන්නේ නැ කියලා අත මිට මොලවලා බැල්කනියේ බැම්මට ගැහුව සේයොන් ගියා

" දැන් තමුසෙට හොදයි ද...?"

ටික ටික කෙල්ලගේ හුස්ම ගන්න වේගය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට කොල්ලා ඇහුවා සෝයූන් කොල්ලාගේ ශර්ට් එකේ කොනක් තදින් අල්ලගත්තේ හරියට යුංගි එයාව දාලා යයි වගේ

" මාව දාලා යන්න එපා "

සෝයූන් හිමින් මුමුනනකොට යුංගිට පොඩි හිනාවක් ගියා

" තමුසේ මගේ උකුලේ ඉන්නකොට මම යන්නේ කොහොමද "

කොල්ලා සෝයූන්ගේ දිහා බලාගෙන අහනකොට කෙල්ල කොල්ලා දිහා බැලුවා සෝයූන්ගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවලා සෝයූන්ගේ කම්බුලක් පිරිමැද්දා

" තමුසේ මාව අතහැරියාට මම කවදාවත් තමුසෙව අතහරින්නේ නැ හැමදාම තමුසෙගේ පස්සෙන් හෙවනැල්ලක් වගේ ඉන්නවා "

යුංගි කෙල්ලගේ ඇස් දිහා බලාගෙන කිව්වා යුංගිගේ වචන සෝයූන්ගේ හිතට වරදකාරී හැගීමක් එකතු කලා සෝයූන් කොල්ලාට බැනලා අතහැරලා ආවාට යුංගි කවදාවත් සෝයූන් අතහැරියේ නැ ඒ නිසා ආපහු කවදාවත් අඩියක්වත් තියන්නේ නැ කියලා හිතාගෙන mansion එකෙන් බැහැලා ගිය යුංගි ආපහු ඒ mansion එකට ආවේ සෝයූන් නිසා

" අපි මේ හැමදේම අමතක කරලා මුල ඉදන් පටන් ගමු.. අපි අතරේ පුංචිම හෝ රහසක් තියෙන්න බැ මගේ ඕනම දෙයක් ඔයාට කියන්න පුලුවන් වගේම කිටීගේ ඕන දෙයක් මට කියන්න "

සෝයූන් හුරතල් විදියට ඇස් බෝල කරගෙන අත දෙක විසි කරන ගමන් කිව්වා එයාට කොච්චර නම් මේ හුරතලේ මිස් වුනා ද කියලා

" ඒවා කොහොමද ඕයි අමතක කරන්නේ තමුසෙට මතක ද දවසක් මහ රෑ කොහෙද රස්තියාදු ගහලා එනකොට මැරයො ටිකකට සෙට් වෙලා තමුසේ කිව්ව ජාත්‍යන්තර බොරුව "

යුංගි අහනකොට කෙල්ල කල්පනා කලේ මොකද්ද කියලා

" මම මතක් කරලා දෙන්න ද....? තමුසෙට දරුවෝ හත් දෙනෙක් ඉන්නවා කිව්වා එතකොට තමුසෙගේ මිනිහා එහා ගෙදර පූසා එක්ක පැනලා ගිහින් කිව්වා තව තව...."

",අනියෝ ඇති ඇති ඒ වෙලාවේ කටට ආපු දේ කිව්වේ එහෙනම් කිව්වේ නැත්නම් තවුසේ මාව මරනවා නේ "

සෝයූන් රවාගෙන කිව්වාම කොල්ලා පොඩි හිනාවක් එක්ක කෙල්ලගේ මූනට එබුනා යුංගිගේ උනුසුම් සුසුම් මූනේ වදිනකොට සෝයූන්ගේ ඇස් පියවුනා කෙල්ලගේ යටි තොල යුංගි මහපටගිල්ලෙන් පිරිමදිනකොට සෝයූන් කොල්ලාගේ ශර්ට් එකේ කොනක් තදින් අල්ලගත්තා

යුංගි කෙල්ලගේ රෝස තොල් තමන්ගේ තොල් වලින් අල්ලගත්තා සතියකට පසු ලැබුනු ආදරනීය ස්පර්ශය සෝයූන් ආසාවෙන් වැලදගත්තා කෙල්ලගේ එක අතක් යුංගිගේ කොන්ඩේ අතරේ රැදුනා යුංගි සෝයූන්ගේ ඉන වටේ අතක් යවලා කෙල්ලව ඇගට තද කරගත්තා සෝයූන්ගේ ඉනේ රැදුනු යුංගිගේ අතින් කෙල්ලගේ ඉන මිරිකන්න ගත්තා දෙන්නාට ඉන්නේ කොහෙද කියලවත් මතකයක් තිබුණේ නැ

" ම්හ් ම්හ්..."

කවුරුහරි උගුර පාදනවා ඇහෙනකොට සෝයූන් යුංගි දෙන්නා ගැස්සිලා ගිහින් ඈත් වුනා ඉන්න කෙනා දැක්කාට පස්සේ සෝයූන්ට උතුර දකුන මාරු වුනා කෙල්ල තාමත් යුංගිගේ උකුලේ වාඩිවෙලා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා

" යසයි යසයි මේ කෙල්ල අප්පා ඉස්සරහ හැසිරෙන විදිය "

සෝයූන් හොයාගෙන garden එකට ආපු මිස්ටර් පාර්ක්ටයි ජීවූටයි දකින්න ලැබුනේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනු දර්ශනයක් ජීවූ කටත් ඇරගෙන බලාගෙන හිටියේ තමන්ගේ එකම ඔන්නි පොදු ස්ථානයක කොල්ලෙක්ගේ ඔඩොක්කුවේ වාඩිවෙලා කිස් කරනවා ජීවූ කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා දැක්ක මිස්ටර් පාර්ක් කෙල්ලගේ ඔලුවට පොඩි තට්ටුවක් දැක්කාම ජීවූ අහිංසක හිනාවක් දාලා අහක බලාගත්තා

" අ...ප්..පා.."

කෙල්ල පුදුමෙන් මිමිනුවා

" අප්පා තමයි දැන්වත් ඔය කොල්ලාගේ ඔඩොක්කුවෙන් බහින්න අදහසක් නැද්ද..?"

මිස්ටර් පාර්ක් එහෙම කියනකොට තමයි කෙල්ලට මතක් වුනේ තාම ඉන්නේ යුංගිගේ ඔඩොක්කුවේ කියලා කෙල්ල අකුනක් වැදුනා වගේ එකපාරට නැගිට්ටා යුංගි නැගිටලා මිස්ටර් පාර්ක් දිහා මෙලෝ ගානක් නැතුව බලාගෙන හිටියේ එයා නෙවෙයි වෙන කවුරුහරි කිස් කලා වගේ එතකොට සෝයූන්ගේ පැත්තෙන් ගත්තොත් කෙල්ල නම් හිටියේ පොලොව හාරගෙන ගිහින් වැලලෙන්න හිතෙන සයිස් එකක

" මේ පූසෙක් වගේ ඉන්න කොල්ලා ද ඔයාගේ එයා ම්ම්ම්..?"

මිස්ටර් පාර්ක් යුංගි දිහා බලාගෙන අහනකොට කොල්ලා ඇස් හීනි කලේ එයාට පූසෙක් වගේ කිව්ව හින්දා කොල්ලා කවුරුවත් එයාට පූසා කියනවාට කැමති නැ හැබැයි සෝයූන් ඇරෙන්න

" යාහ්හ්හ්හ්...අප්පා "

" සද්දේ හැටියට කියන්න පුලුවන් මේ කොල්ලා තමයි මගේ සෝයූ බබාගේ එයා.."

මිස්ටර් පාර්ක් හිනාවක් එක්ක කිව්වා සෝයූන් ඇස් කොනින් යුංගි දිහාත් බලනවා මිස්ටර් පාර්ක් දිහාත් බලනවා

" මම මේ සම්බන්ධයට විරුද්ධත්වයක් නැ මේ මගේ පන පුතා පුංචි කාලේ ඉදලා මම හැමතිස්සේම එයාගේ පස්සෙන් හිටියා එයාව තනිකරන්න එපා පුතා එයා මගෙන් ලැබුනු ආරක්ෂාව ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා එයාව පරිස්සමින් බලාගන්න පුතා.."

සෝයූන්ව තුරුල් කරගත්ත මිස්ටර් පාර්ක් යුංගිට කිව්වා අවුරුදු 21 ක් පුරාවට මලක් වගේ පරිස්සම් කරලා ආදරෙන් රැක බලාගෙන උස් මහත් කරපු කෙල්ලව දවසක වෙන කෙනෙක්ට භාර දෙන්න වෙනවා අප්පා කෙනෙක්ට දුවෙක් කියන්නේ වෙන වත්තක හිටවපු මල් පැලයක් වගේ මල් පැලය පුංචි කාලේ ඉදලා පොහොර වතුර සතුන්ගෙන් ආරක්ෂා කරලා කොච්චර හැදුවත් ඒ මල් පැලය අයිති ඒ වත්තේ අයිතිකාරයාට ඉතින් අප්පා කෙනෙක් මලක් වගේ පරිස්සම් කරලා හදපු දුවව දවසක වෙන කෙනෙක්ගේ වෙනවා

" බය වෙන්න එපා අන්කල් එයා ඉස්සරහට තියන හැම අඩියක් පිටිපස්සේම මම සෝයූන්ට හයියක් වෙනවා වැටෙන්න හදන හැම මොහොතකදීම එයාව වැටෙන්න නොදී අල්ලගන්නවා "

කොල්ලා මිස්ටර් පාර්ක් තුරුලට වෙලා එයා දිහා හිනා වෙවී බලාගෙන ඉන්න සෝයූන් දිහා බලාගෙන කිව්වා කොල්ලා කියපු හැම වචනයක්ම කිව්වේ හදවතින්ම අවංකවම කියන්න මිස්ටර් පාර්ක්ට තේරුනා

" මම පුතාව විශ්වාස කරනවා මගේ විශ්වාසය කඩ කරන්න එපා "

මිස්ටර් පාර්ක් කිව්වා

" මම දැන් යන්න ඕන පුතා පොඩි ගෙදරට දාගෙන NIS එකට යන්න ඕන මෙයා නම් දැන් එන්නේ නැ ගිය සතියෙම හිටියේ නයා මැරුනු අහිකුන්ඨකයා වගේ "

මිස්ටර් පාර්ක් හිනා වෙවී කියනකොට යුංගිටත් හිනා ගියා

" යාහ්හ්හ් අප්පා මම එහෙම හිටියේ නැ "

" එහෙම කිව්වේ කොහොමද "

මිස්ටර් පාර්ක් දිහා ඇස් හීනි කරලා බලලා සෝයූන් අහක බලාගත්තේ මිස්ටර් පාර්ක්ගේ හිනාව වැඩි කරලා

" අනේ මගේ කොච්චි කරල ඔච්චර කේන්ති ගන්න එපා ම්ම්ම් අප්පා යන්නම් හරි ද පරිස්සමින් යන තැනක ගිහින් රෑ වෙන්න කලින් ගෙදර එන්න "

මිස්ටර් පාර්ක් එහෙම කියලා කෙල්ලගේ නලලට කිස් එකක් දුන්නා

" පරිස්සමින් යන්න අප්පා "

" අපි යන්නම් පුතා පොඩ්ඩක් පරිස්සමින් පුතා හිටපු ගමන් මේ කෙල්ලගේ ට්‍රැක් අවුට් යනවා.."

" යාහ්හ්හ්හ්හ් "

" හරි අන්කල්.."

යුංගි හිනා වෙවී කිව්වාම මිස්ටර් පාර්ක් ගියා

" මේ හලෝ තමුසෙගේ kissing නම් අන්තිම සවුත්තුයි යුංගි ඔප්පා මේකිට කිස් කරන්න උගන්නන්න "

ජීවූ එහෙම කියලා යන්න ගියේ සෝයූන් කටත් ඇරගෙන බලාගෙන ඉන්නකොට

" ඕයි පොඩි පගයා තවුසේ කොහොමද එහෙම කියන්නේ ආ ෆක්...."

සෝයූන් කෑගහලා කියලා ඉවර වෙනවත් එක්කම කන රත් වෙනවා වගේ දැනෙනකොට තමයි සිහිපත් වුනේ කියපුවා ඔක්කොම යුංගිට ඇහිලා තමයි කියලා

" ආව්...ආව් කිටී රිදෙනවා "

" තමුසේ ආපහු ඔහොම කතා කරලා ඇහුනොත් තමුසෙගේ කන ගලවලා අත දෙනවා දැනගනින් අදට නිකන් කනෙන් ඇල්ලුවා විතරයි "

" රිදෙනවා කිටියෝ...ආව්...."

කෙල්ල යුංගිගේ අතින් කන බේරගන්න උත්සාහ කරන ගමන් කිව්වා ඒත් තාමත් කෙල්ල තමන්ට අහන්න ඕන දේ ගැන කිව්වේ නැති නිසා යුංගි කෙල්ලගේ කන අතහැරියේ නැ

"ආපහු කියන්නේ නැ හරි නේ දැන් අතහරින්නකෝ "

ආන් එතකොට තමයි කොල්ලා සෝයූන්ගේ කන අතහැරියේ

",තමුසේ ආපහු මට ඇහෙන්න ඔහොම කතා කරලා තිබුනොත් තමුසෙගේ කට කඩනවා "

යුංගි කියද්දී කෙල්ල තොල් පිට පෙරලගෙන අහක බලාගත්තා

" එනවා දැන් යන්න "

යුංගි සෝයූන්ගේ අතකින් අල්ලාගෙන mansion එකෙන් එලියට ගියා කෙල්ල නම් හිටියේ හිත හොදකින් නෙවෙයි නිසා යුංගි සෝයූන් එක්කගෙන නම්සන් වලට ගියා නම්සන් ටවර් එක දකිනකොට කෙල්ලගේ මූනට නැගුණේ ලස්සන අහිංසක හිනාවක්

දවසෙම සෝල් ටවුන් එක වටේ ඇවිදපු දෙන්නා ටික ටික අදුර වැටෙනකොට ගෙදර යන්න තීරණය කලා හැබැයි ඒ යුංගිගේ තනි කැමැත්තට සෝයූන් කැමති වුනේ නැ යන්න මොකද කෙල්ලට තව ටික වෙලාවක් කොල්ලා එක්ක ඉන්න ඕන වුනා

" ආපහු දවසක තමුසෙව ඩේට් එකට එක්කගෙන යන්නම් දැන් රෑ වෙලා නේ හොද දරුවා වගේ ගෙදර යන්න "

සෝයූන්ගේ ගෙදර ඉස්සරහ කා එක නවත්තපු යුංගි තරහෙන් මූනත් පුම්බගෙන ඉන්න කෙල්ලට කිව්වා

" promise...?"

කෙල්ල සුලගිල්ල දික් කරලා පොඩි බබෙක් වගේ අහනකොට යුංගි කෙල්ලගේ සුලගිල්ලේ එයාගේ සුලගිල්ල පටලවාගත්තා

" promise...මට හතර වටේ ගෑනු නැ ඕයි යන ඩේට් එකට යන්නේ තමුසේ එක්ක තමයි "
යුංගි එහෙම කිව්වාම කෙල්ල යුංගිට රැව්වා

" තමුසෙගේ රැවිලි වෙන කෙනෙක්ට දාගන්නවා මම බය නැ "

" මම යනවා.."

සෝයූන් එහෙම කියලා කා එකෙන් බහින්න හැදුවත් කොල්ලා කෙල්ලගේ අතකින් අල්ලාගෙන නැවැත්තුවා

" මොකද "

කෙල්ලට උත්තරයක් නොදුන්නු යුංගි කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දුන්නා සෝයූන් ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන හිටියේ හිතන්නෙවත් නැති වෙලාවට යුංගිගෙන් ලැබෙන උනුසුම් හාදු වලට කෙල්ල ගොඩක් ආස කලා

" ගුඩ් නයිට් "

යුංගිගේ කම්බුල් වලට අත් තියපු කෙල්ල පොඩ්ඩක් ඉස්සිලා යුංගිගේ නලලට කිස් එකක් දුන්නේ කොල්ලාගේ ඇස් ඒ සොෆ්ට් ලිප්ස් වල ස්පර්ශයට පියවෙද්දී

" පරිස්සමින් යන්න කිටී...ගිහින් මට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා හරි ද ගුඩ් නයිට් අලාවියෝ "

කොල්ලාගේ කම්බුල් චප්ප වෙන්න තද කරලා කියනකොට යුංගිගේ මූන වාහනේකට අහුවුනු ටින් එකක් වගේ වුනා සෝයූන් කොල්ලාගේ කම්බුල් අතහැරලා කා එකෙන් බැහැලා ගේ ඇතුලට දුවගෙන ගියේ කොල්ලා හිනා වෙවී බලාගෙන ඉන්නකොට

ගෙට ඇතුල් වුනු සෝයූන් පොඩි ඩාන්ස් පාරක් දාගෙන සිංදුව මුමුනන ගමන් living room එකට enter වුනේ හිතේ තිබුණු සතුටට කෙල්ල සතියකට පස්සේ හරි සැහැල්ලුවෙන් ඉන්නවා

" සෝයූන්......"

එකපාරට සේහාගේ කේන්තිය පිරුණු කටහඬ ඇහෙනකොට කෙල්ල එකතැන නැවතුනේ අද නම් ඉවරයි කියලා හිතන ගමන්

" කොහෙවත් ඉන්න කොල්ලෙක් අල්ලාගෙන නටන්න ඕන නාඩගම් ඔක්කොම නටලා ඉවර වෙලා ගෙදර එන වෙලාව ද මේ තමුන් මෙහෙම ද හැදෙන්නේ නැ "

සේහා කෙල්ලගේ ඇගට කඩාගෙන පනිද්දී සෝයූන්ට කේන්ති ගියේ යුංගිට කොහෙවත් ඉන්න කොල්ලා කියලා කතා කරද්දී

" යුංගිට එහෙම කතා කරන්න අයිතියක් ඔම්මාට නැ එයා තමයි මිස්ටර් මින්ගේ ඇත්තම පුතා නැතුව ඔම්මා ඔලුව උඩ තියාගෙන පූජා පවත්වන සේයොන් නෙවෙයි "

කෙල්ල කේන්තියට කියලා දැම්මාම සේහාගේ කේන්තිය තවත් වැඩි වුනා දවල් වුනු දේවල් එක්ක සේහා හිටියේ ලොකු කේන්තියකින්

" කොහොම වුනත් ඒකා පවුලෙන් පන්නපු එකෙක් කියලා අමතක කරන්න එපා සෝයූන් ඒ වගේ ලොකු හොද පවුලකට ගැලපෙන්නේ නැති හින්දා යුංගිව පවුලෙන් අයින් කරන්න ඇති දැක්කේ නැද්ද අර වෙලාවේ කිසි ගානක් නැතුව කඩාගෙන බිදගෙන ආපු හැටි.."

",ඔම්මා ඇති හොදටම ඇති එයාට විරුද්ධව එක වචනයක්වත් කියන්න එපා "

" මොකද සද්දේ ආ තමුසෙට රිදෙනවා ඒ අනාථ හිගන කොල්ලා ගැන කියනකොට කොහෙද පාරක ඉන්නකොට උස්සගෙන ඇවිත් අනුකම්පාවට මිස්ටර් කිම් හදාගත්තු එකෙක් ඌ තමුසෙත් ඒ වගේ පිස්සියක් වගේ අර මිනිස්සු ඉස්සරහ අරුගේ පස්සෙන් දුවගෙන යනකොට තමුසෙට හිතුනේ නැද්ද තමුසේ මැරි කරන්න ඉන්න කෙල්ලෙක් කියලා ආ අපිට කොච්චර ලොකු ලැජ්ජාවක් සිද්ධ වුනේ කියලා දන්නවා ද අර නාරා කියන ගෑනි මාව තුට්ටු දෙකට දාලා කතා කලා ඒ හැමදේම තමුන් හින්දා කොහොමත් තමන්ගේ ඔම්මාව මරාගෙන ඉපදුනු කාලකන්නි කෙල්ලෙක් නේ "

සේහා කියපු අන්තිම වචන කිහිපය කෙල්ලගේ හිතට ගොඩක් වැදුනා ඒත් ඒ දේවල් වල තේරුම මොකද්ද කියන්න සෝයූන් දන්නේ නැ

" සේහා දැන් මේක හොදටම ඇති.."

සේහා කෑගහන සද්දය ඇහුනු ඉමෝ ඉක්මනට ලිවින් රූම් එකට ආවේ මොකද වෙන්නේ කියලා බලන්න

" නැ දැන් හොදටම ඇති කවදා වෙනකම් මම මේකිගේ ඔම්මා වගේ රගපාන්න ද මේකි දැනගන්න ඕන ඇත්ත "

" මො..ක..ද්ද..?"

සෝයූන් කදුලු පුරවගෙන සේහා දිහාත් ඉමෝ දිහාත් සැරින් සැරේ බලන ගමන් කෙල්ලට මේ කියන දේවල් ව්ල අගක් මුලක් තේරෙන්නේ නැ කෙල්ලගේ කටහඬ දැනටත් වෙව්ලනවා

" පලවෙනි දේ මම තමුන්ගේ ඔම්මා නෙවෙයි මම තමුන්ගේ stepmother "

සේහා කිසි හිතක් පපුවක් නැති ගානට කියලා දැම්මාම සෝයූන් අඩියක් පිටිපස්සට තිබ්බේ සේහාගේ වචන කෙල්ලට හීනෙන් වගේ ඇහෙද්දී ඉමෝ ඇස් පියාගත්තා අවුරුදු 21 පුරාවට එයාලා සෝයුන්ගෙන් හංගපු ලොකුම රහස දැන් එලි වෙන්න යන්නේ

" තමුන්ගේ ඔම්මා තමුන්ව ඉපදෙන්න ගිහින් මැරුනේ තමුන් ඔම්මාව මරාගෙන ඉපදුනු කාලකන්නි කෙල්ලෙක් තමුන්ට ඔම්මා කෙනෙක් ඕන හින්දා තමයි පාර්ක් මාව මැරි කරේ නැතුව වෙන හේතුවකට නෙවෙයි තමුන් හින්දා මිස්ටර් පාර්ක් අදටත් දුක් වෙනවා එයාගේ කලින් වයිෆ් මතක් කරලා "

සෝයූන්ගේ පපුවට ඒ වචන පිහියෙන් අනිනවා වගේ දැනුනේ කෙල්ලට ඒ වචන බර වැඩියි කෙල්ලට මහ කලකිරිමක් තමන් ගැනම ඇති වුනේ එයාට දුකයි කෙල්ල අසරණ විදියට තමන්ගේ ඉමෝ දිහා බැලුවා ඉමෝ කදුලු පුරවගෙන කෙල්ල දිහා බලාගෙන හිටියේ ඒ හැමදේම ඇත්තයි කියන්න වගේ

" තමුන් නිසා පාර්ක් එයා කරපු ජොබ් එකෙන් අයින් වෙලා තමුන්ව ජීවත් කරවන්න පොඩි පොඩි ජොබ් කලා තමුන් හින්දා ඒ මනුස්සයා ගෙදරක් පවා විකුනුවා තමුන්ට පුංචි හරි අඩුපාඩුවක් නැතුව හදන්න ඕන වුනේ හොදට සැපට ජීවත් වුනු මනුස්සයෙක් තමුසේ වගේ කාලකන්නි කෙල්ලෙක් හින්දා පාරට ඇදගෙන වැටුනා ඔම්මා වගේ තමුසෙත් මැරිලා ගියා නම් ඉවරයි "

",සේහා තමුන් මොනාද කියන්නේ ආ.."

මොන දේ වුනත් සෝයූන් තේරෙන වයසේ ඉදන් ඔම්මා කියලා කතා කලේ සේහාට එහෙම ඔම්මාම තමුසේ මැරිලා ගියා නම් ඉවරයි කිව්වාම කෙල්ලට දැනුනේ කියාගන්න බැරී තරම් වේදනාවක් සෝයූන්ගේ පපුවේ රිදිල්ල එන්න එන්න වැඩි වෙනකොට කෙල්ල පපුව තදින් අල්ලාගෙන පහත් වුනේ පපුවෙන් දැනෙන වේදනාවට මුලු ඇගම පන නැති වෙලා යනවා වගේ දැනෙනකොට වටේ කලුවර වෙලා යනවා වගේ දැනෙනකොට සෝයූන් සිහිය නැතුව කාගෙදෝ අත් දෙකත් මතට කඩාගෙන වැටුනේ හැමෝම බය කරලා

" යාහ්හ්හ්හ්....සෝයූන්....බේබි...ඇස් අරින්න.."

ඒ වෙන කවුරුවත් නෙවෙයි යුංගි කොල්ලාගේ කා එකේ සෝයූන් ෆෝන් එක දාලා ගිහින් තිබුණු හින්දා කොල්ලා ඒක දීලා යන්න ආවේ දොරත් භාගෙට ඇරලා තිබුණු නිසා ඇතුලට ගියපු කොල්ලා දැක්කේ සෝයූන්ට බනින සේහාව වගේම හිටගෙන ඉන්නවත් පනක් නැතුව ඉන්න එයාගේ දග මල්ල කෙල්ල වැටෙන්න යන්නේ කියලා තේරුනු යුංගි ඉක්මනට කෙල්ලව බිම වැටෙන්න නොදී අල්ලගත්තා

" එයා හුස්ම ගන්නේ අමාරුවෙන් "

කෙල්ලව තුරුල් කරගෙන හිටපු යුංගි ඉමෝ දිහා බලාගෙන කිව්වා

" පුතා පුතා ඉක්මනට හොස්පිටල් එකට එක්කගෙන යන්න පුලුවන් තරම් ඉක්මනට යේජි යේජි ඔයත් හොස්පිටල් එකට යන්න මම මල්ලිට කියන්නම් අනේ මගේ අහිංසකි.."

ඉමෝ කලබලයෙන් කියනකොට යුංගි සෝයූන් අරගෙන යනකොට යුංගි දිහා පුදුමෙන් බලාගෙන හිටපු යේජි නොහොත් සෝයූන්ගේ ආදරනීය අජුම්මා දුවගෙන ගියා

" තමුන් කරේ එච්චර හොද දෙයක් නෙවෙයි සේහා සෝයූන්ට මොනාහරි වුනොත් තමුන් ජීවත් වෙන අන්තිම දවස ඒක වෙන්න පුලුවන් "

යන්න ගියපු ඉමෝ සේහා දිහා කේන්තියෙන් බලලා යන්න ගියා

To be continue.................♡︎

ජීවිතේ සමහර තැන් අසාධාරණයි තමයි ඒත් මොනා කරන්න ද ඒ තැන් වලදී දරාගත යුතුමයි 🙂💔

අයින් වෙන්න...!අයින් වෙන්න...! යුංගිගේ ප්‍රථමාධාර

කාලක් ගහමුත Cudu Nona...?😏

වෙසක් එකෙන් පස්සේ ආපහු අප්ඩේට් දෙන්නේ

Bạn đang đọc truyện trên: AzTruyen.Top