匚卄卂卩ㄒ乇尺 24🐾

" එදා මම ගෙදරින් එලියට බැස්සේ යන්නේ කොහෙද කියලවත් හරිහැටි අදහසක් නැතුව මට ඔම්මාව හොයාගන්න ඕන වුනා ඔම්මාගේ ෆොටෝ එකක් අරගෙන පාරක් පාරක් ගානේ දකින දකින කෙනාගෙන් ඔම්මාගේ ෆොටෝ එක පෙන්නලා ඔම්මා දැක්කා ද කියලා ඇහුවාම මට හැමෝගෙන්ම හම්බුනේ එකම උත්තරේ ඔම්මාව කවුරුවත් දැකලා තිබුණේ නැ මම ඇඩුවා කෑගහලා ඇඩුවා ඉස්සර යුංගි මේ වගේ තද ගතිගුණ තිබුණු කෙනෙක් නෙවෙයි එයා අහිංසකයි එක වේලක්වත් කන්න නොලැබුණු දවස් තිබුනා සීතලේ බස් හෝල්ට් එකක නිදාගන්න වුනු අවස්ථා තිබුනා ඔම්මා ගැන මතක් කරලා මම කොච්චර ඇඩුවා ද කියන්න මම දන්නේ නැ

ටික දවසකින් පොඩි restaurant එකක ජොබ් එකක් හම්බුනා මම ඒකේ වැඩ කලා එතැනින් මට කන්න බොන්න ඉන්න තැනක් හම්බුනා දවසක් ඒ restaurant එකට කිම් අප්පා ආවා ඒ හමුවීම මගේ ජීවිතේ වෙනස් කරයි කියලා මම හිතුවේ නැ කිම් අප්පා මට හරි ආදරෙන් කතා කලා මගේ අප්පාවත් එච්චර ආදරෙන් කතා කරලා නැ නිතර නිතර කිම් අප්පා restaurant එකට යන්න එන්න ගත්තා දවසක් කිම් අප්පා ඔම්මාවත් එක්කගෙන ආවා කිම් ඔම්මා ලෝභ නැතුව පැටියෝ ඔයාට කොහොමද කියලා ඇහුවා මට අදටත් මතකයි මම කිම් ඔම්මා බදාගෙන ඇඩුවා අන්තිමේ දී ඔම්මා ඇහුවා එයත් එක්ක එයාලගේ ගෙදර යන්න එනවා ද කියලා ඒ ඇස් වල ලොකු බලාපොරොත්තුවක් තිබුනා කාලෙකින් ලැබුනු ආදරය නැති කරගන්න කිම් ඔම්මාගේ අප්පාගේ බලාපොරොත්තු නැති කරන්න මට ඕන වුනේ නැ ඒ නිසා මම එයාලා එක්ක Kim mansion එකට ආවා එතකොට යුන්විට අවුරුදු දෙකක් වගේ ජින් හියුන්ග් හරි ලස්සනට හිනා වෙලා මාව පිලිගත්තා නම්ජූන් ටේහ්‍යුන් දෙන්නා එයාලට තව හියුන්ග් කෙනෙක් හම්බුනා කියලා සතුටු වුනා අපි හැමෝගෙම දග මල්ල වුනු යුන්වි මට ගොඩක් ලං වුනා එයාලා මට පොඩි හෝ වෙනසක් කලේ නැ ඉතින් ඔය විදියට මට ලස්සන ආදරනීය පවුලක් හම්බුනා දැන් මොකද තමුසේ කදුලු පුරවගෙන "

යුංගි කෙල්ල දිහා බලාගෙන ඇහුවාම සෝයූන් මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" ඒ හැමදේම වෙලා ඉවරයි ඕයි තමුසේ පොඩ්ඩ ඇත්නම් ටැප් එක ඇරගන්නවා "

සෝයූන්ගේ නලලට තට්ටුවක් දාලා පොඩි හිනාවක් එක්ක කිව්වා

" මට දුක හිතුනා ඉතින් "

කෙල්ල සිහින් හඩකින් බිම බලාගෙන කියනකොට යුංගි කෙල්ලගේ කර වටේ අතක් යවලා සෝයූන්ව ලගට ගත්තා

" අඩන්න එපා ඕයි තමුසෙගේ ඔරං ඔටං මූන තවත් කැත වෙයි.."

සෝයූන්ගේ මූනට එබුනු යුංගි එහෙම කිව්වාම කෙල්ල යුංගිව තල්ලු කලේ මෙතෙක් වෙලා සෑඩ් මූඩ් එකේ හිටපු කෙල්ලගේ දුක වාෂ්ප වෙලා යද්දී

" ඔච්චර කැත නම් මොන කෙසෙල් ඇවරියක් කරන්න ද දන්නේ නැ මාත් එක්ක යාලු වුනේ "

සෝයූන් කේන්තියෙන් කියනකොට කොල්ලාට පොඩි හිනාවක් ගියා

" තමුසේ එක්ක කවුද යාලු වෙලා හිටියේ "

යුංගි කෙල්ලව අවුස්සන්න එක්ක කිව්වා ඊලග තත්පරේ සෝයූන් අතමිට මොලවලා කොල්ලාට ගහන්න පටන් ගත්තා

" තවුසේ තවුසේ...මෝඩ තඩි පූසා සෝමාලියන් කැස්වටුවා ඊජිප්තු පුල්ලි දෙකේ සුදු පාට හොල්මනක් වගේ ඉදගෙන අහිංසක මට අපහාස කරනවා මාව ඔරං ඔටං කෙනෙක් වගේ කිව්වා නේ ගිහින් ලස්සන සුරූපී සුරංගනාවියක් හොයාගන්නවා ඔරං ඔටං කෙනෙක් වගේ කෙල්ලෙක් එක්ක ඉන්නේ "

සෝයූන් කොල්ලාව තල්ලු කරලා කේන්තියෙන් ගස්සගෙන යන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුනු යුංගි කෙල්ලගේ අතින් ඇදලා ගත්ත පාර සෝයූන් කොල්ලාගේ උකුලේ ඉන්දුනා යුංගි කෙල්ලගේ ඉන වටේ අත් යවලා එයාගේ ඇගට තද කරගත්තේ සෝයූන් දගලලා යයි කියලා

" තමුසේ ජංගම පරමාණු බෝම්බයක් නේ ඕයි තට්ටුවක් දාපු ගමන් පිපිරෙනවා "

යුංගි කෙල්ලගේ කම්බුලට තට්ටුවක් දාලා කිව්වාම සෝයූන් කේන්ති ගියපු අස්පයෙක් වගේ පිම්බා

" මොකද තමුසේ ආ....ඔය රැවිලි ගෙරවිලි මට දාගෙන එනවා කට අනිත් පැත්තට යන්න ගහනවා "

සෝයූන්ගේ කට දෙපැත්තෙන් අල්ලගත්ත කොල්ලා එහෙම කිව්වාම කෙල්ල යුංගිගේ අත ගසලා දාලා අහක බලාගත්තා

" කොයිවෙලෙත් බනින එකමයි වැඩේ "

කෙල්ල අහක බලාගෙන මුමුනනකොට යුංගි හිනාවක් එක්ක බලාගෙන හිටියා සෝයූන් එක්ක ඉන්නකොට කොල්ලාගේ හිතට සැනසීමක් සතුටක් දැනුනා ඒත් දැන් යුංගිගේ සතුට වීදුරුවක් වගේ කොයිවෙලේ කෑලි වලට කුඩු වෙලා විසිරිලා යයි ද කියන්න කොල්ලා දන්නේ නැ

" සෝයූන්....."

කොල්ලා එකපාරට කතා කලාම සෝයූන් යුංගි දිහා බැලුවේ ඇයි කියලා අහන ගමන්

" තමුසේ සුගාව දන්නවා ද..?"

",Sugar daddy..."

" අයිෂ්.....සීනි අප්පොච්චියෙක් ගැන නෙවෙයි ඕයි මම ඇහුවේ mafia leader කෙනෙක් ගැන "

යුංගි එහෙම කිව්වාම කෙල්ල කල්පනා කලේ එකපාරට මොකද යුංගි mafia leader කෙනෙක් ගැන කියවන්නේ කියලා

" වේ වේ sugar daddy කියන මාෆියාකාරයා කිටීට මොනාහරි කිව්වා ද තර්ජනය කලා ද ආ සන් සින් සුන් වෙන්න දෙන්නේ දන්නේ නැ මගේ හැටි "

සෝයූන් අත පය එහෙට මෙහෙට විසි කරමින් කියද්දී යුංගිට දැනුනේ එයා නර්සරි බබෙක් උකුලේ වාඩි කරගෙන ඉන්නවා වගේ ෆීලින් එකක්

" ඉස්සර වෙලා කියන දේ අහලා හිටපන් බන් "

" හරි කියන්න "

" සුගා ගැන තමුසේ නොදන්නවා වුනාට තමුසෙගේ අප්පා දන්නවා සුගාගේ මූන කවුරුවත් දැකලා නැ ලී ශින් හේගේ murder එක එක්ක NIS එකෙන් පිස්සු බල්ලෝ වගේ සුගා ගැන විස්තර හොයනවා ඒත් අද වෙනකම් NIS එකට සුගාගේ කොන්ඩ ගහක්වත් හොයාගන්න බැරි වුනා "

" හරි දැන් ඇයි මට ඕවා කියන්නේ "

සෝයූන් එයාගේ හිතේ තිබුණු ප්‍රශ්නය ඇහුවා

",ඒ මම කිව්වොත් තමුසේ මොකද කරන්නේ "

" විහිලු නොකර ඉන්නවා කිටී...."

කෙල්ල හිනා වෙලා කිව්වත් යුංගි සීරියස් විදියට බලාගෙන හිටපු නිසා සෝයූන්ගේ හිනාව නැවතුනා

" ඒක ඇත්තක් ද..?"

යුංගි ඔව් කියන්න ඔලුව වැනුවා

" ම්ම්ම්...මම තමයි සුගා මෙච්චර කාලයක් NIS එකෙන් හොයන mafia leader "

කොල්ලා කියද්දී සෝයූන් යුංගිගේ උකුලෙන් නැගිට්ටා යුංගි නැගිටලා කෙල්ලගේ අතින් අල්ලන්න හදනකොට සෝයූන් අඩියක් පිටිපස්සට තිබ්බා

" මේක බොරු නේද...?"

සෝයූන් කදුලු පිරුනු ඇස් වලින් යුංගි දිහා බලාගෙන අහද්දී කොල්ලා තත්පර කිහිපයකට නිහඩ වුනා කෙල්ලගේ කදුලු පිරුනු ඇස් දැක්කාම මේ දේවල් කිව්වේ අපරාදේ කියලා හිතුනත් කවදාහරි කෙල්ල මේ දේවල් දැනගන්න නේ කියලා හිතලා කොල්ලා හිතුවා මේ දේවල් මීට වඩා දුර දිග ගිහින් දැනගන්නවාට වඩා දැන්ම දැනගන්න ඕන කියලා හිතුනු නිසා යුංගි කිව්වේ සෝයූන් දක්වන ඕනෑම ප්‍රතිචාරයකට මුහුන දෙන්න සූදානමින්

තත්පර කිහිපයක දැඩි නිහඩියාවකින් අනතුරුව යුංගි හඩ අවදි කලා

" ඒ හැමදේම ඇත්ත සෝයූන් මට මේ දේවල් තමුසෙගෙන් හංගන්න ඕන නැ.."

" හහ්....? තමුසේ මිනීමැරුවෙක් ද මින් යුංගි වහ්...මාත් ඉදලා ඉදලා ආදරේ කරේ NIS එකෙන් හොයන අපරාධයෙක්ට ද..? "

" සෝයූන්..."

කෙල්ල සමච්චලේට වගේ හිනා වෙන ගමන් කියාගෙන යද්දී යුංගි කෙල්ලට ලං වෙන්න හැදුවේ

" මාව ඔය ලේ තැවරුණු ජරා අත් වලින් අල්ලන්න එපා "

සෝයූන් අඩියක් පිටිපස්සට තියලා කිව්වාම කොල්ලා එතැනම නැවතුනා

" කී දෙනෙක්ගේ ලේ ඔය අත් වල තැවරිලා තියෙනවා ද..? හිතක් පපුවක් නැතුව කී දෙනෙක්ගේ ජීවිත විනාස කරලා තියෙනවා ද..? තමුන්ට කවුද ඒවාට අවසර දුන්නේ තමුන්ගේ අගමැති අප්පා ද..? තමුසෙට වඩා සේයොන් පොඩ්ඩක් හරි හොදයි "

" සෝයූන් කට වහගන්නවා..!"

යුංගි කේන්තියෙන් ඇස් රතු කරගෙන කිව්වා කොල්ලාට කේන්තියටම අතකුත් ඉස්සුනා සේයොන් ගැන කියද්දී යුංගිට කේන්ති ගියා කිසිදෙයක් හරියට නොදැන කෙල්ල සේයොන් හොදයි කියද්දී යුංගිට දැනුනේ එයා ගිනි ගන්නවා වගේ

" අත ඉස්සුවේ මට ගහන්න ද ආ ගහනවා ඉතින් නැත්නම් මාවත් මරලා දානවද සුගා කියන්නේ කවුද කියලා දැනගත්ත නිසා ඇත්ත තත්ත්වය කියද්දී දරාගන්න බැ නේ අඩුම තරමේ සේයොන් තමුසේ වගේ මිනිමරුවෙක් නෙවෙයි "

" සෝයූන් දැන් ඇති හොදටම ඇති "

යුංගිගේ කේන්තිය පිරුනු ගැඹුරු කටහඩින් කෑගැහුවාම කෙල්ල ගැස්සිලා ගියා

" මට තවත් තමුසේ එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැ මිස්ටර් මින් යුංගි තමුසේ වගේ මිනිමරුවෙක් එක්ක ජීවත් වෙන්න මට ඕන නැ "

" මොකද්ද කියන්න හදන්නේ "

",Let's breakup Min Yoongi "

සෝයූන් අත මිට මොලවාගෙන ඇස් වල පිරිලා තියෙන කම්බුල් දිගේ ගලා යන්න ඉඩ නොදී දරාගෙන හිටියා යුංගි වචනයක්වත් නොකියා කෙල්ලගේ ඇස් දිහා බලාගෙන හිටියා සෝයූන්ගේ ඇස් වල ලියවිලා තියෙන දුක තරහ තේරුම් ගන්න බැරි වුනේ නැ

" ඒක ද තමුසෙට ඕන "

යුංගි ඇහුවාම කෙල්ල ගවුමේ කොනක් අතින් තදින් අල්ලගත්තා

" යේ...."

සෝයූන්ගේ ලගට ලං වුනු යුංගි කෙල්ලගේ නලල මතින් එයාගේ තොල් තියලා තද කලේ සෝයූන්ගේ ඇස් වල රැදිලා තිබුණු කදුලු බිදු එක දෙක කම්බුල් දිගේ ගලාගෙන යනකොට සෝයූන් කොල්ලවත් තල්ලු කරලා එතැනින් දුවගෙන ආවේ යුංගි බෙන්ච් එකේ එහෙම්ම ඉන්දුනා

" පරිස්සමින් ඉන්න බේබි..."

යුංගි කෙල්ල යන දිහා බලාගෙන තනියෙන් මිමිනුවා කොල්ලා සෝයූන්ගෙන් මෙච්චර දරුනු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුනේ නැ

" ලියොන් සෝයූන්ව follow කරන්න "

Bluetooth on කරපු යුංගි එහෙම කිව්වේ කෙල්ල ගැන බය හිතුනු නිසා සේයොන් කොයිවෙලෙත් කෙල්ල ගැන ඇහැ ගහගෙන ඉන්නේ කියලා කොල්ලා හොදටම දන්නවා

සෝයූන් දැනුනු කේන්තියට දුකට කොල්ලාට කෑගහලා එතැනින් ආවා කෙල්ලගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යද්දී ඇවිදින මල මිනියක් ගානට පාර දිගේ ඇවිදගෙන ගියා කෙල්ලගේ ඔලුවේ වැඩ කලේ 'මම තමයි සුගා මෙච්චර කාලයක් NIS එකෙන් හොයන mafia leader' යුංගිගේ කටින් පිට වුනු ඒ වචන කිහිපය විතරයි සෝයූන්ට ඒ දේවල් ලොකු ශොක් එකක් වුනා යුංගි කොච්චර නපුරු වුනත් කෙල්ල කවදාවත් හිතුවේ නැ යුංගි මාෆියාවට සම්බන්ධයි කියලා එයාගේ අප්පා පුංචි කාලේ ඉදලා කියපු දේවල් එක්ක අහපු දැකපු දේවල් එක්ක කෙල්ලගේ හිතේ මාෆියාව ගැන වැඩි කැමැත්තක් තිබුණේ නැ වැඩි කැමැත්තක් නෙවෙයි කොහොමටවත් කැමති වුනේ නැ

ඉතින් එහෙම එකේ තමන් ආදරේ කරන කෙනා මාෆියා ගැන්ග් එකක ලීඩර් කෙනෙක් කිව්වාම සෝයූන්ට කේන්ති ගියා එයාගේ හිත කිව්වේ 'අන්තිමේ දී තමුසේ ආදරේ කරේ මිනීමැරුවෙක්ට ' කියලා කටට ආපු දේවල් ඔක්කොම කියලා යුංගිට බැනලා ආවත් සෝයූන් දැනගෙන හිටියේ නැ එයා මොනාද කිව්වේ කියලවත්

කෙල්ල කලරීමක් එක්ක අහස දිහා බලද්දී එයාගේ මූනට වැහි බිදුවක් කඩාගෙන වැටුනා පුංචි පුංචි වැහි බිදු තත්පර කිහිපයකින් මහා වර්ෂාවක් බවට පත් වුනා පාරේ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය මිනිස්සු වැස්සෙන් බේරෙන්න සෙවනක් සොයාගෙන දුවගෙන යද්දී සමහර මිනිස්සු කුඩ දාගෙන තමන්ගේ ගමන ඒ විදියට හිනා ඒත් සෝයූන් තාමත් හිමින් ඇවිදගෙන ගියේ වැස්ස ගැන තැකීමක් නොකර ඒත් එක්කම වැස්සේ දුවගෙන ආපු මනුස්සයෙක්ගේ ඇගේ හැප්පිලා සෝයූන් වැටෙන්න ගියත් කෙල්ල අනූ නවයෙන් නොවැටී බේරුනා

" මිස්ට මගෙන් උදව්වක් ඕන ද..?"

කලු පැහැති කුඩයක් දාගෙන full suit ඇදලා හිටපු පුද්ගලයා දිහා කෙල්ල තත්පර කිහිපයක් බලාගෙන හිටියා

" මිස්..."

" අහ්....?"

" මිස්ගේ ඇදුම් ඔක්කොම තෙමිලා තියෙන්නේ මිස් කැමති නම් මට පුලුවන් මිස්ව ගෙදරට drop කරන්න "

ඒ පුද්ගලයා එහෙම කිව්වත් සෝයූන් ටිකක් අදිමදි කලේ කවදාවත් එයාව දැකලා නැති නිසා

" මිස් බය වෙන්න එපා මම ජින් සර්ව හොදට අදුරනවා.."

" අහ්ම්....එතකොට යුංගිවත්....?"

කෙල්ල එහෙම අහනකොට ඒ පුද්ගලයා තත්පර කිහිපයක් ඉදලා ඔහු ඔව් කියන්න ඔලුව වැනුවා

" මිස්....?"

" අපි යමු..."

මොනදේ වුනත් කෙල්ල දන්නවා යුංගි එයාට සීරිමක් වත් වෙන්න ඉඩ තියෙන්නේ නැ කියලා ඔහු කා එකේ දොර ඇරියාම සෝයූන් කා එකට නැග්ගා ඔහු කා එකේ දොර වහලා හැරිලා බැලුවේ වැස්සේ බිල්ඩින් එකකට මුවා වෙලා බලාගෙන ඉන්න කෙනා ඔලුව වැනුවා ඔහු කා එකට නැගලා drive කරන්න පටන් ගත්තාම සෝයූන් වැහි බිදු වැටිලා ශටර් එකෙන් බොද වෙලා පේන දේවල් දිහා බලාගෙන හිටියේ හැගීමක් නැතුව

" ඔයාගේ නම ලියොන් ද...?"

සෝයූන් එකපාරට ඇහුවාම ලියොන් ගැස්සිලා ගියේ කෙල්ල කොහොම ද තමන්ගේ නම දැනගත්තේ කියලා හිතෙද්දී ඔව් ඒ ලියොන් තමයි යුංගිගේ කීමට කෙල්ලගේ පස්සෙන් යන ගමන් හැමදේම කොල්ලාට කිව්වා සෝයූන් වැස්සේ තෙමි තෙමි ඉන්නවා කිව්වාම කොල්ලා ඉක්මනට එතැනට ඇවිත් ඈත ඉදගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා කොල්ලා සෝයූන්ව ගෙදර එක්කගෙන යන්න කියලා ලියොන්ට කිව්වේ කෙල්ලට ආපහු ගෙදර යන පාටක් නොතිබුනු නිසා අනික සෝයූන් ඇදගෙන හිටපු සුදු පැහැති ගවුම තෙමිලා ඇගට ඇලිලා තිබුණු නිසා කෙල්ලගේ ඇග කැපිලා පෙනුනා

" මිස්...කොහොමද දන්නේ "

" ඒ කියන්නේ මම හිතුවා හරි යුංගි මාත් එක්ක ඉන්නකොට ඔය නම කියනවා ඇහිලා තියෙනවා ඒ නිසා සැකේට වගේ ඇහුවේ "

සෝයූන් සමච්චල් සහගත හිනාවක් එක්ක කිව්වා

" අහ්ම්...."

ලියොන් අපහසුවෙන් වගේ උගුර පෑදුවා

" යුංගිව දන්නේ කොච්චර කල් ඉදලා ද..?"

සෝයූන් ශටර් එකෙන් එලිය බලාගෙන ඇහුවා

" අවුරුදු දහයක් විතර වෙනවා.."

" යුංගිගේ මාෆියා වැඩ ගැනත් දන්නවා ඇති නේ ද.."

කෙල්ල ලියොන් දිහා බලලා ඇහුවාම ලියොන් ඔලුව වැනුවා සෝයූන් කට කොනින් හිනා වෙලා අහක බලාගත්තා

" මම මේ දේවල් ඔක්කොම අප්පාට කිව්වොත් යුංගිට ජීවිත කාලෙම කූරු ගනින්න වෙයි "

සෝයූන් කිව්වාම එකපාරට ලියොන් කෙල්ල දිහා බැලුවා

" බොස් මෙච්චර කාලෙකට ගත්ත වැරදිම තීරණය මිස් එක්ක relationship එකක් පටන් ගත්ත එක කියලා හිතෙනවා මිස් බොස්ව තේරුම් ගත්තා නම් කවදාවත් මෙහෙම බොස්ව තනි කරලා එන්නේ නැ බොස්ට මේ රහස හැමදාම හංගගෙන ඉන්න තිබුනා ඒත් මිස්ව රවට්ටන්න බොස්ට ඕන වුනේ නැ එහෙම ඕන වුනා නම් කවදාවත් බොස් තමන් කවුද කියලා කියන්නේ නැ ඒකත් මෙච්චර රිස්ක් එකක් අරගෙන මිස් ඇත්තටම බොස්ට ආදරෙයි තව පාරක් මේ දේවල් ගැන හිතන්න නැත්නම් මිස්ට පසුතැවෙන්න වෙයි ගන්න තීරණයක් හොදට හිතලා ගන්න මිස් අපි ආවා මිස් බහින්න "

" කුමාවෝ ලියොන් "

" මට නෙවෙයි බොස්ට කියන්න බොස් කිව්ව දේ මම කරේ.."

ලියොන් එහෙම කිව්වාම සෝයූන් ඔලුව වනලා ගේ ඇතුලට ඇවිදගෙන ගියා ඒ වෙනකොට වැස්ස මදක් නැවතිලා තිබුනා ඒත් තවමත් සිහින් පොද වැස්සක් කඩා හැලුනා

" මොකද දරුවෝ මේ තෙමිලා..."

Living room එකට ආපු සෝයූන්ගේ ඉමෝ දැක්කේ තෙමිච්ච පාත්තයෙක් වගේ ඉන්න කෙල්ලව

" වැස්සට අහුවුනා ඉමෝ මම වොෂ් එකක් දාගෙන එන්නම්.."

සෝයූන් එහෙම කියලා යාන්තමට හිනා වෙලා රූම් එකට ගියා ඉමෝට කෙල්ලගේ වෙනස තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නැ සෝයූන් දැක්ක ගමන් කෙල්ල ඉන්නේ මොන වගේ තත්ත්වයක ද කියලා කියන්න ඉමෝට පුලුවන් වුනා දැන් වුනත් කෙල්ල ඉන්නේ ප්‍රශ්නෙක කියලා ඉමෝට තේරුනා ඒත් පස්සේ අහනවා කියලා හිතාගත්තේ සෝයූන් හොදටම තෙමිලා හිටපු නිසා 

සෝයූන් තෙමුනු ඇදුම් පිටින්ම බාත් රූම් එකට ගිහින් ශවර් එක ඇරලා ඒ යටින් බිමින් වාඩිවුනා කකුල් දෙකත් පපුවට තුරුල් කරගත්ත කෙල්ලට අද දවසේ වුනු දේවල් එකින් එක මතක් වෙන්න ගත්තා
එයා යුංගිව හම්බවෙන්න යන්න ආසාවෙන් හැඩ වුනු හැටි
විනාඩි දෙක තුනක් පරක්කු වුනු එක කෑගහපු හැටි
එයාව ලස්සන mansion එකට එක්කගෙන ගිහින් එහේ හිටපු අජුම්මා ඉස්සරහ එයාට විහිලු කරපු හැටි
ඊට පස්සේ යුංගි තමන්ගේ අදුරු අතීතය ගැන කියලා එයාට තුරුල් වෙලා අඩපු විදිය
යුංගි මාෆියාවට සම්බන්ධයි කියලා කිව්වාම එයා කොල්ලාට වචනයක්වත් කතා කරන්න නොදී කෑගහලා ආපු හැටි

ලියොන් කියපු දේවල් කෙල්ලගේ හිතට තදින්ම වැදිලා තිබුනා එයාට කලබල නොවී යුංගිට කෑගහන්නේ නැතුව ඉන්න තිබුනා කෙල්ලට හිතුනා ලියොන් කිව්වා වගේ යුංගිට මේ දේවල් නොකියා වෙනදා වගේ ඉන්න තිබුනා ඒත් කොල්ලා හිතුවේ මේ දේවල් කෙල්ලට නොකිව්වොත් එයා සෝයූන්ව රවට්ටනවා කියලා ඒ නිසා යුංගි තීරණය කලේ කෙල්ලට මේ දේවල් කියන්න

කෙල්ල ඉකි ගසමින් අඩන්න පටන් ගත්තේ හිතට දැනෙන දුකට වේදනාවට එයා යුංගිට කෑගහපු එක ගැන දුක් වුනා මාෆියාවට සම්බන්ධය වෙන්න යුංගිට මොනාහරි හේතුවක් තියෙන්න ඇති කියලා සෝයූන් හිතුවා

වැස්සේ තෙමිලා ආපු නිසාත් රෑ වෙලා නිසාත් කෙල්ල ඉක්මනට බාත් රූම් එකෙන් එලියට ආවා සෝයූන්ගේ ඇස් අඩලාම රතු වෙලා ඉදිමිලා තිබුනා කෙල්ල mirror එක ඉස්සරහට වෙලා තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියේ හැගීම් විරහිත ඇස් වලින් පැය කිහිපයකට පෙර මේ mirror එක ඉස්සරහම එයා තනියෙන් හිනා වෙන ගමන් යුංගි වෙනුවෙන් හැඩ වුනු හැටි කෙල්ලට මැවි මැවි පෙනුනා ආපහු කෙල්ලගේ ඇස් කදුලින් තෙත් වෙන්න තත්පර කිහිපයක් වගේ ගියේ

" ලොකු බේබි කන්න එන්න.."

සෝයූන්ගේ රූම් එකේ දොරට තට්ටු කරපු අජුම්මා කිව්වා

" හරි අජුම්මා මම එන්නම්.."

කෙල්ල කදුලු පිහිදගෙන හුස්මක් අරගෙන රූම් එකෙන් එලියට ගියා ඒ වෙනකොට මිස්ටර් පාර්ක් ඇවිත් හිටියේ සෝයූන් යාන්තම් හිනා වෙලා වාඩිවෙලා කිසි කතාවක් නැතුව කන්න පටන් ගත්තා වෙනදාට කච කච ගගා කියවන කෙල්ල අද නිහඩව ඉන්න එක මිස්ටර් පාර්ක්ට ලොකු ප්‍රශ්නයක් වුනා මිස්ටර් පාර්ක් මුකුත් නොකියා හිටියේ කෙල්ල එක්ක තනියම කතා කරනවා කියලා හිතාගෙන මොකද දැන් ඇහුවොත් සෝයූන් මුකුත් නැ කියලා ප්‍රශ්නේ මගහරිනවා කියලා මිස්ටර් පාර්ක් අත්දැකීමෙන් දන්නා කාරනයක් වුනා

" ලොකූ කාලා ඉවර වෙලා මගේ ඔෆිස් රූම් එකට එන්න.."

මිස්ටර් පාර්ක් එහෙම කියාගෙන සෝයූන්ගේ ඔලුව අතගාගෙන dinning room එකෙන් ගියා විනාඩි කිහිපයකින් කෙල්ල කාලා ඉවර වෙලා ඔෆිස් රූම් එක පැත්තට ගියා කෙල්ල ඔෆිස් රූම් එකේ දොර ඇරලා ඔලුව විතරක් දාලා බැලුවා මිස්ටර් පාර්ක් spectacles දාගෙන ලැප් එකෙන් ලොකු වැඩක් කරන ගමන් හිටියේ

" Mr.Park May I Come in..?"

සෝයූන් කටහඬ ඇහුනාම මිස්ටර් පාර්ක් හිනා වෙලා කෙල්ල දිහා බැලුවා

" ඇවිත් වාඩිවෙන්නකෝ "

මිස්ටර් පාර්ක් කිව්වාම කෙල්ල ඔෆිස් රූම් එකේ තිබුණු සෝෆා එකේ වාඩිවුනාම ටිකකින් මිස්ටර් පාර්ක් ඇවිත් කෙල්ල ලගින් වාඩිවුනා

" අද දවස කොහොමද "

" හොදයි අප්පා "

වෙනදාට ඔය ප්‍රශ්නය ඇහුවාම විචාරයක් වගේ උත්තරයක් දෙන කෙල්ල අද කෙටි උත්තරයක් දුන්නා

" මගේ මැනිකගේ හිත රිදෙන දෙයක් වුනා ද..? මොකද වුනේ ම්ම්ම්...ඇසුත් ඉදිමිලා අප්පාට ඕන දෙයක් කියන්න මම බනින්නේ නැ නේ හොද දරුවා වගේ හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව අප්පාට කියන්න "

මිස්ටර් පාර්ක් සෝයූන් හිස ආදරෙන් පිරිමදින ගමන් ඇහුවා කෙල්ල කදුලු පුරවගෙන මිස්ටර් පාර්ක් දිහා බලාගෙන ඉදලා අඩන්න පටන් ගත්තා

" අ..ප්..පා.."

" ඇයි රත්තරං අඩන්නේ...? අප්පාට කියන්න මැනික මොකද වුනේ කියලා "

තමන්ව බදාගෙන අඩන කෙල්ලගේ පිට පිරිමදින ගමන් ඇහුවා

" මම එයාට බැන්නා අප්පා.... මම එයාට කිසිදෙයක් කියන්න නොදී බැන්නා මට තව ඉවසන්න තිබුනා ඒත් මට ඒ වෙලාවේ දුක හිතුනා අප්පා එයාට ගොඩක් දුක හිතෙන්න ඇති අප්පා අපි breakup වෙමු කියලත් මම එයාට කිව්වා මම දන්නේ නැ අප්පා ඒ වෙලාවේ මොනවා කිව්වා ද කියලා "

සෝයූන් අඩන ගමන් අත පය විසි කරන ගමන් සිදු වුනු දේවල් විස්තර කලා කෙල්ල කියපු දේවල් වලින් මිස්ටර් පාර්ක්ට තේරුනේ එයාට බෑනා කෙනෙක් ඉන්නවා කියලා වගේම එයාගේ චන්ඩි දුව ඒ අහිංසක කොල්ලාගේ කන් දෙකේ ඇගිලි ගහගන්න බැනලා ඇවිත් කියලා

" එයා කවුද..?"

" අ..ප්.පා.."

" කියන්න අකමැති නම් කියන්න එපා ඒත් මට දකින්න ඕන මගේ කෙල්ල මෙච්චර අඩන්න තරම් හේතු වුනු කෙනා කවුද කියලා සෝයූ බබා කේන්ති ගිහින් බැන්නාම එයාට දුක හිතෙන්න ඇති සමහර විට එයත් ඔයා වගේ එයාගේ දුක කාත් එක්ක හරි බෙදාගන්නවා වෙන්න ඇති "

" එයා එහෙම කෙනෙක් නෙවෙයි අප්පා හිතේ තියෙන දෙයක් ලේසියෙන් කාටවත් කියන්නේ නැ හැමදේම හිතේ තියාගෙන තනියෙන් විදවනවා "

සෝයූන් බිම බලාගෙන මිමිනුවා

" ඔය දෙන්නා අතර ඇති වුනු ප්‍රශ්නය මම දන්නේ නැ ඒත් මම කියන්නේ කේන්ති අරගෙන ප්‍රශ්න විසදන්න බැ කේන්ති ගත්තොත් වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි ඔයාගේ අතේ නම් වැරැද්ද අනිවාර්යයෙන් එයාගෙන් සමාවගන්න ඕන නැත්නම් එයත් විදවනවා ඔයත් විදවනවා හැබැයි මැනික මට ඔයාගේ එයාව නම් හම්බවෙන්න ඕන "

කෙල්ලගේ කම්බුල් යාන්තම් රෝස පැහැයට හැරුණේ මිස්ටර් පාර්ක් අන්තිමට කිව්ව කතාවට

" ඕමෝ.....මගේ කෙල්ල රතු වෙලා මොකද "

මිස්ටර් පාර්ක් විහිලුවට එක්ක අහද්දී කෙල්ල ලැජ්ජාවෙන් හිනා වුනා

" යාහ්හ් අප්පා එපා "

සෝයූන් කෑගහනකොට මිස්ටර් පාර්ක් හයියෙන් හිනා වුනා

" කෑගහන්නේ නැතුව ගිහින් නිදාගන්න "

" ගුඩ් නයිට් අප්පා "

" ගුඩ් නයිට් දග මල්ල.."

කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තවරලා මිස්ටර් පාර්ක් කිව්වාම සෝයූන් මිස්ටර් පාර්ක්ට කිස් එකක් දීලා ඔෆිස් රූම් එකෙන් යන දිහා බලාගෙන හිටපු මිස්ටර් පාර්ක්ගේ ඇස් කදුලින් තෙත් වුනා

" අපේ දුව දැන් ගොඩක් ලොකු වෙලා ජියා.."

දාගෙන හිටපු Spectacles ගලවපු මිස්ටර් පාර්ක් මිමිනුවා

.
After one week

සතියක් ගෙවිලා ගියා...ම්ම්ම් යුංගි සෝයූන් දෙන්නා වෙන් වෙලා හරියටම සතියක් දෙන්නා දෙපැත්තට වෙලා විදවනවා කෙල්ලට යුංගි එක්ක කතා කරන්න ඕන වුනත් කෙල්ලට යුංගිගේ ඉස්සරහට යන්න ශක්තියක් තිබුණේ නැ කෙල්ල යුංගිට කතා කරන්න ෆෝන් එක අතට ගත්තත් ආපහු ෆෝන් එක පැත්තකින් තියපු අවස්ථා තිබුනා සොරි කියලා මැසේජ් ටයිප් කරත් මැසේජ් එක යවන්නේ නැතුව හිටියා

ඔහොම ඉන්නකොට යුන්වි සෝයූන්ගේ ගෙදරට ආවේ යුංගි දුකින් ඉන්නවා බලාගෙන ඉන්න බැරි තැන කලින් කෝල් කරලා කොච්චර එන්න කිව්වත් කෙල්ල ආවේ නැති යුන්වි ඇවිත් සෝයූන්ට බැන්නා කෙල්ල යුන්වි බැනලා යනකම් මුකුත් නොකියා හිටියා

ඒ හැමදේම අතරේ සේයොන් කෙල්ලව බලන්න නිතර නිතර ආවා හැබැයි කෙල්ල රූම් එකෙන් එලියට ආවේ නැ කෙල්ල කොච්චර සේයොන්ව රිචෙක්ට් කරත් සේයොන් කෙල්ලගේ පස්සෙන් එන එක නතර කලේ නැ  ඒ අතරේ මිසිස් මින් නාරා ආවේ dinner එකකට එයාලගේ mansion එකට ආරාධනාවක් අරගෙන සේහා ආරාධනාව මහ ඉහලින් පිලිගත්තා හැබැයි ඒ ගැන සෝයූන්ගේවත් මිස්ටර් පාර්ක්ගේවත් කැමැත්තක් තිබුණේ නැ

අද තමයි එයාලා dinner එකට යන්න හදන්නේ සේහා සතුටින් හිටියත් අනිත් අයගේ නම් එච්චර සතුටක් තිබුණේ නැ ජීවූ වුනත් අකමැත්තෙන් හිටියේ එයාගේ ඔන්නි දුකින් ඉන්න නිසා අන්තිමේ දී හතර දෙනා prime minister ගේ mansion එකට ආවා ලොකු garden එක මැද වාහනය නවත්තපු මිස්ටර් පාර්ක් කා එකෙන් බැස්සාම අනිත් අයත් කා එකෙන් බැස්සා

" වාව්.....මෙහේ මාර ලස්සනයි "

" ලස්සන නැතුව තියෙද korean prime minister ගේ mansion එක නේ "

ජීවූ කිව්වාම සේහා අමුතු විදියට ඒක කිව්වා

" මේ Mr.park වෙන්න ඕන "

මැදි වයසේ පුද්ගලයෙක් ඇවිත් අහනකොට මිස්ටර් පාර්ක් ඔව් කිව්වා

" මෙහෙන් එන්න.."

මැදි වයසේ පුද්ගලයාගේ පිටිපස්සෙන් mansion එකේ සිරි නරබන ගමන් ඉස්සරහට ගියා

" මෙහෙන් වාඩිවෙලා ඉන්න සර් එයි.."

ඔහු ආචාර කරලා ගියාම සෝෆා එකේ වාඩිවුනා

" අපේ සෝයූන් කොච්චර වාසනාවන්ත ද..? අපිට හීනෙකින්වත් හිතන්න පුලුවන් දෙයක් ද වුනේ කෙල්ලගේ වාසනාව තමයි මැරි කරාට පස්සේ මෙහේ නේ ජීවත් වෙන්නේ "

සේහා living room එක වටේ ඇවිදින ගමන් කිව්වා මිස්ටර් පාර්ක් හිටියේ නම් කේන්තියෙන්

" ඇවිත් ගොඩක් වෙලාද..?"

මිසිස් මින් එහෙම අහගෙන එනකොට සෝයූන් නම් එයා දිහා බැලුවේ නොරිස්සුම් සහගත බැල්ලමකින්

" නැ මැඩම් දැන් ආවේ.."

" මැඩම් කියන්න ඕන නැ සේහා මට නාරා කියන්න "

මිසිස් මින් අහිංසක විදියට කියනකොට සෝයූන් කට කොනින් හිනා වුනේ ඔය අහිංසක හිනාව පිටිපස්සේ තියෙන යක්ෂනිගේ  හැටි දන්න නිසා

" ඒත් මැඩම් "

" ඒත් මේත් නෙවෙයි මට නාරා කියන්න "

මිසිස් මින් එහෙම කියලා හැරුණේ සෝයූන් දිහාට

" කොහොමද දුව.."

" හොදයි "

කෙල්ල කනට ගහන්න වගේ උත්තර දුන්නාම මිසිස් මින්ගේ හිනාව නැති වුනා

" ඔහොම ද සෝයූන් තමුන්ගේ mother in law ට කතා කරන්නේ "

සේහා අහනකොට සෝයූන් නෑහෙන ගානට හිටියා

" ඒකට කමක් නැ සේහා.."

ඒත් එක්කම මිස්ටර් මින් වගේම සේයොන් එතැනට ආවා සේයොන්ගේ ඇස් නම් තිබුණේ කෙල්ල ලගමයි

" කොහොමද මිස්ටර් පාර්ක් ගොඩ කාලෙකින් නේද "

මිස්ටර් මින් මිස්ටර් පාර්ක් දිහා බලාගෙන කිව්වා

" වරදක් නැ සර් තාම හොදින් ඉන්නවා "

මිස්ටර් පාර්ක් කිව්වා

" dinner එක රෙඩි කරනකම් අපි වෙඩින් එක ගැන කතා කරමු.."

" ඒක හොදයි මේ දෙන්නා ඉන්න එකේ අපිට එයාලගේ අදහසුත් දැනගන්න පුලුවන් නේ "

ඔක්කොම වාඩිවෙලා කතා කරද්දී කෙල්ලගේ ඉස්සරහ වාඩිවෙලා හිටපු සේයොන් කෙල්ල දිහා කෑදරකමින් බලාගෙන හිටියේ සෝයූන් එතැන හිටියේ අපහසුවෙන් කෙල්ල අතේ ඇගිලි එකට තෙරපමින් ඉන්නකොට ජීවූ කෙල්ලගේ අතක් අල්ලාගෙන ඕන දේකට එයා ඉන්නවා කියන්න වගේ

" මිස්ටර් මින්ට ලොකු පුතාව අමතක වෙලා වගේ "

ඒ කටහඬ ඇහෙනවත් එක්කම සෝයූන් ඔලුව ඉස්සුවේ සතියක් පුරාවට දකින්න බැරි වුනු ඒ රුව බලාපොරොත්තුවෙන්

To be continue.................♡︎

කලින් මගේ අතින් වැරදීලා publish වුනේ අපහසුතාවට පත් වුනා නම් සමාවෙන්න ඈ

දිග චැප්ටර් එකක් දුන්නු හින්දා කමෙන්ට්ස් වැස්සක් බලාපොරොත්තු වෙනවා අහිංසක ඕතර් පව් නේ ලමයි ඕතර්ගේ ඇගිලි ලෙෆ්ට්

words 3000+

ආපහු සති ගානකට අප්ඩේට් දෙන්න වෙන්නේ නැ

ඉහත ජායාරූපයේ දැක්වෙන්නේ මාලුවෙක්ට කුරුමානම් අල්ලන තඩි පූසෙක් ය.

Bạn đang đọc truyện trên: AzTruyen.Top