匚卄卂卩ㄒ乇尺 23🐾

රතු දම් පැහැති ආලෝක ධාරා වලින් ආලෝකමත් වුනු ක්ලබ් එකේ සද්දෙට වැයෙන ඩිස්කෝ සංගීතයට බියර් වයින් වලින් මත් වුනු කෙල්ලෝ කොල්ලෝ dance කරන්න ගත්තේ හෙටක් නැ වගේ ක්ලබ් එකේ හිටිය ගොඩක් දෙනෙක් සැර බීම වලින් මත් වෙලා මේලෝක සිහියක නෙවෙයි හිටියේ

ඒ අතරේ කෙනෙක් තමන්ගේ අතේ තියෙන වයින් ග්ලාස් සොලවමින් බලාගෙන හිටියේ තමන්ගේ ගොදුර දඩයම් කරගන්න හරි වෙලාව එනකම් හරියට මීයෙක්ට කුරුමානම් අල්ලන පූසෙක් වගේ ඒ පූසාට මීයා අහුවුනොත් කීතු කීතු කරලා දායි

ක්ලබ් එකේ රූම් තියෙන පැත්තේ ඉදලා භාගෙට බොත්තම් ගැලවුනු ශර්ට් එකත් කලිසමත් හරියට හදමින් එක කෙනා දැක්කාම මෙතෙක් වෙලා අතේ තිබුණු වයින් ග්ලාස් එක කවුන්ටරේ මතින් තිබ්බා

" මීයා ගුලෙන් එලියට ආවා රෙඩි වෙයන් "

Bluetooth on කරපු ඔහු එසේ පවසා වයින් ග්ලාස් එක හිස් කරලා දාගෙන හිටපු කැප් එක පහත් කරගත්තේ මූන වැහෙන්න ඔහු එතැනින් නැගිටලා ක්ලබ් එකේ පිටුපස පැත්තට ඇවිදගෙන යනකොට ඔහු පසුපසින් පැමිනි කෙනාට අත දික් කලාම ඔහුගේ අත මතින් ටැබ් එක තැබුවා ටැබ් එකෙන් මොනාද කරමින් ඉස්සරහට ඇවිදගෙන ගිය ඔහු තත්පර කිහිපයක් ආපහු ටැබ් එක ඔහුගේ පසුපසින් එන පුද්ගලයාට දුන්නා

කවුරුවත් වැඩිය නොගැවසෙන ක්ලබ් එකේ පසුපස ප්‍රදේශය මදක් අදුරු ස්වභාවයක් ගෙන තිබුනා කලු පැහැති ඇදුම් වලින් සැරසී සිටි ඔවුන් සියලු දෙනාගේ මුහුනු ආවරණය කරගෙන හිටියා

" තමුසෙලා කවුද මොන හයියකට ද මට අත තිබ්බේ.."

තොල පැලිලා එන ලේ පිසදමන ගමන් ලී ශින් හේ කේන්තියෙක් ඇහුවත් කවුරුවත් උත්තර දුන්නේ නැ ලී ශින් හේ ලෝකෙට හොද මූන පෙන්නගෙන යටින් කරන්න තියෙන ඔක්කොම අපරාධ කරන මිනිහෙක් කිව්වොත් හරි food company එකක ඕනර් කෙනෙක් විදියට හිදිමින් drug deal කරන කෙනෙක් ශින් හේගේ වැඩ වලට දේශපාලන සහයද ලැබුනු හින්දා නීතියෙන් ඔහුව කොටු කරගන්න එක ලේසි වුනේ නැ අල්ලාගෙන රිමාන්ඩ් කලත් වැඩි දවසක් නොයා එලියට එනවා ශින් හේ කට ඇරියොත් ගොඩක් අයගේ හොර රහසේ කරන වැඩ එලියට එනවා

" මොකද මෙච්චර සද්දේ මම සද්ද වලට කැමති නැ කියලා උබලා දන්නවා නේ "

කනේ ඇගිල්ලක් ගහගෙන හොල්ලන ගමන් පැමිනි පුද්ගලයා කිව්වා

" සොරි බොස් මූට ගහපන් "

ඒම කියනත් එක්ක ශින් හේ වට කරගෙන ගහන්න පටන් ගත්තේ ශින් හේට ගහන දිහා බලාගෙන ඔහු තමන්ගේ සිල්වර් කලර් ගන් එක දබරගිල්ලෙන් කරකවමින් හිටියා

" ඇති.."

ශින් හේට ගසමින් හිටපු කොල්ලෝ අයින් වුනාම දැක ගන්න ලැබුනේ ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටිලා ඉන්න ශින් හේව මිනිහාගේ ඇගේ ඉතුරු වෙලා තිබුණේ බොක්සර් එක විතරයි

" උබලාට මම කිව්වා ද මුගේ රෙදි ගලවන්න කියලා "

ඔහු ඇහිබමක් උස්සගෙන ශින් හේට ගහපු කොල්ලා දිහා බලාගෙන ඇහුවා ඒත් කවුරුවත් වචනයක්වත් කතා කලේ නැ

" උබ කවුද යකෝ උබලා එකෙක්ටවත් මම යහතින් ඉන්න ඉඩ තියන්නේ නැ උබලා හැප්පුනේ වැරදි මිනිහා එක්ක තොපි එකා එකා මරලා දානවා දැනගනින්.."

කොච්චර ගුටි කෑවත් ශින් හේගේ කටේ සද්දේ අඩු වුනේ නැ නහයෙන් එන ලේ පිහිදගත්ත ශින් හේ නැගිටලා වැනි වැනි කියද්දී ගන් එකෙන් නලල පිරිමදිමින් හිටිය ඔහු එකපාරට ශින් හේගේ කකුලට වෙඩි තිබ්බේ ශින් හේ කෑගහගෙන බිම ඇදගෙන වැටෙද්දී

" උබ ඇහුව නේ මම කවුද කියලා මම උබේ මාරයා යකෝ "

යකා ගැහුවා වගේ ශින් හේට කෑගැහුව ඔහු තව බුලට් එකක් ශින් හේගේ අනිත් කකුල පසාරු කරගෙන යන විදියට යැව්වා ශින් හේ වේදනාවෙන් කකුල් අල්ලාගෙන දගලනවා

" උබ කරපු හැම අපරාධයකටම විදවන්න ලෑස්ති වෙයන් උබේ තිරිසන් වැඩ හින්දා අහිංසක කෙල්ලෝ කොල්ලෝගේ ජීවිත කීයක් විනාස වුනා ද...? උබ තිරිසනෙක් යකෝ තිරිසනෙක් "

" අහ්හ්හ්...මට යන්න දීපන් "

" උබ කවදාවත් අහලා තියෙනවා ද පූසෙක් කුරුමානම් අල්ලලා අල්ලගත්ත මීයෙක් පනපිටින් අතහැරියා කියලා "

බිම වැටිලා ඉන්න ශින් හේගේ මූනට එබුනු ඔහු ඇහුවේ කට කොනින් හිනා සමග

" උ..උබ කවුද කියපන් "

" සුගා "

ශින් හේ දිහා බලාගෙන කියද්දී ශින් හේට තඩි කෙල ගුලියක් ගිලුනේ බයටම ශින් හේගේ බය වෙලා ගැහෙනකොට සුගා ඒ දිහා බලාගෙන හිටියේ සතුටක් එක්ක

" මම උබට වරදක් කරේ නැ නේ සුගා මට යන්න දීපන් "

" අයිෂ් මට මේක අහලාම එපා වෙලා මූව පෙට්‍රල් දාලා ගිනි තියපන් ලියොන් "

සුගා එහෙම කියලා ශින් හේගෙන් ඈත් වෙලා යන්න හැදුවත් කොල්ලා නැවතුනේ තමන්ගේ කකුලේ ශින් හේ එල්ලුනු හින්දා

" මට යන්න දෙන්න සුගා...මට මුකුත් කරන්න එපා මම මෙහෙන් දුරට යන්නම් "

ශින් හේ කියනකොට කොල්ලෝ දෙන්නෙක් ඇවිත් ශින් හේ ඇදලා අයින් කලා සුගා කට කොනින් හිනාවක් එක්ක ශින් හේ පැත්තට හැරුනා ඒ

" ලියොන්..."

" යේ බොස්.."

",අපි මේක වෙනස් විදියට ඉවර කරමු.."

සුගා එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වුනේ ශින් හේගේ බය තවත් වැඩි කරලා ඊලගට ගෙවුණු විනාඩි කිහිපය පුරා ඇහුනේ ශින් හේගේ වේදනාත්මක විලාප හඩවල් විතරයි

.
හිරු කිරන මිහිකත සිපගන්නා මේ හිමිදිරි උදෑසන සෝයූන් කෙල පෙර පෙර ඇද උඩ පසගිල්ලෙක් වගේ නිදාගෙන ඉන්නවා මේ දසුන දකින ඕන කෙනෙක්ට වනගත වෙන්න හිතෙනවා ඇදේ තිබුණු කොට්ට හතරෙන් තුනක්ම බිම තිබ්බේ කෙල්ල පට්ට පරාර්ථකාමී නේ සෝයූන්ගේ කාමරේ වාසය කරන කැරපොතු මකුලු හූනෝ කූබීන් වැනි ජීවින් නිදාගන්න තමයි කොට්ට බිමට දැම්මේ කියලා මීට පෙර අවස්ථාවකදී කාටදෝ කියනවා ඇහුනා

රෑ හොදට පෙරවගත්ත බ්ලැන්කට් එකෙන් භාගයක් ඇද උඩ ඉතුරු භාගේ බිම බිම වැටුනු බ්ලැන්කට් එකේ භාගේ උඩ සේ සේ ඉදගෙන ඇග සෝදනවා එලාම් එක වදින සද්දෙට සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරගෙන එලාම් එක ඕෆ් කරලා කනේ තියාගත්තා

" යෙබුස්සයෝ
මොකාද උදේම කෝල් කරලා වද දෙන පෙරේතයා මොකද කට වැහිලා කෝල් කරා නම් කතා කරපිය මිනිහෝ තොගේ කටේ කිමිචි ද මොන වුත්තක් ද උදේ පාන්දර මගේ නින්ද කඩලා කතා කරන්නෙත් නැ මගේ සුමිහිරි වොයිස් එක අහන්න ද කතා කලේ දැන් හරි නේ ඇහුවා නේ "

එහෙම කියවගෙන ගිහින් ෆෝන් එක තියන්න යනකොට තමයි කෙල්ල දැක්කේ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ එලාම් එක එක්ක කියලා

" සෝයූනා උබට නම් හොදටම පිස්සු "

ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන මුමුනපු කෙල්ල ෆෝන් එක පැත්තකින් තියලා ඇදෙන් බහින්න යනකොට බ්ලැන්කට් එකේ පටලැවිලා බිම වැටුනේ බ්ලැන්කට් එක උඩ වාඩිවෙලා ඇග සෝදමින් හිටපු සේ සේ වලිගෙත් උඩ තියාගෙන කෑගහගෙන පැත්තකට පනිනකොට සේ සේ හිතන්න ඇත්තේ අහස කඩාගෙන වැටෙනවා කියලා

සෝයූන් එහෙම්ම ඔලුව බිම තියාගෙන අත් දෙක මිට මොලවාගෙන බිමට ගැහුවා

" අහ්හ්හ්....මොන සාපයක් ද යකොව් උදේම බෙල්ල කඩලා යනවා "

" ලොකු බේබි මොකද මේ"

උඩ තට්ටුවේ බෝම්බයක් ගැහුවා වගේ සද්දයක් ආපු හින්දා කිචන් එකේ ඉදපු අජුම්මා සෝයූන්ගේ රූම් එකට ආවේ කෙල්ල මොන පිස්සුවක් නටලා ද කියලා ෂුවර් නැති හින්දා අජුම්මා රූම් එකේ දොර ඇරිය ගමන් කටත් ඇරගෙන බලාගෙන හිටියා සේ සේ වලිගේ පුම්බගෙන සෝයූන් දිහා බලාගෙන ඉන්නවා

" කුමක් දෝ කරපු කරුමයක් උදේ පාන්දර පලිසන් දුන්නා අජුම්මා "

කොන්ඩෙත් මූනට දාගෙන ඔලුව උස්සපු සෝයූන් එහෙම කියලා ආපහු ඔලුව බිම තියාගත්තේ අජුම්මාගේ මූනට හිනාවක් එකතු කරලා

" කෝ කෝ දැන් නැගිටින්න ගිහින් වොෂ් එකක් දාගෙන එන්න "

අජුම්මා කෙල්ලව නැගිට්ටවලා කිව්වා සෝයූන් කොන්ඩෙත් අතින් අවුල් කරගන්න ගමන් බාත් රූම් එකට ගියා

" අනේ ඇත්තටම මේ කෙල්ල නර්සරි ලමයෙක්ට වඩා අන්තයි "

අජුම්මා ඉනටත් අත් දෙක තියාගෙන රූම් එක පුරා ඇස් යවලා කිව්වා අජුම්මා කෙල්ල අනිත් පැත්ත ගහපු රූම් එක ආපහු පිලිවෙලට හදලා කිචන් එකට ගියා

බාත් රූම් එකට ගියපු කෙල්ල බ්‍රෂ් එකත් කටේ ගහගෙන Mirror එක ඉස්සරහට ගියා නිදිමතේ දත් මදින ගමන් හිටපු කෙල්ලට හීක් ගෑවුනේ mirror එකෙන් දැකපු දර්ශනය නිසා හීක් ගෑවුනා කටේ තිබුණු බ්‍රෂ් එක සින්ක් එක ඇතුලට වැටුනා

" ඔම්මාආආආආආආආඅ..."

සෝයූන් බාත් රූම් එක දෙක වෙන්න කෑගැහුවේ බෙල්ලේ තියෙන ලව් බයිට්ස් දැකලා කෙල්ල බෙල්ලත් අල්ලාගෙන ඇස් ලොකු කරගෙන mirror එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියා

" පිස්සු පූසා "

ඊයේ රෑ වුනු දේවල් මතක් වෙනකොට කෙල්ල පුංචි හිනාවක් එක්ක මිමිනුවා වොෂ් එකක් දාගත්ත කෙල්ල යුංගි තියපු ලව් බයිට්ස් වහගන්න වෙනම ගේමක් දෙන්න වුනා කෙල්ල dinning room එකට යනකොට සේහා පේන්න නොහිටිය එක සෝයූන්ට සැනසීමක් වුනා

.
ටික ටික හවස් වෙනකොට සෝයූන් රෙඩි වුනේ එයාගේ පූස් බෝයිපෙන් මීට් වෙන්න යන්න සිංදුවක් මුමුනන ගමන් කොන්ඩේ පීරපු කෙල්ල mirror එක ඉස්සරහ වටයක් කැරකිලා හැඩ බැලුවා

" Prefect "

පුංචි හිනාවක් එක්ක මුමුනපු සෝයූන් එයාගේ බෑග් එකත් අරගෙන ෆෝන් එක අතට ගන්නකොට කෝල් එකක් ආවා වෙන කාගෙන් ද ඉතින් එයාගේ කිටීගෙන් තමයි

" යෙබුස්සයෝ කිටී..."

" යෙබුස්සයෝ තමයි තමුසේ අද එනවා ද මම මෙතනට ඇවිල්ලා විනාඩි දෙකක් වෙනවා ඉක්මනට එනවා "

" අ..."

කෙල්ල මොනාහරි කියන්න කට ඇරියත් ඊට කලින් යුංගි කෝල් එක කට් කලා සෝයූන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියේ කේන්තියෙන් මූනත් පුම්බගෙන

" විනාඩි දෙකක් නෙවෙයි අවුරුදු දෙකක් හිටියා වගේ නේ කතාව.."

සෝයූන් මුමුනන ගමන් රූම් එකෙන් එලියට ගියා

" ලොකු බේබි කොහෙද මේ යන්නේ "

කෙල්ල පඩිපෙළ බැහැගෙන එනකොට හම්බුනු අජුම්මා සෝයූන්ගෙන් ඇහුවා

" යුන්වියා හම්බවෙන්න අජුම්මා "

" ඔච්චර හැඩ වෙලා යුන්වි හම්බවෙන්න ලොකු බේබි යනවා දැක්කමයි "

අජුම්මා කෙල්ල දිහා බලාගෙන කියනකොට සෝයූන් අහිංසක හිනාවක් පෑවා

" යන ගමන් ලස්සන කොල්ලෙක් දැක්කොත් ටෝක් කරලා දාගන්න පුලුවන් නේ අජුම්මා "

සෝයූන්ගේ අජුම්මාට ඇහැක් ගහලා කිව්වාම අජුම්මා ඔලුව දෙපැත්තට වැනුවේ මේ කෙල්ලව නම් මේ ආත්මේ හදන්න පුලුවන් එකෙක් නෙවෙයි කියලා හිතෙද්දී

" යන තැනක පරිස්සමින් ගිහින් රෑ වෙන්න කලින් එන්න අනික හැන්සම් කොල්ලෙක්ට ටෝක් කරන්න නේ යන්නේ පොඩ්ඩක් කට පරිස්සම් කරගන්න නැත්නම් ලොකු බේබි කට අරිනකොටම කොල්ලා දුවලා ගිහින් තියේ "

අජුම්මා හිනා වෙවී කියනකොට සෝයූන් ඉනටත් අත් දෙක තියාගෙන බලාගෙන හිටියා

' අජුම්මාආආආඅ"

" මම කිව්වේ බොරු ද..?"

" මම යනවා.."

" රෑ වෙන්න කලින් එන්න "

සෝයූන් ගස්සගෙන යනකොට අජුම්මා හිනා වෙවී කෑගහලා කිව්වා කෙල්ල ගෙදරින් එලියට බැහැලා ටික දුරක් ඇවිදගෙන යනකොට කලු පැහැති car එකක් එයාගේ ලගින් නැවැත්තුවා ඒ කවුද කියලා දන්න නිසාම සෝයූන් car එකට නැග්ගා

" තමුසේ හරියටම විනාඩි 09 ක් පරක්කුයි "

යුංගි අතේ තිබුණු වොච් එක දිහා බලාගෙන කියනකොට කෙල්ල යුංගිට රැව්වා

" මේ professor Min මේක යුනි එක නෙවෙයි මම ඔයාගේ ගර්ල්පෙන් ඔයා මගේ බෝයිපෙන් "

සෝයූන් දත් තිස් දෙකම විරිත්තලා කිව්වා

" පෙන් පෙන් තමයි මොකද තමුසේ ඔය ඇදුමට හොල්මනක් වගේ "

යුංගි කට ඇද කරගෙන කියද්දී කෙල්ල අත දිග ඇරලා පාරක් කොල්ලාට ගැහුවා

" මොකද තමුසේ ගහන්නේ අත කඩාගන්න ආසාවක් ඇවිත් ද.."

" පුහ්...ඔය පූස් ගෙරවිලි වලට මම බය නැ යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැ නේ "

සෝයූන් කොන්ඩෙත් පිටිපස්සට දාලා ගැම්මෙන් කියද්දී යුංගි seat belt එක ගලවලා කෙල්ලගේ මූනට එබුනා සෝයූන් seat එකටම හේත්තු වෙලා කොල්ලා දිහා බලාගෙන හිටියේ කට වරද්ද ගත්තා තමයි කියලා හිතෙද්දී

සෝයූනා....මේ පාරත් උබ කට හින්දා නහින්න යන්නේ...ෆිෂ් නහින්නෙත් කට හින්දා කියනවානේ මම නහින්නෙත් මේ බ්‍රේක් නැති කට හින්දා ඒක මගේ වරදක් නෙවෙයි මාව මවද්දී දෙවියොන්ට කටට බ්‍රේක් දාන්න අමතක වෙලා ඒක නිසා තමයි මේ ඔක්කොම ඉහික් ඉහික් අම්මපා මාව මැව්ව දෙවියන්ට ටින් බෙලෙක්ක ටකරම් වොයිස් එකක් තියෙන වයිෆ් කෙනෙක් හම්බවෙන්න ඕන ඒස්වාහ් පුහ්..

මොකද මොකද්ද මේ පූස් රාල මගේ දිහා රාත්‍රි ආහාරය දිහා බලනවා වගේ බලාගෙන ඉන්නේ ඔය බැල්ලම නම් ශරීර සෞඛ්‍යයට අහිතකරයි වගේ පුතේ කකුල් දෙකට වැදලා දුවන්න තියෙන්නේ දුවනවා කියලා කොහේ දුවන්නමම මේ යකාට මැදි වෙලා නේ ඉන්නේ දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි

සෝයූන් හිත හිත ඉදිද්දී කෙල්ල තද කරලා ඇස් පියාගත්තේ යුංගි ටික ටික කෙල්ලගේ මූනට පහත් වෙනකොට සෝයූන් ගවුමේ කොනක් අතේ ගුලි කරගෙන තොල් තද කරගෙන හිටියේ යුංගිගෙන් කිස් එකක් බලාපොරොත්තුවෙන් කිව්වොත් හරි කෙල්ලගේ හැසිරීම දිහා කට කොනින් හිනාවක් එක්ක බලාගෙන හිටපු කොල්ලා සෝයූන්ගේ කනට ලං වුනා කොල්ලාගේ උනුසුම් සුසුම් සෝයූන්ට එයාගේ බෙල්ලේ වදිනවා දැනෙද්දී කෙල්ලට කිතියක් දැනුනා

" wanna kiss..?"

යුංගි කෙල්ලගේ කන් පෙති වල තමන්ගේ තොල් ගෑවි නොගෑවී කියනකොට සෝයූන් එකපාරට ඇස් ඇරියා

හරිනේ...වස නෝන්ඩිය...අහ්හ්හ්..සෝයූනා උදේ බ්ලැන්කට් එක පටලැවිලා බිම පතබෑවෙනකොට හිතන්න තිබුනා මෙවැනි කරදරයක් කඩාගෙන වැටෙයි කියලා දැන් නම් ඇති ජෙයියෝ අහිංසක මාව පූසෙක් ඉස්සරහ මෙච්චර නෝන්ඩි කරන්න එපා මට කියලා නම්බුවක් කියලා දෙයක් තියෙනවා නේ දැන් කියන්න එපා ඒක නැති වෙලා ගොඩක් කල් කියලා හුවෑව්....සක්‍රයා අයි කිල් යූ ඉහික් ඉහික්..

යුංගි කෙල්ලගේ seat belt එක දාලා සෝයූන්ගේ තොල් මතින් පෙක් එකක් තියලා ඈත් වුනේ කෙල්ල කම්ෆියුස් උන්ගා බුන්ගා කරලා සෝයූන් එහෙම්ම ඉදිද්දී යුංගි car එක drive කරන්න ගත්තා 


" මේහ්..."

" ම්ම්ම්.."

" කොහෙද අපි යන්නේ..?"

සෝයූන් මේ ටිකට ඔය ප්‍රශ්නය අහපු 29 වැනි වතාව මේක

" තමුසෙව මරන්න එක්කගෙන යන්නේ.."

කෙල්ල දිහා බලලා ආපහු ඉස්සරහ බලන ගමන් කොල්ලා උත්තර දුන්නා සෝයූන් කොල්ලාට රවලා අහක බලාගත්තා

" ඔන්න අපි ආවා.."

විනාඩි කිහිපයකට පස්සේ යුංගි car එක නවත්තලා කිව්වා සෝයූන් පේන්න තියෙන විශාල තාප්ප වලින් වට වුනු මන්දිරය දිහා ගේට්ටුවේ ලියවැල් අතරින් බලාගෙන හිටියා

" මේ කොහෙද "

යුංගිගේ දිහා බලන ගමන් කෙල්ල ඇහුවා

" ඇතුලට ගිහින් මම හැමදේම විස්තර කරලා දෙන්නම් "

Seat belt ගලවලා car එකෙන් බහින ගමන් යුංගි කිව්වා සෝයූන් car එකෙන් බැහැලා ගිහින් යුංගි ලගින් හිටගත්තා කොල්ලා සෝයූන්ගේ අතින් අල්ලාගෙන ගේට්ටුව ලගට ගියා ගේට්ටුවෙන් එබිලා බලනකොට වත්තේ වැඩ කරමින් හිටපු වයසක මනුස්සයෙක් ගේට්ටුව ලගට ආවේ යුංගි සහ සෝයූන් දිහා හොදට බලන ගමන්

" මේ මහත්තයලා කවුද..?'

වයසක පිරිමි මනුස්සයා එහෙම අහනකොට යුංගිට පොඩි හිනාවක් ගියා

" මම හිතන්නේ අජුශ්ශිට එයාගේ පොඩි බේබිව අදුරගන්න බැරි වෙලා වගේ "

යුංගි හිනාවක් එක්ක කියනකොට වයසක මනුස්සයාගේ ඇස් කදුලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" පොඩි බේබි..."

අජුශ්ශි ඉක්මනට ගේට්ටුව ඇරලා යුංගිට එන්න ඉඩ දුන්නා අජුශ්ශි යුංගිගේ මූන හරි ආදරෙන් පිරිමැද්දා

" ඉස්සර ඉදපු හුරතල් කොල්ලා ලොකු මහත් වෙලා තියෙන තරමක්..."

යුංගි අජුශ්ශිගේ අත් අල්ලාගෙන හිනා වුනා

" කෝ අජුම්මා "

" යන්කෝ පොඩි බේබි ඇතුලට මම කතා කරගෙන එන්නම්.."

අජුශ්ශි එහෙම කියලා ඉස්සරහට යනකොට යුංගි බැලුවේ පැත්තකට වෙන දේවල් දිහා බලාගෙන ඉන්න සෝයූන් දිහා කෙල්ලට අතින් යන් කියලා සන් කලාම සෝයූන් යුංගිගේ පස්සෙන් mansion එක ඇතුලට ගියා එතකොට ආපු වයසක ගෑනු කෙනෙක් යුංගිව බදාගෙන අඩන්න පටන් ගත්තේ සෝයූන් කටත් ඇරගෙන බලාගෙන ඉන්නකොට

" අනේ මගේ දරුවා....කොච්චර ලොකු වෙලා ද අජුම්මාව පොඩ්ඩක්වත් මතක් වුනේ නැද්ද රත්තරං... මට හැමදාම මගේ පොඩි බේබිව මතක් වුනා "

යුංගිගේ මූන ඉබ ඉබ අජුම්මා කියවගෙන ගියා ඒ ඇස් වල කදුලු නොනවත්වා ගලාගෙන යනවා සෝයූන්ට වෙන දේවල් වල අගක් මුලක් තේරුම් ගන්න බැරුව හිටියේ අනික කෙල්ලට තිබුණු ලොකුම ප්‍රශ්නේ වුනේ යුංගි ඇයි එයාව මෙහෙට එක්කගෙන ආවේ කියන එක

" අජුම්මා දැන් ඇඩුවා ඇති නේ "

යුංගි අජුම්මාගේ කම්බුල් වල තිබුණු කදුලු බිදු පිහිදුවා ඒත් එක්කම අජුම්මාගේ ඇස් නැවතුනේ පැත්තකට වෙලා ඉන්න සෝයූන් ලග

" අර දරුවා පොඩි බේබිගේ වයිෆ් ද...?"

සෝයූන් දිහා බලාගෙන අජුම්මා අහනකොට යුංගි හිනාවක් එක්ක කෙල්ල දිහා බලලා සෝයූන්ව ලගට ගත්තා

" soon to be a wife.."

කෙල්ලගේ ඉන වටේ අතකුත් යවලා යුංගි කිව්වාම සෝයූන්ගේ කම්බුල් රෝස පැහැයට හැරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" අනේ... සුරංගනාවියක් වගේ හරි අහිංසක හිනාවක් තියෙන්නේ පොඩි බේබිගේ හිත යන එක අහන්නත් දෙයක් ද..?"

අජුම්මා කෙල්ලව වර්නනා කරනකොට යුංගිගේ මූනේ ආඩම්බරකාර හිනාවක් ඇදුනා

" ඔය කතා කරා මැදෑ....පොඩි බේබිටයි මේ නෝනාටයි මොනාහරි හදාගෙන එන්න "

" අජුශ්ශි මහන්සි වෙන්න ඕන නැ "

" හැමතිස්සේම එන්නේ නැ නේ පොඩි බේබි මේ අවුරුදු කීයකින් ද ආවේ මම ඉක්මනට මොනාහරි හදාගෙන එන්නම් මේ නෝනාට මොනාට ද කැමති "

" අහ් අජුම්මා මෙයා රේල් පීලි ඇරෙන්න ඕන දෙයක් කනවා.."

යුංගි මැදින් පැනලා එහෙම කිව්වාම සෝයූන් කොල්ලාට මරාගෙන මැරෙන සයිස් බැල්මක් දැම්මා අජුම්මා අජුශ්ශි හිනා වෙවී එතැනින් යනකොට සෝයූන් කොල්ලාව තල්ලු කලා

" බලුකිස්තාන් පුස් පූස් තඩියා තවුසේ මොකද්ද අර කිව්ව සුනඛ කතාව අනික තවුසේ මොකටද මාව මෙහෙට එක්කගෙන ආවේ "

සෝයූන් රවාගෙන කියවගෙන යනකොට කොල්ලා හිනා වුනා

" මම පුංචි කාලේ ඔම්මා අප්පා එක්ක හිටපු mansion එක මේක.."

යුංගි ඇස් පියාගෙන කියනකොට කෙල්ල ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා

" මොහ්....?"

" ම්ම්ම්...මගෙන් ඇහුවා නේ සේයොන් මොකද මම උගේ සහෝදරයා කිව්වේ කියලා "

සෝයූන් රොබෝ කෙනෙක් වගේ ඔව් කියන්න ඔලුව වැනුවා

" ඒ කතාවේ පටගැන්ම තමයි මේ mansion එක "

කෙල්ලගේ අතකින් අල්ලගත්ත යුංගි mansion එකේ garden එකේ තිබුණු බෙන්ච් එකෙන් දෙන්නාම වාඩිවුනා

" අපි හරි සතුටින් ජීවත් වුනු පවුලක් අප්පා ඔම්මාටයි මටයි පන වගේ ආදරේ කලා ඒ වගේම අපිත් ඒත් ඒ ගෑනි ආවාට පස්සේ හැමදේම වෙනස් වුනා මිසිස් හන් නාරා අප්පාගේ පොලිටිකල් ලයිෆ් එකට ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි මිස්ටර් හන් කියන්නේ එයාගේ වයිෆ් නාරා එතකොට සේයොන් කියන්නේ මිස්ටර් හන්ගේ පුතා.."

සෝයූන් කොල්ලා කියන හැම වචනයක්ම අවධානයෙන් අහගෙන හිටියා

" ටික දවසක් ගත වෙනකොට අප්පා වෙනස් වුනා පොඩි දේටත් ඔම්මාට කෑගැහුවා මාත් එක්ක කතා නොකරපු තරම් දවසක් අප්පා රෑ පරක්කු වෙලා ආවේ ඇයි කියලා ඔම්මා ඇහුවාම අප්පා එදා ඔම්මාට ගැහුවා ඔම්මා එදා හොදටම ඇඩුවා අප්පා ගැන හොයලා බලපු එක ද මගේ අහිංසක ඔම්මා කරපු වරද එතකොට මට අවුරුදු 12 ක් විතර තව දවසක්...."

Flashback
Before 21 years

වෙනදා වගේ යුංගි ඉස්කෝලේ ගිහින් බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලටත් ඉදලා mansion එකට දුවගෙන ආවේ ඔම්මාව හොයාගෙන ඒත් මිසිස් මින් යේජි නොහොත් යුංගිගේ ඔම්මා හදිස්සියේ එලියට ගියා කියලා mansion එකේ  වැඩට හිටපු මේඩ් කෙනෙක් කිව්වා කොල්ලා මූනත් දෙක කරගෙන එයාගේ රූම් එකට යනකොට මිස්ටර් මින්ගේ රූම් එක ඉස්සරහ නැවතුනේ ඇහුනු කෙදිරිලි හඩක් නිසා කොල්ලා හිතුවේ මිස්ටර් මින්ට කරදරයක් කියලා

යුංගි හිමින් රූම් එකේ දොර ඇරියාම දැක්කේ හීනෙකින්වත් දකින්න බලාපොරොත්තු නොවුනු දර්ශනයක් ඒ පුංචි ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ යුංගිගේ අතේ තිබුණු බෑග් එකත් එතැනම අතහැරුනා

" අ...අප්පා...."

වෙව්ලන හඩකින් යුංගි කතා කරද්දී නාරා එක්ක නිරුවතින් හිටපු මිස්ටර් මින් බ්ලැන්කට් එකෙන් නිරුවත් ඇගවල් වහගත්තේ යුංගි දිහා පුදුමෙන් බලන ගමන් ඒ දේවල් යුංගිගේ පුංචි මනසට බර වැඩියි යුංගිගේ එතැනින් අඩාගෙන යන්න ගියේ අප්පා ගැන ලොකු කලකිරීමකින්

Flashback Over

එදා දැකපු දේවල් යුංගිගේ මනසේ තදින්ම ඇදිලා තිබුනා කොල්ලාට අඩන්න ඕන නැති වුනත් ඒ ඇස් කදුලින් තෙත් වෙලා තිබුනා ඒත් කදුලු බිදු එකක්වත් කම්බුල් දිගේ ගලාගෙන ගියේ නැ ඇස් වලම හිර වෙලා තිබුනා සෝයූන් කොල්ලාගේ අතකින් තදින් අල්ලගෙන හිටියා

" මේ කතාව මෙතනින් නවත්තමු.."

සෝයූන් කිව්වේ කොල්ලා පරන මතක අවුස්සලා ආපහු දුක් වෙනවා දකින්න ඕන නැති නිසා

" තමුසේ මේ දේවල් දැනගන්න ඕන සෝයූන් "

යුංගි කෙල්ල දිහා බලලා කිව්වා සෝයූන්ගේ ඇස් වලත් කදුලු පිරිලා

" ඊට පස්සේ හදිස්සියේ මිස්ටර් හන් මැරුනා එයා මැරුනා ද මැරුවා ද කියන එක නම් අදටත් අභිරහසක් නාරා සේයොන් එක්කගෙන mansion එකේ නවතින්න ආවා ඔම්මා එදා අප්පා එක්ක ගොඩක් රන්ඩු වුනා අප්පා ඔම්මාව ගෙයින් එලියට තල්ලු කරලා දැම්මා ඒ හැමදේම වෙනකම් මම බයගුල්ලෙක් වගේ පැත්තකට වෙලා අඩ අඩා හිටියා අප්පා ගියාට පස්සේ මම ඔම්මා ලගට ගිහින් සමාව ඉල්ලලා ඇඩුවා ඔම්මාට මම කිව්වා මාව දාලා යන්න එපා කියලා ඔම්මා මට පොරොන්දු වුනා කවදාවත් මාව තනිකරලා යන්නේ නැ කියලා මට ඒ දවස අද වගේ මතකයි ඒත් ඔම්මා මට දුන්නු පොරොන්දුව කඩලා මාව තනි කරලා යන්න ගියා "

අන්තිම ටික කියද්දී යුංගිට ඇඩුනා සෝයූන් කොල්ලාව එයාගේ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා යුංගි පොඩි දරුවෙක් වගේ ඉකිගසමින් අඩනවා කොල්ලා විතරක් නෙවෙයි සෝයූන්ට ඇඩුනා ඔය වයසේ දී සෝයූන්ට කිසිදේක බරපතලකමක් නැ හරි සරලව ෆන් එකේ ජීවත් වුනු කෙල්ලෙක්

" ශ්ශ්ශ්.....අඩන්න එපා කෝ ඔය කදුලු පිහිදගන්න ම්ම්ම් ඔය කදුලු ඔයාට ගැලපෙන්නේ නැ කිටියෝ ඔම්මාට මොකක් හරි හේතුවක් තියෙන්න ඇති ඔයාව තනි කරලා දාලා යන්න තරම්.."

සෝයූන් එයාගේ වචන වලින් කොල්ලාව පුලුවන් තරම් සනසන්න උත්සාහ කලා

Flashback

අවුරුදු 14 ක් වුනු යුංගි හිටියේ සේයොන්ගේ ඇදුමේ කොලර් එකෙන් අල්ලාගෙන කේන්තියෙන් පුපුරනන ගමන්

" උබ මොකද්ද යකෝ ඒ කරපු වැඩේ තේරුම "

යුංගි කේන්තියෙන් ඇහුවාම සේයොන් කලේ සමච්චලේට වගේ හිනා වුනු එක

" ඒ කුනුගොඩ විසි කරන්න හැදුවේ "

සේයොන්ගේ වචන එක්ක තවත් කේන්ති ගියපු යුංගි සේයොන්ගේ මූනට අත මිට මොලවලා පාරක් ගැහුවා

" මගේ ඔම්මාගේ ෆොටෝ එකට තෝ කුනු ගොඩ කිව්වේ උබයි උබේ ඔම්මායි තමයි යකෝ කුනුගොඩ "

යුංගි එහෙම කියලා සේයොන්ට බිම දාගෙන ගැහුවා සද්දේ ඇහිලා ඒ පැත්තට ආපු මිස්ටර් මින්ට දැකගන්න ලැබුනේ යුංගි බිම දාගෙන ගහන සේයොන්

" යුංගි එහාට වෙනවා.."

මිස්ටර් මින් කෑගහගෙන ඇවිත් සේයොන්ගේ ඇග උඩ හිටපු යුංගිව තල්ලු කරලා දැම්මා

" පුතේ ඔයා හොදින් ද..මේ ලේත් ඇවිල්ලා.."

මිස්ටර් මින් බිම වැටිලා හිටපු සේයොන් නැගිට්ටවලා කලබලයෙන් ඇහුවා යුංගිගේ පාරවල් වල සැරට සේයොන්ගේ නහයෙන් ලේ ඇවිල්ලා තිබුනා යුංගි ඒ දේවල් දිහා බලාගෙන ඉදියේ කොල්ලාගේ හිත හොදටම රිදෙද්දී

" මොකද්ද යුංගි තමුසෙට වෙලා තියෙන්නේ මේ තමුසෙගේ මල්ලී තමුසේ තවත් මෙහෙම හැසිරෙනවා නම් තමුසෙගේ ඔම්මාට වගේම තමුසෙටත් යන්න පුලුවන් ආපහු කවදාවත් එන්න බැ "

" අප්පා....මම කියන දේ පොඩ්ඩක් අහන්න මූ තමයි ඔම්මාගේ ෆොටෝ එක හිතාමතා බිම වැට්ටුවේ උබට මම "

යුංගි ආපහු සේයොන්ට ගහන්න පනිනකොට මිස්ටර් මින්ගෙන් ලැබුනු කම්බුල් පාරත් එක්ක කොල්ලා ෆොටෝ එක බිදිලා විසිරිලා තිබුණු වීදුරු කෑලි උඩට වැටුනා

" තමුසේ තවත් මෙහෙම හැසිරෙනවා නම් අන්න දොර තියෙනවා තමුසෙට යන්න පුලුවන් "

යුංගිට කෑගහපු මිස්ටර් මින් සේයොන් එක්කගෙන ගියා ඒ අතරේ යුංගි දිහා බලලා සමච්චලේට හිනා වෙන්න අමතක කලේ නැ වීදුරු කටු උඩින් නැගිට්ට යුංගි තමන්ගේ සීරුනු අත් දිහා බලාගෙන ඉදලා තීරණයක් ගත්තා ඒ තවත් මේ mansion එකේ ඉන්නේ නැ කියලා

Flashback Over

To be continue.................♡︎

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!❤️🌿

Words 3000+

මේ අලුත් අවුරුද්දේ කමෙන්ට්ස් වැස්සක් බලාපොරොත්තු වේ

Bạn đang đọc truyện trên: AzTruyen.Top