匚卄卂卩ㄒ乇尺 21🐾

සතියක් ඇහිපිල්ලම් ගහන වේගෙන් ගෙවිලා ගියේ ලැබුනු නිවාඩුවෙන් කස්ටිය උපරිමයෙන් විනෝද වෙද්දී ඒ අතරේ වුනු හොදම දේ තමයි මිනායා ප්‍රග්නට් වුනු එක ජිනයියාගේ වැඩ තමයි ඉතින් එදා හැමෝම ජින් අල්ලාගෙන බයිට් කරන්න ගත්තේ ජිනයියාගේ වැඩ පෙන්නන්න ජේජුම එන්න වුනා කියලා

යුන්වි ජන්කූක් දෙන්නාත් ටික ටික ලං වුනා දෙන්නා තමන්ගේ හිත් වල තියෙන දේවල් හිත යට හංගාගෙන ඉන්නවා සෝයූන් යුන්විගේ හිතේ තියෙන දේවල් එකසැරයක් ජන්කූක්ට කියන්න ගියත් යුන්වි ගහ්පු සපත්තු පාරක් නිසා වගේම කිචන් එකේ ටැප් එක කැඩුවේ සෝයූන් කියලා ජින්ට කියනවා කියලා බ්ලැක්මේල් කරපු හින්දා කෙල්ලට කට වහගෙන ඉන්න වුනා

ඉතින් හැමදේම මේ විදියට සිද්ධ වෙද්දී සෝයූන්ගෙයි යුංගිගෙයි ආදර කතාව හැමෝටම රහසක් වුනා හැමෝටම කිව්වාට ජින්ටයි නම්ජූන්ටයි ඇරෙන්න දවසක් රෑ නිදිමරගාතේ වතුර බොන්න ආපු නම්ජූන්ට දැකගන්න ලැබුනේ කිචන් එකට වෙලා පෙම් සුව විදින සෝයූනුයි යුංගියි දෙන්නා කොල්ලා හිතුවේ නිදිමතේ විකාර පේනවා කියලා ඒත් එදා යුනි එකේ සිද්ධිය මතක් වුනු නිසා නම්ජූන් උගුර පාදලා දෙන්නා දිහා බලාගෙන හිටියා අවසානයේ දී සෝයූන් ඔක්කොම විස්තර කරලා නම්ජූන්ට කියන්න සිද්ධ වුනා

අද තමයි කට්ටිය ආපහු සෝල් යන දවස තව ටික දවසක් ජේජු වල ඉන්න ඕන වුනත් මිනායා ප්‍රග්නට් වුනු නිසා ආපහු ඉක්මනට සෝල් යන්න තීරණය කලා ඒ අනුව මේ අවස්ථාව වන විට ජේජු mansion එක තුන්වැනි ලෝක යුද්ධයට අහුවෙලා වගේ තිබුණේ ජින්ට නම් හැගී ගියේ තමන් මානසික රෝහල ඉන්නවා වගේ

කොහොමින් කොහොම හරි කට්ටිය රෙඩි වෙලා බස් එකට නැග්ගේ ආපහු සෝල් යන්න  ඔක්කොම ගිහින් බස් එකට නැග්ගට පස්සේ අන්තිමට ආවේ ජිමින් සෝයූන් දෙන්නා ජිමින් ගිහින් ටේහ්‍යුන් ලගින් වාඩිවෙලා කයියක් ගහන්න පටන් ගත්තේ සෝයූන් පිටිපස්සේ ඉදපු යුංගිට රවාගෙන නම්ජූන් ලගින් වාඩිවුනා

" ඔක්කොම හරි ද ලමයි මොනාහරි අමතක කරලා දාලා ආවේ නැ නේ ටේ..."

ජින් අන්තිම ටික ටේහ්‍යුන් දිහා බලාගෙන අහද්දී කොල්ලා ටික වෙලාවක් කල්පනා කලා

" අනියා...හියුන්ග් මට එහෙම අමතක වෙනවද "

කොල්ලා පෙට්ටි හිනාව ප්‍රදර්ශනය කරලා කිව්වා

",ඒ ගැන මොකට කියනවාද "

ජින් එහෙම කියලා වාඩිවුනා නම්ජූන් බලාගෙන හිටියේ තමන්ගේ එහා පැත්තේ අත් දෙකත් බැදගෙන මූනත් පුම්බගෙන ඉන්න සෝයූන් දිහා

" යුංගි හියුන්ග් ලගට යන්නේ නැද්ද"

නම්ජූන් ඇහුවාම කෙල්ල කිසිදෙයක් නොදන්න නම්ජූන්ට රවලා ඉස්සරහ බලාගත්තා

" මොන වරදක් කලාට ද මට රවන්නේ "

" මට ඕන හින්දා "

ගහන්න වගේ කියලා දාපු කෙල්ල අහක බලාගත්තා

" ඔච්චර කේන්ති යන්න මොකද වුනේ "

" කොට බලුකිස්තාන් පූස් තඩියා මම කියලා කෙනෙක් නැති ගානට අර කෙල්ල එක්ක හිනා වුනු විදිය දැක්කා ද...? වෙන කෙල්ලෝ එක්ක හිනා වෙන්න පුලුවන් ඒත් මාත් එක්ක පොඩ්ඩක් කටවත් ඇදලා හිනා වෙනවද...? මට එන කේන්තියට අර කෙල්ලගේ කොන්ඩ ගහ ගහ ගලවනවා නියපොතු ගලවලා වැම්පයර් කෙනෙක් වගේ ලේ බොනවා නෝ නෝ ඔය slut ලාගේ ලේ බීලා මට සමාජ රෝගයක් හැදෙයි ඒ හින්දා මම ඕකිගේ ඇගට දිමිගොට්ටක් දාලා කුරුලු පිහාටුවකින් කිති කවනවා අහ්හ්හ්හ්හ්.. මට එන කේන්තියට ඒකිව මරාගෙන මැරෙන්න හිතෙනවා "

සෝයූන් අත පය විසි කරන ගමන් යුංගි එක්ක ඊයේ බීච් එකේ හුරතල් වෙවී කතා කරපු කෙල්ල අවසන් ගමන් යවන විදිය නම්ජූන්ට කිව්වා හැබැයි සෝයූන්ට කේන්ති ගියේ ඔක්කොටම වඩා යුංගි ඒ කෙල්ල එක්ක හිනා වුනු හින්දා

" කල් ගිහින් හරි යුංගි හියුන්ග්ට ගැලපෙනම කෙනා හම්බුනු එක මම ඇත්ත වශයෙන්ම සතුටට පත් වෙනවා.."

" යැයි යැයි තමයි "

කට ඇද කරලා කියපු සෝයූන් ශිට් එකට ඔලුව හේත්තු කරගෙන මකරෙක් වගේ පිම්බා නම්ජූන් කෙල්ලගේ වැඩ දිහා බලාගෙන හිනා වෙවී හිටියේ

" මොකද තමුසෙට කේන්ති ගිහින් "

ජිමින් ඇහුවේ කේන්තියෙන් පුපුරන සෝයූන් දිහා බලාගෙන

" කේන්ති ගිහින් නැ ඇවිත් තියෙන්නේ වේ තමුසෙට ප්‍රශ්නයක් ද..? තමුසේ ගිහින් තමුසෙගේ අන්තඃපුරේ ඉන්න කෙල්ලෙක් ගැන හොයාගන්නවා කොට පාත්තයා "

සෝයූන් බැනගෙන යනකොට කොට පාත්තයෙක් උප්ස් සොරි ජිමින් සෙල්සියස් අංශක එකසිය ගානට රත් වීගෙන ආවේ ලිප උඩ තියෙන කෙටල් එකක වතුර උනු වෙනව වගේ

" තවුසේ හරි උසයි වගේ නේ කතාව හැන්සම් කොල්ලෙක් දැක්කොත් ඇස් දෙකෙන් දූසනය කරලා තියෙනවා ද..? වැඩිය ඕන නැ තමුසේ ලගින් වාඩිවෙලා ඉන්න නම්ජූන් හියුන්ග්ව කීපාරක් රේප් කලා ද..?"

ජිමින් වක්කඩේ කැඩුවා වගේ කියාගෙන යද්දී සෝයූන්ට කොල්ලාට නියගලා අලයක් කවලා ඉගුරු දාපු තේ එකක් පොවලා හන් ගගේ කිඹුලියෙක්ට බන්දලා දෙන්න හිතුනා නම්ජූන් ඇස් ලොකු කරගෙන පපුවට අත් දෙකත් තියාගෙන කෙල්ල දිහා බලාගෙන හිටියේ ඇත්තටම සෝයූන් නම්ජූන්ව රේප් කරන්න හැදුවා

" ඔප්....."

කෙල්ලට වචනේ සම්පූර්ණ කරන්නත් කලින් එතැනින් නැගිටලා ගියේ ජිමින්ව මරාගෙන කන්න සෝයූන්ට හිතෙද්දී කෙල්ලගේ dirty mind එක ගැන දැනගෙන හිටියේ ජිමින් යුන්වි විතරයි අනිත් අය ඉස්සරහ මොන විකාර වැඩේ කලත් කෙල්ලගේ dirty mind එක එලියට එන්න සෝයූන් ඉඩ දුන්නේ නැ

" අහිංසක මාවත් මේකි රේප් කරාද දන්නේ නැ "

ටේහ්‍යුන් බයෙන් වගේ කියද්දී සෝයූන් කේන්තියෙන් හුස්මක් පිට කලා

" මම ප්‍රතිපත්තියක් වශයෙන් පිටසක්වලයෝ රේප් කරන්නේ නැ "

සෝයූන් කටත් ඉරක් වගේ කරගෙන කියද්දී අනිත් අය හිනා වෙන්න පටන් ගත්තා ඒ අතරේ හොර පූසෙක් කෙල්ල ලගින් ඇවිත් වාඩිවුනේ සෝයූන් අහක බලාගෙන ඉදිද්දී කෙල්ල දන්නවා කවුද වාඩිවුනේ කියලා ඒ හින්දා අමුතුවෙන් බලන්න දෙයක් තිබුණේ නැ

යුංගි කෙල්ලගේ උකුලේ තිබුණේ සෝයූන්ගේ අතකින් අල්ලගනිද්දී කෙල්ල හැදුවේ යුංගිගේ අතින් තමන්ගේ අත බේරගන්න වුනත් කොල්ලා සෝයූන්ගේ අතේ ඇගිලි අතර තමන්ගේ අතේ ඇගිලි පටවලා ගත්තා කෙල්ල යුංගිට රවලා අහක බලාගත්තා

දැන් කතා කලොත් කොල්ලාගේ කේන්තිය ඇවිස්සෙන නිසා යුංගි මුකුත් නොකියා සෝයූන්ගේ උරහිසෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා ගෙවුණු සති කිහිපයටම සෝයූන් කොල්ලාගේ උනුසුම් පපුවට තුරුල් වෙලා නිදා නොගත්තේ ඊයේ විතරයි කෙල්ල කේන්තියෙන් හිටපු නිසා කොල්ලා ලගට ගියේ නැ වගේම යුංගි කෙල්ල ලගට ආවාම බැනලා එලවගත්තා

එකපාරට බෙල්ලට කිතියක් වගේම උරහිසට බරක් දැනුනු නිසා සෝයූන් බැලුවේ යුංගිව තල්ලු කරලා දාන්න හිතුනත් සන්සුන්ව ඇස් පියාගෙන ඉන්න යුංගිගේ අහිංසක මූන දකිද්දී කෙල්ලගේ කේන්තිය අඩු වුනා කිව්වොත් හරි

" මගේ කිටියා..."

සෝයූන් කොල්ලාගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් කිව්වාම යුංගිගේ මූනේ සිහින් සිනාවක් රැදුනා යුංගි එහෙම්ම ඇස් පියාගෙන හිටියා

" මට බඩගිනියි ඔම්මාආආආආ"

" ඔම්මා මෙතන නැ පොඩි ඇටයෝ.."

යුන්වි කෑගහනකොට ටේහ්‍යුන් කිව්වේ ඉස්සරහ ශිට් එකේ හිටපු කෙල්ලගේ ඔලුවට අතින් පාරක් ගහන ගමන්

" මොකද තමුසෙගේ අත දිග වැඩි ද.."

" අත විතරක් නෙවෙයි හලෝ වෙන තැනුත් දිගයි.."

ටේහ්‍යුන් ඇහැක් ගහලා කියනකොට යුන්විට ශිට් එක උඩ දනහිස ගහගෙන කොල්ලාගේ පැත්තට හැරුනා ඊට පස්සේ ටේහ්‍යුන්ගේ බෙල්ල අත් දෙකෙන්ම අල්ලාගෙන යුන්වි හොල්ලන්න පටන් ගත්තා

" මම තොගේ දිග එක කපලා සුනඛයොන්ට කන්න දෙනවා දැනගනින් "

" කැහ්....පොඩි ඇටයෝ...අ..අතහැරපිය... ම්..මගේ බෙල්ල... w..world..fa..mous a..actor කෙනෙක්ගේ බෙ..ල්ලක් අල්ලාගෙන ඉන්නේ ජින් හියුන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්"

කොල්ලා යුන්විගේ අත් වලින් බේරෙන්න ට්‍රයි කරන ගමන් කෑගැහුවා

" උබේ කට හින්දා නේ නහින්නේ මට කරන්න දෙයක් නැ ඔම්මාට එක පුතෙක් නැති වුනා කියලා ගානක් දැනෙන එකක් නැ "

ටේහ්‍යුන්ගේ අවසාන බලාපොරොත්තු වුනු ජින් කියද්දී කොල්ලා ජීවිතය පිලිබද ඇති සියලු බලාපොරොත්තු අතහැරියා

" බබා....ටේ හියුන්ග්ගේ බෙල්ල අතහරින්න තව තද වුනොත් අද රාත්‍රියේ නිව්ස් Headlinesවල යයි ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පි Kim Taehyung තම නැගනිය අතින් ඝාතනය වෙයි කියලා "

ජන්කූක් එහෙම කියන ගමන් යුන්විගේ අත් වලින් අල්ලගනිද්දී ටේහ්‍යුන්ගේ බෙල්ල යුන්වි අතහැරියා නෙවෙයි අතහැරුනා ජන්කූක් කෙල්ලගේ අත් අල්ලපු පාර එයාට දැනුනේ ඇග පුරාම සමනල්ලු තටු ගහනවා වගේ ෆීලින් එකක් ඒ හින්දායි ටේහ්‍යුන්ගේ ජීවිතය බේරුනේ

" restaurant එකකින් මොනාහරි කාලා යමු නැත්නම් මේකිගේ කැඩිච්ච රේඩියෝ එක ඇරගත්තාම ඔලුව රිදෙනවා "

" ඔප්පාගේ කට ඇරියාම අපිට දැනෙන්නේත් එහෙම තමයි "

යුන්වි හෙමින් මුමුනනකොට ජින් කෙල්ල දිහා ඇහිබමක් උස්සගෙන බැලුවේ මොනාහරි කිව්වා ද කියලා අහන්න වගේ යුන්වි හිනාවක් එක්ක ඔලුව දෙපැත්තට වැනුවා restaurant එක ඉස්සරහින් බස් එක නැවැත්තුවා

" සෝයූන්ට නම් එන්න වෙන එකක් නැ වගේ "

හෝසොක් කෙල්ල දිහා බලාගෙන හිනාවක් එක්ක කියද්දී සෝයූන්ගේ කම්බුල් යාන්තම් රෝස පැහැයට හැරුනා

" දෙන්නාට අපි කන්න අරගෙන එන්නම්.."

මිනායා හිනා වෙවී කිව්වාම සෝයූන් ඔලුව වැනුවා

" සෝල් ගියාම මේ වෙන දේවල් ගැන වාර්තාවක් සැපයුවොත් හොදයි "

ජිමින් කෙල්ල දිහායි යුංගි දිහායි බලලා ගියා අනිත් අයත් එක එක දේවල් කියලා යන්න ගියේ සෝයූන්ගේ කම්බුල් රතු වෙද්දී ඒත් එක්කම සීතල සොෆ්ට් යමක් බෙල්ලේ ගැටෙනවා දැනෙනකොට සෝයූන් ගැස්සිලා ගියා

" මොනාද කරන්නේ "

මෙච්චර වෙලා නිදාගෙන වගේ ඉදපු යුංගි කෙල්ලගේ බෙල්ල අස්සේ මූන හංගගෙන සෝයූන්ගේ බෙල්ල උරහිස් කිස් කරනවා ඒක තමයි කෙල්ලට සීතලට දැනුනේ

" පිටිපස්සට යන්.."

Sleepy voice එකකින් කිව්ව යුංගි කෙල්ලගෙන් ඈත් වෙලා නැගිටලා පිටිපස්සෙම ශිට් එකට ගිහින් වාඩිවුනා සෝයූන් ගිහින් කොල්ලාගේ ලගින් වාඩිවුනාම කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගත්තා

" තමුසේ මහ ඉරිසියාකාර කෙල්ලෙක් සෝයූන් "

යුංගි කෙල්ලගේ මූන දිහා බලාගෙන කිව්වා සෝයූන් ඇස් කැරකෙව්වා

" ඒ ඉරිසියාකාර කෙල්ලට මම කැමතියි "

කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් යුංගි කිව්වා

" මගේ හිත කවදාවත් වෙනස් වෙන්නේ නැ සෝයූන් මෙච්චර කාලෙකට මගේ හිත හොරකම් කරන්න පුලුවන් වුනු එකම කෙල්ල තමුසේ බය වෙන්න එපා මම හැමදාටම තමුසෙගේ විතරයි "

කොල්ලා එහෙම කියද්දී සෝයූන් හිත යටින් කෑගහලා නටන ගමන් හිටියේ කෙල්ලට සතුටුයි ඒ ආඩම්බරකාර හිත හොරකම් කරන්න පුලුවන් එකම කෙල්ල එයා කියලා යුංගි කියද්දී සෝයූන්ට ආඩම්බරයක් දැනුනා

" ඒ උඩැක්කිය එක්ක මොකටද හිනා වෙන්න ගියේ ඒ හින්දා මට කේන්ති ගියේ..?"

" මම හිනා වුනේ නැ තමුසෙට පිස්සු "

" මගේ මනෝ විකාර කියලා ද කියන්නේ "

" යේ..."

" අනියා....තමුසේ හිනා වුනා කිටි ඒක පිලිගන්නවා "

" විකාර නොකියා මගේ ඔලුව අතගානවා මට නිදිමතයි "

කොල්ලා සෝයූන්ගේ අතක් තමන්ගේ ඔලුව මතින් තියලා අනිත් අත එයාගේ පපුව මතින් තියාගෙන ඇස් පියාගත්තා සෝයූන් කොල්ලාගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යැව්වා 

" ඊයේ නිදාගත්තේ නැද්ද.."

" මගේ cute plushi නැතුව නින්ද ගියේ නැ "

" මොහ්....?'

කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන කොල්ලා දිහා බලාගෙන ඉදිද්දී යුංගි ඇස් පියාගෙන හිනා වුනා

" නිදි ද...?"

ටිකකින් කෙල්ල ඇහුවා කොල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසාත් යුංගිගේ හුස්ම වැටෙන රටාවත් එක්ක තේරුම් ගියා කොල්ලාට නින්ද ගිහින් කියලා

" පූසෙක්ම තමයි "

සෝයූන් මිමිනුවා යුංගිගේ ඔලුව අතගාන ගමන් කෙල්ල ජනේලයෙන් එලිය බලාගත්තා කොච්චර හිනා වෙලා නෝමල් එකේ හිටියත් සේයොන්ගේ වචන කෙල්ලගේ ඔලුව තිබුනා කෙල්ලට මේ දේවල් මහ හිසරදයක් වෙලා තිබුණේ

කෙල්ල ඒ දේවල් ගැන කල්පනා කරන අතරේ අනිත් අය කාලා බීලා ආවා

" හම්මේ මුන් දෙන්නා..."

ටේහ්‍යුන්ගේ කටහඬ එක්ක සෝයූන් ගැස්සිලා ගියා යුන්වි දෙන්නාට ගෙනාපු කෑම එක සෝයූන්ට දුන්නා

" මටත් නොකියා උබ පවුල් ටෙම්පල් එකක් වුනා නේ "

යුන්වි එහෙම කියලා යද්දී සෝයූන් හිනා වුනා

.
ටික ටික සෝයූන් වලට ලං වෙනකොට යුංගි ඇහැරිලා කෙල්ල බෙල්ල අස්සේ මූන හංගගත්තා

" සෝයූනා..."

" ම්ම්ම්ම්...."

" බේබි..."

සෝයූන් බෙල්ල හරවලා කොල්ලා දිහා බැලුවේ කවදාවත් යුංගි එහෙම කතා කරලා නැති නිසා

" වේ....?"

" අරූගෙන් පරිස්සමින් වෙලා ඉන්න තමුසෙට ඌ මොනාහරි කිව්වොත් කෝල් හරි කලොත් අනිවාර්යයෙන් මට කියන්න ඕන නැත්නම් තමුසෙට මම තරම් නරක කෙනෙක් නැති වෙයි "

කෙල්ලගේ කම්බුලක් පිරිමදින ගමන් ගැඹුරු හඩකින් කිව්වේ සෝයූන් ඔලුව වනද්දී

" මම ඔය ගොලු භාෂාව දන්නේ නැ ඕයි කටින් උත්තර දෙනවා.."

" හරි හරි තේරුනා "

සෝයූන් රවාගෙන කියද්දී යුංගි කට කොනින් හිනා කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දුන්නාම සෝයූන් ඇස් ලොකු වුනා කෙල්ල වේගෙන් ඇසිපිය ගැහුවේ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව

" දැන්වත් ඔය ලමයට යන්න දෙනවද යුංගි "

ජින් කෑගහලා කිව්වා

" අයිෂ් හියුන්ග් කෑවා කෑවා "

ජිමින් කෑගැහුවේ මෙච්චර වෙලා බලාගෙන ඉදපු රොමෑන්ටික් ෆිල්ම් එක විනාස වුනු නිසා  කොල්ලා හොරාට ඔක්කොම බලාගෙන හිටියේ

" කටවහගෙන හිටපන් පොඩි එකා උබත් මෙතනින් බැහැපන්.."

ජින් එහෙම කිව්වාම ජිමින් මූනත් නරක් කරගෙන බස් එකෙන් බැස්සා සෝයූන් යුංගිගේ කම්බුලට කිස් එකක් දීලා බස් එකෙන් බැස්සේ අනිත් අයගේ විහිලු මැද්දේ

සෝයූන් හිනා වෙවී බස් එකෙන් බැහැලා යද්දී දැක්කේ කන්න වගේ තමන් දිහා බලාගෙන ඉන්න කොට පාත්තයෙක් සෝයූන් හිනාව නවත්තගෙන කොල්ලා ලගට ගියා

" තමුසෙව අල්ලගන්න තමයි මම හිටියේ "

" මොකද දන්නේ නැ "

කෙල්ල අහස දිහා බලාගෙන කිව්වා

" දන්නෙම නැද්ද ලොකු නෝනා.."

ජිමින් ඉනටත් අත් දෙක තියාගෙන ඇහිබමක් උස්සගෙන කෙල්ලගෙන් ඇහුවාම සෝයූන් පොඩි බබෙක් වගේ ඔලුව දෙපැත්තට වැනුවා

" ඔම්මපා මට මේකිගේ ඔලුව ගැලවිලා යන්න තමුසේ යුංගි හියුන්ග් අල්ලාගෙන නටන නාඩගම මොකද්ද "

මෙච්චර වෙලා හෙන ජොලියේ හිටපු කෙල්ල සීරියස් විදියට ජිමින් දිහා බැලුවා

" මම...."

" ඔව් තමුසේ "

" මම...."

" තමුසේ ඉතින් "

" මම "

" තමුසේ ඕක අද කියනවාද මැම මැම ගගා ඉන්නේ "

" මම Professor Min ට ආදරෙයි "

සෝයූන් එහෙම කියලා බිම බලාගත්තා ජිමින් මුකුත් නොකියා විනාඩි කිහිපයක් ඉන්නකොට කෙල්ල බයෙන් වගේ ඔලුව ඉස්සුවා ජිමින් ලගට ඇවිත් කෙල්ලගේ ඔලුව අතගෑවේ සෝයූන් කොල්ලා දිහා පුදුමෙන් බලාගෙන ඉදිද්දී

" සෝයූන්......ඔයා මගේ පුංචි නංගි පොඩි කාලේ ඉදලා අපි දෙන්නා එකට හැදුනේ අපි අතර කිසි රහසක් තිබුණේ නැ අපි දුක සැප හැමදේම බෙදාගත්තා දන්නවා ද දෙයක් ඔයා ටික ටික ලොකු වෙද්දී මම බයෙන් හිටියේ ඔයාට boyfriend කෙනෙක් හම්බවෙලා මාව අමතක කරයි "

ජිමින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" කවුරු කොහොම මගේ ජීවිතේට ආවත් ඔයා හැමදාම මගේ ඔප්පා මම කොහොමද අනේ මේ කොට පාත්තයා අමතක කරන්නේ "

සෝයූන් තොල් උල් කරගෙන කියන ගමන් කොල්ලාගේ කම්බුල් වලින් අල්ලලා මිරිකුවා

" කවුද යකෝ කොට පාත්තයා "

ජිමින් කේන්තියෙන් අහනකොට කෙල්ල ජිමින්ගේ කම්බුල් අතහැරලා උසෙන් බෝල්ඩ්ගේ හැල්මොනී වැහිලා වගේ දුවගෙන ගියේ ජිමින් සෝයූන්ගේ පස්සෙන් දුවගෙන එද්දී සෝයූන් ගෙදර දොරත් ඇරගෙන හිනා වෙවී දුවගෙන ආවත් living room එකේ හිටපු කෙනා දැක්කාම සෝයූන්ගේ හිනාව අතුරුදහන් වෙලා ගියා

" කොහොමද සෝයූන් "

සෝයූන් බය වෙලා බලාගෙන ඉන්නේ මොකද කියලා බලන්න ජිමින් living room එකට ආවේ එතකොට දැක්කේ සෝයූන් දිහා අමුතු හිනාවක් දාගෙන බලාගෙන ඉන්න සේයොන්

" දුව ආවද්... මේ පුතා මේ දවස් ටිකේම මෙහේ නිතර නිතර ආවා ගියා පුතා බොන්න "

සේහා හිනාවක් එක්ක කියන ගමන් හදාගෙන ආපු ඔරේන්ජ් ජූස් එක මේසය මතින් තැබුවා

" මේ කවුද සේහා ආන්ටි..."

ජිමින් සේයොන් දිහා බලාගෙන ඇහුවේ කොල්ලාට සේයොන්ව ඇල්ලුවේ නැති හින්දා

" මේ අපේ සෝයූන් මැරි කරන්න ඉන්න පුතා "

" මොකක්...?"

සේහා හිනාවක් එක්ක කිව්වාම ජිමින් ගේ දෙක වෙන්න හයියෙන් කෑගැහුවේ පුදුමෙන්

" මොකද කෑගහන්නේ ජිමින්..."

සේහා ජිමින්ට රවාගෙන ඇහුවා

" සෝයූන් තාම යුනි යන ලමයෙක් මෙච්චර ඉක්මනට එයාට මැරේජ් එකක් කරන්න පිස්සු ද අනික ඔයා ඇහුවා ද සෝයූන් මේකට කැමති ද කියලා "

" සෝයූන් මොකටද අකමැති වෙන්නේ මේ දරුවාට මොනාද අඩු සෝයූන්ට හැමදාම සතුටින් ඉන්න පුලුවන් අනික ජිමින් මම එයාගේ ඔම්මා මම සෝයූන්ට වරදක් වෙන දෙයක් කරන්නේ නැ "

සේහා තදින් කියද්දී ජිමින් තව මොනාහරි කියන්න ගියත් සෝයූන් කොල්ලව නැවැත්තුවා

" ඔම්මා මේ මැරේජ් එක වෙන්නේ නැ මම මෙයාට කැමති නැ එච්චරයි ආපහු මෙයාට මෙහේ එන්න එපා කියන්න "

සෝයූන් සේයොන්ට රවලා කිව්වා

" සෝයූන් විකාර වැඩ නොකර ඉන්නවා ඒ දරුවා එක්ක කතා කරලා ආශ්‍රය කරලා පස්සේ තීරණයක් ගන්නවා මෝඩ වැඩ නොකර "

" ඔම්මා කොහොම කිව්වත් මගේ තීරණයේ වෙනසක් නැ "

" අහ්ම් ආන්ටි මම ගිහින් එන්නම් මම හින්දා ඔයාලා රන්ඩු වෙන්න ඕන නැ "

සේයොන් අහිංසක මූනක් මවාගෙන කියද්දී කෙල්ලට හිතුනේ පැනපු ගමන් මූන සමතලා වෙන්න දෙක තුනක් ඇනගෙන යන්න

",ඒත් පුතා..."

" මම යන්නම් ආන්ටි.."

සේයොන් එහෙම කියලා සෝයූන් දිහා බලලා කට කොනින් හිනා වෙලා යන්න ගියේ ජිමින් කේන්තියෙන් ඒ දිහා බලාගෙන ඉදිද්දී

" තමුන්ට පිස්සු හැදිලා ද සෝයූන් සේයොන් මොනවා හිතන්න ඇද්ද ඒ prime minister ගේ එකම පුතා දේපල ධනය බලය හැමදේම තියෙනවා මොනවද තියෙන අඩුව තමුන් එයාව මැරි කලොත් අපිට කොච්චර ලොකු වාසියක් ද පොඩ්ඩක් මොලයක් නැද්ද ජීවිත කාලෙක රැජිනක් වගේ හොදට ජීවත් වෙන්න පුලුවන් "

සේහා කියවගෙන යනකොට සෝයූන් කලකිරීමකින් මේ දිහා බලාගෙන ඉදියේ

" මොලයක් තියෙන ලමයෙක් නේ පොඩ්ඩක් හිතලා බලන්න අප්පා වගේ කෑගහන්නේ නැතුව..."

" සේහා කටවහගන්නවා "

මෙච්චර වෙලා හැමදේම දිහා බලාගෙන හිටපු සෝයූන්ගේ ඉමෝ කෑගැහුවා ඉමෝ හොදටම දැක්කා සේයොන් දැක්කාම කෙල්ලගේ මූනේ තිබුණු හිනාව අතුරුදහන් වෙනවා කෙල්ල සේයොන්ට අකමැතියි කියන්න තවත් හේතු ඉමෝට ඕන වුනේ නැ

" සෝයූ මහන්සි ඇති නේ මගේ මැනිකට ගිහින් වොෂ් එකක් දාගන්න "

" හරි ඉමෝ..."

කෙල්ල එහෙම කියලා එයාගේ රූම් එකට ගියා

" චිමී ඔයත් ගෙදර යන්න මහන්සි ඇති නේ "

" හරි ඉමෝ "

කොල්ලා හිනා වෙලා ගියාම ඉමෝ හැරුණේ සේහාගේ පැත්තට

" සෝයූන් ගැන තවත් සේහා වද වෙන්න ඕන නැ අපිට පුලුවන් එයා ගැන බලාගන්න "

ඉමෝ කේන්තිය පාලනය කරගෙන කිව්වා

" එහෙනම් මොකටද පාර්ක් මාව මැරි කලේ..?"

" ඒක තමයි මගේ මල්ලි කරපු ලොකුම වැරැද්ද.."

ඉමෝ එහෙම කියලා සේහා දිහා කේන්ති බලලා ගියා

" හහ්.....? "

ඉමෝ එහෙම කිව්වාම සේහාට පොඩි දුකක් නොදැනුනාම නෙවෙයි

ටික ටික රෑ වෙනකොට සෝයූන් හිටියේ study table එක උඩ ඔලුව තියාගෙන කල්පනා කරන ගමන් අද වුනු දේවල් එක්ක සෝයූන්ට හොදටම තේරුනා සේයොන් මේක ලේසියෙන් අතහරින්න සූදානම් නැ කියලා එයාගේ ඔම්මා සේයොන් ගැන හොද කියද්දී කෙල්ලට කේන්ති යන නිසා සෝයූන් රූම් එකෙන් එලියට නොයා ඉන්නේ

ඉතින් කෙල්ල study table එක උඩ ඔලුව තියාගෙන ඉන්නකොට එකපාරට පූසෙක් ටේබල් එක උඩට පැනලා සෝයූන් දිහා බලාගෙන වාඩිවුනා කෙල්ල හිනාවක් එක්ක ඔලුව උස්සන්නේ නැතුව පූසාගේ ඔලුව අතගෑවා

" සේ සේ කොහොමද ඉතින් මම නැතුව පාලුවෙන් ද හිටියේ මගේ පුලුන් බෝලේ...'

සෝයූන් පූසාගේ ලෝම වලින් අදින ගමන් ඇහුවා පූසා කෙල්ලගේ අතට උගේ පූස් අතකින් ගැහුවාම සෝයූන්ගේ හිනාව වැඩි වුනා

" ඕමෝ.....මාත් එක්ක දැන් තරහ වෙලා ද.."

පූසා අහක බලාගෙන වලිගේ වැනුවේ ඔව් කියන්න වගේ

" අනේ සේ සේ දැන් මොකද මාත් එක්ක තරහ ආපු ගමන් කතා කලේ නැති හින්දා මියානේ මියානේ මේ දවස් වල මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ සේ සේ මට තේරෙන්නේ නැ මොනාද කරන්න ඕනි කියලා "

සෝයූන් දුකින් පූසාගේ ඔලුව අතගාන ගමන් කියනකොට ඌ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා ආවාම කෙල්ල ඔලුව ඉස්සුවා සෝයූන්ගේ අතක දැවටෙන ගමන් meow meow කිව්වේ හරියට හැමදේම හොදින් විසදෙයි කියන්න වගේ

" මම ආදරෙයි සේ සේ.."

පූසාව තුරුල් කරගත්ත සෝයූන් කිව්වා පූසා පුරු පුරු ගගා කෙල්ලට තුරුල් වුනා ටික වෙලාවක් එහෙම ඉන්නකොට ඇහුනු සද්දයක් නිසා සෝයූන්ට තුරුල් වෙලා හිටපු පූසා ඔලුව උස්සලා කන් දෙකත් දික් කරගෙන ඇස් බෝල කරගෙන බැල්කනිය පැත්ත බලාගෙන හිටියා සෝයූන්ගේ අත් වලින් බැහැපු පූසා බැල්කනිය පැත්තට ගියා

" යාහ්හ්හ් කොහෙද සේ සේ යන්නේ.."

සෝයූන් එහෙම අහ්න ගමන් බැල්කනිය පැත්තට ගියා ඒත් එක්කම දැකපු දේ හිනාවක් කෙල්ල ගිරිය කඩාගෙන කෑගැහුවා

To be continue.................♡︎

ආ සංකුට්ටෝ ටික

අවුරුදු කොහොමද....?

ඊලග චැප්ටර් එක කියවන්න එනකොට ඕතර්ට රසකැවිල්ල ගානේ අරගෙන එන්න ඈ

යුංගියාගේ කකුල් සෝස පාටයි අනෙව් සූති බබෙක්ගේ වගේ 🥺❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top